සුව නින්දට සිතුවිල්ලක්

by | Mar 17, 2021 | සුව නින්දට සිතුවිල්ලක් | 0 comments

සුව නින්දට සිතුවිල්ලක්
සාර්ථකත්වය අවශ්ය නම් එය අපට තනිව කළ නොහැක…
එක්තරා ගොවියෙක් හිටියා . ඔහු තම ගොවිපළේ බඩඉරිගු වැවීමට පුරුදු වී සිටියා . ඔහුගේ ගොවිපළේ බඩඉරිගු සරුවට වැඩුණා . සෑම අවුරුද්දකම හොඳම බඩ ඉරිගු තේරීමට තරගයක් පැවැත්වුණා . එම තරඟයෙන් ඔහු වසර ගණනාවක් අඛණ්ඩව ජය ගත්තා. ඔහු තමා සතු බීජ කිසිම පැකිලීමකින් තොරව අවට ගොවිපලවල් වල ගොවියන් සමග බෙදා හදා ගත්තා . දිනක් තරඟය අවසානයේ දී ආරාධිතයෙක් ඔහුගෙන් මෙසේ ප්රශ්න කර සිටියා .
“මම අහල තියෙන ඔබතුමා ඔබගේ හොඳම බඩ ඉරිගු බීජ අවට ගොවියන්ටත් දෙනවා කියලා . ඒක ඇත්තද ?” ගොවියා එය සත්ය බව පවසා සිටියා . එවිට අමුත්තා ” එතකොට හොඳම බීජ හැමෝම ගාව තියෙන එක ඔබට පළමු තැන තියාගන්න තර්ජනයක් නේද ?” එවිට ගොවියා මෙසේ කිව්වා .
“ඇයි ඔබ දාන්නෙ නැද්ද ? සුළඟට බඩ ඉරිගු පරාග ගොවිපළෙන් ගොවිපොළට ගසාගෙන යනවා . මගේ අසල්වැසියන් බාල වර්ගයක බඩඉරිගු වගා කළොත් මගේ බඩ ඉරිඟු පරාගනය වෙන්නේ ඒවත් එක්ක . එතකොට හැදෙන්නේ බාල බඩ ඉරිඟු . මට උසස් තත්වයේ බඩ ඉරිඟු වවන්න නම් ඔවුන් එම තත්ත්වයේම බඩ ඉරිඟු වවලා තියෙන්න ඕනි .”
අපිට රැකියාවේ, ජීවිතයේ හෝ වෙනත් යමක සාර්ථකත්වය අවශ්ය නම් එය අපට තනිව කළ නොහැක. ඔබ වටා සිටින අය ද සාර්ථක වීම අවශ්ය ය. ඔබ සතුට බලාපොරොත්තු වේ නම් එය ලැබීමට ඔබ වටා සිටින අය සතුටින් සිටිය යුතුය .
අන්න ඒ නිසයි Charityshop අපි හැම මොහොතකම ඔබට අවශ්ය අධ්යාපනය ලබාදෙන්නේ. ඔබව සතුටෙන් තියන්න උත්සාහ කරන්නේ… ඔබගේ විනය, හැදියාව පිළිබඳව උනන්දු වෙන්නේ ඒ නිසයි…
මා සාර්ථක වෙන්න නම් ඔබ සාර්ථක වීම අනිවාර්ය වේ… අන්න ඒ නිසයි ඔබට අවශ්ය හැම පහසුකමක්ම ලබාදෙන්නේ….
අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු17 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
සුභ රාත්රියක් හැමෝටම…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments