CharityShop ජීවනාලෝක

by | Mar 12, 2021 | සුභසාධන | 0 comments

CharityShop ජීවනාලෝක

CharityShop ජීවනාලෝක | Sustaining Underprivileged Families in Rural Areas (ස්වයංරැකියා සඳහා සහය)

දිළිඳු පවුල් දහසකට ඔවුන්ගේ ස්වශක්තියෙන්ම නැගී සිටීමට සවියක් වී ආර්ථික වශයෙන් ශක්තිමත්කර ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම…..

ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ වල දුෂ්කර ගම්මාන කිහිපයක් තෝරාගෙන ඒවායේ මැටි, ලෑලි, ඉටිරෙදි ගෙවල් වල ඉන්න පොල්අතු, ටකරන්, පිදුරු සෙවිලිකල දරුවන් 3ට වැඩි පවුල් තෝරාගෙන ඔවුන්ට විවිධ වූ ස්වයං රැකියා පුහුණු කිරිම.

උදා : ඉවත දමන ද්‍රව්‍ය වලින් විසිතුරු භාණ්ඩ නිර්මාණය, සෙරෙප්පු නිශ්පාදනය වැනි…

භාණ්ඩ නිෂ්පාදනය සඳහා ආරම්භයේදී අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය සපයාදීම.

නිෂ්පාදනය කරන භාණ්ඩ වලට දේශීය/විදේශීය වෙළදපොළක් සකස්කර දීම.

පුහුණුව ලැබූ අය හරහා තවත් අය පුහුණු කරවීම.

ආදී දේ සිදු කිරීමට බලාපොරොත්තු වේ.

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මම බොහෝ විට මාගේ පදනම වන Samajasathkara.lk හි සේවාව ලබා දීමට තෝර ගන්නේ ගොඩක් දුෂ්කර දුප්පත් මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවන ගම්මාන. ඉතින් ඒවායේ ඇවිදලා එම පවුල් වල ප්‍රශ්න සොයා බලා ඒවාට මට එවෙලෙට දෙන්න පුළුවන් විසදුමක් (බොහෝ විට සති කිහිපයකට සැහෙන වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සහ පාසල් යන දරුවන් සිටි නම් පාසල් උපකරණ අඩංගු පාර්සලයක්, ඇඳුම් ආදී ) ලබා දීල එනවා. මට සමහර ගෙවල් වලට ගියාම හිතෙනවා මේ තරම් දුප්පත් මිනිස්සු ඉන්නවද? ඔවුන් කොහොම තම ජිවිතේ අවශ්‍යතා සපුරා ගන්නවද කියලා. මම ඉතින් ගොඩාක් වෙලාවට මේ වගේ මිනිසුන් සිටින ගම්මාන වලටම යන නිසා එක වෙලාවකට එක සාමාන්‍ය දෙයක්.

ඒත් සමහර වෙලාවට කෑම කන වෙලාවක ගිහින් දවල්ට කාලද ඉන්නේ වගේ දෙයක් ඇහුවම ඔවුන් දෙන එකම උත්තරේ බොහෝවිට ඊයේ අපිට කුලියක් කර ගන්න තිබ්බේ නෑ. එක නිසා අද අපි බඩගින්නේ. තේ කහට ටිකක් නම් බිව්වා. හවසට දරුවන්ගේ තාත්තා ආවම ළමයින්ට බත් ටිකක් උයල දෙන්න ඕනි මහත්තයෝ කියල කියන වචන ටික බොහෝ විට අහන්න ලැබෙන දෙයක්. එතකොට නම් ඉතින් කොච්චර දෙකල අහලා තිබ්බත් දුප්පත් කම මේ තරම් කරුමයක්ද? කියන දේ හිතට එනවා විතරක් නෙවෙයි හදවත ගලවාගෙන යන්න තරම් වේදනාවක් දැනෙනවා.

ඉතින් මේ වගේ දේවල් අහන නිසාම මම කුමන හෝ ක්‍රමයකින් මේ අයට දවසට ආදායමක් ලැබෙන විදියක් හදල දෙන්න කල්පනා කළා. සරලව කියනවානම් ඔවුන්ට ස්වයංරැකියා ලබාදීමේ වැඩපිළිවෙළක්.

කතාවක් තියෙනවනේ කවුරුහරි කන්න යමක් ඉල්ලුවොත්, මාලුවෙක් දෙන්න එපා. බිලීපිත්තක් දෙන්න කියලා. අන්න ඒ නිසයි අපි 2012 සිට ක්‍රියාත්මක වූ මේ වැඩසටහනට වැඩි අවධානයක් දීලා කරන්න හිතුවේ. අපි මේ වෙනකොටත් එවැනි රැකියා අවස්ථා 500කට වඩා ලබාදීලා තිබෙනවා.

ඉතිං අපි හැමෝම එකතු වෙලා ඒ වගේ අසරණ අයට උදව් කරමු !

Project ජීවනාලෝක | Sustaining Families

Helping Everyone | Everyday | Everywhere

© www.Samajasathkara.lk

Photograph used for promotional purposes only!

An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

Project of SamajaSathkara.lk

Charityshop Team

#2021මාර්තු12

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments