නායකයෙක් එක්ක වැඩ කරන්න

නායකයෙක් එක්ක වැඩ කරන්න

බිස්නස් සහ මාර්කටින් වලට සම්මාන, උපාධි තියෙන බොස් කෙනෙක් ඉන්න කම්පැනි එකක නොව, මනුෂ්‍යත්වයට ලෝකෙන්ම සම්මාන ලැබුණ නායකයෙක් එක්ක වැඩ කරන්න….

ඡායාරූප : මනුෂ්‍යත්වය වෙනුවෙන් ලංකාවේ විශිෂ්ටතම තරුණයාට හිමි ජාත්‍යන්තර සම්මානය ලැබුණ මොහොත (TOYP – 2017)

CharityShop Team

#2021සැප්තැම්බර්28

CharityShop.lk  අදහස පිටුපස සිටින්නේ කවුද???

CharityShop.lk අදහස පිටුපස සිටින්නේ කවුද???

සුද්දගෙ පරිගණකෙට දේශීය මොළයක් දුන් ධනේෂ්

SamajaSathkara.lk , SamajaSathkara TechLabs සහ Charityshop.lk නිර්මාතෘ ධනේෂ් මධුරංග එදිරිසූරිය පිළිබඳව දැනගන්න – කියවන්න

~2014 – 01 – 26 “ඉරිදා” ලංකාදීප නිම්තෙර අතිරේකයේ 5 වෙනි පිටුව~

ඔහු සමාජ සේවකයෙකි. ගුරුවරයෙකි. නව නිපැයුම්කරුවෙකි. සැබෑ දක්ෂයෙකි. නමුත් තවමත් 28 හැවිරිදි වියේ පසුවන්නෙකි. හේ නමින් ධනේෂ් මධුරංග එදිරිසූරියයි.

තුල්හිරියේ සාමාන්‍ය පවුලක ඉපිද ගමේ හැදී වැඩී කාලයක් ගමට සේවය කළ ධනේෂ් පරිගණක තාක්ෂණයේ බොහෝ දුර ගොසිනි. අලූතෙන් වෙබ් අඩවි නිර්මාණය කරයි. විවිධ අත්හදා බැලීම් කරමින් විවිධ පරිගණක වැඩසටහන් නිපදවමින් ඔහු තනිවම සතුටු වෙයි. කිසි දිනක ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරන්නෙකි.

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ දෙදහසකට වැඩි මිතුරන් පිරිසක් ඔහු දනී. මිතුරන් ඔහු දන්නේ නව නිපැවුම්කරුවකු ලෙස නොව සමාජ සත්කාරක වැඩසටහන් කරන සමාජ සේවකයකු ලෙසය.

තුල්හිරිය මහා විද්‍යාලයයෙන් හා තෝලංගමුව මධ්‍ය විද්‍යාලයයෙන් ධනේෂ් අධ්‍යාපනය ලබා ඇත. ඔහුගේ පියා බිම්මල් ව්‍යාපාරිකයකු වූ අතර මව රැකියාවක් කළේ නැත. ඔහුට වැඩිමහළු සහෝදරියන් තිදෙනෙක් සිටිති. (2009 වසරේදී ඩෙංගු රෝගයෙන් පියා මිය ගොස් ඇත.) කුඩා අවදියේ සිට තාක්ෂණය දෙසට නැඹුරු වූ ඔහු අලූතෙන් යමක් සිතන්නට පුරුදු වී සිටියේය. බොහෝ දෙනා දකින දේ ගැන ඔහු වෙනස්ම ආකාරයකට සිතන්නට පුරුදු විය.

”මම මුලින්ම පරිගණකයක් අත පත ගෑවේ 1997දී. එතකොට මට වයස අවුරුදු 12ක් විතර ඇති.

”ඉස්සර මායා බන්ධන කියලා වැඩසටහනක් රූපවාහිනියේ ගියා. එහි එක තැනක තියෙනවා අතේ තියෙන ඔරලෝසුව දොරට ඇල්ලූවාම දොර ඇරෙනවා. මා මායා බන්ධන බලන ගමන් කල්පනා කළේ කොහොමද එහෙම ඇරෙන්නේ කියා. ඉතින් මා එක එක විදියට ඒක කර බැලූවා. අන්තිමට මං ආසන්න සන්නිවේදන පරිපථයක් මගින් මායා බන්ධන වැඩසටහනේ තිබුණු විදියට ඔරලෝසුවක් ඇල්ලූවාම දොර ඇරෙන විදියට හැදුවා.” (Concept & product available at my Company page)

ඔහු පරිගණක හා තාක්ෂණය සම්බන්ධ බොහෝ දෑ ඉගෙන ඇත්තේ තනිවමය. පාසල් යන අවධියේ ඔහුට සිටියේ මිතුරන්

කිහිප දෙනකු පමණයි. මම එක එක විදියේ අත්හදා බැලීම් කළා. එහෙම අත්හදා බැලීම් කරද්දි පරිගණකය සමග කතා කළා. එතකොට ගොඩක් අය මට හිනා වුණා මට පිස්සු කියලා. ඒ නිසා පාසල් යන කාලේ මට වැඩියේ මිතුරන් හිටියේ නෑ. මං උසස් පෙළ කළේ කලා අංශයෙන්. සිංහල, භූගෝල විද්‍යාව සහ ඉතිහාසය (Correction : English Literature) තමයි කරපු විෂයන්.”

”උසස් පෙළ ඉවර වෙද්දි මට පරිගණක ගැන ලොකු දැනුමක් තිබුණා. උසස් පෙළ ඉවර වෙලා ග්‍රාමීය තොරතුරු මධ්‍යස්ථානයකට සම්බන්ධ වුණා. ” වසර දෙකක් ඔහු එම ග්‍රාමීය තොරතුරු මධ්‍යස්ථානයේ කටයුතු කර ඇත්තේ ස්වේච්ඡාවෙනි. ගමේ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන අතරතුරු අනෙකුත් සේවා ද ලබා දීමට ඔහු කටයුතු කර තිබිණි” ගමේදී ගොඩක් අයට උදව් කරන්න, සමාජ සේවා කරන්න හැකි වුණා. ඒ කාලයේ මගේ වැඩ වලට ගොඩක් උදව් වුණේ මගේ හිටපු පෙම්වතිය. (:-)) මොකද මං කියන ඒවා අහගෙන හිටියේ එයා. මං අලූත් දේවල් ගැන කියද්දි ගොඩක් අය හිනා වුණා. එයාලා හිතන්න ඇති මට පිස්සු කියලා. මං ඒ කාලෙදි ගමේ අයට හදා දුන්නා එස්.එම්.එස් එකකින් ගනු දෙනු කරන, බැංකු කටයුතු කරන ක්‍රම. මේවා ගැන අන්තර් ජාලයේ දැකලා මට කොළඹට එන්න ආරාධනාවක් ආවා. ඒ ඔස්සේ තමයි මං කොළඹට ආවේ.” (Product Available at my Company page)

ඔහුම අත්හදා බැලීම් කර ඒවා සාර්ථක කරගෙන ඔහුම සතුටු වෙයි. ඔහුගේ හඩ අනුව පරිගණකයේ යම් යම් ක්‍රියා කරන පද්ධතියක් ධනේෂ් නිර්මාණ කළේ 2003/2004 දී ය. පරිගණකය වසා දැමීමට අවශ්‍ය වූ විට අප මෙන් ඔහු බොත්තම් ඔබමින් සිටින්නේ නැත. ඔහු කටින් දෙන විධායනයක් අනුව පරිගණකය ”ෂට් ඩවුන්” වෙයි. (Not for Commercial use, product can be demonstrate upon request) වින්ඩෝස් මීඩියා ප්ලේයරය ඔහු ක්‍රියාත්මක කරන්නේ පරිගණකයට අත තැබීමෙන් නොව කැමරාව ඉදිරියේ කරන හස්ත මුද්‍රාවෙනි. තවත් හස්ත මුද්‍රාවකින් එහි සින්දු ඉදිරියටත්, ආපස්සටත් යයි. අවශ්‍ය වූ විට සින්දු නවත්වන්නේ ද හස්ත මුද්‍රාවෙනි. (Product Demo Available at my Company page)

මෙවැනි බොහෝ නිර්මාණ ඔහු තනිවම කළත් කිසිදා ඒ ගැන ප්‍රසිද්ධ කරන්නේ නැත.

”මං තනිවම හදනවා. මට ඒවා හැදුවාට පස්සේ ලොකු සතුටක් දැනෙනවා. ඒත් මං මේව ගැන ප්‍රසිද්ධ කරන්න කියන්න කැමති නෑ. ගොඩක් වැඩසටහන් ගැන කන්සෙප්ට් එක මං ලියා තියනවා. නමුත් ඒවට අවශ්‍ය දේ ගන්න මට අමාරුයි. මොකද ඒවා මිලදී ගන්න මුදල් යනවා. අනික තාක්ෂණාගාරයක් නෑ. මගේ ලොකු ආසාවක් තියනවා නව අත්හදා බැලීම් කරන්න අවශ්‍ය උපකරණ සහිත විද්‍යාගාරයක් හදන්න.

දැන් මං ගොඩක් කරන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන එක. මට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න යන්නේ සුළු වෙලාවයි. සාමාන්‍ය පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න යන්නේ සුළු වෙලාවයි.”

ඔහු මේ දිනවල අලූත් අත්හදා බැලීමක් කරමින් සිටියි. ”සාමාන්‍යයෙන් මිනිහෙක් මැරුණම නාඩි වැටෙන එක නවතිනවා. අතේ ඔරලෝසුවක් වගේ එකක් එහෙම නැත්නම් අතට දාන බෑන්ඩ් එකක් නිර්මාණය කරනවා ඒ නාඩි වැටෙන එක හඳුන ගන්න. එතකොට එය දාන් ඉන්න වෙලාවක පුද්ගලයෙක් මිය ගියහොත් ඒ බව අර අත් පළඳනාවෙන් අඳුනගෙන ජංගම දුරකතනයකට එස්.එම්.එස් පනිවුඩයක් මගින් දැනුම් දෙන්න සහ ඊමේල් පනිවුඩයක් මගින් දැනුම් දෙන්න ක්‍රමයක් අත්හදා බලමින් ඉන්නවා.” (Product concept available at my Company page)

”සල්ලි හොයන එකට වඩා මිනිස්සු වෙනුවෙන් උදව් කරන එක ගැන තමා මං හිතන්නේ… ඉන්න ටික කාලේ සම්පූර්ණයෙන්ම තාක්ෂණික සොයාගැනීම් වලට සහ සමාජ සේවයට තමයි ජීවිතය කැප කරන්නේ. කවුරු ළග හිටියත් නොහිටියත් මගේ ගමන මං යනවා…”

ඔහු සමාජ සත්කාර රාශියක් කරයි. පසුගිය දා මිතුරකු සමග විශේෂ අවශ්‍යතා ඇති දරු දැරියන් විශාල පිරිසකට නත්තල් හා අවුරුදු සාදයක් පවත්වා තෑගිබෝග ඛෙදා දෙනු ලැබීය. (Nattal Seeya Awith Program) ඊට ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ මිතුරන්ගේ සහාය ද ඔහු ලබා ගෙන තිබිණි. මෙවැනි සත්කාර රැසක් ඔහු කර ඇත. (My Foundation :

https://www.facebook.com/Samajasathkara

ගමේ හැදී වැඩී ගමට සේවය කර කොළඹ විත් අලූත් අලූත් දේ අත්හදා බලමින් නිර්මාණය කරමින් තනිවම සතුටු වන ධනේෂ් අපේ කාලයේ සැබෑ දක්ෂයෙකි.

ධනේෂ් මධුරංග +94 70 3366488 / +94 77 3366488

ඊමේල් : info@samajasathkara.lk

~තරිඳු ජයවර්ධන~

පසු සටහන :

කවුරුත් නොදන්න, දන්නා වුනත් නොදන්නා ලෙස සිටිය අයට දැනගන්න මං ගැන ලියූ ඔබට තුති…

අවුරුදු 22දී මා පිළිබඳව කියවීමට මෙම ලින්ක් එක බලන්න : https://www.facebook.com/photo.php?fbid=621365001234180&set=a.101508843219801.3453.100000820578834&type=1

#2021සැප්තැම්බර්1

CharityShop.lk  සංකල්පයේ නිර්මාතෘ | Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

CharityShop.lk සංකල්පයේ නිර්මාතෘ | Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

මෙච්චර සම්මාන, ඇගයීම් තියාගෙන මිනිස්සු වෙනුවෙන්ම ජීවිතයම කැපකරන තවත් eMoney ආයතනයක නායකයෙක් දැක්කොත් අටපට්ටමට කියන්න හොඳේ….

