අප්‍රේල් 9-10-11 දින 3 ඇතුළතදී අපට දැනුම් දෙන්න. සියලුම ගැටළු නිරාකරණය කර දෙන්නම්.
❎ ඔබගේ ප්‍රශ්නය පැහැදිලි සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න. සිංග්ලිශ් වලින් එපා. සිංහල දන්නේ නැත්නම් දන්න කෙනෙක්ට කියලා පරිවර්තනය කර ටයිප් කරවන්න. ප්‍රශ්නය අපැහැදිලි නම් පිළිතුරු ලබාදිය නොහැක.
1️⃣ සාමාජික අංකය වෙනුවට නම, ඊමේල් ලිපිනය, ආච්චිගේ නම, පරණ පෙම්වතියගේ නම, ඊමේල් ලිපිනය, ගෙදර බල්ලාගේ නම යෙදූ අය
2️⃣ අකුරු 5-6ක තමන්ගේ පාස්වර්ඩ් එක මතක නැති අය
3️⃣ තමන්ගේ ඊමේල් ලිපිනය මතක නැති අය හෝ වැරදියට යෙදූ අය
4️⃣ අතපසුවීමකින් විවිධ බට්න් ඔබා CDC අහිමි කරගත් අය
5️⃣ තමන්ගේ සාමාජික අංකය සහ පාස්වර්ඩ් එක මතක නැතිව හෝ හදිසියට ටයිප් කර ගිණුම ලොක් කරගත් අය
6️⃣ වෙනත් ගැටලු
CharityShop යනු ලෝකයේ එකම සිංහල Digital Wallet එකයි. ඔබ එයත් වරද්දගත්තානම් ඇත්තෙන්ම ඔබට ලොකු ගැටළුවක් තිබෙනවා. ප්‍රථමයෙන් ඔබ එය නිවැරැදි කරගත යුතුය.
eWallet එක නිර්මාණයට අවශ්‍ය වන්නේ මූලික කරුණු 3යි.
1️⃣ සාමාජික අංකය (User Name)
2️⃣ මුරපදය (Password)
3️⃣ ඊමේල් ලිපිනය
ඉහත සරළ කරුණු 3 මතක තබා ගැනීමට නොහැකිනම් ඇත්තෙන්ම ඔබ ඔන්ලයින් මුදල් සෙවීම කියන දේ අමතක කල යුතුය. නමුත් ඔබට අප එක අවස්ථාවක් දෙනවා එම වැරැද්ද නිවැරදි කරගන්න.
ඔබගේ ගැටළුව, ඔබ අතින් සිදුවූ වැරැද්ද, එය සිදුවූ හේතුව, නිවැරැදි නම, නිවැරදි ඊමේල් ලිපිනය, දුරකතන අංකය සහ ඔබගේ නිවැරදි සාමාජික අංකය කමෙන්ට් කරන්න. (පාස්වර්ඩ් අවශ්‍ය නැත)
එහි සාමාජික අංකය වැරදිනම් අප එය Delete කර නව එකක් නිර්මාණය කර දෙන්නම්. වෙනත් වැරැද්දක් (ඊමේල් ලිපිනය වැරදිනම් හෝ පාස්වර්ඩ් එක වැරදීනම්) එය වෙනස් කර දෙන්නම්.
ඡායාරූපය අප්ලෝඩ් කිරීමේ ගැටළු අපට නිරාකරණය කල නොහැක. එය ඔබේ දුරකතනයේ වැරැද්දක්. එහි අඩු පාඩු වලට සමස්ථ පද්ධතියට හෝ ආයතනයට දොස් කීමෙන් වළකින්න. වෙනත් දුරකතනයක් හෝ පරිගණකයක් භාවිතා කර බලන්න.
අප්‍රේල් 12න් පසු සෑම ගිණුමකම ප්‍රශ්න නිරාකරණය කිරීමට CDC 500ක් අය කරනු ලැබේ. නොමිළයේ ගැටලුව නිරාකරණය කර දෙන අවස්ථාවේ එක සිදු කරගන්න.
සාමාජික ගාස්තුව නොගෙවූ අයගෙන් අපට කිසිදු ආදායමක් නොලැබෙන නිසා ඔබගේ ගිණුමේ ප්‍රශ්න නිරාකරණය කිරීමට අපට කාලය නාස්ති කල නොහැක. අප්‍රේල් 12ට පෙර සම්බන්ධ වී ගාස්තුව ගෙවූ පසු ඔබගේ ගිණුම CDC 1000ක් සමඟින් නැවත සකසා දෙන්නම්.
CharityShop Team