විශේෂ නිවේදනයයි !

by | Apr 8, 2021 | විශේෂ නිවේදන | 0 comments

විශේෂ නිවේදනයයි !

ඔබ අසහනකාරයෙක් නම් අනිවාර්යයෙන්ම මේ පෝස්ට් එක කියවන්න…

මේ ගෲප් එකේ ලියාපදිංචි නොවුන සාමාජිකයින් 7,000ක් වගේ ඉන්නවා. ලියාපදිංචි වුන සාමාජිකයින් 4,500ක් වගේ ඉන්නවා.

සමහර සාමාජිකයින්ගේ දුරකතන අංක (WhatsApp) අංක ඔවුන්ගේ අවසරය මත අප පෝස්ට් වලට යොදා තිබෙනවා. සමහර උපදේශකයින්ගේ අංක ප්‍රසිද්ධියේ පළකර තිබෙනවා ඔවුන්ට පහසුවෙලාවක පණිවිඩයක් යවන්න පමණක්.

අප කිසිම අවස්ථාවක WhatsApp ඇමතුම් ගන්න කියලා, වීඩියෝ කෝල් ගන්න කියලා, සහ පෞද්ගලිකව දේවල් කතා කරන්න කියලා නැහැ. ඇමතුමක් වුනත් අප අවසර දී තිබෙන්නේ එක් අයෙක්ට එක් වරක් පමණයි.

අනවශ්‍ය මැසේජ් එවනු ලැබුවහොත්, අසභ්‍ය ඡායාරූප එවනු ලැබුවහොත් අප ඒවා ප්‍රසිද්ධියේ පළකරනවා. ඔබගේ තොරතුරු සමගින්.

බොහොමයක් අය විවාහ වූ දරුවන් සිටින කාන්තාවන්. නමුත් මෙහි සිටින සමහර අසහකාරයින් නිසා යම් අයගේ පවුල් ජීවිත වලටද ප්‍රශ්න ඇතිවිය හැක.

මීට පෙර කිහිපවතාවක් අප ඒ පිළිබඳව අවවාද කලා. අද සිට එසේ අනවශ්‍ය චැට් එවන අයගේ ප්‍රොෆයිල්, WhatsApp Chat අපි මෙහි ප්‍රසිද්ධියේ පළකරනවා.

ඔබටත් එසේ ප්‍රශ්නයක් වූවානම් සෘජුව ඒ පිළිබඳව මා හට පවසන්න. Chat History කිසිම අවස්ථාවක මකන්න එපා. නීතීමය ක්‍රියාමාර්ග ගැනිමට ඒවා ඔබ සතුව තියාගන්න. නොඑසේනම් අපට එවන්න.

Inbox ගිහින් අසීලාචාර ලෙස හැසිරෙන අයට කිසි සමාවක් නැහැ.

ඔබ වැනි අසහනකාරයින් නිසා තමයි අද කාලේ කෙල්ලෙක්ට තමන්ගේ ඇත්ත ෆොටෝ එකක් භාවිතා කරලා ෆේස්බුක් භාවිතා කරන්න බැරිවෙලා තියෙන්නේ…

අනුන්ට කරන්න කලින් තමන්ගේ අම්මට, අක්කට, නංගිට, බිරිඳට, දුවට ඔය වගේ දෙයක් පිට කෙනෙක් කලොත් කොහොමද කියලා කල්පනා කරලම බලලා ඉන්න…

සමාවක් නෑ…

1️⃣ ප්‍රසිද්ධියේ පළකරනවා

2️⃣ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

CharityShop Team

#2021April8

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments