ඔබට යම් දෙයක් දැන ගැනීමට අවශ්‍යයිනම්, නොදන්න දෙයක් තිබේනම්, මගහැරුණු දෙයක් තිබේනම්, මීට සති ගාණකට කලින් පළකල පෝස්ට් එකල් සොයාගැනීමට අවශ්‍යයිනම් කරන්න ඕන මොනවද?
1️⃣ ගෲප් එකේ උඩම තිබෙන සර්ච් අයිකන් එක ඔබා ඔබට අවශ්‍ය දේ කෙටියෙන් සොයන්න. ලැබෙන පිළිතුරු වලින් මෑතකදී පළකරන පෝස්ට් එක පමණක් තෝරාගන්න. දිනය පරීක්ෂා කරන්න. සමහර විට ජනවාරි ලබාදුන් උපදෙස් මාර්තු මාසයට නොගැලපේ.
උදා : සාමාජික ගාස්තුව ගෙවීමට සම්පත් බැංකු (Sampath Bank) ගිණුමක් අවශ්‍යයි සිතන්න.
???? ඔබ සෙවීම කල යුතු නිවැරැදි ක්‍රමය : Sampath Bank
???? වැරදි ක්‍රමය : සාමාජික ගාස්තුව ගෙවන්න Sampath Bank ගිණුමක්
▪️ Most Recent යන්න තෝරන්න. එවිට අවසානයට පළකල පෝස්ට් සොයාගැනීමට පුළුවන්.
????????????????????????????????????????????????????????????????
සැමවිටම පෝස්ට් එකක දිනය බලන්න. ඕනෑම පෝස්ට් එකක අවසානයට පළකල පෝස්ට් එක තමයි නිවැරැදි තොරතුරු අඩංගු වන්නේ. මන්ද යමක් පලකර එය කරගෙන යාමේදී ඇතිවන අඩුපාඩු බලලා තමයි අපි ඊලඟ පෝස්ට් එක නිර්මාණය කරන්නේ. එතකොට එක තැනක දෙයක් කරන්න කියලා තියෙන එක තව තැනක එපා කියලා තියෙන්න පුලුවන්. එවිට මොකක්ද මේ විකාරය දෙකක් කියන්නේ හරි එක මොකක්ද කියන්න කලින් ඔබේ සාමාන්‍ය දැනීම කියන දේ භාවිතා කරලා නවතම පෝස්ට් එකට අදාලව කටයුතු කරන්න.
මේ ගෲප් එකේ සිතුවිලි පෝස්ට් හැර අනෙකුත් සියලුම පෝස්ට් ලියන්නේ ආයතනයේ අධ්යක්ෂ වරයා වන මා විසින් පමණි. එවිට 100% දන්නා එකම පුද්ගලයා මා පමණි. එසේ කියා එය මගෙන් ඇසීමට අවශ්‍ය නොමැත. තාක්ෂණය ඇත්තේ එයටය.
ඔබට යම් දෙයක් දැනගැනීමට අවශ්‍යයිනම් කිසිම අයෙක්ගේ සහයක් අවශ්‍ය නැත. අවශ්‍ය සාමාන්‍ය දැනීම පමණි.
ඔබගේ අවශ්‍යතාවයට කාටවත් කරදර නොකර තාක්ෂණය භාවිතා කර පැහැදිලි සිංහලෙන් ඉගෙන ගන්න.
CharityShop Team