මාසෙට ලක්ෂයක් හොයන අලුත්ම වැඩක්…

by | Apr 21, 2021 | විශේෂ නිවේදන | 0 comments

මාසෙට ලක්ෂයක් හොයන අලුත්ම වැඩක්…

හැමෝම අපේ ගෲප් එකට ඇවිත් අහන දෙයක් තමා පැකේජ් නැද්ද? Invest කරලා සල්ලි හොයන්න බැරිද ඔයාලගේ? ඔයාලගේ තියෙන Task අපිට කරන්න බෑ, අර අනික් අය දෙනවා වගේ ඇඩ් ක්ලික් කරන්න දෙන්න බැරිද? ඒ අය ඇඩ් ක්ලික් වලට ලක්ෂ ගණන් දෙනවා. ඇයි ඔයාලට බැරි???

ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහනවා….

මනුස්සයෝ… ඇඩ් ක්ලින් වලට ලක්ශ ගණන් ගෙවන්න මොකද ඇඩ් එක රත්තරනින් හදලද? පොඩ්ඩක් මොළෙන් කල්පනා කරන්න.  ඇඩ් ක්ලික් වලින් ලක්ෂපතියෝ වෙනවා කියලා එකක් මේ ලෝකේ නෑ. ඇඩ් ක්ලික් කියන්නේ “මහ බැංකුවේ පනත්” වලින් බේරෙන්න හදපු එක ක්‍රමයක් විතරයි…

අපි මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරමු !

???? පැකේජ් ගන්න තියෙන ඇඩ් ක්ලික් ආයතන :

මෙය අවංකව කරන ආයතන තියේද කියලනම් මම දන්නේ නැහැ. මෙච්චර කාලෙකට කරපු ඔක්කොටම විරුද්ධව ෆේස්බුක් එකේ පෝස්ට් නම් දකිනවා. මගේ යාලුවෝ 100 ගාණක් ඉන්නවා ඒවගේ සල්ලි දාලා ඒවගෙන් ගෙවන කාලේ මට ලොකුකම් දාපු, මගේ එකට 2018 එන්න බෑ කීව. හැබැයි දැන් කතා කරලා කොහොමද ඔයාගේ එක කරන්නේ? මටත් කියලා දෙන්න පුලුවන්ද? කලින් කම්පැනි එක කොරෝනා නිසා වැහුවා. සල්ලි පස්සේ දේවි කියන. ඒ අය පිළිගන්නත් කැමති නෑ වංචාවකට අහුවුණා කියලා.

ඊයෙත් යාලුවෙක් කතා කරලා කීවා රු.350,000ක පැකේජ් අරන්ලු. ගෙවලා නැහැලු…

බොහෝ අවස්ථා වලදි මෙය තවත් එක Scam එකකි. හොඳට කරන අය ඇති. ඒ අයට මගේ ප්‍රණාමය. අවංක ඇඩ් ක්ලික් ආයතන තියේනම් වංචා නොකර දිගටම මිනිස්සුන්ට සේවය කරන්න.

මේ වගේ ඇඩ් ක්ලික් ආයතන මුලින්ම කියන්නේ යම් මුදලක් ගෙවා පැකේජයක් ලබා ගත යුතු බවය. අඩුම පැකේජය රුපියල් 2000කි (උපකල්පනක් පමණයි). මේක දකින අපේ මහේෂි නංගි අඩුම පැකේජය පොඩි ටෙස්ට් එකක් කරන්න හිතාගෙන මිලදී ගනී. හිතේ පොඩි බයකුත් නැතුවම නොවෙයි. කොහොම හරි මේක ගත්ත නංගිට ඔන්න ඇඩ්ස් බලන්න කියල ආයතනයෙන් ඇඩ්ස් එවයි. ඔන්න සතියකට රුපියල් 240 ලැබුණා. දෙවන සතියෙත් රුපියල් 240 ලැබුනා. දැන් නංගිටත් සැහෙන සතුටුයි. දැන් ඉතින් මහේෂි නංගිගේ හිතේ තිබ්බ බය නැතිවෙලා ගිහින්.

සල්ලි හොයන ආශාව දෙගුණ තෙගුණ වෙලා. එයා දැන් ලොකු පැකේජයකට යන්න ප්ලෑන් එක. ඔන්න තමන්ගේ ළඟ තියන රත්‍රන් චේන් එකක් හරි උගස් තියලා අපේ නංගි ගන්නවා 75,000ක වගේ පැකේජ් එකක්. ඔන්න බොලේ එකෙනුත් සල්ලි එනෝ. දැන් මහේෂිට සෑහෙන හැපී. දැන් මහේෂි සිහින මාලිගා තනනවා නොනවත්වාම.

පස්සේ අපේ මහේෂි නංගිට ආරංචි වෙනවා මේ වැඩේට තව කෙනෙක් සම්බන්ධ කරගත්තොත් එයාට ලොකු කොමිස් මුදලක් ලැබෙනවා කියලා. තවත් උපයන මුදල වැඩි කරගන්න කියලා හිතලා එයා එයාගේ ලඟම යහළුවා වන ගයත්‍රි අක්කවත් මේ වැඩේට සම්බන්ධද කරගන්නවා. බය වෙන්ඩ එපා අක්කේ. මේකෙන් අපි හැමෝටම ගොඩ යන්න පුළුවන්. දැන් ගයත්‍රිත් වැඩේට එන්ටර් වෙලා පැකේජ් එකක් ගන්නවා. එයත් තව තව ලොකු ලොකු පැකේජ් වලට යනවා. ඇයි ඉතින් සෙල්ලම් ද මේ වගේ සල්ලියක් ගලනකොට.

ඊට පස්සේ මේ යාලුවෝ දෙන්නා අචිනි කියන යාලුවවත් සෙට් කර ගන්නවා. පස්සේ අචිනිත් එයාගේ යාලුවෝ මේකට ඇඳලා ගන්න හදනවා. දැන් වැඩේ ජමරේට නැගල යනවා.

දැන් මෙයාල ෆේස්බුක් එකේ ගෘප් වලත් මෙහෙම ඇඩ්ස් දානවා. එන්න ඔන්ලයින් සල්ලි හොයන්න කියලා. තව තව කට්ටිය මේවට එකතු කරගන්නවා. එයාලත් තව තව කට්ටිය සෙට් කරගන්නවා. දැන් වැඩේ ඔහොම ඔහොම ව්‍යාප්ත වෙලා යනවා. දැන් මෙයලට මෙහි ඇති අවධානම පිළිබඳව උපදෙස් දෙනකොටත් අපිට මේ මහේෂි , ගයත්‍රි, අචිනිලා බනින්න පටන් ගනියි. දැන් මෙම ව්‍යාපාරය තනිකරම මෙහෙයවන්නේ මේ කොල්ලෝ කෙල්ලෝ ටිකය. පටන් ගත්ත අයිතිකරුවෝ සද්ද නොකර තමන්ගේ සාක්කු පුරවා ගනියි.

දැන් මේ ජාලය හදාගත්ත ජාවාරම් කරුවොත් තමන්ට දිනෙන් දින එන මුදල් එකතු කර ගනිති. එයින් කොටසක් මේ මහේෂිටත් අචිනිටත් දෙති. විශ්වාසයද වැඩි වේ. ජාවාරම් කරුවන්ගේ අදායම දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වැඩි වෙද්දී එක්තරා ලෙවල් එකට අපු දවසට ඔවුන් ක්ෂණිකවම අතුරුදහන් වී රටින් පැන යති. එවිට ඔවුන් අහිංසක කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් උපයා ඇති මුදලේ වටිනාකම කෝටි ගණනකි. ඔවුන් රටින් පැනගොස් සුපිරි ජිවිත ගත කරයි.

මෙහි ප්‍රතිපලය වන්නේ…

ඔබ ආයෝජනය කර ඇති මුදල ඔබට නැතිවී යයි. ඔබගේ වටිනා කාලය නැතිවී යයි. සිත් තැවුල්ව මානසික ආතතියන්ට ඔබ ගොදුරු වෙයි. ඔබ කනකර උගස් කොට ලබා ගත දෑ නැතිව යයි.

ඔබ සම්බන්ද කරගත් ඔබගේ මිතුරන්ගෙන් හෝ පිටස්තර පුද්ගලයින්ගෙන් ඔබට තර්ජන ගර්ජන බලපෑම් එල්ල වේ. නැවත එම මුදල් ඔබට ඔවුන්ට වෙතට ගෙවන්න ට පවා සිදුවිය හැකිය.

තම යහළුකම් , මිත්‍රත්වයන් පලුදුවී යයි.

ඔබට අධිකරණ සහ නීතිමය තත්වයන්ට ගොදුරු වීමටද හැකියාව ඇත. හිරේ විලංගුවේ වැටෙන්නට ද ඉඩ කඩ ඇත.

අපේ භාෂාවෙන් කියනවනම් එහි සේවය කල සේවකයින්ටද තම නිවෙස්වල වසන්නට බැරි තත්වයක් උදාවනු ඇත.

???? කොහොමද එතකොට මේ අය ලක්ෂ ගණන් සල්ලි ගෙවන්නේ?

හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම බැංකුවකට, මූල්‍ය ආයතනයක් ලෙස මහ බැංකුවේ ලියාපදිංචි වුණ ආයතනයකට හැරෙන්නට වෙනත් ආයතන වලට තවත් මිනිස්සුන්ගෙන් තැන්පතු ගන්න බෑ. එය නීති විරෝධී. අන්න එයට පිළියමක් විදිහට තමයි මේ වගේ පැකේජ් එකක් මිළදී ගන්න කියන්නේ. වෙළඳ දැන්වීම යනු ලෝකයට පෙන්වන දෙයක් පමණි. ඇඩ් ක්ලික් පැකේජ් අරන් වැඩ කරපු අය දන්නවා සතියට 50-100 බලපු ඇඩ් එච්චර වැඩක් ඇති දේවල් නෙමේ කියලා.

ඉතිං දිනපතා හතු පිපෙනවා වගේ ඇඩ් ක්ලික් ආයතන බිහිවෙනවා. පැකේජ් හදනවා. මිනිස්සු සල්ලි ගෙවලා ඒවා ගන්නවා. රු.2,000 ඉඳන් ලක්ශ 20 වගේ යනකම් ඇඩ් ක්ලික් පැකේජ් අන්තර්ජාලයේ ඕනෑ තරම් අපට දකින්න පුලුවන්.

දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, එහෙනම් ඒ අය නියමෙට සල්ලි ගෙවන්නේ කොහොමද කියලා.

ඇත්තටම සල්ලි ගෙවන්නේ කිසිම ආයතනයකින් ඇඩ් එකට ගෙවනවට දෙන සල්ලි වලින් නෙමේ. ඔවුන් කරන්නේ ඔබ විසින් ආයෝජනය කරන මුදල් වෙනත් ආයතන වල නැවත ආයෝජනය කරනවා. Money Market, කොටස් වෙළඳපොල, Crypto  Currency, Insurance Company වලට මුදල් ලබාදීම වගේ දේවල් තමයි ඒ එකතුවෙන මුදල් වලට කරන්නේ. ඒ ආයෝජනයෙන් ලැබෙන ලාභය තමයි රෝල ගහලා හැමෝටම බෙදලා දෙන්නේ.

☂️ ආයෝජනය කරලා හරි ඒ මිනිස්සු සල්ලි දෙනවා. ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ආයෝජනය කියන්නේ නීති විරෝධී දෙයක් නෙමේනේ.

මට කිසි ප්‍රශ්නයක් නෑ. මගේ සල්ලි නෙමේනේ ආයෝජනය කරන්නේ… ඔයාලා සල්ලි ආයෝජනය කරලා අවධානමක් අරන් ලාභ ලබන්න. කිසි ප්‍රශ්නයක් නෑ…

???? ආයෝජනය නීතී විරෝධී නැත්නම් ඇයි Charityshop එකෙන් දෙන්නේ නැත්තේ ඒ වගේ AdClick ප්ලෑන්?

1️⃣ මගේ ජීවිතය මං හරි කැමතියි නිදහසේ සතුටෙන් ඉන්න

2️⃣ ඔය වගේ වැඩසටහනක් ආරම්භ කල ගමන් තරඟකාරී ඇඩ් ක්ලික් ආයතන ඔක්කොම අපිට මඩ ගහන්න පටන් ගන්නවා. වැරදි හොය හොයා, හද හදා චරිතය ඝාතනය කරන්න හදනවා.

3️⃣ හැමෝම අපි දිහා වපර ඇහින් බලනවා “මුනුත් අරුන්වගේ හොරුද දන්නේ නෑ, අපේ සල්ලි අරන් පනීද දන්නේ නෑ” කියලා

4️⃣ එතකොට මේ ගෲප් එකේ රැඳිලා ඉන්න අය ඉන්නේ හදවතින් නෙමේ. දාපු සල්ලි ටික නැතිවෙයිද කියන බයෙන් තමා දවසගානේ ගෲප් එකට ඇවිත් පෝස්ට් කියවන්නේ. කමෙන්ට් දාන්නේ හදවතින් නෙමේ. දාපු සල්ලි වෙනුවෙන් තමා කතා කරන්නේ. පිට තැන් වල අපි ගැන හදවතේ තියෙන ආඩම්බරයට නෙමේ කතා කරන්නේ. සල්ලි බලයටයි කතා කරන්නේ.

5️⃣ මට හිතුන දවසක මේ ආයතනය නවත්වලා සතුටෙන් සැහැලුවෙන් ඉන්න ඕන. ආයෝජන සැලසුම් නැත්නම් ඕන මොහොතක ආයතනය නවත්වන්න පුලුවන්, කාටවත් පාඩුවක් වෙන්නේ නෑ.

???? ඇත්තටම මොනවද මේ ආයතන එවන ඇඩ් ?

මෙම ඇඩ්ස් බොහෝවිට ව්‍යාජ ඇඩ්ස් වේ. සාමාන්‍යයෙන් කිසිඳු සමාගමක් මෙවැනි emoney ව්‍යාපාර මෙහෙයවන ආයතන කෙරෙහි ඇඩ්ස් ලබා නොදෙයි. විශේෂයෙන්ම අන්තර්ජාල ඇඩ්ස් .

හොඳ උදාහරණයක් ගෙන හැර දක්වන්නම් . අපි කියමු ලංකාවේ තියනවා ක්‍රීඩා උපකරණ නිෂ්පාදන ආයතනයක්. සමාගමේ නම Sports Lanka Ltd කියමු ( සත්‍ය නමක් නොවේ ) එයාල හදනවා විවිද ක්‍රීඩා උපකරණ. Sports Lanka ආයතනයට අවශ්‍ය වෙනවා එයාලගේ නිෂ්පාදන පිළිබඳව ඇඩ් එක පල කරගන්න අන්තර්ජාලයේ. හැබැයි එයාල යනවද ඔය Adclick ආයතනයට?

