ඔබේ බැංකු ගිණුමේ මුදල් ආරක්ෂිත ද??
වර්තමානයේ කාසි හා නොට්ටු හෙවත් සල්ලිවලින් කරන ගණුදෙනු ප්රමාණය අඩු වී ඇත..
ඒ සඳහා විද්යුත් ගෙවීම් ක්රම භාවිතය වැඩි වී ඇත. ඒ ගණුදෙනු පහසුවෙන් සිදු කිරීමට යි.. බොහෝ දෙනෙකු තම ජංගම හෝ ඉතුරුම් ගිණුමේ මුදල් යලි ගැනීමට හෝ ගණුදෙනු සිදු කිරීමට බැංකු මගින් නිකුත් කරන හර පත් (Debit card) භාවිතා කරයි…
එසේ ම ණය කාඩ්පත් (Dredit card) ද ගෙවීම් කටයුතු කිරීමේ දී භාවිතා කරන අතර, අන්තර්ජාල ගණුදෙනු සඳහා ද කාඩ්පත් තොරතුරු ඇතුළත් කළ යුතු ය.
මෙකී කාඩ්පත් භාවිතයේ දී සහ විද්යුත් ක්රම මගින් ගණුදෙනු කිරීමේ දී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි..
▪️ කාඩ්පත අන්සතු නොකළ යුතු ය.
▪️ ATM යන්ත්රයකින් මුදල් ගැනීමේ දී භාවිතා කරන රහස්ය අංකය අන්සතු නොකළ යුතු ය.
▪️ රහස්ය අංක කාඩ්පතේ නොලියා තිබිය යුතු ය.
▪️ කාඩ්පතේ තොරතුරු අන් අයට ලබා නොදිය යුතු ය..
????කාඩ්පත් අංක
????පිටුපස ඇති අංක (CVV)
????කල් ඉකුත් වීමේ දිනය
▪️ කෙටි පනිවිඩ සේවාව සක්රීය කරගත යුතු ය.
▪️ බැංකුවේ Hotline එකෙන් ඇසුවහොත් හැරෙන්නට වෙනත් කිසිවෙකුට ඔබේ මවගේ විවාහයට පෙර නම ලබා නොදෙන්න.
▪️ ගණුදෙනු කිරීමේ දී ලැබෙන කෙටි පනිවිඩ අන්සතු නොකළ යුතු ය.
▪️ EMV චිප් සහිත කාඩ්පත් භාවිතා කළ යුතු ය.
▪️ ගණුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද(OTP) අන්සතු නොකළ යුතු ය. කිසිවෙක් මේ අංකය කෝල් කර විමසුවහොත් ලබානොදිය යුතුය.
▪️ කාඩ්පත නැතිවුවහොත්, සොරකම් කරනු ලැබුවහොත්, ගිණුමින් මුදල් අඩු වන බවට කෙටි පනිවිඩ ලැබුනහොත් (ඔබ මුදල් නොගත් විට) වහාම අදාළ බැංකුව හා සම්බන්ධ වී කාඩ්පත අක්රීය කිරීමට කටයුතු කරන්න..
▪️ තෙවන පාර්ශවීය ඇප් වලට අප ඔබට ඉගැන්වූ Prepaid Web Card භාවිතා කිරීම ආරක්ෂා සහිතයි.
මෙකී දේ පිළිබඳ සැලකිලිමත් වී ඔබේ ගිණුමේ මුදල් ආරක්ෂා කරගන්න ..
CharityShop Team