ඔබට යම් දෙයක් දැන ගැනීමට අවශ්‍යයිනම්, නොදන්න දෙයක් තිබේනම්, මගහැරුණු දෙයක් තිබේනම්, මීට සති ගාණකට කලින් පළකල පෝස්ට් එකල් සොයාගැනීමට අවශ්‍යයිනම් කරන්න ඕන මොනවද?
1️⃣ ගෲප් එකේ උඩම තිබෙන සර්ච් අයිකන් එක ඔබා ඔබට අවශ්‍ය දේ කෙටියෙන් සොයන්න. ලැබෙන පිළිතුරු වලින් මෑතකදී පළකරන පෝස්ට් එක පමණක් තෝරාගන්න. දිනය පරීක්ෂා කරන්න. සමහර විට ජනවාරි ලබාදුන් උපදෙස් මාර්තු මාසයට නොගැලපේ.
උදා : සාමාජික ගාස්තුව ගෙවීමට සම්පත් බැංකු (Sampath Bank) ගිණුමක් අවශ්‍යයි සිතන්න.
???? ඔබ සෙවීම කල යුතු නිවැරැදි ක්‍රමය : Sampath Bank
???? වැරදි ක්‍රමය : සාමාජික ගාස්තුව ගෙවන්න Sampath Bank ගිණුමක්
2️⃣ ගෲප් එකේ Announcement Tab එක යටතේ තිබෙන විශේෂ පෝස්ට් අනිවාර්යයෙන්ම කියවන්න.
3️⃣ ගෲප් එකේ Topics Tab එක යටතේ තිබෙන සියලුම පෝස්ට් අලුතෙන් සම්බන්ධ වූ අයෙක් අනිවාර්යයෙන්ම කියවිය යුතුය. එය විවිධ මාතෘකා වලට වෙන් කර ඇත. කරුණාකර එය නොකියවා සාමාජික ගාස්තුව ගෙවා ” දැන් මොකක්ද කරන්න ඕන ” යැයි ඇසීමෙන් වළකින්න. Topics යටතේ පහසුවෙන්ම හැමදේම ඉගෙන ගන්න පුලුවන්.
4️⃣ ගෲප් එකෙහි සැමවිටම අවසානයට කමෙන්ට් කරන පෝස්ට් එක උඩින් පෙන්වයි. එය ෆේස්බුක් එකෙන් කරන දෙයකි. අපට එයට පිළියමක් නැහැ. එම නිසා පෝස්ට් පිළිවෙලට බලන්න ඕනනම් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
Www.mychallenge.work
????????????????????????????????????????????????????????????????
සැමවිටම පෝස්ට් එකක දිනය බලන්න. ඕනෑම පෝස්ට් එකක අවසානයට පළකල පෝස්ට් එක තමයි නිවැරැදි තොරතුරු අඩංගු වන්නේ. මන්ද යමක් පලකර එය කරගෙන යාමේදී ඇතිවන අඩුපාඩු බලලා තමයි අපි ඊලඟ පෝස්ට් එක නිර්මාණය කරන්නේ. එතකොට එක තැනක දෙයක් කරන්න කියලා තියෙන එක තව තැනක එපා කියලා තියෙන්න පුලුවන්. එවිට මොකක්ද මේ විකාරය දෙකක් කියන්නේ හරි එක මොකක්ද කියන්න කලින් ඔබේ සාමාන්‍ය දැනීම කියන දේ භාවිතා කරලා නවතම පෝස්ට් එකට අදාලව කටයුතු කරන්න.
මේ ගෲප් එකේ සිතුවිලි පෝස්ට් හැර අනෙකුත් සියලුම පෝස්ට් ලියන්නේ ආයතනයේ අධ්‍යක්ෂ වරයා වන මා විසින් පමණි. එවිට 100% දන්නා එකම පුද්ගලයා මා පමණි. එසේ කියා එය මගෙන් ඇසීමට අවශ්‍ය නොමැත. තාක්ෂණය ඇත්තේ එයටය.
ඔබට යම් දෙයක් දැනගැනීමට අවශ්‍යයිනම් කිසිම අයෙක්ගේ සහයක් අවශ්‍ය නැත.
අවශ්‍ය සාමාන්‍ය දැනීම පමණි. ඉහත ක්‍රම වලින් එකක් භාවිතා කර පිළිතුර දැනගන්න. එක් එක් අයගේ දැනුම් මට්ටම්, කියවීම, අවබෝධය මත එක් එක් පිළිතුරු වල එළඹීගෙන සිටියත් නිවැරැදි පිළිතුර සඳහන් වන්නේ ගෲප් එකෙහි පමණි. නිවැරැදි පිළිතුරු සියල්ල දන්නේ මා පමණි.
මේ ආයතනයේ අනෙකුත් සියලුම සාමාජිකයින් (තනතුරු දරන හෝ නොදරන) සිටින්නේ තවමත් ඉගෙන ගනිමින්ය.
ඔබගේ අවශ්‍යතාවයට කාටවත් කරදර නොකර තාක්ෂණය භාවිතා කර පැහැදිලි සිංහලෙන් ඉගෙන ගන්න.
මේ ක්‍රමත් මදිනම් දැනුම් දෙන්න. නව ක්‍රමයක් නිර්මාණය කරන්නම්.
CharityShop Team