පොඩ්ඩක් හිතන්න ඔයාගේ මොලේ පාවිච්චි කරලා. Sports Lanka සමාගමට සෙතක් වෙනවද එහෙම ඇඩ් එකක් කෘතිමව ඇඩ්ස් බලල සල්ලි උපයන අය අතරට යවන්න. ඒගොල්ලන්ගෙන් එකම ක්‍රීඩා භාණ්ඩයක්වත් ඔයාල මිලදී ගනන්වද ? නැහැනේ…

ඔයාල ක්‍රීඩා භාණ්ඩ ගැන උනන්දුවක් නැහැ නේ. ඔයාලගේ ඔලුවේ තියෙන්නේ Emoney ගැන. සමාගමක් අන්තර්ජාලය හරහා ගනු දෙනු සිද්ද වෙනකොට නිතරම බලන්නේ Target audience අතරට යවන්න මිසක් පලක් නැති අය අතරට යවන්න නොවෙයි. Target audience කියන්නේ ඒ විෂය පිළිබඳව උනන්දු අය අතරේ විතරයි ඇඩ්ස් පෙන්වන්නේ. Target audience සිස්ටම් එකක් පාවිච්චි කරන හොඳම ඇඩ්ස් සමාගමක් තමයි ගුගල් සමාගම. අනෙක් එක ෆේස්බුක් සමගම.

ඉතින් මේකෙන්ම තේරෙනවා එයාලා ඔයාලට එවන්නේ බොරු ඇඩ්ස් කියලා. යාලුවනේ, මේවට අහු වෙලා නිකන් තමන්ගේ සල්ලි , කාලය සහ වෙනත් නීතිමය ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔහොම සල්ලි හොයන්න පුළුවන් නම් මේ ලෝකේ මිනිස්සු රක්ෂාවල් කිරීම නවත්වලා මේ ඇඩ්ස් බලල සල්ලි හොයයි.

????????  මේවා වංචාකාර ආයතන කියලා කොහොමද කියන්නේ? රජයේ ලියාපදිංචි වෙන්න බැහැනේ එහෙනම්…

ගොඩක් අය පිරමීඩ ජාවරම් හෝ කුමක් හෝ ව්‍යාපාරයක් ගැන  “මේක විශ්වාස කරන්නේ කොහොමද ? පිරමීඩ නේද? නීති විරෝධී නේද”  කියලා අහනකොට ඒ ආයතන වල අය උත්තර දෙන්නේ මෙහෙමයි.

පිළිතුර : “ඔයා කොහොමද එහෙම කියන්නේ. මේ සමාගම ලංකාවේ රජයේ ලියාපදිංචි ආයතනයක්. මෙන්න ලියාපදිංචි අංකය PV00000. මේක නීති විරෝධී නම් අවුරුදු ගාණක් තිස්සේ කොහොමද කරගෙන එන්නේ? එහෙනම් මහ බැංකුවෙන් අපිව නවත්වන්න ඕනනේ. දහස් ගාණක් මිනිස්සු මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. රටවල් 100 ගානක් මේක කරනවා.

ලංකාවේ කෙනෙක් මේක හදලා තියෙන්නේ. ඒක නිස විශ්වාස කරන්න පුලුවන්. මෙන්න සහතිකය.”

ඔය වගේ වැල් වටාරම් ගොඩක් කියයි…

පිළිතුර : ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කල හැකිය . ඒ සඳහා වැය වෙන්නේ රුපියල් 35,000කට වඩා අඩු මුදලකි. ව්‍යාපාරයක් ලියාපදිංචි කළා කියලා එහි විශ්වසනීය භාවය රජය විසින් සහතික කරන්නේ නැත. අඩුම තරමේ සමාගම් මැදුර විසින් එය Verify කරන්නේ ද නැත.

ඔබට ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍යයිනම් රු.25,000ක් මාහට ලබාදෙන්න. අපේ ආයතනයෙන් ඒ දේවල් කරනවා. මට අවශ්‍ය කරන්නේ ඔබට අවශ්‍ය නම සහ කාණ්ඩය (Health, Retail, Education etc) පමණි. සති 2කින් මා ඔබට Private Limited Company Registration Certificate එක අරන් දෙන්නම්. අපි මුණගැහෙන්නවත්. ඔයාගේ ව්‍යාපාරයේ ඔයා කරන දේවත් මට අදාල නැහැ.

2009-2020 මගේ ආයතනය TechLabs යන නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙලා තිබුණේ. නමුත් මුදල් හුවමාරුව වැඩි වන නිසා විශාල සේවාවන් ප්‍රමාණයක් නීත්‍යානුකූලව ඔබට දෙන්න ඕන නිසා එය 2021දී TechLabs Innovative Solutions International (Pvt) Ltd විදිහට සමාගම් මැදුරේ ලියාපදිංචි කලා. Tax වෙනුවෙන් ලියාපදිංචි වුණා. ඒ හැම දේම කලේ ඔබට වඩාත් විශ්වාසදායී සේවාවක් ලබාදීමේ අරමුණින්.

මමත් ලියාපදිංචිය ගත්ත ඇත්තම හේතුව රැල්ලට. හැමෝම Certificate එක පෙන්වලා තමන් නීත්‍යානුකූලයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මට ඇත්තටම අවශ්‍ය වුනේ එහෙම පෙන්වන්න නෙමේ. ඔප්පු කරන්න ඕන නෑ. මේක ඇතුලේ හැමදේම නීත්‍යානුකූලව අපි කරන්නේ. ඔයාලට අනික් මිනිස්සු ඉස්සරහා බය නැතුව කතා කරන්න වාතාවරණයක් හදලා දෙන්නයි මම ව්‍යාපාර ලියාපදිංචිය ගත්තෙ…

ඒ නිසා Private Limited Certificate එක පෙන්වන හැමෝම විශ්වාස කරන්න එපා.

???? ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ලේඛණය – 2021

1️⃣ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් : https://www.cbsl.gov.lk/…/%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4…

2️⃣ බලයලත් මූල්‍ය ආයතන සියල්ල : https://www.cbsl.gov.lk/…/%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA…

මූලාශ්‍රය  : මහ බැංකුවේ වෙබ් අඩවිය

????‍????‍????‍???? ගෲප් එකේ 12,000ක් හිටියට ඔයාලගේ Charityshop ආයතනයේ ලියාපදිංචි වෙලා ඉන්නේ සාමාජිකයෝ 200යි. අර ආයතනයට 50,000ක සාමාජිකයෝ ඉන්නවා. එතකොට 200ක් විශ්වාස කරලා කරන දේද අපි කරන්න ඕන 50,000ක් විශ්වාස කරන දේද?

හරි අපි කියමුකෝ ඔයාලා කියන ආයතනයට 50,000ක් සාමාජිකයෝ ඉන්නවා කියලා. දැන් ඔයාලා ඔය ඉන්නේ ඇඩ් ක්ලික් සහ යුටියුබ් වීඩියෝ බලලා සල්ලි හොයන ආයතනයකනේ නේද?

එහෙනම් බුද්ධියෙන් මේක කියවන්න…

50,000ක් ලියාපදිංචි සාමාජිකයින් ඉන්න ආයතනයක….

Official Group එකේ ඉන්නේ 1,500ටත් අඩු පිරිසක්

Official Youtube Channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නේ 1,500 අඩු පිරිසක්

Official Page එකේ ඉන්නේ 1,500ට අඩු පිරිසක්…

එතකොට ඔය ඇඩ් ක්ලික් කරන ආයතනයට, වීඩියෝ බලන්න දෙන ආයතනයට බැරිවුනාද තමන්ගේ ආයතනයෙන් මුදල් සෙවීමට දෙන පළමු Task එක ඔය Group වලට Join වෙලා, පේජ් ලයික් කරලා, චැනල් සබ්ස්ක්‍රයිබ් කරන්න දෙන්න….

දෙන්න බෑ. මොකද ඒක බොරුවක්. එහෙම සාමාජිකයෝ නෑ. බොරු සංඛ්‍යාලේඛන වලින් ඔබව රවට්ටනවා. ඉතිං ලොකු අංක පෙන්වන නිසා ඔයාලා රැවටෙනවා. ජොයින් වෙනවා, අමාරුවේ වැටෙනවා.

අනික් එක මාසේට රුපියල් ලක්ෂ ගණන්, කෝටි ගණන් ගෙවනවා කියනවා. හැබැයි ඔයාලා දැක්කද ලැබුණ කෙනෙක් තමන්ගේ බෑන්ක් එකට සල්ලි ලැබුණ රිසිට් එකක් කමෙන්ට් කරනවා. නෑ නේද? මොකද එතනත් බොරුව. වෙබ් ඩිසයිනර් කෙනෙක් විදිහට මටත් පුලුවන් සයිට් එකේ කෝටි ගණන් දුන්නා කියලා නම් ටිකක් දාන්න. ඒත් ඇත්ත රිසිට් ලැබෙන්න ඕන මුදල් ලැබුණ කෙනාගෙන්…

හැමෝම එකම PTC PHP Website Script එකක් සල්ලි දීලා අරගෙන තමයි ඔය සයිට් හදන්නේ. බලන්න ඇඩ් ක්ලික් සයින් 90%ක් එකම වගේ.

ඊලඟ එක, සල්ලි ලැබුණ අය, ඇඩ් ක්ලික් ආයතනයෙන් සල්ලි උපයපු අය කමෙන්ට් කරන්න කීවහම කවදාවත් දැකලා තියේද 500කට වැඩියෙන් කට්ටිය කමෙන්ට් කරනවා. අඩුම තරමින් 200ක්වත් කමෙන්ට් කරනවා දැකලා තියේද? Official Group එකක එහි Owner / Director දාන පෝස්ට් එකකට මුදල් ගත්ත අය රිප්ලයි නොදා ඉන්නේ නෑනේ…

බලන්න අපේ ගෲප් එක, අපේ කමෙන්ට්, අපේ ප්‍රතිචාර, අපේ Trustpilot Reviews…. බොරු දේවල් තියේද අපේ ආයතනයේ…

ඊලඟට සමහර ආයතන පෝස්ට් දානවා ආයතනයේ සේවාව ගැන කමෙන්ට් කරන්න කියලා. එතකොට මොනවද එන කමෙන්ට්.

Super Site, ලංකාවේ එක, හොඳටම ගෙවන සයිට් එක, විශ්වාසය උපරිමයි. ඔය වගේ පොඩි කමෙන්ට්….

හැබැයි, අපි Charityshop ගැන කමෙන්ට් කරන්න කීවහම කට්ටිය කමෙන්ට් කරන්න පටන්ගන්නේ තමන්ගේ ආච්චි කොල්ලෙක් එක්ක යාලු වෙච්ච තැන ඉඳන්, මාගල් වගේ ඒවා. සරළව කීවොත් සිරස ලක්ෂපති වැඩසටහනක කෙනෙක්ගෙන් ගම කොහෙද ඇහුවහම විනාඩි 5ක උත්තරයක් දෙන විදිහට තමා මගේ සාමාජිකයෝ Charityshop ගැන කතා කරන්නේ…

මම සල්ලි ගෙවලද…. නෑ හදවතට දැනෙන විදිහ….

ඉතිං තවත් මොනවා කියන්නද….

මේකෙන් වෙන ආයතන ගැන වැරදි අදහස් ගන්න එපා…

අපි ගැන ✅ හරි අදහසක් ගන්න…

ඔබ ඉන්නේ හරි තැන…

අපි ගැන Review බලලා එකතු වෙන්න :

https://www.trustpilot.com/review/mychallenge.work

සැ.යු : කිසිම ආයතනයකට මඩ ගැසීමට නොව Charityshop විශ්වාස කර සම්බන්ධ වී සිටින වෙනත් emoney වැඩසටහන් ඔස්සේ වංචාවලට හසුවී වින්දිතයන් සහ සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් අදහස් පලකිරීමකි.

තිත්ත ඇත්ත ~ සුපිරියට ගෙවන ඇඩ් ක්ලික් සයිට් වල යථාර්ථය

සමහර අන්තර්ගතයන්, තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

Charityshop Team

#2021April21

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments