සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!

සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!

නැවුම් පැතුම් මල් හදවත උපදින

ඔබේ නෙතු අද්දර විකසිත වන්නයි..

මුවින් මුවට හසරැලි නිති පැතිරෙන සතුට සපිරි වත නිබද දකින්නයි…

උතුරා යන කිරි පැණියෙන් සුභ වී

දිවිය ඔබේ සිරි අසිරි මැවෙන්නයි…

රබන් සුරල් හඩ මැදින් එකළු වී

සාමය සමගිය ලොව රජයන්නයි…

හිත රැදි නොසතුට මකා දමා නිති..

මිතුදම් හැඩ වී සිත සැරසෙන්නයි…

නව වසරක් මේ උදාවෙලා ඇති

වාසනාව සැම අත පැතිරෙන්නයි..

කරන කියන හැම ජය ගෙන දෙන්නයි

යනෙන තැනක රැකවරණ ලැබෙන්නයි..

නව වසරේ මේ කවි පද ගෙතුනයි..

CharityShop අපේ පැතුමන් ගෙන එන්නයි….

මේ ලැබුවාවූ සිංහල හිංදු අළුත් අවුරුද්දේ …..

හැම මොහොතක්ම ඵලදායිව ගෙවා දමන්න..

ඔබේ ඉලක්ක උදෙසා නැගී සිටින්න..

ගසක් වගේ වෙන්න…

ගස අව්ව වැස්ස සුළග සමග සටන් කරන්නාක් මෙන් ඔබත් සටන් කරන්න ….

ඔබේ ඉලක්ක උදෙසා…

සමහර අසීරු කාල පැමිණේවී

කොළ හැලිලා යන…

නමුත් මතක තියා ගන්න..

අසීරු කාලය නිමා වෙලා වසන්ත කාලය ඔබේ ජීවිතයට එන බව …

ඒ විශ්වාසයෙන් ශක්තිමත්ව නැගී සිටින්න..

ඒ අතරම….

තව කෙනෙකුගේ දුක දැනෙන මිනිසෙකු වන්න…

හදවතින්ම යහපත පතන මිනිසෙකු වන්න…

අවංක කාරුණික නිහතමානී මිනිසෙකු වන්න…

තවත් ජීවිතයක වටිනාකම හදුනන මිනිසෙකු වන්න…

එයයි Charityshop අපේ එකම  පැතුම…????

ඔබ සැමට උදා වූ සිංහල හිංදු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන දළදා සමිදු රැකවරණය ලැබෙන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙන සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!

CharityShop Family

#2021April14