CharityShop 2021 – 2023 සැලැස්ම

by | Aug 8, 2021 | විශේෂ නිවේදන | 0 comments

CharityShop 2021 – 2023 සැලැස්ම

CharityShop එකෙන් අපි මේ ඔයාලට උගන්වන්නේ, ඔයාලා මේ කරන්නේ ඔන්ලයින් සල්ලි හොයන එකද? – තිත්ත ඇත්ත

කිසිසේත්ම නෑ. ඔබ සරළවම කරන්නේ Referal Marketing. අපි පොෂ් විදිහට කීවොත් Affiliate Marketing. ඊලඟට Business Promotions. ඒ කියන්නේ ව්‍යාපාර ප්‍රවර්ධනය.

වසර 25ක පළපුරුද්ද සහ වසර 15ක මාගේ තාක්ෂණික ආයතනය හරහා මට පුලුවන් කම ලැබුණා විවිධ වූ ක්ෂේත්‍රයන් 200 ගණනක සේවා මගේ ආයතනය හරහා ලබාදෙන්න. ඉතිං ඔබ සරළවම කරන්නේ මගේ ආයතනයේ සාධාරණ සේවාවන් ප්‍රවර්ධනය කර එයට කොමිස් මුදලක් ලබාගැනීම පමණයි. එය ලෝකයේ ඕනෑම ආයතනයක් භාවිතා කරන ක්‍රමයක්.

නමුත් මේ ගෲප් එකේ අරමුණ ඒක නෙමෙයි.

ව්‍යවසායකයින් බිහි කරන්නයි අපි උත්සාහ කරන්නේ…

හැබැයි ඔබ ගොඩක් ආඩම්බරෙන් නේද ඉන්නේ CharityShop එකෙන් සල්ලි හොයනවා මම දැන් Online Entrepreneur (ව්‍යවසායකයෙක්) කෙනෙක් කියලා.

ඒ මොකද දන්නවද, මේ ෆේස්බුක් එකේ පිරමීඩ ආයතන ඔබේ මොළය කොලොප්පන් කරලා, Brain Wash කරලා තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ කරනකොට ඔබ Entrepreneur කෙනෙක් වෙනවා කියලා.

✅ CharityShop Group එකෙන් එළියේ තියෙන ක්‍රම…

1️⃣ ඔබ අනුන්ට සල්ලි දීලා බොරු ඇඩ් ටිකක් බලන්න ඇඩ් ක්ලික් පැකේජ් ගත්තට…

2️⃣ රු.10,000 භාණ්ඩය රු.60,000 විකුණලා eCommerce Platform එකක වැඩ කරනවා කීවට…

3️⃣ පට්ට දුෂ්කර පැත්තක අඩු ගානකට ගත්ත ඉඩමක පර්චස් 3-4ක පැල ටිකක් හිටවලා ලක්ෂ ගාණකට සල්ලි දීලා ගත්තහම…

4️⃣ eCommerce Platform එකකින් හෝටල් ප්‍රවර්ධනය කරනවා කියලා වැඩි ගානට විකුණලා තව කෙනෙක් රවට්ටලා සල්ලි ගත්තහම…

6️⃣ ඇප් එකක් අරන් ඒක තව 5 දෙනෙක්ට විකුණලා, ඒ 5 දෙනා තව 5 දෙනෙක්ට විකුණලා, ඒ 5 දෙනා තව 5 දෙනෙක්ට විකුණන කොට උඩම ඉන්න 5 දෙනාට කොමිස් ආවට…

7️⃣ වෙබ් එකක තියෙන බඩුවක් වැඩි ගාණට විකුණලා එයාට ඉහළින් ඉන්න 100 ගාණකට ඒකෙන් කොමිස් ආවහම…

8️⃣ තියෙන සේසතම විකුණලා ආයතනයක ආයෝජනය කලහම සහ ඒකට තව ආයෝජන කරන අය සම්බන්ධ කලහම…

9️⃣ Crypto Currency අරන් තව අය ඒවා ගන්න තමන් යටතට සම්බන්ධ කලහම…

✅ CharityShop Group එක ඇතුලේ තියෙන ක්‍රම…

1️⃣ Post Share කිරීම..

