රැකියා අවස්ථා | Creative Writer (සිංහල/English) – සක්‍රීය ආදායම් උපයන ක්‍රම

by | Apr 2, 2021 | සක්‍රීය ආදායම් උපයන ක්‍රම | 0 comments

රැකියා අවස්ථා | Creative Writer (සිංහල/English) – සක්‍රීය ආදායම් උපයන ක්‍රම

සාමාජික ගාස්තුව ගෙවා Apply කරන්න

1️⃣ පුරප්පාඩු ප්‍රමාණය – 5 (ගැහැණු / පිරිමි)

2️⃣ අවශ්‍ය සුදුසුකම් :

නිර්මාණශීලීව ලිවීමේ හැකියාව

සාමාන්‍ය පරිගණක දැනුම (පරිගණකය භාවිතා කරනවානම්)

ෆේස්බුක් සහ අන්තර්ජාලය ගැන දැනුම

3️⃣ ඔබගේ කාර්යය :

ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ හෝටල් හිමියන්ට ජාතික හා ජාත්‍යන්තරය වෙළඳපොල වෙත ප්‍රවේශ වීමට ඉඩ සලස්වාදෙන ආයතනයක වෙබ් අඩවියකට පරිශීලකයන් ගෙන්වා ගැනීමට විවිධ හෝටල් පිළිබඳව ලිපි ලිවීම ඔබගේ කාර්යය වේ.

ඔබට මෙය නිවසේ සිට සිදු කල හැකි අතර දිනකට/සතියකට පැය 3-4ක් වෙන් කිරීම ප්‍රමාණවත්.

අපගේ ගෲප් එකේ මීට පෙර පළකරන ලද දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී තනතුර හා මෙය බැඳේ. ඒ හරහා ඔවුන් ලියාපදිංචි කරගන්නා හෝටල් පිළිබඳව ඔබ A4 1/2ක පමණ කුඩා විස්තරයක් ලිවීම කල යුතුය.

අන්තර්ජාලයේ ලිපි ඩවුන්ලෝඩ් කිරීම සපුරා තහනම්. ඒවා ඇසුරින් තොරතුරු ලබාගන්න පුලුවන්. ලිපිය සමඟ මූලාශ්‍ර වල ලින්ක් එවිය යුතුය.

අපට බොහෝවිට අදාල හෝටලයේ ඡායාරූප කිහිපයක්, නම, ස්ථානය හෝ ෆේස්බුක් පේජ්/වෙබ් අඩවිය ලැබෙනු ඇත. ඒ තොරතුරු අනුව ඔබ ලිපිය ලිවිය යුතුය.

හෝටලය පිහිටියේ කොහෙද, කොහොමද එන්න ඕන, හෝටලයේ ලැබෙන පහසුකම් මොන වගේ වෙයිද, නතර වුණහම අවට මොනවද නරඹන්න තියෙන්නේ වගේ විස්තර කිහිපයක් කෙටියෙන් නමුත් සිත් මන්මත් කරවන ආකාරයට ලිවිය යුතුය. මන්ද යමෙක් ඒ හෝටලය තෝරාගනු ලබන්නේ ඔබගේ විස්තරය කියවීමෙන්ය.

4️⃣ ආදායම :

එක් ලිපියක් වෙනුවෙන් රු.150+ ගෙවනු ලැබේ. සතියකට රු.3,000ක් පමණ සෙවිය හැක. දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරීන්ගේ කැපවීම මත ඔබට වැඩි ආදායම හිමිවේ.

❎ ඔවුන් හෝටල් ලියාපදිංචි කිරීම සිදු නොකලහොත් ඔබට ලිවීමට ලිපි නොමැත. එකිනෙකට සම්බන්ධ වූ තනතුරකි.

5️⃣ අයදුම් කරන්නේ කෙසේද?

ඔබ Charityshop සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් මෙයට සම්බන්ධ විය හැක.

CharityShop පිළිබඳව වචන 200 වැඩි ලිපියක් ලියන්න. පුවත්පත් වාර්තාවකට/ලිපියකට සමාන විය යුතුය. නිර්මාණශීලී ලිපියක් විය යුතුය. Creative Writer යන්නෙහි අර්ථය දන්න අයෙක්නම් පමණක් Apply කරන්න.

එය ඔබගේ පළමු සම්මුඛ පරීක්ෂණ වේ.

ලිපිය සහ ඔබේ සාමාජික අංකය කමෙන්ට් කරන්න.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#රැකියාඅවස්ථා #ආදයම්ඉපයීම්

#2021April2

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments