මං දන්නවා හැමෝම අද නිහඬයි. පැත්තකට වෙලා පරාජය ගැන දුක් වෙනවා… මේ කතාව මොකක්ද කියලා හැමෝම දන්නේ නැහැ. නමුත් CharityShop එක්ක සක්‍රීයව සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් දන්නවා ඊයේ මොකද වුනේ කියලා.
මාස 3ක් ඔයාලගේ දැනුම වර්ධනය කරමින්, ආකල්ප දියුණු කරමින්, ඔබේ මනුෂ්‍යත්වය මතු කරමින්, විනය උගන්වමින් ඔබගේ ව්‍යාපාරික හැකියාව අප කණ්ඩායම එකතු වෙලා දියුණු කලා. ඒ එක්ව ජයගන්න ඕන නිසා..
ලංකාවේ අනික් හැම eMoney ආයතනයක්ම තනිව දියුණු වෙන්න උගන්වනකොට, අපි ඉගැන්නුවේ එකතුවෙලා දියුණුවෙන්නේ කොහොමද කියලා. ලංකාවේ අනික් ආයතන ඔවුන්ගේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් මිලියන ගනන් වලින් පුරවද්දි (හීන වලින් පමණක්) අපි ඉගැන්නුවේ මනුස්සකම, දැනුම එකතු කරගන්න ආකාරය.
නමුත් ඔයාලට එක තැනක වැරදුනා…
මං ඊයේ ඒ ගැන නොකීවේ එක් අයෙක් හෝ එයට අවධානය දේවි කියලා. මට ඕනවුනේ ඔයාලා ඊයේ දවසේ පරදිනවා දකින්න. එතකොට ඔයාලා ශක්තිමත් වෙනවා. ඉගෙන ගන්නවා. මං අද කියන්නම් ඔයාලට ඊයේ වුණ වැරැද්ද මොකක්ද කියලා.
ඊයේ ඔයාලට දුන්නේ සරල ක්‍රියාකාරකමක්. එක් අයෙක් අපිත් එක්ක නොමිළයේ වැඩ කරන්න මිතුරන් 10 බැගින් 50 දෙනෙක් එකතු වෙලා මිතුරන් 500ක් ගේන්න කියලා.
???? 50 දෙනෙක් එකතුවෙලා එක් අයෙක් ගෙනාවනම් – සාමාජිකයින් 50
???? ගාස්තුව ගෙවූ 200 දෙනා එක් අයෙක් බැගින් ගෙනාවනම් – සාමාජිකයින් 200
???? ගාස්තුව ගෙවූ 200 දෙනාම 5 බැගින් ගෙනාවනම් – සාමාජිකයින් 1000
???? ගෲප් එකේ ඉන්න හැමෝම එක් අයෙක් බැගින් ගෙනාවනම් – සාමාජිකයින් 10,500
ඔන්න ඔහොම වෙන්න තිබ්බා. නමුත් වුනේ නැහැ. 200ක් හිටියත් වැඩකරන්නේ 25%යි. ඒ කියන්නේ අපට සක්‍රීය 1000ක කණ්ඩායමක් හදන්න මුදල් ගෙවූ සාමාජිකයින් 4,000 වැඩි කණ්ඩායමක් හදන්න වෙනවා. නැත්නම් අපට වෙන ආයතන හරහා ව්‍යාපාර ගන්න බැහැ.
අපි දැන් ඊයේ ක්‍රියාකාරකම පැත්තට හැරෙමු..
ඊයේ ලබාදුන්න සරල ක්‍රියාකාරකම වෙන්නේ සාමාජිකයින් 500ක් අලුතෙන් ගෲප් එකට ගන්න එක. මුදල් ගෙවන සාමාජිකයින් නෙවේ, ගෙවන්න බැරි සාමාජිකයින්. මධ්‍ය රාත්‍රී 12ට පෙර එය කරන්න බැරි වුනොත්
CDC එකක අගය රු.2.01 සිට රු.0.10ට අඩු වෙනවා.
මෙතන වෙන දේ සරල පැහැදිලි කිරීමක් කරන්නම්.
???? ඔබ තනිව ජයග්‍රහණය කලහොත් :
ඔබ එක් අයෙක් අද හඳුන්වා දුන්නොත් ඔබට හිමිවෙන CDC ප්‍රමාණය – 10 (රු.20 අගයක්)
ඔබ 10 දෙනෙක්ව හඳුන්වා දුන්නොත් එක් අයෙක්ට ලැබෙන CDC ප්‍රමාණය – 100 (රු.200ක අගයක්)
???????????????? ඔබ කණ්ඩායමක් විදිහට පරාද වුනොත් :
???? සාමාන්‍ය KYC Verify කල සාමාජිකයෙක් සතු CDC ප්‍රමාණය – 2,000 (වටිනාකම රු.4,000)
අගය රු.0.10ට පහල බැස්සොත් ඔබගේ CDC වල වටිනාකම රු.200ක් වෙනවා.
???? CDC 7,000ක් හිමි අයෙක්ගේ CDC වල වටිනාකම රු.14,000න් රු.700ට අඩු වෙනවා.
???? වෙනත් තරඟ වලින් ජයග්‍රහණය කල අයට හිමි CDC ප්‍රමාණය – 10,000 – 20,000 (එහි වටිනාකම රු.2,000 – 4,000ක් වෙනවා.
????????????????????????????????????????????????????????????????
ඇයි ඔයාලා මෙහෙම හිතුවේ නැත්තේ…
එක් අයෙක්ට කොහොමත් 10න් එහා සාමාජිකයින් ගේන්න බෑ. ඒ කියන්නේ ඊයේ දවසේ ඔබ උපරිම උත්සහය කලානම් ඔබට CDC 100ක් එහෙම නැත්නම් රු.200ක වටිනාකමක් හිමිවෙනවා.
හැබැයි,
ඔයාලා ඒ රු.200 අමතක කලානම්. ඔබ සතුව මේ වෙලාවේ තියෙන දේ ගැන අවධානය යොමු කලානම් ඔබට CDC වල අගය රු.0.10 අඩු වෙන්න නොදී රු.2.01 ම තියාගන්න තිබ්බා.
ඒ කොහොමද කියලා කල්පනා කරනවද?
ඊයේ ඔබ සතුව CDC 2000ක් තිබ්බා කියලා හිතන්න. ඒ කියන්නේ ඔබ සතුව රු.4,000ක වටිනාකමක් තිබ්බා. ඔබ ඊයේ තනිවම උත්සාහ කලේ රු.200ක් හොයන්න. නමුත් ඔබ පැරදුනා. ඔබට තනිවම 10 දෙනෙක් හොයන්න බැරිවුණා. ඒ නිසා ඔබට රු.3,800ක් අහිමි වුණා.
නේද????
දැන් මොකද කියන්නේ? වැරදුනේ කොතනද කියලා තේරුණාද?
ඔබට තිබ්බා ඒ රු.200 අතහරින්න. එක් උතුම් අරමුණක් වෙනුවෙන් ඔබට තිබ්බා ඔබට CDC නැතිවුනත් අපි කණ්ඩායමක් විදිහට වැඩකලා නම් දිනන්න පුළුවන් කියලා හිතලා වැඩ කරන්න.
පසුගිය සතිය ඔයාලට මතකද?
අපි CharityShop Post Share Team එකෙන් කරපු දේ මතකද?
අපි LKBux, Success Lanka, WinWin පෝස්ට් ශෙයාර් කරලා දුන්නා පිට අයට. ඒ සමහර අයට එක දවසට කෝල් / මැසේජ් 1,000 වඩා ආවා. ඒ ගැන ඒ ආයතන වලට වඩා සතුටු වුනේ අපි. මගෙනම් ඇස් වලට කඳුළු ආවා LKBux, Success Lanka, WinWin කරන අපේ සාමාජිකයින්ට හරිගියා කියලා හිතෙනකොට.
අපි එතනදි කලේ මොකක්ද?
අපි කලේ එක් අයෙක්ගේ ඇඩ් එකක් හැමෝම එකතුවෙලා ෆේස්බුක් ගෲප් 100 ගණනක ශෙයාර් කලා. අපි නිර්මාණශීලී ඇඩ් එකක් ඒ වෙනුවෙන් නිර්මාණය කලා.
ඇයි ඔයාලා පිට අය වෙනුවෙන් කල දේ ඊයේ අපේ ආයතනය වෙනුවෙන් නොකලේ. Post Share Group එහේ හොඳින් පුහුණුව ලබපු 50+ දෙනෙක් ඉන්නවා. එක් අයෙක් පෝස්ට් එක ගෲප් 10කට ශෙයාර් කලානම්. 500කට ශෙයාර් වෙනවා.
ඔයාලට අඩුපාඩුවක් තිබ්බද?
නිර්මාණශීලී ඇඩ් එකක් තිබ්බේ නැතිද?
හොඳට කල්පනා කරන්න, ඊයේ මං පළවෙනි වතාවට අපේ ලෝගෝ එක දාලා නිර්මාණශීලී පෝස්ට් 3ක් හදලා දුන්නා. නමුත් ඔයාලා තනි තනියෙන් ඒක ශෙයාර් කලා.
ඇයි එක් අයෙක්ගේ සාමාජික අංකයක් දාලා එක් අයෙක් පෝස්ට් එක දාලා ඒක ඔක්කොමලා ශෙයාර් නොකලේ.
ඔබට රු.200ක් නැතිවෙයි කියලද?
මම අනුන්ගේ පෝස්ට් ශෙයාර් කරලා ඇයි එයාලට CDC හොයලා දෙන්නේ කියලා ඔයාලා හිතුවද?
කෝ පරාර්ථකාමී බව?
LKBux, Success Lanka, WinWin පෝස්ට් ශෙයාර් කරනකොට තිබ්බ පරාර්ථකාමී බව CharityShop Post Share කරනකොට නැතිවුණාද?
ඒ තමන්ට වාසියක් නැතිවෙයි කියලා හිතලද?
හැබැයි,
රු.200 ගැන හිතන්න ගිහින් ඔබට රු.3,800ක් නැතිවුනා නේද?
ඒත් එක්කම ගොඩක් අයගේ ෆේස්බුක් දැන් බ්ලොක් වෙලා ඇති ගොඩක් ශෙයාර් කල නිසා. නමුත් එකතුවෙලා කලානම් වගකීම් බෙදිලා යනවා. එහෙම වුනානම් බ්ලොක් වෙන්නේ නෑ…
ඇයි මෙහෙම හිතුවේ නැත්තේ,
ගෲප් එකේ හොඳට පිළිගැනීමක් සහ වගකීමක් තියෙන මධූ/එරංග/රුචිර/පිනිපා/ලහිරු/ධනූ/අචිනි/පියූ/රන්සරා වගේ ඕනෑම කෙනෙක් ඔබට තෝරගන්න තිබ්බා. ඒ අයෙක්ට පෝස්ට් එක දාන්න කියන්න තිබ්බා, එයාගේ සාමාජික අංකය දාලා. ඉන්පසු සාමාජිකයෝ ලියාපදිංචි වුනහම ලියාපදිංචි වුන සාමාජිකයින් ගණන ශෙයාර් කරන්න සම්බන්ධ වුන ගානෙන් බෙදලා ඔයාලට තිබ්බා එකතුවුණ CDC ටික බෙදාගන්න. මොකද CDC System එකේ CDC හුවමාරු පහසුකම තියෙනවා.
ඔබට තිබ්බා ඔබේ කණ්ඩායමේ කෙනෙක්ව විශ්වාස කරන්න.
ඔබට තිබ්බා නායකයා වෙන මාව විශ්වාස කරන්න. මං එක් අයෙක්ට ලැබෙන CDC කැපවුණ ඔබ හැමෝටම බෙදලා දේවි කියන විශ්වාසය ඇති කරගන්න තිබ්බා.
ඇයි එහෙම නොකලේ???
යම්දෙයක් ලබාගැනීමේදී අපි සමහරක් අයට කැපකිරීම් කරන්න වෙනවා.
ඡායාරූපයේ කූඹි රැල බලන්න. ඔබ දැක ඇති මේ ආකාරයට කූඹි ගස්වල සහ ගංගාවල ඉන්නවා. මෙහෙම ඔවුන් පාලමක් වගේ එකතුවෙලා හැදෙන්නේ අනික් අයට ඒ හරහා ගොඩවෙන්න. ඔවුන්ට ඉක්මනින් පාලමෙන් එගොඩ වෙන්න බැරිවුණත්, යම්කිසි වෙහෙසක්, මහන්සියක් අනික් අය වෙනුවෙන් දරන්න වුනත් ඒ කැපකිරීම කරලා ඔවුන් හැමෝම එගොඩ කරනවා.
ඉතිං ඇයි ඔබට එහෙම බැරි වුණේ?
ඇයි ඔබ එහෙම හිතුවේ නැත්තේ?
හැමෝගෙන්ම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
තනිව පැරදෙමුද? – එක්ව සැවොම ගොඩ යමුද?
CharityShop Team