දරුවගේ පාසලට යන්න අඳින්න තියෙන්නේ සාරියයි, දෙකයිද?
ඉල්ලගන්නවත් කෙනෙක් නැතිද?
හැම ගැණු ළමයෙක්ගෙම සිහිනය තමා ලස්සනට අඳින එක.
ඉතිං ඒකට තමයි CharityShop අපි ඉන්නෙ…
ඔබටත් මේ වගේ ප්‍රශ්නයක් තියේනම් මට කියන්න. මේ ගෲප් එකේ ගොඩක් අය ඉන්නේ මට බයෙන්. ඒත් අඳුරගත්තට පස්සේ ඔයාලට තේරේවි මං ගොඩක් උණුවෙන හදවතක් තියෙන කෙනෙක් කියලා… ඕනනම් බලන්නකෝ මේ පෝස්ට් එකට මං ගැන වැටෙන කමෙන්ට් (දන්න අය මොනව හරි දාන්න හොඳේ). ඊට පස්සේ මට මැසේජ් එකක් දාන්න.
හිතන්න මං ඔයාගේ සහෝදරයෙක් කියලා. මටත් ඉන්නවා අක්කලා 3 දෙනෙක්ම. ඉතිං මං ඔයාගෙම මල්ලි හරි අයිය හරි කියලා හිතලා මගෙන් ඉල්ලන්න. අයියා හෝ මල්ලි කවදාවත් තමන්ගේ නංගිට, අක්කට අවශ්‍ය දේවල් අරන් නොදී ඉන්නේ නෑනේ නේද?
වයස අයනම් සහෝදරයෙක් කියලා හිතන්න එපා. රැවුල සුදු වුනාට මම තාම පොඩියි. තමන්ගෙම දරුවෙක් කියලා හිතලා කතා කරන්න. දරුවෙක් අම්මෙක්ට ඇඳුමක් අරන් නොදී ඉන්නේ නෑනේ නේද?
මට කියන්න බැරිනම් මදූට (මහේෂිකා මදූ) කියන්න. ඒත් ඉතිං මටම කීවනම් තමා ලේසි.
මේ ගෲප් එකේ ඉන්න කාරුණික හදවත් ඇති අයගෙන් උදව් ඉල්ලලා දෙන්න උත්සාහ කරන්නම්.
සමහර විට මේ ගෲප් එකේ අයගෙනුත් 80%ක් විතර මුදල් ප්‍රශ්න නිසා ආපු අය නිසා ගොඩක් ලොකුවට උදව් කරන්න බැරි වෙයි. ඒත් උදව් නොකරන එකක් නෑ කියලා මම හිතනවා. ඇඳුම්, සපත්තු වගේ දේවල් අලුත්ම ඒවා නොවුනත් භාවිතා කල හැකි හොඳම තත්වයේ ඒවා ඔබට ලබාදෙයි.
මේ ලින්ක් එක ක්ලික් කර ඔබේ අවශ්‍යතාවය කියන්න : https://wa.link/r3dlg4
???? මේ අදහස ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න
Charityshop Support Members | සමාජ සත්කාර ව්‍යාපෘතිය
TechLabs/Charityshop In partnership with SamajaSathkara.lk
Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරියගේ තවත් එක් ආදරණීය අදහසක්…
Charityshop Team