කොරෝනා හදාගන්නේ නැතිව පරිස්සමෙන් හිටියොත් අපි ඔබට රු.5,000/= ක් දෙනවා.

by | Aug 6, 2021 | සුභසාධන | 0 comments

කොරෝනා හදාගන්නේ නැතිව පරිස්සමෙන් හිටියොත් අපි ඔබට රු.5,000/= ක් දෙනවා.

පාඨමාලාව හදාරන සෑම සාමාජිකයෙක්ටම මාසිකව මෙම දීමනාව  ලබාදේ.

සෑම මාසයකම 01 සිට 30 වෙනිදා දක්වා ඔබ පරිස්සමෙන් හිටියොත්, කොරෝනා හදානොගත්තොත්, නිරෝධායනය නොවී ඉන්න තරම් ප්‍රවේශම් වෙලා හිටියොත්,

ඔබත්, අනෙක් අයත්, සුරැකීමට ඔබේ දායකත්වය වෙනුවෙන් අපි ඔබට රු.5,000/=ක් දෙනවා. එය ඊලඟ මාසයේ පළමු සතියේදී ඔබගේ ගිණුමට (eWallet) ලැබෙනු ඇත.

ඔබගේ ආරණීයයන් අරක්ෂා කරගන්න.❗❗❗

???? මාස්ක් එක සහ මීටරේ පරතරය අනිවාර්යෙන්ම තබා ගන්න.

???? කතා බහේදී මාස්ක් පහත දමා කතා කරන්න යන්න එපා.

???? අත් දෙකෙන් මූන අල්ලන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න.

???? දානේ ගෙවල්, මඟුල් ගෙවල් හෝ සෙනඟ ගැවසෙන තැන් වලට යන එක ටික දවසකට නතර කරන්න. තරහ වුනත් කමක් නෑ.

???? නිවසට පිටස්තරයන් ගෙන්වා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. නැන්දා, මාමා,ලොකු තාත්තා, හොඳම යාළුවා,එහා ගෙදර, මහා ගෙදර මේ කවුරු වුනත් එන්න එපා කියන්න. ආවත් මීටරේ පරතරය අනිවාර්යෙන් තබා ගන්න.

???? ඔබේ නිවස ආරක්ෂිත තැනක් කර ගන්න.ඉදිරිපස දොර වසා තබන්න.වෙනත් පුද්ගලයන් නිවසට ඇතුළු වීම ඉන් මගහරවා ගත හැක.

????ආගන්තුක අයෙක් (කොච්චර ලඟම කෙනෙක් වුනත් ) ඇවිත් තේ එකක් වතුර එකක් නොදී ඉන්න බැරි වුනොත් එයාට තේ එකක් හෝ වතුර දුන් කෝප්පය අයින් කරන්න. ඉඳගත් පුටුව විෂභීජහරණය කරන්න. තද අවුවේ තියන්න.

???? නිරන්තරයෙන් තම දෑත් මත විෂබීජ ඇතැයි සිතා ජීවත් වෙන්න. දරුවන් වඩා ගැනීමේදී හොඳින් අත් සෝදන්න.

???? හැකි පමණ නිවසටම වී සිටින්න. කඩේ පිලේ කයිය ගහන්න ළිඳ ලඟ සංගම් පවත්වන්න යන්න එපා. ඕන ඕපදූපයක් ඔන්ලයින් කතා කරන්න.

???? නිවසින් එදිනෙදා අවශ්‍යතා සඳහා පිටතට යන වාර ගනන අඩු කරන්න.එක් අයෙක් යනවානම් ගොඩක් හොඳයි.

???? ඔබට අවශ්‍ය භාන්ඩ ලබා ගන්නා ස්ථාන වෙන් කරලා ලිස්ට් එකක් හදන්න.(food city, බෙහෙත් බඩු කඩෙන්, ෆාමසිය සහ වෙනත්) එතකොට රස්තියාදුවක් නැතිව ඉක්මනින් නිවසට පැමිනිය හැක.

???? නිතරම උණුවතුර  කොත්තමල්ලි වගේ දේවල් බොන්න…

මේ විදිහට පරිස්සමෙන් ඉන්න… ඔබේ ඒ කැපවීම වෙනුවෙන් අපි ඔබට දෙනවා රු.5,000/=ක්.

✅ මෙය හිමිවන්නේ CharityShop පාඨමාලාව සම්බන්ධ වූ සාමාජිකයින්ට පමණි.

✅ ගෙදරට වෙලා නිකන් ඉන්න කාලකණ්නි කමට ඉන්න අයට මේ ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. අදාල මාසය තුළ රු.50,000 වඩා ආදායමක් ආයතනයට (ව්‍යාපාර ප්‍රවර්ධනය හරහා) රැගෙන එන අයට පමණයි.

✅ රු.25,000 වඩා ආදායම් ගෙන එන අයට රු.2,500ක දීමනාවක් ලබාදේ.

❎ ඉහත නීති නිසා අපිට කාලකණ්නි සහ හොරු වෙන් කර හඳුනාගන්න පුළුවන්. උත්සාහවන්තයින්ට සහ උනන්දුවෙන් ඉගෙන අන්නා අයට පමණක් මෙම ප්‍රතිලාභය හිමිවේ.

???? මෙය ඇත්තෙන්ම මම පසුගිය දිනක දුටු සිහිනයක්. මම හැමවිටම දකින සිහින උත්සහයෙන් සැබෑ කරගන්න කෙනෙක්. ඉතිං මට හිතුනා මේ සිහිනයත් සැබෑ කරගන්න. අන්න ඒ නිසයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කලේ.

මුලදී මෙය දෙසැම්බර් 31 වන තෙක් ප්‍රවේශමෙන් ඉන්න අයට ලබාදෙන්න තීරණය කලත්, බොහොමයක් අයගේ ආර්ථික ප්‍රශ්න නිසා මෙම දීමනාව මාසිකව ලබාදීමට තීරණය කලා.

ඔබගේ සුභසිද්ධිය වෙනුවෙන් මෙලෙස ආයතනයේ ආදයමෙන් 10%ක් වෙන් කරන්න සිතුවා.

මෙය පරීක්ෂණ මට්ටමේ තිබෙන දෙයක්. සාමාජිකයින්ගේ අදහස් මත මෙය වෙනස් වීමේ හැකියාව ඇත.

CharityShop Team

#2021අගෝස්තු6

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments