BOC Schedule One Time හොරු ~ Scam Alert

BOC Schedule One Time හොරු ~ Scam Alert

මේක අමුතුම සංකල්පයක්…

අපේ ආයතනයටත් 10 වරකට වඩා මෙය සිදුවුණා. නමුත් අපි අවධානයෙන් ඉන්න නිසා කිසිම පාඩුවක් වුනේ නෑ.

මේ සඳහා අපිට වංචා කල හැමෝම භාවිතා කලේ BOC Online Banking වල තිබෙන Schedule One Time කියන පහසුකම. අපි හිතමු අපේ රීලෝඩ් ඇප් එක ගන්න රු.1500ක් ගෙවන්න ඕන කියලා. අපි ඒ සඳහා ගෙවීම් කල රිසිට්පත ඉල්ලනවනේ. මුලින්ම මේ අය කරන්නේ අද දිනය 23 නම් 24 දිනය දාලා මුදල් හුවමාරු කරලා රිසිට් එක ගන්න එක. ඊට පස්සේ අපිට ඒක එවනවා. සමහර වෙලාවට ඇප් එකට Topup කරගන්න කියලත් රු.20,000 – 30,000ක් එකවර දානවා. ඇප් එකයි, Topup එකයි ගත්තට පස්සේ ඉක්මනටම ඇප් එකට ලොග් වෙලා ඒ මුදල් ටික eZCash හෝ mCash වලට Withdraw කරනවා. ඊට පස්සේ පනිනවා.

ඔන්න ඕකයි වෙන්නේ..

මම තව රීලෝඩ් කම්පැනි කිහිපයකට කතාකලා. ඒ අයටත් BOC හරහා මේක කරලා තියේ.

මම හිතන විදිහට මෙතනදි කරන්නේ Schedule Transfer එක බැංකුවට පණිවිඩයක් යවලා නතර කරනවා. නැතිනම් බැංකුවේ ශේෂය 0 කරනවා. එවිට අදාල දිනයට යන්න මුදල් නෑනේ.

හැම කෙනෙක්ම ප්‍රවේශම් වෙන්න. මෙය ඔබටත් වෙන්න පුළුවන්. මුදල් ලැබුණද කියලා තහවුරු කරගෙන අදාල භාණ්ඩ හා සේවා ලබාදෙන්න.

මෙය BOC බැංකුවේ තාක්ෂණය අවභාවිතා කිරීමකි.

මේ වංචාව කල පුද්ගලයින්ගේ ලැයිස්තුව : ජයනි, අකිල, රසංග, Winකොල්ලා, චතුර, කලුකඩේ, සම්පත්, දමිත්, සක්සස් ලංකා ගෝල් බැම්බු අයියා,

මේ වගේ වංචා ගැන තවත් දැනගන්න පිවිසෙන්න :

පිරමීඩ සහ අන්තර්ජාල වංචා – Scam Alerts

සැ.යු : Logo used for Awareness purposes only!

CharityShop Team

#2021ඔක්තෝම්බර්23

 

Scam Alert ~ ඇඩ් ක්ලික් වංචාව

Scam Alert ~ ඇඩ් ක්ලික් වංචාව

ඇඩ් ක්ලික් කියන්නේ ඕනම හිඟන්නෙක්ට ආරම්භ කරන්න පුලුවන් ඉක්මනින්ම කෝටිපතියෙක් වෙන්න පුළුවන් ව්‍යාපාරයක්…

සල්ලි වියදම් කරනවනම් 49$ වලට හෝ හොර කොපි විකුණන්න තියෙන Nulled PHP Script තියෙන සයිට් එකකින් නොමිළයේ හෝ PTC Script එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ඊට පස්සේ කම්පැනි ලෝගෝ එක දැම්මා. ඇඩ්ස් ටිකක් දැම්මා. 2000 ඉඳන් ලක්ෂ 20 වෙනකම් පැකේජ් තියේ කියලා දැම්මා. ප්‍රවර්ධන කලා. සාමාජිකයෝ හොයගත්තා.

වෙබ් අඩවි නිර්මාණය ගැන අපි හොඳට දන්නවා. අද ලංකාවේ PTC එහෙමත් නැතිනම් ඇඩ් ක්ලික් සයිට් වල ලොකු සාමාජිකයින් පිරිසක් ඉන්නවා කියලා දානවා ආරම්භ කල ගමන්. ලොකු මුදලක් ගෙව්වා කියලත් දානවා. ඒක අපිට සයිට් එකේ කැමති ගාණක් පේන්න දාන්න පුළුවන්. සමහර සයිට් මම දැක්කා ඔරිජිනල් Template එකේ තියෙන Dummy Content එකම දාලා. සාම්පල් දාපු සාමාජික පිරිස එහෙම්මම එයාලත් දාගෙන. අඩුම තරමින් සාමාන්‍ය දැනීමවත් නෑ ඒක වෙනස් කරන්න.

මේ දේ ගොඩක් කරන්නේ IT ටිකක් ඉගෙන ගත්ත අවුරුදු 20-25 කොල්ලෝ. ඒ වගේ සයිට් මේ වෙනකොට 10-15කට ආසන්න ප්‍රමාණයක් තියේ.

මෙතන තියෙන අවධානම සරළව පැහැදිලි කරන්නම්. මේ පැහැදිලි කිරීම “අපේ සල්ලිනේ අපි දැම්මේ උඹලට මොකෝ, අපි ඇඩ් ක්ලික් කරලා මේවා හොයන්නේ” කියන ඔස්තාර්ලට වටිනවා.

ඔබ අබාන්ස් එකෙන් රු.50,000ක් ගෙවලා TV එකක් මිළදී ගන්නවා. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරනවා. අබාන්ස් එක වහනවා. කම්පැනි එක කඩාවැටුණා කියමුකෝ. හැබැයි TV එකට ප්‍රශ්නයක් වෙනවද ඒක? නැහැ. TV එකේ වටිනාකම එහෙම්මම තිබෙනවා. ඔබට පුළුවන් TV එක දිගටම භාවිතා කරන්න. TV එක වෙනත් කෙනෙක්ට විකුණලා මුදල් කරගන්නත් පුළුවන්. කැඩුනොත් ඕනම Electric Item සර්විස් කරන තැනකින් හදාගන්නත් පුළුවන්. ඔබට කිසිම පාඩුවක් නෑ ඔබ ගෙවූ මුදලට හරියන්න අවුරුදු 2ක් ටීවී බලලා.

ඔබ ඇඩ් ක්ලික් කම්පැනි එකකින් ඇඩ් ක්ලික් පැකේජ් එකක් ගන්නවා රු.50,000ක් ගෙවලා. අවුරුද්දකින් ඔයාට රු.150,000ක් ලැබෙනවා කියන පොරොන්දුව මත තමයි ඔයා දැන් ඕකට සල්ලි දාන්නේ. ටික කාලෙකින් ආයතනය වහලා දානවා. සයිට් එකේ Error කියන්න පුලුවන්, Update/Upgrade/Server Capacity මදි/කොරෝනා ප්‍රශ්න/Bank Account Block – Hold / සුනාමි/උල්කාපාතයක් එනවා. ඔය වගේ එකී නොකී මෙකී දේවල් කියාවි. දැන් ආයතනය නැහැ. හිටපු කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නත් බෑ. ප්‍රවර්ධන කල අයත් ප්‍රොෆයිල් පික්චර් අයින් කරගෙන, හැංගිලා.

දැන් තමයි හොඳම හරිය. දැන් ඔය සල්ලි දීලා ගත්ත ඇඩ් ක්ලික් පැකේජ් එකේ මූල්‍ය වටිනාකම කීයද? ඒකෙන් මොනවද ඔයාලට කරන්න පුළුවන්? කිසිදෙයක් බෑ නේද? අන්න ඒ වංචාවට තමා ඔයාලා අහු වුණේ.

ලංකාවේ නීතිය අනුව කිසිම කෙනෙක්ගෙන් ආයෝජන මුදල් ගන්න බෑ මහබැංකුවේ ලියාපදිංචි නැතිනම්. මේ ආයතන ගේන තර්කය තමා “අපේ කොහෙද ආයෝජනය කරන්න තියෙන්නේ? ආයෝජන ලංකාවේ තහනම්. අපේ ඇඩ් පැකේජ් එකක් මිළදී ගන්න තියෙන්නේ.” හරි කමක් නෑ මිළදී ගත්තා කියමුකෝ. දැන් ඕකට මූල්‍ය වටිනාකමක් දෙන්නේ කවුද?

ඇඩ් ක්ලික් කම්පැනි වලින් ගේන ඊලඟ තර්කය තමා ඇඩ් එක දෙන කම්පැනි එකෙන් තමා ඇඩ් එකට සල්ලි ගෙවන්නේ කියලා. ගූගල්, ෆේස්බුක්, Youtube වලට වඩා ලංකාවේ කම්පැනි ඇඩ් වලට ගෙවනවා කියලා??? කවදාවත් ඔයාලා ඔය ඇඩ් ක්ලික් කම්පැනි එකක ඇඩ් එකකින් භාණ්ඩයක් හෝ සේවාවක් අරන් තියේද? නැහැනේ. හැමෝම කරන්නේ ඇඩ් එක ඕපන් කරලා අදාල වෙලාව තියලා උඩුයටිකුරු ඡායාරූපය ඔබලා ඇඩ් එක බැලුවා කියලා තහවුරු කරන එක පමණයි. එහෙම කරන ආයතනයකට කවුරු හරි ඇඩ් දේවිද? ඔන්න මේ ක්‍රමේ Youtube Monetization වලටනම් හොඳයි.

අපි නිකමට හිතමු ලක්ෂ 10 ඇඩ් ක්ලික් පැකේජ් එක ගත්තා. ඒකේ ඔය කියන විදිහට වෙන කම්පැනි වලින් ඇඩ් දෙනවනම් අබාන්ස් ඇඩ් එකක් තිබ්බා කියමු. ඇඩ් ක්ලික් කම්පැනි එක වැහුවොත් ඔයාලගේ ලක්ෂ 10 දෙන්නේ කවුද? අබාන්ස් දෙනවද එයාලගේ ඇඩ් එක ඒකේ තිබ්බා කියලා. ඔය ඇඩ් ක්ලික් පැකේජ් එක වෙන කාටවත් විකුණලා සල්ලි කරන්න පුළුවන්ද? බෑනේ…

අන්න ඒවට තමයි සැලසුම් සහගත මූල්‍ය වංචා කියන්නේ. පිරමීඩ ක්‍රමයට මුදල් නොගත්තත් ඒ අය ඔය විදිහට වංචනික ක්‍රමවේද වලින් ඔයාලගේ සල්ලි අරන් ඒ සල්ලි වෙන ක්‍රම වල ආයෝජනය කරලා තමයි ඔයාලට ලාභය දෙන්නේ.

සමහර අයට මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න ගියහම “අපිට මොකෝ මොනවා කරලා සල්ලි හෙව්වත්, අපිට ලාභය ලැබෙනවනේ” කියනවා. “අපේ සර්ට බුදු සරණයි, සර් අලුතෙන් කාර් එකකුත් ගත්තා, අපිට ආඩම්බරයි” කියලා උදම් අනනවා. ඒ තමන්ට සල්ලි ලැබෙනකම්.

වංචාවක් වුණාට පස්සේ “මුන් සල්ලි හොයන ක්‍රමය නීති විරෝධී, මුං අපේ සල්ලි වලින් සැප ගන්නේ. ගෑනූ මෙච්චරක් ඉන්නවා. මුං කුඩු විකුණනවා කියලා ඒ මිනිස්සුන්ගේ දරු පවුල්වලටත් සාප කර කර පෝස්ට් දානවා…

තුහ් නොදකින්, කාළකණ්නි කියලා කියන්න ඕන වංචාව කල මිනිස්සුන්ට නෙමේ. දිව දෙකේ කතා කියන මිනිස්සුන්ට. ස්මාර්ට් ෆෝන් එකක Account එකක් හදාගන්න දැනුමක් තියේනම් අඩුගානේ සාමාන්‍ය දැනීම තියෙන්න ඕන. මොලෙන් හිතන්න ඕන ලේසියෙන් සල්ලි හම්බ කරනවා කියලා එකක් නෑ කියලා.

ඉතිහාසය දිහා බැලුවහම හැම ආයතනයක්ම අවුරුද්දකට වඩා තිබිලා තියේ. Company A ආරම්භ කරනවා. වංචා කරලා අවුරුද්දකින් පනිනවා. ඒකේ ඉන්න කෙනෙක් Company B දානවා. සමහර වෙලාවට Company A ලොක්කම අලුත් නමකින් පටන් ගන්නත් ඉඩ තියේ. ඒකත් වංචා කරලා පනිනවා. ඒකේ ඉන්න දෙන්නෙක් විතර ඊට පස්සේ Company C සහ D ආරම්භ කරනවා. මේකේ වාසිය පේන පිට ඉන්න කිහිප දෙනෙක් Company E, F, G, H ආරම්භ කරනවා. Company C ඉන්න අය Company E,F,G,H වංචාකාර ආයතන Company C පමණයි අවංක, කොරෝනා කාලෙත් හොඳටම ගෙවන්නේ කියලා පෝස්ට් දානවා. හැමෝම ඒකට යනවා. කොරෝනා නිසා ප්‍රශ්න කියලා ගෙවීම් නතර කරනවා ටික කාලෙකින්. Company D වාසිය ගන්නවා, අපි තමයි හොඳ කියනවා. ඔක්කොමලා ඒකට යනවා. එකක ප්‍රශ්නයක් වුන ගමන්ම තව සෙට් කිහිපයක් එකතු වෙලා අලුත් සයිට් ටිකක් පටන් ගන්නවා. ඒවා ප්‍රවර්ධනය කරලා මිනිස්සු අල්ලගන්නවා. කලින් එකේ අඩු පාඩු කියලා රවට්ටගන්නවා මිනිස්සු.  ඒකේ අයත් සල්ලි අරන් පනිනවා. ඔන්න ඕකයි සැබෑ ස්වරූපය.

ඇඩ් ක්ලික් පැකේජ් වලට මූල්‍ය වටිනාකම් නෑ. ඒ නිසා රැවටිලා ඔබේ මුදල් නාස්ති කරගන්න එපා.

එහෙම රැවටුණ සයිට් තියේනම් කමෙන්ට් කරන්න ලින්ක් අනෙක් අයටත් දැනගන්න…

අතරමං නොවී eMoney ඉගෙන ගන්න CharityShop එක්ක එකතු වෙන්න…

හැමදේම නොමිළයේ කියලා දෙනවා…

මාර්තු මාසයේ පළකල පෝස්ට් එකක් නැවත පළකිරිමකි.

CharityShop Team

#2021ඔක්තෝම්බර්21

 

Scam Alert ~ කෝටි ගාණට විකිණෙන VOC කාසි

Scam Alert ~ කෝටි ගාණට විකිණෙන VOC කාසි

අහිංසකයා :- “..මචං රැජිණ ඉන්න VOC කාසියක් හොයාගනින්..කෝටි ගාණකට දෙතැහැකි..”

දෙයක් දන්න කෙනා :- “..එහෙම කාසි නෑ බං..රැජින බ්‍රිතාන්‍ය කාලෙ හිටියෙ..VOC ගැහුවෙ රැජින ඉපදෙන්නත් කලින් බං..”

අහිංසකයා :- “..මේ වීඩියෝ තියෙන්නෙ එහෙනම් මොනාද බං..?”

දෙයක් දන්න කෙනා :- “…ඕව හොර ජාවාරම් මචං..ඔහොම කාසි ආවෙ නෑ..ඕව මේ ඊයෙ පෙරේදා හදපුව..කාසි දෙකක් අලෝල වෙන්න පුලුවන්..නැත්නම් රැජිණ ඉන්න සතය කාසියයි VOC එකයි ග්‍රයින්ඩර් එකෙන් දෙපැත්ත ගාලා පාස්සල තමයි ඕව හදන්නෙ..”

අහිංසකයා :- “..බයර් කෙනෙක් ඉන්නව කිව්ව එක්කෙන්ක් මට..සුද්දෙක්ලු බයර්…එයා ගන්නව ඇවිල්ලම..බොරුවක් නම් එයා එන්නෙ නෑනෙ..”

දෙයක් දන්න කෙනා :- “..බයර් උඹටද කිව්වෙ ඌ ගන්නව කියල ඕවා..”

අහිංසකයා :- “.නෑ බං…එක්කෙනෙක් කිව්වෙ…”

දෙයක් දන්න කෙනා :- “..බයර්ව දැකල තියෙනවද ඔයාගෙ ඔය කියන යාලුවා..?”

අහිංසකයා :- “..අහල බලන්න ඕනෙ..ආහ් නෑ එයාගෙත් යාලුවෙක්ලු බයර්ව දන්නෙ..”

දෙයක් දන්න කෙනා :- “..ඒකනෙ බං…කවුරුත් බයර් ව දන්නෙ නෑ..බයර්ව දැකලත් නෑ…දැන් උඹට ඔහොම හොර කාසියක් හම්බුනයි කියහංකො…ඒක දෙන්න බයර්ව හොයාගන්න වෙන්නෙ නෑ ඔය කියන විදිහට..ඔයාගෙ යාලුව කියයි බයර් රට ගිහින් කියල..”

අහිංසකයා :- “..කෝටි ගාණක් දෙනව කියන්නෙ බොරුද එතකොට…?”

දෙයක් දන්න කෙනා :- “..ඔහොම කාසි විකුනපු එකෙක් ගැන අහලවත් තියෙනවද උඹ…?..නැත්නම් කෝටිය ඇහැට දැක්ක එකෙක් …? ”

අහිංසකයා :- “..නෑ බං…යාලුව කිව්වෙ ඉන්නව කියල එහෙම…”

දෙයක් දන්න කෙනා :- “.ඒකනෙ බං..උඹල දන්නෙත් නැති දැකලත් නැති බයර් කෙනෙක් ගැන විස්වාසෙ තියල කවුරුත් අහල නැති කෞතුකාගාරෙවත් නැති කාසියක් පස්සෙ පිස්සො වගේ දුවනව…ඊට පස්සෙ කාගෙ හරි හොරෙක්ගෙ හොර කාසියකට අහුවෙලා ඒක විකුණගන්න තැන තැන දඟලන්න ගිහින් පොලිස්සියට අහු වෙලා ජාවාරම්කාරයො කියල හිරේ විලංගුවෙ වැටෙන්න වැඩ සලස්ස ගන්නව….”

අහිංසකයා:- “..එහෙනම් ඇයි මෙහෙම කතා ඇහෙන්නෙ…ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ..?”

දෙයක් දන්න කෙනා :- “..කවුරු හරි හොරෙක් ඔහොම කාසියක් හදල කටකතාවක් යවනව සමාජෙට මෙහෙම රැජින ඉන්න VOC එකක් තියෙනවනම් කෝටියක් දෙනව කියල..ඊලගට මිනිස්සු ඕක හොයන්න ගන්නව.ඒ අස්සෙ අර හොරා ඒ හදපු කාසිය අරම හොයන එකෙක්ව අල්ලගෙන විකුණගන්නව විසිතිස්දහකට…ඌ ඒක අරගන්නව දැක්ක ගමන් කෝටිගාණක් හොයන්න හිතාගෙන.ඌ ඕක ගන්න බයර්ල හොය හොය රට වටේ ඇවිදිනව..කාසිය හොයන මිනිස්සු බ්‍රෝකර්ල වෙනව නිකන්ම…කටින් කට යන කටකතාවලට සමාජෙම අහුවෙනව…කාසිය හදපු හොරා නිකන්ම බොරුවක් ගොතල ගාණක් හොයාගෙන ඉවරයි ඒ වෙද්දි…ඕකට කියන්නෙ ව්‍යාපාර අවස්ථා කෘත්‍රිමව ගොඩනගල කරන buisness  කියල…වංචාවක් ඕක…කූඨ ජාවාරමක්..”

එච්චර සරලව තේරුම් කලත් පිලිගන්න ආස නැති මිනිස්සු ඉන්නවා.

There is no such coin that including Queens portrait and Dutch East India Trading Company insignia (VOC) symbol in Ceylon and world history.

If there is some coin thats a “FAKE”. Inform the police if somebody try to sell like those.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඊලඟට මේකෙන් සල්ලි හොයන්නේ Youtube Channel කරන අය. වීඩියෝ එකක් හදලා දානවා. හැමෝම බලනවා. Subscribe සහ Watch Time නිකන්ම ලැබෙනවා. හොරු ගොඩක් හතර වටිනම් බිහිවෙනවා…

ප්‍රවේශමෙන්…

ඔහොම සල්ලි හොයන්න පුළුවන් නම් මගේ හොඳම යාලුවා මෙලහකට බිලියන පතියෙක්. 6 වසර ඉඳන් එයාගේ විනෝදාංශය VOC කාසි එකතු කරන එක…

VOC විතරන් නෙමේ ලංකාවේ සාමාන්‍ය කාසි සහ මුදල් නෝට්ටුත් මේ ආකාරයට විකිණෙනවා. විකිණෙනවා කියලා මවාපානවා. ප්‍රවේශමෙන්…

වඳින්නම් මේකටත් Details Please කියලා කමෙන්ට් කරන්න එපා කාලකණ්නියෙක් වගේ… උඩ කතාව කියවලා අවබෝධ කරගෙන නොරැවටී ඉන්න. අතේ තියෙන සල්ලි ටික රැකගන්න…

මේ වගේ වංචා ගැන තවත් දැනගන්න පිවිසෙන්න :

පිරමීඩ සහ අන්තර්ජාල වංචා – Scam Alerts

CharityShop Team

#2021ඔක්තෝම්බර්20

 

 

කෝටි ගණන් වලට විකිණෙන VOC කාසි ඔබ ලඟත් තිබෙනවාද? ~ Scam Alert

කෝටි ගණන් වලට විකිණෙන VOC කාසි ඔබ ලඟත් තිබෙනවාද? ~ Scam Alert

පරණ කාසි ජාවාරම අයෙත් පටන් අරන්..

මේක වෙන්නෙ මෙහෙමයි…

A කියල මනුස්සයෙකුයි B කියල මනුස්සයෙකුයි ඉන්නවා.

A කියන එක්කෙනා පෝස්ට් එකක් දානව මේ කාසිය හොයල දුන්නොත් මෙච්චර ගානක් දෙනව කියල.

එතකොට B කියන එක්කෙනා ඒ පෝස්ට් එකට කමෙන්ට් එකක් දානව මං ලඟ තියෙනව මට එච්චර ගානක් එපා පොඩි ගානක් දෙන්න කියල කාසියේ ෆොටෝ එකකුත් දානව.

එතකොට ඒක දකින C කියන කෙනෙක් B කියන එක්කෙනාගෙන් ඒ කාසිය මිලදී ගෙන A කියන එක්කෙනාට විකුනන්න හදනකොට එයාගේ ෆෝන් වැඩ කරන්නෙත් නෑ.

එතකොට මේක A සහ B කියන දෙන්න එකතු වෙලා කරන ජාවාරමක්.

මොළේ කල්පනා කරල ජීවත් වෙන්න. හැමතැනම හොරු.

VOC විතරන් නෙමේ ලංකාවේ සාමාන්‍ය කාසි සහ මුදල් නෝට්ටුත් මේ ආකාරයට විකිණෙනවා. විකිණෙනවා කියලා මවාපානවා. ප්‍රවේශමෙන්…

මේ පිළිබඳව සවිස්තරාත්මකව දැනගන්න මේ ලින්ක් එකට යන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/412772477025201/

වඳින්නම් මේකටත් Details Please කියලා කමෙන්ට් කරන්න එපා කාලකණ්නියෙක් වගේ… උඩ කතාව කියවලා අවබෝධ කරගෙන නොරැවටී ඉන්න. අතේ තියෙන සල්ලි ටික රැකගන්න…

මේ වගේ වංචා ගැන තවත් දැනගන්න පිවිසෙන්න :

පිරමීඩ සහ අන්තර්ජාල වංචා – Scam Alerts

CharityShop Team

#2021ඔක්තෝම්බර්20

 

කාළකණ්නි Ultra Pro Max

කාළකණ්නි Ultra Pro Max

මේ රටේ වැඩි හරියක් මිනිස්සුන්ගේ හැකියාවක් යටපත් කරලා ඇඩ් ක්ලික් වලින් සල්ලි හම්බ කරන එක රස්සාවක් විදිහට ඔලුවට දාලා තරුණ පරම්පරාව විනාශ කරන්නේ මේ ඇඩ් ක්ලික් කම්පැනි කාරයෝ…

රටටම ව්‍යවසායකයෝ බිහිකරනවා කියලා පුරසාරම් දොඩවනවා. පාසල් ගමන අවසන් කල සැනින් අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන පැකේජ් අරන් ඇඩ් ක්ලික් කරනවා.  ඇබ්බැහි වෙනවා. මොකද මුලින් හොඳට ගෙවනවනේ. ඊට පස්සේ අමාරුවේ වැටෙනවා…

ඇඩ් ක්ලික් කම්පැනි දවසෙන් දවස ආරම්භ වෙනවා. බොහෝ වෙලාවට එකම කම්පැනියේ අය තමයි සල්ලි තණ්හාවට එයින් වෙන්වෙලා අලුත් සයිට් එකක් ආරම්භ කරන්නේ. ඒ කියන්නේ එකම හොරු දාමයක් තමයි බොහෝ වෙලාවට මේ ගේම ගහන්නේ…

ඔය අතරින් පතර හොඳ මිනිස්සුත් ඉන්න පුළුවන් වංචා නොකරන. හැබැයි මොනවා වුනත් පැකේජ් වලට ඇඩ් ක්ලික් කිරීමනම් තහනම් ආයෝජන ක්‍රමයක්. පිරමීඩ නොවුනත් අනික් අයගේ මුදල් එකතු කිරීමක් වෙන්නේ. පසු වටිනාකමක් නැති දෙයක් තමා අලෙවි කරන්නේ.

මේ හරහා වෙන්නේ රටේ තරුණ පරපුර විනාශ වෙන එක, ව්‍යාවසායකයෝ කියලා කාලකණ්නි හොරු බිහිවෙන එක, මහන්සියෙන් මුදල් උපයන මිනිස්සු නැතිවෙන එක, මිනිස්සුන්ගේ හැකියාවන් එක එක නැතිවෙන එක, යැපුම් මානසිකත්වයක් හැදෙන එක…

ඊටත් වඩා ඩීටේල්ස් ප්ලීස් කාලකණ්නි රට පුරා හැදෙන එක….

දැන් මේ පෝස්ට් එකට කුලප්පු වෙයි ඉතිං ඕවට කඹුරන මිනිස්සු….

CharityShop Team

#2021සැප්තැම්බර්29

 

උගුල් උගුල් උගුල් !!!

උගුල් උගුල් උගුල් !!!

ධාන්‍ය වලින් පුරවන ලද භාජනයක් මුදුනේ “මීයෙක්” දමා ඇත.

තමා වටා බොහෝ ආහාර තිබීම ගැන මීයා කෙතරම් සතුටු වූවාද යත්, ආහාර සෙවීම සඳහා දුවන්නට අවශ්‍ය නොවන අතර දැන් මීයාට සතුටින් ජීවිතය ගත කළ හැකිය. ධාන්‍ය භුක්ති විඳ දින කිහිපයකට පසු ඔහු භාජනයේ පතුලටම පැමිණියේය.

දැන් ඔහු සිරවී ඇති අතර එයින් ගොඩ ඒමට මීයාට නොහැකි විය. මීයාට දැන් ජීවත් වීමට අවශ්‍යයිනම් යමෙකු එම භාජනයට ධාන්‍ය දැමිය යුතුමය. සම්පූර්ණයෙන්ම අන් අයෙකු මත යැපීමට සිදු වී ඇත.

මීයා කැමති ධාන්‍ය ලබා ගැනීමට නොහැකිය.

???? මෙයින් ඉගෙන ගත යුතු පාඩම් කිහිපයකි…

1️⃣ කෙටිකාලීන සතුට දිගු කාලීන උගුල් වලට තුඩු දිය හැකිය (සමහර විට දෙමාපියන්ගේ ප්‍රතිලාභ/මිතුරන්ගේ / ආදරය කරන අයගෙන් ලැබෙන වාසි)

2️⃣ ඔබට හැමදෙයක්ම පහසුවෙන්ම ලැබෙනවානම් සහ ඔබට ලොකු නිදහසක් දැනෙනවානම්, ඔබ තවකෙනෙකුගේ යැපීම් වලට කොටු වනු ඇත.

3️⃣ ඔබ ඔබේ හැකියාවන් භාවිතා නොකරන විට ඔබට ඔබේ කුසලතාවලට / හැකියාවට වඩා දෙයක් ඔබට අහිමි වනු ඇත. ඔබේ තේරීම් සහ නිදහස ඔබට අහිමි වේවි.

4️⃣ නිදහස පහසුවෙන් හමු නොවේ. නමුත් එය ඉතා ඉක්මනින් අහිමි විය හැකිය.

ජීවිතයේ කිසිවක් පහසුවෙන් සිදු නොවන අතර එය පහසුවෙන් පැමිණේ නම් සමහර විට එය කිසිසේත් වටින්නේ නැත.

අද රටේ බොහොමයක් අය  මේ ගෲප් එකේ 99.9%ක් සොයන්නේ පහසුවෙන් මුදල් උපයන ක්‍රම.

▪️ ඇඩ් ක්ලික්

▪️ තහනම් ආයෝජන සැලසුම් වල මුදල් ආයෝජනය

▪️ සැලසුම් සහගත පාරිභෝගික වංචා හරහා භාණ්ඩ සහ සේවා අලෙවිය

▪️ ක්‍රිප්ටෝ පිරමීඩ

▪️ වංචා සහගත Affiliate Marketing

ඔය වගේ ගොඩක් දේවල් අපේ අය කරනවා. සමහර අයට තමන්ගේ සල්ලි ආයෝජනය නිසාම මුල් කාලයේදී විශාල මුදලක් ලැබෙනවා. ඉතිං මීයා වගේම උගුලට අහුවෙනවා. පැහැදිලි කරන්න ගියොත් අපිටත් හොඳටම බැනුම් අහගන්න වෙනවා. අහපුවහම කියනවා අපිටනම් හොඳට ගෙවනවා, සල්ලි ලැබෙනවනම් පිරමීඩ වුනත් මොකද කියලා, හැබැයි සල්ලි නොලැබෙන කොට, වංචාවකට අහුවුණා කියලා දැනගත්තට පස්සේ ගෲප් හදාගෙන වැළලෙන්න හදනවා මේවා පිරමීඩ, මේ මිනිස්සු නීතිය ඉදිරියට ගේන්න ඕන කියලා. මඩ ගහනවා හතරවටේට. හැබැයි ඒ වංචාවට කලින් අහුවුන අයගේ අදහස් මේ අය පිළිගන්න කැමති නෑ තමනුත් අහුවෙනකම්…

ඇත්තටම දියුණු වෙන්න ඕනනම් තමන්ගේ හැකියාවන් දියුණු කරගන්න. තමන්ගේම දෙයක් ආරම්භ කරන්න.

මේ වගේ වංචා සිය ගණනක්.පිළිබඳව දැනගන්න පිරමීඩ සහ අන්තර්ජාල වංචා – Scam Alerts ෆේස්බුක් පේජ් එක බලන්න…

පිරමීඩ මාෆියාවට එරෙහිවන්නන්ගේ සංගමය ගෲප් එක බැලුවනම් පෞද්ගලික විස්තරත් බලාගන්න පුළුවන්. නමුත් එහි සමහර අය පෞද්ගලික හේතු නිසාත් මඩ ගහනවා. ඒ නිසා අවබෝධයෙන් කියවන්න.

CharityShop Team

#2021සැප්තැම්බර්27