සති 2ක පුහුණුවකට පසු Manager, Executive සහ Independent Executive යන තනතුරු සියල්ල අද, මාර්තු 17 සිට විසිරුවා හරින බව කරුණාවෙන් සළකන්න.
පසුගිය සති 2 තුල ඔබ ලද පුහුණුව, අත්දැකීම් සහ වගකීම් තේරුම් අරගෙන කලින් පත්වී සිටි අයට හෝ නව අයට නැවත අයදුම් කරන්න පුලුවන්.
නමුත් අයදුම් කරන අයට අදාල තනතුරු පිරිනැමෙන්නේ Senior Manager සියලුම දෙනාගේ Recommendation එක තිබුනොත් පමණි. මන්ද පසුගිය සති 2 තුළ ඔවුන් දන්නවා ඔබගේ අඩුපාඩු. වගකීම් පැහැර හැරීම් සහ වාර්තා කිරීම් ගැන.
Senior Manager වරු යමෙක්ව තහවුරු කිරීමට පෙර අදාල ඉල්ලුම් කල පුද්ගලයා පිළිබඳව Senior Manager Facebook Chat එක හරහා සාකච්ඡා කල යුතුය. එම තීරණය කමෙන්ට් එකකින් ඉන්පසු Pinipa Samarasekera
(HR Consultant – Independent) විසින් අදාල පෝස්ට් එකේ කමෙන්ට් එකට යෙදිය යුතුය. ඒ අනුව තෝරාගැනීම සිදු කෙරේ.
(HR Consultant – Independent) විසින් අදාල පෝස්ට් එකේ කමෙන්ට් එකට යෙදිය යුතුය. ඒ අනුව තෝරාගැනීම සිදු කෙරේ.
යමෙක් අයදුම් කිරීමට පෙර යෝජනා කිරිමටද Senior Manager වරුන්ට අවසර ඇත. අදහස සාකච්ඡා කර පමණක් එසේ යෝජනා කරන්න.
අදාල තෝරාගැනීම් සිදු කරන අය නැවත සම්මුඛ පරීක්ෂණයකට යොමු කරන අතර ඔබගේ ජීව දත්ත සටහනක් සහ වෙබ් අඩවියේ පළකිරීමට සහ හැඳුනුම්පත වෙනුවෙන් ස්ටූඩියෝ එකකින් ගන්නා ලද ඡායාරූපයක් එවිය යුතුය. ඉන්පසු අප ඔබට ආයතනික හැඳුනුම්පතක්ද ලබාදීමට බලාපොරොත්තු වේ.
විවිධ තනතුරු සඳහා අද දිනයේ පළකරන පෝස්ට් වලට නැවත ඉල්ලුම් කරන්න…
Charityshop Team