2️⃣ Course වලට සිසුන් සෙවීම…

3️⃣ Reselling කිරීම…

4️⃣ ඇප් එකකින් රීලෝඩ් දැමීම..

වගේ දේවල් කලහම, ඔයාලා ඒකට Smart Phone එකක්, Internet Connection එකක් භාවිතා කලා කියලා ඔයාලා Online Entrepreneurs (අන්තර්ජාල ව්‍යවසායකයෝ) වෙන්නේ නෑ.

සැබෑ අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න ඔබ ඔබගේ හැකියාවන් (Skills) සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ඕන.

  1. Fiverr
  2. Upwork
  3. Toptal
  4. Simply Hired
  5. PeoplePerHour
  6. Aquent
  7. Crowded
  8. The Creative Group
  9. 99Designs
  10. Nexxt
  11. Writer Access
  12. TaskRabbit
  13. Skyword
  14. Designhill
  15. Freelancer
  16. Guru
  17. Hireable
  18. FlexJobs

මේ තියෙන්නේ සැබෑ අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න ඕනනම් උත්සාහ කරලා බලන්න ඕන වෙබ් අඩවි. මේ හැම එකකටම වගේ පරිගණකයක්, ඉංග්‍රීසි දැනුම ඕන.

නැතිනම් DropShipping ඉගෙන ගන්න. eBay, Etsy වගේ ඉගෙන ගන්න.

Crypto Currency Trading ඉගෙන ගන්න.

අන්න ඒ දේවල් තමයි නියම ව්‍යවසායකයෙක් වෙන දේවල්.

ඔන්ලයින් සල්ලි හොයන්න Paypal ඕන. Skrill Account හදාගන්න ඕන. Crypto Currency Wallet හදාගන්න ඕන. KYC Verification කරන්න ඕන.

අපේ අයට ස්ක්‍රීන්ශොට් එක්ක ඊමේල් එකක් හදාගන්න කීවත් අනාගන්නවා. KYC Verification වලට ගෙදර බල්ලගේ නම දාලා බැක් සයිස් එකේ ෆොටෝ දාලා Verification කරන්නේ. ඉතිං කොහෙද ඔන්ලයින් සල්ලි හොයන්නේ.

CharityShop OnePlatform කියලා අපි නිර්මාණය කරගෙන යන්නේ ඉහත ඔබ දකින සියලුම වෙබ් අඩවි වල එකතුවක් සිංහල භාෂාවෙන්.

මොකද මම මාස 8ක් උත්සාහ කලා ඔබට අන්තර්ජාතික මුදල් ඉපයීම් ක්‍රම කියලා දෙන්න. නමුත් බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි තියා සරළ සිංහලවත් තේරුම් ගන්න බෑ. ලින්ක් එක  කොපි කරන්න, පෝස්ට් එකක් ශෙයාර් කරගන්න දන්නේ නැහැ. ඉතිං ඔයාලව අන්තර්ජාල ව්‍යවසායකයෝ කරන්න කලින් සාමාන්‍ය දැනීම උගන්වන්න ඕන. අපි 2021 වසර අවසන් වෙන තෙක් ඔබට සිංහල, සාමාන්‍ය දැනීම සහ තාක්ෂණය පිළිබඳව උගන්වනවා. 2022 ජනවාරි 1 සිට අපි උත්සාහ කරමු සැබෑ අන්තර්ජාල ව්‍යාවසායකයෙක් වෙන්න…

යථාර්ථයට මුහුණ දෙමු !

සැබෑ ව්‍යවසායකයෙක් වෙන්න හැකියාවන් වැඩි දියුණු කරගමු.

ඒ අතර විනය සහ සදාචාරයද ප්‍රගුණ කරන්න…

ඔබට අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයිය හැකි ක්‍රම සවිස්තරාත්මකව…. මේ සියල්ල ඉදිරියේදී අපි CharityShop හරහා උගන්වන්න බලාපොරොත්තු වෙනවා.

☑️ Blogging : මේක දැක්ක ගමන් මොන කම්මැලි වැඩක් ද කියලා සමහරුන්ට හිතෙන්න ඇති. හැබැයි අද ලෝකේ මිලියන 200කට වැඩිය වෙබ් අඩවි තියෙනවා. ඒවාගෙන් බාගෙකට වඩා යම් ආකාරයකට හෝ මේ blogging කියන දේ කරනවා. Blogger කෙනෙක් කරන්නේ යම් දෙයක් පිළිබඳ ඔහුගේ දැනුම හා ඔහු සොයා ගන්නා දේ එකතු කරලා වටින ලිපියක් website එකක පළ කිරීමයි. මේකේ හැමෝම නොදන්න දෙයක් හොයා ගන්න එක පාරක් හරි google එකේ search කරලා ඇති. එතකොට එන්නේ ඒ සම්බන්ධව කවුරු හරි පළ කරපු blog ලිපියකට තමා. එතකොට කොහොමද මේවා දැම්මා කියලා සල්ලි ලැබෙන්නේ කියලා බලනවා ඇති ඔයාලා. ප්‍රධාන ක්‍රම 2කින් blog මගින් සල්ලි හොයන්න පුලුවන්. තව ඒවාත් නැතුව නෙවෙයි.

1️⃣ Google adsense : ඔබ කියවපු ගොඩක් blog වල ads display වෙනවා දැකලා ඇති. මේවා දාන අය google එකට pay කරලා තමා දාන්නේ. එතකොට ඒ ads වලට ඇති දේ වලට සම්බන්ධ ක්ෂේත්‍රයක blog වල ඒවා google එකෙන්ම දානවා. එතකොට ඔබේ blog එකට එන visitorsලා මේ ads click කරාම ඔබටත් යම් මුදලක් එකතු වෙන්වා ඔබේ ad account එකට.මේක බොහොම පොඩි ගානක් උනාට ඔබගේ blog එකේ දාන content ඉතා ඉහල තත්ත්වයේ තියෙනවා නම් හා ඉංග්‍රීසි භාෂාවෙන් නම් තියෙන්නේ මිලියන ගනනක් උනත් මේවා බලනවා. එතකොට ඔබට විශාල ad revenue එකක් එකතු වෙනවා. හැබැයි මේක ටිකෙන් ටික වෙන ක්‍රියාවලියක්. අද කරලා හෙට දියුණු වෙන්න බෑ. කාලයක් එක දිගට ගුණාත්මක blogs දාන්න වෙනවා.

ඔබට සතියකට 2ක් 3ක් වගේ දාන්න පුලුවන් නම් ප්‍රමාණවත්.

WordPress හරහා පහසුවෙන් වෙබ් අඩවියක් සාදාගෙන ඔබ කැමති ක්ෂේත්‍රයක blogs එහි පළ කරන්න පුලුවන්.

2️⃣ Affiliate Marketing : මෙය ඔබට ad revenue එකෙන් සල්ලි හොයනවාට වඩ ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් ඔබගේ blog එක හරහා. මම මෙය ගැන වෙනම යට දාල තියෙනවා.

☑️Youtube :  Blogging මගින් ඔබ ලියලා කරන දේම වීඩියෝ මගින් කරන්න පුලුවන් youtube හරහා ඔබට. ඔබ කැමති ක්ෂේත්‍රයක තෝරාගෙන youtube channel එකක් පටන් ගන්න. හැමෝම කරනවා වගේ gossip channel හරි විහිලු සපයන channel විතරක් කරන්න යන්න එපා. ඒවා නරකයි කියනවා නෙවෙයි. නමුත් වෙනස් දෙයක් කරොත් මිනිස්සු බලනවා. ඒවාට ඕන තරම් උදාහරණ ඔබ youtube එකෙන් දැකලා ඇති. මෙහිදී ත් ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ

Blogging වල මෙන්

  1. Ad revenue
  2. Affiliate Marketing

????මීට අමතරව youtube හරහා ඔබගේ blogsite එකට නැත්තම් ecommerce website එකට වගේ ඕනම වෙබ් අඩවියකට direct links දාලා web traffic වැඩි කරගන්න පුලුවන්. එමගින් එම වෙබ් අඩවි හරහා කෙරෙන sales වැඩි කර ගන්න පුලුවන්.ඒ සඳහා ඔබ ඊට කැමැත්තක් ඇති පිරිස සඳහා අවශ්‍ය Contents පළ කරන්න ඕනා. නිකම්ම අදාල නැති contents එකක වෙනත් ක්ෂේත්‍රයක links දාලා spam කරන්න යන්න එපා.

☑️Affiliate Marketing : කලින් සඳහන් කරපු ක්‍රම දෙකම හරහා වක්‍ර ලෙස ආදායම් ලබා ගන්න පුලුවන් එකක් තමා මේ affiliate mamarketing කියන්නේ. මේකේදී වෙන්නේ ඔබ භාවිතා කරන හෝ ඔබ කැමති යම් භාණ්ඩ හෝ සේවා තව කෙනෙක්ට promote කරලා ඔබ හරහා කෙරෙන විකිණීමක් සඳහා යම් commission මුදලක් ලබා ගැනීමයි. ඔබ directly මොකුත් විකුණන්නේ නෑ ඒ සඳහා customers යොමු කිරීමයි කරන්නේ. නමුත් ලංකාවේ මෙය තාමත් ඉතා අවම ලෙසින් භාවිතා කරන ක්‍රමයක් හා පිරිමීඩකරුවන් තමන් affiliate marketing කරන බව පවසා මිනිසුන් මුලා කරන නිසා ගොඩක් අය කරන්න බය වෙලා ඉන්න දෙයක්..

නමුත් මෙහි කිසිම පිරමීඩ ලක්ෂණයක් අඩංගු නෑ. ඔබ කිසිම අවස්ථාවක භාණ්ඩ හා සේවා සඳහා affiliate කරා කියලා එම කිසිම භාණ්ඩ හෝ සේවාවක් කලින් මිල දී ගන්න අත්‍යාවශ්‍ය නෑ. ඔබට එය වැඩක් නැත්තම් එය ප්‍රයෝජනවත් අයට ඒ පිලිබඳ දැනුවත් කරන්න. ලෝකෝ බොහෝ සේවා හා භාණ්ඩ අලෙවිය සඳහා එම සේවා වල වෙබ් අඩවි හරහා ඔබට Apply for affiliate program ලෙස ඇති කොටස මගින් apply කරන්න පුලුවන්. ඉන් පසු එම අලෙවි කරන භාණ්ඩ හෝ සේවා සඳහා ඔබටම ආවේණික වූ Referral link එකක් ලබා ගත හැකිය. මෙම link එක click කරලා කවුරු හරි කෙනෙක් එම වෙබ් අඩවියට පිවිස එම සේවාවක් හෝ භාණ්ඩයක් මිල දී ගන්න විට ඔබට මේ ආකාරයට commission එකක් ලැබේ.

????සැ.යු. මෙහි ජාලගත අලෙවියක් නැත. ඇත්තේ සැබෑ ගැනුම්කරුවන් පමණි. එම ගැනුම් කරුවාට නැවත කෙනෙක්ට විකිණීමක් කරන්නත් බෑ එයාට එහෙම අවශ්‍ය නම් මුල සිට ඔබ කළා මෙන් affiliate program එකට apply කළ යුතු වෙනවා. එනම් ඔබ හා ඔහු අතර සම්බන්ධයක් නැත. කොටින්ම කිව්වොත් මෙහි භාණ්ඩ හා සේවා මිළ දී ගන්නේ සැබෑ ගැනුම්කරුවන් පමණි.මා මෙය පිලිබඳ වෙනම කිව්වේ පිරමීඩ කරුවන් මෙම ක්‍රමයට වැරදි අර්ථකථන ලබා දෙන නිසයි.

✅ඔබට මේ සඳහා භාවිතා කරන්න පුලුවන් ලෝකේ ප්‍රධාන affiliate site ටිකක් කියන්නම්.

Eg: Clickbank, Digistore24, Amazon FBA, Fiverr Affiliate, JVZoo, Udemy

✅මීට අමතරව ඕනෑම digital product සේවා සපයන වෙබ් අඩවි වල ඔබට affiliate කෙනෙක් වෙන්න පුලුවන්. ඉහත සඳහන් ඒවාගෙන් physical products කරන්නේ Amzon වල පමණි. ඉන් ඔබට ලබා ගත හැක්කේ 4%-10% වගේ පරාසයක commission එකක් පමණි. නමුත් ලෝකයේ ලොකුම ecommerce website එක මෙය බැවින් මෙහි ඉතා විශාල අලෙවියක් සිදුවේ. එම නිසා ඔබට ඒ හරහා සැලකිය යුතු මුදලක් ලබා ගන්න පුලුවන්. අනිකුත් සියලු site කරන්නේ digital products promote කිරීමයි. ලෝකයේ ලොකුම Digital products affiliate website එක තමා Clickbank කියන්නේ. නමුත් එයට ඇතුල් වීමට ලංකාවේ අයට අවස්ථාව නෑ..නමුත් ඔබට VPN හරජා එයත් කරන්න පුලුවන්. නමුත් අනිත් සඳහන් sites වල products ඔබට promote කරන්න පුලුවන්. Digital products මගින් ඔබට 90% දක්වා commissions ලැබිය හැකි products තියෙනවා.

????ඔබට මේ සේවා promote කිරීමට ගන්න affiliate links ඔබගේ blog එකේ හෝ youtube Channel එකේ පළ කරන්න පුලුවන් ඊට අදාල contents සමග. උදාහරණයක් ලෙස ඔබට Amazon එකේ තියෙන Digital cameras වල Affiliates links දාල  Best Digital cameras of 2021 කියලා blog එකක් හරි video එකක් හරි කරන්න පුලුවන්. එතකොට මේවා ගැන හොයන කෙනෙක් ඔබගේ එම contents දැකපුවාම අනිවාර්යයෙන්ම බලනවා. ඔබ ඉතා හොදට ඒවා ගැන පැහැදිලි කරලා contents දාලා තියෙනවා නම් ඔබ recommend කරන products එයාලා links click කරලා ගිහින් බලනවා. එවිට ඒ හරහා කරන මිල දී ගැනීම් වලින් ඔබට Commissions ලැබෙනවා.

මේ ආකාරයට ඔබට ඕනෑම භාණ්ඩයක් සේවාවක් ගැන blog posts and youtube videos දාන්න පුලුවන්. නමුත් මතක තියා ගන්න කිසිම වෙලාවක අනුන්ගේ post අස්සේ ගිහින් ඔබගේ affiliate links දාන්න යන්න එපා. Facebook එකෙන් ඔබව block කරයි spam කරා කියලා. මේ නිසා ඔබගේ website එක හා youtube channel එක මේ සඳහා භාවිතා කරන්න. ඒවාගෙ දාන contents facebook එකේ දාන්න.

✅✅Affiliate Marketing කියන්නේ ලොකු area එකක් තියෙන වෙනම ඉගෙන ගන්න ඕන subject එකක්. මම අද හැදුවේ හදුන්වා දීමට පමණයි. වැඩි ව්ස්තර youtube වලින් බලන්න පුලුවන්.

☑️Freelancing : මෙය ගැන නම් දන්නවා මම හිතන්නේ ගොඩක් අය. ලංකාවේ සාර්ථකව Freelancing මගින් හම්බ කරන පිරිසක් ඉන්නවා හැබැයි මේකත් නිකන් ඉදලා සල්ලි හොයන ක්‍රමයක් නෙවෙයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනා. ඔබට ඇති යම් දක්ෂතාවක් මගින් තව කෙනෙකුට අවශ්‍ය සේවා සපයා ඒ සඳහා අය කිරීමක් කිරීමයි මෙහිදී වෙන්නේ. බටහිර රටවල ගොඩක් අය එයාලගේ විවිධ අවශ්‍යතා සඳහා අප වැනි ආසියානු රට වල freelancers ලගේ සහය බලාපොරොත්තු වෙනවා. එවැනි රට වල කෙනෙක්ගෙන් එම වැඩේම කර ගන්නවාට වඩ අඩු මුදලකින් ඔවුන්ට එම වැඩේම ලංකාවේ කෙනෙක්ගෙන් කර ගන්න පුලුවන් නිසයි ඔවුන් freelancersලා හොයාගෙන එන්නේ. නමුත් ඔවුන්ගේ හැටියට අඩු මුදලක් උනාට ලංකාවේ client කෙනෙක්ටම එම වැඩේම කරලා ගන්නවා වගේ කීප ගුණයක් ඔබට අය අර ගන්න පුලුවන්.

