Charityshop එකේ ලොක්කා අපේ සල්ලිත් අරන් රට පනීද?

by | Mar 12, 2021 | විශේෂ නිවේදන | 0 comments

Charityshop එකේ ලොක්කා අපේ සල්ලිත් අරන් රට පනීද?
මේකට සල්ලි දාලා අපි අමාරුවේ වැටෙයිද?
ගොඩක් අයට මේකට සම්බන්ධ වෙන්න බය ඇති. ඔය ප්රශ්නය ඇති.
රට??? ඔයාලගෙ සල්ලි මට උඩරටට යන්නවත් මදි. ඒකත් කොච්චියේ 3 වෙනි පන්තියේ යන්න විතරයි සල්ලි ඉතුරුවෙන්නේ ඔයාලා දෙන සල්ලි වලින්. අනික ඔයාලා කොහෙද මේකට ආයෝජනය කරන්නේ. රු.1,000ක් ජීවිත කාලයටම ගෙවලා ලියාපදිංචි වෙනවා විතරයි.
බොන මනුස්සයෙක්නම් බෝතලයකට කොච්චරක් සල්ලි නාස්ති කරනවද යාලුවොත් එක්ක බොන්න, දුම් බොන්න කොච්චර නාස්ති කරනවද? රයිස්, කොත්තු 2ක් කෑවහම ඒ ගාන වියදම් වෙනව.
කෙල්ලෙක්ටනම් සැලෝන් එකකට යන්නවත් ඒ ගාන මදි.
එහෙම බලපුවහම ඔයාලා කොච්චර සල්ලි නාස්ති කරනවද?
එහෙව් එකේ රු.1,000 ගැනද ඔයාලා හිතන්නේ??
ඔයාලා රු.1,000ක් දැම්මහම Payment Gateway එකෙන් රු.30ක් කපා ගන්නවා. ඔයාලව හඳුන්වලා දුන්න කෙනාට රු.200ක් දෙනවා. මගේ ලයිට්, ඉන්ටර්නෙට් බිල් සහ අනෙකුත් වියදම් ගියහම ඔය රු.1,000 න් මට සල්ලි ඉතිරි වෙනවා කියලා හිතනවද?
කිසිම අයෙක්ට කිසිම අවධානමක් නැති තැනක් තමයි Charityshop කියන්නේ. තවත් කුම්මැහිකමට රු.1,000 ගැන හිතලා ඇත්තෙන්ම ගාස්තුව වැඩි වුන දවසක ඔයාලා දුක්වෙයි.
සාමාජික ගාස්තුව නොමිළයේ, 250, 500 තිබ්බ කාලේ විශ්වාස කරලා ලියාපදිංචි වුණ අය දැන් කොච්චර සතුටු වෙනවා ඇතිද?
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments