AdClick වලට ලක්ෂ ගණන් මුදල් ගෙවීමේ ඔබ නොදුටු පැත්ත

by | Mar 7, 2021 | විශේෂ නිවේදන | 0 comments

AdClick වලට ලක්ෂ ගණන් මුදල් ගෙවීමේ ඔබ නොදුටු පැත්ත

ඔබත් ලක්ෂ ගාණක ඇඩ් ක්ලික් පැකේජ් අරන් ඉක්මනින්ම මිලියනපතියෙක් වෙන්න සිහින දකින කෙනෙක්ද?

එහෙනම් මේ පෝස්ට් එක කියවන්න…

ගොඩක් අය Charityshop Group එකට සම්බන්ධ වුණ ගමන් අහන්නේ Ad Click කරලා, වීඩියෝ බලලා ඔයාලගේ සල්ලි හොයන්න පුලුවන්ද කියලා.

ඇත්තටම කීවොත් ඇඩ් බලලා ඔයාලා කවදාවත් ලක්ෂපතියෙක් වෙන්නේ නෑ. මෙතන තියෙන්නේ වෙනමම බිස්නස් මොඩ්ල් එකක්. හරියට සූදුවක් වගේ.

සාමාන්‍යයෙන් ඇඩ් එකක් බලලා ඔයාලට හොයන්න පුලුවන් සත 50කටත් අඩු මුදලක්. වීඩියෝ එකක් පැයක් බලනවට සාමාන්‍යයෙන් ගෙවන්නේ රු. 1-2ක් වගේ සුලු ගානක්.

මෙන්න මෙහෙමයි ඇඩ් ක්ලික් වලට ගෙවන ආයතනයක් ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතමු ABC කියන ආයතනයට අවශ්‍ය වෙනවා එයාලගේ නව ප්‍රොඩක්ට් එක 10,000ක් දෙනා අතරට ගෙනියන්න. ඒ සඳහා XYX කියන Business Promotions කරන ආයතනයට ABC ආයතනයෙන් රු.20,000ක් ගෙවනවා. XYZ ආයතනය ඒ 20,000න් 15000ක් ආයතනයට තියාගෙන ඉතිරි රු.5000 සාමජිකයින් 10,000 අතරේ එක් අයෙක්ට සත 50 ගානේ බෙදලා දෙනවා. ඔන්න ඕක තමයි ඇත්තටම වෙන්න ඕන දේ…

එහෙනම් ඇඩ් ක්ලික් පැකේජ් අරන් කට්ටිය මාස 6ට ලක්ෂ ගණන් හොයන්නේ කොහොමද ?

හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම බැංකුවකට, මූල්‍ය ආයතනයක් ලෙස මහ බැංකුවේ ලියාපදිංචි වුණ ආයතනයකට හැරෙන්නට වෙනත් ආයතන වලට තවත් මිනිස්සුන්ගෙන් තැන්පතු ගන්න බෑ. එය නීති විරෝධී. අන්න එයට පිළියමක් විදිහට තමයි මේ වගේ පැකේජ් එකක් මිළදී ගන්න කියන්නේ. වෙළඳ දැන්වීම යනු ලෝකයට පෙන්වන දෙයක් පමණි. ඇඩ් ක්ලික් පැකේජ් අරන් වැඩ කරපු අය දන්නවා සතියට 50-100 බලපු ඇඩ් එච්චර වැඩක් ඇති දේවල් නෙමේ කියලා.

ඉතිං දිනපතා හතු පිපෙනවා වගේ ඇඩ් ක්ලික් ආයතන බිහිවෙනවා. පැකේජ් හදනවා. මිනිස්සු සල්ලි ගෙවලා ඒවා ගන්නවා. රු.2,000 ඉඳන් ලක්ශ 20 වගේ යනකම් ඇඩ් ක්ලික් පැකේජ් අන්තර්ජාලයේ ඕනෑ තරම් අපට දකින්න පුලුවන්.

දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, එහෙනම් ඒ අය නියමෙට සල්ලි ගෙවන්නේ කොහොමද කියලා.

ඇත්තටම සල්ලි ගෙවන්නේ කිසිම ආයතනයකින් ඇඩ් එකට ගෙවනවට දෙන සල්ලි වලින් නෙමේ. ඔවුන් කරන්නේ ඔබ විසින් ආයෝජනය කරන මුදල් වෙනත් ආයතන වල නැවත ආයෝජනය කරනවා. Money Market, කොටස් වෙළඳපොල, Crypto  Currency, Insurance Company වලට මුදල් ලබාදීම වගේ දේවල් තමයි ඒ එකතුවෙන මුදල් වලට කරන්නේ. ඒ ආයෝජනයෙන් ලැබෙන ලාභය තමයි රෝල ගහලා හැමෝටම බෙදලා දෙන්නේ.

සමහර මිනිස්සු වංචාව හිතේ තියාගෙනම මේවා ආරම්භ කරනවා. මුලින් හැමෝටම ලක්ෂ ගණන් ගෙවනවා. ඒ විශ්වාසයට මිනිස්සු ණය අරන්, පොළියට අරන්, කණකර උගස් තියලා, ඉඩම්, වාහන තියලා සල්ලි අරන් ලොකු පැකේජ් අරන් ෆෝන් එක ඔබ ඔබා ඉන්නවා. සල්ලි ලැබෙයි කියලා ඉන්නවා. ඉතිං කෝටි ගාණක් ලැබුණට පස්සේ මේ මිනිස්සු මේ සල්ලි අරන් පනිනවා. එක්කෝ කොහෙන් හරි වංචාව අහුවෙලා ආයතනය වැහුනහම ඒ ආයතනයම වෙන නමකින් ආයෙත් එනවා අලුත් මුහුණුවරකින්. නැත්නම් ඒ ආයතනයේ ඉහල නිළධාරියෙක් වෙන නමකින් අලුත් ආයතනයක් ආරම්භ කරනවා. දන්න තරමින් දැනට වංචා කරලා වැහිලා ගිය ආයතන වල හිටපු අයම තමයි අලුතෙන් දැන් ආරම්භ කරගෙන කරගෙන යන්නේ. සමහර විට අලුත් ආයතන හොඳ වෙන්න පුලුවන්. ඒත් කවුද වගකියන්නේ? ආයතනයකට රු.20,000ක් වියදම් කරලා ගෙදර ඉඳන්ම Private Limited ලියාපදිංචි සහතිකයක් ඕන කෙනෙක්ට ගන්න පුලුවන්. අරන් වෙන වෙන දේවල් තමයි හැමෝම කරන්නේ. ඉතිං ඒක නිසා ප්‍රවේශම් වෙන්න ඕන ඒ වගේ ආයතන ගැන.

ඇත්තටම හොඳ ආයතනත් තියෙන්න පුලුවන් වගත් මතක තියාගන්න. ආයෝජනය ලක්ශ ගණන් කරන්න තිබ්බත්, ඇත්තටම ලක්ෂ ගාණක් නැවත ගෙවන වංචා නොකරන ආයතනද තිබෙන්නට පුලුවන්. සොයා බලා කටයුතු කරන්න. ආයතනයකට සම්බන්ධ වෙන්න කලින් එහි නිර්මාතෘ ඊට කලින් වැඩ කල ආයතනය සොයා බලන්න.

“පිරමීඩ” කියන වචනේ ෆේස්බුක් එකේ ගහන්නකෝ. ගෲප් ගොඩක් එයි ඒ වගේ වංචා කරන ආයතන ගැන. සිදුවුණ වංචා ගැනත් දැනගන්න පුලුවන්. ඇත්ත නැත්ත සොයා බලන එක ඔබේ වගකීමක්. සමහර වෙලාවට එකම ක්ෂේත්‍රයේ ආයතන තරඟකාරී නිසා අනෙක් එකට මඩ ගහන්නත් එහෙම ගෲප් හදාගෙන ඉන්නවා. මොකද ගොඩක් ඒවගේ පෝස්ට් දාන්නේ ෆේක් වලින් නිසා. ඇත්තටම අසාධාරණයට ලක්වුණ අයත් ඉන්නවා. තෝරලා බේරලා අවබෝධ කරගන්න එක ඔබට අයත් කාර්යයක්.

මෙහෙම ලියන්න හිතුවේ ගොඩක් අය Charityshop හරහා ඇඩ් ක්ලික් සහ වීඩියෝ බලන්න දෙනකම් බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම සාමාජිකයින් 1,000 සම්පූර්ණ වුනහම අපිත් වෙන ආයතනවලින් ඕඩර්ස් අරන් ඔයාලට දෙන්නම්. හැබැයි සත ගණන් වලින් තමයි ගෙවන්නේ. මොකද මට ලැබෙන ගාණෙන් ප්‍රතිශතයක්නේ ඔබට ගෙවන්නේ…

තව දෙයක් කියන්න ඕන පැකේජ් තියෙනවා ලක්ශ 20 වගේ වෙනකම්. ඉතිං ඒ වගේ ඒවට ඔබ සල්ලි දාල ගිණි ගොඩක ඉන්නේ බයේ මොනවා වෙයිද කියලා. නමුත් Charityshop කියන්නේ පංසලක් වගේ ඔබේ හිත නිවන තැනක්. ඒක නිසා තව අවුරුදු 10ක් ගියත් අපේ ඔය වගේ ලක්ශ ගණන් වල ඇඩ් ක්ලික් පැකේජ් ලබාදෙන්න අදහසක් නෑ. මොකද මේ ගෲප් එකට ඇවිත් ඉන්නේ ඔන්ලයින් ක්‍රම වලින් හෙම්බත්වුණ, බැටකාපු, අසරණ, දුප්පත් මිනිස්සු. ඉතිං ඒ මිනිස්සුන්ට ලක්ශ ගණන් ආයෝජනය කරන්න නැනේ.

ඒ හේතුව නිසා අපේ විශාල පැකේජ් ලබාදීමක් අපි කරන්නේ නැහැ. උපරිම 5000,10000 වගේ පැකේජ් අපි දෙන්නම් ඔයාලට අවධානමක් ඒ කියන්නෙ Risk එකක් නැතුව ආයෝජනය කරලා වැඩ කරන්න. එතකොට ඔයාලට කිසි බයක් නැතුව ඉන්න පුලුවන්.

අනික් එක ෆේස්බුක් හරහා මේ වගේ වැඩසටහන් කරනකොට මේ ගෲප් නැති වෙන්න පුලුවන්. 2018 මගේ ගෲප්, පේජ් ඒ ආකාරයට නැතිවුණා. ඉතිං ලක්ශ ගණන් ඔයාලගෙන් මුදල් අරන් පේජ්, ගෲප් නැතිවෙලා ගියොත් දවසක් ඇති මං කරපු ඔක්කොම හොඳ නැතිවෙන්න. හැමෝම මට මඩ ගහලා මගේ චරිතය විනාශ කරලා තියේ සල්ලි අරන් පැන්නා කියලා. අන්න ඒ නිසා Charityshop වල කවදාවත් ඔයාලට ආයෝජන සැලසුම් නෑ.

ඔයාලට සැනසීමේ ඉන්න ඕන නිසා නෙමේ මට සැනසීමේ ඉන්න ඕන නිසයි එහෙම කරන්නේ. මම ව්‍යාපාර කරන්නේ මගේ නිදහස් වෙලාවට මගේ වියදම් හොයාගන්න පමණයි. මම වැඩි හරියක්, සතියට දවස් 6ක් කලේ රට වටා සංචාරය කරලා අසරණ මිනිස්සුන්ට උදව් කරන එක. ඒ නිදහස මට ඕන.

අවධානමකින් තොරව හැකියාවෙන් උපයන්න පුලුවන් ලංකාවේ එකම තැන Charityshop විතරයි.

ඉතිං ආයෝජනයට කැමති අයට අපි පොඩි පැකේජ් ටිකක් හඳුන්වලා දෙන්නම් මාස 6ක් වගේ වලංගු වෙන. ඔයාලට ඒ පැකේජ් ගත්තොත් බැංකුවේ ස්ථාවර තැන්පතුවක දාලා ලැබෙන පොළිය වගේ 4 ගුණයක් මම අනිවාර්යයෙන්ම දෙනවා. ආයතනයට ඔබ නිසා ලාභයක් වුනොත් ඔබ ආයෝජනය කල මුදල වගේ උපරිම 2 ගුණයක් මාස 6කදී ගෙවනවා.

හැබැයි තව දෙයක් ආයෝජනය වෙනුවට ඔබ පුංචිම පුංචි රු.1,000ක සාමාජික මුදලක් ගෙව්වොත් ඔබට ජීවිත කාලයම අපේ ගෲප් එකේ සාමාජිකත්වය ලැබෙනවා. ඔබට ඔබ ඒ ආයෝජනය කල මුදල වගේ 1,000 ගුණයක් හොයන්න පුලුවන් එක මාසෙන් වුණත් ඔබගේ කැපවීම තියේනම්.

බුද්ධියෙන් කල්පනා කරලා තීරණයක් ගන්න…

සැමවිටම ඔබට හොඳ දේ දෙන්න අප කැපවී සිටිනවා.

ඔබගේ අදහස් පළකරන්න. ඇඩ් ක්ලික් ආයතනයක ඔබත් පැකේජ් ගත්ත අයෙක්නම් අපට උපදෙස්/ අදහස් ලබාදෙන්න ඔබටත් පුලුවන්

Charityshop Team

#2021මාර්තු7

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments