1️⃣ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් : https://www.cbsl.gov.lk/…/%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4…
2️⃣ බලයලත් මූල්‍ය ආයතන සියල්ල : https://www.cbsl.gov.lk/…/%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA…
වෙබ් අඩවිය : මහ බැංකුවේ වෙබ් අඩවිය
මහබැංකුවට චැට් දාලා අහන්න ඕන නැහැ. හැම ආයතනයක්ම මෙහි තිබෙනවා.
අංක 1️⃣ ලින්ක් එක ක්ලික් කර බලන්න. පනත් වලට පටහැනිව ක්‍රියාකර දැනට ක්‍රියාකාරී තත්වයේ නැති තහනම් කල ආයතනද ඒ ලැයිස්තුවේ සඳහන් වෙනවා.
ඉතිං මහබැංකුවේ නෙවේ ලෝක බැංකුවේ ලියාපදිංචි වුනත් වංචා කරන මනුස්සයෝ වංචා කරලා මිනිස්සු අමාරුවේ දානවා.
අද යම් කෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම් කටයුත්තක් ආරම්භ කලොත් හැමෝම අහන්නේ මහ බැංකුවේ ලියාපදිංචිද කියලා. ගොඩක් අය හිතන්නේ ඒක තියේනම් හරි කියලා. එහෙමත් නැත්නම් සමාගම් මැදුරේ පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි සහතිකය තිබේනම් විශ්වාස කරන්න පුලුවන් කියලා. කොයි දේ තිබුණත් වංචා කරන්න ඕන කෙනා වංචා කරනවා.
ඔබයි බුද්ධිමත්ව කටයුතු කල යුත්තේ…
ලංකාවේ දැනට ඔන්ලයින් මුදල් සෙවීම් ආයතන, ඇඩ් ක්ලික් ආයතන පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි වුනත් මහ බැංකුවේ ලියාපදිංචි නැහැ. එහෙම කරන්නෙත් නැහැ කවුරුවත්. මොකද 90%ක් ලියාපදිංචි කරලා තියෙන්නේ Advertising Company විදිහට. AdClick පැකේජ් දෙන එක, භාණ්ඩ විකුණන එක මාගේ දැනුමේ හැටියට නීති විරෝධී නැහැ. මොකද ඔවුන් පනත්වල සඳහන් කරලා තියෙන නීති වලින් රිංගන්න තමයි එහෙම දෙයක් නිර්මාණය කරලා තියෙන්නේ. එයට හේතුව මහබැංකුවේ මූල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි නොවූ ආයතනයකට මුදල් තැන්පතු ගන්න බෑ. ඉතිං ඒ මුදල් තැන්පතු ඇඩ්ක්ලික් පැකේජ්, ඉඩම්, ගස්, භාණ්ඩ හෝ සේවාවන් විදිහට දෙනවා. මමනම් ඒවායේ වැරැද්දක් දකින්නේ නැහැ.
වැරැද්ද…
ඒ ආයතන ටික කාලයක් හොඳට ගෙවීම් කරලා මිනිස්සු විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන්න පටන් ගත්තහම ඒ මුදල් එක්ක පැනලා යන එක තමයි…
අපේ රටේ මෙච්චර කාලෙකට වුනේ ඔය දේ තමයි…
ඉතිං බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන ඔබයි. ඔබ කරන්නේ තව කෙනෙක්ට ගින්දරක් දෙන එකනම් ඒක පිරමීඩාකාර නෙමේ, වක්රාකාර වුනත් සම්බන්ධ වෙන්න එපා.
තවත් කෙනෙක්ට දුකක් දීලා ඔබට සතුටක් ලබන්න බෑ කවදාවත්…
ඔබට ආදායමක් ලැබෙන ඕනෑම ආයතනයකට සම්බන්ධ වෙලා මුදල් උපයන්න. එයින් අනික් අයට වෙන බලපෑම ඔබේ පැත්තෙන් සිතා සොයා බලා කටයුතු කරන්න.
ආයෝජනය කරන්න කලින් 100 පාරක් හිතන්න…
ඇත්තට ආයෝජනය කරලා දිනපු මිනිස්සු ෆේස්බුක් පෝස්ට් දාගෙන රඟන්නේ නෑ. ෆේල් වුණ අයයි තමන්ට වාසියක් ගන්න හෝ අනික් අය අමාරුවේ දාලා ගොඩයන්න උත්සාහ කරන්නේ…