මේ ඔබ දකින්නේ අප පාරිභෝගිකයෙක් අපගෙන් නිර්මාණය කරගත්තා LKBux වෙළඳ දැන්වීමක් සහ එය අපගේ සාමාජිකයින් හරහා සිදුකල ශෙයාර් කිරීමක්.
එම වෙළඳ දැන්වීමෙහි පැහැදිලිවම අදාල පාරිභෝගිකයාගේ දුරකථන අංකය, නම සහ රෙෆරල් ලින්ක් එක තිබියදී වෙනත් LKBux රෙෆරල් හිඟන්නෙක් තමන්ම වෙළඳ දැන්වීමක් නිර්මාණය කරගැනීමකින් තොරව එම පෝස්ට් එකේ හිඟා කනවා.
ඒ අදාල පුද්ගලයා අපගේ සාමාජිකයෙක්ද කියා දන්නේ නැහැ. නමුත් අපේ ගෲප් එකේම ඉන්න කෙනෙක්.
කියන්න තියෙන්නේ, මහත්තයෝ දියුණු වෙන්න ඕනනම් තමන් මහන්සි වෙලා දියුණු වෙන්න. අනුන්ගේ පහනෙන් එළිය බලන්න උත්සාහ කරන්න එපා. ලැජ්ජයි. පෝස්ට් ඕනනම්, ලින්ක් ශෙයාර් කරගන්න ඕනනම් අපෙන් මුදල් ගෙවලා පැකේජ් එකක් ගන්න. තවත් කෙනෙක් දුක් මහන්සිවෙලා හම්බකල සල්ලි වියදම් කරලා කරන දෙයක් විනාශ කරලා මුදල් උපයන්න උත්සාහ කරන්න එපා.
මේ ගෲප් එකේ මාසයක් ඉඳලත් විනය, හැදියාව ඉගෙන ගෙන නැහැ. ඒ කියන්නේ හැදෙන්නේ නැහැ කොහොමත්.
මතක තියාගන්න, යම් CharityShop සාමාජිකයෙක්, තවත් CharityShop සාමාජිකයෙක්ගේ පෝස්ට් එකකට ඔහුගේ රෙෆරල් ලින්ක් එක කමෙන්ට් කර තිබුණහොත් ඔබගේ සාමාජිකත්වය එම මොහොතේම අවලංගු කරනු ලැබේ.
වෙනත් eMoney ගෲප් වල “ඔන්ලයින් මුදල් සොයන ක්‍රම මොනවාද?” ලෙස කෙනෙක් අහන ප්‍රශ්න වලට කමෙන්ට් කිරීමට ප්‍රථම එහි අනෙක් කමෙන්ට් බලන්න. අපගේ සාමාජිකයෙක් ඔහුගේ/ඇයගේ රෙෆරල් ලින්ක් එක කමෙන්ට් කර ඇත්නම් ඔබ කමෙන්ට් නොකල යුතු අතර, ඔබ කලයුත්තේ එම පුද්ගලයාගේ කමෙන්ට් එකට “මමත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා, ඕන කෙනෙක් බය නැතුව සම්බන්ධ වෙන්න” යන ලෙස එම පුද්ගලයාව Recommend කිරීම පමණි. හිඟා කෑම අප ආයතනයේ සම්ප්‍රදායන්ට පටහැනි බව තරයේ මතක තබාගන්න..
විනයක් ඇතුව මුදල් උපයන්න…
CharityShop Team