ඉකිබිඳින සමනලී – EB0003

by | Feb 21, 2021 | eBook Hub, ආදර කතා | 0 comments

ඉකිබිඳින සමනලී – EB0003

සෙනෙහස්…ඉතින් පෙර දිනයක නුඹට මා නැතිවම බැරිවිය..මගෙ කටහඬ සමඟින් ඇහැරෙන නුඹ මට වදයක් වන තරමටම මට අාදරය කළ නුඹ..නුඹේ ඇස් දෙක තරමටම මා විශ්වාස කළ නුඹ අතරමග දමා යන්නට තරම් මා සැහැසි වුයේ ⁣කෙළෙසකදැයි මටම සිතා ගත නොහැකිය…

  අපේ ප්‍රේමය ඇරඹුනේ උසස් පෙළ පන්තියෙනි. එදවස අප ලඟම මිතුරන්ව කෙළි දෙලෙන් ගත කළෙමු..
“”දැහැමි මම ආදරේ කරනවා කෙල්ලෙක්ට අනේ බන් ඒකිගෙන් කැමැත්ත අරන් දීපන්කෝ..
“”අම්මෝ සෙනෙහස් අපිට ඒකිගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නෑ..””
එදා නුඹ ගේ පෙරැත්තයට මමත් සඳැසිත් ගියේ නුඹේ සිතෙහි ලැගුම් ගෙන සිටි සාමාන්‍ය පෙළ පන්තියේ දිනුකි නංගීගෙන් නුඹ පිළබඳව ඇසීමටය..
නමුත් අපගේ ඉල්ලීම එකවරම දිනුකි නංගී විසින් ප්‍රත්ක්ෂේප කළේය..

  එත් නුඹ පසුබට නොවී කිහිපවරක්ම උත්සාහ කළ බව අප මිතුරන්ට නොරහසකි.
දිනක් මා කෙමෙස්ට්‍රි නෝට් එකක් බලමින් සිටියදී නුඹගෙන් ආ දුරකථන ඇමතුමත් සමඟ නොසිතුව බොහෝ දේවල් සිදුවිය..
මතකද නුඹට අපේ මනෝ විද්‍යා ගුරු උපදේශක මහතා කියු දෙය.කිසිම දිනෙක රාත්‍රිය මිතුරු කමකට හෝ ගැහැනූ පිරිමි ළමුන් අදහස් හුවමාරු කල ගත යුතු නැති බවයි. රාත්‍රියට බුද්ධියට තැන නොදී හැඟීම් වලට පමණක් වහල් වීම මිනිස් සිතේ ස්වභාවය බවයි..
ප්‍රථම ප්‍රේමය අමතක කර ගැනීමට උත්සාහ කරමින් සිටි මම සිතෙහි හටගත් ප්‍රේමය අමතක කර දැමීම සඳහා වෙරි මතින් නන් දෙඩවූ නුඹට එදා ආදරේ යැයි කීවේ හුදෙක් අනුකම්පාවටම දැයි අදටත් මම නොදනිමි….

ඉතින් එදා ඒ ලෙස ඇරඹි අපේ ආදරය දිනෙන් දින ලියලා වැඩුණි. සෙනෙහස් යන නමේ පරිසමාප්ත අර්ථයෙන්ම නුඹ සෙනෙහස් ගඟුලක් විය..

  දනිමි නුඹ තරම් පෙම් කරන කිසිවෙක් මේ ලොව නැතිවා විය හැකිය.විටෙක සොයු⁣රෙකු මෙන් හදෙහි රැඳෙන නුඹ වි⁣ටෙක මාගේ පියා මෙන් මා රැකීමට වෙර දැරෑ හැටි මට අද මෙන් මතකය..විටෙක නුඹ මගේ හොඳම මිතුරාය..මතකද අපි අතර සීමා මායිම් නැත.උඹ බන් බොලන් කියමින් පටන් ගන්නා අප අවසන් වන්නේ සියලුම සතුන්ගේ නම්ද කියා ගත් පසුවය..

  ඔව් අපේ අාදරය තරම් සුන්දර දෙයක් මේ මිහිපිට තිබුනේ නැත. අප උසස් පෙළ පන්ති යන අතරමග මාගේ ප්‍රථම ප්‍රේමය වූ සුදේශ් ඔහුගේ ⁣පෙම්වතිය වන මා මිතුරිය දිව්‍යා සමඟ පෙම් බස් තෙපලමින් යන විට මම ද නුඹගේ අතේ එල්ලී ගියේ ඉතාමත් උජාරුවෙනි. මම දකින්නට ආස වූයේ එවිට බෙරි වන සුදේශ්ගේ මුව මඩලයි..

  “දැහැමි ඇත්තටම ඔයා මට ආදරේද?”

  “ඇයි සෙනෙහස් ඔයා එහෙම අහන්නේ”

  “නෑ බබා මට වෙලාවකට හිතෙනවා ඔයා සුදේශ්ගෙන් පළිගන්නද මට ළං වුනේ කියලා”         “ඒ කියන්නේ ඔයාට මගේ ආදරේ විශ්වාස නැද්ද සෙනෙහස් “

 “නෑ පැටියෝ මට මටත් වඩා මගෙ මැණික විශ්වාසයි”

ඔව් නුඹ නුඹටත් වඩා එදවස මගේ ආදරය විශ්වාස කළේය.නුඹ මගෙන් අසන ඒ පැනය මා මගෙන්ම ඇසු වාර අනන්තය.එනමුත් මගේ සිත එයට කිසිම දිනෙක පිළිතුරක් නොදුන්නේය..

   පළමු වර උසස් පෙළ විභාගය නිසියාකාරව නිම කරගැනීමට නොහැකි වුන මා සයන්ස් වලින් කොමර්ස් වලට මාරු වෙද්දී නුඹ ග්රැෆික් ඩිසයින් කෝස් එකක් කරන්නට ඇරඹීය.නමුත් නුඹගේ දවසේ ප්‍රථම රාජකාරිය වූයේ මාව පන්තියට ඇරළවීමයි.නුඹ මලක් මෙන් මා රැක්ක ඒ කාලය මතක් වන විට මාගේ දෙනෙතට අදටද කඳුළු උනයි..

   “ගුඩ් මෝනින් පැටියෝ “

   “ගුඩ් මෝනින් බබා”

   “මොකද බන් අද තාම නිදි මැට්ටි අද ක්ලාස් යන්නේ නැද්ද?”

  “යන්න ඕනේ මැට්ටෝ මම ලෑස්ති වෙලා එන්නම්”

  “මැට්ටි අද අපේ අම්ම මට උදේට කාල යන්න ජෙලි පුඩිම් හැදුවා..””

  “අනේ මටත් ඕනේ”..

  “අම්මේ මෙන්න අම්මා⁣ගේ පෙරේත ලේලිටත් ජෙලි පුඩිම් ඕනෙලු අයිස් දාලා වෙනම කප් එකක් හදන්න එයාටත්”

  “මම දන්නවනේ මගේ පන මට නොදී කිසි දෙයක් කන්නේ නෑ කියලා..”

  “ඔව් නැත්නම් පෙ⁣රේති කෙළ ගිලල මගේ බඩ ලෙඩ වෙනවනේ අම්මත් ඒක දන්න නිසා දෙන්නටම හදනවා.නැත්නම් පව්නේ අම්මගේ එකම කොල්ල ලෙඩ වුනොත්.”

  “අනේ පලයන් බන් යන්න”

  “වරෙන් ඉක්මනට ලෑස්තිවෙලා මාතර බෝධිය ලඟට මේක කාලම කලාස් යන්න පුළුවන්නේ.”

  “ඕකේ එහෙනම් තිව්වා.”

  “බුදුසරණයි මගේ මැණික”

ඔව් නුඹේ ආදරය එහෙමය අපේ ආදරය පටන් ගත් දා සිට නිවෙස් දෙකේම දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබීම අප දෙදෙනාටම මහත් භාග්‍යයක් විය.

   දින සති මාස අවුරුදු ගෙවී ගියේ අප දෙදෙනා තව තවත් ළං කරමිනි.නුඹ දැන් පෞද්ගලික අංශයේ රැකියාවක හිමිකරුවෙකි. නුඹේ එකම සතුට වූයේ මාව ලස්සන කිරීමය.ඇඳුම් පැළඳුම් වලින් මට කිසිම දිනෙක අඩුවක් නොවූයේ මා ලස්සනයි කියන හැමදේම නුඹ මට තිළින කරන බැවිනි.මුලදී චාම් දිවියක් ගත කල මා පසුව විච්චූර්ණ ලෝකයකට පිවිසියේද නුඹ මට ඉල්ලන ඉල්ලන දේ අරන් දුන් බැවිනි.නුඹ ඒ සියල්ල කලේ මා විශ්වාස කල නිසා බව මම දනිමි…

  සහෝදරියන් දෙදෙනෙකුගේ බාල සොයුරිය වූ මා කිසිම දිනෙක ජීවිතයේ බරක් පතලක් තේරුම් නොගත්තෙමි.මා සහෝදරියන් දෙපළද විවාහ වී පිටරට පදිංචි වී සිටි බැවින් ඔවුන් ගත කළේද සෙල්ලක්කාර ජීවිතයි.මගේ මස්සිනාලා දකිද්දී මට විටෙක නුඹ නෝන්ජලයෙකු සේ පෙනිනි.මම පැටලී ඇත්තේ නොගැළපෙන කෙනෙකු සමඟයි මගේ සිත විටෙන් විට මොර ගාන්නට විය.ඉතින් සත් වසක් පිරුනු අපේ ප්‍රේමයට තිත තැබීමට සිතා මා නුඹ මුණ ගැසීමට සිතුවෙමි.

වෙනදා මෙන්ම මගේ දුරකථනය හැඬවුනේ නුඹගේ ඇමතුමණි.
“ගුඩ් මෝනින් සුදු මැණික”
“ගුඩ්ද බෑඩ්ද නම් කියන්න බෑ මෝනින් බබා”
“මොකද අද මගේ නෝනා උදෙන්ම මූඩ් ගහලා”
“එහෙම දෙයක් නෑ අනේ ඒ ඔයාට පේන විදිය”
“හ්ම්ම් මොනවද ඩේලි ප්ලෑනින්ග්”
“මට අද ඔයාව මීට් වෙන්න ඕනේ”
“හ්ම් එහෙනම් මම එන්නම් මැණික බලන්න ගෙදරට”
“මොකක්ද සෙනෙහස් හැමදාම ඔයාගේ ගෙදරයි අපේ ගෙදරයි බෝදියෙයි බීච් එකෙයි මට නම් ඇති වෙලා. ගෙවල් දෙකේම බෑ වෙන කොහේ හරි.”
“හ්ම්ම් එහෙනම් බීච් යමු”
” අනේ මන්ද සෙනෙහස් ඔයා නම් කමක් නෑ එහෙමවත් කරමුකෝ මම 10.30 වෙද්දි මාතර බීච් එකට එනවා.මම තියනවා එහෙනම් ..”
“හා මැණික  බුදුසරණයි”
අයියෝ⁣ මේක නම් පුදුම කරුමයක් අක්කිලා දෙන්නා ජීවිතේ එන්ජෝයි කරනවා මම මේ ගොඩයෙක්ට සෙට් වෙලා නිකන් විඳවනවා.මේ මඟුල අදම ඉවරයක් කරන්න ඕනේ ආදරෙයි පව් කියලා  මුළු ජීවිතේම විඳවන්න පුළුවන් ද ?අතින් අල්ලලා කිස් එකක් විතරක් දුන්නම ඇති කියලා එයා හිතනවා ඇති.ගෙදරිනුත් සම්බන්දෙ දන්න එකේ මීට වඩා මොකටද ඔච්චර බය වෙන්නේ.ඇහුවම කියන්නේ නම්
“”අනේ මැණික දවසක මම මැරි කරන්න කලින් මැරුනොත් ඔයා කොහොමද වෙන කෙනෙක් ලඟට යන්නේ”
කියලා ඔය ලස්සනට අපේ පොඩි අක්කි කලින් බෝයි ගෙන් බබෙක් ලැබෙන්න ඇවිල්ලත් ඒ අෆෙයාර් එක නවත්තලා බබාවත් නැති කරලා වෙන කෙනෙක් එක්ක ගියේ.ලංකාවේ ඉන්න මේ ගොඩයොන්ට තමයි ඕවා මැජික්
එලෙස සිතමින් මා සූදානම් වූයේ සෙනෙහස් හමු වීමට යාමටයි.අන්‍ය ජාතීන් දෙදෙනෙකු සමඟ විවාහ වී ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන අක්කලා දෙදෙනා ලඟ මා සෑම දිනකම පසුතැවිලි වුනෙමි.අක්කලා ලංකාවට ආ විට මම මුළුගැන්වී ගත කලේ මා ඔවුන්ගේ සමාගමට නොගැළපෙන හෙයිනි.කෙසේ පහදා දී වත් සෙනෙහස් නම් මගේ මේ පවුල් පසුබිමට යා කර ගැනීමට නොහැකි වූ නිසා මා මනසින් පීඩා වින්දෙමි.එහි ප්‍රථිඵලයක් ලෙස දිවි දෙවනි කොට මට සෙනෙහස පෑ සෙනෙහස් ගෙන් වෙන් වීමට තීරණය කළ මා ත්‍රී ක්වාටර් කලිසමට අත් රහිත බ්ලවුසයකින් සැරසී නිවසින් පිටත් වුනෙමි.
“අම්මා මම සෙනෙහස් මීට් වෙලා එන්නම්”
“හා දෝනි සෙනෙහස් ගේ අම්මත් මතක් කරන්න කියන්නකෝ.”
“එයාලගේ ගෙදර ගියොත් කියන්නම්”
“ඇයි අද වෙන කොහේ හරි යන්න ද,  ඔව් ඉතින් ජීව්තේ එන්ජෝයි කරන්නත් ඕනි නේ.”
“අම්මි දන්නවනේ සෙනෙහස් ගේ හැටි”
“තාත්තිත් ඔහොම තමයි දෝනි…ඒත් ඉතින්..දැන් තාත්ති රට ⁣නේ…””
“මම ගිහින් එන්නම් අම්මි”
තාත්තා රට සිටින විට අම්මා ද ගත කරන්නේ නිදහස් ජීවිතයකි.පෙර දින අම්මාගේ ක්‍රියා කලාපයට වෛර කළ ද අද මගේ සිත කියන්නේ අම්මා නිවැරදි බවය.විඳින්නට ලැබී ඇති ජීවිතය විඳවීමට අවැසි නැත. සංස්කෘතියට සභ්‍යත්වයට මුල් තැන දී සිතිවිලි හිර කරගෙන ජීවිතය විඳවන්නේ නැතිව සමනලියක් මෙන් පියඹා යන්නට මගේ සිත වෑයම් කරන්නේ දැන් මීට ටික කලකට පෙර සිටය..තාත්තා එවූ මුදල් වලින් ඇරඹි ගාමන්ට් ෆැක්ට්‍රි එකේ පාලනය මා සතු වූ දින සිට..එයට එන සෙල්ලක්කාර කොල්ලන්ගේ බැල්මෙන් මා මත් වෙන විට මා විසින් මා වටා ගොඩ නගා ගෙන සිටි පවුර ඉබේම බිඳ වැටිනි.එදවස පටන් මට සෙනෙහස් පෙනුනේ නෝන්ජලයෙකු මෙන්ය..මව පියා සහ මම ලෝකයම කරගෙන ජීවත් වන ඔහු කිසි දිනෙක ජීවිතය විඳින්නේ නැත.එමෙන්ම මාගේ හැඟීම් ද ඔහු උපන් ගෙයිම මරා දමන විට මට ඔහු හා එන්නේ විසල් කෝපයකි.අද දෙකින් එකක් විසඳා ගත යුතුය..
මා රැගත් බස් රිය මාතර බීච් රෝඩ් එකෙන් විත් ස්ටෑන්ඩ් එකට දානවාත් සමඟ ඒ දෙස බලාගෙන සිටි සෙනෙහස් ගේ බැල්ම මගේ සිතිවිලි වෙනස් කිරීමට තරම් පොහොසත් වේ දැයි මම නොදනිමි.
මා බසයෙන් බසින විට පෙර මගට දිව අා ඔහු මාගේ අතින් අල්ලා ගත්තේ දියණියක් ආරක්ෂා කරන පියෙකු විලසය..සෙල්ලක්කාර මවක⁣ගේ උණුසුමෙහි හැදී වැඩුනු මට පියාගේ රැකවරණය ලැබුනේ බොහෝ අඩුවෙනි.අප කුඩා කලම පිට රට රැකියාවට ගිය පියා ලංකාවට එන ඒ පුංචි කාල සීමාවට පමණක් ඔහුගේ රැකවරණය සීමා විය.එම කා⁣ලයේ දී අම්මාද හැසිරෙන්නේ අප තුන් දෙනා ඇයගේ ඇසේ ඇති රොඩ්ඩ මෙන් ආරක්ෂා කරන බවට ඒත්තු ගන්වමිනි.පිය සෙනෙහසත් සෙනෙහස්ගේ සෙනෙහසත් තරාදියකට දැමූ පසු පවිත්‍ර වූ ඒ දෙකම සමානය..
“දැහැමි මොනවද බබා ඔයා කල්පනා කරන්නේ මේ ලෝකෙනම් නෙවෙයි..පහළට බහිනවද මැට්ටි හීන ලෝකෙන්.අපි බීච් එක ලඟට එනකල්ම දන්නේ නෑ නේ.”
“මොකුත් නෑ සෙනෙහස් තාත්ති මතක් වුනා.”
“ඔයාලගේ තාත්ති ගැන ඇත්තටම මට ගොඩක් දුකයි ⁣දැහැමි.පව් තාත්ති අම්මිව මොන තරම් විශ්වාස කරනවද? මම කැමති නෑ ඒ ගැන කතා කරන්න නිකන් අපි දෙන්නත් තරහ වෙනවා. ඇත්තටම මට සතුටුයි ඔයා අම්මගේ අඩි පාරේ යන්නේ නැති එක ගැන.”
“මම අම්මි වගේ වුනොත් මොකද කරන්නේ.”
“ඔයා එහෙම වෙන්නෑ මැණික මට විශ්වාසයි. ”
“ඒත් වෙලාවකට මේ ජීවි⁣තේ එපා වෙනවා සෙනෙහස් මටත් ආසයි ජීවිතේ විඳින්න.”
“ඒකනේ මම කීවේ අපි මැරි කරමු කියලා කෝ ඉතින් මගේ කෙල්ල ඒකටත් කැමති නෑ නේ..”
“අනේ ප්ලීස් අපි ඒ ගැන කතා නොකර ඉමු.මට බෑ දැන්ම මැරි කරන්න අම්මෝ ළමයි හදන්නයි මොන විකාර වැඩද අප්පා ඕවා.”
“දැහැමි ඔයා දැන් ගොඩාක් වෙනස් වෙලා ඇයි මේ. ඔයාගේ ඔලුවට ඔය විකාර දා⁣න්නේ ඔයාගේ අක්කලයි අම්මලයි තමයි.ඊටත් බලන්න ඔයා අද බස් එකේ ඇවිල්ලත් ඇඳන් ආපු ඇඳුම ඔයා හොඳටම දන්නවා මම කැමති නෑ තනියම එද්දි ඕවා අඳිනවට.ඔහොම ඇඳන් එන්න ඕනි නම් මට ගෙදරට එන්න කියන්න තිබ්බනේ.. ඔයා ගාමන්ට් එකෙත් ඉන්නේ ඔහොමද?”
“කොහොම හිටියම මොකද ඒක තියෙන්නෙත් ගෙදරමනේ.ගාමන්ට් ෆැක්ට්‍රි එකක් කීවට කෙල්ලෝ හතර පස් දෙනෙකුයි කොල්ලෝ හතර පස් දෙනෙකුයි විතරනේ ඉන්නේ.ඊටත් අම්ම කෙල්ල වගේ ඉද්දි මම කොහොමද නාකි ගෑණියෙක් වගේ ඉන්නේ.”
“ඒ කියන්නේ බබා ඔයා ඒකෙත් ඉන්නේ බාගෙට ඇඳන්ද”
“නෑ නෑ ඇඟ වැහෙන්න ඇඳල ඉන්නේ මොකද මගේ මිනිහ ගොඩයෙක්නේ අන්න ඒ නිසා”
සත්තයි නේ මැණික කෝ ඔළු⁣වෙ අත තියලා දිවුරන්න..
ඔව් ඉතින් මම දිව්රුවෙමි බොරුවට ඔහුගේ ඔලුවේ අත තියා දිවුරුවෙමි.නැවත හැරෙන්නේ කෙලෙසකදැයි සිතා ගැනීමට නොහැකිව සිටින මට ඔහු ගැන විසල් හැඟීමක් නොමැති නිසා මා එලෙස දිවුරුවෙමි.අනේ එ් අහිංසකයා මාව විශ්වාස කරමින් මගේ අත ඔහුගේ පපුවට තද කර ගත්තේ කොතරම් සෙනෙහසකින් ද?
දවසම බීච් එකේ ගත කර මා නිවසටම හැරදා සෙනෙහස් ගියේ මේ ඇඳුම් පිටින් බස් රියේ මා එවීමට අකමැති වූ නිසාය..මා කැමතිම මික්ස් රයිස් මාතර මයුර එකෙන් අරන් දුන් ඔහු අතුරුපසට අයිස්ක්‍රීම් ද අරන් කැව්වේ හද පිරි ආදරයෙනි.ඔහුගේ ඒ ආදරය හමුවේ මගේ මුවේ වදන් ගොලුවී අපගේ ආදරය මෙතකින් නිමා කරමුයි කියන්නට මට නොහැකි විය.ඉතින් එදිනද පරාජිත මානසිකත්වයකින් මම නිවසට ගොඩ වැදුනි..
නිවසට ආ විගසම ඇඳට වැටුනු මා කල්පනා කළේ මා සෙනෙහස් ගෙන් වෙන් වන ආකාරය ගැනයි..සිත ව්‍යාකූල වී ඇති මේ මොහොතේ කිසිම සිතුවිල්ලක් එන්නේ නැත..

  ගාමන්ට් ෆ්‍රැක්ටියත් නිවසත් අතර දෝලනය වෙමින් කාලය ගෙවී ගිය අතර සෙනෙහස් ගේ ප්‍රේමයද සුපුරුදු පරිදි ගලාගෙන ගියේ එය නතර කිරීමට තරම් ශක්තියක් මා තුළ නොවූ බැවිනි.ඔහුට කිසියම් දිනෙක මා එපා වී දමා යන තුරු අපේ ආදරය පවත්වා ගෙන යාමට මා තීරණය කළෙමි..
මගේ ජීවිතයේ සියලුම රහස් කීමට මට විශ්වාස වන්ත අයෙකුට සිටියේ අප ෆ්‍රැක්ට්‍රියෙහි සේවිකාවක වූ නෙතුනි නංගීය..චාම් අහිංසක කෙල්ලකු වූ ඇය විශ්වාස කල හැකි බැවින් මම ඇයට සියල්ල පැවසීමට පුරුදු වූයෙමි.
“නෙතූ එපා වෙනවා බන් වෙලාවකට ජීවිතේ.”
“අක්කටත් ජීවිතේ එපා වෙනව නම් අපි ගැන කවර කතාද? අක්කට පන වගේ ආදරේ කරන කොල්ලෙකඅත් ඉන්නේ අනාගතෙත් ෂුවර් ”
“අනේ නල්ල මලේ කොල්ල ජීවිතේ එන්ජෝයි කරන්න දන්නේ නැති හාල් පාරුවෙක්”
“එ⁣හෙම කියන්න එපා අක්කේ අද කාලේ ඔය වගේ කොල්ලෝ හොයන්න බෑ.කෙල්ලෙක් එක්ක යාලු වුන ගමන් රෑම් අදින කොල්ලෝ ඉන්නේ දැන් අවුරැදු ගානක් වෙලා අයිය අක්කව තාම පරිස්සං කරනවා ”
“ආන් උඹට නම් ගැළපෙයි එහෙම කොල්ලෙක් මට නම් බෝරිං”
ඉතින් අක්කා එහෙනම් තව බලාපොරොත්තු දෙන්නේ නැතුව අයින් වෙන්නකෝ.”
“මම කොහොමද සෙනෙහස්ගේ මූණ බලාගෙන ඒක කියන්නේ එයාටම දවසක මාව එපා වෙයි නේ.”
“අනේ මන්දා අක්කි ඒත් ඔයා කරන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි”
අයියෝ මේ වද කාරයා කෝල් කරනවා
“කියන්න සෙනෙහස්”
” ඇයි බබා බිසී ද”
“ආ නෑ කියන්නකෝ”
“අඹ සෙවන ගාවින් යද්දි කොත්තු ගහන සද්දේ ඇහුණා මගේ මැණික ආසයිනේ මම එකක් දාන්න කීවා.අරන් එන්නම් මැණික මොනවත් කාලා බඩ පුරව ගන්න එපා.”
“හා බබා ඔයා දැන් එනවද?”
“හ්ම්ම් තව පැය බාගෙන් මගේ කෙල්ල ලඟ.ආදරෙයි පණ”
“හ්ම්ම් එහෙනම් තියන්නම් සෙනෙහස් වැඩ ටිකක් බල බල හිටියේ මුන් ටික ගෙදර යවන්නත් ඕනේ බායි’
“බුදුසරණයි මැණික”

    “අයියෝ මේ කරුමේ එනවලු නේ”
“ඇයි අයිය එනව නම් හොඳයිනේ”
“හොඳයි හොඳයි කොත්තු ගේන නිසා.. දැන් ඔයාලා ගෙදර යන්න අද පරක්කුත් උනානේ මම වෙන ඇඳුමක් දාගන්න ඕනේ නැත්නම් මේ ගොඩයගෙන් ඒකටත් බැනුම්”
“ඇත්තනේ අක්කි කවුද කැමති තමන්ගේ කෙල්ල ලෝකෙටම හැමදේම පෙන්නනවට ඇත්තටම ආදරේ අය එහෙම කැමති නෑ අක්කෝ..”
“අනේ මේ උඹ දන්න ආදරේ මෙහෙම ඇදන් ඉද්දි කොල්ලෝ ඇස් පුංචි කරල බැලුවම දැනෙන ත්‍රිල් එක අම්මෝ හීන ලෝකෙක අතරමං වෙනවා..”

   ඉතින් ම⁣ට පෙම් කල සෙනෙහස් එහෙමය.මම ආස දෙයක් දුටුවොත් එය එසැනින් අරගෙන මා වෙත දුව ගෙන එන ඔහු ගැන රාගයෙන් මත්වී සිටි මා සිතුවේ නෝන්ජලයකු ලෙසය.
ම්ම් අද ආවමවත් අදහසක් දාලා බලන්න ඕනේ අඩුම තරමෙ ඩ්‍රින්ක් එකක් වත් ගත්තනම් නම්ම ගන්න තිබ්බ.මෙයා ඒවටවත් කැමති නෑනේ..කොල්ලො නම් කියන්නේ මට තියෙන්නේ ලස්සන ෆිගර් එකක්ලු පපුව ඉන ගානටලු.ඒත් මේ උපාසකයට ඒව පේන්නේ නෑ නේ.ඒකට පොඩි අක්කගේ හස්බන්ඩ් එදා ඩ්‍රින්ක්ස් ගත්ත වෙලේ අක්කට හොරාට මගේ පපුවට බර වෙද්දි ඒ වුනු හිරි වැටීම  සිහි වෙද්දී ඇඟ හී ගඬු පිපෙයි..
ඕ සෙනෙහස් ඇවිත්
“මැණික මෙන්න මගේ පෙරේතිට කොත්තුවක් අරන් ආවා.”
“හ්ම්ම් එන්න බබා ”
මම ඔහුගේ ලඟ හුරතල් වීමට වූයේ මගේ උද්දීපනය වී ඇති හැඟීම් පාලනය කර ගත නොහැකි නිසාය.
“මොකද අද කෙල්ල වෙනස් වෙලා”
“එහෙම නෑ බබා මම ආදරෙයි නේ ඉතින්”
“මම දන්නවා පැට්ටෝ ඔයා මට ආදරෙයි කියලා.අහස වගේ වෙනස් වෙන්න එපා එහෙම වුනාම මට ගොඩක් දුක හිතෙනවා මැණික. මට මගේ මැණික නැතුව ජීවිතයක් නෑ සුද්දියේ”
සත්තයි පපුව ඇවිලිනි අනේ මම මේ අහිංසකයාට ගින්දර දෙනවා නේද? මේ ජීවිතයෙන් අයින් වීමට සැලසුම් කරනවා නේද? එත් මගේ රාගික හැඟීම් සන්තර්පනය කර ගැනීමට නම් සෙනෙහස් පොළඹවා ගත යුතුය.එසේත් නැත්නම් වෙන අයෙක් වෙත යා යුතුය.දැන්ම විවාහ වීමට නම් මා අකමැතිය.
මොනවද මැණික කල්පනා කරන්නේ
“නෑ බබා මට ආසයි සින්දුවක් අහන්න කියන්නකෝ”
ගෙනෙන් එහෙනම් ගිටාර් එක.
මම දුව ගොස් ගිටාරය ගෙන ආවෙමි.අපේ සම්බන්ධය ඇති වූ දා සිට සෙනෙහස් ගේ නිවසේ මෙන්ම අප නිවසේද ගිටාරයක් විය.ගිටාරය වයමින් සින්දු කීමට සෙනෙහස් තරම් දක්ෂයකු අප පාසලේ සිටියේ නැත.එ දවස මා නින්දට ගියේද සෙනෙහස් ගේ සින්දු අසමිනි.අනේ අප එකළ ඒ තරම් පෙම් කලෙමු..අද ⁣මගේ සිතට කුමන විපර්යාසයක් සිදු වී දැයි මමද නොදන්නෙමි.
“මොකද බන් භාවනා කරනවද?”
” නෑ මම සින්දුව අහගෙන හිටියේ මැට්ටෝ.”
“අනෙ පලයන් මම දැන් ඒක නතර කරලා කොච්චර වෙලාද””
“නෑ මම අහන් හිටියේ.”
” දැන් රෑ වෙලා මැණික මම යන්නත් ඕනේ එන්න මගේ අතින්ම කවන්න මගේ මැණිකට”
“මේකත් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න තිබ්බ නම් මරු නේ”
“මොනවද ඕනේ කෝක් ද”
” නෑ අනේ ⁣පොඩ්ඩක් වෙරි වෙන දෙයක්.”
“අනේ පලයන් නම නම් දැහැමි ඒත් යකෝ මේකි කොල්ලෙක් වෙච්ච මටම කියන ඒවා.පිස්සි ආ කියන්න”
“ආ..විහිළු නෙවේ බබා අනේ අපි දෙන්න දවසක බොමුකෝ.මට අාසයි ඔයා එක්ක නයිට් ක්ලබ් යන්න අනේ ප්ලීස් අපි දවසක යමුකෝ..”
“ඔයාට පිස්සුද මැණික”
“අනේ හා කියන්නකෝ නැත්නම් මම කන්නේ නෑ”
“හරි හරි දැන් යන්න බෑනේ අපි දවසක යමුකෝ එහෙනම්.”
“මගේ හොඳ මහත්තයා අපි ගිහින් කාලා බීලා ජොලි කරලා එමු.”

    ඉතින් දවසින් දවස කාලය ගෙවුනි.සෙනෙහස් ගේත් මගේත් ආදරයට දස වසරක් පිරුනේ බලා සිටියදීමය.ඔවුන්ගේ ගෙදරින් වෙඩින් එකට දින දා ගන්නට සැරසුනි.ඒ අතර අපිට වෙනම ⁣ලස්සන ගෙයක් සෙනෙහස් ගේ වියදමින් ඉදිවිනි.ඔහු කවදාවත් මා සිතූ ආකාරයට මා නයිට් ක්ලබ් එක්ක ගියේද ඩ්‍රින්ක්ස් ගත්තේ ද නැත.එය මග හරිමින් සිටියද මම මගේ අක්කලා සමඟ ඒ ජීවිතය වින්දෙමි. එය සෙනෙහස්ට රහසක් විය. මේ අතරතුර අක්කාගේ සැමියා අතින් මා ගැහැණියක බවටද පත්විය.ඔහු ගෙනත් දෙන විවිධ වීඩියෝ පට බැලීමෙන් මා සිටියේ මත් වීය.නමුත් සෙනෙහස් ට වෙනසක් නොපෙන්වා ඒ සම්බන්ධතාවය ද පවත්වාගෙන යාමට තරම් මා සූක්ෂම විය.
මගේ නැන්දම්මාට සහ මාමණ්ඩියට මම තරම් කෙනෙකු නොමැති විය.එකම දරුවා වූ සෙනෙහස් ට දැක් වූ ප්‍රේමයම ඔවුන් මට ද දැක්වීය. අපේ පවුල් පසුබිම ගැන දැනගෙන ඔහුගේ ඤාතීන් විවිද දේ කියද්දී ඒ මව්පිය දෙදෙන පැවසුවේ මා අහිංසක බවයි.මගේ මේ දෙබිඩි පිළිවෙත කාටවත් නොවැටහුනි. මට ද ස්ථිර සබඳතාවකට තිබුනේ සෙනෙහස් ගේ සම්බන්ධය පමනි.අනෙක් සබඳතා හුදෙක් විනෝදාශ්වාදය සඳහා පමණක් සීමා විය..මම දිනක් ⁣සෙනෙහස් ගෙන් මගේ කන්‍යාබාවය පිළිබදව විමසද්දී ඔහු පැවසුවේ සයන්ස් කරපු ඔහු ඒ ගැන ගැඹුරින් නොසිතන බවයි.ඉතින් ඒ පිළිබඳව මට ගැටළුවක් නොවූනි..සෙනෙහස් මා පිළිබඳ තබා ගත් විශ්වාසය පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් සරි විය…

   *************************
මේ අතර සෙනෙහස්ගේ මා පියන් කතා කලේද සෙනෙහස් ගේ විවාහය පිළිබඳවයි.
“රමණි මොකද පුතණ්ඩියා කියන්නේ දැන්ම බඳින්න බෑ කියනවද”
පුතාගේ නම් අකමැත්තක් නෑ අබේ දෝනි නේ කල් අරින්නේ”
“කෙල්ල සමණලියක් වගේ නේ සැහැල්ලුවෙන් ඉන්න කැමති ඇති.ඒත් එහෙම කියලා බෑනේ මම හාට් පේෂන්ට් කෙනෙක් කොයි වෙලේ ද කියන්න බෑ ඒ නිසා ඉක්මනට පිළිවෙලක් කරන්න ඕනේ..”
“අබේ ඔයාගේ  අක්ක නම් කැමතිම නෑ.බනිනවා එකම කොල්ලට ගැළ⁣පෙන දෙයක් කරලා දෙන්න කියලා මොකද දෝනිලගේ පවුල් පසුබිම එච්චර හොඳ නෑ නේ.”
“කවුද නෝනේ පව්ලම කසාද බඳින්නේ ඒ කෙල්ල අහිංසක දරුවා  අපි ගෙදරට ගේන්නේ ඒ කෙල්ලනේ”
“ගුරුන්නාන්සේ මාමනම් කීවේ පුතාට මේ ටිකේ ටිකක් අපලයි තව අවුරුදු දෙකකින් පස්සේ තමයි නැකැත් හදන්න පුලුවන් කියලා කිව්වේ.”
“හ්ම්ම් ඊ්ට පස්සේ එහෙනම් පිළිවෙලක් කරමු .”
දියණියන් නොමැති සෙනෙහස්ගේ මා පියන් දැහැමිට සැළකුවේ තමන්ගේම දරුවෙකුට මෙනි.එනමුත් දැහැමිගේ අවාසනාවටදෝ මේ සෙනෙහස තේරුම් ගැනීමට ඇයට ⁣නොහැකි විය.
*************
දින සති මාස ලෙස කාලය ⁣ කෙමින් කෙමින් ගෙවී ගියේ අහඹු දෙයක් සිදු කරමිනි..දිනක් දැහැමිගේ ගාමන්ට් එකේ මැෂින් එකක් කැඩීම හේතුවෙන් එය පිළිසකර කිරීමට සිංගර් ආයතනයෙන් සේවකයකු ගෙන්වන ලදි..
“දැහැමි අක්කා අන්න මැෂින් එක හදන්න ඇවිත්.”
“ඉන්න නංගා මම බලන්නම්.”
දැහැමි යනවිට පිටුපා සිටි ඒ දේහදාරි පුද්ගලයා දුටු දැහැමිගේ සිත කුල්මත් විය.පොඩි අක්කගේ සැමියාගේ සහ තම මාමාගේ පුතාගෙන් කායික සැප ලබා ඇති තම කය මොහු සමඟ සතපවන්නට තරම් රාගික සිතේ හැඟුම් ප්‍රබල විය. “මම කොහොම හරි මෙයාව දැලේ දාගන්න ඕනේ.”යන හැඟීමෙන් ඔහු දිහා බලා සිටියදී පිටුපා සිටි ඔහු දැහැමි දෙසට හැරෙන විට දුට රුවින් දැහැමිගේ පියවි සිහිය තවත් ඈතට ගමන් කරන්නට විය..
ඔව් ඒ රුව වෙන කාගෙවත් නොව ඇය 8 වස⁣රේ පටන් පෙම් කළ සුදේශ් ගේ රුවයි.වෙනසකට ඇත්තේ සුදේශ්ගේ මුවෙහි නොමැති නළ දතක් මොහුගේ මුවෙහි තිබීම පමණි..ඔහුගේ රුව දුටු දැහැමි සිතුවේ කායිකය නොව මොහු කෙසේ හෝ තමාගේම කර ගන්නා බවයි..
“එක්ස් කියුස් මී මිස්”
“ආහ් මිස්ටර්”
“මම හේෂාන් මිස්ලගේ මැෂින් එක බලන්න කියලා ආවේ.”
“හ්ම්ම් එන්න මේ පැත්තෙන් තව මට මිස් කියන්න එපා මම ආසයි හැමෝ එක්කම ෆ්‍රෙන්ඩ්ලි ඉන්න ඕකේ.” යනුවෙන් සෙල්ලක්කාර හඬින් පැවසුවේ ඔහුගේ පිටටද තට්ටුවක් දමමිනි.
ඔහුටද එය වෙනසක් නොවූයේ මේ සමාජයේ විවිද ගැහැණුන් ගැන බොහෝ දේ දන්නා බැවිනි.බොහෝ පිරිමින් පැනලා දෙන ගැහැණුන් තමාගේ බිරිද කරගැනීමට අකමැති වන නමුත් ඔවුන් සමග වෙන සබඳතා ඇති කර ගැනීමට මැලිකමක් නොදක්වයි.හේෂාන් ද එ් ඝනයට අයිති පිරිමියෙක් විය.
“ඕකේ එහෙනම් ඔයා දැහැමි…මම හේෂාන්. අපි යමු මැෂින් එක බලන්න.”
ඉන්පසු කාමරයෙහි කොනේම තිබූ මැෂින් එක සාදා නිම කලේ දෙදෙනා අතර වෙනත් බැඳීමක් ද ඇති කරමිනි..හේෂාන් මෙය හුදු විනෝදය උදෙසා පමණක් ඇරඹුව ද දැහැමි මෙය ඇරඹුවේ ප්‍රේමණීය හැඟුමිනි..
“එහෙනම් දැහැමි මම ගියා.දැන් වැඩේ හරිනේ..
“ඕකේ හේෂාන් මට ඔයාගේ කන්ටැක්ට් නම් එක දෙනවද.මොකද මීට පස්සේ මගේ මැෂින් බාර ඔයාට තමයි.”යනුවෙන් පැවසුවේ යටි අරුතක් ඇතිව ඇසක්ද පුංචි කරමිනි.

එසේ ඇරඹි මොවුන්ගේ සෙනෙහස කාටත් රහසේ ගලාගෙන ගියේ සෙනෙහස්ට ද රහසිනි. මොවුන්ගේ එක්වීමට ප්‍රදානම බාධකය වූයේ හේෂාන් විවාහක පුද්ගලයෙකු වීම පමණි.දැහැමි හේෂාන් සමඟ කතා කිරීමට වෙනත් දුරකථනයක් භාවිතා කිරීම සහ වැඩි වේලාවක් සෙනෙහස් සමඟ රාත්‍රී කාලයේ පමණක් කතා කිරීමට හුරුවී සිටීම මොවුන්ගේ සම්බන්ධතාවය රහසක් කර ගැනීමට මහත් රුකුලක් විය.දැහැමි සිතා සිටියේ සෙනෙහස්ට නොදන්වාම හේෂාන් සමඟ පැනයාමටය.
එක්දරු පියෙකු වූ හේෂාන් ට දැහැමිගෙන් ගැළවීමක් නොවීය.අවසන දැහැමි ට අවැසි පරිදි සියල්ල තීරණය විය.හෝ⁣ටල් කාමර වල තමා සහ දැහැමි නග්න සිරුරු වලින් ගන්නා ලද ඡායාරූප හේෂාන් ගේ බිරිද වූ දිව්‍යා අතට පත්වන්නේ දැහැමි ගේ අනුදැනුමිනි. එයින් පසු ඇරඹෙන හේෂා⁣න්ගේ සහ දිව්‍යා ගේ මත ගැටුම් කෙළවර වන්නේ දැහැමි ගේ බල කිරීමට අනුව දික්කසාද නඩු දැමීමෙනි. ප්‍රේමය රාගය දෙකම එකම පුද්ගලයා ගෙන් සන්තර්පනය කර ගැනීමෙන් මත් වී සිටි දැහැමි අහිංසක දරුවකුට මවද අහිමි කරමින් දරුවාගේ අයිතිය ද හේෂාන් ට ලබා ගැනීමට උල්පන්දම් දෙන්නේ දරුවා තමා සතු වීමෙන් හේෂාන් කිසි දිනෙක තමා හැර නොයන බව ස්ථිර කර ගැනීමටය. කිසිවක් කර ගැනීමට අපොහොසත් අහිංසක ගැහැණිය දිව්‍යා පරාජය බාර ගෙන උසාවියට නොගිහින් සිටින්නේ තමා වැරදි කාරිය ලෙස උසාවියේ පෙනී සිටීමට තරම් ශක්තියක් නොමැති බැවිනුත්.අසනීප තත්වයේ සිටින මව සහ පියාට එකම පිළිසරණ දැන් වැටී සිටින නිවහන පමණක් බැවිනුත්ය. උසාවි නෑවිත් දික්කසාදය ඉක්මනින් හේෂාන්ට ලබා දීම වෙනුවෙන් නිවසද ඇයගේ නමට ද මාසිකව රු පනස් දාහක මුදලක්ද උසාවිය හරහා ගෙවන ලෙස පොරොන්දු වීමෙන් පසුව දිව්‍යා තම සැමියා සහ ප්‍රාණ සම දරුවා දැහැමි ට දායාද කලාය..
මාස ගණනාවක සිට සෙනෙහස් ගේ දුරකතනයට වයිබර් තාක්ෂණය හරහා පිට පිට එන දැහැමි ගේ නිරුවත් ඡායාරූප පිළිබඳව දැහැමිගෙන් විමසුව ද ඇය තොඳොල් වෙමින් පැවසුවේ හැඟීම් දැනීම් නොමැති ඔහුගේ හැඟීම් ඇවිස්සීමට ඒවා එවන බවයි.නමුත් එහි යටි අරුතක් ඇති බව දන්නේ ඇය පමණි.දිවා කාලයේ දී සෙනෙහස් ගේ දුරකථනය කාර්යාල මිතුරන් ද භාවිතා කරන බැවින් තමා හේෂාන් ට යවන සියලුම ඡායාරූප සෙනෙහස් ට යැවීමට ද හුරු වූයේ වැරදීමකින් හෝ ඒවා අන්තර්ජාලයට මුදා හැරිය හොත් එය සෙනෙහස් ගේ පිටින් යැවීමේ යටි අරුතිනි.
“දැහැමි මොනවද බබා මේ එවන ෆොටෝස් ඔයාට පිස්සුද”
“අනේ මට නිකන් හිතුනා ඔයාට ආස ඇති කියලා.”
“මෝඩ වැඩ කරන්න එපා බබා මේ කම්පැනි ෆෝන් එක ඔයා හොඳටම දනනවා දවල්ට ⁣වෙන අයගේ අතෙත් මේ ෆෝන් එක තියෙනවා කියලා.ආයෙ මම කියන්නේ නෑ.මේකට ඔය මොකුත් එපා.ආහ් ඔයාට තව සුබ ආරංචියක් කියන්න තියෙනවා අපේ අම්ම නැකැත් බලල අද තව මාස 3න් අපේ වෙඩින් එක බබා ලෑස්තිනේ.මෙහෙම ෆොටෝ වලින් නෙමෙයි මට ලයිව් පෙන්නන්නකෝ . එදාට මගේ මැණිකටත් බලන්න පුළුවන් සෙනෙහස් කියන්නේ හැඟීම් දැනීම් නැති කෙනෙක් ද කියලා..තියන්නම් බබා කස්ටර්මර් කෙනෙක් ඇවිත් බුදුසරණයි”
ඒ සංවාදය එලෙස නිමාවීම සමඟ දැහැමි දෙලොවක් අතර තනිවිය.දැන් සෙනෙහස් ගෙන් වෙන් වීමට කාලය පැමිණ ඇත.
ඇය විසින්ම එයට කුමන්ත්‍රණයක් යොදන ලදි.වෙනත් ෆේස් බුක් ගිණුමක් සදා ගත් ඇය සතියක කාලයක් ඇතුලත සෙනෙහස්ට මිතුරු ඇරයුමක් යවා ඔහු මිතුරකු කරගෙන ඔහු හොඳින් දන්නා අඳුනන අයෙකු බවත් ඔහුගේ පෙම්වතිය වන දැහැමි තමාගේ ඤාති සොයුරකු සමඟ සම්බන්ධතාවයක් ඇති බවත් පවසා එය තහවුරු කිරීමට තමාගේ සහ හේෂාන් එක්ව ගත් නිරුවත් ඡායාරූප රාශියක් සෙනෙහස් ගේ ෆේස් බුක් ගිණුමට යවන ලදි…
හිසට තද බල පහරක් වැදුනාක් මෙන් වික්ෂිප්ත වූ සෙනෙහස් ඊට පසු දිනම දැහැමි හමුවීමට තීරණය කර දුරකතන ඇමතුමක් දී දැහැමිට එන්න කීවේ ආදරය කළ මේ අවුරුදු 13 ටම නොගිය තැනක් වන හෝටල් කාමරයකට රැගෙන යාමටය. මෙය දැහැමි ට පුදුමය කරුණක් වුවද මෙහි අවසානයක් දැකීමට යා යුතු ම වූ බැවින් තම සොයුරියගේ සැමියාට ද මේ ගැන දැනුම් දී රහසිගතව මොවුන් පස් පස ඔහුටද පැමිනෙන ලෙස පවසා සෙනෙහස් සමඟ යතුරු පැදියේ හෝටල් කාමරයක් බලා යන්නට විය.
“දැහැමි මට ඇත්තම කියන්න බබා මේක ඇත්තක්ද”
තමා විසින්ම සෙනෙහස්ට යවන ලද ඡායාරූප පෙන්වමින් දෑසේ කඳුලු පුරවාගෙන ඒ අහිංසකයා එසේ විමසන විට
“ඔව් සෙනෙහස් ඇත්ත මට ඔයාට කියන්න බැරුව හිටියේ”
“ඇයි ඇයි මැණික ඔයා මට මෙහෙම කලේ කියන්න මට ආදරේ කලේ නැද්ද? ”
“නෑ සෙනෙහස් මම ආදරේ කලේ නෑ.මගේ හිත හැමදාම හෙව්වේ සුදේශ් ව.මම එයාට පේන්නයි එයාට රිද්දන්නයි ඔයාට ආදරේ කලේ.මට මේක ඔයාට කියන්න බැරි වුනා මේ අවුරුදු 13ටම මට සමාවෙන්න.ප්ලීස් දැන් මම ටවුන් එකට ගිහින් දාන්න ආයේ කවදාවත් අපි හමුවෙන්නේ නෑ.”
“මම සමාව දෙන්නම් හැමදේටම අනේ මාව දාල යන්න එපා මැණික මට බෑ.  ඔයා නැතුව ජීවත් වෙන්න අනේ මම දන්නේ නෑ මගෙ මැණික නැතුව හුස්ම ගන්නවත් අනේ මාව දාල යන්න එපා….”
තම හීන මාලිගාව දෙපා අභියස කඩා වැටෙද්දී අවුරුදු දහතුනක තම ආදර කතාව මෙලෙස නිමා වේ යැයි සිහිනකින් වත් නොසිතුව සෙනෙහස් දැහැමිගේ දෙපා අභියස වැඳ වැටෙමින් අයැදියේ ඔහුගේ ප්‍රාණ සම ප්‍රේමය යි.යකඩ හිතකට හිමිකම් කියු ගැහැණියක ගේ භූමිකාව රඟ දැක්වූ දැහැමි ට සෙනෙහස් ගේ ක්‍රියාව විහිලුවක් පමණක් විය.
“සෙනෙහස් ප්ලීස් ඔය පිස්සු වැඩ වලට මාව නවත්තන්න පුළුවන් කියලා හිතුවද?”අනේ මේ විකාර නොකර මාව ගිහින් දාන්න.”
සෙනෙහස් දැහැමි ප්‍රේම කතාව එසේ අවසන් වූයේ සෙනෙහස්ගේ දිවිය අන්තයටම කඩා වැටීමෙනි..
සෙනෙහස් දැහැමි ගේ නිවසට ගිහින් මව හමු වූවද ඔවුන් පැවසුවේ දියණියට ගැළපෙන කෙනා හමු වී ඇති බවයි..සිත හදා ගැනීමට නොහැකිව දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට ගිය සෙනෙහස්ගේ එම ක්‍රියාවද ව්‍යවර්ථ වූයේ මිතුරන්ගේ මැදිහත් වීමෙනි..හදිසි හෘදයාබාධයකට ලක් වී තම පියා රෝගාතුරු වීමත් සමඟ සෙනෙහස් දෙමාපියන් ගැන සිතා සිත කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත් කරගැනීමට උත්සාහ කළේය.මෙතරම් කලක් උත්සාහ කළද හිමිකර ගැනීමට නොහැක් වූ රජයේ රැකියාවක් හිමි වී කොළඹට යාමත් සමඟ සෙනෙහස් ගේ දිවිය දිනෙන් දින සමෘද්ධි මත් විය.මවගේ මිතුරියකගෙි දියණියක් සමඟ විවාහ දිවියට පත් සෙනෙහස් දියණියකගේ සෙනෙහෙබර පියෙක් ද විය..
දැහැමි අනුන්ගේ දරුවකුට මවක් වූවාට කිසිඳු දිනෙක තමන්ගේ දරුවකු බිහිකිරීමට සමත් නොවූයේ හේෂාන් තම පුතුට වෙනස් කමක් වේ යැයි සිතා තවති දරුවකු හැදීම ප්‍රතික්ෂේප කල නිසාය.සැහැල්ලු දිවියක් ගත කල හේෂාන් අයාලේ යාම නතර කිරීමට දැහැමි අපොහොසත් විය.දෛවයේ සරදමකට මෙන් තම සොයුරිය සමඟද හේෂාන් අනියම් සබඳතාවයක් ප්‍රසිද්ධියේ පැවැත්වුවද එයට එරෙහි වන්නට දැහැමිට නොහැකි වූයේ ඇයගේ සම සොයුරියගේ සැමියාගේ අනියම් සබඳතාවද ඔවුන්ට දැන ගන්නට ලැබී තිබුනු බැවිනි..සුදේශ් ගේ මෙන් රුවක් තිබුනාට බලා පොරොත්තු වූ සෙනෙහස ⁣නොලැබීම නිසා සමණලියක් මෙන් කල් ගෙවූ දැහැමි කඳුලත් සමඟ අයදි වී කඳුලත් සමඟ නින්දට යන ඉකි බිඳින සමණලියක් බවට පත් වූයේ ඇයගේම වරදිනි..
සිය දහස් වරක් කල්පනා කර සෙනෙහස්ගෙන් සිතින් සමාව අයැදිමින් ඉකි බිඳින සමණළියක් ලෙස ලණු පොටින් හදාගත් තොණ්ඩුවට තම ගෙල සිර කරගනිමින් මෙලොවින් සමුගත්තේ තමාගේ සිතුම් පැතුම් කිසිවක් යථාර්ථයක් කර ගැනීමට නොහැකි වූ නිසාය……

 

කතෘ : හරසරනී ලංකා
eBook by CharityShop Knowledge HUB

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments