සුළඟ වගේ නුඹ | EB0007

සුළඟ වගේ නුඹ | EB0007

විදුලි පංකාව දැමු ඔහු මා අසළට පැමිණියේ සිනා මුසු මුහුණිනි.

ඔයාට මහන්සිද?

ඔහු අසන්නෙ යම් දුරස්ථ බවක් හඟවමිනි

” නැ” මම කෙටියෙන් කීවෙමි.

” අද එයි කියලා මං හිතුවෙම නැ”

“එහෙනං මංආපහු යන්නද”

ඕනැවට එපාවට මම ඇසීමි. …මදක් නිහඬව සිටි ඔහු,

“ඇයි ඔයා මාව වැරදියටම හිතන්නේ?”

යැයි මගෙන් ඇසීය. ඒ සමගම මා වෙත මදක් සමීප වූ ඔහු, මගේ අතකින් අල්ලා ගත්තේය.

” අනේ අත ගන්න අහකට”

කී මම ඔහුගෙන් ඉවතට යාමට උත්සහ කළෙමි. එක්වරම මා තමන් වෙතට ඇදගත්  ඔහු,

“මොකෝ ගණන්, ඔයා මගෙනේ…”

කියමින් මා තදින් වැළඳ ගත්තේය. කිමට ගිය දෙය අමතකවූවාක් මෙන් මම ඒ උණුහුමට යටත් වී සිටියෙමි. කරන්නේ නොමනාකමකි. වරදකි. එය සිදු වුයේ කාගේ වරදින්දැයි මම නොදනිමි. මේ  උත්තම පුරුෂයා මගේ නොවන්නා සේම මම ද ඔහුට අයිති නොවෙමි…මේ එවන් කතාවක පද පෙළයි….

” රන් කෙන්දෙන් බැඳ, අතැඟිලි එක් කළ, ආදරයයි…

පෙම් රැහැනින් බැඳ, සිතුම් වසඟ කළ ආදරයයි..”

සුහස් මා හට හමු වූයේ මැහුම් පන්ති යන විටය. ඒ වන විට මා විවාහ වී වසර දෙකකි. වසර අටක ප්‍රේම සබඳතාවකින් පසුව වුවද අපගේ විවාහය පෙනෙන තරම් සුන්දරනොවීය. අප දෙදෙනා ප්‍රේම කළාට වඩා කළේ ගැටළුවලට විසඳුම් සෙවීමය..

“මොනවද සඳු කල්පනා කරන්නේ…?”

“මට තවත් මේ දේවල් ඉවසන්න බෑ සුහස්..”

“ඇයි දැන් මොකද වුණේ?”

“තිමිර මං පතන විදියෙ නෙවෙයි තමා, ඒත් ඔයාගෙ ජීවිතේ නාස්ති කරන්න මට බෑ සුහස්…”

“සඳූ මේ බලන්න…මං ඔයාට ආදරෙයි..ඒක විහිලුවක්වත්, සෙල්ලමක්වත් නෙවෙයි..ඔයා කොයි තත්ත්වෙ හිටියත් මං මැරෙනතුරු ඔයාට විතරයි මං ආදරේ..ආයෙ ඒ ගැන කතා එපා..”

“සුහස්, මට තිමිරගෙන් වෙන් වෙන්න බෑ..කවදා හරි මං එයාගෙ දරුවෙක් දරන්න ඕනෙ..මං හොඳ අම්මෙක් වෙන්න ඕනෙ..ඔයත් අලුතින් ජීවිතයක් පටන් අරං හොඳින් ඉන්න..මං ආසයි ඔයා සතුටින් ඉන්නවා දකින්න..”

“සඳූ….මේ අහන්න, මං කවදාවත් මැරි කරන්නෙ නෑ..”

*************************

“සඳුනි, මට අද රෑ කෑම තියන්නෙපා  ඕකේ ”

“ඇයි ඒ?”

“වැඩක් තියෙනවා ඔෆිස් එකේ..”

“මං යනවා”

කියු ඔහු පිටත්ව ගියේය. මොහොතකින් අතීතයට සිත දිව ගියේය..

“ඒ සඳු..අන්න උඹේ ගජමෑන් එනවා..”

“කවුද බන් ඒ..??

“අර සුන්දර, අහිංසක, දරදඬු, නිර්මල, තිමිර පටලය බන්”

“මොනාද හෂී කියන්නේ…පව් බන්…”

“මේ..කෙල්ලේ ඇත්ත කියපන්…උඔ ඌට ලව් නේ…??ආහ්..ආහ්….??”

“එහෙමමත් නෑ බන්..එයා හරි ඩීසන්ට්. මා එක්ක හිනාවෙනවා. අනේ මංදා බන්..”

“හරි හරි උඹ ලව් තමා….”

“මං දන්නෙ නෑ බන්…අපි යමු ක්ලාස් එකට…”

නොසිතුව ඉමක මා තනිකළේ හෂී ද? නැත්නම් තිමිරද, නැත්නම් සියල්ල විඳගෙන බලාපොරොත්තු තබා ගත් මම ම ද???

සමහර දේවල් අපට ලැබෙන්නේ පරක්කු වෙලා කියලා සුදු අම්මා නිතරම කිව්වා..ඒත් මං හිතුවෙ මට හැමදේම වෙලාවට ලැබුණා කියලා..හරියට තිමිරව බැන්ද දවසෙ වගේ…තිමිර ගැන විවේචනයකට වඩා, මට මං ගැන විවේචනයක් ඇති වෙනවා..

“සදු, මොනාද කල්පනා කරන්නේ..

මුකුත් නෑ සුහස්…

ඔයාට මාව වදයක් ද?

නෑ සුහස් ඔයා මැරි කරන්නේ නෑ කීවම මට ඒක දරාගන්න බෑ. මං නේද මේ හැම දේටම වැරදිකාරි? ඇයි සුහස් මට මෙහෙම වුණේ?

මේ අහන්න සඳූ, ඔයා වැරදි නැහැ. මමයි වැරදි. මමයි අහිංසක ඔයාට කරදරයක් වුනේ. මං ඔයාට ආදරෙයි රත්තරං. මට මෙහෙම ඉන්න දෙන්න. ප්ලීස් සඳූ. ඔයා තමයි මං මේ ජීවිතේ පතපු කෙනා. දැන් මට ඔයාව අමතක කරන්න කියන්නෙපා. මට මැරිලා ෂ්ෂ්..

මොනාද මේ කියන්නේ…

එපා සුහස් මෙහෙම කතා කරන්න. ඔයාගෙ හිතේ හැඟීම් ඇති වෙන්න වැඩ කරපු මං නේද වැරදි. මං බැඳලා ඉන්න කෙනෙක් කියලා මං කීවා ඔයාට. ඇයි තවත් මට ආදරේ? ඔයා පතන මුකුත් මගෙන් ලැබෙන්නෙ නැනේ. කවදාවත් මට ඔයාගෙ වෙන්න බැහැනේ දෙවියනේ. මං ආදරෙයි ඔයාට. ඒත්,

හ්ම් හ්ම්. ඇති නේද සුදු මැනිකේ. වෙන මුකුත් එපා. ටිකක් මං ළඟට වෙලා ආදරෙන් ඉන්න. මාව දාලා යන්න හිතන්නවත් එපා. හ්ම්ම්ම්. ඒත් ඔයාට යන්න ඕනෙ වුණොත් දවසක, මාව කරදරයක් වුණොත් මට කියන්න සුදු මැනිකේ. මං එදාට යන්නම යන්නම්. ඔයාට දුක් නොදී…”

අප දෙදෙනා අතර මද නිහැඬියාවක් ඇති විය…

කිසි දිනෙක මා වෙත වැරදි බැල්මක් වත් නොහෙළූ මේ උත්තම පුරුෂයා වෙත ඇදි නොයන්නේ නම් මගේ සිත, අසනීපයක් නිසාම විය යුතු යැයි සිතමි. පළමුවරට හ්මිම්ම්…. මම ඒ ළයට තුරුළු වුණෙමි. ඒ හද ගැස්ම වෙසෙසින් විඳ ගතිමි. ඒ නිර්මල පිරිමි හුස්මට සම වැදුනෙමි. මොහොතකට මට සියල්ල අමතක විය. එහෙත් තවමත් මා වැළඳ නොගත් ඔහු නිශ්චලව සිටී.

“අද මාව එපා වෙලාද ඔයාට…

අනේ සුදු මැනික. ඔයා මං ගැන දන්නවා. මට ලෝබයි ඔයාට අහිතක් කරන්න. මං තාම පුදුමෙන් සඳු. මං ඔයාව තුරුළු කර ගන්නද ආ?

හ්ම්…”

ඉතිං ගෙවී ගියේ කල්පයකැයි සිතමි. ඔහුගේ ලවන් කෙටි, උණුසුම්, ආදර හාදුවකින් මා නළලත සරසන විට, ඒ උණුසුමෙන් මිදෙන්නට මම ලෝබ වීමි. ඒ ආදරයද, අනුරාගයද එක් වූ ලාමක පෙම්වතුන් යුවළකගේ දිනයක අවසානය විය. ජීවිතේ අති දුෂ්කරම මොහොතක් ආවාම, මොන තීරණේ ගන්නද කියලා නොදැන අපි අතරමං වෙනවා නේද? හිතින් හිතන දාහක් දේවල්, හැඟීම් විදියට පිටකරන්න ඒ වෙලාවට අපි කොච්චර උත්සහ කරනවද?

තිමිර, ඔයා මට හමුවුණු දවසෙ මං ඔයාව දැක්කෙ මටම මවපු කෙනා විදිහට. දෙවියන් ඉදිරියෙ පොරොන්දු වුණා ඔයාට ආදරේ කරන්න. විශ්වාසෙන් ඉන්න. හැමදාටම.

” එක්ස්කියුස්මී මිස්ටර්, ඔයාගෙ නම තිමිර ද?”

හෂී මේ යන්නේ මාව චාටර් කරන්න…හපෝ…යි..

“ඔව්, ඇයි මට සර් කියන්නෙ? මාත් ඔයාලගෙම පන්තියෙනේ”

මේ මේ මේකයි තිමිර. ඔයා ජෝක්ස් දන්නවද? මං කිවෙ මේ විහිළු වගේ ඒවා?

ඒ කිව්වේ?

හහ් ඒ කිව්වේ ඉංග්‍රිස් හෝඩියේ ෆස්ට් අකුරනේ”

හෂීගේ කතාවට සිනහ ආවත් මම එය වෑයමින් වලකා ගතිමි.

“මූ ඉගෙන ගත්තට ගොන් ගහක් සඳුවෝ”

ඒ අතර මගෙ කනට ළං වී ඇය එසේද පවසයි..

” ඇයි යාළුවා මොකද කියන්නේ?

යාළුව ද?  එයා කියනවා මේ එයා ඔයාට කැමතී ලු.

හෂී..!!! මොනාද කියවන්නේ?

මං ඇත්තනෙ කිව්වේ.”

මුහුණේ මස් පිඩු නලියාගෙන විත් රත්පැහැ වන සෙයක් මට දැනිනි. මා හෂි ගේ කෑ ගැසිම නැසුනු කන්ව පාරට දිව ගියෙමි. නොසිතු ක්ෂණයෙන් බස් රථයක් වමැසට දිස් විය. සුළඟක් විසින් දැඩිව බමන්නාක් බඳුව දඬු අඩුවක් සේ යමෙකු මාගේ අත අල්ලා ඇදනොගන්නට. සඳු අද කොහෙදැයි නොදනිමි.

“පිස්සු කෙල්ල. මෙහෙමත් පාර පනිනවද?”

තවත් මොහොතක් ගෙවුණු පසු මා පියවි සිහිය ලැබුවාක් මෙන් වටපිට බැලීමි. මේ දකින්නේ සිහිනයක්ද? තිමිර. ඔහු මා වත්තම් කොට ගෙන සිටියි. හෂි කටත් ඇරගෙන බලා සිටින්නේ  කාටුන් එකක් වගේ යැයි මට සිතිනි. මා එක් වරම අහකට වූයෙමි. ඔහු හෂීට යන බව පවසා, මා දෙස ද බලා නික්ම ගියේය.

කාලය ගෙවිනි. අප දෙදෙනා පාසල් කාලය නිමා කර සරසවියට පිවිසියෙමු. එසේ වුවත් ඔහු පුරුද්දක් වශයෙන් මා හමුවීමට එන්නට පටන් ගත්තේ ඒ සිදුවීම සිදු වු දා සිටමය. වෙනත් කිව යුතු විශේෂ යමක් නැතිව වුවත් අපි හමුවුයෙමු. ඔහු මටවත් මා ඔහුටවත් ප්‍රේමයක් ගැන නොකීවෙමු.

වසර 4 කට පසු….

“සඳුනි, අද හවස මං ඔයාලගෙ ගෙදර එන්නද?

ඒ ඇයි තිමිර?

එන්නද කියන්නකෝ.

එන්න. ඒත් අම්මලා.

හරි, ප්‍රශ්නයක් නැ. මං උත්තර දෙන්නම්.

එවෙලෙට ඔයාටත් උත්තරයක් දෙන්න තියෙනවා හොදද.

හ්ම්. බලමුකො.

එදා ඔහු පැමිණියේ තනිව නොවේ. ඔහුගේ දෙමව්පියන් ද සමගය.

ඉඳින් සිතේ විශේෂ යමක් නොවුව ද මගේ දෙමාපියන්ගේද කැමැත්ත මත අපි විවාහ වූයෙමු.  ඇරඹුණේ වසන්තය යැයි සිතුවද එය ගිම්හානයක් වු බව කවුරුන් දනියි ද?

දුරකථනය නාද වෙයි.

“හෙලෝ සඳු.

ඔව්. කව්ද මේ?

ආ තමුසෙද එතකොට අර මිනිහගෙ කරේ එල්ලිලා ඉන්න එකී??

ආහ්? මේ මිස්, ඔයා කව්ද කියනවද කරුණාකරලා..

කරුණාකරන්ඩ?? ඉන්නවා මං එන්නම් කරුණා කරන්න.”

යම් හුරු පුරුදු බවක් දැනුණ ද මම මේ මොහොතේ බිය වී සිටියෙමි. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරි එළියටත් බයයිලුනේ. වැරදිකාර මානසිකත්වයක වුන් මට දැනුනේ පොලොව ගිලාබසින සෙයකි.

“මොකෝ මැඩම්, කටඋත්තර නැතුව ගියා නේ?? එනවා, ඇවිත්මේ දොර අරිනවා මං තමුසෙට කරුණා කරන්නං…”

එක්වරම දොරට මහ හයියෙන් තඩිබාන හඬ ඇසිනි. බියෙන් හා ලැජ්ජාවෙන් තැති ගත් මම හුන් තැනම වාඩි වූයෙමි. මේ කවුරු වෙන්න පුලුවන්ද? සුහස්ගෙ අක්කාවත්ද? වටේ මිනිස්සුන්ටත් ඇහෙයි මේ තඩිබාන තරමට. දොර ඇරපු ගමන් මට ගහයි ද?හ්ම් වෙන දෙයක් වුණාවේ. මට හැඬුම් එයි. දොර ඇරලා ඇතුළට එන්න කියනවා. වැඳලා හරි සන්සුන් කරගන්න බලනවා. අනේ දෙවියනේ මට උදව් වෙන්න.

මම සිහිනයෙන් මෙන් දොර ළඟට ගියෙමි. ඒ වන වට තඩිබෑම නතර වී තිබුණත් මම සිත දැඩි කරගෙන දොර හැරියෙමි. පුදුමයකි. එහි කිසිවෙක් නැත. මම හොඳින් බැලීමි. එහෙත් කිසිවෙක් නැත. තවත් ටිකක් ඉදිරියට ගොස් මම පාර දෙපසද බැලිමි. එහිද බලු බල්ලෙක්වත් නැත. ව්‍යාකූල වූ සිතින් මම නැවත නිවසට ආවෙමි. මහත් සුසුමක් පිට කළ මා හට සිතේ දැඩි පීඩාවක් හා බියක් ඇති විය. ඉදිරි දොර වසා දැමු මම මුළුතැන් ගෙට ගොස් වතුර බීගෙන බීගෙන ගියෙමි. දෙනෙතින් කඳුළක් වැටෙන්නට විය. මේ නන්නාඳුනන තර්ජනකාරිය ගැන සිතමින් සිටි මම මුළුතැන්ගෙයි දොරද වසා දමා සාලයට පැමිණියෙමි. මේසය මත වු මාගේ ජංගම දුරකථනය නාද විය. ඒ සුහස් විය යුතුය. ඔහු හැම දිනකම පුරුද්දක් ලෙස මේ වේලාවට මා අමතයි.

එක් වරම රෙද්දක් මාගේ හිස මත වැටිනි. මට දෙලොව පොල් පෙනුනාක් වැනිය. හොරෙක් ද මිනීමරුවෙක්ද  සියල්ල ක්ෂණයෙන් සිතා මම මරහඬ දෙමින් ඇදගෙන වැටුණෙමි. එයින් එලියට විත් බැලු මට තරහවද සිනහව ද එකට මුසු හැඟීමක් දැනුනත් එහි වුන් පුද්ගලයාගේ අතේ වු දෙය ද ඒ දෙනෙත්වල සටහන්ව තිබු ප්‍රශ්නාර්ථය ද දැක අධික ලජ්ජාවක් සහ තැතිගැන්මක් ඇති විය.

“සඳු, කවුද සුහස් කියන්නේ??”

ඉතිං මේ සියල්ල කර ඇත්තේ මගේ අතිජාත මිතුරිය හෂි ය. ඇගේ අතේ තිබෙන්නේ මගේ ජංගම දුරකථනයයි. ඇය එයට උත්තර දී ඇත. දැන් කුමක් කරන්නද? වසර 2 කට පසු ඇය ලංකාවට පැමිණ ඇත. එහෙත් ආ මොහොතේම මෙබඳු පුවතක් ඇයට කෙසේ කියම්ද?

“හෂී මං  සේරම පැහැදිලි කරන්නම් කෙල්ලේ. ටිකක් ඉඳගන්න.”

එහෙත් ඇගේ මුහුණේ ස්වරූපය දුටු විට කුමක්, කෙසේ, කෙහෙන් අරඹන්නදැයි මට සිතාගත නොහැකි විය.

“මං මහන්න ආසයි. ඔයා දන්නවනෙ හෂි. මං ගෙදරට වෙලා තිමිර එනකල් ඔහේ තනියම. සමහරදාට එයා එද්දි රෑ 12 ත් පහු වෙලා. පිටින් කාලා එන වෙලාවල් වැඩියි. මං තනියම කාලා ඔහේ ඉඳන් ඉද්දි නොදැනිම නින්ද යනවා. මං හිතුවෙ නෑ මගෙ ජීවිතේ මෙහෙම වෙයි කියලා.

ඒත් තිමිර උඹට ආදරෙයි නේද බං…?

ඔව්, ඒත් ඒ ආදරේ මට තවමත් දැනෙන්නෙ නැ හෂි. ඒ දවස්වලත් මං හිතින් විඳෙව්වා. අම්මලා හිතන් ඉන්නෙ මං හරි සතුටෙන් කියලා. කොහොමද මං එයාලට දුකක් දෙන්නේ?

ඒත් සඳු, මොකක්ද මේ පිරිමි කෙනාගෙ කතාව??

හ්ම්. මං කියන්නම් හෂි. දවසක් මං උදේ ඇහැරුණාමවත් තිමිර ඇවිත් හිටියෙ නැ. එදා මං පන්තියට ගියේ පුදුම දුකෙන්. පන්තිය ඉවරවෙලා බස් එකට ඇවිත් වාඩි වුණා. ඒත් තිමිරගෙන් කෝල් එකක්වත් නෑ. මට ඇඬුණා. මං ඔළුව තියාගෙන ඇඬුවා. මට දැනුනා කවුරුහරි ළඟින් වාඩි වුණා කියලා. මං ලේන්සුව හෙව්වා. එක බිමට වැටිලා. ඒක අහුලලා දුන්නෙ සුහස්. මං ස්තුති කළේවත් නැ. ඔළුව නවාගෙනම ලේන්සුව ඉල්ල ගත්තා. තවත් ටිකකින් එයා මට කතා කරල ඇහුවා මේසන් පාර කොහෙද කියලා. මට හිනා යන්න ආවා.

මේසන් ද ලීසන්ස් ද කියලා මං ඇහුවා. ඇයි අඬන්නෙ කියලා එයා මගෙන් ඇහුවා. මං කතා කරනවා තියා මූණවත් බැලුවෙ නෑ හෂි. ඒත් මහා පුදුම විදියට එයාගෙ හුරු පුරුදු බවක් දැණුනා. මං මගුල් මුද්ද පේන්නම ඉස්සරහ බාර් එක අල්ලගත්තා. ඒ පාර අහනවා, අඬන්නෙ  බබාට අසනීපද කියලා. ඒත් මං කතා කළේ නැ. මං බහින්න ළං වෙලා තමා මුණ බැළුවෙ. නින්ද ගිහිං. ඒත් මං නැගිටිද්දි ඉක්මනට ඇහැරිලා ඉඩ දුන්නා. මං කාලා හිටියෙත් නෑ. රෑටත් කෑවෙ නෑ. එකපාර කලන්තයක් ආවා. මෙන්න මේ මනුස්සයා මං ගාව මට සිහිය එද්දි. මං ඇස් අරිද්දි එයා ඩොක්ට එක්ක කතාව. ඩොක්ට කිව්වා කෑම නෑ. ඒකයි දුර්වල, හොඳින් බලාගන්න කියලා. එයා නිකන් මගෙ මහත්තයා වගේ සේරටම හා කිව්වා. පස්සෙ මාව ගෙදරටත් ගෙනත් දාලා වචනයක්වත් නොකියා යන්න ගියා. මාත් කතා කළේ නැ. පස්සෙ මටම දුක හිතුණා, මෙච්චර උදව් කළ කෙනාට ස්තූතියි කිව්වෙ නැති එකට.

ආයෙ දවසක් හෝල්ට් එකේ දි මං එයාව දැක්කා. පාරෙන් එහා පැත්තේ. මං පනින්න යද්දි එයා අතින් ඉන්න කිව්වා. එයා මං ළඟට ඇවිත් ඇහවෙ දැන් කොහොමද කියලා. මං කිව්වා හොදයි. උදව් කළාට ස්තුතියි කියලා. එයා කිව්වා එයා සුහස්, එදා තමා කොළඹට ආවෙ කියලා. මාස දෙකක් විතර අපි හමුවුණා බස් එකේ. අපි කතා කළා. අඳුන ගත්තා. ඔයත් නැති කාලෙ එයා මට යාළුවෙක් වුණා.

පස්සෙ උඹලා බැන්දා?

නැ බං. මං එයාට කිව්වා මගේ තත්ත්වෙ. දවසක් එයා මට කිව්වා, මාව දැකපු දවසෙ ඉඳන් ආදරේ කළා කියලා. මං කිව්වා මං මැරීඩ්. සොරි කියලා. මං හිතුවෙ එයා විහිළු කරනවා කියලා. මාත් හිතින් එයාට ආදරේ කළා. ඒ ගතිගුණ, ඉවසිම, සවන් දීම, ආරක්ෂාව, ආදරේ, තේරුම් ගැනීම..ගෑනියෙකුට වෙන මොනවද ඕනෙ?

හ්ම්. ඉතිං උඹ ගොං දෙන වගේ ඌ එක්ක රූම් ගියා???

හෂි උඹට මාව එහෙමද පේන්නේ??

එහෙනම් මොකද මු මෙච්චර ලව්??

උඹව බ්ලැක්මේල් වෙයි ළඟදිම. ඕකා කුඩ්ඩෙක් හරි, ගැනු පෙරේතයෙක් හරි වෙන්ඩ ඇති ෂුවර්.

හෂි!!! මට එයාව විශ්වාසයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. තාමත් එයා මට එදා වගේම ආදරෙයි.

ආහ් යාළුවට කේලම් කියනවා වගේ?

ති..ති.මි..ර..

“මොකද, යාළුවා කේලම් කියනව ද???

නෑ මේ ඔයාගෙ ආදරේ ගැනම තමා කතාව.

ඒකනේ, අපි මහන්සි වෙන්නේ  ඔයාලා නිසා තමා.

කවුද සුහස් කියලා නමක් කියනවා ඇහුණේ?

ආහ්, ඒ මේ මට ෆ්ලයි කරද්දි හම්බුණ පයිලට් කෙනෙක් අනේ.

ආදරයක් ගැන කිවේ? දෙන්නා සෙට් වුනාද?

මේ, න්නැ..මං කැමති වුණේ නැ.

හෂි එක සීරුවට බොරු කියයි. ඇය අසුවෙතැයි මට සිතිනි. හෂි පවු.

මං ඔයාට තේ එකක් අරන් එන්නම් තිමිර.

ආහ්, ඒකෙන් මේකෙන් ආපු වැඩෙත් අමතක වුනා. මට තේ එපා. දෙන්නා බොන්න. මං ඔෆිස් පාර්ටි එකකට යනවා. ෂැනොන් එකේ තියෙන්නේ.

ඉතිං සඳුවත් එක්ක යන්න තිමිර..

ඔයා ඉන්න නිසා එයත් ඉඳිවි. අනික ෂැනෝන් එන්නේ බිස්නස්මන්ලානෙ හෂිනි.

මා කෙදිනකවත් ඔහු හා සාදයකට ගොස් නැත. තිමිරගේ කාර්‍යාලයේ මිස්ට කිත්සිරි, යන යන තැන ඔහුගේ බිරිඳ වන කුමාරිව කැටුුව යන බව මට කිවේ ඇයමය. ඇය ගම්බද තරුණියකි. එහෙත් ඔහු හැමටම ඇය හඳුන්වා දෙන බව කියන්නේ මහත් ආසාවෙනි. තිමිර වොෂ් එකක් ගෙන ජැන්ඩියට ඇඳගෙන පිටත් විය. තේ බි නිමා වු අපි කතාවට වැටී සිට්න විට හෂි ඇවිඳින්න යමුයි කිවෙන් අපි ෂැනොන් හෝටලයේ පහළ මාලයේ වු ඩෙසට් ෆෑන් නම් කොටසට ගියෙමු.

මට වොෂ් රූම් යන්ඩ ඕනා බං.

අපෝ බං ආවා විතරයි. මට නම් බැ.

ආහ්, උඹට චු බර වෙන්නෙ නෑ වගේනේ කතාව. මං ගිහිං එනකල් උඹ ගිහිං හොද වටලප්පන් දෙකක් ගෙනෙන්.

එසේ කියු හෂි දුවපු දිවිල්ලට මට හිනාය. මමද කවුන්ටරය වෙත ගියෙමි. ඒ අතර හෂි කඩාගෙන දුවගෙන අවේ යකෙක් දුටු පරිදිය.

මොකෝ බං??

ති.මි..ර..

ඉතිං, මෙහෙට තමා ආවෙ. ඇයි? උඹට හම්බුණාද?

අතන ගැනියෙක් එක්ක..

හෂි අත දිගුකල දෙසට මා ගියා නොව යැවිනි. ගැහැනියක සිය සැමියා දැකිමට අකමැති යම් සේද…එලෙස මම තිමිර දුටිමි. දණෙන් උඩට වු තද රතු පැහැ ගවුමක් ඇද සිටි නවීන පන්නේ කෙල්ලක සමග ඔහු අනග රැගුමේය. ළයෙන් බාගයක් පෙනෙන සේ කැපු හැට්ට කරින් අත දාගෙන ඉන්නා ජුගුප්සාජනක හැසිරීම බිරිඳ වු මට ගෙන ආවේ පිලිකුලකි. කියා ගත නොහැකි තැන් තැන් පිරිමදිමින් ලජ්ජාසහගතව හැසිරෙන මේ දෙදෙනා දෙස අනෙකෙකු හැරීවත් නොබලයි. වේදනාව පිරි දැසින් මම ඒ සුඛෝපබෝගි අවන්හලේ මාගේ ආත්මය දමා ආ සෙයකි. පාර දිගේ කෙසේ,කොපමණ දුර ආවාද නොදනිමි. රැයද දවාලද නොදනිමි. කුමක් කියන්නද මටවත් නොහැගේ.

සඳු.. ඔහොම ඉදපන් බං.

තවත් දුරක් ගිය පසු මට හෂිගේ හඬ ඇසිනි.

මා ගලක් මෙන් වි යැයි සිතමි.

උඹ හොදින් නේද?

මම කිසිත් නොකීවෙමි.

හෂි මා කැටුව නිවසට ආවාය.

මේ වතුර එක බිපං ආ.

මම එය අතට ගතිමි..

උඹ ඒ වගේ දෙයක් දැනන් හිටියෙ නැද්ද සදු??

මම මහ හයියෙන් ඉකි ගසා හැඬුවෙමි.

මම සුහස්ටවත් මාව අල්ලන්නවත් දුන්නෙ නෑ හෂි. කොච්චර ආදරේ කලත් එයත් කවදාවත් මට ළං වුණේ නැ මගෙන් කැමැත්ත නැති නිසා. මං තිමිර වෙනුවෙන් රැකගත්තු පිරිසිදුකම එයා නැති කරගෙන හෂි. මේ අවුරුදු තුනටම එයා මගෙ ළඟටවත් ආවෙ නැ. රෑට රෑ වෙලා අැවිත් ඇදේ අනිත් පැත්තෙන් නිදාගන්නවා. මං වඳයි කියලා එයාගෙ අම්මා නෑනාත් එක්ක කියනවත් මට ඇහිලා තියෙනවා. ඉහි…ඉහි.. ඒත් මං ඉවසුවා. මට අඩු ආදරේ විතරයි කීවට තිමිර මට ජීවිතේ දුන්නෙත් නැ හෂි…ඉහි…ඉහි…

දැං උඹ මොකද කරන්න හිතන් ඉන්නේ. මං වගේ නම් නඩු දානවා වන්දි ඉල්ලලා. මං කියන්නෙ උඹ සුහස්ව බැඳපන් මුගෙන් ඩිවෝස් වෙලා බං. තවත් විඳවන්න එපා බං.

මට බැ බං. මම සුහස් ගෙන් අයින් වෙනවා.

එදින මා හමුවන ලෙස මම සුහස් ගෙන් ඉල්ලීමි. ඔහු කෙදිනකවත් මා අත්නොහරින බව මට විශ්වාසය. එහෙත් මෙහි නිමාවක් විය යුතුය. සිතේ අමුතු බියක් ඇති වන්නේ ඇයි ද කියා නොදනිමි. මං මැරුණොත් මිස ඔයාව අතාරින්නෙ සෑ සඳු. ඔහු කී සැටි මට සිහිවේ. වෙලාවටත් පෙර ඔහු එතැනට ආවේය. මේ අප පළමුව හමුවූ බස් නැවතුමයි.

සුහස්.

කියන්න සුදු බබෝ.

අදින් පස්සෙ අපි මුණගැහෙන්නේ නැ.

ස..ඳු…

ඔහු වේදනාව පිරි දැසින් බලා හිදී….

මං ආදරෙයි මැරෙන තුරාවට. ඔයා හොඳින් ඉන්න රත්තරං…

මම නැමී ඒ උත්තම පුරුෂයාගේ දෙපා වැන්ඳෙමි. ඇසිල්ලකින් බස් නැවතුමෙන් මම පිටත් වීමි. අඩි දෙක තුනක් යාමට නොහැකි වුණි.

සු..හ…ස්…

මා දුටුවේ පසුපසින් පැමිණි බස් රථය මා දෙස බලා සිටි ඔහුගේ වදිනවා පමණි. මට සිහිය එන විට මා මා සිටියේ ගෙදර සාලයේය. හෂි කඳුළු පිරි දැසින් බලා සිටියි. අප දෙදෙනාම සුහස් හමුවීමට ගියත් ඇය මග නැවති සිටියේ අපට බාධාවක් නොවිමට ය.

හෂි කෝ සුහස්. කියන්න දෙයියනේ!

සඳු, සුහස් ආයෙ නොඑන්නම ගියා. යන්නම ගියා.

අනේ රත්තරං…..

අසනි වරුසාවක් මෙන් කඳුලු කඩා වැටෙද්දි මගෙන් වු පාප කර්මය සිහි කරත්ම ඒ අහංසක සුදු මුහුණ මා තනිකර ගොස් තිබුණි. සුහස් නැතිව මම මාස තුනක් ගත කළේ කෙසේ දැයි නොදනිමි. ඔහු නික්ම ගිය දා පටන් මම බොහො සේ වේදනා වින්දෙමි. එහෙත් කිසිවෙකු නොදන්නා රහසක් විය. මම කණ්ණාඩිය ඉදිරියට යන හැම විටම සුහස් මා හා කතා කරන්නට පැමිණෙන බව දැන සිටියේ මා පමණි. දිනක් මා සුහස් හා කතා කරමින් සිටින විට තිමිර පැමිනියේය.

“සඳුනි මොකද? උණ විකරෙන්ද? කා එක්කද කතා කරන්නේ?

කියමින් තිමිර කන්නාඩිය වෙත අවේය.

මම කිසිත් නොකියා සිටියෙමි. කාමරය දෙස හොදින් බැලු ඔහු ජනේලය අසලට ගොස් පිටතටද නෙත් යොමා බැලුවේය. ඉන් පසු මවෙත පැමිනි ඔහු මා දෙස හෙලුවෙ මා දවා හලු කරනා තරම් බැල්මකි. ආපසු යන්නට හැරුණු තිමිර දෙස බලා මම,

“ඔයාට හොර අඹුවො හිටියට මට එහෙම අය නෑ යි කිවෙමි”

එයින් කුපිත වු තිමිර මා වෙත හැරුනේ,

මොකද්ද උඹ කිවේ කියමින් සුරත ඔසවාගෙනය. එක් වරම ජනේලය ඇරී තද සුළඟක් හමා විත් කණ්ණාඩිය උඩ වූ මල් බඳුන තිමිර ඉදිරියෙ බිඳි ගියෙන් ඔහු පසුපසට පැන්නේ ඉන් බේරීමටය. ඔහු සේම මමද ඉන් ගැස්සි ගියෙමි. ජනෙලය වැසුවේ තිමිරමය. එය ඇරුනෙ කෙසේදැයි අප දෙදෙනම සිතු බව නම් නිසැකය. වේගයෙන් දොර දෙසට ගිය ඔහු මහ හඬක් නන්වාගෙන දොර වසා දමා පිටව ගියේය. නැවතත් සුහස් කන්නඩිය ඉදිරියට ආවේය.

ඇයි ඔයා මාව දාලා ගියේ සුහස්?

මන් ඔයා එක්ක ඉන්නවා සඳු. ඔයා තිමිරට ලන් වෙන්න ඔනා. සතුටින් ඉන්න ඔනා. මන් ඒක දකින්න ඕන සඳූ. මට සැනසෙන්න ඕනා. නැතුව මට මෙහෙන් යන්න බැහැ. මට පොරොන්දු වෙන්න ඔයා මගේ කැමැත්ත ඉෂ්ට කරලා මාව නිදහස් කරනවා කියලා සඳූ.

මං පොරොන්දු වෙන්නම්. ඔයාව නිදහස් කරන්න. ඈත් වෙන්න නෙවේ සුහස්. අදත් ඔයා මං එක්ක ඉන්නව පොරොන්දු උනු විදියටම. එත් මම?

සඳූ..

ඒ හශී ය. සුහස් නොපෙනී ගියේය. මම හැරී බැලීමි.

සඳූ කා එක්කද කතා කලේ?

සුහස් එක්ක හශී.

ආහ්..හ්..??? උඹට විකාරද සඳූ?? අද සුහස්ගෙ තුන් මාසෙ දානේ…

මම සිනාසීමි.

එයින් හශී බියපත් වූ බව දුටු මම දානයට යාමට පිටත් වුනෙමි. පන්සලට දානය ගෙන ගිය අපි දාන කටයුතු නිම කලෙමු. සුහස් නමින් පින් අනුමෝදන් කල මා ඔහුගෙ පැතුම ඉටු කිරිමට අදිටන් කලෙමි. ඒ උත්තම පුරුෂයා වෙනුවෙන් දිවි පුද කිරිමට වුවත් මම දැන් නොපැකිලෙමි. ගෙදර පැමිනි මම හෂීට කිවෙ මට සැලෝන් යාමට අවැසි බවයි.

මට ඇත්ත කියනකල් මම උඹට උදවු කරන්නෙ නැ සඳූ..

ඉතින්.. ඇත්තම කීමට මම සූදනම් වීමි. සුහස්. තවමත් මා සමග බව ඇයට කිමට මම තීරණය කලෙමි. මගෙ ඉදිරි අරමුණද ඇයට කිමට මම තිරණයක් ගතිමි. තිමිරගේ වෙනසක් දකින්නට මම බොහෝ සේ වෙහෙසුනෙමි. එහෙත් ඔහු මා හට සමීප වනවා තියා තවත් මගෙන් ඈත් විය. මට සුහස්ට වූ පොරොන්දුව ඉටු කිරීමට නොහැකිවෙතැයි මම සිතුවෙමි. අවසන තිමිරගේම මග යාමට මම තීරණය කළෙමි. මම තිමිරට ආදරය කරන්නට පටන් ගතිමි. සුහස් මගෙන් බලාපොරොත්තු වූයේද එය බව මම දනිමි.

හෙලෝ මිස්ටර් තිමිර..හව් ආ යු??

ෆයින් මිස්ටර් කැලුම්.. කාලෙකින් නේ??කවද්ද ලංකාවට අවේ??

දැන් සති තුනක් විතර. බිස්නස්වලට ආවේ. මෙ පාර ඒෂියා බෙස්ට් බිස්නස් මන් අවෝඩ් එක ඔයාගේ උනා නේද??

අවොඩ්ස් නම් ඕන තරම්. හිතට සෙට් වෙන කෙල්ලෙක් තමා තාම නැත්තේ..

වට්? තාම අන් මැරීඩ් ද??

හ්ම්…

(සතියකට පසු…)

තිමිර අර බලපන්කෝ අර ග(ර්)ල්  ..වාව්..කව්ද ඒ??

මාත් දන්නේ නෑ බන්..

මට ආසයි එයාව දැන ගන්න…

මේ තිමිරට නම් ඕවා සිම්පල් මස්සිනා. සතියක් දියන් කෙල්ලව ලඟට ගෙන්නලා පෙන්නන්නම්…

ආහ් උඹ එච්චර දක්ශද?? උඹට සඳූගෙන් කන්න වෙයි බලන් මචෝ..

ඒවා හඳේ තමා..එයාට කව්ද බය..

උරහිස දක්වා කෙටි වරල වර් ණ  ගන්වා ඇත. ඇහි බැම මනාව සකසා පැහැගැන්වු කල මුහුන පියකරුය. ඇඟටම හිරවු ගවුම සිරුරේ හැඩය මනාව උලුප්පා පෙන්වයි. නවීන පන්නයේ ජන්ගම දුරකතනය විලසිතාවකි. ලා රෝස පැහැ ගැන්වු දෙතොල් සැසලෙන්නේ බියටද ලජ්ජාවටදැයි නොදනිමි. කැඩපතින් පෙනෙන කෙනා හඳුනා ගැනීමට මටද අපහසු විය. තිමිරගේ ප්‍රතිචාරය කුමක් වේදැයි මා බලා සිටිමි…

“ස්.ස්..මේ..”

මම මුකුත් නොදන්නා පරිද්දෙන් වටපිට බැලීමි. මට කතා කරන්නේ තිමිරය. මම නෑසුනු කන්ව රිසෙප්ෂන් එක වෙත ගියෙමි.

“මිස් මොනාද මගෙන් කෙරෙන් ඕනේ?

මට රූම් එකක් බුක් කරන්න ඕනෙ ..ෆෝ අ මන්ත් ඕකේ??

ඕකේ මෑම්..මිස්ගෙ නමින්ද..?

යා..මයි නේම් ඊස් ෂැනෝන් ක්‍රිෂ්..⁣..

ඕකේ මිස්, වෙනත් යමක් ඕනද මිස්??

ම්ම්..මට බීච් සයිඩ් එකේ රූම් එකක් තිබුණොත් නම් හොඳයි..

ඕකේ මිස්..වී විල් ප්‍රොවයිඩ් යු අ බෙස්ට් සර් විස්  ..එන්ජෝයි යුවර් වැකේෂන්..

තැන්ක් යු..”

තිමිර මගේ තොරතුරු සියල්ල අසා ගත් බව මම දැන සිටියෙමි..

මට අවශ්‍ය වුයේද එයයි…

මා ඉහළ මාලයට ගියේ සේවකයෙකුද සමග වුවත් මා බොහෝ සේ වෙව්ලන්නට විය..

මේ කරන්නේ මෝඩකමකැයි මට සිතිනි…

එහෙත් දැන් ආපසු හැරිය නොහැක..

අරමුණට යා යුතුමය…

සේවකයා මා කාමරය වෙත හැරළු පසු ඔහුට ස්තූති කළ මම ඔහු පිටත් කළෙමි..

තිමිර මා පසුපසින් පැමිණ ඇති බව මම දුටිමි ..

මම දුරකථන ඇමතුමක් ගෙන ඔහු නුදුටු පරිදි කාමරයට ඇතුළු වී දොර වසා දැමුවෙමි..

දැන් මේකයි වෙන්න ඕන.. මම අනිත් පසින් වූ පුද්ගලයාට කීවෙමි…

ඔහු එය අනුමත කළෙන් මම කාමරෙන් බැහැර ආවේ එක්වරමය…..

තිමිර තවමත් මාගේ කාමරය ඇති කොරිඩෝවට වී සිටියි…

මම දොර වසා දමා හැරෙන විටම බිම ඇද වැටුණෙමි..

“ආව්..ෂිට්..වට් අ පේන්…ප්ලිස් හෙල්ප් මී සම්වන්…”

මම කෑ ගැසීමි…

ලද අවස්ථාව පැහැර නොහරිමින් තිමිර මා වෙත ආවේ මගේ සැලැස්ම සාර්ථක කරමිනි…

“මිස් වට් හැපන්??”

ඔහු ආචාරශීලී විය. එකල මා දුටු සොඳුරු තරුණයා ඒ තුළ විය.

“ප්ලිස් හෙල්ප් මි මිස්ටර්”

ඔහු මා වෙත නැඹුරු විය. කෙදිනකවත් නොලද ඔහුගේ පහස දැන් දැන් මා සතුවන බව දනිමි. ඔහු දොර හැර මගේ දෑතින් අල්ලා ගත්තේ මා නැගිටුවන්නටය. එහෙත් මම නැගිටින්නට නොහැකි බවක් දක්වමින් ඇද වැටුනෙමි. ඔහු එක්වරම මා ඔසවා ගති. මම ද ඔහුව මෘදු ලෙස ස්පර්ෂ කළෙමි. ඔහු මා දෙස බැලුවේ මනමාල බැල්මකිනි. ඇඳ මත මා හිඳවූ ඔහු නැමී මගේ පා වහන් මුදාලූවේය.

“කොහෙද රිදෙන්නේ??”

කිසිදාක මගේ වේදනාවක් නොදුටු ඔහු අද නන්නාඳුනන ගැහැනියක ලඟ වැටි සිටි. එහෙත් දැන් ඒ සියල්ල අමතක කොට මගේ අයිතියද ඔහුද ලබා ගත යුතුය.

“මං හිතන්නේ අැන්කල් එක. පෙරළුනු නිසා මොකක්හරි වෙලා.”

මම දෙතොල් අැද කරමින් කිවෙමි.

මං ටිකක් බලන්නද? ඔහු ඇසීය.

මම හිස වැනුවෙමි. ඔහුගේ ඇඟිලි රටාවකට මගේ පා මත දුවයි. බිම වාඩි වු ඔහු මගේ පාද ඔහු උකුලට ගෙන පිරිමදි. දුකක් නොදැනුනාම නොවේ. මම එක් වරම ආහ් කියමින් ඔහුගේ උරහිස මිරිකා ගතිමි.

සොරි බබා. කි ඔහු දැන් කොහොමදැයි ඇසීය.

“තැන්ක්යු…මිස්ටර්…

මම තිමිර. ඇන්ඩ් යු මිසිස්??

නෝ අයැම් මිස් ෂැනොන් ක්‍රිෂ්.

ඕකේ සි යු සූන්”

කී ඔහු පිටත්ව ගියේ නැවත හමුවෙමු කියාය. ඔහු ගිය විගස මම ඇඳුම් මාරු කොට ගෙන මා ලද දුරකථන අැමතුමෙන් පසු කඩිනමින් පෙරේරා වීදියට ලගා වුනෙමි.

තිමිරයා උඹ හෙන පොරක් නෙ බන්. කොහොමද බන් ඔච්චර හරියක් කළේ??

මං කිව්වනේ මස්සිනා කෙල්ලෝ නම් මට නතින් කියලා. ඔන්න බලපං මං මාසයක් ඇතුලෙ ඒකිව දාගන්න හැටි.

බර අත්තක් වගේ නේ බං..

මට නැති මනි ද මල්ලි? මට ඕනේ මේ ගේම් එකේ ෆන් එක විතරයි.

වේගයෙන් ඇවිදීම නිසා හද ගැස්ම වැඩි වී ඇත. කණ්ණාඩිය ඉදිරියට ගිය මම මා දෙසම බලා සිටියෙමි. දැන් කුමක් වුවද ආපසු නොහැරී ගමන් කිරිමට තීරණය කළෙමි. නාන කාමරයට වැදුනු මම ඇති පදම් නා ගතිමි. වෙලාව යනවා දැනුනෙවත් නෑ. මා තුවාය හැඳගෙන කාමරයට එන විට තිමිර එහි විය.

හොඳයි වැඩ කරන පිළිවෙළ. දොරත් හායි ගාලා ඇරලා. මෙයා කිමිදෙනවා. එකෙක් ගෙට පැනපුදාට හරි. එක අතකට ගෙදර දෙයක් අතගාගෙන ගියොත් මිස මෙයාගෙ මොනා බලන්නද?

මට හීල්ලිනි. මේ කතා කරන්නේ මගේ නීත්‍යානුකූල සැමියාය. ගරහන්නේ, අවමන් කරන්නේ ඔහුගේම බිරිඳටය. මීට සුළු මොහොතකට පෙර සිදු වු දේවල් මා මනසේ ඇඳී මැකී ගියේය.

මට රෑට ඔෆිස් එකේ වැඩක් තියෙනවා. කාලා බීලා, දොරවල් වහලා නිදා ගන්න. මං එහෙන්ම කනවා.

මම දවස් දෙකකට හෂීලාගේ දිහා ගිහින් එන්නද?

ඇයි දෙකක්?? සතියක්ම ඉඳලා එන්න. මටත් වැඩ ගොඩයි ඔෆිස් එකේ. ගෙදර එවෙන්නෙත් නැනේ. ඒක නෙවේ දවල් කොහෙවත් ගියාද?? හොටෙල් ෂැනෝන් පැත්තේ??

න්..නැ..නෑ…ඇයි?

එක අතකට ඒ වගේ වුණාට ඒ ලුක් එක පැත්කතින්වත් යන්න මෙයාට බැහැනෙ කියා තමාට ඇසෙන පරිදි කිවත් ඔහු කිදේ මට ඇසිණි. මට ඒවා කොහොමත් පුරුදුය. හෂි ගේ නිවසට යාමට ලැබීම මගේ පළමු පියවර සාර්ථක වීමකි. තවත් මොහොතකින් ඔහු පිටව ගියේය.

හෂි මං හවස එනවා. මං කියපු දේ පටන් ගත්තා. ඇවිත් ඉතුරුවා කියන්නම්. යාළුවට කතා කරලා ස්තුති කරන්න. හොඳද. දුරකථනය විසන්ධි කළ මම කැඩපත ඉදිරියට ගියෙමි. කවුළුවෙන් හමා ආ සුළඟින් සුහස්ගේ ආගමනය මම හඳුනා ගතිමි.

සඳු, ඔයා හොඳින් නේද?

හ්ම්..

ඔයා තිමිරගෙන් පලිගන්නවා නෙවේ නේද?

නැ සුහස්. මං ඔයාගෙ කැමැත්ත ඒ විදියටම ඉටු කරන්නම්.

විදුලි සීනුව නාද විය. මම ඇඳුමක් දමාගෙන පහළට ගියෙමි. ඉදිරිපස දොර වෙත ගිය මම කවුළුවෙන් බැළුවෙමි. පැමිණ සිටින්නේ හෂීගේ යාළුවා විය යුතුය. මා වෙනුවෙන් හෂී කරන්නේ ද මහත් කැපවීමකි.

“ආහ්, එන්න මිස්ටර්..

මං කැළුම් සඳුනි, හෂී කිව්වෙ මං ගැන තමා.

ආහ් ඔව් මං හැඩරුව්න් ඇඳිනගත්තා.

දැන් මොකද කරන්න හිතන් ඉන්නේ?? තිමිරට නම් මේක ෆන් එකක් විතරයි. ඒත් හෂී කිව්ව දේවල් එක්ක ඔයාට නම් මේක ජීවිතේ ගැන ප්‍රශ්නයක්.

හ්ම් මොනා වුණත් මං උදව් කරන්නම්.

මං දන්නවා මිස්ටර් කැළුම් ඔයා හොද යාළුවෙක්. මට ඕනෙ මගෙ මහත්තයගෙ ආදරේ. එයත් එක්ක ජීවත් වෙන්න. සුහස් ගැන හෂී කියන්න ඇති කියලා මං හිතනවා.

සඳුනි මට අයියා කියන්න. අපි සහෝදරයො වගේ දැන්. මං පුදුම වුණා සුහස් ගැන කතාව අහලා. ඇත්තටම ඔයාට කණ්ණාඩිය බලපුවාම එයාව පේනවද?? මේක කවදාවත් අදහන්න බෑ මට, හෂී කියපු නිසා විශ්වාස කලා මිසක්. මටත් බැරිද එයාව දකින්න??

අයියෙ මං කියන්නේ ඇත්ත, එයා එනවා. ඒත් හෂී ටවත් එයාව පේන්නේ නෑ..මං කතා කරද්දි එයත් අහන් ඉඳලා නම් තියෙනවා. අනේ මට තේරෙන්නේ නෑ අයියේ.

ඒකට කමක් නෑ නංගී, අපි ඔයාගේ අරමුණට යමු. දැන් අපි හෂී ගේ දිහා යමු. එයා බලන් ඇති, මටත් තිම්ර හම්බෙන්න ඕනෙ.

ඔව්, අපි එනවා කියලා මං හෂීට කිව්වා.

අයියා යමු, මං බෑග් එක අරන් එන්නම්.

කාලය වේගයෙන් ගමන් කරන්නාක් මෙන් මට හැඟේ. මම තිමිරට ළඟා විමට කුමක් හෝ කරන්නට සිතා ගත්තෙමි. බෑගය ගෙන කැඩපත දෙස බැලූ මට සුහස් දිස්විය.

සුබ ගමන් සඳූ…

ගිහිං එන්නම් සුහස්..

හෝටලය පසු කර යන විට තිමිරගේ කාරය එහි මම දුටිමි. මදක් සැඟවී  ගත් මම ඊළඟ පියවර ගැන සිතුවෙමි. කැළුම් මා හෂී ගේ නිවසට හැරලා තේ එකක් ද බී ඉක්මනින් පිටත් විය. ඉන් පසු අප දෙදෙනා කළ යුතු දේ ගැන කතා කර ගතිමු. මම තිමිරට කෙටි පණිවිඩයක් යැව්වේ හෂී ගේ නිවසට ආ බව කියමිනි. එයට ද කිසි ප්‍රතිචාරයක් නොවීය. කෙසේ වුවත් කම් නැතැයි සිතා ගත් මම හෝටලයට යාමට සූදානම් වූයෙමි. හෂී මා පෙර දින මෙන් වෙනස් කළ පසු ඇගේ නිවසේ තිබූ කුලියට ගත් රථයෙන් මම පිටත්ව ගියෙමි. මා හෝටලය අසලට ගොස් කැළුම් අයියාට ඇමතුමක් ගතිමි. ඔහු කීවේ තිමිර ආහාර ගන්නා කොටසේ සිටින බවත් දොර දෙස බලමින් හිඳිනා බවත්ය. කැළුම් අයියා ගේ දැනුම් දීමෙන් මම ඉදිපස දොර වෙත පැමිණියේ කාරය පාක් කිරීමට සේවකයෙකුට පැවරීමෙන් පසුය. මා ඇතුළුවත්ම තිමිර කාර්යබහුල පරිද්දෙන් ලැප්ටොප් එක දෙසට දෑස් විහිදන්නට විය. ඔහුගේ අරමුණ දන්නා මම ඔහු නොදුටු පරිද්දෙන් රිසෙප්ෂන් එක වෙත ගොස් සේවිකාව හමුවීමි.

ගුඩ් මෝනින් මැඩම්

ගුඩ් මෝනින් මෝනා.

හව් ඊස් ටුඩේ,

ෆයින් මෑම්.

කවුරුත් ආවද මාව මීට් වෙන්න??

නැ මැඩම්, ඒ සර් කෙනෙක් ඇවිත් මිස් රූම් එකේද කියලා නම් ඇහුවා.

හ්ම්. ඔකේ, මං බලන්නම්. මගෙ රූම් එකේ කීස් දෙන්න මෝනා..

ආ මැඩම්. හෑව් අ ගුඩ් ඩේ!

කාමරයට පැමිණි මට දුරකථන ඇමතුමක් ගත් කැළුම් අයියා කීවේ, තිමිරද මෙහි කාමරයක් ගෙන ඇති බවයි. දැන් මා වඩාත් පරීක්ෂාකාරී විය යුතු බව මට හැඟිණි. මා සරල ඇඳුමකින් සැරසී කෝපි කෝප්පයක් ගෙන්වාගෙන පිටත බරාදයට වී එය තොල ගාමින් සිටියෙමි. තිමිර මා සිටි තැනට කාමර 4ක් දුරින් දුරකථන ඇමතුමක සිටියේ මා නොදුටු පරිදිය, එක්වරම මට ඇමතුමක් ආ අතර, යමෙකු මා අතින් දුරකතනය උදුරන්නට තැනූ අතර මම ද කෑ ගැසීමි.

හෙල්ප්! තිමිර ඒ සැනින් දුව ආ අතර ඒ කොල්ලා පසුපස දුවන්නට විය. මමද පසුපසින් ගියෙමි. එක් වරම යමෙකු මා තදින් අල්ලා පසෙකට ඇද්දේය.

ආහ්. කැළුම් අයියා, කොල්ලෙක් මගෙ ෆෝන් එක අරන් දිව්වා.

නංගි නවතින්න, කලබල වෙන්නෙපා. ඕක තිමිරගෙ ප්ලෑනක්. ඔයා දැන් මං කියන විදියට කරන්න..

හරි අයියේ, මං එහෙම කරන්නම්…

ඉදිරි සැලැස්ම කතාකරගෙන අපි දෙන්නා දෙපැත්තට ගියා. මට මේ සිදුවීම් දකිද්දී ෂර්ලොක් හෝම්ස්වත් මතක් වුණා. අයියා කියපු විදියට මං පඩිපෙල මුල ඉඳන් ඔළුව අල්ලන් කලබලෙන් එහෙ මෙහෙ යන ගමන් එලිය බල බල හිටියා. වටේම අය මේ සිද්ධිය බලන් තමා හිටියේ. රිසෙප්ෂන් එකේ හිටිය මෝනා පවා හිටියෙ කලබලෙන්. තව ටික වෙලාවකට පස්සෙ තිමිර අර කොල්ලවත් ඇදගෙන ඇතුලට ආවෙ වීරයෙක් වගේ. කට්ටියම වට වෙලා බලන් ඉද්දි තිමිර අර කොල්ලව මං ළඟට තල්ලු කලා. කලින් පාඩම් කරපු කතාවක් වගේ ඒත් දුක් බරව ඒ කොල්ලා කියනවා…

අනේ මිස් මට සමාවෙන්න. මං දුප්පත්කමටයි මෙක කලේ. මාව පොලිසියට අල්ලලා දෙන්න එපා. මගෙ අසරණ අම්මව බලා ගන්නෙත් මමයි. ඉහි..ඉහි..

මං ඒ කොල්ලට මුකුත්කිවේ නැ, මං දිහාට දික් කරන් හිටපු ෆෝන් එක අරන් මාත් එක්ක එන්න කිව්වා. එකපාරම තිමිර මා ලගට ඇවිත්,

අ යු ක්‍රේසි ක්‍රිෂ්? ඇයි මේ හොරාව එක්ක යන්නෙ කියලා ඇහුවා..

නෝ මිස්ට තිමිර, බට් අයි හෑව් අ හාර්ට් විත් ෆීලින්ග්ස්. අයි ජස්ට් වෝන්ට් ටු හෙල්ප් හිම්…

එකවරම ඔහු දෙසට රුපියල් 5000 ක නෝට්ටුවක් දිගු කල ඔහු මා යමක් කියන්නටත් පෙර ඒ කොල්ලාව පිටත් කලා. සැලැස්ම අනුව දැන් ඔහු මා හා සංවාදයට එනු ඇත.

ඉතිං ක්‍රිෂ්, අපිට නැද්ද ස්තුතියක්වත් උදව් කලාට?

ඕහ් වයි නොට් මිස්ටර් තිමිර. තැන්ක්ස් අ ලොට්. ඔයා ගොඩක් හොඳ මනුස්සයෙක්.

හ්ම් ඒක නම් මදි, හවසට කොෆි එකක් බොන්න එනව නම් ස්තුතිය පිලිගන්නවා.

හොඳයි, මං එන්නම්කො එහෙනම්..

මං කොහොමද ඔයා එන වෙලාව දැන ගන්නේ??

අයි විල් කෝල් යු..

හ්ම්..ඒත් මගෙ නම්බර් එක ඔයා ළඟ නැහැනේ..

දැන් දෙන්න පුළුවන්නේ..

දුරකථන අංකය ලබා ගත් ඔහු මහත් සතුටින් නික්ම ගියා. මට සිහි වුණේ දවසක් වෙච්චි සිද්ධියක්. ගෙදරට ආපු හිඟන මනුස්සයෙකුට සල්ලි දෙන්න යද්දි, තිමිර මගෙ අතේ තිබුණු රු.100 අරන් රු.20 ක් දිපු හැටි, මට දැණුනු හැඟීම විස්තර කරන්නවත් මට තේරෙන්නෙ නැ. ඒ මනුස්සයම ද මේ කියලා මට හිතුනා. හවස මට කෝල් කරපු තිමිර 6 වෙද්දි කොෆි ෂොප් එක ලඟට එන්න කිව්වා. මමත් ගියා. ඉතාම කඩවසම් ලෙස සුදානම් වෙලා හිටපු තිමිර දැක්කාම මට පුදුමෙකුත් හිතුනා..මේ වගේ කවදාවත් මට සංග්‍රහ නොකරපු මනුස්සයා නන්නාඳුනන කෙල්ලෙක්ට තියෙන සැලකිල්ල දකිද්දි දුකත් හිතුනා.

යු අා ලුකින් සෝ බියුටිෆුල් ක්‍රිෂ්.

තැන්ක් යු මිස්ටර් තිමිර.

මිස්ටර් නැතුව තිමිර කිව්ව නම් අපි යාලුවො කියලා මට හිතන්න තිබුණා…

කෝපි ඇනවුම් කරපු තිමිර ටිකක් වෙලා නිහඬව හිටියා. ඒ අතර මම මගේ අංකයෙන් එයාට කෝල් කලා. මේසය උඩ තිබුණු දුරකථනය දෙස බලා නොබලා මෙන් ඔහු එය විසන්ධි කරලා දැම්මා.

තවත් මොහොතකට පසු..

තිමිර මා දෙස බලා උන් විදිටය මට එතරම් ප්‍රසන්න නෙනවිනි. මන්ද ඔහු මා හට යමක් කියන්නට සුදානම් බවත්, ඒ ක්‍රිෂ් ට මිස මා හට නොවන බවත් අවබෝධ වු නිසාය.

ක්‍රිෂ් ..

හ්ම්??

අැයි කතා නැත්තේ??

එහෙම නැ තිමිර ..මං දෙයක් අහන්නද??

ඔහුට පෙර මා ඉක්මන් විය යුතු බව සිතු මම ඇසීමි..

අහන්න ළමයො..මොකද්ද..

ඔයාගෙ ෆැමිලි එකේ කවුද ඉන්නේ?

ම්..මායි මමි,ඩැඩියි..

අනේ දෙයියනේ, එතකොට මං ඔයාගෙ නෙවෙයිද තිමිර? මම සිතින් අැසිම්..

මං ඇහුවෙ ඔයා..මැරීඩ්ද කියලා..

ඔහ් වට් අ ෆනි, ඔයාට එහෙම හිතෙනවද මාව දැක්කම..?? නැ කෙල්ලේ, මං තාම හොඳ කෙනෙක් හොයනවා…

ඉතිං සිත ඇවිලි ගියා කිවොත් නිවැරදිය.

ඔයා මැරීඩ්ද ක්‍රිෂ් ..මං නම් හිතන්නෙ ඔයත් මං වගේ..

හ්ම්.. ඔව්..සේම්..

අපි ඩිනර් අරන්ම යමුද…

හ්ම්..හොඳයි..

අද මං ගානේ..

අනේ මහන්සිවෙන්න එපා තිමිර. මගේ බිල් එක මං පේ කරන්නම්..

අපෝ ක්‍රිෂ් …කමෝන්, වි ආ ගුඩ් ෆ්‍රෙන්ඩ්ස් නව්…

මම මදක් සිනාසි කැමැත්තක් යැයි කිවෙමි..

හෙට මොනාද ප්ලැන්ස්..

මුකුත් නැ..ඇවිදින්න යන්න ඉන්නේ..

වට්, තනියම??

යා..වයි??

නැහ්,මේ වගේ ලසසසන කෙල්ලෙක් තනියම ඇවිදින්න පුලුවන් කාලයක්ද මේ…

ඉෆ් යු ඩෝන්ට් මයින් මං එන එක කරදරයිද?

මට අවැසි ලෙස සියල්ල සිදු වේ..

ම්හු..නැහ් තිමිර. බට් ඔයාගේ බිස්නස් වැඩ පාඩු වෙනවානේ…

එක දවසකට මොව පාඩුවක්ද ක්‍රිෂ්. අනික හොඳම යාළුවා වෙනුවෙන් ..

රාත්‍රි ආහාරය ගෙන කාමරවලට පිවිසුනු අපි නිදන්නට විමු..මා කල්පනා කලේ හෙට දවස ලස්සන කර ගන්නා සැටිය. මා තිමිරව වෙනස් කිරිමට අධිෂ්ඨාන කලෙමි. පසු දිනට අලුත් ආලෝකයක් උදා වුයේ මාගේ සිතුවිලි සඵල කරන්නට මෙනි. සුදානම් වි තිමිර එක තුරු කාමරයට වි සිටි මා හට දොරට තට්ටු කරන හඬ අඅසුනෙන් මම ගොස් දොර ඇරියෙමි. එක්වරම දොර විවර කළ මා තල්ලු කරගෙන මෙන් ඇතුළට පැමිණි හෂී මා යමක් කියන්නට පෙර දොර වසා දැමුවාය.

මොකද බන් වෙලා තියෙන්නේ??

මට නෙවේ උඹට මොකද වෙලා තියෙන්නේ කියපන්. ඇයි ගොන් හරකියේ උඹ තිමිර එක්ක එළියට යන්න එන්නම් කිව්වේ?? උඹ දන්නවද ඌ කැළුම්ට මොනාද කියලා තියෙන්නේ කියලා??

නෑ.. ඇයි මොනාද? ඌ කිව්වලු උඹ වලේ වැටුණා, අද ඇවිදින්න ගියාම ඔට්ටුව ඌ දිනනවා කියලා..

ආහ්??

ඇහ් නෙවේ උහ්.. මී දෙන..

හෂී තොරතෝංචියක් නැතිව බැනගෙන බැනගෙන යන විට මම ඇයටත් නොකියා කාමරයෙන් පිටත් වී පහත මහළට පැමිණියෙමි.. ඈතින් තිමිර එනු දුටු මම කඳුලු පිසගෙන අත වැණුවෙමි. මා අසලටම පැමිණ කාරය නතර කළ ඔහු කාරයෙන් බැස විත් මා හට ඉඳගන්නට දොර හැරලීය. ඔහුගේ සිතේ කුමක් ඇතිදැයි නිශ්චය කිරීමට මෙන් මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි.

අපි කොහෙද යන්නේ?

යමු ලස්සන තැනකට

මං දන්න තැනක්ද?

කියන්නත් බෑ..

තිමිර ඔයා හරි හොඳ යාළුවෙක්..

ඔයා වගේ කෙනෙක් බඳින කෙනා ගොඩක් ලකී..

මද නිහැඬියාවක් විය. මා කොතරම් වේලාවක් කල්පනා කලාදැයි මම නොදනිමි. තිමිර මගේ අතින් අල්ලන විට මම ගැස්සී හැරී බැළුවෙමි.

මොකද ළමයො ගැස්සුණේ..

මේ කොහෙද?

ලස්සන තැනක්..

කොයි හරියෙද?

එන්නකො යන්න..

අපි කාරයෙන් බැස ඇවිද ගියෙමු. කුඩා කඳු ගැටයකට වන්නට තැනූ පුංචි අවන්හලක් එහි විය. එක්තරා කාලයක තිමිර සමඟ මෙසේ පැමිණ ජීවිතේ ලස්සනම දිනයන් ගෙවා දමන්නට මා සිහින මැවූ සැටි සිහි විය. එක්වරම මගේ දුරකථනය නාද වන්නට විය. ඒ හෂී ය. ඇය කලබල වී මා සොයනා බව මම දනිමි. එදා කාලේ  පටන් මට සිටි හොඳම මිතුරියද සොයුරිය ද ඇයයි. ඇය බිය වන්නේ තිමිරගෙන් මට අවැඩක් වේ යැයි කියාය. නමුත් මගේ නීත්‍යානුකූල සැමියා සමඟ මෙවන් තැනක කුමක් සිදු වුවත් එය බිරිඳක වශයෙන් මා ලබන දෙයක් මිස ඔහුට ද්වේශ කරන්නට සිදුවන දෙයක් ලෙස නොදකිමි. මගේ ද වැරදි ඇත. ගතින් ළං නොවුණත්, ඔහුගෙන් නොලද සෙනෙහස මම සුහස්ගෙන් නොලැබුවෙම් ද? කිසි දිනෙක ඒ උතුම් මිනිසා මා කෙලෙසන්නටවත් නොසිතූ අතර ඒ ප්‍රේමයම දැන් මාගේ සැබෑ ජීවිතය තුළ මා ගෙන නොයන්නේද?

තිමිර මට කෙසේ සැලකුවත් එය ඉවසා දරා ගන්නට මම තීරණය කළෙමි. හෂී කී පරිදි ඔහුගේ සැලසුමක දඩයම වී ඇත්තේ ඔහුම හඳුනා නොගත් ඔහුගේ නීත්‍යානුකූල භර්යාව වන මම නොවේද? නමුත් මෙතරම් දුරක් පැමිණෙන තුරුවත් තිමිර මා හා වදනක්වත් කතා නොකලේය. ඒ පිළිබඳව මසිතේ ඇත්තේ කුහුලකි. පිළීගැනීමේ කවුළුව වෙත ගිය ඔහු දින 5 ක් සඳහා කාමරයක් වෙන් කරවා ගත්තේය. එය මට ඇසුණත් මම එය නෑසුණු කන්ව සිටියෙමි. බොහෝ වේලාවකට පසු තිමිර මා සිටි තැනට අවුත් කෝපි එකක් බොන්නට කැමතිදැයි ඇසුවේය. මම ද හිස වනා ඔහු පස්සේ ගියේ සීතල කෙදිනකවත් දරා නොගත් මගේ සිරුර අපහසුවෙන් පාලනය කර ගිනමිනි. මන්ද මා පිටරක සිටි කෙනෙකු නම් එය එසේ විය නොහැකි බව තිමිර සිතනු ඇතැයි සිතීය. එහෙත් එක්වරම තිමිර පැමිණ ඔහු හැඳ සිටි කබාය ගලවා මට හැඳවීය. මම ද පුදුමයෙන් බලා සිටි නමුත් ඉක්මනින් සිහි එලවාගෙන

මට සීතල නෑ තිමිර යැයි කීවෙමි.

ඒත් මට දාඩියයි ක්‍රිෂ්..

අපි කෝපි පානය කිරීමෙන් අනතුරුව කාමරය වෙත ගිය අතර තිමිර ගමන නවතා එක්වරම නැවත හැරී මා වෙත පැමිණියේය. හදිසියේම එක්වරම හැරී මා වෙත පැමිණි තිමිර මගේ අතකින් අල්ලා ගත්තෙන් මම මදක් තිගැස්සි ගියෙමි. ඒ ස්පර්ශයේ වෙනදා නුහුරු මෘදු බවක් හා ලෙංගතු කමක් විණැයි මට සිතෙන්නට විය. කිසිත් නොකියූ මම ඔහු දෙස විසල් කර ගත් දෑසින් බලා සිටියෙමි..

ක්‍රිෂ්, මට ඔයාට ලොකු කතාවක් කියන්න තියෙනවා. මං දන්නවා ඒක අහපු ගමන් ඔයා මගෙන් ඈත් වෙනවා. ඒත් මට පොරොන්දු වෙන්න මං කියන කතාව ඇහුවට පස්සෙම ඔයා තීරණයක් ගන්නවා කියලා, ඒ වගේම අතරමැද්දෙන් නැගිටලා යන්නේ නෑ කියලා. මට වගේම ඔයාටත් කතාවක් තියෙනවා කියලා මං දන්නවා. ඔහු කී දෙයින් මම මදක් ගැස්සී ගියද ඒ බව නොපෙන්වා ඉන්නට මම උත්සහ කළෙමි.

තව දෙයක්, මං බුක් කළේ එක කාමරයයි. ඒ ගැන නොකිව්වට සමාවෙන්න.

ඇයි වෙන කාමරයක් නැද්ද අපිට ගන්න..?

ම්..නැත්තෙමත් නෑ.. තියෙනවා.. හ්ම්.. ඔයා කැමති නම් මං එකක් බුක් කරලා දෙන්නම්. ඒත් ඔයාට මාව විශ්වාසයි නම් අද මාත් එක්ක මගෙ රූම් එකේ ඉන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.

මගේ සැමියා සමඟ එක කාමරයක ඉන්නට මා අකමැති විය යුත්තේ මන්ද? මදක් කල්පනා කළ මම කියන්නට සුදුස්සක් සෙව්වේ මා කරන්නේද රඟපෑමක් වූ බැවිණි.

හ්ම්..ඕකේ..ඔයා මගෙ හොඳ යාළුවෙක්නේ. අනික මං ඉන්ග්ලන්ඩ් ඉද්දි එහෙ හිටියෙ ඕනතරම් බෝයිස්ලා එක්ක. මං දන්නවා මගෙ ලිමිට් එක. තිමිරට ප්‍රශ්නයක් නැත්නම් මටත් කමක් නෑ.

මදහසක් නැගූ ඔහු ස්තූති කොට මගේන් ඉවතට ගියේ කාමරයේ දොර හැරීමටයි. කාමරයට ගිය පසු සුවපහසු යහනේ පසෙක වූ සෝපාව මත වැටුණු මම මදක් වෙලා කල්පනා කළෙමි. සිදුවන්නට යන් කිසිවක් ගැන අවබෝධයක් නුවූයෙන් මම කාමරය සිසාරා හොඳින් බැලුවෙමි. පුදුමයකි. සඳැල්ලට යන්නට තිබූ දොරටුවට දමා තිබූ දුහුල් තිර රෙද්ද යමක පැටලී තිබෙයි. එහි පාද කොටස දැක්මෙන් මම විස්මිත වූයෙමි. හිත ගැස්සුණා කීවොත් මම නිවැරදිය. මා දකින්නේ සිහිනයක්ද? සිතන්නට වේලාවක් තබා මේ මා දකින දේ තිමිර දැකීමට පෙර සත්‍ය වශයෙන්ම එයම දැයි සනාථ කර ගැනිමට මම ඉක්මන් කළෙමි. මාගේ කාමරයේ තිබූ කැඩපත. එය කළුවර ලීයෙන් සෑදු කැටයම් දමන පද පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අයුරින් නැනූ ඕවලාකාර කැඩපතකි. එහි විශේෂත්වය නම් මා සුහස් හා කතා කරන්නේ මේ කැඩපත තිබෙන විටදී පමණක් වීමයි. තිමිර පැමිණෙන්නට පෙර එය බැලිය යුතු යැයි සිතූ මම ඉක්මණින් ගොස් එය අතගා බැලීමි. මේ මාගේ කැඩපතමය. ඇසිල්ලෙන් මඳ සුළඟක් හැමූයෙන් ඒ සුහස්ගේ ආගමනය බව මම වටහා ගතිමි.

සඳූ..

සුහස්.. මේ මොකද වෙන්නේ?

ඔයා පුදුම වෙනවා නේද?

ඔව් සුහස් මේ කණ්නාඩිය මෙතනට ආවෙ කොහොමද?

සුහස් නිහඬය..

ඔයාට මට වඩා හොඳට මේ හැමදේම පැහැදිලි කරන්න කෙනෙක් ඉන්නවා සඳූ..

ඒ ඒ කවුද සුහස්..

කාමරයේ දොර හැරුණෙන් නොසිතූ ලෙස ඇතුළට පැමිණියේ තිමිරය. මා කෙතරම් තිගැස්සුණාද කිවහොත් ඉක්මණින් කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත් මම එය මුවා කිරීමට උත්සහ කළෙමි. මද වේලාවක් මා දෙස හිස් බැල්මෙන් බලා සිටි තිමිර දොර වසා අගුළු දමා මා වෙත පැමිණියේය. කුමකින් කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකි වූ මම හුන් තැනම ගල් ගැසී සිටියෙමි.

සඳූ..

මම හැරී කැඩපත දෙසත් නැවත හැරී තිමිර දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ මට කතා කළේ සුහස් ද තිමිර ද යන්න නිශ්චය කර ගැනීමටයි. එසේම ඒ සුහස් නම් එය තිමිරට ඇසුණ හොත් කුමක් සිදුවේදැයි සිතා ගන්නටත් නොහැකි බැවිනි. මගේ කලබලකාරී ස්වරූපය දුටු තිමිර මා ළඟට පැමිණියේ ඉතාම සෙමිනි.

සඳූ..මමයි ඔයාට කතා කළේ..

සුහස් නෙවේ..

තිමිර කී සැණින් මම හිස බදාගෙන බිම ඉන්ද වුණේ නොදැණීමය. මේ සිදු වන්නේ කුමක්ද? මම ක්‍රිෂ් නොවේ යැයි තිමිර දැන ගත්තේ කෙසේද? ඊටත් වඩා මට ඔහුගේ දයාබර ආමන්ත්‍රණය කෙසේවත් ඉවසිය නොහැකි විය. ඔහුගේ ප්‍රේමය දිනා ගැනීමට අවැසි වූවත් මගේ ගැහැණු සිත තුළ සිතුවිලි රැසක් ඇඳී යන්නට වූයෙන් ඔහු මට කළ ද්‍රෝහිකම්..මා දුටු ඔහුගේ අශෝභන හැසිරීම්. ඔහුගේ මේ නව පෙරළිය, මා කළ රඟපෑම්, මේ සියලු සිතුවිලි එකට මුසු වීමෙන් මා තුළ වූයේ මහත් පිඩනයකි. බිම හිඳගත් මා වෙත පැමිණි තිමිර මගේ අතකින් අල්ලා මා නැගිටුවාලූ අතර මා වත්තම් කරගෙන ගොස් සෝපාවේ හිඳ ගැනීමට සැලැස්වීය. මේසය මත වූ ජෝගුවෙන් වතුර වීදුරුවක් ගෙනා ඔහු එය මගේ අතේ තබා එය බොන්නට යැයි දෙනෙතින් කීවේය. මේ සියල්ල සිතා ගත නොහැකි වූ මම කතරක සිටි අයෙකු මෙන් වතුර වීදුරුව එ්‍ක හුස්මට පානය කර හැරී බැලුවේ කැඩපත දෙසය.

ඔයා සංසුන් වෙන්න සඳූ. මං දන්නවා ඔයා හිතන දේවල්. ඔයා ඉන්නේ පුදුමෙන්, පීඩනයෙන්, සමහරවිට තරහකින් වෙන්නත් පුළුවන්.

මම දෑස් විසල් කර තිමිර දෙස බැලීමි…

තවත් ඔයාව පීඩාවට පත් කරන්න මට ඕන නෑ සඳූ. මං අද ඔයාට මේ හැමදේම කියනවා. පොරොන්දු වුණූ විදියට ඔයා මට ඇහුම්කන් දීලා තීරණයක් ගනියි කියලා මම විශ්වාස කරනවා.

මම කිසිත් නොකියා ඔහුගේ දෑස් දෙසම බලා සිටියෙමි. සිතෙහි ඇතිවූ වේදනාව කෙතරම් වීද කියතොත් මටත් නොදැනීම මම මා අසල හිඳගෙන සිටි තිමිරගේ ගෙළ වැළඳගෙන මහත් හඬින් හැඬුවෙමි. කෙතරම් වෙලාවක් මා හැඬුවාද මම නොදනිමි. එහෙත් ඒ මුළු කාලය තුළ තිමිර මගේ හිස අතගාමින් මා තුරුළු කරගෙන සිටි බව මට සිහි විය.

සඳූ.. දැන් ඇති මැණික.. ඔයාගෙ හිත සංසුන් වෙනකල් අඬන්න දීලා මම බලන් හිටියෙ.. දැන් ඇති. යන්න ගිහින් වොෂ් එකක්දාගෙන එන්න.. අද අපි කතා කරමු. තව කෙනෙක් එනවා අපිව හම්බෙන්න..

ඔහුගේ තුරුළෙන් මිදුණු මම ඔහුගේ දෑස් දෙස බැලුවෙමි..

ඔහොම බලන්නෙපා ළමයො. කෝ යන්න.. මටත් මහන්සියි.. මටත් ඇඟ හෝදගන්න ඕනේ.

කී ඔහු මගේ කම්මුලක් සෙමින් පිරිමැද්දේය. මද වේලාවක් කැඩපත දෙස බලා සිටි මම නැගිට ගොස් ඇති පදම් නා ගතිමි. තිමිර නාන කාමරයේ දොරට ගසන තුරුම මට එහි සිටි කාලය අමතක විය. ඇඳුමක් මාරු කර ගත් මම තිමිරට නා ගැනීම සඳහා අවස්ථාව ලබා දී කාමරයට පැමිණියෙමි. කැඩපත අසලට ගියද වෙනදා මෙන් මා තනිවම සිටියා වුවද සුහස් පැමිණියේ නැත. තිමිර නෑමෙන් පසු හිස පිස දමමින් කාමරයට පැමිණියේය. මා දෙස බලමින් හිස පිස දැමූ ඔහු,

අනේ සඳූ.. මගෙ ඔළුව ටිකක් පිහදාන්නකො. දුර ඩ්‍රයිව් කරපු හින්දද මන්දා අත රිදෙනවා..

කීවෙන් මම කිසිත් නොසිතා ගොස් තිමිරගේ හිස පිසදමන්නට වීමි. ඇඳෙහි වාඩි වි සිටි ඔහු මා හිස පිසදමන විට මගේ ඉණ වටා දෑත යවා මා ළඟට ගත්තේය. එයින් මද සැනසීමක් ලද මම ඔහුගේ හිස අල්ලාගෙනම ඔහේ බලා සිටියෙම්. ටික වේලාවකින් කෝපි එකක් ගෙන්වා ගත් ඔහු එය පානය කරන අතරතුර..

දැන් ඔයාට කොහොමද? මගේ කතාව අහන්න ලෑස්තිද?

දිගු හුස්මක් හෙළු මම ඔව් කීමට මෙන් හිස වැනුවෙමි. එවිටම කවුළුවෙන් ආ මද සුළඟත් සමග. හමා ආ මද සුළඟින් සුහස්ගේ ආගමනය මම හඳුනා ගතිමි. මගේ හදවත සැලෙන්නට වූයේ තිමිර මෙහි හිඳීම හේතුවෙනි. මගේ සුරතින් අල්ලා ගත් තිමිර මා ඔහු ළඟට කැඳවා ගත්තේය. මම ද තුෂ්නිම්භූතව බලා සිටියෙමි..

සඳූ..

මම තිමිරගේ මුහුණ බැලීමි..

කතා කරන්න සඳූ..ඒ සුහස් නේද?

සු..සු.හ්හ.ස්. ඔයා සුහස්ව දන්නවද තිමිර??

ඒක මම පස්සේ කියන්නම්. අපි හම්බෙන්න ආව අමුත්තට මෙහෙම සලකන එක හොඳ නෑ නේද?

ඔයාටත් සුහස්ව ඇහෙනවද තිමිර?

ඔව්..ඇහෙනවා විතරක් නෙවේ පේනවා සඳූ. බය වෙන්න එපා. මං ඔයාව වරදවා හිත්නේ නෑ. අපි සුහස්ව නිදහස් කරලා අපේ කතාව පටන් ගනිමු. සුහස්.. කතාකරන්න..

අපි දෙන්නටම ඔයාව හොඳට ඇහෙනවා, පේනවා..

සඳූ, තිමිර.. මම අද ඉන්නේ ගොඩාක් සතුටින්. තිමිර මම මිට කළින් ඔයාට හැමදේම කිව්වා. සඳූ මම එදා මල් වාස් එක බිඳපු දවස මතක ද ඔයාට. එදා මං තිමිරට පේන්න ආවා. එයා කණ්ණාඩියෙන් මාව දැක්කා. එයා ඔයාව හෂීලගේ දිහා ඇරියට පස්සේ ගෙදර ආවා. තනියම. ඇවිත් කණ්නාඩිය ළඟ ඉඳගෙන කතා කළා. මං දන්නවා තිමිර මාව දන්නේ නෑ. ඒත් ඔයා තවත් දුක් විඳිනවා මට බලන්න බැරි නිසා මම තිමිරට හැමදේම කිව්වා. දැන් තියෙන්නේ ඔය දෙන්නගෙ වාරේ. මමත් මේ ලෝකෙන් යන්න ඕනේ. තිමිර, මචං මං දන්නවා මම සඳූට ආදරේ කළ එක වැරදියි. ඒත් ඒ කෙල්ල අසරණ වෙලා හිටියෙ. මගේ ආදරේ ඇත්තක්. කවදාවත් අපි අතර වැරදි දෙයක් වුණේ නෑ. අතින් අල්ලලා හැර වෙන කිසිම වරදක් කළේ නෑ..

සුහස් මචං ඕවා කියන්න එපා. මට මගේ වැරැද්ද හදා ගන්න උදව් වුණේ උඔනේ. මමයි මෙතන වැරදි. කොහොම ස්තූති කරන්නද?

සඳූ..

හ්ම්..

මා එක්ක තරහද..

න් නෑ සුහස්..

ඔයාට ගොඩක් පිං. මාව නිදහස් කරනවද දැන්? අඬන්න එපා ළමයො. ඔය දෙන්න ගොඩක් හොඳින් සතුටින් ඉන්න. ආදරෙන් ඉන්න. මට ඒ ඇති. මට අවස්ථාවක් ලැබුණොත් ආයෙම මං ඔයාලා ළඟට එනවා. මං යනවා..

ටික වේලාවකින් මද සුළඟ දැඩි මාරුතයක ස්වරූපයක් ගත් අතර සෙමින් සෙමින් එය නිමා වෙත්ම කැඩපත දෙදරා පුපුරා යන්නට විය. අපි දෙදෙනා ඒ දෙස බලා සිටින විට තිමිර මගේ දෑතින් අල්ලා ගත්තේ දිගු කතාවකට මුල පුරන්නට මෙනි.

හ්ම්. ඔයාගෙ කතාව මං දන්වනේ. මගෙ කතාව කියන්නද මං?

මොකටද ඒ පරණ දේවල් තිමිර?

නෑ..මට හිත නිදහස් කර ගන්න ඕනෙ සඳූ. මම ඔයාව මැරි කරපු දා ඉඳන් කවදාවත් ගෙදර හිටියෙ නෑ. බිස්නස් මත්තෙම නැහුණා මිසක්. ඒක මගෙ වරද. පාර්ටිවලට ගියාම එක එක කෙල්ලො මට ළං වුණා. මං දැක්කෙ උන්ගෙ ලස්සන විතරයි. මට තේරුම් ගන්න බැරි වුණා උන් එන්නෙ මගෙ සල්ලි පස්සෙ කියලා. මමත් ඔයාගෙ ආදරෙන් ඈත් වෙලා උන් පස්සේ ගියා. මං සමාවට සුදුසු නෑ සඳූ.

මගේ දෑත් අත්හැර තිමිර කවුළුව අසලට ගොස් හඬන්නට විය. ඔහු හඬනවා මා කවදාවත් දැක නැත. එය මගේ සිතට පීඩාවක් වූයෙන් මම ඔහු ළඟට ගොස් ඔහු සැනසීමි.

මට ඔයා සමාව දෙනවද සඳූ??

ඔව් තිමිර..

කවදාවත් මගෙන් ඇතට යන්න එපා. මං තනි වෙනවානේ. මාත් සුහස්ට ආදරේ කළා. මට ඒකට සමා වෙන්න..

නෑ කෙල්ලේ. ඒක වැරදි නෑ. මමයි ඔයාව ඒ තත්ත්වෙට පත් කළේ. මොනා වුනත් සුහස් මට වඩා ඔයාට ආදරේ කරලා තියෙනවා සඳූ. ඒ ආත්මෙ පවා ඔයාගෙ සැනසීම දැකලා මිසක් ගියෙ නෑ. අපි සුහස් වෙනුවෙන් පිංකමක් කරමු. එයාගෙ ගෙදර අයටත් උදව් කරමු.

අනේ ඔයාට පිං තිමිර..

පිං.. ම්ම්ම් මට පිං විතරද? මගේ ලස්සන නෝනා මට වෙන මුකුත් දෙන්නෙ නැද්ද?

මම ලැජ්ජාවෙන් ඉවත බලා ගතිමි. මගේ මුහුණ දෝතින්ම ගත් තිමිර,

ඔයා අකමැති නම් මම බල කරන්නේ නෑ සඳූ. මං ඔයාට ආදරෙයි. ගොඩක්..ආයෙ කවදාවත් මේ ඇස්වලට කඳුළු දෙන්නේ නෑ.

මම එක්වරම ඔහු වැළඳ ගතිමි..

තිමිර සෙමින් සෙමින් මගේ කෙහෙරැලි අතරින් දෑත යවමින් හිස අත ගාන්නට විය. මට දැණුනේ සැනසීමකි. මම දෑස් වසාගෙන ඔහුට තුරුළු වී සිටියෙමි.

ස..ඳු..

ම්..

මට ආදරෙයිද?

හ්ම්..

බස්සියෙක් ද?

නෑ..

කියන්නකෝ..

මොනාද..

ආදරෙයිද මට..

ආදරෙයි මං මහත්තයෝ..

මගේ වෙනවද..

හ්ම්..

හැමදාටම..

හ්ම්..හැමදාටම..

ඔහුගේ පුළුල් උරතලයේ රැඳී සිටි මගේ බාහු යුවළින් අල්ලා මා ඔහුගේ මුහුණ කෙළින් තැබූ තිමිර බොහෝ වේලාවක් මා දෙස බලා සිටියේය. සියුම් ලජ්ජාවකින් සිත පිරී යද්දී ඔහු සෙමින් මගේ කොපුල් පිරිමදින්නට විය..

මම ඉවත බලාගෙන සිටියෙම්..

අපි ගමනක් යමුද?

කොහෙද..

වැඩිය දුර නෑ..

හ්ම්.. යමු. හැබැයි මෙහෙම නෙවේ..

කෝ ඉඳගන්න. ඔහු ලේන්සුවක් ගෙන මගේ දෑස් වසාලූවේය..

ඇයි අනේ මේ..

ෂ්..ෂ්..මාව විශ්වාසයිනේ..

ඔව් තිමිර..

මගේ අතින් අල්ල ගන්න..

කාමරයෙන් පිටතට පැමිණෙන බව මට වැටහුණි. තව තැනක නැවතී දොරක් හරින හඬ ඇසුණෙන් මම,

තිමිර..

මං ඔයා ළඟමයි..

දොරක් වැසුණි. මගේ දෑසේ වූ පටිය මුදන ලද බැවින් මම දෙනෙත් හැරියේමි. මනාව සරසන ලද කාමරයක මැද වූ මංගල යහන දැකීමෙන් මම මදක් ලජ්ජාවට පත්වූයෙමි. ඒ කාමරය පුරා දැල් වුණු සුදු පැහැති ආලෝකයන් සිතට ගෙනාවේ සැනසිමකි. විදුලි බුබුළු නිවා දැමු ඔහු තැනින් තැන තිබු ඉටිපන්දම් දල්වන්නට වුයේ නිහඬවමය. ඉටි පහන් දල්වා අවසන ඔහු එක් ඉටිපන්දමක් ගෙන මා වෙත පැමිණියේය. ඒ පහන් දැල්ලේ ආලෝකයෙන් මගේ මුහුණ දෙස බලා හිඳින්නට විය.

ලස්සනයි…

මොනවද..

ඔයා සඳු..

අද ද දැක්කේ..

හ්ම්…

මට මේ ලස්සන දකින්න කල් ගියා සඳු..තරහද මා එක්ක..??

නැ..

ඇයි කතා නැත්තේ..

මුකුත් නැ මහත්තයෝ..

ඔයා සතුටින්ද..

හ්ම්..ලස්සනයි කාමරේ…

මගෙන් වුනු අඩුපාඩු ගැන ලැජ්ජයි මට..

මම ඔහුගේ දෑතින් අල්ලාගෙන පහන් දැල්ලට පිඹ නිවා දැම්මෙන් ඔහු මා අල්ලා ගන්නට උත්සහ කලේය. මමත් තිමිරගෙන් මිදි සඳළුතලයට දිවගියෙමි. තිමිරත් මගේ පස්සෙන්ම ආවා. මාව අල්ලනවත් එක්කම තිමිරව ලිස්සුවා. අපි දෙන්නම අැදගෙන වැටුනා. මං තිමිරගෙ පපුව උඩ.

අම්මෝ බර..

මම බරද..

තරහයි මං..

මගෙ මැට්ටි..

මෙහෙට එනවා..

නැගිටින්න ගිය මම ආයෙත් එයාගෙ පපුවටම වැටුණා..

අනේ..අතාරින්නකෝ..

අද අල්ලගත්තේ අතාරින්න නෙවෙයි මැට්ටියො..

මම ලජ්ජාවෙන් ඉවත බලාගත්තා..

ඔයා කැමති නැද්ද..

මොනාටද…

මං ඔයාව අල්ලනවට…

මම දැස් ලොකු කරගෙන බලා හිටියෙ ඒ ඇස්වල තිබුනු හැගිම් දිහා..

එහෙම නැ..

මට ලැජ්ජයි…

මමනෙ ඔයාගෙ මහත්තයා..

මේ බලන්නකො..මං දිහා..

මම අහක බලන් ඉද්දි තිමිර ඇස් වහගෙන. මට දුක හිතුනා. තිමිරගෙ හදවත ගැහෙන හඬ මට ඇහුණා. තිමිර ඇස් වහන් ඉද්දි මම හෙමිහිට කමිසයෙ බොත්තම් දෙකක් ලිහිල් කරලා ඒ පිරිමි පපුවට තොල් තිබ්බා. ජීවිතේ පළමු වතාවට පිරිමියෙකුගෙ සුවඳ මං වින්දා. තිමිරගෙ ඇඟිලි තුඩු මගේ පිට දිගේ දඟ කරද්දි මං ඒ පපුවට තවත් තුරුළු වුනා. හෙමිහිට මගේ කෙහෙරැලි අතර දුවන තිමිරගෙ ඇඟිලි හිතට ගෙනාවෙ පුදුම හැඟිම් තොගයක්. මං තදින් එයාට තුරුළු වුනා. එකපාරම තිමිර මාව බිමින් තියලා මගේ සිරුරට සමාන්තරව මට ඉහලින් හිටියා. තිමිරගෙ බාහුවකට මගේ හිස තියලා පැත්තට හැරිලා මං දිහා බලං හිටියා. ඇඟිලි තුඩුවලින් මගෙ මුහුන පිරිමදිද්දි ඒ ඇස්වල කඳුලක් දිලිසුනා. කම්මුලකට වැටුනු කඳුලක් මද අදුරෙ දිලිසුනා. මම මදක් ඉස්සිලා කම්මුලේ තිබුනු ඒ කඳුල තොල්වලින් උරා ගත්තා. එකපාරම තිමිර මගෙ මුළු මුහුනම සිප ගත්තේ පුදුම සංයමයකින්..මට දැනුනු සැනසිම වචනෙන් කියන්න බැ..

මගේ මුහුන දිහා බලන් ඉඳපු තිමිර ඉල්ලන්නෙ මොනාද කියලා තේරුම් ගන්න මට වැඩි වෙලා ගියෙ නැ. තිමිර මගෙ මුහුනට පාත වෙද්ද් මම දැස ප්යා ගත්තේ ඒ හැඟීම විඳ ගන්න. තිමිරගෙ තොල්වලින් උණුසුම් වුන මගේ දෙතොල් කුළුඳුලේ ඉඳුල් වෙද්දි කඳුළු ආවෙ සතුටට. එකවරම තිමිර මගෙන් ඇත් වෙද්දි ආයෙම මං ඔහුව මං ලඟට ඇදලා ගත්තා. පෙරටත් වඩා තදින් එකට යා වුනු තොල් වගේම තිමිර මාවත් තදින් වැළඳ ගත්දි අනුරාගයේ මොහොතක් උදාවෙන බව මට තේරුනා. මාව දැතට ඔසවාගෙන යහනට අරගෙන ගිය තිමිර මගේ පාද වල සිට මාව සිප ගන්න පටන් ගත්තා. ඒ දැනුනු කිතිය.. නුහුරු හැඟිම් විඳගන්න මට තිමිර මට ගොඩක් ඉඩ දුන්නා. හෙමින් මගේ මුහුන ගෙල උරහිස සිපගත් තිමිර ආයාචනාත්මක බැල්මෙන් මං දිහා බලද්දි මද අඳුරෙ ඒ ඇස්වල තිබුනු මත් බව මාව තවත් කිති ගැන්වුනා. දැස්වලින් කල කතාවක අග තිමිරගේ ඇඟිලි තුඩු මගේ රෑ ඇඳුමෙ පටි සෙමින් උරහිසින් ඉවත් කරද්දි මම දැස් අඩවන් කර ගත්තා.

මුළුමනින්ම මා සිපගත් තිමිර මගේ ළමැද සිපගත්දි මම දැන් තිමිරගෙ කියන හැගිම මට දුන්නෙ සතුටක්. සියුම් වේදනා..සරාගි සිපගැනිම් වැස්සක අවසන..මම සිතිනුත් ගතිනුත් තිමිරගේම වුනා.

 

***********සතියකට පසු*************

 

හෂි අපි දෙන්නව දැකලා හිනා වුනා. මට පුදුමත් හිතුනා. එයා සහ කැළුම් අයියා ආදරේ කරනවළු. අපි දෙන්න ගැන තිමිර හැමදේම එයාලට කියලා. අපි සුහස් වෙනුවෙන් දානයක් දිලා පිංකමක් කලා. සුහස්ගෙ අක්කට යෝජනාවක් බැලුවා. අපි එක්ක නවතින්න සුහස්ගෙ අම්මව කැමති කර ගත්තේ තිමිරමයි.

හ්ම්ම්. මම දැන් සම්පුර්ණ ගැහැනියක්…

මේ මගේ ප්‍රේමයේ කතාවේ අවසානයයි..

 

කතෘ : මල්කි ජයසිංහ
eBook by CharityShop Knowledge HUB

ප්‍රේමය නම් නුඹයි – EB0006

ප්‍රේමය නම් නුඹයි – EB0006

මගේ අයියේ ඇයි මට මෙහෙම කරන්නෙ මන් මොකක්ද ඔයාට කරපු වරද මගේ අයියේ…

පිස්සුද ගෑනියේ අදත් උබ මගේ ඔෆිස් එකට ආවේ මට ලැජ්ජ කරන්නද පලයන් යන්න ආපු අතක් බලාගෙන කවදාවත් නැතුව එයාගෙ අත මගේ කම්බුල හරහා ගියේ මට හිතාගන්නවත් බැරි විදියට මට උන් හිටි තැන් අමතක වෙද්දී මන් දුවගෙන ආවේ එයාගෙ දිහාවත් නොබලා ඇත්තටම මට එයාගෙ දිහා බලන්න හිතුනෙවත් නෑ….ටැක්සි එකකට අත දාපු මම කෙලින්ම ආවේ බෝඩිමට

හිමාෂා…උබ අදත් ගියා ද අරුව මීට් වෙන්න මම උබට කී සැරයන් කියලා තියෙනව ද නුහාන්ව  මීට් වෙන්න යන්න එපා කියලා ඌ උබට ආදරයක් නෑ කෙල්ලේ

ඒ පහන්දි මගේ හොදම යාලුවා මගෙ දුකේදී ත් සැපෙදීත් මගේ ලගම හිටපු මගේ හොදම යාලුවා අනේ පහන්දි මම අඩාගෙනම ඒකීව බදාගත්තේ මගේ  දුක නැති කරගන්න ඕන නිසා …

මොකක්ද බන් කරන්නේ ඇයි නුහාන් මට මෙහෙම කරන්නෙ මන් මොකක්ද එයාට කරපු වැරැද්ද

මන් මගෙ නුහාන්ට  ගොඩක් ආදරෙයි බන් මට එයාව අමතක කරන්න බෑ මට තේරෙනවා බන් උබව ….ඒත් ඌ උබට ආදරයක් නෑ බන්.. උබ අඩලා හිතේ තියෙන දුක නැති කරගනින් මැණික

මන් පැයකට වඩා පහන්දිව බදාගෙන අඩන් ඇති දැන් මදැයි ඔය ඇඩුවා උබ උදෙටත් කාලා නෑ නේද ගිහින් මූණ හොදගෙන වරෙන් කෑම කන්න

මන් මොනවහරි ඉක්මනට හදලා ගන්නම් මට කන්න බෑ බන් ….අනේ මේ හිමාෂා උබ හදන්නේ උබට ආදරයක් නැති මිනිහෙක් නිසා මැරෙන්න ද එතකොට අර ගමේ ඉන්න අහිංසක අම්මටයි තාත්තටයි මොකද වෙන්නෙ කියලා උබ නිකමටවත් හිතුවද

කියපන් හිමාෂා උබ මෙහෙම පිස්සු නැටුවොත් උබේ අහිංසක තාත්තට මොකද වෙන්නේ

මගේ ගම ඇඹිලිපිටිය  මගේ පවුලේ අම්මයි තාත්තයි නංගියි විතරයි ඉන්නේ. තාත්තා කලේ පොල් කඩන එක

ඒත් අපි දවස පිරිමහගෙන සතුටින් ජිවත් වුනා අපේ සතුට හිටි හැටියේම හුලගක් ඇවිත් ගහගෙන ගියේ හිතුවෙවත් නැති වේලාවක

ඒ දවසක් තාත්තා ග්‍රාමසේවක මහත්තයගෙ ගෙදර පොල් කඩන්න ගිහින් ගහෙන් වැටුනට පස්සේ එදා ඉදන් උදේටයි හවසටයි අම්මා  කඩයප්පයන් හදලා ගෙවල් ගානේ ගිහින් විකුනලා ගන්න ආදායමෙන් තමයි අපි ජිවත් වුනේ…මන් ටිකක් ඉගෙන ගෙන තිබුනා ඒලෙවල් කරා ඒලෙවල්  පාස් වුනත් කැම්පස් යන්න ලකුණු මදි  වුනා

ඔය අතරේ තාත්තගෙ ඔපරේෂන් එක කරන්නයි නංගීට හොදට උගන්නන්න හිතාගෙන තමයි මන් කොළඹ ආවේ ම ජොබ් එකක් හොයාගෙන.. මන් කොළඹ එනවට අම්මා පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ මට  ලේසියෙන්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන් වුනා ඒ ගාමන්ට් එකක රෙදි මහන්න  ..

…..හිමාෂා හිමාෂා  …. මන් එකපාරටම  ගැස්සිලා ගියේ පහන්දිගේ කටහඬත් එක්ක අහපන් කෙල්ලෙ අපි ඔය හැමදේම අමතක කරලා දාලා උබගේ තාත්තගෙ ඔපරේෂන් එක කරන විදියක් ගැන හිතමු . පහන්දි කොහොම කිව්වත් මට නුහාන්ව අමතක කරලා හිතහදාගන්න බෑ මන් එයාට ගොඩක් ආදරෙ කලා..

එයත් මට ගොඩක් ආදරෙ කලා එයා වෙනස් වුන විදිය හරියට හීනයක් වගේ

හිමාෂා  හොඳ ළමයා වගේ දැන් මේ බත් ටික කාලා ඉමු.. කන්න හිතක් තිබුණේ නැතත් බතුයි පරිප්පුයි එක්ක  බත් කටවල් දෙකක් කෑවේ පහන්දිගේ බල කිරිල්ල නිසා ..

කෙල්ලෙ , ම්ම්ම් අපි හැමදේම අමතක වෙලා යන්නත් එක්ක හවසට පන්සලට යමු.. .. හ්ම්ම්ම්ම් යමු ..මටත් ඕන වුනේ ටික වේලාවකට හරි හිත එක තැනක තියාගන්න .

හිමාෂා කෙල්ලෙ  නැගිටපන් දැන් පන්සල් යන්න ලෑඑ වෙයන් ඉක්මනට පරක්කු වෙනවා

මට ඇහැරුනේ පහන්දිගේ කටහඬත් එක්ක ඒකී පන්සල් යන්න ලෑස්ති  වෙලත් එක්ක මන් ඇදෙන් නැගිටලා බාත්රූම් එකට ගියේ හොදට නාගන්න හිතාගෙන නාගෙන ආපු මම සුදු දිග ස්කට් එකයි බ්ලවුස් එකයි ඇදගෙන පන්සල් යන්න ඕන කරන බඩු ටික ලෙස්ති කරගත්තේ…

අපි ආවේ බෙල්ලන්විල පන්සලට  පන්සලට ඇවිත් මල්පහන් පූජකරලා බුදුන් වැදලා භාවනා කරලා ඉවර වුනාම හිතට දැනුනේ පුදුම සැනසීමක්

මායි පහන්දි බෝඩිමට එනකොට රෑ 9ත් පහුවෙලා දවල් උයලා තිබුනු ඒවත් එක්ක පහන්දි මට බලෙන්ම බත් කටවල් දෙකක් කැව්වේ මන් එපා කියද්දීමයි ..ඇදුම් මාරු කරගෙන ඇදට ආවේ ටිකක් වෙලා නිදාගන්න ඕන කියලා හිතාගෙන ඒත් නින්ද අහලකටවත් එන්නෙ නෑ..

අනේ මාව බේරගන්න  ,මාව බේරගන්න.. කවුරුත් නැද්ද කෑගගහා  මන් දුවගෙන ආවේ මගේ පස්සෙන් කවුදෝ කට්ටියක් එද්දී ..එදා හොදටම වැස්ස මට වැඩ ඉවරවෙනකොට රෑ නවයත් පහුවෙලා..

එදා පහන්දි ගමේ ගිහින් මන් තනියම බෝඩිමට එනකොට කවුදෝ කට්ටියක් මගේ පිටිපස්සෙන් ආවේ මාව අල්ලගන්න බලා ගෙන එදා වැස්ස නිසා මන් කෑගනවා කාටවත් ඇහුනේ නෑ මන් පිටිපස්ස බල බල දුවන කොට මන්  එකපාරටම බිම වැටුනා මට මතකයි.. මට සිහිය එනකොට මන් හිටියේ හොස්පිට්ල් එකේ

මගේ කකුල ගොඩක් තුවාල වලා මන් දුවනකොට මන් හැප්පිලා තිබුණේ නුහාන්ගේ කාර් එකට නුහාන් තමයි මාව හොස්පිට්ල් එකට එක්කන් ඇවිත් තියෙන්නේ  මන් දවස් දෙකක් හොස්පිට්ල්  එකේ හිටියා ඒ හැම දවසකම නුහාන් ආවා මාව බලන්න

මට නුහාන්ව මුනගැහුනේ එහෙම නුහාන් හැමදාම මට හවසට කතා කලා ටික දවසක් යනකොට අපි හොදම යාලුවො වුනා

ඒත් එක්කම අපිට ආදරවන්තයෝ නොවී ඉන්නත් බැරි වුනා නුහාන් මට ගොඩක් ආදරේ කලා

අපිට පුළුවන් හැමදවසකම වගේ අපි මීට් වුනා

අපි ගොඩක් ආදරෙන් හිටියා…

ඒ හැමදේම මතක් වෙද්දී ආයෙත් ඇස් දෙක කදුලුවලින් තෙත් කරේ මටවත් නොදැනීම

එකපාරටම මාව ගැස්සිලා ගියේ පෝන් එක වයිබ්‍රේට් වෙද්දී එයාගෙන් මැසෙජ් එකක්

මන් ඉක්මනට මැසෙජ් එක බැලුවේ එයා මොකක්ද එවලා තියෙන්නේ කියලා බලන්න මට තිබුණේ පුදුම කලබලයක් නිසා

“හිමාෂා  මට සමාවෙන්න මාව අමතක කරන්න මට තවත් ඔයා ලග ඉන්න බෑ මට මැරි කරන්න ගර්ල් කෙනෙක් ඉන්නවා ඔයා සතුටින් ඉන්න .”

මැසෙජ් එක කියවපු මගේ පපුව පිච්චිලා ගියේ එයා කොහොමද මට මෙහෙම කරන්නෙ කියලා හිතාගන්න බැරිව

මට කෑගහලා අඩන්න ඕන වුනත් මන් ඉවසගෙන හිටියේ හැමදේම දරාගෙන මගේ පවුල ගැන හිතලා තාත්තව කොහොමහරි සනීප කරගන්න ඕන නිසා

හිමාෂා .නැගිටපන් උදේ දහයත් වෙලා මන් නැගිටලා ඇදුම් මාරු කරගෙන ආවේ ටිකක් නිදහසේ ඉන්න ඕන කියලා හිතාගෙන මමයි පහන්දි සතියක් බෙල්ලන්විල පන්සලට ගියා පන්සලට ගියාම පුදුම සැනසීමක් දැනෙන්නේ පහන්දි අර නුහාන්

දෙයියනේ එයා කිව්වේ ඇත්තද එයාට මැරි කරන්න කෙල්ලෙක් ඉන්නවද එහෙනම් ඇයි එයා මට ආදරේ කරේ මට බොරුවක් ද එයා කරේ ….

එයා වෙන කෙල්ලෙක්ගේ අතේ එල්ලීලා ගියේ මාව දැක්කත් නොදැක්ක ගානට මන් පහන්දි එක්ක බෝඩිමට අවේ අඩාගෙන එහෙමම ඇදට වැටුනු මම අඩ අඩාම නිදාගත්තේ හරියට පිස්සියෙක් වගේ

මෙහෙම මාස තුනක්  වගේ ඇඩු කදුලින්ම ජිවත් වුනේ මට මැරෙන්න බැරි නිසා මගේ තාත්තා ගැන හිතලා

ජොබ් එකට යන්න හිතුනේ නැතත්  පහන්දි මාව බලෙන්ම වගේ  ජොබ් එකට එක්කන් ගියේ ජොබ් එකත් නැති වෙයි කියලා හිතලා

වැඩට ගිහින් ඇවිත් හැමදාම රෑට නිදාගත්තේ  අඩලා ,එයා එවපු සිංදු අහලා..

මන් පහන්දිට හොරා නැගිටලා ගියේ හැන්ඩ්ෆ්‍රි දෙකත් අරගෙන ඇවිත් එයා එවපු සිංදු අහන්න..

පොරොන්දුවක් තියන්නම් ලෙයින් දිව්රලා,

වෙනස් නොවී සදා කල් හිඳින්නම් කියා,

ඔබෙන් එහා හෙටක් ජීවිතේ නැති නිසා,

මොන දේ උනත් ඔයාව අත් හරින්නෙ නෑනෙ මා.

එයත් එක්ක කතා කරන් නැතුව එයාව දකින්නෙවත් නැතුව දැනට මාස  අටකටත් වැඩි කදුලු හංගගෙන හැමදේම දරාගෙන දැන් මන් ජිවිතේට මූන දෙනවා.

අද ඉරිදා නිවාඩු දවස මන් උදේන්ම නැගිටලා ගමේ යන්න ලෑස්ති වුනේ තාත්තව බලලා එන්න හිතාගෙන ….. මන් බස්ටෑන්ඩ් එකට ආවේ ගමේ යන්න තියෙන බස් එක අල්ලගන්න මන් කඩේකට ගිහින් ක්‍රිම් කැකර් බිස්කට් එකකුයි බීම බෝතලෙකුයි ගත්තේ ගෙදර අරන් යන්න..

හවස දෙක වෙනකොට මට ඇඹිලිපිටිය ටවුන් එකට යන්න පුළුවන් වුනා..

එතන ඉදන් ගෙදර ලගටම ගියේ පයින්

මන් ගෙදර ලගට යනකොට නංගි මාව දැකලා දුවගෙන ආවේ පුදුම සතුටකින් මන් ගෙදර ආවේ හරියටම මාස හතරකට පස්සේ අම්මේ අම්මේ මෙන්න අක්කා එනවා..

අම්මා මාව දැකලා දුවගෙන ආවේ අඩ අඩා

ඇයි ලොකු උබට ගමේ එන්න බැරි වුනේ උබ හොදටම ඇදිලා ගිහින් මන් මුකුත් කියන් නැතුව හිනාවුනේ වෙන කරන්න දෙයක් නැතිකමට

යමන් ඇතුලට….

මන් ගිහිපු ගමන් පුටුවකින් වාඩි වුනේ ගමන් මහන්සිය නිසා

පොඩී අක්කට වතුර එකක් ගෙනෙන්

කොහොමද පුතේ උබට

හොදින් ඉන්නවා අම්මේ තාත්තා කොහෙද අම්මේ

ඔය ඉන්නවා ඇදට වෙලා

අම්මගෙන් ඈත් වුන මන් කෙලින්ම ගියේ තාත්තව බලන්න

තාත්තව දැකපු මට පපුව හෝස් ගාලා යන්න ගියා

තාත්තා ගොඩක් දුර්වල වෙලා

ලොකු උබ දැන්ද ආවේ … ඔව් තාත්තේ ගිහින් නාගෙන කියාගෙන වරෙන් මහන්සිත් ඇති නේ උබට ….

අම්මා හදලා දීපූ තේ එකත් බීලා පහල ලිදට ආවේ නාගන්න…

නාගෙන රෙදි ටිකත් හොඳ ගෙන ගෙදරට ගිහින් නංගීත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට අම්මා කතා කරේ දවල්ට කන්න…

දැන්ම කන්න බෑ අම්මේ තව ටිකකින් කනවා එහෙනම් ලොකු තාත්තටත් බත් බෙදලා දීලා උබත් බත් බෙදාගෙන කාපන්

මන් යනවා මේ කෑම ටික කඩවල්වලට දාන්න දැන්ම ගියේ නැතොත් මට යාගන්න පරක්කු වෙනවා

මන් තාත්තට කෑම බෙදලා දීලා ඇවිත් මාත් බෙදාගෙන ඇවිත් කන්න හැදුවේ ගොඩක් දවසකින් අම්මා උයපු කැම කාපු නැති නිසා

හිමාෂා කෑම පුදුම රසයිනේ ඔයාලගෙ අම්මට රසට උයන්න පුළුවන් නේ …

මට මතක් වුනේ නුහාන් එක්ක අම්මා හදලා දීපු කෑම එකක් පාර්ක් එකේ තියන් කාපු එක …..

මන් එහෙමම නැගිටලා ගිහින් කෑම එක විසික් කරලා පිගාන හෝදලා තිබ්බේ පරන මතක මතක් වෙනකොට දාරාගන්න බැරි නිසා ..මට කන්න හිතක් තිබුණේ නෑ  පුතේ මන් උබෙන් අහන්න හිටියේ උබට මොකක් හරි ප්‍රශ්නයක් ද …

මන් කොහොමද  දෙයියනේ අම්මට බොරු කියන්නේ මන් හැමදේම අම්මට කිය කිය ඇඩුවා අම්මා මට මුකුත් ම කිව්වේ නෑ අම්මටත් දුක ඇති ..

මන් දවස් දෙකක් ගෙදර ඉදලා ආයේ කොළඹ යන්න ආවේ අම්මා අඩද්දීමයි.

මන් කොහොමහරි ඊලග සැරේ ගමේ එනකොට තාත්තගෙ ඔපරේෂන් එක කරන්න සල්ලි අරන් එනවා අම්මේ …

මන් අම්මටයි තාත්තටයි වැදලා අම්මත් එක්ක ආවේ ඇඹිලිපිටිය ටවුන් එකට කොළඹ එන්න බස් එකට නගින්න …

මන් කොළඹ ඇවිත් දවස් තුනක් වෙනවා ….

. සුසුපුරුදු පරිදි පහන්දි එක්ක වැඩට යනවා හවසට එනවා …..පහන්දි හිතන්නේ මන් නුහාන්ව අමතක කරලා කියලා ඒත් නෑ මට එයාව කවදාවත් අමතක කරන්න බෑ ….ප්

මන් එදා උදෙන්ම නැගිටලා වැඩට යන්න ලෑස්ති වුනේ ගොඩක් වැඩ කරගන්න තියෙන නිසා …

පහන්දි මේ බලපන් පෝන් එක රින්ග් වෙනවා මන් කෝල් එක ආන්සර් කරලා බලනකොට ටිකක් වයසක මනුස්සයෙක් කතා කලේ එයා අඩ අඩ කතා කලේ

එයා මට කිව්වේ ඉක්මනට හොස්පිට්ල් එකට එන්න කියලා එච්චරයි වෙන මුකුත් ම කිව්වේ නෑප් මන් කතා කරන්න කලින් එයා පෝන් එක තියලා…..

මන් ඉක්මනට ලෙස්ති වෙලා හොස්පිට්ල් එකට ගියේ පහන්දි එක්ක මන් දැකපු දෙයින් මන් පුදුම වෙලා ගියා මට ක්ල්න්තෙ වගේ පහන්දිට මාව තේරීලාද කොහෙද මාව පුටුවකින් වාඩි කෙරෙව්වා…

දෙයියනේ එයා…. එයා හොස්පිට්ල් එකේ ඇදක් උඩ කොන්ඩෙයි රැවුලයි හොදටම වැවීලා කලින් මන් දැකපු මගේ නුහාන් ගොඩක් වෙනස් වෙලා එයාව දැකපු මගේ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටුනේ හෝ හෝ ගාගෙන..මට මුකුත් හිතාගන්න බැරි වුනා එයාව මෙහෙම දැක්කම

මට මොනවද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වුනා ..ඒ එක්කම මන් ලගට ආවේ ටිකක් වයස ගෑනු කෙනෙක් ඒ නුහාන්ගේ අම්මා

පුතේ නුහාන් …. මගේ නුහාන්ට  මොකද වුනේ එයාගෙ අම්මා අඩ අඩාම මට විස්තර කියනවා

නුහාන්  ඇක්සිඩන්ට් වෙලා මාස තුනක් වෙනවා

අද තමයි සිහිය ආවේ සිහිය ආපු වේලාවේ ඉදන් හොයන්නේ ඔයාව මට හිතාගන්න බැරි වුනා මගේ කකුල් දෙක පන නැති වුනා වගේ මට දැනෙනවා

ඒත් ඇයි එයා මාව හොයන්නේ එයාමනේ මාව දාලා ගියේ මට මුකුත් හිතාගන්න බැරිව උඩ බිම බලනකොට එයාගෙ තාත්තා මන් ලගට ආවේ අඩාගෙන

මට සමාවෙන්න පුතේ මන් නිසා තමයි නුහාන්ට  මෙහෙම දෙයක් වුනේ මන් හැමදේම කියන්නම් පුතේ එයාගෙ අම්මයි තාත්තායි මොනවද කියන්න යන්නේ කියලා මට හිතාගන්න බැරි වුනා

නුහාන් මෙහෙම වෙනස් වුනේ අපි නිසා

නුහාන් පුංචි කාලේදීම තමයි පුතාව මගේ යාලුවගේ දුවට නතාෂාට  ප්‍රපෝස් කරේ ඒ දෙන්නා පුංචි කාලේදී ඉදන් ම හොඳ යාලූවෝ

ඒත් නතාෂා නුහාන්ට  ආදරේ කරාට නුහාන්  කවදාවත් නතාෂාට ආදරේ කලේ නෑ …

නතාෂා  ගොඩක් හිතුවක්කාර දරුවෙක් එයා දැනගත්තා

නුහානුයි ඔයා  අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා

නතාෂාට  ඕන වුනේ නුහාන්ව  කොහොම හරි මැරි කරන්න

එයාලා දවසක් ආවා නුහාන්ගේයි නතාෂාගේ මැරේජ් එක ගැන කතා කරගන්න අපිත් ගොඩක් සතුටින් හිටියේ සල්ලි තියෙන ලේලියෙක් අපේ පවුලට සම්බන්ධ කරගන්න

ඒත් මේ මැරේජ් එකට නුහාන් විරුද්ධ වුනා …එයාට ඕන  වුනේ ඔයාව මැරි කරන්න

ඔය දේ සිද්ධ වෙලා ටික දවසක් යනකොට අපේ බිස්නස් එකින් එක කඩන් වැටුනා ඒ නතාෂාගේ තාත්තා නිසා නතාෂාගේ හිතුවක්කාරකම නිසා

ඒත් එක්කම මම අසනීප වුනා  මන් නුහාන්ට මේ දේවල් තේරුම් කරලා දුන්නා පුතා කැමති වුනා ඔයාව අමතක කරලා නතාෂව  බදින්න.

එදා ඉදන් පුතා ගොඩක් වෙනස් වුනා  කාත් එක්කවත් කතා කරේ නෑ…

කවදාවත් නැතුව ක්ලබ් ‍යන්න පුරුදු වුනා හොදටම බීලා ගෙදර එනකොට රෑ දෙකක් පහුවෙනවා

දවසක්  ක්ලබ් ගිහින් හොදටම බීලා එනකොට පුතා ඇක්සිඩන්ට් වුනා දැන් මාස තුනක් වෙනවා පුතාව ඇක්සිඩන්ට් වුනාට පස්සේ නතාෂයි එයාගෙ තාත්තයි ලංකාවෙන් යන්න ගියා ලෙඩෙක්ව එයාලගේ දුවට බන්දවන්න බෑ කියලා

අද තමයි පුතාට සිහිය ආවේ…

සිහිය ආව වේලාවේ ඉදන් පුතා හොයන්නේ ඔයාව

මට පිස්සු වගේ මේ දේවල් අහලා නුහාන්  මාව දාලා ගියේ නෑ නුහාන්  මට ඇත්තටම ආදරේ කරලා …

මන් දුවලා ගියේ එයා හිටපු ඇද ලගට මන් එයාගෙ අතින් අල්ලන් ගොඩක් වෙලා ඇඩුවා.

එයා මට සමාවෙන්න මැනික ආයේ කවදාවත් මගේ මැණිකට දුකක් දෙන්නේ නෑ කිව්වා මාසයකට පස්සේ එයාව ගෙදර එක්කන් ආවා එයාට දැන් ගොඩක් සනීපයි ….

එයාලගේ අම්මයි තාත්තයි මාව මැරි කරන්න නුහාන්ට කැමත්ත දුන්නා. අපි වෙඩින් එකක් ගත්තා ටිකක් පොඩියට

නුහාන් නිසා මගේ තාත්තව සනීප කරන්න පුළුවන් වුනා

නතාෂා ලංකාවට ආවා අපි මැරි කලා කියලා දැනගත්තට පස්සේ නතාෂා දවසක් දැන් ගොඩක් හොදයි …

අපි දැන් ගොඩක් සතුටින් ඉන්නේ එයා දැන් මගේ හබී අපිට අවුරුද්දක බබෙකුත් ඉන්නවා

එයාගෙ අම්මයි තාත්තයි මට ගොඩක් ආදරෙයි අපේ බිස්නසුත් දැන් කලින් තිබුනා වගේ දියුණු යි මේ හැමදේම මගේ හබී නිසා තමයි

 

කතෘ : කණිෂ්කා අචිනි
eBook by CharityShop Knowledge HUB

ප්‍රේමය හැඳින්නෙමි – EB0005

ප්‍රේමය හැඳින්නෙමි – EB0005

“අභී අයියා ලංකාව ඇවිත්”
නාද දුන් දුරකථනය කනේ හොවා ගත් මට එය ඇසුනේ සිහිනෙන් දැයා නිනව් නැත.ඇසි පිය වේගයෙන් සැලුවෙමි..අත කොනිත්තා ගෙන බැලුවෙමි.නැත මෙය සිහිනයක් නොව…
  “නිම් මොකද බන් සද්ද නැත්තේ”
එහා ඉම වූ මන්දිගේ හඬින් මා පියවි සිහිය ලදිමි..
“මන්දි උඹ විහිලුකරනවා නෙමෙයිනේ”
බිත්තියේ එල්ලා තිබූ කැලැණ්ඩරය වෙත දෑස යැවුවෙි අද අප්‍රේල් පලවෙනි දා දැයි බැලීමටය..නැත මාගේ ප්‍රාණසම මිතුරිය මාගේ ජීවිතය සමඟ විහිලු කරන්නේ නැත..
“අහස් අයියට හම්බෙලා පාටි එකකදි දැන් ඇවිත් සති දෙකක් වගේ ලු. දැනගත්ත ගමන් මම උඹට ගත්තේ..අවුල් යන්න එපා බන් තියන්නම් බායි”
මන්දි දුරකථනය තැබුවද මට නිනව් නැත.හදවත දවාගෙන මතුවුනේ මාගේ ප්‍රථම ප්‍රේමයේ වෙිදනාවයි..කොතරම් අමතක කරන්නට උත්සාහ කලද ගතවුනු වසර පහටම ඒ ආදරය අමතක කිරීමට මා සමත් නොවුනි..
ආකර්ශා නිම්නාදි ලෙව්කේ බණ්ඩාර වන මා හට ඇත්දල පැහැති සමක් හිමි නොවුවද දුටුවන් මන්මත් කරවන තලෙළු සමට ඝණ දිගු කොණ්ඩයද දිගැති දෑසද අවිහිංසක හිනාවද උරුම වූයේ අම්මාගෙනි.
“උඹ හිනාවෙද්දි හරි ලස්සනයි බන්”
 “උඹගෙ ඇස් පොට්ටද මන්දි”
“ආහ් මගේ නම් පොට්ටයි කියමුකෝ එතකොට අර එකොලහ වසරෙ අභී අයියගේ ඇස් උඹ පස්සේ වැටෙන්නේ ඇයි දන්නේ නෑ”
සිහින් ආම්බරයක් සිත වෙලා ගත්තද මුහුණෙන් එය නොපෙන්නා මා මන්දිගේ අත කොනිති ගැසුවෙමි…
“උැයි රිදෙනවා යෝදියේ “
“රිදෙන්න තමයි කෙනිච්චුවේ”
අභිලාශ් මනුදය දිසානායක අප පාසලේ දඟකාරම සිසුවා ඔහුය..ඒ දඟකාර කම මෙන්ම පාසලේ  දක්ශතම සිසුවා වූයේද ඔහු ය. හීනි දිග ඇස් බොකුටු ⁣කොණ්ඩය ඔහුගේ දගකාර කමට කලාවක් එක් කලේය.
“මොකද යකෝ මේ මනෝ ගහලා”
මේ කරදරකාර යාලුවගෙන් ඒ ගැන සිතීමටවත් ඉඩක් නැත.
“නෑ බන් ලබන සතියේ ටර්ම් ටෙස්ට් පටන් ගන්නවනේ මම එ් ගැන කල්පනා කලේ..”
ඉතින් හිතට ආවක් කී වෙමි. නවය පන්තියේ සිටි අප තවමත් සෙල්ලක්කාරව ගත කලෙමු.අභිලාශ් තරම් දක්ෂ නොවුනාට මා පන්තියේ පස්වැනි තැනින් පහලට වැටුනේ නැත. මන්දි දඟකාර වුවද හිත හොඳ මිතුරියකි.
අපගේ මිත්‍රත්වය කාටත් ප්‍රශ්නයක් වූයේ අප දෙදෙනගේ ගතිගුන අහසට පොලව සේ නොපෑහෙන බැවිනි. මා ඉතා අහිංසක පොලවට නොදැනෙන සේ ඇවිදින හිමින් කතාකරන නිවුනු චරිතයකි..
“මේ දඟමල්ලත් එක්ක ඉඳලා නිම්නාදි ත් නරක් වෙයි.මම දැකපු අහිංසකම කෙල්ල ඔයා”
මන්දි විවේක කාලයේදි ජලකරාමය අසලින් අත සෝදා අතේ අැති වතුර ටික මගේ මූනට ඉසිද්දී එය ඉසුනු අභිලාශ් දිනක් පැවසීය.ඒ ඔහු මා සමඟ කතා කල පළමු දිනයි.කකුල් වෙවුලා අැවිදගැනීමට පවා නොහැකිව මන්දිගේ අතේ එල්ලුනි.
“නරක් වෙන්න අපි එළවළු පළතුරු නෙමෙයි “කියා පැවසූ මන්දි මාවත් ඇදගෙන පන්තියට දිව ආවේ ඔහුට ගස්සාගෙනය.
“මොකද බන් මේ බය වෙලා”
තාමත් අදහා ගත නොහැකිව බලා සිටිනා මා දෙස බලමින් මන්දි විමසීය.
“අභී අයිය මොනව හිතුවද මන්දා මේකිගේ නපුරු කම”
“ඇයි අවුල්ද සිහින කුමාරයා අහක බලයි කියලා.”
ඉතින් මා එයටද ලජ්ජාවෙන් ඇකිලුනි.
“මම උඹට විහිලු කලාට සීරයස් ගන්න එපා නිම්.අභී අයියා ෆේමස් කැරැක්ටර් එකක්. එයාගේ පස්සේ එන කෙ⁣ල්ලෝ උඹත් දන්නවනේ බන්”
මේ තාක් කල් දුටු දඟකාර මන්දි ගෙන් මා දුටුවේ පැසුනු යුවතියකි. ඇය කියනවා නිවැරදිය.සිහින දැක්කේ මා තනිවමය.මා නෙත් නිතරම ඔහු පසුපස වැටී ඇති නිසා ඔහු ද මා දිහා බලනවා ඇත.අප පාසලේ විවාද කණ්ඩායමේ නායකයා ද ඔහු බැවින් බාලිකා පාසල් වල යුවතියන් ගේ ද සිහින කුමරා අභිලාශ් බව සියල්ලෝම දන්නා රහසකි.ඉතින් එ් යුවතියන්ගේ ලස්සනත් සමඟ මට සම විය නොහැක..සිතට පිළිවදන් දී හිත හදාගැනීමට උත්සාහ කළෙමි..
“චූටි දුව මොකද තාම නිදිද මේ බලන්න කවුද ඇවිත් තියෙන්නේ කියලා.’
අම්ම⁣ගේ හඬත් සමඟ මා අතීතයේ මතක වලින් මිදුනි..දෑසින් නිදහසේ ගලාගිය කඳුළු පිසදාගෙන නානකාමරයට වැදුනේ මවගෙන් දෑස් වසන් කිරීමටය..කාමරයේ දොර ඇරෙනවා ඇසුනි.මා කරාමය ඇර ඇස් සෝදා ගතිමි.අම්මා මා බලා යන්නට ඇත..
“නිම් එළියට වරෙන් උඹ උදෙන්ම නානවා වෙන්න බෑ”
මම නැවත කාමරයට ආවේ ඇස් හොඳින් සෝදා ගෙනය.
“නිම් උඹ අඬලා මටත් පිස්සු ආරංචි වුන ගමන් උඹට කීවනේ පස්සේ මටත් අවුල් ඒකයි මම දුවගෙන ආවේ”
ඉතින් මා කුමක් කියන්නද ඔහේ බලා සිටියෙමි.
“චූටි දුව යාලුවත් එක්ක පහලට එන්න තේ බොන්න”
අමමාගේ කටහඬ නැවත ඇසුනි..
“දැන් මනස්ගාත අමතක කරලා පහලට යමු ආන්ටි මොනව හිතයිද මන්දා”
ඉතින් මාතින් ඇදගෙන මන්දි දිව්වාය..මාගේ සොයුරාද කෑම මේසයේ සිටිනු දුටු මන්දි මාව කොනිති ගසා මනමාල දෑස් නැටවීය..මාගේ එකම සොයුරු වර්ෂ නිම්නාද මා මෙන්ම අහිංසක ගතිගුණ වලට උරුමකම් කීවේය..දනිමි මන්දි ඔහුට මුළු හදින්ම පෙම් කරනා බව නමුත් මාගේ අයියා එය දන්නවාද නොදන්නවා මෙන් සිටිනවා දැයි නොදනිමි..අයියා ලබන යුවතිය ඉතා වාසනාවන්තය.මන්දි ද දඟකාර වූවාට අපේ අයියාට හොඳින් ගැලපේ යැයි සිතේ..
“නංගා මොකද අද සයිලන්ට්”
මා කොන්ඩය විසුරුවමින් අයියා ඇසුවේය..
“මල වදේ අයියා නිදහසේ නිදාගන්නත් නෑනේ මේ වදකාරයෝ ගෙදරට එනවනේ”
වෙනසක් නොපෙන්වා මා සියල්ල මන් දි ගේ කරමතින් හැරියාය..
“ආහ් අපි ගියා එහෙනමි ආන්ටි මම යනවා.”
පුටුවෙන් නැගිට්ටද ඇය අද නම් දුම්මල ගසාවත් යැවිය නොහැක.මා දුකින් ඉද්දී ඇය යන්නේ නැත..එ්ත් ඒ කියු වදනට අයියාගේ ඇස් ගැස්සෙනවා දුටිමි.
“අනේ නංගා අපේ චූටි ට පිස්සුනෙ ඔයා ගනන් ගන්න එපා”
එවදන් වලට හිත රිදුණි ඇඟිල්ලෙන් ඇන්නත් ඇඬෙන තරමට සිටි මා අයියාගේ වදන් හමුවේ ඉකි ගසා හැඬුවෙමි..
“නිම් ඇවි බන් මේ”
“ඔව් මට පිස්සු මන්දි අයිය කිවු වගේ මට පිස්සු ඇයි මේ පිස්සි නිසා ඔයාලා කරදර වෙන්නේ”
“චූටි මැණික ඇයි පැටියෝ මම විහිලුවක් නේ කලේ මේ අයියා කවදාවත් ඔයාගේ හිත රිද්දලා තියෙනවද නෑනේ අනෙ මේ ඇස්වල කඳුළු පිහිගන්න”
ඉතින් මා අයියාගේ පපුවට තුරුළුව සිත් සේ ඇඬුවෙමි.
“ආන්ටි එනවා දැනි නතර කරපන් හුරතලේ”
“මොකද මේ අයියලා නංගිලා.”
“නංගාට කම්මැලි ලු ගෙදර ඉඳලා අම්ම.අපි අද ප්ලවර් ගාඩ්න් ගිහින් ලන්ච් අරන් අම්මිටත් අරන් එන්නම් අද මගේ නිවාඩු දවසනේ”
ඉතින් තනිවී අතීත මතක තුල සිරවෙන්නට තිබූ කාලය අයියා එලෙස නැති කලේය..
අපි යන අතරතුර මා⁣ දුක් වන්නට හේතුව මන්දි අයියාට කිව්වේ මගේ ආදරය ඔහුටද රහසක් නොවුන බැවිනි..
“චූටි නංගා නොලැබෙන දෙයක් නිසා දුක් වෙන්න එපා මැණික තාත්ති කවදාවත් කැමති වෙන්නේ නෑ නේ..”
“ඔව් නිම් උඹ දුක් වින්ද ඇති..මම නම් හිතන්නේ විදත් අයිය⁣ තමයි උඹට මැච් වෙන එකම කෙනා”
ඒ මාගේ පියා මට ගෙනා මංගල යෝජනාවය..මා ඔහුගෙන් අභී සෙව් නිසා අප්පච්චිට තවමත් වචනයක් නොදීමි.නැත්නම් ඔහු ගැන කියන්නට වරදක් නොමැත.සුරා සුදුවෙන් තොර ඔහු ඉතාමත් ආදරණීය කෙනෙක් බව මා සිත පළිගත්තත් ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි වූ මා විදත් අයියා ගැන ආදර හිතට වැට බැන්දෙමි.
එදා දවස අයියා සහ මන්දි සමඟ ගෙවුනු නිසා අභී ගැන නැවත මතකයන් ආවේ රාත්‍රී නින්දට ඇඳට ගිය පසුය..
 #######################
අපේ ආදරයට මුල් ගල තැබුනේ අහම්බෙනි.එදා කථින පින්කම වෙනුවෙන් පන්සලේ තිබූ බෝධි පූජාවට මන්දි සහ මම පමණක් ගියේ අම්මාට නද හිසරදයක් සෑදී තිබූ බැවිනි..මා විසින් දල්වන ලද පහන් සිල සුළඟ සමඟ පොරබදද්දී එය නිවෙන්නට නොදී දල්වන්නට මා අසීරු උත්සාහයක යෙදුනි.ඒ රෝස පැහැ දිගු ඇඟිලි වලින් පහන ආවරණය වූයේත් සුපුරුදු සුවඳ ඇදී ආවෙත් එක් වරය.නැත මුහුණ බලා හඳුනා ගැනීමට අවැසි නැත.මෙි අභි ගේ සුවඳයි…
“ඔයා දල්වන පහන නිවෙන්න දෙන්නෑ වගේම ඔය හි⁣තේ තියෙන ආදරෙත් මැරනේන දෙන්නෑ අකී”
මා ගැස්සී බැලුවෙමි අකී..ආකර්ෂා යන මාගේ ⁣නමේ අනෙක් කොටස ඔහු කෙටිකර කියු ලස්සන..ගිනිකූර අවසන්වී අත පිච්චී පියවි සිහිය ලබනතුරු ඒ ඇස් අස්සේ ආදරය වින්දෙමි..
ඉතින් එදා එලෙස ඇරඹ් අපේ ආදරය මෙි නුවර අහස යට අවුරුදු දෙකක් කාටත් රහසේ ලියලා වැඩිනි..ඔහුගේ ආදරය අහස තරම්..නැත ඔහුගේ ආදරයට සමාන කල හැකි කිසිවක් මේ මිහිපිට නැත..ඒ ආදරය මා රිසි සේ වින්දෙමි.ව්‍යාපාරික ලෝකයෙ කාර්ය බහඅල අප්පච්චීටත් නිවසේ දිවි ගෙවන අම්මාගේ කන නොවැකුනත් ආදරයට අවුරුදු හතරක් පිරෙන තැන.ගේට්ටු පළු දෙක දෙබෑ කරමින් නිවස⁣ට පැමිනියේ අන් කවරකුත් නොව දිසානායක වලවිවේ ලොකු හාමු වන අභී ගේ පියාගේ රථයයි..
“චුටි මෙහෙ වරෙන් “
හැමදාම මගේ මැණික යැයි ඇමතූ අප්පච්චි එසේ කතාකරන විට මා ගියා නොව කකුල් ඇද්දී ඒ වෙත ඇදුනාය..
“මේ මිනිහා මේ කියන්නේ ඇත්තද”
“ඔව් අප්පච්චි “
“ඒක මේ දැන්ම හිතින් අමතක කරපන් කෑලි කපලා ගඟේ මුදේ දැම්මත් දිසානායක වලව්වට මෙහෙන් හිර දෙන්නේ නෑ”
පියාගෙන් ලද ඒ කම්මුල පහරට විසි වී ගිය මා නතර වූයෙ අම්මාගෙ තුරුලේය.
කාලයක් තිස්සේ පැවති දිසානායක සහ බණිඩාර වලව් දෙකේ වෛරය හේතු කරගෙන අපේ ආදරය මළගම් ගියේ එ⁣ළෙසිනි..
‘අපිත් මේ වලව්වෙන් හිර ගෙනියන්න ආවේ නෑ දොනි ඇන්දට හිත හදාගන්න කියන්න..අපේ පුතා මගේ නංගිගෙ දූ බැදලා ලබන මාසෙ රට යනවා..”
එසේ පවසා අභී ගෙ අප්පච්චි පිටවී ගිය පසු මා වැළහින්නක ලෙස ඇඬුවෙමි..නැත මාගේ අභී එයට අකමැති වී මා රැගෙන යනතුරු දෙවියන් යැද්දෙමි..නිරිහාරව දවස් ගතකලෙමි..නැත අම්මා අයියා මන්දි හැරුනු කොට මාගේ පියාවත් මා ගැන සොයා බැලුවේ…
  දිනක් මන්දි ආවේ හතරට නවපු කොලයයක් රැගෙනය
අකී මම යනව මැණික බය වෙන්න එපා ඔයාගෙ අභී ඔයාගෙ විතරමයි කවදාවත් වෙනස් වෙන්නේ නෑ..මම එනකල් පරිස්සමින් ඉන්න මැණික
ඉතින් සිත හදාගතිමි ඔහු එනතුරු ඇඟිලි ගනිමින් සිටියෙමි..
දිනක් අප්පච්චි මා සොයා ආවේ අයියා නිවසේ නැති විටකය.
“සුදු මැණික “
අප්පච්චි මා තුරුල් කරගත්තේය.ඉතින් මා අඬාගෙන ඒ විසල් පපුවේ රැකවරණය සෙව්වෙමි..
“මගෙ පුතා මේක අහලා දුක් වෙන්න එපා..ඔයාට අභී ගැලපෙන්නේ නෑ මැණික ඔයා දුප්පත් කොල්ලෙක් එක්ක යාලුවුනත් මම අකමැති වෙන්නේ නෑ..ඔය දිසානායක වලව්වේ අය අාදරේ අදුරන අය නෙමෙයි..අභිගේ බාප්පය පණ වගේ ආදරේ කරපු නිසයි මගේ එකම නංගි මට නැති වුනේ..”
 අප්පච්චි මේ කියන්නේ මොනවාද. නැත මා කිසි දිනෙක අප්පච්චි ගෙ සොයුරියක ගැන අසා නැත.
“එදා ආපු දිසානායක ගේ මල්ලි මගේ එකම නංගිට ආදරෙ කලා..ගෙවල් දෙකම කැමති වෙලා මංගල්ලෙත් තින්දු වෙලා තියෙද්දි මගෙ නංගිගෙ බඩට ළමයෙකුත් දීලා එයා පැනලා ගියා..බඩට මිස දහයක් යනකල්ම ආවෙ නෑ.අරංචි වුනේ සුද්දියෙක් බැඳලා ඉන්නවා කියලා.දරුව මගෙ අතට දීලා මගේ එකම නංගි වස බීලා මැරුණා..එදා ඉඳන් තමයි මේ වලව් දෙකේ වෛරෙ ඇති වුනේ.අපිට දරුවො හිටියෙ නෑ එතකොට..ඒ දරුව තමයි ඔයාගෙ අයිය මැණික.මගෙ දෝනි හිත හදාගන්න..මම ඔයාට ගොඩක් ආදරේ හොඳ කෙනෙක් හොයල දෙන්නම්”අප්පච්චි ඔළුව අත ගා ගි⁣යේ මා හිත මත තවත් බරක් අතැරය..අයියා මේ තාක් කලක් මෙය දන්නේ නැත.ඉදිරියටත් එය රහසක් ලෙස රැකිය යුතුය.ඉතින් දිසානායක පවුල ගැන මුලින්ම හිතට අපැහැදීමක් ඇතිවිය..කාලය ඔහේ ගතවුනි.මා උසස් පෙල ද සාමන්‍ය ලෙස සමත් විය.පියා ඒ අතරතුර මට මංගල යෝජනාවක් ගෙන ආවේය..නමින් විදත් සමරදිවාකර වූ ඔහු අප පාසලේම සිසුවෙකි..ඔහු බොහෝ කලක සිට මට පෙම් කර ඇත..
“නංගා මට සමාවෙන්න.මම අංකල්ට ඔයා ගැන කිව්වට..ඔයා මට අකමැති නම් කමක් නෑ.මම ඔයාට ආදරේ කලේ ඔයා අටේ පන්තියේ ඉන්න කාලේ..ඒත් ඔයාගෙන්ඇහුවෙ නැත්තේ ඔයා පොඩි නිසා ඒත් මම පරක්කු වැඩියි අභී මට ඉස්සර වුනා.මම ඈතින් ඉඳන් ඔයා දිහා බලන් හිටියා..ඒත් අභීගෙයි ඔයාගෙයි සම්බන්ධෙ නතර වුනා..”
“නෑ අයියා ඒක බලෙන් නතර කෙරෙව්වා.” සිත කෑ ගසා කීවද වදන් කිරීමට ශක්තියක් නැත.
“මම ඒත් කාලයක් බලන් හිටියා අපේ ගෙදරින් බල කරනවා දැන් කසාද බඳින්න කියලා ඒකයි මම ගෙදරට ඔයා ගැන කීවේ මම වැරදි නෑ නේද නංගා”
ඉතින් මා මොනවා කියන්න ද කවුරුත් වැරදි නැත.ඔහුට පෙම් කල සිත නැවත පිලිසකර කරගැනීමට නොහැක මම ද වැරදි
“තාම ඔය හිත හැදිලා නැත්නම් තව කාලයක් ගන්න කමක් නෑ.ඔයා වෙනුවෙන් මට ඕනි තරම් කාලයක් බලන් ඉන්න පුළුවන් “
කතා කලේ ඔහු පමණය ඉතින් මා වෙන දෙයක් බලා සිටියෙමි. හිත තාමත් පතන්නේ අභීය…
“නිම් තාම නිදිද බන්”
උදයේම මන්දිගේ පැමිනීම මගේ සිතට ගෙන ආවේ අනියත බියකි.
“ඇයි බන් උදෙන්ම “
“මම දෙයක් කියන්න උඹ අවුල් යන්නේ නෑ කියපන්”
“රිදෙන්න හිතක් නෑ මන්දි “
 ඇය මා අත තැබුවේ වෙඩින් ඉන්විටේෂන් පතකි..දෑස් අදහන්නේ කෙලෙසද ටානියා ඉරුගල් බණ්ඩාර සහ අභිලාශ් මනුදය දිසානායක නම් දෙක කියෙව්වා පමනි ඉන් එහා කියවීමට සිතක් නැත.අමාරුවෙන් දිනය බැලුවෙමි එසේනම් මීට මාස තුනකට කලින් අභිලාශ් විවාහ වි ඇත.ඔහුගේ පියා කී පරිදි නැනිදා ගේ දියනිය ඔහුගෙ පතිනිය වී ඇත.මග බැලූ මා තනිකඩය.
“මන්දි මේ ඇත්තද?”
“ඔව් නිම් මේ තැන්කියු කාර්ඩ් එක දැන්වත් අමතක කරපන් අභී ටානියාගෙ..මැරි කරලා එයාලා රට ගිහින්.”
  දවසින් දවස ගෙවුනි.ටානියා ද අහිංසක කෙනෙකි.අභි සතුටින් නම් මට ඒ ඇතිය..සිත හදාගැනීමට අසීරු උත්සාහයක යෙදුනි.
“අප්පච්චි මම විදත් අයියට කැමතියි.”
දිනක් මා පියාට පැවසීය.එදා පටන් සතියකට වතාවක් හෝ විදත් මා බැලීමට ආවේය.ගිලන් වූ සිත සුවපත් නොවූවද මා විදත් ට ආදරය කිරීමට උත්සාහ කලෙමි..ඔහු මට කොතරම් ආදරය කලද මා ඒ ඇස් තුල සෙව්වේද අභීය..නැත ඒ හීන් දැස් අග දුටු ආදරය විදත් ගේ නෙත් තුල මා දුටුවේ..ඒත් ඊටත් වඩා ආදරයක් ඒ හිත තුල විය.මට උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් කලබල වන තරමටම ඒ් හිත සංවේදි විය..යන්තම් හිත හදාගත්තා පමණි..ආයෙත් හිත කඩාවැටු⁣නේ අභී ගේ පැමිනීමත් සමඟය..
“විදත් අයියා”
හැඬවුනු දුරකථනය කනේ හොවා ගත්තෙමි..
“මැණික අද ටිකක් රෑ වුනා මම හිතුව නිදි ඇති කියලා.ඒත් කටහඬ අහන්නැතුව නිදාගන්න බෑ වගේ ඒකයි ගත්තේ..”
ඔහුගේ ආදරය එහෙමය.සිත හීල්ලිනි..
“නංගා ඇයි දුකින් “
පොඩි වෙනසත් දැනේ ඔහුට ඉතින් මා සියල්ල පැවසුවෙමි..
“මගෙන් මොකද වෙන්න ඕනි නංගා ඔයා වෙනුවෙන් ඕනිම  දෙයක් කරන්නම් “
“අයියා මට එකම එක පාරක් අභීව හමුවෙන්න ඕනි.”
“හ්ම් මම එක්කන් යන්නම් මට ටික දවසක් දෙන්න නංගා.දැන් කල්පනා නොකර නිදියන්න.බුදුසරණයි මැණික”
මා වැරදි වන්නට ඇත.ඒ හිත රිදෙන්නට ඇත.ඉතින් මා කුමක් කරන්නද හදවතට ඉඩ දී මා වන්නක් බලා සිටියෙමි…
දින දින ගෙවුනි අභී ලංකාවට ආව ද ඔවුන් කොළඹ පදිංචි වී සිටි නිසා මා නොදුටුවෙමි. විදත් අයියා ව්‍යාපාරික ලෝකයේ සහ අප වෙනුවෙන් තැනෙන නව නිවසේ කටයුතු නිසා කාර්යබහුල වූ බැවින්  අභී මුනගැසීම දින දින පරක්කු විය.
“ප්ලීස් මන්දි මට අභි ගේ නම්බර් එකක් හොයල දීපන්”
“මට බෑ පව් පුරවගන්න අභී ටානියා⁣ගේ උඹ විදත් ගේ ඒක අමතක කරන්න එපා.”
“උඹ බය වෙන්න එපා ප්‍රොමිස් වෙන්නම් මට ඕනේ ඇයි මාව අමතක කලේ කියලා අහන්න විතරමයි..”
ඉතින් මාගේ පෙරැත්තයේ ප්‍රතිඵලයක් විදියට දිනක් අභී ගේ දුරකථනය අංකය මා සතු විය..
හැඬවෙන දුරකථනය මෙන්ම මාගේ හදවතේ ස්පන්දනයද වේගවත් විය…
“හෙලෝ”
නැත වෙනස් වී නැත දුරකථනය දිගේ ආ ඒ ආත්මීය හඬ මගේ අභීගේය..නැත දැන් ඔහු ටානියාගේ අභී බව හිතට මතක් කලෙමි..
“අභී අයියා අඳුරන්න පුළුවන් ද”
“කාගෙද මේ ස්වීට් වොයිස් එක “
නැත.ඉතින් ඔහු මා හඳුනාගෙන මම දුරකථනය විසන්ධි කලෙමි..නැවත මා දුරකථනය නද දුන්නේ අභී ගේ ඇමතුමනි.ඉතින් සිතුවෙමි මා කෝප ගන්වන්නට එසේ කියන්නට ඇතැයි සිතා..
“නංගා ඇත්තටම ඔයා කවුද? තරහ ගන්න එපා වොයිස් එක හුරු වුනාට කවුද කියලා වෙන් කරලා අඳුනගන්න බෑ.”
ඉතින් කතාකර පලක් නැත.මා සිතුවේ මට මෙන් ඔහුටද මගේ සුසුමේ ශබ්දය පවා හුරු ඇතැයි සිතාය.සැමදා වගේම මා පරාදය.ඒත් සිතට ඉඩදී සිටියෙමි
“අකී මතකද”
ඒ නිහඬව ගෙවුනු තත්පර ගණන කල්පයක් ⁣සේය.පලක් නැත දුඑකථනය විසන්ධි කලෙමි..
‘”mata samawenan aki mata taniyage wenna una.”
ඉතින් ඔහුගේ මැසේජයේ එාලස සටහන් විය..
“Kamak ne sathutin inna.”
මම එයට පිළිතුරු යැවුවෙමි..
ඉතින් ඉන්පසු එළඹුනු හැම දිනකම මැසේජ් වලින් සහ දුරකථනය ඇමතුම් වලින් අපි සම්බන්ධ විය.දිවුරා කියමි.ඒ චුප ආදරයක් නොවුනි තිබුනේ කතාකරන්නට ආසාවක් පමණි.
“නිම්නාදි”
දිනක් නාදුනන දුරකථනයකින් ඇමතුවේ ටානියාය.ඉතින් මා සවන් දුන්නා පමණි
“මම හිතනවා ඔයාට මාව ඇහෙනවා කියලා ඔයා තාම අභීට ආදරේ කරනවද?”
“නෑ ටානියා “
“ඒක හොඳයි දැන් ඉන්නේ ඉස්සර ඉඳපු අභී නෙමෙයි අභීට ගෑණු සෙල්ලම් බඩු ගානයි.මට ජීවිතේ වැරදුනා.ඔයත් එ් තැනට වැටෙන්න එපා නිම්නාදි..අම්මි හාට් පේෂන්ට් කෙනෙක් නිසා මම අභී එක්ක ඉන්නවා.මගේ ජීවිතේ අපායක් නිම්නාදි”
ඉතින් හිතට තවත් ගින්දරක් දී දුරකථනය විසන්ධි විය..
“චූටි දුව හෙට අයියට මනමාලියක් බලන්න යනවා විදත් පුතාටත් කියන්න..දිනක් මන්දි සහ මම මිදුලේ කතා කරමින් සිටි තැනට විත් පියා පැවසුවේය..ඉතින් මන්දිගේ මුව තුල රැඳි සිනාව සැනෙකින් අතුරුදන් විය.
“මන්දි මම දන්නවා උඹ අයියට ආදරෙයි කියලා මට හිතෙනවා අයියත් එහෙමයි කියලා ඒත් දෙන්නගෙන් කවුරුත් ඉස්සර වෙන්නේ නෑ නේ..”
“වර්ෂ අයිය මගෙන් අහයි කියලා මම බලන් හිටියා එ්ත් අනෙ මන්දා කමක් නෑ බන් මටත් කවුරු
 හරි බඹා කොටල ඇතිනේ..ෂිට් මටත් එන්න තිබුනා හෙට එ්ත් අපේ රිලේෂන්ස්ලා වගයක් එනවා කීවනේ”
ඇයට නම් එක් වරම සන්සුන් විය හැකිය.ඒත් මට…
උදෑසනම පිබිදුනු අප අම්මා පිලියෙල කල කිරිබත් කා පිටත් වුනෙමු..
“වර්ෂත් එහෙනම් මනමාලයෙක් වෙනවා නේ. නංගා”
“ඇයි ඉතින් උඹ මගේ නංග අරන් ගියාම මාත් ගෙදර පාලුවට කවුරු හරි ගේන්න එපැයි…”
ඉතින් විහිළු තහළු මැද අපි ගමන් කලෙමු..
“මම හිතන් ඉන්නේ දෝනිගෙයි පුතාගෙයි දෙන්නගෙම වෙඩින් එක එකම දවසේ ගන්න..මොකද කියන්නේ විදත් පුතා එහෙම හොඳයිනේ.”
 “කොහොමත් අන්කල් අපේ වෙඩන් එකට දින තියෙන්නේ ලබන අවුරුද්දෙනේ.දැන් ගේ වැඩත් ඉවරයි හෙට මම ෆරනිචර් ටිකයි.තව අවෂ්‍ය දේවල් ටිකයි ගන්න නංගා එක්ක යන්නම් “
ඉතින් විදත් අපේ අනාගතය වෙනුවෙන් හීන ඇහිදියි.ඔහු පවුය.මා කරන්නේ වරදකි.සියල්ල ඔහුට පවසා සිම්පත මාරු කල යුතුය..
ටික් ටික් හඬින් මගේ දුරකථනයට ආ මැසේජය විවෘත කලේ විදත් ය..
“aki mata oya dakinna asay..pls ekama eka parak mawa balanna enna..”
 ඒ ඇස් පුංචි කර මා දෙස බැලුවේ දුකකින්ද තරහකින් දැයි වෙන් කර හඳුනාගත නොහැක..මගේ ඇතුල් හද සීතල කරන්නට ඒ සුසුම බලවත් විය..මා සන්සඅන් කිරීමට මෙන් ඔහු මා අත තද කර අල්ලා ගත්තේය..දෑසට කඳුළු ආවේ නිරායාසයෙනි..
“mama oyawa meet wenna ennam mata tika dawasak denna”
ඉතින් ඒ මැසේජයට පිළිතුරු යැවුවේ විදත් අයියාය..
 මම දෑස් පියා ගත්තේ වරදකාරී හැඟුමිනි.අනේ මාතින් වුනේ සුළු පටු වරදක් නොවේ..
  වාහනය නැවතූ බැවින් දෙනෙත් ඇරියෙමි..
“අප්පච්චි ඇයි මන්දිලගේ ගෙදර ආවේ..”
“හැමතැනම එක්කන් යන කෙල්ලනේ මෙි ගමන විතරක් දාල යන්න පුළවන්ද..”
එලෙස පවසා අපි සියල්ලද කැටුව අප්පච්චි මන්දිලගේ නිවසට ගියේය.
“ආහ් අයියලනේ දෝනි මෙන්න කවුද ආ⁣වේ බලන්න”
දුවගෙන ආ මන්දි අප දැක ඉද්ද ගැසුවාකි මෙන් නැවතුනි..
“දුව ලෑස්ති වෙන්න.ගමනක් යන්න.”
“අනේ මට බෑ අන්කල්”
“එතකොට හැම නිතරම අපේ ගෙදරට දුවන් එන කෙල්ලට මගේ ලේලි වෙලා මගේ ගෙදරට එන්න බෑ..”
මන්දිගේ දෑස මෙන්ම මගේ දෑසද පුදුමයෙන් විසල් වෙද්දී අනෙක් අය හිනා වුනේ අප දෙදෙනා විහිලුවකට ගෙන මෙන්ය..
“හරි නරකයි ඔයාවත් මට කීවේ නෑ” මම විදත්ට අමනාපය පෙන්වුවෙමි..
“එතකොට මෙ දෙන්නා හැමදේම අපට කියලා වෙන්නැති කරන්නේ නේද වර්ෂ”
සිතා මතා ඒ පහර ගැසුවේ මටය..
“ඇයි මැණික අභී මැසේජ් කරන බව මට නොකීවේ”
විදත් අයියා ඇසුවේ මා තනිවුන මොහොතක් බලාය.
“මට කියන්න බය හිතුනා.”
“මම සමාව දෙන්නම් නංගා..මම බිසී වුන නිසා පොරොන්දුව ඉටු කරන්න බැරි වුනා..මම අභීව මුණගස්සන්නම්..හැබැයි මේ කලා වගේ අභීව තනියම මීට් වෙන්න බෑ මම දුරින් ඉඳනි හරි බලන් ඉන්නම්”
ඉතින් අභී හමුවීමට හීන දැක්කෙමි.ඒ අතර අප වෙනුවෙන් තැනු නව නිවසද අප එකතුවී සැරසුවෙමු සියළුම ගෘහ භාන්ඩද තිර රෙදිද එල්ලා අවසාන කලවිට නිවස තුළින් ආවේ ඉතා චාම් ලස්සනකි..
“තව මාස හයකින් මැණික මගේ ලඟ “
නව නිවසේ අපේ කාමරයේ ඇඳ මත දී මාව තුරුල් කරගෙන විදත් අයියා පැවසුවේ අඬවන් වූ දෙනෙතිනි..
“මගේ රෝස මල පොතේ අස්සන් කරනකල්ම මලක් වගේ ම ඉන්න..”
මාගේ නළලත සිප ගෙන ඔහු ඉවත්විය..
“මැණික හෙට සැලොන් එකට යන්නත් තියෙනවනේ ම් ම් අපි සැලොන් ගිහින් ඇවිත් අභීව මීට් වෙමු..හෙට එන්න කියන්න..මෙහෙට”
“ඕන නෑ විදත් අයියා අභී ගැන හිතේ තියෙන්නේ හිස් හැඟීමක් විතරයි..”
“නෑ මැණික හිතේ කහටක් තියාගෙන අපි එකතු වෙලා වැඩක් නෑ.ඔයාගෙ සතුට තමයි මගේ සතුට”
එදා ගෙදර ආ පසු මා අභීට මැසේජ් කර කීවෙ එකට පමණ එන ලෙසයි.අප නව නිවසට එන ආකාරයද මා පවසා නින්දට ගියේ දවසම මහන්සි වූ නිසාය..
උදයේ ආහාරය ගෙන නිවසින් පිටවූ අපි සියළු වැඩ නිමා කරගෙන දවල් දොළහ පමණ වනවිට නව නිවසට පැමිනියේ අභී බළාපොරොත්තුවෙනි..
අභීගේ වාහනය නිවසට එනවිට හදවත අසීමාන්තිකව ගැසුනි.ඉඳුරා පැවසිය හැක මේ හිතේ අල්ප මාත්‍ර වූ ප්‍රේමයක් ඔහු නමින් නැත.
මා දැන් පෙම් කරන්නේ විදත් ටය අභී අතරමං කර ගිය හිත හැදුවේ ඔහුය..
“ආහ් අභී එන්න”
විදත්ගේ පිලිගැනීමට අභී ගේ මුහුණ වෙනස් විය.ඉතින් ඔහු මා තනිව හමුවීමට බලාපොරොත්තු වන්නට ඇත.
ඉතින් ඔහු ඇවිත් ඉඳ ගත්තේය..දෙනන්ට තනියම කතා කරන්න දෙයක් තියේ නම් කතාකරගන්න මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් ආගිය තොරතුරු කතාකර විශ්වාසයක් ඇති වූ තැන විදත් අපි තනිකර ගි⁣යේය.මා ගැහෙන හදින් මෝටර් රථය තෙක් විදත් පසුපස ගියෙමි..
“මගෙ මැණික මට විශ්වාසයි”
මා අත තදින් අල්වා නළලත සිප ඔහු යන්නට ගියේ එසේ පවසාය.
“අකී”
ගැඹුරු හඬින් පවසා මා වතේ සුසුම් ස්පර්ශ වන තරමටම ලංව අභී පැවසීය..
මා දුරස් වන්නට හැදුවෙමි..ඒ ඇස් බැල්මට මා බිය වුනි.නැත මේ ඇස් තුල එ් ආදරය නැත..රාගයෙන් රත් වූ දෙනෙතද සිගරට් වලට කලු වූ තොල්ද ගෙන ආවේ ඒ මඅහුනට සල්ලාල පෙනුමකි.
“ප්ලීස් මාව අතාරින්න.”
අමා⁣රුවෙන් මා වෙනත් පුටුවක වාඩි වුනි..
“අභී මට ඕන වුනේ ඇයි ඔයා මගෙන් ඈත් වුනේ කියලා දැනගන්න එත් දැන් ඒක දැනගෙන වැඩක් නෑ.ඔයා යන්න අභී..ඔවා ඉස්සර ඉඳපු කෙනා නෙමෙයි”
“ඔව් මම ඒ කෙනා නෙමෙයි..ඔයාගෙන් ඈත් වුන මම ඩ්‍රින්ක්ස් ගත්තා කරන්න ඕනේ හැමදේම කලා.ගෑණු තියන් හිටියා..ඉතින ඒ දේවල් වලින් ඈත් කරන්න අම්මලා ටානියාව කසාද බැන්දුවා..ඒත් ඔයාව අමතක කරන්න අප්පච්චිලගෙන් පලිගන්න මම ජීවිතේට ලංකර ගත්ත දේවල් වලින් මට ඈත් වෙන්න බැරි වුනා..ඔයා දන්න ටානියා අහිංසකයි ඒත් මලේ පැවැත්මත් එක්ක එයා යක්ෂණියක් වගේ රණ්ඩු කලා අම්මලා මාව හොද මගට ගන්න ඊළඟට දීපු උපදෙස තමයි ඉක්මනට බබෙක් හදන්න කියලු එක.ඔව් ටානියා ප්‍රෙග්නන්ට් වුනා.එහෙමයි කියලා මම වෙනස් වුනේ නෑ..අන්තිමේදි මගේ අතින් වැදුනු පාරකට අපේ දරුව නැති වුනෙ ටානියට කවදාවත් අම්ම කෙනෙක් වෙන්න තිබුන අවස්ථාවත් නැති කරලා”
“ඔයා මහ ජරා මිනිහෙක්”
“ඔව් මම ජරා මිනිහෙක් මම ජරා මිනිහෙක් කලේ තමුසෙගෙ ආදරේ “.
යක්ෂාවේසයෙන් මා අසලට පැන්න අභීගෙන් ගැලවීමට මා අප නිදන කාමරයට පැන දොරවසාගන්නට උත්සාහ කලේය.ඒත් ඔහු කාමරයට ඇතුල් වී මා ඇඳේ පෙරලා ගත්තේ අසුරු සැනිනි .පොර බැදුවද පලක් නොවුනි.ඉතින් මාගේ ඇඳුම් කීතු කීතු වලට ඉරී ගොස් මා ගැහැණියක වූයේ.පෙරදා මලක් මෙන් විදත් මාව සිපගත් අපේ යුගල් ඇඳ මතදීය..
“මට සමාවෙන්න අකී”
‘පලයන් අවලම් බල්ලා ගේ දැහට නොපෙනී.”
අහිංසක නිම්නාදි යක්ෂනියක් වී හමාරය අතට අහු වූ දෙයින් දමා ගසා අභී එලවා ගත් මා ඉරී ගිය ඇඳුම් ඇඟ ලා ගත්තාය..
අභී ගේ වාහනය ගේට්ටුවෙන් පිට වනවාත් සමඟම විදත් ගේ වාහනය ඇතුල් වුනි.කාමරයෙ දොර වැසූ මම බිම වැටී බිඳී තිබුනු වීදුරු කැබැල්ලකින් නහරයක් කපා ගන්නට හැදුවේ ජීවත් වී පලක් නැති නිසාය..
“මැණික ඇයි මේ”
අමතර යතුරෙන් දොර ඇර කාමරයට ආ විදත්ගේ ඇස් නතරවුනේ ඇඳ රෙද්ද මත වූ ලේ බින්දුව මතය..ඉතින් ඒ ඇස් ගැස්සුනි හිස කෙස් ඇඳ ගත් ඔහු ඇඳ මත කඩා වැටුනි..ඇසුනේ මගේ ඉකි හඬත් ඔහුගේ සුසුම් හඬත් පමණි..
“මැණික”
ඔහු ඒ විසල් පපුවට මා තුරුළු කරගෙන හැඬුවේය.
“මට සමාවෙන්න මං ..මං හිතුවේ නෑ උෑ මේ තරම් බල්ලෙක් කියලා.නැත්නම් කවදාවත් මම යන්නෑ මැණික”
නැත ඔහු වැරදි නැත වැරදි මාය ඔහු සියල්ල කලේ මගේ සතුට වෙනුවෙනි..
“මට මැරෙන්න දෙන්න විදත් අයියා”
“නෑ මන් වෙනුවෙන් ජීවත් වෙන්න මැණික දැන් වොෂ් එකක් දාලා මේක ඇදගන්න”
ඉතින් කසාද බැඳ ඇවිත් අඳින්නට ඔහු එකතු කල ඇඳුම් වලින් එකක් ගෙන මා අතින් තබා ඔහු පැවසීය..
මා සිත් සේ නා ගතිමි.අප්පච්චි කිව්වා  හරිය දිසානායක වලව්වේ අය ආදරය අඳුරන්නේ නැත.
“මැණික”
නානකාමරයේ දොරට ගහනා ශබ්දයෙන් මම පියවි සිහිය ලදිමි.
“මට පොරොන්දු වෙන්න ජීවිතේට කරදරයක් කරගන්නෑ කියලා.”
ඉතින් දෙතුන් වරක් ඔහු මගෙන් පොරොන්දු ගත්තේය.
නිවසට ආවද දින ගෙවූයේ හෝන්දු මාන්දු ගතියෙනි.මන්දිටද කිසිවක් නොකීවේ එය අප දෙදෙනා පමණක් දැනගත යුතු බව විදත් පැවසූ නිසාය.
  කෑමටද කිසිඳු පිරියක් නොවූ තැන ඇග වැහැරී ගියේ බලා ඉද්දීය.කලන්ත ගතිය සහ වමනය නිසා දිනක් බෙහෙත් ගැනීමට ගියේ විදත්ගේ බලකිරීමටය..
 එයින් දැනගත්තේ මා මවක් වීමට සූදානම් බවය..විදත් පියා නොවුනද ඉතා සතුටු වුනේ රජකම ලැබුනාක් මෙනි..
“අන්කල් මට හදිසියේ රට යන්න වෙලා බිස්නස් වැඩකට මම හිතුවේ මැරි කරලා නංගවත් එක්කන් යන්න.”
ඉතින් සියල්ල සිදු කලේ මා ගැබැනියක් බව අප දෙදෙනා පමණක් දැනුවත්වය.
  රට යනවා යැයි කීවාට අපි කුරුණෑගල විදත් අයියාගේ නිවසක සිටියෙමු.කුසට මාස 5ක් පිරෙද්දී අපි නැවත නිවසට ආවෙමු..
අභී නිවසේ දුරකතනයට කතා කරමින් දරුවාගේ අයිතිය ඉල්ලා කරදර කලේ ඔවුනට දරුවන් නොමැති බැවිනි..විදත් අයියා පැවසුවේ දරුවා ඔහුගේ බවය.ඉතින් පුංචි කිරිකැටි බිළිඳියක අපේ ලෝකයට ආවේ සැම සංකාවන් නැතිකරය.ඉතින් වාසානව උදා වූවා යැයි සිතමී..මා නෑණන්ඩිය වූ මන්දි සහ විදත් අයියා ඉතින් මා දිවියට සවියක් විය.සොබාදහමට අවනත නොවී ජීවත් වූ අභී ඇක්සිඩන්ට් එකකින් මියගොස් තිබුනේ මා දියණිය මෙලොව එළය දුටු දිනදීමය..ඉතින් සැබෑ ප්‍රේමය හැඳින්නෙමි මා විදත් අයියාගෙන්…

 

කතෘ : හරසරනි ලංකා
eBook by CharityShop Knowledge HUB

හිමි අහිමි – EB0004

හිමි අහිමි – EB0004

සමන් පිච්ච වැලෙන් වට්ටිය පිරෙන්න මල් නෙලා ගන්න කෙල්ල හැරිලා බලන්නේ ගේට්ටුව ඇරෙන සද්දෙට..ගේට්ටුවෙන් ඇතුල් වෙන රුව කෙල්ලට දැකලා හුරුත් නෑ.. කා එක්කවත් වැඩි ඇගෑළුම් කමක් නැති කෙල්ල ඉක්මනට නිවස ඇතුළට යන්න හදද්දිම

 “මිස් මේ විජේතුංග මහත්තයගේ ගෙදරද”
“ඔව් එන්න”
නිල් ඉරිපාට ෂර්ට් එකට කළු දිග කළිසම ඇඳලා කොණ්ඩෙ උඩට වෙන්න පීරපු කොල්ලට තිබුණෙ අහිංසක වැදගත් පෙනුමක් කෙල්ල එක බැල්මට මේ ඔක්කොම අල්ල ගන්නවා..
  සුරංගනාවියක් වගේ කෙල්ලෙක් ඉන්න ගෙදරක මාව වැඩට ගනීවිද මන්දා කොල්ලගේ හිතට අවිනිශ්චිත බියක් ඇති වෙනවා..අත්තම්මට කොල්ල වෙනුවෙන් තවත් වෙහෙසෙන්න බෑ.ඒකයි උසස් පෙළ හොඳටම සමත් වෙලත් කැම්පස් යන්නේ නැතුව කොල්ල මේ එන්නේ පත්තරේ තිබුණු දැන්වීමක් දැකලා. ජොබ් එක මොකක්ද කියලා අත්තම්මා දැන ගත්තොත් එන්න දෙන්නේ නැති නිසාමයි ⁣කොල්ල මේ තරම් පිළිවෙලට ඇඳලා එන්නේ..⁣කොල්ලත් සිතුවිලි මත කෙල්ලගේ පිටි පස්සෙන් විසල් නිවසේ සාලයට පිවිසෙනවා..
” මෙතනනින් ඉඳගෙන ඉන්න මම තාත්තිට කතා කරන්නම්”
  සාලයේ පුටුවක් පෙන්නපු කෙල්ල මල් වට්ටියත් අරගෙනම තාත්ත හොයාගෙන යනවා..තාත්තිට පිස්සුද මන්දා අනේ ඉන්ටවිව්ස් වලට ගෙදරට කොල්ලෝ ගෙන්න ගන්නේ. කෙල්ල⁣ හිතින් තාත්තට බනින්නේ තරහකින්මත් නෙමෙයි ඒත් මොකක්දෝ මන්දා කෙල්ලගේ හිත අවුල්..
 තාත්ති අන්න තාත්ති හම්බෙන්න කවුද ඇවිත්..
 “ආහ් එ්.අන්කල් උදෙන්ම ඇවිත්ද?”
උදෑසන ආහාර වේල ගනිමින් හිටපු විජේසූරිය අහද්දි
 “කවුද විජේ”
 ” ආහ් මේ අපේ ගෙදරට ඩ්‍රයිවර් කෙනෙක් ගන්න හිටියේ අන්න එයා”
 “තාත්තිට පිස්සුද අන්කල් කෙනෙක්..හි හි වාව් හැන්ඩ්සම් කොල්ලෙක් අපෝ එයා ඩ්‍රයිවින් වලට ආපු කෙනෙක් නම් වෙන්න බෑ”
කෙල්ල හිතන්නත් කලින් කෙල්ලගේ කටින් පිටවුනු වචන ආයෙ ඇදල ගන්නත් බෑ විජේසූරිය එකපාරටම දොනි දිහා බලනවා..කෙල්ල හෙමීට එතනින් මාරු වෙලා ගිහින් මල් වලට පැන් ඉහලා බුදු පහන තියන තැනට යන ගමන් ආයෙම හෙමීට කොල්ල දිහා බලනවා..කොල්ල බිම බලාගෙන ඉන්න අහිංසක විදියට කෙල්ලගේ හිතට අමුතුම හැඟීමක් දැනෙනවා..
 “ඔයාද මන් හම්⁣බෙන්න ආව කීවේ”
 “ඔව් සර් ඩ්‍රයිවින් වේකන්සි එකක් තියෙනවා කියලා කිව්වේ ඒකට”
 “ඔයා පොඩි ළමයෙක්නේ පුතේ මම හෙව්වේ වැඩ්හිටි කෙනෙක් කොහේද පුතාගේ ගම.”
 “කුරුණෑගල සර් “
මෙච්චර දුර ඉඳලා ආපු කොල්ලව ආයේ හරවලා යවන්නත් විජේසූරියට දුකයි.එ්ත් කොහොමද කෙල්ල විතරක් ඉන්න ගෙදරට කොල්ලෙක් ගන්නේ.පුතත් ඉගෙන ගන්න පිටරටකට ගිය නිසා කෙල්ලගේ ගමන් බිමන් වලට ඩ්‍රයිවර් කෙනෙක් ඕනෙමයි. ඔළුව  අත ගගා කල්පනා කරන විජේ තව ටිකක් කොල්ල එක්ක කතා කරනවා.
“පුතා විතරද පවුලේ ඉන්නේ ඒ ලෙවල්ස් එහෙම කරලද “
“ආත්තම්මයි මමයි විතරයි මේ මගේ සහතික ටික”
 ඒ ලෙවල්ස් වලට ඒ තුනක්ම ගත්ත කොල්ල ජීවිත කතාවම විජේසූරිය ට කියන්නේ විජේ අහන නිසා.පොඩ්ඩක් ඉන්න පුතා.මම බොන්න මොනව හරි එවන්නමි..
දැකලා හුරු කමක් තියෙන නිසාම හරවලා යවන්න අකමැත්තෙන් විජේ යන්නේ හේමා එක්ක කතා කරන්න.
“පව් විජේ අම්ම තාත්තත් නැති අසරණ දරුවෙක් නේ මම දැක්ක පෙනුමෙනුත් නරක නෑ.අපි ඒ දරුව ගමු.”
හේමගේ තීරණේ වුනෙත් එ්ක.
“එහෙනම් පුතේ අද ඉඳන්ම නතර වෙන්න ඔයාගේ කොලිෆිකේෂන්ස් වලට නම් ගැලපෙන්නේ නෑ තමයි අපි බලමුකෝ කොල්ලෝ ඉස්සරහට මම අපේ කමිපැනි එකට ජොයින් කරගන්න බලන්නම් එතකල් ඉතින් මගේ දෝනිව බාරයි.පන්ති එක්ක යන්න එක්ක එන්න ආ තව පන්සල් කෝවිල් යාලුවොන්ගේ ගෙවල් ඕවා තමයි ඉතින්” එහෙම කියපු විජේ කම්පැනි එකට යන්න පිටත් වෙනවා..කොල්ල එහෙම්ම දණගහල විජේසූරියට වඳින්නේ ආපු වෙලා⁣වේ ඉඳන්ම කතාකරපු විදියෙන්ම ඇතිවුන පැහැදීමත් එක්ක නැත්නම් ආවට ගියාට කාටවත් ඔළුව නවන කොල්ලෙක් නෙමෙයි දේවක අභිලාෂ් .. ඒ හැසිරීමෙන්ම කොල්ල ගැන තවත් පැහැදෙනවා.
 එදා ඉඳන් කොල්ල මේ ගෙදරම සාමාජිකයෙක් වගේ වෙනවා.නෝනයි මහත්තයයි නම් කොල්ලට තමන්ගෙම කෙනෙක්ට වගේ සැලකුවට කෙල්ල නපුරු කම්මයි කොල්ලට කරන්නේ
 “⁣දේවක අද මගේ යාලුවෙක්ගේ පාටි එකකට යන්න තියෙනවා හවස හතර වෙද්දි ලෑස්ති වෙන්න ඕනේ”
කොල්ල කෙල්ලවත් අරන් කෙල්ලගේ යාලුවගේ ගෙදර යනවා.
 “වාව් ශෙනූ මාර හැන්ඩ්සම් කොල්ලෙක්නේ අපිට කීවෙත් නෑ බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා” දඟකාරියක් වුන නෙතුලි දේවක දැකලා අත්පුඩියකුත් ගහලා කියද්දි කොල්ලට ලැජ්ජ හිතෙනව වගේම කෙල්ලගේ හිතටත් අමුත්තක් දැනෙනවා.කෙල්ල මොකුත් නොකියම කාර් එකෙන් බැස්සත් කොල්ල එන්නේ නැති නිසා නෙතූ කොල්ලගේ අතින් අදිනවා.
 “අයියෝ ඔයා යන්නද හදන්නේ කෙල්ල දාලා එන්නකෝ එන්ජෝයි කරලා යමු.”
කොල්ලගේ අත නෙතූ අල්ලද්දි කෙල්ලට ගොඩක් කේන්ති යනවා.නෙතූ කියන්නේ ඕනෙම කොල්ලෙක් වසඟ කර ගන්න පුළුවන් කෙල්ලෙක්.”
 “නෙතූ ඒ මගේ කවුරුත් නෙවෙයි අපේ ඩ්‍රයිවර් දේවක ඔයා ගිහින් මම කෝල් කලාම ආයෙ එන්න.” දේවකටත්  සැරෙන් කතා කරපු කෙල්ල නෙතූවත් ඇදගෙන රිෂී ගේ ගෙදරට යනවා..
 කොල්ල ගෙදර එද්දි කරුණ අම්මා දුවගෙන එනවා. අනේ මහත්තයෝ ලොකු නෝනට ටිකක් අසනීපයි වගේ ලොකු මහත්තයා එනකල් ඉන්න බෑ අපි යමු බෙහෙත් ටිකක් අරන් එන්න. ⁣විජේසූරිය මහත්තයට කතා කරන කොල්ල නෝනව පෞද්ගලික රෝහලකට එක්ක යනවා.හදිසි හෘදයාබාධ යක් නිසා හේමට නතර වෙන්න වෙනවා.අවශ්‍ය දේවල් ගන්න කරුණම්මව ගෙදරට දාන කොල්ල කෙල්ලව ගන්න යාලුවගෙ ගෙදර යන්නේ සර් කියපු නිසාමයි.
 ගාර්ඩ්න් එකේ නෙතු ඉන්නවා දැකපු කොල්ල කෙල්ල ගැන නෙතු ගෙන් අහනවා.කොල්ලගේ අතෙන් ඇදගෙන නෙතූ කෙල්ල ගාවට යන්නේ ඉස්සෙල්ලාත් කෙල්ලට තරහ යනවා දැකපු නිසාමයි..කොල්ලගේ අතේ එල්ලිලා නෙතූ එනවා දැකපු කෙල්ලට ලොකු කෙන්තියක් එනවා.
 “දේවක තමුසෙට මැනර්ස් කියලා දෙයක් නැද්ද?මම එන්න කීවේ කේල්  කලාම නේද?මැනර්ස් දන්නේ කොහොමද අම්මා අප්පවත් කවුද කියලා නොදන්න එකා”
 ඒ වචනෙත් එක්ක කොල්ලගෙ ඇස් වලින් ගින්දර පිටවෙනවා වගේ වෙනවා ඒ අසරණ කමට දුකට කේන්තියත් එකතු වෙලා නෙතූගේ අත ගසල දාපු කොල්ල හැරිලා එනවා.ඒත් කොල්ලට මතක් වෙනවා ලොකු නෝනා හොස්පිට්ල් නතර කරපු බව. කෙල්ලට එ්ක කිව්වම දරාගන්න බැරුව අඬාගෙන කොල්ලගේ පපුවටම බරවෙනවා.
 “අනේ දේවක අම්මිට මොකද අම්මිට ගොඩක් අමාරුද?”
 වෙන වෙලාවක නම් කොල්ලා කෙල්ලව පපුවට තුරුල් කරන් හිත හදනවා ඒත් කොල්ලට යාලුවො මැද අපහාස කරපු හැටි මතක් වෙලා කොල්ල කෙල්ලව අප්පිරියාවෙන් පැත්තකට කරනවා. කොල්ල හොස්පිට්ල් එකට එනකල් කෙල්ල එක්ක වචනයක් වත් කතාකරන්නේ නෑ.
 සතියක් විතර ගිහින් ලොකු නෝනව ගෙදර එක්කන් එනවා අතක් පණ නැති වුන නිසා සිංහල බෙහෙත් කරනවා.ඒ හැමදේකටම දුවන්නේ කොල්ලා ඉක්මනටම ලොකු නෝනා යථා තත්වෙට එන්නේ කොල්ලගෙ හෙදකම් නිසාමයි.
“පුතාට ගොඩක් පින් මට දැනෙන්නේ මගේ පුතා ලඟ ඉන්නවා වගේ”
හේමා කියන්නේ කොල්ලගෙි ඔළුව අතගාන ගමන්
.කෙල්ලට කොල්ල ගැන ලොකු දුකක් ඇති වෙනවා. කෙල්ල කොල්ලගෙන් සමාව ඉල්ලුවත් කොල්ල වැඩිය ගණන් ගන්නේ නෑ..දින සති මාස ගෙවිලා  යනවා කෙල්ල වගේම කොල්ලත් හිතින් ආදරේ කරනවා.ඒත් කොල්ල හරි අමාරුවෙන් හිත පාලනය කරගන්නවා.කවදාවත් නොලැබෙන දෙයක් වෙනුවෙන් රස්සාව නැති කරගන්න බැරි නිසා.ඒ වගේම අම්මා තාත්තගේ ආදරේ නොලබපු කොල්ල විජේසූරිය යුවල ගේ ආදරේට ලෝබ වෙනවා.කටපුරාම පුතේ කියලා කතා කරන ඔවුන්ට ද්‍රෝහි වෙන්න බෑ.
 “පුතේ අපේ දොනිටත් ඩ්‍රයිවින් පුරුදු කරන්න”
“ඔන්න අපේ තාත්ති දේවක රස්සාවෙන් අයින් කරන්න හදන්නේ”
 “ඔවි ඔව් ඔයා ඉගෙන ගත්තම ආයෙ ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ නැහැනේ. මම දේවක අයින් කරනවා.”
ඒ කියපු විදියට කියන්නේ ඇත්තක් බව දේවකට තේරෙනවා..
දේවක කෙල්ලට ඩ්‍රයිවින් පුරුදු කරනවා එ් හැම වෙලාවකම දෙන්නට දෙන්න  තව තවත් ලංවෙනවා..
 “දේවක මට සමාවෙන්න අයියා”
පරණ දෙයක් මතක් වෙලා ඇස් වල කඳුළු පුරවගෙන කෙල්ල කියද්දි කොල්⁣ලගේ පපුව පිච්චිලා යනවා.
 “ඇයි චූටි බෙිබි සමාව ඉල්ලන්නේ මම වගේ අම්මෙක්….'”
 එතනින් එහාට කොල්ලට මොකුත් කියන්න දෙන්නැතුව කෙල්ල කොල්ලගේ කට වහනවා..එහෙම්ම කොල්ලගේ පපුවට බරවෙන කෙල්ල කොල්ලගේ පපුවට තුරුල් වෙලා ගොඩක් වෙලා අඬනවා..
“හරි දැන් අැඬුව ඇති චූටි බේබි මම සමාව දෙන්නම්.හැමදාම මල් නෙලලා බුදුන් වඳින චූටි බේබි ඇයි ඒ විදියට මට නපුරු කම් කලේ කියලා අදටත් මට හිතා ගන්න බෑ.”
 “දන්නවද දේව් ඔයා දැකපු පළවෙනි දවසේ ඉඳන්ම මගෙ හිත ඔයාව ඉල්ලුවා.ඒත් කවදාවත් වෙන්නේ නැති ⁣දේකට ඔයාව ඇදල අරන් ඔයාට දුකක් දෙන්න බැරි කමට මම ඔයාට නපුරු කම් කලා.ඔයා මේ වාහනේ කරකවද්දි ඔයාගෙ රෝස.දිග අැඟිලි වල එල්ලිලා ගමන් යන්න ආස කලා.ඒත් මේ අත ඉස්සෙල්ලම නෙතූ අල්ලද්දි දැනුනද මේ පපුව පිච්චුන තරමක්.එදා මම නෙතූ එක්ක තරහ වුනා.ඒ වචන කේන්තියට කියපුවා විතරයි හිතලා කිව්වේ නෑ අනේ සමාව දෙනව නේද?”
“ඔව් බේබි අපි දැන් යමු”
“බෑ කෝ මෙන්න මෙතනට කිස් එකක් ඕනේ ඕකේ.”
කෙල්ල නළල පෙන්නල කියද්දි කොල්ල හෙමීට පාත් වෙලා කෙල්ලගේ නළල සිපගනිද්දි කෙල්ල හෙමීට කොල්ලව ඇඟට තුරුල් කරගත්තා.දෙන්නගෙම හිත්වල ඇතිවුන ආදරේ ඒ විදියට සුසුම් වල තැවරිලා ප්‍රකාශ කරගත්තා..
 දින සති මාස ගෙවුනේ දෙන්නට දෙන්නව තවත් ලංකරමින්. .
 “දෝනි අනිද්දට ඔයාව බලන්න මනමාලයෙක් එනවා. ලෑස්ති වෙන්න.”
තාත්ති එහෙම කියද්දි කකා හිටිය පාන් කෑල්ල හිරවුනු කෙල්ල එකපාරටම බැලුවෙ කොල්ල දිහා . කොල්ල කෑම එක දිහා බලාගෙන ඉන්නවා.
‘පුතේ දැන් කොහොමද මගේ කෙල්ලට ඩ්‍රයිවින් පුළුවන් නේ ලබන මාසේ ඉඳන් ඔයා ඕන වෙන්නේ නැති වෙයි.දැන් දෝනිට ලයිසනුත් තියෙනවනෙ.ඊටත් අපිට ඔයාලව විශ්වාස උනාට දෝනි ගෙ මනමාලයා කොහොම හිතයිද දන්නෑනේ ඒ නිසා පුතේ ඔයා ලබන සතියේ ඉඳන් මගේ ඔෆිස් එකේ ක්වාටර්ස් එකේ ඉන්න. අනෙක ඔයා බය වෙන්න එපා මගේ කම්පැනි එකේ අකවුන්ට්ස් වලට ඔයාව ගන්නවා.”
 හිතේ තිබුනු ජොබ් එක ඒක වුනත් මේ වෙලාවේ කොල්ලට සතුටක් නෑ.
“එහෙනම් දෙන්න එක්ක කෑම කන්න මම යනවා.”
කෙල්ලටයි කොල්ලටයි කියපු විජේසූරිය කෑම මේසෙන් නැගිටලා යන්නේ දෙන්නගෙම පපුවට ගින්දර දීලා.
“අ⁣නේ අයිය මට වෙන කෙනෙක් ලඟට  යන්න බෑ ප්ලීස් මාව එක්ක යන්න.”
 ‘මම කොහොමද මැණික එහෙම කරන්නේ තාත්ත කෙනෙක් වගේ මට වෙනසක් නොකරපු සර්ට මම කොහොමද එහෙම කරන්නෙ”
 කෙල්ලගේ ගෙදරට මනමාලයා එන දවස අද කොල්ලව පිච්චෙනවා.ඒ එන්නේ ජයසූරිය ගාමන්ට් එක අයිතිකාරයා ගේ පුතා ඒ විජේසූරියගේ පාසල් වියේ ඉඳන්ම මිතුරෙක්.
 කෙහෙල් දල්ලේ පාට ඔසරියක් ඇඳපු කෙල්ලගේ තිබුණෙ අමුතුම ලස්සනක්.දෙපැත්තෙම කැමැත්ත මත මඟුල තීන්දු වෙනවා.
  කොල්ල තීරණයක් ගන්නවා මේ හැමදේම බලන් කොල්ලට ඉන්න බෑ ඒ නිසා කොල්ල ගමේ යන්න තීරණය කරනවා.පඩිය කවදාවත් අනවශ්‍ය විදියට වියදම් නොකරපු කොල්ලට ගමේ ගිහින් කඩයක් හරි දාගෙන ජීවත් වෙන්න පූළුවන්.මාම බැලුවට අත්තම්මට කොල්ල තරම් වෙන කවුරුත් නෑ. කොල්ල කෙල්ලට ලියපු ලියුමත් හතරට පහට නවාගෙන විජේසූරිය මහත්තයටත් කියන්න උදේ කෑම මේසෙට යනවා.
 ‘”සර් මම ගමේ යනවා.”
“ආ පුතේ ආයෙ ඉක්මනටම එනවනේ”
 ” නෑ සර් මම ආයෙ එන්නෙ නෑ.”
“ඇයි පුතේ අපෙන් වරදක්වත් වුනාද?”
“අනේ නෑ සර් අම්ම තාත්ත කවුද කියලා දැකලවත් නැති මට ගෙදරම කෙනෙක් වගේ සැලකුවට සර්ටයි ලොකු නෝනටයි ගොඩක් පින්.”
 දෙන්නටම දණගහල වැඳපු කොල්ල කෙල්ලට දෙන්න.ගත්ත චූටි බුදුපිළිමේ ලියුමත් එක්කම දෙන්නේ කාටවත් සැක නොහිතෙන්න.
  චූටි මැණික අයිය යන්නේ හිතකින් නෙමෙයි.අයියා ගොඩක් ආදරෙයි මගේ මැණික.ඔය දඟකාරකමට කටකාරකමට අයිය ගොඩක් ආදරෙයි..ඒත් මගේ මැණික අයියට යන්න වෙනවා.දන්නවද මැණික අපේ ආ⁣දරේ අපි රහසක් කියලා හිතුවට ලොකුනෝනා හැමදේම දන්නවා. ගිය ආත්මේ කරපු පවකට මේ ආත්මේ අම්ම තාත්ත නොදකින්න තරම් අවාසනාවන්ත වුන මට ආයෙ පව්කරන්න බෑ මැණික. අයිය නොගියොත් මගේ මැණිකට එකහිතකින් සඳරැස් මහත්තයට ලංවෙන්න බැරි වෙයි.ඒ නිසා ⁣අයිය යනවා.ලොකු නෝනලව අසරණ කරන්න මට බෑ. මැණික නොදන්නවට සඳරැස් මහත්තයට මැණිකව ප්‍රපෝසල් කරලා තියෙන්නේ පොඩි කාලෙමයි.මම ලොකු නෝනටයි සර්ටයි වැඳලා මගෙ මැණිකව ඉල්ලද්දි තමයි සර් එහෙම කිව්වේ..ම⁣ගේ මැණික පරිස්සමට වාහනේ ඩ්‍රයිව් කරන්න.පාර පනින මිනිස්සු පෙන්නනන්න හරක් පෙන්නන්න අයිය ලඟ නෑ.කෝවිල් යද්දි පොල් රොටි එක්ක වැඩිය සැර කන්න එපා වතුර පොවන්නත් අයිය ලඟ නෑ.අනික මගේ රත්තරන් හවසට නාන්න එපා තෙත කොණ්ඩේ පිහිදන්නත් අයිය නෑ මැණික.අනේ අඬන්න එපා ම⁣ගේ පැටියෝ.දන්නවද අයියගේ අත්තම්මට එයාගේ දුව නැතිවුනේ ඉඳපු ගේ දොර නැතිවුනේ ආදරේ නිසා.අයියා ආදරේ නිසා ගොඩක් බැටකාපු කෙනෙක් මැණික. මට ආයෙම අත්තම්මට ඒ දේවල් නැති කරන්න බෑ.ඒ නිසා අයියා යනවා අයියට සමාවෙන්න. මේ බුදු පිළිමෙට හැමදාම සමන්පිච්ච මල් තියලා වඳින්න.අයියා කවදාවත් කාටවත් ලංවෙන්නෑ මේ අයියගෙ හැමදේම මැණිකගෙ විතරයි.මැණික සතුටින් ඉන්නවා කියලා මේ බුදු පිළිමෙට අත තියලා දිවුරන්න නැත්නම් අයිය යන බස් එක පෙරලිලා හරි අයිය මැරෙයි.
   බුදුසරණයි මැණික මම දුරින් ඉඳන් හරි මැණික බලල යන්න එන්නම්..
 ලියුම එක හුස්මට කියවන කෙල්ල ඉකි ගගහ අඬනවා.කෙල්ල බුදු සාදුට දුක කිය කිය අඬනවා.අනේ දැන් අයියා ගොඩක් දුර ගිහින් ඇති.අඬ අඬ හිටපු කෙල්ලට හොඳටම උණ කෙල්ල උණ විකාරෙන් කියවන්නේ කොල්ල ගැන දවස් දෙකක්ම හොස්පිට්ල් හිටියත් කෙල්ලට අඩුවක් නෑ.
 “විජේ ඇයි මට මේ බවක් කලින් නොකිව්වේ.ආදරේ අපිත් විඳලා තියෙනවනේ විජේ මම නම් විරහවත් විඳලා තියෙනවා.අපි කොල්ලව ගේමු විජේ.”
“අනේ ජයේ උඹට ගොඩක් පින්”
 ජයසූරියයි විජේසූරියයි කොල්ලගේ ගමට යනවා..
“වෙඩින් එකටත් දින ලඟයි ජයේ”
“හරි බන් අපි ඉස්සෙල්ල කෙල්ලව සනීප කරගමු.”
අත්තම්මා දීපු තේ කහට එක බීපු කොල්ල අඹ ගහයට හදපු ලෑලි බන්කුව උඩ වාඩි වෙලා ඉද්දි ඈතින් එන වාහනේ දැකල ඉද්ද ගහලා වගේ නැගිටින්නේ කොල්ල වාහනේ අඳුරගන්න නිසා.විජේසූරිය මහත්තයා එද්දි කොල්ලට පොඩි සැනසීමක් දැනෙන්නේ අත්තම්මා ගෙදර නැති නිසා ඔවුන් කොල්ලට බැන්නොත් අත්තම්මට දරාගන්න බැරි වෙනවා.
“දේවක පුතා ලෑස්ති වෙන්න අපි එක්ක කොළඹ යන්න.”
“ඇයි සර්”
“පොඩි වැඩ වගයක් තියෙනවා දොණිගේ වෙඩින් එකත් ලඟනේ”
දැන දැනම විජේසූරිය කොල්ලගේ හිත පුච්චනවා. ඒ එක්කම අත්තම්මා එනවා.අත්තම්මා දැකපු ජයසූරිය පුදුම වෙද්දි ජයසූරිය දැකපු අත්තම්මා එතනම නවතිනවා..
“ඇග්නස් නැන්දේ “
“හිච්චි පුතේ “
අත්තම්මා ජයසූරිය වැළඳගෙන අඬනවා
 “කෝ නැන්දේ කමනි”
“ඒකි මට මේ කොල්ලව දීලා යන්නම ගියා පුතේ”
“එතකොට මේ”
“ඔව් “
“මගේ පුතේ මට සමාවෙන්න මම ඔයාව හැමතැනම හෙව්වා”
කොල්ලව බදාගෙන ජයසූරිය අඬනවා.පරම්පරාගත ⁣වෛරයක් නිසා ජයසූරියගෙයි කමනිගෙයි ආදරේට කණකොකා අඬද්දි මරණ බයට ඇග්නස් තමන්ගේ දුව කමනි යි පුතා අනුරයි එක්ක ගමෙන් එන්නේ කවුරුත් නොදන්න ඤාති ගමක් වන කුරුණෑගල ට ඒ එද්දිත් කමනි තුන්මස් ගැබිනියක්.කමනිව ඉල්ලලා ජයසූරිය ගෙදරත් එක්ක රණ්ඩු කරන එකේ ප්‍රතිඵල යක් විදියට ඇග්නස්ලගේ ගෙදර ගිනි තියනවා.කවුරුත් හිතුවට ඒ ගින්නෙන් ඔවුන් මැරිලා කියලා.ඔවුන් ඒ වෙද්දිත් ගමෙන් ඇවිල්ලා.ජයසූරිය විශ්වාස කරනවා කමනි ජීවත් වෙනවා කියලා.ජයසූරියට බඳින්න වෙන්නේ  නැන්දගේ දුව වුන චම්පා එයා තමයි මේ දෙන්නගේ ආදරේට මුල ඉඳන්ම උදව් කලේ. දෙන්න හැමතැනම කමනි හොයන්නේ දරු පැටියා හරි ඉල්ලගන්න.දරුව හම්බෙද්දිම මානසික ආබාධයක් හැදෙන කමනි සියදිවි නසා ගන්නවා.මෙි හැමදෙයක්ම කොල්ල දැනගන්නේ අත්තම්මයි ජයසූරියයි කතා කරන දේවල් වලින්.”
 “යමු සර් මම ලෑස්තිවෙලා එන්නම්”
“මට සර් කියන්න මන් පිට කෙනෙක් නෙවෙයි කොල්ලෝ උඹේ අම්මයි තාත්තයි මායි එක බත් එක බෙදන් කාපු යාළුවෝ”
⁣කොල්ල කොළඹට එනකල්ම දන්නෑ කෙල්ල ලෙඩින් කියලා.හොස්පිට්ල් එකට ගියපු කොල්ලව දැකපු කෙල්ල කොල්ලගේ අතින් අල්ලගන්නේ කවුරුත් බලන් ඉද්දි මයි. කෙල්ලට ටික ටික සනීප වෙනවා.
“මැණික දන්නවද සඳරැස් කියන්නේ මගේම මල්ලි”
 කොල්ල හැමදේම කෙල්ලට කියනවා.කෙල්ලගේ වෙඩින් එක දවසත් උදා වෙනවා ජයසූරියගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා කොල්ල දෙවනි මනමාලයා වෙනවා..කොල්ල ගිහින් කෙල්ලට මල්බොකේ එක දෙනවා..
 “මැණික අදින් පස්සේ ඔයා මගේ මල්ලිගේ නෝනා.මට බෑ මගේ කෙල්ල කාටවත් දෙන්න.ඒත් අයියා අසරණ යි මැණික.කාගෙවත් ආදරයක් නොලබපු අයියට ආදරේ දුන්නට මැණිකට ගොඩක් පින්.”
අවසාන වතාවට කෙල්ලව තනි කරගෙන කෙල්ලගේ නළල සිපගන්න කොල්ලා කඳුළු නතර කරගන්නේ ⁣ගොඩක් අමාරුවෙන්.කෙල්ලත් කොල්ලගේ පපුවට තුරුල් වෙලා අඬනවා..දැන් ඇති මැණික අද මගේ පැටියගෙ ජීවිතේ ලස්සනම දවස අයියට පේන්න හිනාවෙලා ඉන්න.”
කෙල්ලගේ කඳුළු පිහිදපු කොල්ල කාමරෙන් එළියට යනවා.
 කෙල්ල උදේ පිපුණු පිච්ච මලක් වගේ ලස්සනයි.පොරුවෙ චාරිත්‍ර බලන්න කොල්ලට බෑ.ඒ අත වෙන කෙනෙක්ගේ වෙනවා සදහටම කොල්ල එළියට යන්න හදද්දිම ජයසූරිය කොල්ලව නතර කරනවා..කොහෙද යන්නේ මනමාලයා නැතුව කවුද පෝරුවට නගින්නෙ. ඔව් හැමෝම කතා වෙලා කොල්ලටයි කෙල්ලටයි නොකිය දෙන්නගෙ වෙඩින් එක ගන්නවා…
 දේවක අභිලාෂ් ජයසූරිය ශෙනුල්‍යා මන්දාකිනි විජෙිසූරියගේ නීත්‍යානුකූල බිරිඳ වෙද්දි හැමෝම සතුටු කඳුළු හෙලනවා.
“ඔන්න මම මගේ පොරොන්දුව ඉටු කලා මගේ ලොකුපුතා ජයේ ගෙ කෙල්ල මගෙ ලේලි කරා.”
“ඔව් පුතේ ජයේ යි විජේයි මේ දේවල් කතාවුනේ කමනි ඉන්න කාලෙමයි. පුතේ අම්මා නෑ කියලා හිතන්න එපා මම.තමයි  ඔයාගේ අම්මා. මට දැන් කෝල්ලෝ දෙන්නෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා නේ” චම්පා කොල්ලවයි කෙල්ලයි පපුවට තුරුළු කරගන්නේ සැබෑම මව් සෙනෙහසකින්..
ඈතට වෙලා හිටපු අත්තම්ම සතුටු කඳුළු හෙලන්නේ කොල්ලට සම්පූර්ණ පවුලක් ම ලැබුනු එකට…
“මගේ අයියේ ආදරෙයි ගොඩක් “
“ඔව් සුදුමැණික අයියත් ආදරෙයි ගොඩක්ම…”
කොල්ලට උපතින්ම අහිමි වූ සෙනෙහස ආයෙම ලැබුනේ කොල්ගේ යහපත් ගතිගුණ නිසාම වෙන්න ඇති…

 

කතෘ : හරසරනි ලංකා
eBook by CharityShop Knowledge HUB

ඉකිබිඳින සමනලී – EB0003

ඉකිබිඳින සමනලී – EB0003

සෙනෙහස්…ඉතින් පෙර දිනයක නුඹට මා නැතිවම බැරිවිය..මගෙ කටහඬ සමඟින් ඇහැරෙන නුඹ මට වදයක් වන තරමටම මට අාදරය කළ නුඹ..නුඹේ ඇස් දෙක තරමටම මා විශ්වාස කළ නුඹ අතරමග දමා යන්නට තරම් මා සැහැසි වුයේ ⁣කෙළෙසකදැයි මටම සිතා ගත නොහැකිය…

  අපේ ප්‍රේමය ඇරඹුනේ උසස් පෙළ පන්තියෙනි. එදවස අප ලඟම මිතුරන්ව කෙළි දෙලෙන් ගත කළෙමු..
“”දැහැමි මම ආදරේ කරනවා කෙල්ලෙක්ට අනේ බන් ඒකිගෙන් කැමැත්ත අරන් දීපන්කෝ..
“”අම්මෝ සෙනෙහස් අපිට ඒකිගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නෑ..””
එදා නුඹ ගේ පෙරැත්තයට මමත් සඳැසිත් ගියේ නුඹේ සිතෙහි ලැගුම් ගෙන සිටි සාමාන්‍ය පෙළ පන්තියේ දිනුකි නංගීගෙන් නුඹ පිළබඳව ඇසීමටය..
නමුත් අපගේ ඉල්ලීම එකවරම දිනුකි නංගී විසින් ප්‍රත්ක්ෂේප කළේය..

  එත් නුඹ පසුබට නොවී කිහිපවරක්ම උත්සාහ කළ බව අප මිතුරන්ට නොරහසකි.
දිනක් මා කෙමෙස්ට්‍රි නෝට් එකක් බලමින් සිටියදී නුඹගෙන් ආ දුරකථන ඇමතුමත් සමඟ නොසිතුව බොහෝ දේවල් සිදුවිය..
මතකද නුඹට අපේ මනෝ විද්‍යා ගුරු උපදේශක මහතා කියු දෙය.කිසිම දිනෙක රාත්‍රිය මිතුරු කමකට හෝ ගැහැනූ පිරිමි ළමුන් අදහස් හුවමාරු කල ගත යුතු නැති බවයි. රාත්‍රියට බුද්ධියට තැන නොදී හැඟීම් වලට පමණක් වහල් වීම මිනිස් සිතේ ස්වභාවය බවයි..
ප්‍රථම ප්‍රේමය අමතක කර ගැනීමට උත්සාහ කරමින් සිටි මම සිතෙහි හටගත් ප්‍රේමය අමතක කර දැමීම සඳහා වෙරි මතින් නන් දෙඩවූ නුඹට එදා ආදරේ යැයි කීවේ හුදෙක් අනුකම්පාවටම දැයි අදටත් මම නොදනිමි….

ඉතින් එදා ඒ ලෙස ඇරඹි අපේ ආදරය දිනෙන් දින ලියලා වැඩුණි. සෙනෙහස් යන නමේ පරිසමාප්ත අර්ථයෙන්ම නුඹ සෙනෙහස් ගඟුලක් විය..

  දනිමි නුඹ තරම් පෙම් කරන කිසිවෙක් මේ ලොව නැතිවා විය හැකිය.විටෙක සොයු⁣රෙකු මෙන් හදෙහි රැඳෙන නුඹ වි⁣ටෙක මාගේ පියා මෙන් මා රැකීමට වෙර දැරෑ හැටි මට අද මෙන් මතකය..විටෙක නුඹ මගේ හොඳම මිතුරාය..මතකද අපි අතර සීමා මායිම් නැත.උඹ බන් බොලන් කියමින් පටන් ගන්නා අප අවසන් වන්නේ සියලුම සතුන්ගේ නම්ද කියා ගත් පසුවය..

  ඔව් අපේ අාදරය තරම් සුන්දර දෙයක් මේ මිහිපිට තිබුනේ නැත. අප උසස් පෙළ පන්ති යන අතරමග මාගේ ප්‍රථම ප්‍රේමය වූ සුදේශ් ඔහුගේ ⁣පෙම්වතිය වන මා මිතුරිය දිව්‍යා සමඟ පෙම් බස් තෙපලමින් යන විට මම ද නුඹගේ අතේ එල්ලී ගියේ ඉතාමත් උජාරුවෙනි. මම දකින්නට ආස වූයේ එවිට බෙරි වන සුදේශ්ගේ මුව මඩලයි..

  “දැහැමි ඇත්තටම ඔයා මට ආදරේද?”

  “ඇයි සෙනෙහස් ඔයා එහෙම අහන්නේ”

  “නෑ බබා මට වෙලාවකට හිතෙනවා ඔයා සුදේශ්ගෙන් පළිගන්නද මට ළං වුනේ කියලා”         “ඒ කියන්නේ ඔයාට මගේ ආදරේ විශ්වාස නැද්ද සෙනෙහස් “

 “නෑ පැටියෝ මට මටත් වඩා මගෙ මැණික විශ්වාසයි”

ඔව් නුඹ නුඹටත් වඩා එදවස මගේ ආදරය විශ්වාස කළේය.නුඹ මගෙන් අසන ඒ පැනය මා මගෙන්ම ඇසු වාර අනන්තය.එනමුත් මගේ සිත එයට කිසිම දිනෙක පිළිතුරක් නොදුන්නේය..

   පළමු වර උසස් පෙළ විභාගය නිසියාකාරව නිම කරගැනීමට නොහැකි වුන මා සයන්ස් වලින් කොමර්ස් වලට මාරු වෙද්දී නුඹ ග්රැෆික් ඩිසයින් කෝස් එකක් කරන්නට ඇරඹීය.නමුත් නුඹගේ දවසේ ප්‍රථම රාජකාරිය වූයේ මාව පන්තියට ඇරළවීමයි.නුඹ මලක් මෙන් මා රැක්ක ඒ කාලය මතක් වන විට මාගේ දෙනෙතට අදටද කඳුළු උනයි..

   “ගුඩ් මෝනින් පැටියෝ “

   “ගුඩ් මෝනින් බබා”

   “මොකද බන් අද තාම නිදි මැට්ටි අද ක්ලාස් යන්නේ නැද්ද?”

  “යන්න ඕනේ මැට්ටෝ මම ලෑස්ති වෙලා එන්නම්”

  “මැට්ටි අද අපේ අම්ම මට උදේට කාල යන්න ජෙලි පුඩිම් හැදුවා..””

  “අනේ මටත් ඕනේ”..

  “අම්මේ මෙන්න අම්මා⁣ගේ පෙරේත ලේලිටත් ජෙලි පුඩිම් ඕනෙලු අයිස් දාලා වෙනම කප් එකක් හදන්න එයාටත්”

  “මම දන්නවනේ මගේ පන මට නොදී කිසි දෙයක් කන්නේ නෑ කියලා..”

  “ඔව් නැත්නම් පෙ⁣රේති කෙළ ගිලල මගේ බඩ ලෙඩ වෙනවනේ අම්මත් ඒක දන්න නිසා දෙන්නටම හදනවා.නැත්නම් පව්නේ අම්මගේ එකම කොල්ල ලෙඩ වුනොත්.”

  “අනේ පලයන් බන් යන්න”

  “වරෙන් ඉක්මනට ලෑස්තිවෙලා මාතර බෝධිය ලඟට මේක කාලම කලාස් යන්න පුළුවන්නේ.”

  “ඕකේ එහෙනම් තිව්වා.”

  “බුදුසරණයි මගේ මැණික”

ඔව් නුඹේ ආදරය එහෙමය අපේ ආදරය පටන් ගත් දා සිට නිවෙස් දෙකේම දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබීම අප දෙදෙනාටම මහත් භාග්‍යයක් විය.

   දින සති මාස අවුරුදු ගෙවී ගියේ අප දෙදෙනා තව තවත් ළං කරමිනි.නුඹ දැන් පෞද්ගලික අංශයේ රැකියාවක හිමිකරුවෙකි. නුඹේ එකම සතුට වූයේ මාව ලස්සන කිරීමය.ඇඳුම් පැළඳුම් වලින් මට කිසිම දිනෙක අඩුවක් නොවූයේ මා ලස්සනයි කියන හැමදේම නුඹ මට තිළින කරන බැවිනි.මුලදී චාම් දිවියක් ගත කල මා පසුව විච්චූර්ණ ලෝකයකට පිවිසියේද නුඹ මට ඉල්ලන ඉල්ලන දේ අරන් දුන් බැවිනි.නුඹ ඒ සියල්ල කලේ මා විශ්වාස කල නිසා බව මම දනිමි…

  සහෝදරියන් දෙදෙනෙකුගේ බාල සොයුරිය වූ මා කිසිම දිනෙක ජීවිතයේ බරක් පතලක් තේරුම් නොගත්තෙමි.මා සහෝදරියන් දෙපළද විවාහ වී පිටරට පදිංචි වී සිටි බැවින් ඔවුන් ගත කළේද සෙල්ලක්කාර ජීවිතයි.මගේ මස්සිනාලා දකිද්දී මට විටෙක නුඹ නෝන්ජලයෙකු සේ පෙනිනි.මම පැටලී ඇත්තේ නොගැළපෙන කෙනෙකු සමඟයි මගේ සිත විටෙන් විට මොර ගාන්නට විය.ඉතින් සත් වසක් පිරුනු අපේ ප්‍රේමයට තිත තැබීමට සිතා මා නුඹ මුණ ගැසීමට සිතුවෙමි.

වෙනදා මෙන්ම මගේ දුරකථනය හැඬවුනේ නුඹගේ ඇමතුමණි.
“ගුඩ් මෝනින් සුදු මැණික”
“ගුඩ්ද බෑඩ්ද නම් කියන්න බෑ මෝනින් බබා”
“මොකද අද මගේ නෝනා උදෙන්ම මූඩ් ගහලා”
“එහෙම දෙයක් නෑ අනේ ඒ ඔයාට පේන විදිය”
“හ්ම්ම් මොනවද ඩේලි ප්ලෑනින්ග්”
“මට අද ඔයාව මීට් වෙන්න ඕනේ”
“හ්ම් එහෙනම් මම එන්නම් මැණික බලන්න ගෙදරට”
“මොකක්ද සෙනෙහස් හැමදාම ඔයාගේ ගෙදරයි අපේ ගෙදරයි බෝදියෙයි බීච් එකෙයි මට නම් ඇති වෙලා. ගෙවල් දෙකේම බෑ වෙන කොහේ හරි.”
“හ්ම්ම් එහෙනම් බීච් යමු”
” අනේ මන්ද සෙනෙහස් ඔයා නම් කමක් නෑ එහෙමවත් කරමුකෝ මම 10.30 වෙද්දි මාතර බීච් එකට එනවා.මම තියනවා එහෙනම් ..”
“හා මැණික  බුදුසරණයි”
අයියෝ⁣ මේක නම් පුදුම කරුමයක් අක්කිලා දෙන්නා ජීවිතේ එන්ජෝයි කරනවා මම මේ ගොඩයෙක්ට සෙට් වෙලා නිකන් විඳවනවා.මේ මඟුල අදම ඉවරයක් කරන්න ඕනේ ආදරෙයි පව් කියලා  මුළු ජීවිතේම විඳවන්න පුළුවන් ද ?අතින් අල්ලලා කිස් එකක් විතරක් දුන්නම ඇති කියලා එයා හිතනවා ඇති.ගෙදරිනුත් සම්බන්දෙ දන්න එකේ මීට වඩා මොකටද ඔච්චර බය වෙන්නේ.ඇහුවම කියන්නේ නම්
“”අනේ මැණික දවසක මම මැරි කරන්න කලින් මැරුනොත් ඔයා කොහොමද වෙන කෙනෙක් ලඟට යන්නේ”
කියලා ඔය ලස්සනට අපේ පොඩි අක්කි කලින් බෝයි ගෙන් බබෙක් ලැබෙන්න ඇවිල්ලත් ඒ අෆෙයාර් එක නවත්තලා බබාවත් නැති කරලා වෙන කෙනෙක් එක්ක ගියේ.ලංකාවේ ඉන්න මේ ගොඩයොන්ට තමයි ඕවා මැජික්
එලෙස සිතමින් මා සූදානම් වූයේ සෙනෙහස් හමු වීමට යාමටයි.අන්‍ය ජාතීන් දෙදෙනෙකු සමඟ විවාහ වී ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන අක්කලා දෙදෙනා ලඟ මා සෑම දිනකම පසුතැවිලි වුනෙමි.අක්කලා ලංකාවට ආ විට මම මුළුගැන්වී ගත කලේ මා ඔවුන්ගේ සමාගමට නොගැළපෙන හෙයිනි.කෙසේ පහදා දී වත් සෙනෙහස් නම් මගේ මේ පවුල් පසුබිමට යා කර ගැනීමට නොහැකි වූ නිසා මා මනසින් පීඩා වින්දෙමි.එහි ප්‍රථිඵලයක් ලෙස දිවි දෙවනි කොට මට සෙනෙහස පෑ සෙනෙහස් ගෙන් වෙන් වීමට තීරණය කළ මා ත්‍රී ක්වාටර් කලිසමට අත් රහිත බ්ලවුසයකින් සැරසී නිවසින් පිටත් වුනෙමි.
“අම්මා මම සෙනෙහස් මීට් වෙලා එන්නම්”
“හා දෝනි සෙනෙහස් ගේ අම්මත් මතක් කරන්න කියන්නකෝ.”
“එයාලගේ ගෙදර ගියොත් කියන්නම්”
“ඇයි අද වෙන කොහේ හරි යන්න ද,  ඔව් ඉතින් ජීව්තේ එන්ජෝයි කරන්නත් ඕනි නේ.”
“අම්මි දන්නවනේ සෙනෙහස් ගේ හැටි”
“තාත්තිත් ඔහොම තමයි දෝනි…ඒත් ඉතින්..දැන් තාත්ති රට ⁣නේ…””
“මම ගිහින් එන්නම් අම්මි”
තාත්තා රට සිටින විට අම්මා ද ගත කරන්නේ නිදහස් ජීවිතයකි.පෙර දින අම්මාගේ ක්‍රියා කලාපයට වෛර කළ ද අද මගේ සිත කියන්නේ අම්මා නිවැරදි බවය.විඳින්නට ලැබී ඇති ජීවිතය විඳවීමට අවැසි නැත. සංස්කෘතියට සභ්‍යත්වයට මුල් තැන දී සිතිවිලි හිර කරගෙන ජීවිතය විඳවන්නේ නැතිව සමනලියක් මෙන් පියඹා යන්නට මගේ සිත වෑයම් කරන්නේ දැන් මීට ටික කලකට පෙර සිටය..තාත්තා එවූ මුදල් වලින් ඇරඹි ගාමන්ට් ෆැක්ට්‍රි එකේ පාලනය මා සතු වූ දින සිට..එයට එන සෙල්ලක්කාර කොල්ලන්ගේ බැල්මෙන් මා මත් වෙන විට මා විසින් මා වටා ගොඩ නගා ගෙන සිටි පවුර ඉබේම බිඳ වැටිනි.එදවස පටන් මට සෙනෙහස් පෙනුනේ නෝන්ජලයෙකු මෙන්ය..මව පියා සහ මම ලෝකයම කරගෙන ජීවත් වන ඔහු කිසි දිනෙක ජීවිතය විඳින්නේ නැත.එමෙන්ම මාගේ හැඟීම් ද ඔහු උපන් ගෙයිම මරා දමන විට මට ඔහු හා එන්නේ විසල් කෝපයකි.අද දෙකින් එකක් විසඳා ගත යුතුය..
මා රැගත් බස් රිය මාතර බීච් රෝඩ් එකෙන් විත් ස්ටෑන්ඩ් එකට දානවාත් සමඟ ඒ දෙස බලාගෙන සිටි සෙනෙහස් ගේ බැල්ම මගේ සිතිවිලි වෙනස් කිරීමට තරම් පොහොසත් වේ දැයි මම නොදනිමි.
මා බසයෙන් බසින විට පෙර මගට දිව අා ඔහු මාගේ අතින් අල්ලා ගත්තේ දියණියක් ආරක්ෂා කරන පියෙකු විලසය..සෙල්ලක්කාර මවක⁣ගේ උණුසුමෙහි හැදී වැඩුනු මට පියාගේ රැකවරණය ලැබුනේ බොහෝ අඩුවෙනි.අප කුඩා කලම පිට රට රැකියාවට ගිය පියා ලංකාවට එන ඒ පුංචි කාල සීමාවට පමණක් ඔහුගේ රැකවරණය සීමා විය.එම කා⁣ලයේ දී අම්මාද හැසිරෙන්නේ අප තුන් දෙනා ඇයගේ ඇසේ ඇති රොඩ්ඩ මෙන් ආරක්ෂා කරන බවට ඒත්තු ගන්වමිනි.පිය සෙනෙහසත් සෙනෙහස්ගේ සෙනෙහසත් තරාදියකට දැමූ පසු පවිත්‍ර වූ ඒ දෙකම සමානය..
“දැහැමි මොනවද බබා ඔයා කල්පනා කරන්නේ මේ ලෝකෙනම් නෙවෙයි..පහළට බහිනවද මැට්ටි හීන ලෝකෙන්.අපි බීච් එක ලඟට එනකල්ම දන්නේ නෑ නේ.”
“මොකුත් නෑ සෙනෙහස් තාත්ති මතක් වුනා.”
“ඔයාලගේ තාත්ති ගැන ඇත්තටම මට ගොඩක් දුකයි ⁣දැහැමි.පව් තාත්ති අම්මිව මොන තරම් විශ්වාස කරනවද? මම කැමති නෑ ඒ ගැන කතා කරන්න නිකන් අපි දෙන්නත් තරහ වෙනවා. ඇත්තටම මට සතුටුයි ඔයා අම්මගේ අඩි පාරේ යන්නේ නැති එක ගැන.”
“මම අම්මි වගේ වුනොත් මොකද කරන්නේ.”
“ඔයා එහෙම වෙන්නෑ මැණික මට විශ්වාසයි. ”
“ඒත් වෙලාවකට මේ ජීවි⁣තේ එපා වෙනවා සෙනෙහස් මටත් ආසයි ජීවිතේ විඳින්න.”
“ඒකනේ මම කීවේ අපි මැරි කරමු කියලා කෝ ඉතින් මගේ කෙල්ල ඒකටත් කැමති නෑ නේ..”
“අනේ ප්ලීස් අපි ඒ ගැන කතා නොකර ඉමු.මට බෑ දැන්ම මැරි කරන්න අම්මෝ ළමයි හදන්නයි මොන විකාර වැඩද අප්පා ඕවා.”
“දැහැමි ඔයා දැන් ගොඩාක් වෙනස් වෙලා ඇයි මේ. ඔයාගේ ඔලුවට ඔය විකාර දා⁣න්නේ ඔයාගේ අක්කලයි අම්මලයි තමයි.ඊටත් බලන්න ඔයා අද බස් එකේ ඇවිල්ලත් ඇඳන් ආපු ඇඳුම ඔයා හොඳටම දන්නවා මම කැමති නෑ තනියම එද්දි ඕවා අඳිනවට.ඔහොම ඇඳන් එන්න ඕනි නම් මට ගෙදරට එන්න කියන්න තිබ්බනේ.. ඔයා ගාමන්ට් එකෙත් ඉන්නේ ඔහොමද?”
“කොහොම හිටියම මොකද ඒක තියෙන්නෙත් ගෙදරමනේ.ගාමන්ට් ෆැක්ට්‍රි එකක් කීවට කෙල්ලෝ හතර පස් දෙනෙකුයි කොල්ලෝ හතර පස් දෙනෙකුයි විතරනේ ඉන්නේ.ඊටත් අම්ම කෙල්ල වගේ ඉද්දි මම කොහොමද නාකි ගෑණියෙක් වගේ ඉන්නේ.”
“ඒ කියන්නේ බබා ඔයා ඒකෙත් ඉන්නේ බාගෙට ඇඳන්ද”
“නෑ නෑ ඇඟ වැහෙන්න ඇඳල ඉන්නේ මොකද මගේ මිනිහ ගොඩයෙක්නේ අන්න ඒ නිසා”
සත්තයි නේ මැණික කෝ ඔළු⁣වෙ අත තියලා දිවුරන්න..
ඔව් ඉතින් මම දිව්රුවෙමි බොරුවට ඔහුගේ ඔලුවේ අත තියා දිවුරුවෙමි.නැවත හැරෙන්නේ කෙලෙසකදැයි සිතා ගැනීමට නොහැකිව සිටින මට ඔහු ගැන විසල් හැඟීමක් නොමැති නිසා මා එලෙස දිවුරුවෙමි.අනේ එ් අහිංසකයා මාව විශ්වාස කරමින් මගේ අත ඔහුගේ පපුවට තද කර ගත්තේ කොතරම් සෙනෙහසකින් ද?
දවසම බීච් එකේ ගත කර මා නිවසටම හැරදා සෙනෙහස් ගියේ මේ ඇඳුම් පිටින් බස් රියේ මා එවීමට අකමැති වූ නිසාය..මා කැමතිම මික්ස් රයිස් මාතර මයුර එකෙන් අරන් දුන් ඔහු අතුරුපසට අයිස්ක්‍රීම් ද අරන් කැව්වේ හද පිරි ආදරයෙනි.ඔහුගේ ඒ ආදරය හමුවේ මගේ මුවේ වදන් ගොලුවී අපගේ ආදරය මෙතකින් නිමා කරමුයි කියන්නට මට නොහැකි විය.ඉතින් එදිනද පරාජිත මානසිකත්වයකින් මම නිවසට ගොඩ වැදුනි..
නිවසට ආ විගසම ඇඳට වැටුනු මා කල්පනා කළේ මා සෙනෙහස් ගෙන් වෙන් වන ආකාරය ගැනයි..සිත ව්‍යාකූල වී ඇති මේ මොහොතේ කිසිම සිතුවිල්ලක් එන්නේ නැත..

  ගාමන්ට් ෆ්‍රැක්ටියත් නිවසත් අතර දෝලනය වෙමින් කාලය ගෙවී ගිය අතර සෙනෙහස් ගේ ප්‍රේමයද සුපුරුදු පරිදි ගලාගෙන ගියේ එය නතර කිරීමට තරම් ශක්තියක් මා තුළ නොවූ බැවිනි.ඔහුට කිසියම් දිනෙක මා එපා වී දමා යන තුරු අපේ ආදරය පවත්වා ගෙන යාමට මා තීරණය කළෙමි..
මගේ ජීවිතයේ සියලුම රහස් කීමට මට විශ්වාස වන්ත අයෙකුට සිටියේ අප ෆ්‍රැක්ට්‍රියෙහි සේවිකාවක වූ නෙතුනි නංගීය..චාම් අහිංසක කෙල්ලකු වූ ඇය විශ්වාස කල හැකි බැවින් මම ඇයට සියල්ල පැවසීමට පුරුදු වූයෙමි.
“නෙතූ එපා වෙනවා බන් වෙලාවකට ජීවිතේ.”
“අක්කටත් ජීවිතේ එපා වෙනව නම් අපි ගැන කවර කතාද? අක්කට පන වගේ ආදරේ කරන කොල්ලෙකඅත් ඉන්නේ අනාගතෙත් ෂුවර් ”
“අනේ නල්ල මලේ කොල්ල ජීවිතේ එන්ජෝයි කරන්න දන්නේ නැති හාල් පාරුවෙක්”
“එ⁣හෙම කියන්න එපා අක්කේ අද කාලේ ඔය වගේ කොල්ලෝ හොයන්න බෑ.කෙල්ලෙක් එක්ක යාලු වුන ගමන් රෑම් අදින කොල්ලෝ ඉන්නේ දැන් අවුරැදු ගානක් වෙලා අයිය අක්කව තාම පරිස්සං කරනවා ”
“ආන් උඹට නම් ගැළපෙයි එහෙම කොල්ලෙක් මට නම් බෝරිං”
ඉතින් අක්කා එහෙනම් තව බලාපොරොත්තු දෙන්නේ නැතුව අයින් වෙන්නකෝ.”
“මම කොහොමද සෙනෙහස්ගේ මූණ බලාගෙන ඒක කියන්නේ එයාටම දවසක මාව එපා වෙයි නේ.”
“අනේ මන්දා අක්කි ඒත් ඔයා කරන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි”
අයියෝ මේ වද කාරයා කෝල් කරනවා
“කියන්න සෙනෙහස්”
” ඇයි බබා බිසී ද”
“ආ නෑ කියන්නකෝ”
“අඹ සෙවන ගාවින් යද්දි කොත්තු ගහන සද්දේ ඇහුණා මගේ මැණික ආසයිනේ මම එකක් දාන්න කීවා.අරන් එන්නම් මැණික මොනවත් කාලා බඩ පුරව ගන්න එපා.”
“හා බබා ඔයා දැන් එනවද?”
“හ්ම්ම් තව පැය බාගෙන් මගේ කෙල්ල ලඟ.ආදරෙයි පණ”
“හ්ම්ම් එහෙනම් තියන්නම් සෙනෙහස් වැඩ ටිකක් බල බල හිටියේ මුන් ටික ගෙදර යවන්නත් ඕනේ බායි’
“බුදුසරණයි මැණික”

    “අයියෝ මේ කරුමේ එනවලු නේ”
“ඇයි අයිය එනව නම් හොඳයිනේ”
“හොඳයි හොඳයි කොත්තු ගේන නිසා.. දැන් ඔයාලා ගෙදර යන්න අද පරක්කුත් උනානේ මම වෙන ඇඳුමක් දාගන්න ඕනේ නැත්නම් මේ ගොඩයගෙන් ඒකටත් බැනුම්”
“ඇත්තනේ අක්කි කවුද කැමති තමන්ගේ කෙල්ල ලෝකෙටම හැමදේම පෙන්නනවට ඇත්තටම ආදරේ අය එහෙම කැමති නෑ අක්කෝ..”
“අනේ මේ උඹ දන්න ආදරේ මෙහෙම ඇදන් ඉද්දි කොල්ලෝ ඇස් පුංචි කරල බැලුවම දැනෙන ත්‍රිල් එක අම්මෝ හීන ලෝකෙක අතරමං වෙනවා..”

   ඉතින් ම⁣ට පෙම් කල සෙනෙහස් එහෙමය.මම ආස දෙයක් දුටුවොත් එය එසැනින් අරගෙන මා වෙත දුව ගෙන එන ඔහු ගැන රාගයෙන් මත්වී සිටි මා සිතුවේ නෝන්ජලයකු ලෙසය.
ම්ම් අද ආවමවත් අදහසක් දාලා බලන්න ඕනේ අඩුම තරමෙ ඩ්‍රින්ක් එකක් වත් ගත්තනම් නම්ම ගන්න තිබ්බ.මෙයා ඒවටවත් කැමති නෑනේ..කොල්ලො නම් කියන්නේ මට තියෙන්නේ ලස්සන ෆිගර් එකක්ලු පපුව ඉන ගානටලු.ඒත් මේ උපාසකයට ඒව පේන්නේ නෑ නේ.ඒකට පොඩි අක්කගේ හස්බන්ඩ් එදා ඩ්‍රින්ක්ස් ගත්ත වෙලේ අක්කට හොරාට මගේ පපුවට බර වෙද්දි ඒ වුනු හිරි වැටීම  සිහි වෙද්දී ඇඟ හී ගඬු පිපෙයි..
ඕ සෙනෙහස් ඇවිත්
“මැණික මෙන්න මගේ පෙරේතිට කොත්තුවක් අරන් ආවා.”
“හ්ම්ම් එන්න බබා ”
මම ඔහුගේ ලඟ හුරතල් වීමට වූයේ මගේ උද්දීපනය වී ඇති හැඟීම් පාලනය කර ගත නොහැකි නිසාය.
“මොකද අද කෙල්ල වෙනස් වෙලා”
“එහෙම නෑ බබා මම ආදරෙයි නේ ඉතින්”
“මම දන්නවා පැට්ටෝ ඔයා මට ආදරෙයි කියලා.අහස වගේ වෙනස් වෙන්න එපා එහෙම වුනාම මට ගොඩක් දුක හිතෙනවා මැණික. මට මගේ මැණික නැතුව ජීවිතයක් නෑ සුද්දියේ”
සත්තයි පපුව ඇවිලිනි අනේ මම මේ අහිංසකයාට ගින්දර දෙනවා නේද? මේ ජීවිතයෙන් අයින් වීමට සැලසුම් කරනවා නේද? එත් මගේ රාගික හැඟීම් සන්තර්පනය කර ගැනීමට නම් සෙනෙහස් පොළඹවා ගත යුතුය.එසේත් නැත්නම් වෙන අයෙක් වෙත යා යුතුය.දැන්ම විවාහ වීමට නම් මා අකමැතිය.
මොනවද මැණික කල්පනා කරන්නේ
“නෑ බබා මට ආසයි සින්දුවක් අහන්න කියන්නකෝ”
ගෙනෙන් එහෙනම් ගිටාර් එක.
මම දුව ගොස් ගිටාරය ගෙන ආවෙමි.අපේ සම්බන්ධය ඇති වූ දා සිට සෙනෙහස් ගේ නිවසේ මෙන්ම අප නිවසේද ගිටාරයක් විය.ගිටාරය වයමින් සින්දු කීමට සෙනෙහස් තරම් දක්ෂයකු අප පාසලේ සිටියේ නැත.එ දවස මා නින්දට ගියේද සෙනෙහස් ගේ සින්දු අසමිනි.අනේ අප එකළ ඒ තරම් පෙම් කලෙමු..අද ⁣මගේ සිතට කුමන විපර්යාසයක් සිදු වී දැයි මමද නොදන්නෙමි.
“මොකද බන් භාවනා කරනවද?”
” නෑ මම සින්දුව අහගෙන හිටියේ මැට්ටෝ.”
“අනෙ පලයන් මම දැන් ඒක නතර කරලා කොච්චර වෙලාද””
“නෑ මම අහන් හිටියේ.”
” දැන් රෑ වෙලා මැණික මම යන්නත් ඕනේ එන්න මගේ අතින්ම කවන්න මගේ මැණිකට”
“මේකත් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න තිබ්බ නම් මරු නේ”
“මොනවද ඕනේ කෝක් ද”
” නෑ අනේ ⁣පොඩ්ඩක් වෙරි වෙන දෙයක්.”
“අනේ පලයන් නම නම් දැහැමි ඒත් යකෝ මේකි කොල්ලෙක් වෙච්ච මටම කියන ඒවා.පිස්සි ආ කියන්න”
“ආ..විහිළු නෙවේ බබා අනේ අපි දෙන්න දවසක බොමුකෝ.මට අාසයි ඔයා එක්ක නයිට් ක්ලබ් යන්න අනේ ප්ලීස් අපි දවසක යමුකෝ..”
“ඔයාට පිස්සුද මැණික”
“අනේ හා කියන්නකෝ නැත්නම් මම කන්නේ නෑ”
“හරි හරි දැන් යන්න බෑනේ අපි දවසක යමුකෝ එහෙනම්.”
“මගේ හොඳ මහත්තයා අපි ගිහින් කාලා බීලා ජොලි කරලා එමු.”

    ඉතින් දවසින් දවස කාලය ගෙවුනි.සෙනෙහස් ගේත් මගේත් ආදරයට දස වසරක් පිරුනේ බලා සිටියදීමය.ඔවුන්ගේ ගෙදරින් වෙඩින් එකට දින දා ගන්නට සැරසුනි.ඒ අතර අපිට වෙනම ⁣ලස්සන ගෙයක් සෙනෙහස් ගේ වියදමින් ඉදිවිනි.ඔහු කවදාවත් මා සිතූ ආකාරයට මා නයිට් ක්ලබ් එක්ක ගියේද ඩ්‍රින්ක්ස් ගත්තේ ද නැත.එය මග හරිමින් සිටියද මම මගේ අක්කලා සමඟ ඒ ජීවිතය වින්දෙමි. එය සෙනෙහස්ට රහසක් විය. මේ අතරතුර අක්කාගේ සැමියා අතින් මා ගැහැණියක බවටද පත්විය.ඔහු ගෙනත් දෙන විවිධ වීඩියෝ පට බැලීමෙන් මා සිටියේ මත් වීය.නමුත් සෙනෙහස් ට වෙනසක් නොපෙන්වා ඒ සම්බන්ධතාවය ද පවත්වාගෙන යාමට තරම් මා සූක්ෂම විය.
මගේ නැන්දම්මාට සහ මාමණ්ඩියට මම තරම් කෙනෙකු නොමැති විය.එකම දරුවා වූ සෙනෙහස් ට දැක් වූ ප්‍රේමයම ඔවුන් මට ද දැක්වීය. අපේ පවුල් පසුබිම ගැන දැනගෙන ඔහුගේ ඤාතීන් විවිද දේ කියද්දී ඒ මව්පිය දෙදෙන පැවසුවේ මා අහිංසක බවයි.මගේ මේ දෙබිඩි පිළිවෙත කාටවත් නොවැටහුනි. මට ද ස්ථිර සබඳතාවකට තිබුනේ සෙනෙහස් ගේ සම්බන්ධය පමනි.අනෙක් සබඳතා හුදෙක් විනෝදාශ්වාදය සඳහා පමණක් සීමා විය..මම දිනක් ⁣සෙනෙහස් ගෙන් මගේ කන්‍යාබාවය පිළිබදව විමසද්දී ඔහු පැවසුවේ සයන්ස් කරපු ඔහු ඒ ගැන ගැඹුරින් නොසිතන බවයි.ඉතින් ඒ පිළිබඳව මට ගැටළුවක් නොවූනි..සෙනෙහස් මා පිළිබඳ තබා ගත් විශ්වාසය පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් සරි විය…

   *************************
මේ අතර සෙනෙහස්ගේ මා පියන් කතා කලේද සෙනෙහස් ගේ විවාහය පිළිබඳවයි.
“රමණි මොකද පුතණ්ඩියා කියන්නේ දැන්ම බඳින්න බෑ කියනවද”
පුතාගේ නම් අකමැත්තක් නෑ අබේ දෝනි නේ කල් අරින්නේ”
“කෙල්ල සමණලියක් වගේ නේ සැහැල්ලුවෙන් ඉන්න කැමති ඇති.ඒත් එහෙම කියලා බෑනේ මම හාට් පේෂන්ට් කෙනෙක් කොයි වෙලේ ද කියන්න බෑ ඒ නිසා ඉක්මනට පිළිවෙලක් කරන්න ඕනේ..”
“අබේ ඔයාගේ  අක්ක නම් කැමතිම නෑ.බනිනවා එකම කොල්ලට ගැළ⁣පෙන දෙයක් කරලා දෙන්න කියලා මොකද දෝනිලගේ පවුල් පසුබිම එච්චර හොඳ නෑ නේ.”
“කවුද නෝනේ පව්ලම කසාද බඳින්නේ ඒ කෙල්ල අහිංසක දරුවා  අපි ගෙදරට ගේන්නේ ඒ කෙල්ලනේ”
“ගුරුන්නාන්සේ මාමනම් කීවේ පුතාට මේ ටිකේ ටිකක් අපලයි තව අවුරුදු දෙකකින් පස්සේ තමයි නැකැත් හදන්න පුලුවන් කියලා කිව්වේ.”
“හ්ම්ම් ඊ්ට පස්සේ එහෙනම් පිළිවෙලක් කරමු .”
දියණියන් නොමැති සෙනෙහස්ගේ මා පියන් දැහැමිට සැළකුවේ තමන්ගේම දරුවෙකුට මෙනි.එනමුත් දැහැමිගේ අවාසනාවටදෝ මේ සෙනෙහස තේරුම් ගැනීමට ඇයට ⁣නොහැකි විය.
*************
දින සති මාස ලෙස කාලය ⁣ කෙමින් කෙමින් ගෙවී ගියේ අහඹු දෙයක් සිදු කරමිනි..දිනක් දැහැමිගේ ගාමන්ට් එකේ මැෂින් එකක් කැඩීම හේතුවෙන් එය පිළිසකර කිරීමට සිංගර් ආයතනයෙන් සේවකයකු ගෙන්වන ලදි..
“දැහැමි අක්කා අන්න මැෂින් එක හදන්න ඇවිත්.”
“ඉන්න නංගා මම බලන්නම්.”
දැහැමි යනවිට පිටුපා සිටි ඒ දේහදාරි පුද්ගලයා දුටු දැහැමිගේ සිත කුල්මත් විය.පොඩි අක්කගේ සැමියාගේ සහ තම මාමාගේ පුතාගෙන් කායික සැප ලබා ඇති තම කය මොහු සමඟ සතපවන්නට තරම් රාගික සිතේ හැඟුම් ප්‍රබල විය. “මම කොහොම හරි මෙයාව දැලේ දාගන්න ඕනේ.”යන හැඟීමෙන් ඔහු දිහා බලා සිටියදී පිටුපා සිටි ඔහු දැහැමි දෙසට හැරෙන විට දුට රුවින් දැහැමිගේ පියවි සිහිය තවත් ඈතට ගමන් කරන්නට විය..
ඔව් ඒ රුව වෙන කාගෙවත් නොව ඇය 8 වස⁣රේ පටන් පෙම් කළ සුදේශ් ගේ රුවයි.වෙනසකට ඇත්තේ සුදේශ්ගේ මුවෙහි නොමැති නළ දතක් මොහුගේ මුවෙහි තිබීම පමණි..ඔහුගේ රුව දුටු දැහැමි සිතුවේ කායිකය නොව මොහු කෙසේ හෝ තමාගේම කර ගන්නා බවයි..
“එක්ස් කියුස් මී මිස්”
“ආහ් මිස්ටර්”
“මම හේෂාන් මිස්ලගේ මැෂින් එක බලන්න කියලා ආවේ.”
“හ්ම්ම් එන්න මේ පැත්තෙන් තව මට මිස් කියන්න එපා මම ආසයි හැමෝ එක්කම ෆ්‍රෙන්ඩ්ලි ඉන්න ඕකේ.” යනුවෙන් සෙල්ලක්කාර හඬින් පැවසුවේ ඔහුගේ පිටටද තට්ටුවක් දමමිනි.
ඔහුටද එය වෙනසක් නොවූයේ මේ සමාජයේ විවිද ගැහැණුන් ගැන බොහෝ දේ දන්නා බැවිනි.බොහෝ පිරිමින් පැනලා දෙන ගැහැණුන් තමාගේ බිරිද කරගැනීමට අකමැති වන නමුත් ඔවුන් සමග වෙන සබඳතා ඇති කර ගැනීමට මැලිකමක් නොදක්වයි.හේෂාන් ද එ් ඝනයට අයිති පිරිමියෙක් විය.
“ඕකේ එහෙනම් ඔයා දැහැමි…මම හේෂාන්. අපි යමු මැෂින් එක බලන්න.”
ඉන්පසු කාමරයෙහි කොනේම තිබූ මැෂින් එක සාදා නිම කලේ දෙදෙනා අතර වෙනත් බැඳීමක් ද ඇති කරමිනි..හේෂාන් මෙය හුදු විනෝදය උදෙසා පමණක් ඇරඹුව ද දැහැමි මෙය ඇරඹුවේ ප්‍රේමණීය හැඟුමිනි..
“එහෙනම් දැහැමි මම ගියා.දැන් වැඩේ හරිනේ..
“ඕකේ හේෂාන් මට ඔයාගේ කන්ටැක්ට් නම් එක දෙනවද.මොකද මීට පස්සේ මගේ මැෂින් බාර ඔයාට තමයි.”යනුවෙන් පැවසුවේ යටි අරුතක් ඇතිව ඇසක්ද පුංචි කරමිනි.

එසේ ඇරඹි මොවුන්ගේ සෙනෙහස කාටත් රහසේ ගලාගෙන ගියේ සෙනෙහස්ට ද රහසිනි. මොවුන්ගේ එක්වීමට ප්‍රදානම බාධකය වූයේ හේෂාන් විවාහක පුද්ගලයෙකු වීම පමණි.දැහැමි හේෂාන් සමඟ කතා කිරීමට වෙනත් දුරකථනයක් භාවිතා කිරීම සහ වැඩි වේලාවක් සෙනෙහස් සමඟ රාත්‍රී කාලයේ පමණක් කතා කිරීමට හුරුවී සිටීම මොවුන්ගේ සම්බන්ධතාවය රහසක් කර ගැනීමට මහත් රුකුලක් විය.දැහැමි සිතා සිටියේ සෙනෙහස්ට නොදන්වාම හේෂාන් සමඟ පැනයාමටය.
එක්දරු පියෙකු වූ හේෂාන් ට දැහැමිගෙන් ගැළවීමක් නොවීය.අවසන දැහැමි ට අවැසි පරිදි සියල්ල තීරණය විය.හෝ⁣ටල් කාමර වල තමා සහ දැහැමි නග්න සිරුරු වලින් ගන්නා ලද ඡායාරූප හේෂාන් ගේ බිරිද වූ දිව්‍යා අතට පත්වන්නේ දැහැමි ගේ අනුදැනුමිනි. එයින් පසු ඇරඹෙන හේෂා⁣න්ගේ සහ දිව්‍යා ගේ මත ගැටුම් කෙළවර වන්නේ දැහැමි ගේ බල කිරීමට අනුව දික්කසාද නඩු දැමීමෙනි. ප්‍රේමය රාගය දෙකම එකම පුද්ගලයා ගෙන් සන්තර්පනය කර ගැනීමෙන් මත් වී සිටි දැහැමි අහිංසක දරුවකුට මවද අහිමි කරමින් දරුවාගේ අයිතිය ද හේෂාන් ට ලබා ගැනීමට උල්පන්දම් දෙන්නේ දරුවා තමා සතු වීමෙන් හේෂාන් කිසි දිනෙක තමා හැර නොයන බව ස්ථිර කර ගැනීමටය. කිසිවක් කර ගැනීමට අපොහොසත් අහිංසක ගැහැණිය දිව්‍යා පරාජය බාර ගෙන උසාවියට නොගිහින් සිටින්නේ තමා වැරදි කාරිය ලෙස උසාවියේ පෙනී සිටීමට තරම් ශක්තියක් නොමැති බැවිනුත්.අසනීප තත්වයේ සිටින මව සහ පියාට එකම පිළිසරණ දැන් වැටී සිටින නිවහන පමණක් බැවිනුත්ය. උසාවි නෑවිත් දික්කසාදය ඉක්මනින් හේෂාන්ට ලබා දීම වෙනුවෙන් නිවසද ඇයගේ නමට ද මාසිකව රු පනස් දාහක මුදලක්ද උසාවිය හරහා ගෙවන ලෙස පොරොන්දු වීමෙන් පසුව දිව්‍යා තම සැමියා සහ ප්‍රාණ සම දරුවා දැහැමි ට දායාද කලාය..
මාස ගණනාවක සිට සෙනෙහස් ගේ දුරකතනයට වයිබර් තාක්ෂණය හරහා පිට පිට එන දැහැමි ගේ නිරුවත් ඡායාරූප පිළිබඳව දැහැමිගෙන් විමසුව ද ඇය තොඳොල් වෙමින් පැවසුවේ හැඟීම් දැනීම් නොමැති ඔහුගේ හැඟීම් ඇවිස්සීමට ඒවා එවන බවයි.නමුත් එහි යටි අරුතක් ඇති බව දන්නේ ඇය පමණි.දිවා කාලයේ දී සෙනෙහස් ගේ දුරකථනය කාර්යාල මිතුරන් ද භාවිතා කරන බැවින් තමා හේෂාන් ට යවන සියලුම ඡායාරූප සෙනෙහස් ට යැවීමට ද හුරු වූයේ වැරදීමකින් හෝ ඒවා අන්තර්ජාලයට මුදා හැරිය හොත් එය සෙනෙහස් ගේ පිටින් යැවීමේ යටි අරුතිනි.
“දැහැමි මොනවද බබා මේ එවන ෆොටෝස් ඔයාට පිස්සුද”
“අනේ මට නිකන් හිතුනා ඔයාට ආස ඇති කියලා.”
“මෝඩ වැඩ කරන්න එපා බබා මේ කම්පැනි ෆෝන් එක ඔයා හොඳටම දනනවා දවල්ට ⁣වෙන අයගේ අතෙත් මේ ෆෝන් එක තියෙනවා කියලා.ආයෙ මම කියන්නේ නෑ.මේකට ඔය මොකුත් එපා.ආහ් ඔයාට තව සුබ ආරංචියක් කියන්න තියෙනවා අපේ අම්ම නැකැත් බලල අද තව මාස 3න් අපේ වෙඩින් එක බබා ලෑස්තිනේ.මෙහෙම ෆොටෝ වලින් නෙමෙයි මට ලයිව් පෙන්නන්නකෝ . එදාට මගේ මැණිකටත් බලන්න පුළුවන් සෙනෙහස් කියන්නේ හැඟීම් දැනීම් නැති කෙනෙක් ද කියලා..තියන්නම් බබා කස්ටර්මර් කෙනෙක් ඇවිත් බුදුසරණයි”
ඒ සංවාදය එලෙස නිමාවීම සමඟ දැහැමි දෙලොවක් අතර තනිවිය.දැන් සෙනෙහස් ගෙන් වෙන් වීමට කාලය පැමිණ ඇත.
ඇය විසින්ම එයට කුමන්ත්‍රණයක් යොදන ලදි.වෙනත් ෆේස් බුක් ගිණුමක් සදා ගත් ඇය සතියක කාලයක් ඇතුලත සෙනෙහස්ට මිතුරු ඇරයුමක් යවා ඔහු මිතුරකු කරගෙන ඔහු හොඳින් දන්නා අඳුනන අයෙකු බවත් ඔහුගේ පෙම්වතිය වන දැහැමි තමාගේ ඤාති සොයුරකු සමඟ සම්බන්ධතාවයක් ඇති බවත් පවසා එය තහවුරු කිරීමට තමාගේ සහ හේෂාන් එක්ව ගත් නිරුවත් ඡායාරූප රාශියක් සෙනෙහස් ගේ ෆේස් බුක් ගිණුමට යවන ලදි…
හිසට තද බල පහරක් වැදුනාක් මෙන් වික්ෂිප්ත වූ සෙනෙහස් ඊට පසු දිනම දැහැමි හමුවීමට තීරණය කර දුරකතන ඇමතුමක් දී දැහැමිට එන්න කීවේ ආදරය කළ මේ අවුරුදු 13 ටම නොගිය තැනක් වන හෝටල් කාමරයකට රැගෙන යාමටය. මෙය දැහැමි ට පුදුමය කරුණක් වුවද මෙහි අවසානයක් දැකීමට යා යුතු ම වූ බැවින් තම සොයුරියගේ සැමියාට ද මේ ගැන දැනුම් දී රහසිගතව මොවුන් පස් පස ඔහුටද පැමිනෙන ලෙස පවසා සෙනෙහස් සමඟ යතුරු පැදියේ හෝටල් කාමරයක් බලා යන්නට විය.
“දැහැමි මට ඇත්තම කියන්න බබා මේක ඇත්තක්ද”
තමා විසින්ම සෙනෙහස්ට යවන ලද ඡායාරූප පෙන්වමින් දෑසේ කඳුලු පුරවාගෙන ඒ අහිංසකයා එසේ විමසන විට
“ඔව් සෙනෙහස් ඇත්ත මට ඔයාට කියන්න බැරුව හිටියේ”
“ඇයි ඇයි මැණික ඔයා මට මෙහෙම කලේ කියන්න මට ආදරේ කලේ නැද්ද? ”
“නෑ සෙනෙහස් මම ආදරේ කලේ නෑ.මගේ හිත හැමදාම හෙව්වේ සුදේශ් ව.මම එයාට පේන්නයි එයාට රිද්දන්නයි ඔයාට ආදරේ කලේ.මට මේක ඔයාට කියන්න බැරි වුනා මේ අවුරුදු 13ටම මට සමාවෙන්න.ප්ලීස් දැන් මම ටවුන් එකට ගිහින් දාන්න ආයේ කවදාවත් අපි හමුවෙන්නේ නෑ.”
“මම සමාව දෙන්නම් හැමදේටම අනේ මාව දාල යන්න එපා මැණික මට බෑ.  ඔයා නැතුව ජීවත් වෙන්න අනේ මම දන්නේ නෑ මගෙ මැණික නැතුව හුස්ම ගන්නවත් අනේ මාව දාල යන්න එපා….”
තම හීන මාලිගාව දෙපා අභියස කඩා වැටෙද්දී අවුරුදු දහතුනක තම ආදර කතාව මෙලෙස නිමා වේ යැයි සිහිනකින් වත් නොසිතුව සෙනෙහස් දැහැමිගේ දෙපා අභියස වැඳ වැටෙමින් අයැදියේ ඔහුගේ ප්‍රාණ සම ප්‍රේමය යි.යකඩ හිතකට හිමිකම් කියු ගැහැණියක ගේ භූමිකාව රඟ දැක්වූ දැහැමි ට සෙනෙහස් ගේ ක්‍රියාව විහිලුවක් පමණක් විය.
“සෙනෙහස් ප්ලීස් ඔය පිස්සු වැඩ වලට මාව නවත්තන්න පුළුවන් කියලා හිතුවද?”අනේ මේ විකාර නොකර මාව ගිහින් දාන්න.”
සෙනෙහස් දැහැමි ප්‍රේම කතාව එසේ අවසන් වූයේ සෙනෙහස්ගේ දිවිය අන්තයටම කඩා වැටීමෙනි..
සෙනෙහස් දැහැමි ගේ නිවසට ගිහින් මව හමු වූවද ඔවුන් පැවසුවේ දියණියට ගැළපෙන කෙනා හමු වී ඇති බවයි..සිත හදා ගැනීමට නොහැකිව දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට ගිය සෙනෙහස්ගේ එම ක්‍රියාවද ව්‍යවර්ථ වූයේ මිතුරන්ගේ මැදිහත් වීමෙනි..හදිසි හෘදයාබාධයකට ලක් වී තම පියා රෝගාතුරු වීමත් සමඟ සෙනෙහස් දෙමාපියන් ගැන සිතා සිත කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත් කරගැනීමට උත්සාහ කළේය.මෙතරම් කලක් උත්සාහ කළද හිමිකර ගැනීමට නොහැක් වූ රජයේ රැකියාවක් හිමි වී කොළඹට යාමත් සමඟ සෙනෙහස් ගේ දිවිය දිනෙන් දින සමෘද්ධි මත් විය.මවගේ මිතුරියකගෙි දියණියක් සමඟ විවාහ දිවියට පත් සෙනෙහස් දියණියකගේ සෙනෙහෙබර පියෙක් ද විය..
දැහැමි අනුන්ගේ දරුවකුට මවක් වූවාට කිසිඳු දිනෙක තමන්ගේ දරුවකු බිහිකිරීමට සමත් නොවූයේ හේෂාන් තම පුතුට වෙනස් කමක් වේ යැයි සිතා තවති දරුවකු හැදීම ප්‍රතික්ෂේප කල නිසාය.සැහැල්ලු දිවියක් ගත කල හේෂාන් අයාලේ යාම නතර කිරීමට දැහැමි අපොහොසත් විය.දෛවයේ සරදමකට මෙන් තම සොයුරිය සමඟද හේෂාන් අනියම් සබඳතාවයක් ප්‍රසිද්ධියේ පැවැත්වුවද එයට එරෙහි වන්නට දැහැමිට නොහැකි වූයේ ඇයගේ සම සොයුරියගේ සැමියාගේ අනියම් සබඳතාවද ඔවුන්ට දැන ගන්නට ලැබී තිබුනු බැවිනි..සුදේශ් ගේ මෙන් රුවක් තිබුනාට බලා පොරොත්තු වූ සෙනෙහස ⁣නොලැබීම නිසා සමණලියක් මෙන් කල් ගෙවූ දැහැමි කඳුලත් සමඟ අයදි වී කඳුලත් සමඟ නින්දට යන ඉකි බිඳින සමණලියක් බවට පත් වූයේ ඇයගේම වරදිනි..
සිය දහස් වරක් කල්පනා කර සෙනෙහස්ගෙන් සිතින් සමාව අයැදිමින් ඉකි බිඳින සමණළියක් ලෙස ලණු පොටින් හදාගත් තොණ්ඩුවට තම ගෙල සිර කරගනිමින් මෙලොවින් සමුගත්තේ තමාගේ සිතුම් පැතුම් කිසිවක් යථාර්ථයක් කර ගැනීමට නොහැකි වූ නිසාය……

 

කතෘ : හරසරනී ලංකා
eBook by CharityShop Knowledge HUB

චේතනාගේ කඳුල – EB0002

චේතනාගේ කඳුල – EB0002

“නැන්දේ අනේ ඉක්මනට එන්නකෝ මේ මගේ ගවුමෙ රතු පාට මොනවද තියනවා”

ඒ ඇසෙන්නේ චේතනාගේ හඩයි.ඇයගේ හඬින් බියට පත්වන චේතනාගේ නැන්දා වූ නිර්මලී වේගයෙන් දුව ආවේ නිවසේ වැසිකිලිය දෙසටයි.

“මොකද බං ඔය හැටි සද්දෙන් බෙරිහන් දෙන්නෙ උබට යකෙක් වත් වැහුනද ”

“අනේ නැන්දෙ මේ බලන්න මගේ ගවුමෙ රතු පාට මොනවාද තියනවා” චේතනා කඳුලු වගුරවමින් පැවසූහ.ඒ  ඇසූ චේතනාගේ නැන්දා හිතේ දෙගිඩියාවෙන් යුතුව වැසිකිලියට ඇතුළු වූහ.වැසිකිලිය්‍ර්න් එලිටය ආ නිර්මලී විගහට දුවගෙන විත් සුදු රෙදි කඩකින් වැසිකිලිය තුල සිටි චේතනා මුවා කරගෙන ගේ ඇතුලට රැගෙන ආවේ සිතෙහි වූ පසුතැවීමකිනි.

චේතනාව කාමරය තුල රඳවා නිර්මලී එලිපත්ත උඅඩ වාඩි වූයේ අතීතය සිහි කරමිනි.

චේතනා අවුරුදු තුනේ සිට හැදී වැඩෙන්නේ ඇය ලඟයි.එයට හේතුව වූයේ ඇයගේ වැඩිමහල් සහෝදරයා ය.ඔහු නමින් නාමල් නම් විය.බීමත්කමට ලොල් වූ ඔහු විවාහ කර ගත්තේ ඔහුගේ ඇවැස්ස නෑන වූ දමයන්තී ව ය.විවාහ වී පලමු දරුවා ලැබෙන තුරු සතුටින් ජීවත් වූ දමයන්ති සහ නාමල් අතර රණ්ඩු සරුවල් ඇති වූයේ කෑමට බීමට පමනක්ම නොව නාමල්ගේ නොසන්ඩාල වැඩ නිසාය.

ඒ නිසාම කොලබ නගරයේ රැකියාවකට යන්න තීරනය කල නාමල්ව දමයන්ති නොවැලැක්වීය.නමුත් දමයන්තී ගේ දෛවය ඇයට සරදම් කලේ එතැන් සිටයි.නාමල් කොලබ නගරයේ රැකියාවකට ගියද දමයන්ති හා දරුවන්ට රුපියලක්වත් වියදම් කලේ නැත.මාස හයකට වරක් නිවසට එන නාමල් නැවත යන විට ඉතිරි කර යන්නෙ දරු ගැබක් පමනි.එසේ කල් ගත වෙත්ම දමයන්තී ට හා නාමල්ට දාව දියනියන් තිදෙනෙක් මෙලොව එලිය දුටුවේ දුක් කම්කටොළු මැදය.

දමයන්තී ගේ හිසට හෙනයක්ද පාත් කරමින් නාමල් ජීවිතයෙන් සමුගත්තේ චේතනාට යන්තම් මාස හය සම්පූර්ණ වනවා සමගය.දියනියන් තිදෙනෙක් සමග තනිවූ දමයන්තී රට රැකියාවකට යාමට තීරනය කරන්නේ දියනියන්ගේ අනාගතය උදෙසාය.

ඒ සමග දියනියන් රැක බලා ගැනීමේ වගකීම නිර්මලා පිට වැටෙන්නෙ නාමල් කල පවට සමාව අයදින්නාක් මෙනි.අවුරුදු 18ක් වන නිමේෂාද අවුරුදු 10ක් වන පියුමි සහ අවුරුදු 3ක් වන චේතනා ද නිර්මලා වෙත බාර කර ඇය යන්නෙ ජීවත් වීමට කාසි සොයන්නටය.

නිර්මලා ද කසාද බදින්නට එතරම් ඇල්මක් නොදැක්වූයේ දමයන්තී දෙස බලා කසාද ජීවිතය එපා වූ නිසාමයි .

දමයන්තී ගියදා සිට මවක පියෙකු විලස දියනියන් තිදෙනා රැක බලා ගත්තේ නිර්මලාය. දමයන්තී ගොස් මාස හයක් වනතුරු වියදමට සල්ලි දැමූවද එතැන් පටන් දමයන්තී ගැන කිසිදු ආරංචියක් නොවීය.සොයන්නට පුළුවන් හැම අතකින්ම දමයන්තී ගැන සොයා බැලුවද ප්‍රයෝජනයක් නොවූ හෙයින් ඒ උත්සහය නිර්මලා අත හැර දැමූහ.

එතැන් සිට ඇය දරුවන් තිදෙනෙක් උස්මහත් කිරීමට නොයෙකුත් වෙරදැරීය.නිමේෂාද පවුල් බර කරට ගත්තේ නංගිලා දෙන්නාට ඉගැන්වීමටයි .නමුත් නිමේෂාද පෙම් පලහිලව්වක පැටලී කසාද බදින්නට මත්තෙන් ගැබ් ගත්තේ නිර්මලාට හෙනයක් පාත් කරමිනි.කෙසේ හෝ නිමේෂාව කසාද බන්දා දුන් නිර්මලා පුළුවන් අයුරින් පියුමි හා චේතනා ව උස් මහත් කලේය.

චේතනා හය වසරේ දී පියුමි සාමාන්‍ය පෙල විභාගයට  මුහුන දී රැකියාවකට ගියේ නැන්දනිය හා නැගෙනිය විදින දුක් කම්කටොළු වලට සහනයක් වීමට ය.එතැන් සිට චේතනා හා නිර්මලා යැපුනේ පියුමි උපයන සොච්චම් මුදලිනි.මෙසේ කල් ගත වන විට චේතනා ටිකින් ටික උස්මහත් වනු දැක පියුමිත් නිර්මලාත් සිටියේ ඉමහත් සතුටිනි.පියුමි චේතනාට සැලකුවේ තම දියනියක් සේය.නිමේෂාද අතර තුර විත් සැපදුක් සොයා බැලූහ.නමුත් පියුමි ඊට වැඩි කැමැත්තක් නොවීය.මන්ද නිමේෂා නිසා නිර්මලා නැන්දා අවමානයට ලක් වූ බව ඇයට තදින්ම සිතට කා වැදී තිබිණ .

මේවා කල්පනා කරමින් කල්පනා ලොව සිටි නිර්මලාට පියුමි වැඩ ඇරී ගෙදරට ආ බව දුටුවේ නැත.නිකටට අත ගසා ගෙන සිටින තම නැන්දා දුටු පියුමිගේ මුහුන දොරකඩ ලඟදීම වෙනස් වීය.

“ඇයි නැන්දෙ මොකක් හරි ප්‍රශ්නයක් ද? ඇයි මේ එලිපත්තෙ වාඩිවෙලා ඉන්නෙ එන්න ගෙට”යැයි පවසමින් පියුමි ගෙට ඇතුල් වූහ.චේතනාගේ කාමරයේ දොර වසා ඇති බව දුටු පියුමි තරමක් තැති ගත්තාය .

“කෝ නංගි නැන්දේ.” යැයි අසමින් නැන්දා දෙසට හැරුණු පියුමි දුටුවේ නැන්දාගේ දෙනෙත් තෙත් වී ඇති බවයි.

“මොකද නැන්දෙ වෙලා තියෙන්නෙ ඇයි අඬන්නෙ.කතා කරන්නෙ නැත්තෙ ඇයි කෝ නංගි” පියුමි බිය මුසු කට හඩින් ප්‍රශ්න කලහ.

“මද්දු අද දවල් චූටි ලොකු ලමයෙක් උනා.ඒකි වැඩි වියට පත් වෙලා මද්දු.”නිර්මලා මද්දූ ලෙස පවසන්නෙ පියුමිටයි කුඩා කල සිට නිමේෂාට ලොක්කි ලෙසත් චේතනාට චූටි ලෙසත් ඈ කතා කලේ තිදෙනා ගැන ඇති අපරිමිත සෙනෙහස නිසාවෙනි.

“අයියෝ නැන්දා ඒකද මේ ඒකට අඬන්න ඕනද අනේ මං මේ බය උනා වෙන මොකක් හරිද කියලා.

“නෑ මද්දූ මං මේ කල්පනා කරේ මොකද කරන්නෙ කියලා.කෙල්ල ගෙ හිත රිදෙයිද දන්නෙ නෑ උත්සවයක් නොකරොත් අනික උබලා දෙන්නටම මං ඕවා කරේ නෑ .ඒ කාලෙ ඕවා තිබුනෙ  නෑනෙ.ඒ උනාට දැන් එහෙම නෑනෙ..”නිර්මලා එක දිගට කියවාගෙන ගියාය.පියුමි ඒ දෙස බලා සිනහ වෙමින් “නැන්දෙ ඕවා ඔච්චරටම කල්පනා කරන්න ඕන දේවල්ද චූටි ගෙ කොටහලු උත්සවය අපි හොදට ගමු.ලොක්කිටත් කියන්න හෙට මස්සිනා එක්ක මෙහේ ඇවිත් යන්න කියලා .”

පවසමින් පියුමි චේතනාගේ කාමරයට ගියාය.නිර්මලා කියූ පනිවිඩයට නිමේෂා හා ඇයගේ සැමියා වූ ප්‍රභාත් නිවසට පැමිනියේ උදෑසනමයි.සියලු දෙනා එක්වී චේතනාගේ කොටහලු උත්සවය ගත්තේ ගමේ කිසිම කොටහලු ගෙයක් නොතිබූ අයුරින් උත්කර්ෂවත් ලෙසයි.

චේතනා තම වැඩිමහල් සොයුරියන් දෙදෙනාටම වඩා රූ සපුව අතින් අග තැන්පත් වූ යුවතියකි.පිරිමින් වශීකරන නෙත් සහ සිනහවක් ඇයට උපතින්ම උරුම වී තිබිනි.වැඩි වියට පත් චේතනාගේ රූ සපුව වෙනදාට වඩා රූමත් විය.දැන් එලබ ඇත්තේ චේතනාගේ වසන්ත කාලයයි.මෙය කාටත් වඩා බියකරු කාලයක් වූයේ නිර්මලාට හා පියුමිටයි.චේතනා පරිස්සම් කර ගන්න ඔවුන් සෑහෙන්න වෙහෙසක් ගත්ත්ද එයින් ප්‍රථිපලයක් නොවීය.

මං ද යත් චේතනා මේ වන විටත් අනංගයෙකුගේ හීපහරකට ගොදුරු වී ඇත.චේතනාගේ පෙම්වතා වූයේ පැතුම් ය.පැතුම් නූගතෙකි.නමුත් කාන්තාවන් සම්බන්ධව ජගතෙකි.ඔහුට ඒ තරමට පෙම්වතියන් සිටියාය.කෙසේ හෝ චේතනා ද ඔහුගේ බසට නම්මා ගත් පැතුම්ගේ ඊලඟ අභිප්‍රාය වූයේ කෙසේ හෝ ඇය සමග තනි වීමටයි.

පැතුම් තුල චේතනා ගැන තිබුනේ ආශාවක් මිස ආදරයක් නොව .නමුත් චේතනාගේ හිරිමල්  යොවුන් වියට එය ආදරයක් ලෙස පෙනුනි.කෙසේ හෝ පැතුම්ගේ අභිප්‍රාය සාර්ථක විය .පැතුම් ව තම නිවසේ පිටුපසට ගෙන්නා ගන්නා තරමට ඇයගේ ආදරය බොලද විය.චේතනාට දැන් අවුරුදු 16ක් වූවා පමනි.පැතුම්ගේ පහත් ආශාවන් ඉටු කර ගැනීමටකෙලි ලොල් වයසේ පූදින මල් කැකුලක් ප්‍රයෝජනයට ගන්නා තරම් පැතුම් සල්ලාලයෙකු විය.ප්‍රථම ආදරය වූ පැතුම් චේතනාගේ දෙතොල් සිපගනිද්දී චේතනාගෙ දෑස් පියවුනේ ඉබේටමය.ඇයගේ ඉන වටා පැතුම්ගේ අත දිව යන විට ඇයගේ මුලු ඇගම පන නැතිවී ගියාක් මෙන් ඇයට දැනුනි.ඇය ඉන් මිදීමට තැත් කලද පැතුම් ඇයව තවත් තදින් තුරුලු කර ගත්තේ ඇයට ගැලවීමට නොහැකි වන පරිද්දෙනි.

මෙසේ පැය භාගයක් පමන ගත වන තුරු පැතුම්ගේ තුරුලේ දැවටෙමින් සිටි චේතනාට ඇසුනේ තම අක්කා රාත්‍රි වැඩ ඇරී නිවසට පැමිනෙන වාහන සද්දයයි.වහා ක්‍රියාත්මක වූ චේතනා ඉක්මනින් පැතුම් ව පිටත් කර හැර කාමරය තුලට ගියහ.නිර්මලාද ඇයගේ ලෙඩරෝග සදහා බෙහෙත් ගෙන නින්දට යන්නේය.ඇයට පසුදා උදෑසන වන තුරු ඇහැරෙන්නේ නැත.

ඒ නිසාම පියුමි රාත්‍රි වැඩ මුර දිනයන්හි නිවසේ යතුරක් රැගෙන යයි.නිවසට ඇතුලු වන පියුමි පලමුව එබිකම් කරන්නේ චේතනාගේ කාමරයටයි නිදා සිටින තම නැගෙනිය දෙස බලා ඇය සැනසුම් සුසුම් හෙලමින් නැන්දාගේ කාමරයටද එබිකම් කර ගොස් නින්දට යන්නේ පසු දින රැකියාවට යාමට අවශ්‍ය ඇදුම් පැලදුම් ද ලැහැස්ති කර තබාය .

ඇදට වැටෙන පියුමි සෑම දිනකම කල්පනා කරන්නේ තම  නැගෙනියගේ ජීවිතය පිලිබදව පමනි.කසාද බදින වයසේ පසුවන පියුමි තම නැගෙනිය වෙනුවෙන් ඒ සියල්ල කැප කරන්නට තීරනය කර හමාරය .නමුත් චේතනා දැන් සිටින්නේ රාගයෙන් මුසපත් වෙමිනි.ඇයට නිතරේම පැතුම් හා ආලෙන් වෙලුනු සැටි සිහි වන්නේය.

චේතනා පාසල් යන මඟ දිගට ඇයගේ පසු පසින් එන පැතුම් පාසල නිම වන විටත් රැදී සිටින්නේ තවත් චේතනාගෙන් පහස විද ගැනීමටය.නමුත් මෙම සෙල්ලම ටික දවසකින් නිම විය.හේතුව පියුමී ට තම නැගෙනිය ගේ මෙම ක්‍රියාව ආරංචි විය.නමුත් මෙය චේතනාගෙන් විමසුවහොත් ඇය සඟවන බව දන්නා නිසා පියුමි එයට කදිම උපායක් යෙදීය.වෙනදා මෙන්ම පියුමි රැකියාවට යාමට පිටත් වීය.රැකියාවට ගිය පියුමි නැවත ගෙදරට දුව විත් නිවසේ යතුරු කැරැල්ල අතට ගත්තේ චේතනාට පෙනෙන්නටමය.

“ඇයි අද රෑත් වැඩද මද්දු “යැයි ඇසූ නැන්දාට “ඔව් නැන්දෙ අදත් රෑ දහය වෙනකල් වැඩ”යැයි පැවසීය.එය චේතනාගේ ඉහේ මලක් පිපුනා මෙනි.සිනා මුසු මුහුනින් පාසලට පිටත් වූ චේතනා මගදී හමු උන පැතුම්ට මේ බව පැවසීය.

“එහෙනම් බබා අදත් මගේ තුරුලට එනවද  ඔයාව තුරුල් කරගෙන විතරක් මදි මගෙ රත්තරං මට අද නම් ඔයාගෙ රූම් එකට එන්න දෙන්න ඕන බෑ කියන්න එපා මැනික මං තරහ වෙනවා”යැයි පැතුම් චේතනාට පවසන විට චේතනාට ලෝභ සිතුනී.පාසලට ගිය චේතනා බලා සිටියේ කොයි මොහොතේ පාසල නිම වෙනවාද කියාය.පාසලේ සීනුව නාද වූ විගස චේතනා ඉක්මනින් හේට්ටුවෙන් එලියට ආවේය.

වෙනදා මෙන්ම එදිනද පැතුම් ගේට්ටුව අසල රැදී සිටියාය .නිවස පේන මානය තෙක් චේතනාගේ පසු පස ආ පැතුම් ” බබා මං අද ඉල්ලපු දේ දෙනවනෙ.බෑ කියන්න එපා මැනික මං වෙන් මුකුත් ඉල්ලන්නෙ නෑනෙ ඔයාගෙ කාමරේට ඇවිල්ලා ඔයා එක්ක තුරුල් වෙලා ඉන්න ඕන කියලනෙ කියන්නෙ මගෙ දෝනි”

චේතනා සිනාවක් පා නිවස දෙසට හැරුනි.

වෙනදා නිවසට ගිය ගමන් නාන්න යන චේතනා අද ගිය වෙලේ සිට තම කාමරය අස්පස් කර ලස්සන කරාය.සවස හයට පමන සියලුම වැඩ අවසන් කර නාන්න යන චේතනා පැයක් පමන නෑවේ කාලය ගත කිරීමටයි.එය දුටු නිර්මලා “මොකද චූටි මේ මහ රෑ වෙනකල් ඔය නාන තැන් වල කරන්නෙ ඉක්මනට ගොඩ වෙනවා”යැයි කෑගැසීය.

චේතනා හනිකට ගොඩ වී කාමරයට විත් උර පටි සහිත බ්ලව්සයක් සහ කොට සායක් ඇදගෙන රාත්‍රි ආහාර ගන්නට පැමිනියහ.”ඈ බං චූටි උබ ඔය ඇදුමට කැමති නෑ කිව්වෙ.උර පටි තියනවා කියලා අද මොකෝ ඕක ඇන්දෙ”නැන්දනිය ප්‍රශ්න කල විට ඇය “නිකං අනේ අදින්න හිතුනා ඉතින් අපරාදෙනෙ”කියා කෑම මේසයෙන් නැගිට විත් අත සෝදා ගත්තාය.

“හ්ම් හ්ම් අද අක්කා එනකොට රෑ වෙයි දොර හොදට වහල ජනෙලුත් ලොක් කරලා නිදා ගන්න”නිර්මලා පැවසීය .

“හා හා”   “මං නිදිපෙති බීලා නිදා ගන්න නිසා මට හොදට නින්ද යනවා කිසි සද්දයක් ඇහෙන්නෙ නෑ දන්නවනෙ”යැයි නිර්මලා පැවසූ විට චේතනා හිස වනා ගොස් දොර වසා ගත්තය.නිර්මලාද කෑම බීම ගෙන බෙහෙත් බී නින්දට ගියාය.රාත්‍රි 8ටා පමන චේතනාගේ කාමරයේ ජනලයට තට්ටු කරන හඬක් ඇසිනි.

චේතනාගේ හද ගැස්ම වැඩිවිය.ඒ පැතුම් බව දැන ගත් චේතනා ජනලය විවෘත කලාය.”චූටි දෝනි දොර අරින්නකො මැනික.මට සීතලයි ඉන්න බෑ තෙමීගෙන ආවෙ ඔයා නිසා.මගෙ වස්තුව බලන්න.කෝ ඉතින් එන්නකෝ ඇවිත් දොර අරින්නකෝ මැනිකේ.”

චේතනා මදක් කල්පනා කලාය.චේතනාගේ හිතේ දෙගිඩියාවක් තිබිනි.නමුත් පැතුම්ට ලං වීමටද ඇයට වුවමනාව තිබිනි.

“මොනවද මැනිකේ කල්පනා කරන්නෙ ඔයා.දොර අරින්න බැරිද.ඔයා කැමති නැත්නම් කියන්න මං යන්නම් .මං මේ තෙමීගෙන ආවෙ ඔයා බලන්න.ඔයා අකැමැති නම් මං යන්නම් මැනික”    පැතුම් පැවසීය.  එවිට චේතනාට තවත් පැතුම් ගැන දුක සිතිනි.

“අකැමති නෙමෙයි පැතුම් අයිය.මට බයයි.කවුරු හරි දැක්කොත් ඔයා මෙහෙට එනවා ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ.ඒකයි.”

“ඇයි මැනික බය වෙන්නෙ මං ඉන්නවනෙ ඔයාට බබා.ඇයි ඔහොම හිතන්නෙ.මොනවහරි උනොත් මං බලා ගන්නම්.දැන්වත් දොර අරින්නකො දෝනි.දුක නැද්ද ඔයාට ආ ආ ඔයාගෙ අයියා මෙහෙම  සීතලේ වෙව්ලන කොට”

අවසානයේදී පැතුම්ගේ අභිප්‍රාය සාර්ථක විය .චේතනා ගොස් පිටුපස දොර විවෘත කර පැතුම් ව කාමරය තුලට ගත්ට්ගේය.චේතනා විසින් අලංකාරව තබා ගන්නා කාමරය දුටු පැතුම්”හොර කෙල්ල මාව නිකං බොරුවට එලියෙ තිබ්බා.මං එන් නිසා නේද මෙහෙම් සැරසුවේ.”

චේතනා ලැජ්ජාවෙන් බිම බලා ගත්තේය.

ඒ අතරේ පියුමිට නොසිතූ ලෙස අකරතැබ්බයක් විය.ඇයට එදින ඇත්තටම රාත්‍රි වැඩ යෙදිනි.ඇයට බැහැ කියන්නට හැකියාවක් තිබුනේ නැත.තමා විසින් බොරුවට කල රඟපෑම නිසා දැන් චේතනා කුමක් කරනවාද යන දෙගිඩියාවෙන් ඇය වැඩ කලේ ඉක්මනින් ගෙදර යාමටයි.ඒ අතරේ චේතනා පැතුම් සම්ඟ ආදර නැවේ ගිලෙමින් සිටියහ.

වැස්සෙන් තෙමීගෙන ආ පැතුම් තම කබාය හා කමිසය ගලවා අසල පුටුවට දැමීය.”මට තුවායක් දෙන්නකො දෝනි”යැයි ආදරනීය ලෙස චේතනාට පැවසීය .චේතනා ද ඉක්මනින් ගොස් තුවායක් ගෙන පැතුම් දෙසට දිගු කලාය.

“ලගට එනවකො හලෝ”යැයි චේතනාගේ අතින් ඇද තමා දෙසට ලං කර ගත් පැතුම් චේතනාගේ බද වටේ අතක් යැවීය.චේතනා පැතුම් ගේ දෑස් දෙස බැලීය.

“ඇයි බයද .ම්ම්ම් මැනික කතා කරන්නකො.මේ අහන්නකෝ මං මෙහෙම කරා කියලා ඔයාව දාල යන්නෙ නෑ මගෙ වස්තුව .ඔයාට මං ආදරෙයි.තේරුනාද”

“හ්ම්ම්ම්”චේතනා පැවසුවේ එපමනි.

තවමත් වැඩ ඉවර කිරීමට මහන්සි වෙන පියුමි ගේ සිත තිබුනේ චේතනා ලඟයි.ඉක්මනින වැඩ ඉවර කල පියුමි නිවස බලා යාමට පිටත් වුවද අතරමග වාහන තද බදයට හසු විය.

මේ අතරේ පැතුම් හා චේතනා ආදරයෙන් වෙලෙමින් සිටියාය.කෙසේ හෝ නිවස අසලට පැමිනි පියුමි මගදී වාහනය නතර කර පයින් ගියේ චේතනා කුමක් කරන්නේද යන්න බැලීමටයි සෙමින් නිවසට ලං වූ පියුමි කාටවත් නොඇසෙන සේ දොර හැරියාය.වෙනදා මෙන්ම පියුමි මුලින්ම බැලුවෙ චේතනාගේ කාමරයයි.

නමුත් වෙනදාමෙන් නොව දොර අගුළු ලා තිබිනි.වෙනදා චේතනා කවදාවත් දොර අගුළු ලන්නෙ නැත.සැකය උත්සුක වූ පියුමි යතුරු කැරැල්ලේ චේතනාගේ කාමරයේ යතුර සෙවීය.චේතනාගේ කාමරය විවෘත කිරීමට පෙර යකඩ පොල්ලක් අතට ගත් පියුමි දොර විවෘත කරන විට දුටු දසුනින් පුදුම විය.

ඇයට දෙපා වාරු නැතිව ගියහ.නමුත් පියුමි ගෙදර ආ බව නොදත් චේතනා පැතුම්ගේ පහස උපරිමයෙන් වින්ඳේ ඇයගේ පතිවත ද පැතුම් ට පූජා කරමිනි.තමා මල්ක් සේ තබා ගත් නැගෙනියගේ ශරීරය මත තමන්ගේ පහත් ආශාවන් ඉටු කර ගැනීමට වෙර දරන පැතුම් දුටු පියුමි ට මහත් ආවේගයක් ආවේය

ඒ ආවේගයට පියුමි ගේ අත තිබූ යකඩ පොල්ලෙන් පැතුම් ට වැරෙන් පහරක් එල්ල කල පියුමි දුටු චේතනා කල්බල විය.

“අනේ අක්කෙ පැතුම් අයියට ගහන්න එපා.මමයි එයාට එන්න කිව්වෙ.”චේතනාගේ ශරීරය මතින් ඉවත් වූ පැතුම් හිස බදාගෙන බිම වාඩි වූයේ එම පහර ඉතාම දරුනු වූ නිසාවෙනි.

“හා හා ඇත්තද බැල්ලි තෝද මේ පාහරයව මෙහෙට ගෙන්නුවේ.තොට මං ඉගැන්නුවේ මේවද යකෝ.තෝ හින්දා මං මගේ ජීවිතේ ලස්සන තැන් ගොඩාක් නැති කර ගත්ටා .ලොක්කි වගේ මටත් තිබුනා තෝව දාලා ගිහින් කසාව බදින්න .ඒය්හ් මං එහෙම කලේ නෑ.”

චේතනාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කල පියුමි නිර්මලා ට කතා කලේ ය.කෑ ගසන් සද්දයට ඇහැරුන නිර්මලා දුවගෙන එන විට සියල්ල සිදුවී හමාරය.

“බලන්න නැන්දෙ මේකි කර ගත්තු දේ අපි මොනවද මේකිට අඩු කරේ.මහන්සි නොබලා රෑ දවල් මහන්සි උනේ මේවා දකින්නද මං”නැවතත් පැතුම් ට යකඩ පොල්ලෙන් පහර්ක් එල්ල කල පියුමි චේතනාට ද වැරෙන් පහරක් එල්ල කලහ.

“මුලු ගමම දන්නවා තෝ මූව රැට රෑට ගෙට වද්ද ගන්නවා කියලා .තෝ හින්දා ආයෙම අපිට පාරෙ බැහැල යන්න බැරි උනා.”පියුමි නැවත නැවත  පැතුම් ට පහර එල්ල කලේය.කාමරය පුරා පැතුම්ගේ ලේ විලකි.පියුමි ගේ අන්තිම පහරින් පැතුම් බිම ඇදගෙන වැටුනේය.

එය දුටු නිර්මලා දුව විත් පැතුම්ගේ පපුවට කන තියා බැලූහ .එවිට පැතුම් ජීවිතයෙන් සමුගෙන අවසන්‍ ය.

“මද්දු අරක මැරිලා මද්දු මොකක්ද උබ මේ කර ගත්තෙ.”

“මං හිරේ යන එක හොදයි නැන්දෙ මුන් නිසා මගේ ජීවිතේ ඉතුරු ටික මං හිර ගෙදර ලගීවි එච්චරයි මුං මට දක්වපු කෙලෙහිගුනේ.”

“උබ මගේ පැතුම් අයියව මැරුවා නේද මිනී මරු ගෑනි.මං මං මේ ඔක්කොම පොලිසියට කියනවා උබ හිරේ යන්නම ඕන.චේතනා වියරුවෙන් මෙන් කෑ ගැසීය.ඊට මත්තෙන් නිර්මලා ඇයට පහරක් ගැසුවේ පියුමි අතැතිව තිබූ පොල්ල උදුරාගෙන ය.ඒ පහරින් බිම වැටුනු චේතනා ද ජීවිතයෙන් සමුගත්තේ කෙලිලොල් වයසේදීමය.

“නංගි ,නංගි,නැන්දෙ මොකදන්මේ කලේ.”

” පියුමි මං කියන දේ අහපන් ,උබ උබේ ජීවිතේ ලස්සන දේවල් ගොඩාක් නැති කර ගත්තා .මට උබ ගැන දුකයි බංමං හදපු දරුවොතුන් දෙනාගෙන් උබ තමයි හරියට හැදුනෙ .මට උබ මේ සමාජෙ ඉහලින්ම දකින්න ඕන.”.

“මේකි මැරුවෙ මං ඒ වගේම මූවත් මැරුවෙ මං උබ කිසි දෙයක් දන්නෙ නැහැ තේරුනාද.මං වෙනුවෙන් උබ ඒ දේ කරේ නෑ කියලා පිලි ගනින් මයෙ දුවේ.අඩුම තරමෙ මං හදපු දෘවොන්ගෙන් උබවත් ලස්සනට දීගයක් කාපන් මයෙ දුවේමං දැන් නහින දෙහින කාලෙ මං වෙනුවෙන් ඒක කරපන් දුවේ” .

පියුමි නිරුත්තර විය.නිර්මලා විසින් සිදුවූ සියල්ල පොලිසියට පැවසුවේය .ඇය විසින් පැතුම් ව හා චේතනා ව මැරු බවත් එසේ වූයේ දෙදෙනා විසින් අනාචාරී ලෙස හැසිරුන නිසා බවත් පවසා වසර 15ක සිර දඬුවමක් ලැබීය.

පියුමි ගම හා නිවස ඇතැහැර වෙනත් ගම් පෙදෙසකට ගියාය.පියුමි විවාහ නොවූයේ සිදු වූ සියල්ල තමා අතින් සිදුවූ බව දැන දැනත් තම නැන්දා විසින් එය බාරගෙන සිර ගත වූ නිසාවෙනි .

නන්නාඳුනන ප්‍රේමයක අවසානය වසර ගනනක බැදීමක් අවසන් කරමින් ජීවිත සියල්ලක්ම අදුරු කරමින් කලු වලාවකින් වැසී ගියහ.නැවත කිසිදා හිරු නොපායන සිත් අහසේ තනි වූයේ පියුමි පමනි.

කතෘ : සඳුනි රශ්මිකා
eBook by CharityShop Knowledge HUB