එක වරක්, ඔබට මා, එපා නම්
සිය දහස් වාරයක්
එපා මට ඔබ එපා…
අද ඉඳන් CharityShop වල නීති ගොඩක් වෙනස්. වෙනස් කීවට මේවා ආරම්භයේ ඉඳන්ම තිබ්බ දේවල්. හැබැයි අපි ඇක්ෂන් ගත්තේ නැහැ.
ඔයාලා දන්නවා ලෝකේ එකම, මුදල් රුපියලක්වත් උපය ගන්න බැරි වුනොත් දවස් 45න් Refund දෙන එකම eMoney ආයතනය අපි. දැන් ඒක තවත් වාර්තාවක් තියන්න යන්නේ. එය කරන්නේ ආයතනයේ කීර්ති නාමය රැකගන්න සහ පිළිලයක් වෙන මිනිස්සු අපෙන් ඉවත් කරලා පන්සලක් වගේ මේ පින් බිම කෙලෙසන්න නොදී ලස්සනට තියාගන්න.
CharityShop වල ඉන්න පුළුවන් විනයක් තියෙන, පරාර්ථකාමී, ඉවසීමක් තියෙන, අලුත් දේවල්, නොදන්න දේවල් ඉගෙන ගනිමින්, එකිනෙකාට මෙන්ම ආයතනයට, ආයතනයේ ප්‍රධානීන්ට ගරු කරලා නීත්‍යානුකූලව මුදල් උපයන්න කැමති අයට විතරයි…
අනික් අයට මෙතන ඉඩක් නැහැ…
අපේ මුදලට දීලා තියෙන තැන කොතනද කියලවත් මතක නැහැ මට නම්.
අදින් පසුව යම් සාමාජිකයෙක්,
1️⃣ තෙවරකට වඩා විනය කඩ කිරීමක් කරනවනම්
2️⃣ වෙනත් ආයතනවල රෙෆරල් ලින්ක් අපේ සාමාජිකයින්ට ඉන්බොක්ස් යවලා මානසික වද හිංසා, බලපෑම් කරනවානම් (දෙදෙනාම කැමතිනම් ප්‍රශ්නයක් නැහැ)
3️⃣ අප ආයතනය පිළිබඳව වැරදි මත ගෲප් එකෙන් පිටත අයට දෙනවානම්
4️⃣ අය ආයතනය පිළිබඳව වැරදි කමෙන්ට්, චැට් හෝ වෙනත් ක්‍රමවේදයකින් ප්‍රචාරය කරනවානම්, ආයතනයට, ආයතනයේ නීත්‍යානුකූල මුදල් ඉපයීම් ක්‍රම වලට අපහාස කරනවානම්
5️⃣ සාමාජිකයින්ට වාචික හිංසන හෝ වෙනත් අයුතු බලපෑම් කරනවානම් හෝ ඡායාරූප යවනවානම්
6️⃣ ආයතනයේ ගෞරවයට හානි වෙන ලෙස ආයතනයේ උපදෙස් වලට පිටින්, මූල්‍යමය ක්ෂණික වාසි තකා ආයතනය ප්‍රවර්ධනය කරනවානම්
7️⃣ පැහැදිලි සිංහලෙන් ලබාදී ඇති උපදෙස් සහ දිනපතා ලබාදෙන උපදෙස් පිළිනොපැද ආයතනයේ ගෞරවයට යම් හානියක් වෙන දෙයක් සිදුවෙනවානම්
8️⃣ සිතා මතා ආයතනයේ ගෞරවයට හානි කිරීමේ අරමුණින් සහ ආයතනයේ සාමාජිකයින් පමණක් දන්නා රහස් (කියලා හිතාගෙන ඉන්න දේවල්) ලබාගැනීමේ අරමුණින් ගාස්තුව ගෙවා සම්බන්ධ වී සිටින අයෙක් බව පැහැදිලි වුවහොත්
9️⃣ ආයතනයේ පෝස්ට් සියල්ල නොකියවා සාමාජික ගාස්තුව ගෙවා ඉන්පසුව මුදල් සොයාගැනීමේ තමන්ගේ නොහැකියාව මත ආයතනයට දොස් පවරන අය…
ඔවුන් ප්‍රසිද්ධියේ අප ආයතනයෙන් ඉවත් කරනු ලබනවා.
එය ප්‍රසිද්ධියේ සිදු කරන්නේ ඉන් පසුව ඔවුන් අප ආයතනයට විරුද්ධව යමක් කරන්නට උත්සාහ කලහොත් හෝ තවමත් අප ආයතනයේ සාමාජිකයෙක් ලෙස පෙනීසිටිමින් යම් වංචාවක් කර එයට ආයතනය අසුකිරීමට ගන්නා උත්සාහයන් නැවැත්වීමටය.
???? අපි මුලින්ම ආයතනයේ නිළධාරියෙක් හරහා ඔවුන්ගේ ඉන්බොක්ස් එකට පණිවිඩයක් යවනවා ඔවුන්ගේ විනය විරොධී කටයුත්ත ගැන.
???? ඉන්පසුව ගෲප් එකෙහි අදාල පුද්ගලයා මින් ඉදිරියට CharityShop හි නිළධාරියෙක් නොවන බව ප්‍රසිද්ධියේ ඡායාරූපය, නම සහ සාමාජික අංකය සමඟ පල කරනවා.
???? ඉන්පසු අපගේ වෙබ් අඩවියේ “විනය කඩ කිරීම් මත ආයතනයෙන් නෙරපූ සාමාජිකයෝ” යන පිටුවෙහිද විස්තර පලකරනවා. ඒ හරහා ආයතනයෙන් ඉවත් කල සියලුම් අයගේ විස්තර බලාගන්න පුළුවන්. වෙනත් ආයතන වලද මෙය සිදු කරනවා. ඔවුන් කරන්නේ එය පුවත්පතක දැන්වීමක් පලකර. නමුත් අප අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ආයතනයක් නිසා අප භාවිතා කරන්නේ අන්තර්ජාලය සමාජ මාධ්‍යජාල පමණි.
එසේ පළකිරීමෙන් පසුව ඔහුට බෑ අප ආයතනයට නැවත අපහාස කරන්න. එසේ කලහොත් අප නීතීමය පියවර ගැනීමට කටයුතු කරනවා.
ඔබ අනික් ආයතන වල කරන සෙල්ලම්, නාඩගම් අප සමඟ කරන්න බැහැ. අනික් ඒවගේ තොරතුරු හංගලා කරන්නේ. අපේ සාමාජික අංකයක් ගැනීමට ප්‍රථම සහ මුදල් ගෙවීමට ප්‍රථම ආයතනය ගැන දැනගන්න සියලුම පෝස්ට් කියවන්න කියලා අනිවාර්ය කරලා තියෙනවා. එය නොකියවීමේ වරද ඔබේ. ඔබ කල වරදට අප වන්දි ගෙවීමට සූදානම් නෑ.
තව දෙයක්, ඒකත් ලෝකේ පළමු වතාවට…
අපි ඔබව නිකන් යවන්නේ නෑ. ලියාපදිංචි වෙන්න ඔබ ගෙවූ ගාස්තුව අපි ඔබට ආපහු ගෙවනවා.
ඔන්ලයින් ගෙවූ කෙනෙක්නම් රු.30ක් අඩු වෙනවා.
ආපසු ඔබගේ ගිණුමට තැන්පත් කරනවිට රු.30ක් සේවා ගාස්තුව විදිහට අඩු වෙනවා.
ඔබව හඳුන්වාදුන් කෙනෙක් ඉන්නවනම් එම පුද්ගලයාට ගෙවූ 1$ අඩු කරනවා. අමතරව අප ඔබට ගෙවූ මුදල්/රීලෝඩ් අඩු කරනවා
ඔබෙන් අපට ලැබුණු ලාභය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවනවා. මොකද ඔබ වගේ විනයක් නැති, පහත් කෙනෙක්ට ණය වෙන්න අපි කැමති නෑ.
ඔබගේ නොහැකියාවට මුදල් සොයන්න බැරි වුණානම් ඔබට පුළුවන් ගෞරවාන්විතව එය ඔබේ සිතටම පිළිගෙන නිහඬව ඉවත් වෙන්න.
නොඑසේනම් අපි ඔබට මල් මාලා දාලා, ලස්සන පෝස්ට් එකක් ඔබ වෙනුවෙන් පලකරලා ගෞරවාන්විතව ආයතනයෙන් පිටමං කරන්නම්….
සිංහලෙන් කීවොත් පන්සලක් වගේ මේ පිංබිමට කරපු බලුවැඩ ටික ප්‍රසිද්ධ කරලා එළියට ඇදලා දාන්නම්.
මෙය කියවන ඔබ ආයතනයට අලුත් කෙනෙක්නම් පෝස්ට් සියල්ල කියවලා පමණක් ලියාපදිංචි ගාස්තුව ගෙවන්න. ගෙවලා ඉවරවෙලා දැන් මං මොනවද කරන්න ඕන කියලා යමෙක් අහනවනම් අපි ඔබට උදව් කරන්න සූදානම් නෑ. මොකද මුදල් සොයන්න ආවේ ඔබ, එය පිළිබඳව දැනගෙන එකතු වීම ඔබේ වගකීමක්…
එක වරක්, ඔබට මා, එපා නම්
සිය දහස් වාරයක්
එපා මට ඔබ එපා…
CharityShop Director
#2021මාර්තු27