CharityShop eMoney මොන්ටිසෝරිය

by | Jul 2, 2021 | Charityshop පාඨමාලා | 0 comments

CharityShop eMoney මොන්ටිසෝරිය

කෝටිපති හීන දකින්නට පෙර, ඔන්ලයින් සල්ලි හොයන්නට පෙර අන්තර්ජාලය, තාක්ෂණය, ෆේස්බුක් ගැන මුලසිට සරළව ඉගෙන ගනිමු !

පාඨමාලා ගාස්තුව – රු.2,500

දෙදින පාඨමාලාව – පැය 8

මෙම දීමනාව දින කිහිපයක් යනතුරු පමණයි. CharityShop පාඨමාලා ගාස්තුව මෙන්ම දින කිහිපයකින් මෙම ගාස්තුවද රු.5,000 දක්වා වැඩි වෙන බව කරුණාවෙන් සළකන්න.

ඉගැන්වීම Zoom ඔස්සේ….

යමෙක් eMoney සොයනවානම් අනිවාර්යයෙන්ම පහත දේවල් සියල්ල දැනගෙන සිටීම අනිවාර්ය වේ. මේවායින් බොහොමයක් අපි මේ ගෲප් එකේ පසුගිය මාස 6 උගන්වනු ලැබුවා. නමුත් මේ ගෲප් එකේ වැඩි පිරිසකට පහත විෂයන් පිළිබඳව දැනුම අඩුයි.

CharityShop අලුත් eMoney පාඨමාලාවේ අපි මේ සියල්ල උගන්වනවා. පාඨමාලා ගාස්තුව රු.10,000යි. පහත දැනුම තිබෙන අයට පාඨමාලා ගාස්තුවෙන් රු.4,000ක් අඩුවේ.

දැනට පාඨමාලා ගාස්තුව ගෙවූ අය ගෲප් එකේ පෝස්ට් කියවා නොමිළයේ ඉගෙන ගන්න අකමැතිනම්, ඉගැන්වූ දේවල් නැවත නැවතත් අපගෙන්ම චැට් කර අපගේ කාලය නාස්ති කර අසනවානම් කරුණාකර රු.2,500ක් ගෙවා මේ පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනගන්න. ඔබ eMoney සොයන්නට පෙර සාමාන්‍ය දැනීම ඉගෙන ගන්න කාරුණික වන්න.

ඔබට සාමාන්‍ය දැනීම නැතිනම් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න කාරුණික වන්න.

ඔබට තේරීම් 2ක් තිබෙනවා.

1️⃣ සියලුම දෙනා මේ පාඨමාලාවට සම්බන්ධ වී නැවත දැනුම ලබාගැනීම. Live ප්‍රශ්න සාකච්ඡා කිරීම

2️⃣ CharityShop Team ෆේස්බුක් ගෲප් එකේ පෝස්ට් 2,000 ආපසු කියවා සහ Youtube ඔස්සේ පහත කාරණා ඉගෙන ගැනීම

අද සිට ගෲප් එකට සම්බන්ධ වෙන හෝ සම්බන්ධ වී සිටින කිසිම කෙනෙක් වෙනුවෙන් අනවශ්‍ය ලෙස අප තත්පරයක්වත් නාස්ති කරන්නේ නැහැ. ඔබ සම්බන්ධ වූයේ ඔන්ලයින් මුදල් ඉපයීමටය. එසේනම් එහි මූලික කරුණු ඉගෙන ගැනීම අනිවාර්ය වේ. මේ කරුණු ඉගෙන ගැනීමට අවශ්‍ය නැතිනම් ඔන්ලයින් මුදල් ඉපයීම පසෙකලා ගෙවතු වගාවක් ආරම්භ කර ආදායම් උපයන්න.

පහත පාඨමාලාව අපි ඔබට නොමිළයේ උගන්වන්නේ නැහැ. මන්ද අප නොමිළයේ ලබාදෙන කිසිදෙයක් අද වන තෙක් අගය කිරීමක් කලේ නැහැ. ඉගෙන ගත්තෙත් නැහැ. ඒ නිසා මුදල් ගෙවා මෙය ඉගෙන ගත යුතුය.

????????????????????????????????????????????????????????????????

CharityShop eMoney මොන්ටිසෝරිය

පාඨමාලා අන්තර්ගතය :

???? විනය, සදාචාරය සහ සාමාන්‍ය දැනීම

▪️ Details Please නොකියා ෆේස්බුක් හරහා විනයක් සහ සදාචාරයක් ඇතිව තොරතුරු ලබාගන්නා ආකාරය

▪️ Spam Comment නොකර ෆේස්බුක් භාවිතා කරන ආකාරය

▪️ ෆේස්බුක් විනයානුකූලව භාවිතා කර ෆේස්බුක් ගිණුම ආරක්ෂා කරගැනීම

▪️ යම් ඔන්ලයින් ගිණුමක් විවෘත කරන විට නම සහ අනෙකුත් විස්තර සංයමයකින් යුතුව ඇතුලත් කරන ආකාරය

▪යම් ඇප් එකක් භාවිතා කරන්න පෙර එය භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට තරම් සංයමයක් ඇති කරගැනීම

▪️ එකම වැරැද්ද කිහිප වරක් නොකර සිදුවන වැරදි හරහා ඉගෙන ගැනීම

???? Gmail භාවිතා කරන ආකාරය

▪️Gmail / Email ගිණුමක් නිර්මාණය කරන ආකාරය

▪️ Email එකක් යවන ආකාරය

▪️ Email එකක් සොයාගැනීමට නොහැකි වූ විට එය සොයන ආකාරය

▪️ Spam ඊමේල් පරීක්ෂා කිරීම

????️ ෆේස්බුක් භාවිතා කරන ආකාරය

▪️ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරන ආකාරය

▪️ Like, Share, Comment කරන ආකාරය

▪️ ෆේස්බුක් පෝස්ට් එකක් නිර්මාණය කරන ආකාරය

▪️ ෆේස්බුක් පෝස්ට් එකක් ශෙයාර් කරන ආකාරය

▪️ Link එකක් කොපි කරගන්න ආකාරය

▪️ අවශ්‍ය ෆේස්බුක් ගෲප් හොයන ආකාරය

▪️ ගෲප් වලට Join වෙන ආකාරය

▪️ ගෲප් වලින් Leave වෙන ආකාරය

▪️ ගෲප් එකකට සම්බන්ධ වූ පසු Announcement පෝස්ට් කියවන ආකාරය

▪️ ගෲප් එකක පෝස්ට් පළකල ආකාරයට කියවන ආකාරය

▪️ ගෲප් එකක තොරතුරු සොයන ආකාරය

▪️ ගෲප් එකකට පෝස්ට් එකක් පළකරන ආකාරය සහ එහි වෙනස්කම් කරන ආකාරය

▪️ ගෲප් එකක ශෝට් කට් එකක් ෆෝන් එකේ Home Screen එකට දාගන්න ආකාරය

▪️ගෲප් එකක පෝස්ට් මගහැරෙන්නේ නැතිව බලන්න Follow කරන ආකාරය

▪️ ෆේස්බුක් එකේ පාස්වර්ඩ් වෙනස් කරන ආකාරය

▪️ ෆේස්බුක් එකට යමෙක් හොරෙන් ප්‍රවේශ විම වලක්වගන්න ගන්න ඕන පියවර

▪️ ෆේස්බුක් මිතුරෙක් බ්ලොක් කරන ආකාරය

▪️ ෆේස්බුක් ගිණුමක් අක්‍රීය කරන ආකාරය

▪️ ෆේස්බුක් වීඩියෝ එකක් සේව් කරගන්නා ආකාරය

▪️ ෆේස්බුක් පෝස්ට් එකක් පසුව බලන්න සේව් කරගන්න ආකාරය

????️ ෆේස්බුක් මැසෙන්ජර්

▪️ යමෙකුට ෆේස්බුක් මැසේජ් එකක් යවන ආකාරය

▪️ ෆෝන් එකේ තියෙන ඡායාරූපයක් මැසෙන්ජර් හරහා යවන ආකාරය

▪️ මැසෙන්ජර් ගෲප් එකක් නිර්මාණය කරගන්නා ආකාරය

▪️ වැරදිලා යැවූ පණිවිඩයක් මිතුරා බලන්න පෙර හෝ බැලීමෙන් පසු මකන ආකාරය

▪️ ස්වයංක්‍රීය මිනිත්තු ගාණකින් මැකෙන පණිවිඩ යවන ආකාරය

▪️ මැසෙන්ජර් හරහා කෝල් එකක් ගන්නා ආකාරය

▪️ ෆේස්බුක් බ්ලොක් නොකර මැසෙන්ජර් පමණක් බ්ලොක් කරන ආකාරය

⛺ Telegram භාවිතා කරන ආකාරය

▪️ Telegram හදාගන්න ආකාරය

▪️ Telegram අලුත් ගෲප් එකකට Join වන ආකාරය

▪️ Telegram ගෲප් වලින් එන මැසේජ් වදයක් වන විට ඒවා නවත්වන ආකාරය

▪️ Telegram ගෲප් වලින් ඉවත්වෙන ආකාරය

???? Whatsapp භාවිතා කරන ආකාරය

▪️ Whatsapp හදාගන්න ආකාරය

▪️ Whatsapp ගෲප් වලට සම්බන්ධ වෙන ආකාරය

▪️ Whatsapp මැසේජ් නවත්වන ආකාරය

▪️ Whatsapp ගෲප් වලින් ඉවත් වන ආකාරය

???? Youtube

▪️ Youtube හරහා නොදන්න දේවල් ඉගෙන ගන්නා ආකාරය

▪️ Youtube Video එකක් සේව් කරගන්නා ආකාරය

???? සාමාන්‍ය ජංගම දුරකතන භාවිතය

▪️ Play Store App එකක් ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය

▪️ ස්ක්‍රීන්ශොට් එකක් ගන්න ආකාරය

▪️ එකම ෆෝන් එකේ ෆේස්බුක්, ඊමේල් හෝ වෙනත් ඇප් වල ගිණුම් දෙකක් භාවිතා කරන ආකාරය

▪️ Huwawi Phone එකකට App ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය

▪️ App එකක් ෆෝන් එකෙන් ඉවත් කරන ආකාරය

▪️ වෙබ් අඩවියකට යන ආකාරය

▪️ වෙබ් අඩවියක ලියාපදිංචි වෙන ආකාරය

▪️ඔබ පිවිසුන වෙබ් අඩවි තව කෙනෙක්ට බැලීමට නොහැකි වන ආකාරයට ඔබේ ඉතිහාසය මකා ඉවත් කිරීම

▪️ ෆෝන් එක වේගවත් කරගන්නා ආකාරය

▪️ ෆෝන් එකෙන් සිංහල අකුරු ටයිප් කරන ආකාරය

▪️ ෆෝන් එකෙන් කටහඬෙන් ටයිප් කරන ආකාරය

▪️ Printout එකක් ගන්නා ආකාරය

???? බැංකු ගිණුම්

▪️ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කල පසු එහි රිසිට්පත ඡායාරූපයක් හරහා තවත් අයෙකුට යවන ආකාරය

▪️ බැංකු ගිණුමකට ඔන්ලයින් පහසුකම ලබාගන්නා ආකාරය

▪️ බැංකු ගිණුමකට මුදල් තැන්පත් වූ පසු SMS Alert එකක් ලබාගන්නා ආකාරය

▪️ ජංගම දුරකතනයෙන් බැංකු ගිණුමේ තිබෙන මුදල් තවත් ගිණුමකට හුවමාරු කරන ආකාරය

▪️ මුදල් තැන්පත් කිරීමේ රිසිට්පත ලබාගන්නා ආකාරය.

ඇතුලු ඔබ සියලුම දෙනා පාඨමාලාවට සම්බන්ධ වීමට ප්‍රථම අපෙන් ඉල්ලුම් කරන අමතර ප්‍රශ්න 50කට පිළිතුරු ඉගැන්වීම සිදුකෙරේ.

සම්බන්ධ වීමට කැමති හැමෝම මුලින්ම “කැමතියි” ලෙස කමෙන්ට් කරන්න.

50 බැගින් කණ්ඩායම් වලට උගන්වනු ලැබේ. මෙය ඔබේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් යැයි සිතා ඉගෙන ගන්න. නාස්ති කරන මුදල් වලින් රු2,500ක් වෙන්කර නොදන්න හැම දෙයක්ම ඉගෙන ගන්න.

❎ මෙය ඉගෙන ගන්න කිසිම කෙනෙක් කැමති නැතිනම් ප්‍රශ්න ඇසීමද අද සිට නතර කල යුතුය.

කමෙන්ට් කිරීමෙන් පසුව 0701 10 10 10 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

50 දෙනෙක් සම්බන්ධ වූ පසුව/මුදල් ගෙවූ පසුව පාඨමාලාවට දිනයක් තීරණය කරන්නම්.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021ජූලි2

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments