CharityShop ඔන්ලයින් සාරි ජැකට් පාඨමාලාව ~ අඩුආදායම්ලාභී අයට නොමිළයේ

by | May 17, 2021 | Charityshop පාඨමාලා, සුභසාධන | 0 comments

CharityShop ඔන්ලයින් සාරි ජැකට් පාඨමාලාව ~ අඩුආදායම්ලාභී අයට නොමිළයේ

මෙය CharityShop ගෲප් එකේ ඉන්න ඔබට නෙමේ. ඔබේ ගමේ ඉන්නවනම් ගෙදර මහන මැෂිමක් තියෙන අඩුආදායම්ලාභී කාන්තාවක් ඇයට අපේ පාඨමාලව ගැන කියන්න.

පාඨමාලාව තිබෙන දවසට අපි ඔබට ෆෝන් එකට Zoom වලට ඩේටා දාන්නම්. ඇයට පාඨමාලාවට සම්බන්ධ වෙන්න කෝල් එකක් අරන් දෙන්න කාරුණික වන්න.

තවත් අසරණ පවුලකට තමන්ගේ කැපවීමෙන් මහන්සියෙන් දියුණු වෙන්න අවස්ථාවක් සලසා දෙන්න සහය වෙන්න…

සෑම පාඨමාලාවකටම අඩු ආදායම්ලාභී 5 දෙනෙක්ට අප නොමිළයේ සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදෙනවා.

✅ මහන මැෂිමක් තිබෙන මැටි ගෙවල් වල ජීවත්වෙන අයට මූලිකත්වය ලබාදේ.

✅ ෆේස්බුක් භාවිතා කරන අයට වැඩි අවධානයක් ලබානොදේ.

❎ ෆේස්බුක් භාවිතා කරන අයෙක්ට අවස්ථාව ලබාදීමට ආයතනය තීරණය කලහොත් ෆේස්බුක් ප්‍රොෆයිල් එක විස්තර සහ ඡායාරූප අඩංගු නොවන ෆේක් (ව්‍යාජ) එකක්නම් කිසිදු අවස්ථාවක් හිමි නොවේ.

මෙය CharityShop Group එකේ සාමාජිකයින්ට  නොමිළයේ ලබානොදෙන්නේ යමක් නොමිළයේ ලබාදෙන විට ඔබට කිසි අගයක් නොමැති නිසාය.

ඔබ අඩුආදායම්ලාභී, දරුවන් 4 වඩා සිටින සාමාජික ගාස්තුව ගෙවූ/නොගෙවූ ගෲප් එකට සම්බන්ධ වූ දිනයේ පටන් අපගේ සියලුම පෝස්ට් වලට අපගේ මහන්සිය අගය කිරීමට ඩේටා වැය නොවන ලයික්/කමෙන්ට් දැමූ අයෙක්නම් පමණක් අපට සලකා බැලිය හැක.

අප සිදුකරන්නේ ව්‍යාපාරයක් බැවින් අනවශ්‍ය ඉල්ලීම් ඉල්ලීමෙන් වළකින්න. CharityShop වෙනුවෙන් කැපවෙන අයට පමණයි අපි විශේෂ දීමනා ලබාදෙන්නේ…

CharityShop Team

#2021මැයි17

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments