වටේ ගිහින්ද ආවේ?
හොඳ ඒවා හොයාගෙන ගියාට ලැබුණේ නෑ නේද?
අපේ හිඟන ආයතනය දාලා ලක්ෂ ගණන් හොයන්න ගිය කෙනෙක්නම් කියවන්න…
????????????????????????????????????????????????????????????????
???? හෙලෝ බොස්..
???? හෙලෝ, කොහොමද ඉතිං මොකෝ කාලෙකින් අපිව මතක් වෙලා? මාස 2කින් විතර දැක්කේ නෑ අපේ පෝස්ට් ශෙයාර් කරනවා.
???? පොඩ්ඩක් අනික් වැඩ එක්ක හිර වුණා. මගේ සාමාජිකත්වය අයින් කරලා එහෙම නෑ නේද?
???? අපෝ නෑ, ජීවිත කාලෙටමනේ ඔයා සාමාජිකත්වය ගත්තේ…
මම දැක්කා, රු.1000න් මිලියන 25ක් හොයන්න කියලයි, අප්‍රේල් 10 වෙනකොට ලක්ෂ 12ක් හොයාගන්න එකක් ගැනයි. හැමෝගෙන්ම රුපියල ගානේ එකතුකරලා මිලියනයක් හොයන එකක් ගැනයි. අරන් තියාගන්න විතරයි තියෙන්නේ දවසින් දවස අගය වැඩිවෙනවා, අපිත් එක්ක සම්බන්ධ නොවෙන අයට වෙන්නේ අපේ ලැට් හෝදන්න තමයි කිය කියා පෝස්ට් දාලා තිබ්බේ…
දැන් ඉතිං මාස 2ට ලක්ෂ ගාණක් හොයපු නිසා අපිව අමතකම කරලා දැම්මා නේද?
???? මං රැවටුනා බොස්
???? රැවටුනා කීවේ?
???? කීව දේවල් ඒවගේ මොනවත් නෑ, Zoom Meeting ගිහින් ඩේටා ඉවරවුණා විතරයි.
???? තේරුනේ නැහැ. කීව දේවල් නැ කීවේ?
???? නෑ, ඒ ආයතන වලින් කීව ඒවා පෝස්ට් හදලා දාලා කට්ටිය ඇඩ් කලා. උන්ටත් සල්ලි නෑ, මටත් නෑ. දැන් කවුරුත් මාව විශ්වාස කරන්නේ නැහැ.
???? එකකින්වත් සල්ලි හම්බවුනේ නැතිද?
???? හම්බවුණා… කීව විදිහටනම් නෙමේ…
එකක මාස 7ක් මහන්සි වෙලා රු.15,000ක් හොයලා බොහොම අමාරුවෙන් දෙපාරකට ඒ සල්ලි ටික ගත්තා. කීවේ හැමෝගෙන්ම රුපියල රුපියල මිලියන ගානක් හම්බවෙනවා කියලා. ඒකේ මිලියනයක් හම්බවෙන්න ආත්ම 7ක් විතර ඉන්න වෙයි. ෆ්‍රී කියලා ජොයින් වුනේ. අන්තිමේදී ඇක්විට් වෙන්න 3000 ගාණක් ගෙවන්න වුණා. මැරෙන්න ඕන රෙෆරල් හොයන්න. Zoom Meeting විතරයි.
ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න කියලා රු.5,000ක් ගෙව්වා එකකට. ඒකේ තමයි අප්‍රේල් 10 වෙනකොට ලක්ෂ 12ක් හම්බවෙනවා කීවේ. ඉංග්‍රීසිත් නෑ, සල්ලිත් නෑ. කවුරුත් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ.
ඇඩ් ක්ලික් පැකේජ් එකක් කලා. මුලින් ෆ්‍රී එක කලා. ඩොලර් එකක් හොයන්න මැරෙන්න ඕන. ඊට පස්සේ සල්ලි දාලා එකක් ගත්තා. ඒකේනම් සති දෙකෙන් දෙකට සල්ලි දුන්නා. පොඩි පැකේජ් කිහිපයක් කරලා ලාභ නිසා බයික් එක උගස් තියලා ලොකු පැකේජ් එකක් ගත්තා, මුන් පොල්ල තිබ්බනේ. වැඩට යන්නවත් එකක් නෑ දැන්.
තව එකක සල්ලි දාලා කෙලවෙලාම ගියා. උන්ට වෙච්චි දෙයක් නෑ දැන්. ඒකෙත් ලොකු පැකේජ් එකක් ගත්තා.
Bitcoin ගන්න අපිට සල්ලි නෑනේ දැන්, වෙන Crypto Currency එකක් ගත්තා. ඒකත් රෙෆරල් නැතුව පාඩුයි. ලෙවල් බයි කරලා පට්ට පාඩුයි.
කෙල්ලෙක් කතා කරලා පට්ට බිස්නස් එකක් තියේ කියලා Zoom Meeting එකකට ජොයින් කලා. පට්ට බ්‍රේන් වොශ් එකක් දුන්නේ. මං CharityShop අත ඇරලා ඒකට ගියේ ඒකයි. සුපිරි ගාණක් හොයන්න පුළුවන් කීව නිසා. මුලින් රෙජිස්ටර් වෙන්න ලංකාවේ ගන්න අමාරු බඩු සෙට් එකක් ගන්න වුණා. පස්සේ තමයි දන්නේ අපි තව අයව හොයන්න ඕන ඒ බඩු ගන්න. ඒවා කවුරුත් ගන්නේ නෑ. බඩු වලට දුන්නේ පොඩි රිසිට් එකක්. දැන් ඒකට මොනවත් කරන්නත් බෑ. කැඩිලා වැඩ කරන්නෙත් නෑ ඒ බඩු, විකුණන්නත් බෑ.
ඔන්න ඔහොමයි මාව අමාරුවේ වැටුණේ.
???? මෙහෙමයි මොන ආයතනයේ වුනත් හදිසියෙන් සල්ලි හොයන්න බෑ, ඉවසීම ඕන. අනික ආයතන වැරදි නෑ. ඒවට බනින්න එපා. ඒ එවගේ බිස්නස් මොඩල් එක. ඒක බලලනේ ඔයා ජොයින් වුනේ. දැන් ඒවට බනින්න එපා.
???? ඒ වුණාට මේවගේ කීවේ එහෙම නෙමේනේ. වෙබ් සයිට් එකත් ඉංග්‍රීසියෙන්, හැමදේම ඉංග්‍රීසියෙන්. සිංහලෙන් ඉගෙන ගන්න Zoom Meeting යන්න ඕන. බොස් වගේ ආයතනයේ 100% විස්තර ඒවගේ එලියට දෙන්නේ නැහැ. 1%යි අපි දන්නේ.
???? මම ඉතිං කීවනේ මුලදිම, දැන් ඉතිං කරන්න දෙයක් නෑ…
???? මට ආපහු බොස් මේකේ වැඩ කරන්න පුළුවන් නේද?
????අපෝ පුළුවන්. හැබැයි එක ප්‍රශ්නයක් තියේ.
“ගෑණියෙක් වටේ ගිහින් ලෙඩ හදාගෙන හරි ළමයෙක් හරි හදාගෙන ආවහම මිනිස්සු ගණන් ගන්නේ නෑනේ” අන්න ඒ වගේ දැන් ඉතිං ඔයා CharityShop Promote කලත් මිනිස්සු ඔයාව මනින්නේ කලින් මිම්මෙන්. ඔයා මිනිස්සුන්ට ශාපයක්, වංචාකාරයෙක් වෙලා ඉවරයි. අන්න ඒ ප්‍රශ්නේ තියේ. ඒක පාඩුවක්. ඒත් කමක් නෑ, අපි උත්සාහ කරමු.
ඔයා හරි දේ කරලා හිමින් දියුණු වෙලා පෙන්වන්න… එතකොට අනික් අය ඔයාව විශ්වාස කරයි. මම ඔයාට උදව් කරන්නම්. අනික් ආයතන වල වගේ නෙමෙයි අපේ ටීම් එකම උදව් කරයි ඔයාට…
???? තෑන්ක්ස් බොස්… මට කලින් තේරුම් ගන්න බැරිවුණා. මට ඕන වුනේ ඉක්මනට සල්ලි හොයන්න. ඒත් මං දැක්කා මේකේ ඉන්න අය දැන් සතිපතා හොඳට සල්ලි හොයනවා.. සමාවෙන්න බොස්.. අපි ආයේ වැඩ කරමු…
???? මට හිටිය හොඳම කෙනෙක් ඔයා. අනික් ඒවගෙන් ඉගෙන ගත්ත පාඩම් එක්ක අපි හොඳ ගමනක් යමු…
???? තෑන්ක්ස් බොස් !
????????????????????????????????????????????????????????????????
ඉහත දෙබස එක් අයෙක් සමඟ නොව 3 දෙනෙක් සමඟ කල කතාබහක් එකතු කර නිර්මාණය කල දෙබසකි.
තේරුම් ගැනීම ඔබට භාරයි !
අපි ගෙවන්නේ පුංචි ගණන් වෙන්න පුළුවන්. හැබැයි සාධාරණව හොයන මුදල් ඒවා…
CharityShop Team
#2021මාර්තු27