අසරණ මිනිසුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ලංකාවේ වැඩිම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයක් හිමි eMoney Platform එකක නිර්මාතෘ සමඟ ඔබත් එකතුවෙන්න…

2021 | විශිෂ්ටතම පෞද්ගලිකව වෙබ් අඩවිය – Bronze Award | BestWeb.lk

2021 | “මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී” ගෞරව නාමය | සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම

2020 | “සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය | සමස්ත ලංකා “දහම් සිසිල” පදනම

2019/2020 | විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence 2019/2020” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ

Winner :

1️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite)

2️⃣ විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)

1st Runner-Up :

3️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile)

2018 | දේශමාන්‍ය ගෞරව නාමය – දේශමාන්‍ය (සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම)

2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”)

2017 | ලංකාවේ විශිෂ්ටතම තරුණයා – JCI Sri Lanka ආයතනය සංවිධානය කල The Ten Outstanding Young Persons Of Sri Lanka – TOYP Awards – 2017 හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා අතරට මානුෂීය සහ ස්වේච්ජා සේවය (Humanitarian and/or Voluntary Service) යටතේ තේරී පත්වීම.

2016 | දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර ගෞරව නාමය – ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනමේ “ස්වර්ණ බිම්බ” ගෞරව සම්මාන උපාධි ප්‍රදාන උත්සවයේදී “දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර” යන ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබීම.

2015 | Youth Volunteer of the Year – එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කල V-Awards 2015 උළෙලේදී වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා (Youth Volunteer of the Year) සම්මානයෙන් පිදුම් ලැබීම.

2014 | Social Service Award Winner | SUNFO YOUTH CONGRESS, “International Youth Day 2014 Appreciation award for Social Services” Ceremony.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://daneshedirisooriya.lk/achivements/

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021අගෝස්තු24

මනුෂ්‍යත්වය වෙනුවෙන් ලංකාවේ විශිෂ්ටතම තරුණයාට හිමි සම්මානය ලැබුණ මොහොත (TOYP – 2017)

මනුෂ්‍යත්වය වෙනුවෙන් ලංකාවේ විශිෂ්ටතම තරුණයාට හිමි සම්මානය ලැබුණ මොහොත (TOYP – 2017)

බිස්නස් සහ මාර්කටින් වලට සම්මාන, උපාධි තියෙන බොස් කෙනෙක් ඉන්න කම්පැනි එකක නොව, මනුෂ්‍යත්වයට ලෝකෙන්ම සම්මාන ලැබුණ නායකයෙක් එක්ක වැඩ කරන්න….

ඡායාරූප : මනුෂ්‍යත්වය වෙනුවෙන් ලංකාවේ විශිෂ්ටතම තරුණයාට හිමි සම්මානය ලැබුණ මොහොත (TOYP – 2017)

CharityShop Team

#2021ජූනි4

සූදානම, පිළිවෙල, වර්ණ ගැලපීම, තාක්ෂණ, ඡායාරූපය ගැනීම, සතුට, නිදහස, අඩුපාඩු, ශක්තිය, ජීවිතය විඳීම….

සූදානම, පිළිවෙල, වර්ණ ගැලපීම, තාක්ෂණ, ඡායාරූපය ගැනීම, සතුට, නිදහස, අඩුපාඩු, ශක්තිය, ජීවිතය විඳීම….

පුංචි කාලේ ඉඳන් මට හැමදේම පිළිවෙලට තියෙන්න ඕන, වර්ණ ගැලපීම අනිවාර්යයි. එතකොට මට කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන්. හැමදේම සමමිතිකව, හරි කෙලින් තියෙන්න ඕන.

මම අවට ඉන්න අය මගේ වර්ණ වලට ගැලපෙන්න ඕන. උදාහරණයක් විදිහට මම ව්‍යාපෘතියකට යනවනම් මං එළියට යන්න කලින් මම ඇඳගෙන ඉන්න පාටට අම්මා හවුස්කෝට් එක අඳින්න ඕන. අක්කා, අයියා, මල්ලි, යාලුවෝ, ඩ්‍රයිවර් මං අඳින වර්ණයට අඳින්න ඕන. මම කහ පාට භාණ්ඩයක් පරිත්‍යාග කරන්නේ කහ පාට ඇඳුමක් ඇඳගෙන, කොල පාට චීත්තයක් ආච්චි කෙනෙක්ට දෙනවනම් කොල පාට ෂර්ට් එකක් අඳින්නේ. නිල් පාට මේසයක් පරිත්‍යාග කරනවනම් නිල් පාට ෂර්ට් අඳින්නේ…

මාව මුණගැහෙන්න ගෑණු ළමයෙක් එනවනම් මම එයාගෙන අහනවා ඔයා අද අඳින පාට මොකක්ද කියලා. මොකද එයාට කියන්න බෑ මම අඳින පාට අඳින්න කියලා. අනික එයාට ඒ පාට තියේද දන්නේ නෑනේ. මං ගාව වර්ණ 200 වඩා තියෙනවා ඇඳුම්, ඉතිං එයාලා අඳින පාටට මම ඇඳගෙන යනවා. දෙන්නා එකට ඉන්න මොහොත හරිම සුන්දරව ගෙවිලා යනවා. මාව හොඳටම දන්න අය මාව මුණගැහෙන්නේ කලු සුදු වර්ණ වලින් සැරසිලා. මට දෙන්නේ කලු සුදු තෑගි. මන්ද මම ආස ඒ පාට දෙකට. මාව මුණගැහෙන්න ගොඩක් අය මං කැමති වර්ණ වලින් ඇඳුම් ගන්නවා. මේ ගෲප් එකේ පෝස්ට් 100%ක් කියවලා අවබෝධ කරගන්න එකම කෙනා මහේෂි. මම හිතන විදිහට එයා පවුලේ අය, යාලුවෝ එක්ක අපේ ගෙදර එන දවසේ ඇඳපු ඇඳුම මං වෙනුවෙන් ගත්ත එකක්. ඇඳගෙන ආවේ කලු, සුදු ඇඳුමක්, ගෙනාවේ කලු සුදු තෑගී. ඔන්න ඔය කැප කිරීම ගොඩක් අයට කරන්න බැරි නිසා මගේ ජීවිතයේ යාලුවෝ, සම්බන්ධතා, නෑදෑයෝ නැහැ. ඔන්ලයින් මිතුරුකම් පමණයි.

මේ හැමදේම ඔයාලට මානසික රෝගයක් වගේ පෙනුනට, අද මගේ කාර්යක්ෂමතාවයේ රහස ඒක…

ගොඩක් වෙලාවට මං තනියම ඉන්න කෙනෙක්. මොකද පිරිසකට බෑ මට ඕන විදිහට වර්ණ ගලපලා අඳින්න. වර්ණ ගොඩක් එකවර දකිනකොට මාව නොසන්සුන් වෙනවා.

මට ඔරලෝසු කටු වේගෙන් කියවන්න බෑ. පොඩි ළමයෙක් වගේ ලොකු කට්ට දෙකේ. පොඩි කට්ට හයේ වගේ හිතලා තමයි වෙලාව කියවන්නේ. ඉතිං ඒ නිසා මගේ කාමරය සහ භාවිතා කරන සියලුම භාණ්ඩ මම කටහඬට සහ හස්ත සංඥා වලට ක්‍රියාත්මක වෙන්න හදාලා තියෙන්නේ. වෙලාව අහපුවහම ඔරලෝසුව කතා කරලා වෙලාව කියනවා. ටීවී එක දාන්න කීවහම ටීවී එක දානවා. ලයිට් ඕෆ් කරන්න කීවහම ලයිට් ඕෆ් කරනවා. නාලා කොණ්ඩේ වේලන්න කීවහම කොණ්ඩේ වේලලා දෙනවා. කොෆී එකක් ඉල්ලුවහම හදලා දෙනවා, පාන් ටෝස්ට් කරලා ඉල්ලුවහම හදලා දෙනවා. තව දේවල් ඕන තරමක් කරන්න පුළුවන්… හැමදේම ස්වයංක්‍රීය කරලා තියෙන්නේ. මන්ද මම තාක්ෂණික දේවල් වලට ආසයි. මම විසික් කරන්න කුණු අරන් යනකොට කුණු බක්කිය ස්වයංක්‍රීයව විවෘත වෙලා කුණු දානකම් බලාගෙන ඉන්නවා. මගේ කාමරයට එක් වරක් ආපු කෙනෙක් ආසයි හැමදාම වුනත් ඒකේ නතර වෙන්න. මොකද ඒක වෙනමම ලෝකයක්.

උදේ නැගිටිනකොට දවසේ කරන්න ඕන දේවල්, කාලගුණ වාර්ථාව හැමදේම ටීවී ස්ක්‍රීන් එකේ පෙන්වනවා. ලොකුම ප්‍රශ්නය Wifi ඩේටා ඉවර වුනොත් සොහොන් පිට්ටනියක ඉන්නවා වගේ තමයි ඉන්න වෙන්නේ. කාමරයේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ එහෙම වුනොත්.

දැන් අද කරන්ට් නෑ. මට කරන්න දේකුත් නෑ, කාමරයේ කිසි දෙයක් වැඩ කරන්නෙත් නෑ.

කරන්ට් එක ගිය ගමන් සූර්ය ???? ශක්තිය හරහා අතිරේක බලය ලැබෙන්න හදලා තිබ්බත්, මේ ටිකේ ඉරනම් දැක්කේ නෑ. වැස්ස දවසම. ඉතිං බැටරි එකේ අන්තිම ටිකෙන් තමයි මේ පෝස්ට් එක ලියන්නේ.

කාමරය ඇතුලත, පිටත, කාර් එකේ ඇතුලත සහ පිටත සවිකර ඇති කැමරා ප්‍රමාණය ගණන් කල නොහැකියි. හැම මොහොතක්ම රෙකෝඩ් කරනවා පසු භාවිතය සඳහා. මොකද මට නොවැදගත් යමක් හෝ සාමාන්‍ය සිදුවීමක් මතක තියෙන්නේ විනාඩි 15ක් වගේ කාලයක් පමණයි. එකදිගට පුහුණු කරන දෙයක් පමණයි මතකයේ රැඳෙන්නෙ. කාපු කෑම, කරපු දේවල්, බලපු ෆිල්ම්, මුණගැහුණ අය, කතා කල අය මට මතකයේ හිටින්නේ නෑ. ඒක නිසා කෝල කරලා අහන්න එපා මාව මතකද කියලා.  අන්න ඒක නිසයි මගේ පෞද්ගලිකව ෆේස්බුක් වෝල් එක සහ වෙබ් අඩවිය පෞද්ගලික ජීවිතයේ ඡායාරූප ලක්ෂ 4කින් පිරිලා තියෙන්නේ. හැම මොහොතක්ම අමතක වෙන නිසා ඡායාරූපයට නගලා ෆේස්බුක් දානවා විස්තර කරලා. ඊලඟ දවසේ මම දන්නවා එතකොට මම මොනවද කලේ කියලා. මට පෞද්ගලික ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා හැමදේම ඡායාරූපය නගන්න…

ඒ වගේම මට තියෙන්නේ Photographic Memory එකක්. අවශ්‍ය දේවල් එක ක්ෂණයකින් ඡායාරූපයක් ලෙස මගේ මතකයේ තැන්පත් වෙනවා. අන්න ඒ නිසා ඔයාලා ප්‍රොෆයිල් පික්චර් එක වෙනස් කරලා මට කතා කලොත් මං ඔයාලව අඳුරන්නේ නෑ. මම කරන දෙයක්, තියන බඩුවක් වෙනස් කරනවට මම අකමැතියි. මන්ද මම ඒ දේ කරලා මගේ මතකයට ෆොටෝ එකක් ගහලා සේව් කරගන්නවා. ඒක වෙනස් වුනොත් මට ඒක හොයාගන්න එක කරන්න බෑ ඉතිං… අන්න ඒ නිසා මගේ කාමරයේ තියෙන කැමරා හැම මොහොතෙම හැම චලනයක්ම නිරීක්ෂණය කරනවා.

දැන් මතක නෑ ඇයි මම මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ කියලා…

ගොඩක් මිනිස්සු අනුන්ගේ ජීවිත ගැන හිත හිතා හූල්ලනවා. මට මතක තියෙන්නේ නැති නිසා ඔය කිසි දෙයක් මම මතක තියාගන්නේ නෑ.මගේ මොලයේ තියෙන්නේ මිනිස්සුන්ට උදව් කිරීම, තාක්ෂණය සහ සතුටෙන් ජීවිතය විඳීම කියන කාරණා 3 විතරයි.  මම ගත කරන ඒ මොහොත සතුටෙන් ඉඳලා ජීවිතය විඳිනවා… අනික් මිනිස්සු අපේ ෆේස්බුක් වල පෝස්ට් බලබලා, ඒවගේ වැරදි හොය හොයා, කතා හදන්න දේවල් හොය හොයා තමන්ගේ ජීවිතය විඳින්නේ නැතිව ජීවිතය විඳවනවා….

ප්‍රාර්ථනා කරන්න මට වගේ කිසිම දෙයක් මතක හිටින්නේ නැති ලෙඩක් හැදෙන්න කියලා. ඔයාලා හැමෝම සතුටෙන් ඉඳීවි…

මිනිස්සුන්ට අඩුපාඩු තියේ. මගේ ගොඩක් තියේ. හැබැයි ඒ අඩුපාඩු නිසා මම ලංකාවෙන්ම සුවිශේෂීයි. දිනකට වැඩිම ඇඳුම් ප්‍රමාණයක් අඳින පුද්ගලයා ලෙස ගිනස් වාර්ථාවක් තිබ්බොත් මම තේරෙන්නත් ඉඩ තියේ. මේ වන විට දිනකදී මාරු කල උපරිම ඇඳුම් ප්‍රමාණය 76යි. පැය 6ක් වගේ කාලයකදී පවුල් 300+ ගණනකට උදව් කරන වැඩසටහනකදී එහෙම කලේ….

අඩුපාඩු අඩුපාඩු විදිහට දකින්න එපා. එය ජීවිතයට ශක්තියක් කරගන්න. මට මේ අඩුපාඩු නොතිබ්බනම් මගේ කාමරය 1997දී ස්වයංක්‍රීයව පාලනය වෙන කාමරයක් ලෙස නිර්මාණය වෙන්නෙ නෑ. අද මම ලංකාවේ විශිෂ්ටතම තරුණයා, ස්වේච්ඡා සේවකයා, විශිෂ්ටතම සමාජ සේවා ආයතනය, විශිෂ්ටතම ෆේස්බුක් භාවිතා කරන පුද්ගලයා,  විශිෂ්ටතම වෙබ් අඩවිය, විශිෂ්ටතම ඇප් එක සම්මාන හිමිවෙන්නේ නෑ.

මගේ ජිවිතයේ ඔක්කොම මම හීන හැබෑකරගෙන අවසන්. දැන් මට ජීවත් වෙන්න පොඩි මුදලක් ලැබුණහම ඇති. අන්න ඒකයි ලැබෙන හැම ලාභයක්ම ඔයාලට බෙදන්නේ. මට ඕන ඒකට ප්‍රතිඋපකාර විදිහට මගේ මහන්සිය, කැපවීම වෙනුවෙන් කමෙන්ට් එකක් පමණයි. අන්න ඒ නිසයි මේ ගෲප් එකේ සියලුම ප්‍රතිලාභ අවංක කමෙන්ට් දාන අයට පමණක් ලබාදෙන්නේ….

ඔබේ අඩුපාඩු ඔබේ ???? ශක්තිය කරගන්න…

ගතකරන හැම මොහොතක්ම සතුටෙන් ගතකරන්න, විඳින්න…

අනුන් ගැන හොයන්න එපා, තමන්ගේ ජීවිතය හදාගන්න…

ඡායාරූප : ගමනක් යන්න සූදානම් වෙන්නේ මෙහෙමයි.

CharityShop නිර්මාතෲගේ ජීවිතයෙන් බිඳක්….

#2021මැයි24

CharityShop.lk  සංකල්පයේ නිර්මාතෘ | Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

CharityShop.lk සංකල්පයේ නිර්මාතෘ | Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

මෙච්චර සම්මාන, ඇගයීම් තියාගෙන මිනිස්සු වෙනුවෙන්ම ජීවිතයම කැපකරන තවත් කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්න හොඳේ….

#2021මැයි8