“උනන්දුව” තියේනම් ඕනෑ ගොනෙක්ට ඉහළට යන්න පුලුවන්…

“උනන්දුව” තියේනම් ඕනෑ ගොනෙක්ට ඉහළට යන්න පුලුවන්…

ඔබටත් කිසිම දැනීමක් අවශ්‍ය නැහැ. උනන්දුව, කැපවීම තිබේනම් ඔබටත් ඉහළටම යන්න පුලුවන්…

ඉගෙන ගන්න… අධ්‍යයනය ඔබව ඉහළටම රැගෙන යාවී… පෝස්ට් කියවන්න… අවබෝධයක් ලබන්න…

අපහාසයට නොව උපහාසයට පළකරන ලදි…

ප.ලි : මට පසුව තේරුන දෙයක් තමයි. හැම ගොනෙක්ටම ඔය කීවට ඉහළ යන්න බෑ. මොකද මම දවස් දෙකක් තිස්සේ හරක් පට්ටියක්ම පුහුණු කරන්න උත්සාහ කලා. 100කින් විතර 20ක් පමණයි මොලේ තිබ්බ මිනිස්සු හිටියේ… වෛශ්‍යාවක් යහමගට ගත්තත් ඒ පිරමීඩ කාරයෝ ටිකනම් හදන්නම බෑ…

RIP : අලුත් රීලෝඩ් ගෲප්

Charityshop Team

#2021ඔක්තෝම්බර්19

 

සුව නින්දට සිතුවිල්ලක්

සුව නින්දට සිතුවිල්ලක්

සාර්ථකත්වය අවශ්ය නම් එය අපට තනිව කළ නොහැක…
එක්තරා ගොවියෙක් හිටියා . ඔහු තම ගොවිපළේ බඩඉරිගු වැවීමට පුරුදු වී සිටියා . ඔහුගේ ගොවිපළේ බඩඉරිගු සරුවට වැඩුණා . සෑම අවුරුද්දකම හොඳම බඩ ඉරිගු තේරීමට තරගයක් පැවැත්වුණා . එම තරඟයෙන් ඔහු වසර ගණනාවක් අඛණ්ඩව ජය ගත්තා. ඔහු තමා සතු බීජ කිසිම පැකිලීමකින් තොරව අවට ගොවිපලවල් වල ගොවියන් සමග බෙදා හදා ගත්තා . දිනක් තරඟය අවසානයේ දී ආරාධිතයෙක් ඔහුගෙන් මෙසේ ප්රශ්න කර සිටියා .
“මම අහල තියෙන ඔබතුමා ඔබගේ හොඳම බඩ ඉරිගු බීජ අවට ගොවියන්ටත් දෙනවා කියලා . ඒක ඇත්තද ?” ගොවියා එය සත්ය බව පවසා සිටියා . එවිට අමුත්තා ” එතකොට හොඳම බීජ හැමෝම ගාව තියෙන එක ඔබට පළමු තැන තියාගන්න තර්ජනයක් නේද ?” එවිට ගොවියා මෙසේ කිව්වා .
“ඇයි ඔබ දාන්නෙ නැද්ද ? සුළඟට බඩ ඉරිගු පරාග ගොවිපළෙන් ගොවිපොළට ගසාගෙන යනවා . මගේ අසල්වැසියන් බාල වර්ගයක බඩඉරිගු වගා කළොත් මගේ බඩ ඉරිඟු පරාගනය වෙන්නේ ඒවත් එක්ක . එතකොට හැදෙන්නේ බාල බඩ ඉරිඟු . මට උසස් තත්වයේ බඩ ඉරිඟු වවන්න නම් ඔවුන් එම තත්ත්වයේම බඩ ඉරිඟු වවලා තියෙන්න ඕනි .”
අපිට රැකියාවේ, ජීවිතයේ හෝ වෙනත් යමක සාර්ථකත්වය අවශ්ය නම් එය අපට තනිව කළ නොහැක. ඔබ වටා සිටින අය ද සාර්ථක වීම අවශ්ය ය. ඔබ සතුට බලාපොරොත්තු වේ නම් එය ලැබීමට ඔබ වටා සිටින අය සතුටින් සිටිය යුතුය .
අන්න ඒ නිසයි Charityshop අපි හැම මොහොතකම ඔබට අවශ්ය අධ්යාපනය ලබාදෙන්නේ. ඔබව සතුටෙන් තියන්න උත්සාහ කරන්නේ… ඔබගේ විනය, හැදියාව පිළිබඳව උනන්දු වෙන්නේ ඒ නිසයි…
මා සාර්ථක වෙන්න නම් ඔබ සාර්ථක වීම අනිවාර්ය වේ… අන්න ඒ නිසයි ඔබට අවශ්ය හැම පහසුකමක්ම ලබාදෙන්නේ….
අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු17 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
සුභ රාත්රියක් හැමෝටම…
Charityshop Team
සුව නින්දට සිතුවිල්ලක්

සුව නින්දට සිතුවිල්ලක්

ඔයා අහල තියෙනවා නේද අර ගිරව් දෙන්නගෙ කතාව?

එක ගිරවෙක් හොරු කණ්ඩායමක් අසලට වැටිල ඔවුන් කතා කරන හැටි අනුකරණය කරද්දි අනිත් ගිරවා තාපසයෙක් ගෙ අසලට වැටිල ඒ වචන කතා කරන්න ගන්නවා..

එතනදි ඒ ගිරව් දෙන්නම අනුකරණය කළේ වචන විතරක්ම හැසිරීම, ජීවිත රටාව, හිතන හැටි වගේ හැමදේම තමයි, එතනදි ගිරවා තමන්ගෙ වටපිටාවට අනුව ගොඩක් වෙනස් කරගන්නවා…

මට අහන්න තියෙන්නෙ ගිරවෙක් හැටියට ඔයා වැටිල තියෙන්නෙ කොහෙටද කියලා, ඔයාගෙ පරිසරයෙන් ඔයාට ලැබෙන්නෙ මොනවගේ දේවල්ද කියලා, ඊටවඩා මට තියෙන ප්‍රශ්නෙ තමයි ඔයා හිතලම ඔයාගෙ හිතට වට්ටගන්නෙ කොයිවගේ දේවල් ද කියලා, ඔයා ඔයාගෙ ළඟට ගන්නෙ/ අදහස් ගන්නෙ තාපසයා වගේ අයගෙන් ද හොරු කණ්ඩායම වගේ අයගෙන් ද කියලා..

ඔයා ඔයාගෙ ඍණාත්මක යහළුවෝ කියන දේ ඕනෑවට වඩා අහනවා නම්, ඔයාව හැමවෙලේම සමච්චලයට ලක් කරන ඔයාගෙ යහළුවෝ කියන දේ සැළකිල්ලට ගන්නවා නම්, ඔයාව විහිළුවට ගන්න ඔයාගෙ ආත්ම ගෞරවය අනවශ්‍ය විදිහට පහළ දාන ඔයාගෙ යහළුවො කියල හිතන් ඉන්න අය තාම ළඟ තියාගෙන ඉන්නවා නම් ඔයාටත් වෙන්නෙ අර හොරු කණ්ඩායම ළඟට වැටුණ ගිරවට වෙච්ච දේම තමයි…

ගිරවට ජීවිතේ තේරිමක් නැතත් ඔයාට තියෙනවා, එහෙනම් ඔයත් ගිරව වගේ අනාථ නොවී ඔයාගෙ තීරණ ඔයාම ගන්න, ඔයා ඉන්නෙ කා එක්කද ඇසුරු කරන්නෙ කාවද කියල තීරණය කරන්න, තීරණය ඔයාගෙ අතේමයි…

සුන්දර ගිරවෙක් වෙන්න ඔයාටත් අයිතියක් තියෙනවා අනේ, ඒක ඔයාගෙ පරම අයිතියක්…

ඔයා ඉන්නේ හරි තැන…

පංසලක් වගේ පිං බිමක…

ආදරණීය හදවත් දහස් ගණනක් ඉන්න තැනක…

මනුස්සකම පිරුණු පිරිසක්/පවුලක් ඉන්න තැනක…

එළියේ තාවකාලිකව පොහොසත් වුණ හොරු ඕන තරම් ඇති. ඒත් ඇයි හොරු ගාවට ගිහින් ඔබත් හොරෙක්, වංචාකාරයෙක් වෙන්නේ?

ඔබ ඉන්නේ හරි තැන…

නිකමට හිතලා බලන්න මේ ගෲප් එකට ආවට පස්සේ ඔබ යම් කාලසටහනකට වැඩ කරනවා ඇති, ධනාත්මකව හිතනවා ඇති, විනය ගරුක වෙලා ඇති, සදාචාරසම්පන්න වෙලා ඇති, අවංක වෙලා ඇති, වරද පිළිගන්න කෙනෙක් වෙලා ඇති, අනික් මිනිස්සු ගැන හිතන කෙනෙක් වෙලා ඇති…

ඉතිං තවත් මොනවද ජීවිතේට ඕන…???

ඔබ ඉන්නේ හරි තැන…

සුභ රාත්‍රියක් ! සුවසේ නිදන්න…

අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු11 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

සුභ රාත්‍රියක් හැමෝටම…

Charityshop Team

 

සුව නින්දට සිතුවිල්ලක්

සුව නින්දට සිතුවිල්ලක්

එක්තරා යහළුවෝ දෙන්නෙක් කාන්තාරයක් මැදින් ගමනක් යමින් සිටියා. මේ ගමන යන අතරතුර ඔවුන් ගෙනාපු සියළුම කෑම සහ වතුර ටිකෙන් ටික ඉවර වෙන්න පටන් ගත්තා…

ඉතින් මේ යාලුවෝ දෙන්නට දැන් කැම බිම මුකුත් නැති නිසා ඒ එක යාලුවෙක් කාන්තාරයේ බිම ඇද වැටි මෙහෙම කිව්වා..

“අයියෝ බලන්න ඉතින් දැන් අපිට ඉතින් වැලි තමයි කන්න වෙන්නේ” කියලා දුකින් කිවා…

ඒත් අනිත් යාලුවා යාලුවා ලඟට ගිහින් මෙහෙම කිවා…

“ඒ විදියට හිතන්න එපා යාළුවා. මෙහෙම හිතන්න. අපිට කන්න ඕන තරම් වැලි තියනවා”  කියලා…

ඔව්,  ඔබත් මුදල් උපයන ක්‍රම නැතැයි දුක්නොවන්න.

හිතන්න කොයිතරම් නම් මුදල් උපයන ක්‍රම තිබේද යන්න. Charityshop කියන්නේ නිධානයක්. හෙට දවසේ ඔබේ ප්‍රථම රාජකාරිය Charityshop සමඟ ලියාපදිංචි වීම කරගන්න..

(සිතුවිල්ල – Krishna)

හෙට ඉඳන්වත් Charityshop හරහා මුදල් උපයන්න උත්සාහ කරන්න…

ඒත් එක්කම අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු9  වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

සුභ රාත්‍රියක් හැමෝටම…

Charityshop Team

 

සුව නින්දට සිතුවිල්ලක්

සුව නින්දට සිතුවිල්ලක්

ලෝකේ කොයිතරම් වචන තියෙනවද…

ඒ හැම වචනයකට තේරුමක් තියෙනවා.

ඒවට තේරුම් දුන්නේ මිනිස්සු..

එහෙනම් ඔබත්,

????මහන්සියෙන් ජිවිතය දිනමු????

කියන වචනයට  ඇයි අරුතක් නොදෙන්නේ…..

(සිතුවිල්ල – Krishna Dushanthi)

හෙට ඉඳන්වත් Charityshop හරහා මුදල් උපයන්න උත්සාහ කරන්න…

ඒත් එක්කම අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු8  වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

සුභ රාත්‍රියක් හැමෝටම…

Charityshop Team

සුව නින්දට සිතුවිල්ලක්

සුව නින්දට සිතුවිල්ලක්

අද දවසේ ඉගෙනගත් පාඩම් වලින් අනික් අයටත් දෙයක් දැනගන්න ඔබම සිතුවිල්ලක් ලියන්න… අපි ලඟදීම දවසක ඒ සිතුවිල්ලත් පලකරන්නම් අපේ ගෲප් එකේ…

ඒත් එක්කම අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු7 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

සුභ රාත්‍රියක් හැමෝටම…

Charityshop Team