තිත්ත ඇත්ත ~ රජයේ ලියාපදිංචි සහතිකයක් තියෙන හැම ආයතනයක්ම අපට විශ්වාස කරන්න පුලුවන්ද?

by | Mar 12, 2021 | විශේෂ නිවේදන | 0 comments

තිත්ත ඇත්ත ~ රජයේ ලියාපදිංචි සහතිකයක් තියෙන හැම ආයතනයක්ම අපට විශ්වාස කරන්න පුලුවන්ද?

ගොඩක් අය පිරමීඩ ජාවරම් හෝ කුමක් හෝ ව්‍යාපාරයක් ගැන  “මේක විශ්වාස කරන්නේ කොහොමද ? පිරමීඩ නේද? නීති විරෝධී නේද”  කියලා අහනකොට ඒ ආයතන වල අය උත්තර දෙන්නේ මෙහෙමයි.

පිළිතුර : “ඔයා කොහොමද එහෙම කියන්නේ. මේ සමාගම ලංකාවේ රජයේ ලියාපදිංචි ආයතනයක්. මෙන්න ලියාපදිංචි අංකය PV00000. මේක නීති විරෝධී නම් අවුරුදු ගාණක් තිස්සේ කොහොමද කරගෙන එන්නේ? එහෙනම් මහ බැංකුවෙන් අපිව නවත්වන්න ඕනනේ. දහස් ගාණක් මිනිස්සු මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. රටවල් 100 ගානක් මේක කරනවා.

ලංකාවේ කෙනෙක් මේක හදලා තියෙන්නේ. ඒක නිස විශ්වාස කරන්න පුලුවන්. මෙන්න සහතිකය.”

ඔය වගේ වැල් වටාරම් ගොඩක් කියයි…

පිළිතුර : ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කල හැකිය . ඒ සඳහා වැය වෙන්නේ රුපියල් 35,000කට වඩා අඩු මුදලකි. ව්‍යාපාරයක් ලියාපදිංචි කළා කියලා එහි විශ්වසනීය භාවය රජය විසින් සහතික කරන්නේ නැත. අඩුම තරමේ සමාගම් මැදුර විසින් එය Verify කරන්නේ ද නැත.

ඔබට ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍යයිනම් රු.25,000ක් මාහට ලබාදෙන්න. අපේ ආයතනයෙන් ඒ දේවල් කරනවා. මට අවශ්‍ය කරන්නේ ඔබට අවශ්‍ය නම සහ කාණ්ඩය (Health, Retail, Education etc) පමණි. සති 2කින් මා ඔබට Private Limited Company Registration Certificate එක අරන් දෙන්නම්. අපි මුණගැහෙන්නවත්. ඔයාගේ ව්‍යාපාරයේ ඔයා කරන දේවත් මට අදාල නැහැ.

2009-2020 මගේ ආයතනය TechLabs යන නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙලා තිබුණේ. නමුත් මුදල් හුවමාරුව වැඩි වන නිසා විශාල සේවාවන් ප්‍රමාණයක් නීත්‍යානුකූලව ඔබට දෙන්න ඕන නිසා එය 2021දී TechLabs Innovative Solutions International (Pvt) Ltd විදිහට සමාගම් මැදුරේ ලියාපදිංචි කලා. Tax වෙනුවෙන් ලියාපදිංචි වුණා. ඒ හැම දේම කලේ ඔබට වඩාත් විශ්වාසදායී සේවාවක් ලබාදීමේ අරමුණින්.

මමත් ලියාපදිංචිය ගත්ත ඇත්තම හේතුව රැල්ලට. හැමෝම Certificate එක පෙන්වලා තමන් නීත්‍යානුකූලයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මට ඇත්තටම අවශ්‍ය වුනේ එහෙම පෙන්වන්න නෙමේ. ඔප්පු කරන්න ඕන නෑ. මේක ඇතුලේ හැමදේම නීත්‍යානුකූලව අපි කරන්නේ. ඔයාලට අනික් මිනිස්සු ඉස්සරහා බය නැතුව කතා කරන්න වාතාවරණයක් හදලා දෙන්නයි මම ව්‍යාපාර ලියාපදිංචිය ගත්තෙ…

ඒ නිසා Private Limited Certificate එක පෙන්වන හැමෝම විශ්වාස කරන්න එපා.

බුද්ධියෙන් විමසා බලන්න..

Charityshop Team

#2021මාර්තු12

Logo used for promotional purposes only !

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments