Congratulations Members – 11,000+ Members

by | Apr 4, 2021 | විශේෂ නිවේදන | 0 comments

Congratulations Members – 11,000+ Members

CDC (CharityShop Digital Coin) එකක වර්තමාන අගය රු.4/=

???? CDC අගය කොපමණ වැඩිවුනත් ඔබගේ වගකීම් අමතක නොකරන්න.

ආසවට Wallet එකේ ස්ක්‍රින්ශොට් එකකුත් ගන්න. 28න් පස්සේ සම්බන්ධ වුණ අලුත්ම අයට තවම Wallet එක සක්‍රීය නැත්නම් වැඩිය ඒ ගැන හිතන්න එපා.

අපගේ ආයතනික ගෲප් එකට සාමාජිකයින් 11,000ක් සම්බන්ධ වීම නිමිතිකොට ගෙන මාස 3ක් පුරාවට රු.1ක අගයක තිබූ CDC වල අගය පසුගිය දිනක රු.2ක දක්වා වැඩි වුණා.

එදින සිට වැඩිවෙන සෑම සාමාජිකයින් 500කටම 0.01කින් CDC වල අගය වැඩිවෙනවා. ආයතනය යම් ලාභයක් ලැබුවහොත් යම් ප්‍රතිශතයකින් එය වැඩිවෙනවා. පාඩුවක් වුවහොත් පමණක් හෝ මාසික ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත් පමණක් එය අඩු වෙන ලෙස නිර්මාණය කර තිබෙනවා.

ඉතිං දින 2ක් ඇතුලත තවත් සාමාජිකයින් 500ක් වැඩිවුණා ඔබේ මහන්සියෙන්. එය අගය කිරීමට CDC වල අගය නැවත වැඩිවුණා.

❎ ඒ වගේම මෙය තවත් එක් පර්යේෂකයක්.

???? CDC අගය කොපමණ වැඩිවුනත් ඔබගේ වගකීම් අමතක නොකරන්න.

ඔබගේ eWallet එකෙහි CDC අගය 3,000 වූ පසු ඔබට අපගේ CharityShop DiscountStore එක හරහා Voucher එකක් ලෙස එය Redeem කල හැක. DiscountStore එක තවමත් නිර්මාණය කරමින් පවතී.

මුදල් ගෙවා ලියාපදිංචි සාමාජිකයින් නොව, ලියාපදිංචි ක්‍රියාකාරී සාමාජිකයින් 1,000 සම්පූර්ණ වූ පසු තමයි අපි DiscountStore එක අන්තර්ජාලයට යොමු කරන්නේ. මන්ද එහි ව්‍යාපාර කටයුතු සහ ප්‍රවර්ධන කටයුතු සඳහා Active සාමාජිකයින් අවම 1,000ක්වත් අනිවාර්ය වේ. නොඑසේනම් අප ආයතනයට ලාභයක් හිමි නොවේ. ලාභයක් නොමැතිව ඔබට ගෙවීමටද නොහැකිය. අපට දැනටමත් ලියාපදිංචි සාමාජිකයින් 200ක් සිටියත් එයින් ක්‍රියාකාරී 25%ක් එනම් 50+ දෙනෙක් පමණයි.

ඔබ මේ වන විට දන්නවා ඔබේ හැකියාව. කණ්ඩායමක් ලෙස එකතු වුනත් ඔබට කරන්න පුළුවන් සීමිත දෙයයි. ඉතිං ඔබට ආයතනයට ලාභයක් රැගෙන එන්න නොහැකිනම් අපට ඔබට ගෙවීමට නොහැකිය. මන්ද අපි අනික් ආයතන වල වගේ ඔබට ගින්දර දී ඔබෙන් ආයෝජන මුදල් ගන්නේ නැහැ. ඉතිං ඒ නිසා CDC Withdraw කරන්න නම් මුලින් ඔබගේ විකිණීමේ හැකියාව වැඩිදියුණු වෙන්න ඕන. එය වැඩිදියුණු වූ කාලයක තමයි අපි CDC හරහා ආදයම් උත්පාදන ක්‍රම වැඩි වැඩියෙන් නිර්මාණය කරන්නේ.

CDC පද්ධතිය නිර්මාණය සඳහා අප දැනට රුපියල් මිලියන එකක් වියදම් කර තිබෙනවා. තව රු.මිලියන 1ක් ඕන සම්පූර්ණ පද්ධතිය නිම කරන්න. එසේනම් ඔබ ඔබගේ වගකීම් ඉටුකර යුතුය. මන්ද මෙය සාමාජිකයින් විසින් දවසින් දවස ගොඩනගන ආයතනයක්.

එතෙක් ඔබට පුළුවන් හැකි තරමක් CDC එකතු කරගන්න.

???? CDC අගය කොපමණ වැඩිවුනත් ඔබගේ වගකීම් අමතක නොකරන්න.

අපට DiscountStore එක නිර්මාණය කරන තුරු අපි සිතුවා ඔබට CDC මුදල් කරගන්න විවිධ ක්‍රමවේද හඳුන්වාදෙන්න. ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන්නම්.

මාර්තු 31න් පසු අපි ලියාපදිංචි වීමේදී නොමිළයේ ලබාදෙන CDC 1,000 ලබා දුන්නත් එය ඔබට වියදම් කරන්න වෙනවා සාමාජිකත්වය Active කරන්න.

ඔබට ඉදිරි සතිය ඇතුලත සාමාජික ගාස්තුව ගෙවීම, භාණ්ඩ මිළදී ගැනීම සහ පාඨමාලා හෝ CharityShop සේවාවන් සඳහා CDC හරහා ගෙවීම් කල හැක.

CDC නොමැති අයට ඔබට පුළුවන් ඔබ මාස ගණනක් තිස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදුකර උපයාගත් CDC අලෙවි කර මුදල් උපයන්න. ඒ පිළිබඳව ඉදිරියේදී වැඩි විස්තර ලබාදෙන්නම්.

අපි එසේ අලෙවි කිරිමට අවස්ථාව ලබාදෙන්නේ ඔබට ඉදිරි අනාගතයේදී අවශ්‍යවන Crypto Currency ගනුදෙනු පිළිබඳව අදහසක් සහ සරළ පුහුණුවක් ලබාදීමටය.

මාස 3ක් තිස්සේ විවිධ ක්‍රියාකාරකම්, තරඟ වලට සහභාගී වෙමින් ඉවසීමෙන් CDC එකතු කරගත් ආකාරය අනෙක් අලුත් අයටත් දැනගන්න කමෙන්ට් කරන්න.

සැ. යු : CDC යනු TechLabs ආයතනයේ Loyalty Point එකක් බැවින් එය මේ ගෲප් එකෙන් පිටත ප්‍රවර්ධන, විකිණීම සපුරා තහනම්.

CDC අලෙවිකල හැක්කේ ලියාපදිංචි අවසරලත් විකුණුම් කරුවෙකුට පමණයි. CDC සඳහා මුදල් ගෙවීම්ද කලයුත්තේ ආයතනික ගිණුමටම පමණයි. ඔබ කුමන Sellerගෙන් ලබාගත්තද මුදල් ගෙවීම කල යුත්තේ අප ආයතනික ගිණුමටය. එවිට ඔබ වංචා වලට හසුවෙන්නේ නැහැ. එවිට නොමිළයේ ගිණුම් නිර්මාණය කරගෙන සිටින අයට හොර රහසේ CDC අලෙවිය සිදු කල නොහැක. බලයලත් CDC නියෝජිතයින් ගැන තොරතුරු වෙබ් අඩවියේ ඉදිරියේදී පලකරනු ලැබේ.

ඔබේ CDC මුදල් කරගැනීමට අවශ්‍යයිනම් ඔබට පුළුවන් ඔබ සතු CDC ඔවුන්ට හුවමාරු කර අලෙවියෙන් පසු මුදලක් ලබාගන්නට. අලෙවි කර ඔබට මුදල් ලැබෙන තුරු 100%ක් වගකීම ආයතනය විසින් දරනු ලබයි.

???? CDC අගය කොපමණ වැඩිවුනත් ඔබගේ වගකීම් අමතක නොකරන්න.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021April4

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments