❎ පෝස්ට් එක ඩවුන්ලෝඩ් කිරිම හෝ වෙනත් පේජ්වල, ගෲප් වල ශෙයාර් කිරීම සපුරා තහනම්. CharityShop සාමාජිකයින්ට පමණයි.
පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කොණ්ඩය පරිත්‍යාග කිරීමට කැමතිද ? | https://www.donatehair.lk/
පිළිකා හෝ යම් වෛද්‍යමය තත්වයක් නිසා කොණ්ඩට අහිමි වූ අයෙක්ට කොණ්ඩය පරිත්‍යාග කිරීමට ඔබත් කැමතිනම් දැන්ම ලියාපදිංචි වෙන්න. ඔබගේ තොරතුරු පරීක්ෂා කර බලා හැකි ඉක්මනින් ඔබගේ කොණ්ඩය පරිත්‍යාග කරන්න අවස්ථාව ලබාදෙන්නම්…
කාර්යබහුලත්වය නිසා වෙබ් අඩවියේ සඳහන් කර ඇති සැලෝන් වලින් කොණ්ඩය කැපීම තාවකාලිකව නවතා ඇත. ඒ වෙනුවට ඔබට ඔබගේ ප්‍රදේශයේ සැලෝන් එකක් අප හා සම්බන්ධ කල හැක. එය ලියාපදිංචි කර ගැනීමෙන් පසු එයින්ම ඔබට කොණ්ඩය කැපීමට අවස්ථාව ලබාදෙන්නට අප සූදානම්.
???????? ලියාපදිංචි වීම සඳහා උපදෙස් :
කලර් හෝ රීබොන්ඩින් කර නොමැති කොණ්ඩයක් ඔබ සතුවේද?
අවම අඟල් 12ක් පරිත්‍යාග කිරීමට ඔබ සූදානම්ද?
වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීමේදී ඔබගේ ඡායාරූපය හරස් අතට ගත් එකක් විය යුතුය. උස අතට ගත් ඡායාරූප අප්ලොඩ් කිරීමෙන් වළකින්න. පසුපස හැරී ඔබේ කොණ්ඩයේ ඡායාරූප දමනවාට වඩා ඔබේ සුන්දරත්වය පෙනෙන ඉදිරිපස ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න. සම්පූර්ණ කොණ්ඩයම පෙනෙන ඡායාරූපයක් අවශ්‍ය නොවේ.
පහත ලින්ක් එකෙන් දැන්ම ලියාපදිංචි වන්න.
Register Now to Donate your Hair : https://www.donatehair.lk/
සැ. යු : අප විසින් Hair Donation Campaign සිදුකර අනවශ්‍ය ලෙස කොණ්ඩය එකතු කිරීම සිදු කරන්නේ නැත. පිළිකා රෝගියෙක් අපෙන් ඉල්ලීමක් කල පසු එම පුද්ගලයාට සුදුසු කොණ්ඩයක් අප වෙබ් අඩවියේ ලියාපදිංචි වූවන්ගෙන් සොයා කොණ්ඩය ලබාගැනීම සිදුකරයි. එක් විග් එකක් නිර්මාණය කිරීමට 3-6 දෙනෙක්ගේ කොණ්ඩය අවශ්‍ය වේ. ඔබේ කාලය එනතුරු ඉවසීමෙන් රැඳී සිටින්න.
අපගේ වෙබ් අඩවියේ අප පිළිකා රෝගීන්ගේ තොරතුරු පළකරන අතර ඔබගේ කොණ්ඩයෙන් විග් එකක් නිර්මාණය කල පසු එය හිමිවන ප්‍රතිලාභියා ඔබට මුණගස්වනු ලැබේ.
???? Donate Hair | Donate Beauty (make someone beautiful giving your own beauty…)
මේ ඡායාරූප ඩවුන්ලෝඩ් කර/ලෝගෝ වෙනස් කර හෝ අදාල අන්තර්ගතය ඉවත්කර වෙනත් ෆේස්බුක් පිටු, ගෲප් වල හෝ වෙබ් අඩවිවල අප්ලෝඩ් කිරීමෙන් වලකින්න. මෙම ඡායාරූප වල අයිතිය SamajaSathkara.lk සතුවන අතර අවසරයකින් තොරව ඡායාරූප භාවිතා කරන්නන් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.
SamajaSathkara.lk Foundation (formerly known as B.H. Edirisooriya Community Service Foundation) is a Registered Foundation : Reg No : GA3032
Helping Everyone | Everyday | Everywhere
© www.Samajasathkara.lk
Editing, reproducing and re-using these images for commercial purposes or otherwise, without permission of Samajasathkara.lk, are strictly prohibited and considered as intended copyrights infringement.
Photograph used for promotional purposes only!
#HairDonation #CancerPatient #Samajasathkara #DonateHair
Follow Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Project of SamajaSathkara.lk