ලෝකයේ එකම ජීවිතාධාර දෙන e-Money වැඩසටහන
හැමෝම සල්ලි දෙන්නේ ආධාර දෙන්නේ මරණක් වුණහම. අපි උපතකදි ආධාර කරලා උපතට අගයක් දෙමු… පවුලට සවියක් වෙමු…
මරණාධාර සමිති මගින් සිදු කරන්නේ මැරුණ මිනිසෙකු උදෙසා විය පැහැදම් කිරීමකි. සමහර අවස්තාවලදී එය ඉතා විශාල වියදමක් දරා අවසන් කටයුතු සිදු කරයි. මා එහි වැරද්දක් දකින්නේ නැත, එහෙත් එහි අඩුපාඩුවක් දකිමි. ඒ මැරුණු මිනිසාට අවසන් බුහුමන් දැක්වීම හොද කර්තව්යක් වුවත් ඒ සඳහා ඉතා විශාල මුදලක් වැය කිරීම අනුවණ කමක් ලෙස මා දකිමි.
මැරුණු මිනිසෙකු වෙනුවෙන් ඔහුගේ ආගම දහමට අදාළ චාරිත්ර සිදු කර ගෞරවාන්විතව අවසන් කටයුතු සිදු කිරීම සිදු කලානම් එය මැරුණු පුද්ගලයාටද කරන ගෞරවයක් ලෙස දකිමි. ජීවත්ව සිටින කාලයේ නැති ගුණ මැරුණ පසු කියා වැඩක් නැත. මැරුණ පසු මළගම මගුල්ගෙයක් හා සමානව ගත යුතු නැත. ප්රාණය නිරුද්ධ සිරුර වෙත අපට සිදු කල හැකි එකම දේ පින් පැමිණවීම පමණි. ඉතින් බොරු වියදම් සහිතව මළ ගෙදර මගුල් ගෙයක් කරගන්නේ අනුවණ කම නිසායි මට සිතේ. විය යුත්තේ එය නොවේ.
දරු උපතකදී සමාජයට කෙදිනක හෝ මෙම දරුවා යහපතක් කරයි යන්න සිතා උදව් කිරීමයි. මැරුණු අයෙක්ට විශාල ලෙස වියදම් කිරීමට සමිති සමාගම් අද ලංකාවේ ඕනේ තරම් තිබුණත් දරු උපතක් සඳහා ආධාර ලබා දෙන සමිති ඇත්තේ කොපමණක්ද කියා. වඩා වැදගත් වන්නේ මරණාධාර සමිතියද උපත් ආධාර ලබා දෙන සමිතියද කියා.
මේ වැඩසටහන අපි සමාජසත්කාර පදනම හරහා 2016දී ආරම්භ කලා. එය නවතම ක්රම වේදයකින් 2021 වසරේදී අපි අපගේ Charityshop වැඩසටහන යටතේ හඳුන්වාදෙනු ලබනවා.
මෙහිදී සිදුවන්නේ සාමාජිකයින් සියලුම දෙනා එකතු වී අදාල දරු උපතක් වූ පවුලට ආධාර කිරීමයි. එය ඔබගේ CDC Wallet එක හරහා පරිත්යාග කල හැක.
සාමාජිකයින් 1000ක් සිටියහොත් එක් අයෙක්ගෙන් CDC 25ක් පමණයි පරිත්යාග කල යුත්තේ. එය ඔබ පරිත්යාග කල යුත්තේ Charityshop Member Welfare Account එකටයි. අපි එම CDC රුපියල් ලෙස අදාල සාමාජිකයාගේ ගිණුමට හුවමාරු කරනු ලැබේ.
ගෙවීමට බලාපොරොත්තු වන මුදල රු.25,000
විශේෂ අවශ්යතා ඇති දරුවෙක් බිහි වුවහොත් ගෙවීම රු.50,000යි.
සාමාජිකත්වය ලබා මාස 6 පසු මෙය වළංගු වේ. (සක්රීය සාමාජිකයින් 1000 සම්පූර්ණ වූ පසු)
ජාති, ආගම් භේදයකින් තොරව මෙම ගෙවීම කරනු ලැබේ.
දරුවා ලැබීමට සති 2ට පෙර මුදල් ලබාදෙනු ලැබේ
නීත්යානුකූල භාර්යාවට පමණක් ගෙවීම් කරනු ලැබේ
Platinum Level ආදායම් උපයන සාමාජිකයෙක් විය යුතුය
මෙම ගෲප් එකේ සාමාජිකත්වය ලබා තිබීම, සාමාජික අංකයක් හිමිවීම ප්රතිලාභ ලැබීමට හේතු නොවේ
එක් සාමාජිකයෙක්ට ගෙවනු ලබන්නේ එක් වරක් පමණි
මෙම ආධාර මුදල ලබාගැනීම පරමාර්ථය කොට ගෙන මෙම වැඩසටහනට සම්බන්ධ විය නොහැක. ඔබ ක්රියාකාරීව වැඩ කල අයෙක් වීන අනිවාර්ය වේ.
රු.50,000 වඩා Withdraw කල/උපයපු අයෙක් විය යුතුය.
ඔබගේ අදහස් සහ යෝජනා පළකරන්න.
Helping Everyone | Everywhere | Everyday
SamajaSathkara.lk
Foundation is a Registered Foundation : Reg No : GA3032
An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Charityshop Team