Eg: ඔබ photoshop මගින් හදන Facebook post එකකට ලංකාවේ දී ඔබට 300/= – 600/= වගේ මුදලක් පමණක් ලැබුනට පිටරට කෙනෙක්ට කරන මේ වගේ වැඩකින් ඔබට 3000/= වඩා මුදලක් ගන්න පුලුවන්.

????මෙවැනි Freelancing websites ගොඩක් තියෙනවා. මේ ආකාරයට ඔබ මුදල් හොයන්න කැමති නම් Fiverr, Upwork, Freelancer වගේ වෙබ් අඩවි වල Freelancer කෙනෙක් විදියට අදම register වෙන්න. මහන්සි වෙලා වැඩ කරන්න හොද සේවා ලබා දෙන්න කිසිම කෙනෙක්ට බොරු කරන්න එපා. ටික කාලයක් යනකොට ඔබට හොද නමක් හැදෙයි ගැනුම්කරුවන් ඔබව හොයාගෙන එයි එතාකොට.

☑️ Online Tutoring : ඔබට යම් කිසි ආකාරයක අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම් හා ඉගැන්වීමේ හැකියාවක් තියෙනවා නම් එම දැනුම තව කෙනෙකුව ලබා දීමෙන් ආදායමක් ලබන්න පුලුවන්. Pandemic situation එක නිසා තමා අපේ අය online education පැත්තට යොමු උනේ. නමුත් බටහිර රටවල ගුරුවරුන් හා සිසුන් කාලයක් සිට සාර්ථකව භාවිතා කරන දෙයක්. ඔබට ගෙදර ඉදලම phone එක හා internet හරහා ඔබගේ දැනුම අවශ්‍ය අය සමග බෙදා ගන්න පුලුවන්. English හොදට පුලුවන් අයට ලංකාවෙන් පිට සිසුන් උනත් හොයා ගන්න පුලුවන්. මේ සඳහා ඔබට ඕන තරම් eLearning Marketplaces හොයා ගන්න පුලුවන්.

Eg: Udemy, Skillshare, Cousera, Treehouse, Edexer (ශ්‍රීලංකාවේ සේවාවක්)

☑️CPA Marketing : මෙයත් Affiliate marketing වගේම එකක්. නමුත් එක් ප්‍රධාන වෙනසක් තියෙනවා. එනම් affiliate marketing මගින් commissions ලැබෙන්නෙ ඔබ යම් සේවාවක් හෝ භාණ්ඩය විකුණුවොත් පමණයි. නමුත් මෙහිදී ඔබට ගෙවන්නේ ඔබ අරන් දෙන Leads සඳහායි. එනම් ඔබ කිසිවක් අලෙවි කරන්න ඕන නෑ. මෙවැනි sites වලින් දෙන සේවාවකට ඒ සඳහා උනන්දු customer කෙනෙක් යොමු කිරීමයි ඔබ කරන්නේ. එනම් එම සේවා සපයන වෙබ් අඩවියේ කෙනෙක් ලියාපදිංචි කරවීම වැනි කාර්‍යන් කරන්වාට තමා මෙහිදී ඔබට ගෙවන්නේ. CPA sites වල ඔබට අවශ්‍ය කාර්‍යන් තෝරා  ගන්න පුලුවන්. ඉන් එකක් තමා මම කලින් කිව්වා වගේ email subscribers හොයා දෙන එක. ඔබගේ link එකක් හරහා ගිහින් එලෙස email එක ලබා දෙන ඕනෑම කෙනෙක් හරහා මෙහිදී ඔබට මුදල් එකතු වෙනවා.

????මේ වගේ විවිධ කාර්‍යන් සහ ඒවාට ලබා දෙන මුදල් කොපමණ ද යන්න ඔබට මෙම CPA sites මගින් බලලා තෝරාගෙන ඔබට අවශ්‍ය ආකාරයක සේවාවක් promote කරලා මුදල් හොයන්න පුලුවන්.

Eg:CPAboss, Adsensemedia, Adworkmedia

✅CPA marketing ගැන ද ඔබට youtube හරහා වැඩි දුර විස්තර ඉගෙන ගන්න පුලුවන්. මෙහිදී ඔබට භාණ්ඩ හෝ සේවා විකිණීමක් කරන්න නැති නිසා ඉක්මනින් මුදල් හොයන්න පුලුවන්. නමුත් affiliate marketing වල තරම් ඉහල commissions නොලැබේ.

☑️Instagram influencer: ඔව් ඔබට ඔබගේ instagram app එකෙනුත් මුදල් හොයන්න පුලුවන්. Youtube and blogging වල දී මෙන් මෙහිදී ත් ඔබට යම් ක්ෂේත්‍රයක් තෝරාගෙන ඊට අදාල photos and posts share කරන්න පුලුවන් එම instagram account එක හරහා. එවිට ඔබට ඊට කැමති Followers පිරිසක් කාලයත් සමග ගොඩ නැගේවී. ඔබට instagram bio එකේ පුලුවන් භාහිර website එකක link එක දාන්න. මේ සඳහා ඉහත කතා කරපු ඔබගේ ඕනෑම affiliate site එකක links දාන්න පුලුවන්. එම product එකට අදාල contents දාන instagram account එකක bio එකේ එවැනි  link එකක් දැම්මාම ඒ සඳහා කැමති ඕනම කෙනෙක් ඒක click කරයි ඔබගේ products බලයි. එවිට ඒවා මිලට ගන්න විට ඔබට affiliate commission ඉහත කතා කරා වගේ ලැබෙයි.

????මේකත් එක දවසින් වෙන්නේ නෑ. ඔබට 10000ට එහා followers පිරිසක් හදා ගන්න වෙනවා. ඔබ හරි # tag භාවිතා කරොත් සහ හොද contents පළ කරනවා නම් අපහසු නෑ. එලෙස follower base එකක් ඔබට හැදුනට පස්සෙ තව වැඩක් කරන්න පුලුවන්..ඔබගේ bio එකේ වෙනත් අයගේ links දාන්න පුලුවන් නැතිනම් stories දාන්න පුලුවන් යම් මුදලක් ඒ සඳහා අය කරගෙන. Followers 10000 ඉක්මවූ pages සඳහා එවැනි ඉල්ලීම ඕන තරම් එනවා. ඔබට කෙනෙක්ගේ links ඔබගේ bio එකේ පැය 24ක් දාලා තියනවාට ඔබගේ follower base එකේ ප්‍රමාණය අනුව මුදල් අය කළ හැකි ය.

✔️Eg: 100k follower base එකක් තියෙන Fitness සම්බන්ධ posts දාන page එකකට fitness supplements විකුණන website එකක link එක දාන්න පුලුවන්. ඒ ගැන ඉදලා හිටලා post දාන්න පුලුවන්. එවිට ඒ සම්බන්ධව උනන්දු වන පිරිසක් එම page එකේ ඉන්න නිසා ඔබගේ link එකට අනිවාර්යයෙන් යනවා. එම නිසායි ඔබට මුදල් දී හෝ එවැනි page වල bio එකේ තමන්ගේ links දා ගන්න කැමති පිරිසක් සිටින්නේ.

මේ සියල්ල එකින් එක ඔබට උගන්වන්නද, ඒ ක්‍රම CharityShop හරහා ලබාදෙන්නද අපි ඊලඟ වසර 2 තුළදී බලාපොරොත්තු වෙනවා…

මේ වන විට රු.5,000ට තිබෙන පාඨමාලා ගාස්තුව මේ සියල්ල එකතු වූ පසු රු.40,000ක් වනු ඇත…

CharityShop Team

#2021අගෝස්තු8

සැ.යු : Madujith Dhilnathගේ ලිපියක් ඇසුරින් සමහර තොරතුරු උපුටාගන්නා ලදි. එම උපුටාගත් කොටස් වල කතෲ අයිතිය ඔහු සතුය.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments