චේතනාගේ කඳුල – EB0002

by | Feb 21, 2021 | eBook Hub, ආදර කතා | 0 comments

චේතනාගේ කඳුල – EB0002

“නැන්දේ අනේ ඉක්මනට එන්නකෝ මේ මගේ ගවුමෙ රතු පාට මොනවද තියනවා”

ඒ ඇසෙන්නේ චේතනාගේ හඩයි.ඇයගේ හඬින් බියට පත්වන චේතනාගේ නැන්දා වූ නිර්මලී වේගයෙන් දුව ආවේ නිවසේ වැසිකිලිය දෙසටයි.

“මොකද බං ඔය හැටි සද්දෙන් බෙරිහන් දෙන්නෙ උබට යකෙක් වත් වැහුනද ”

“අනේ නැන්දෙ මේ බලන්න මගේ ගවුමෙ රතු පාට මොනවාද තියනවා” චේතනා කඳුලු වගුරවමින් පැවසූහ.ඒ  ඇසූ චේතනාගේ නැන්දා හිතේ දෙගිඩියාවෙන් යුතුව වැසිකිලියට ඇතුළු වූහ.වැසිකිලිය්‍ර්න් එලිටය ආ නිර්මලී විගහට දුවගෙන විත් සුදු රෙදි කඩකින් වැසිකිලිය තුල සිටි චේතනා මුවා කරගෙන ගේ ඇතුලට රැගෙන ආවේ සිතෙහි වූ පසුතැවීමකිනි.

චේතනාව කාමරය තුල රඳවා නිර්මලී එලිපත්ත උඅඩ වාඩි වූයේ අතීතය සිහි කරමිනි.

චේතනා අවුරුදු තුනේ සිට හැදී වැඩෙන්නේ ඇය ලඟයි.එයට හේතුව වූයේ ඇයගේ වැඩිමහල් සහෝදරයා ය.ඔහු නමින් නාමල් නම් විය.බීමත්කමට ලොල් වූ ඔහු විවාහ කර ගත්තේ ඔහුගේ ඇවැස්ස නෑන වූ දමයන්තී ව ය.විවාහ වී පලමු දරුවා ලැබෙන තුරු සතුටින් ජීවත් වූ දමයන්ති සහ නාමල් අතර රණ්ඩු සරුවල් ඇති වූයේ කෑමට බීමට පමනක්ම නොව නාමල්ගේ නොසන්ඩාල වැඩ නිසාය.

ඒ නිසාම කොලබ නගරයේ රැකියාවකට යන්න තීරනය කල නාමල්ව දමයන්ති නොවැලැක්වීය.නමුත් දමයන්තී ගේ දෛවය ඇයට සරදම් කලේ එතැන් සිටයි.නාමල් කොලබ නගරයේ රැකියාවකට ගියද දමයන්ති හා දරුවන්ට රුපියලක්වත් වියදම් කලේ නැත.මාස හයකට වරක් නිවසට එන නාමල් නැවත යන විට ඉතිරි කර යන්නෙ දරු ගැබක් පමනි.එසේ කල් ගත වෙත්ම දමයන්තී ට හා නාමල්ට දාව දියනියන් තිදෙනෙක් මෙලොව එලිය දුටුවේ දුක් කම්කටොළු මැදය.

දමයන්තී ගේ හිසට හෙනයක්ද පාත් කරමින් නාමල් ජීවිතයෙන් සමුගත්තේ චේතනාට යන්තම් මාස හය සම්පූර්ණ වනවා සමගය.දියනියන් තිදෙනෙක් සමග තනිවූ දමයන්තී රට රැකියාවකට යාමට තීරනය කරන්නේ දියනියන්ගේ අනාගතය උදෙසාය.

ඒ සමග දියනියන් රැක බලා ගැනීමේ වගකීම නිර්මලා පිට වැටෙන්නෙ නාමල් කල පවට සමාව අයදින්නාක් මෙනි.අවුරුදු 18ක් වන නිමේෂාද අවුරුදු 10ක් වන පියුමි සහ අවුරුදු 3ක් වන චේතනා ද නිර්මලා වෙත බාර කර ඇය යන්නෙ ජීවත් වීමට කාසි සොයන්නටය.

නිර්මලා ද කසාද බදින්නට එතරම් ඇල්මක් නොදැක්වූයේ දමයන්තී දෙස බලා කසාද ජීවිතය එපා වූ නිසාමයි .

දමයන්තී ගියදා සිට මවක පියෙකු විලස දියනියන් තිදෙනා රැක බලා ගත්තේ නිර්මලාය. දමයන්තී ගොස් මාස හයක් වනතුරු වියදමට සල්ලි දැමූවද එතැන් පටන් දමයන්තී ගැන කිසිදු ආරංචියක් නොවීය.සොයන්නට පුළුවන් හැම අතකින්ම දමයන්තී ගැන සොයා බැලුවද ප්‍රයෝජනයක් නොවූ හෙයින් ඒ උත්සහය නිර්මලා අත හැර දැමූහ.

එතැන් සිට ඇය දරුවන් තිදෙනෙක් උස්මහත් කිරීමට නොයෙකුත් වෙරදැරීය.නිමේෂාද පවුල් බර කරට ගත්තේ නංගිලා දෙන්නාට ඉගැන්වීමටයි .නමුත් නිමේෂාද පෙම් පලහිලව්වක පැටලී කසාද බදින්නට මත්තෙන් ගැබ් ගත්තේ නිර්මලාට හෙනයක් පාත් කරමිනි.කෙසේ හෝ නිමේෂාව කසාද බන්දා දුන් නිර්මලා පුළුවන් අයුරින් පියුමි හා චේතනා ව උස් මහත් කලේය.

චේතනා හය වසරේ දී පියුමි සාමාන්‍ය පෙල විභාගයට  මුහුන දී රැකියාවකට ගියේ නැන්දනිය හා නැගෙනිය විදින දුක් කම්කටොළු වලට සහනයක් වීමට ය.එතැන් සිට චේතනා හා නිර්මලා යැපුනේ පියුමි උපයන සොච්චම් මුදලිනි.මෙසේ කල් ගත වන විට චේතනා ටිකින් ටික උස්මහත් වනු දැක පියුමිත් නිර්මලාත් සිටියේ ඉමහත් සතුටිනි.පියුමි චේතනාට සැලකුවේ තම දියනියක් සේය.නිමේෂාද අතර තුර විත් සැපදුක් සොයා බැලූහ.නමුත් පියුමි ඊට වැඩි කැමැත්තක් නොවීය.මන්ද නිමේෂා නිසා නිර්මලා නැන්දා අවමානයට ලක් වූ බව ඇයට තදින්ම සිතට කා වැදී තිබිණ .

මේවා කල්පනා කරමින් කල්පනා ලොව සිටි නිර්මලාට පියුමි වැඩ ඇරී ගෙදරට ආ බව දුටුවේ නැත.නිකටට අත ගසා ගෙන සිටින තම නැන්දා දුටු පියුමිගේ මුහුන දොරකඩ ලඟදීම වෙනස් වීය.

“ඇයි නැන්දෙ මොකක් හරි ප්‍රශ්නයක් ද? ඇයි මේ එලිපත්තෙ වාඩිවෙලා ඉන්නෙ එන්න ගෙට”යැයි පවසමින් පියුමි ගෙට ඇතුල් වූහ.චේතනාගේ කාමරයේ දොර වසා ඇති බව දුටු පියුමි තරමක් තැති ගත්තාය .

“කෝ නංගි නැන්දේ.” යැයි අසමින් නැන්දා දෙසට හැරුණු පියුමි දුටුවේ නැන්දාගේ දෙනෙත් තෙත් වී ඇති බවයි.

“මොකද නැන්දෙ වෙලා තියෙන්නෙ ඇයි අඬන්නෙ.කතා කරන්නෙ නැත්තෙ ඇයි කෝ නංගි” පියුමි බිය මුසු කට හඩින් ප්‍රශ්න කලහ.

“මද්දු අද දවල් චූටි ලොකු ලමයෙක් උනා.ඒකි වැඩි වියට පත් වෙලා මද්දු.”නිර්මලා මද්දූ ලෙස පවසන්නෙ පියුමිටයි කුඩා කල සිට නිමේෂාට ලොක්කි ලෙසත් චේතනාට චූටි ලෙසත් ඈ කතා කලේ තිදෙනා ගැන ඇති අපරිමිත සෙනෙහස නිසාවෙනි.

“අයියෝ නැන්දා ඒකද මේ ඒකට අඬන්න ඕනද අනේ මං මේ බය උනා වෙන මොකක් හරිද කියලා.

“නෑ මද්දූ මං මේ කල්පනා කරේ මොකද කරන්නෙ කියලා.කෙල්ල ගෙ හිත රිදෙයිද දන්නෙ නෑ උත්සවයක් නොකරොත් අනික උබලා දෙන්නටම මං ඕවා කරේ නෑ .ඒ කාලෙ ඕවා තිබුනෙ  නෑනෙ.ඒ උනාට දැන් එහෙම නෑනෙ..”නිර්මලා එක දිගට කියවාගෙන ගියාය.පියුමි ඒ දෙස බලා සිනහ වෙමින් “නැන්දෙ ඕවා ඔච්චරටම කල්පනා කරන්න ඕන දේවල්ද චූටි ගෙ කොටහලු උත්සවය අපි හොදට ගමු.ලොක්කිටත් කියන්න හෙට මස්සිනා එක්ක මෙහේ ඇවිත් යන්න කියලා .”

පවසමින් පියුමි චේතනාගේ කාමරයට ගියාය.නිර්මලා කියූ පනිවිඩයට නිමේෂා හා ඇයගේ සැමියා වූ ප්‍රභාත් නිවසට පැමිනියේ උදෑසනමයි.සියලු දෙනා එක්වී චේතනාගේ කොටහලු උත්සවය ගත්තේ ගමේ කිසිම කොටහලු ගෙයක් නොතිබූ අයුරින් උත්කර්ෂවත් ලෙසයි.

චේතනා තම වැඩිමහල් සොයුරියන් දෙදෙනාටම වඩා රූ සපුව අතින් අග තැන්පත් වූ යුවතියකි.පිරිමින් වශීකරන නෙත් සහ සිනහවක් ඇයට උපතින්ම උරුම වී තිබිනි.වැඩි වියට පත් චේතනාගේ රූ සපුව වෙනදාට වඩා රූමත් විය.දැන් එලබ ඇත්තේ චේතනාගේ වසන්ත කාලයයි.මෙය කාටත් වඩා බියකරු කාලයක් වූයේ නිර්මලාට හා පියුමිටයි.චේතනා පරිස්සම් කර ගන්න ඔවුන් සෑහෙන්න වෙහෙසක් ගත්ත්ද එයින් ප්‍රථිපලයක් නොවීය.

මං ද යත් චේතනා මේ වන විටත් අනංගයෙකුගේ හීපහරකට ගොදුරු වී ඇත.චේතනාගේ පෙම්වතා වූයේ පැතුම් ය.පැතුම් නූගතෙකි.නමුත් කාන්තාවන් සම්බන්ධව ජගතෙකි.ඔහුට ඒ තරමට පෙම්වතියන් සිටියාය.කෙසේ හෝ චේතනා ද ඔහුගේ බසට නම්මා ගත් පැතුම්ගේ ඊලඟ අභිප්‍රාය වූයේ කෙසේ හෝ ඇය සමග තනි වීමටයි.

පැතුම් තුල චේතනා ගැන තිබුනේ ආශාවක් මිස ආදරයක් නොව .නමුත් චේතනාගේ හිරිමල්  යොවුන් වියට එය ආදරයක් ලෙස පෙනුනි.කෙසේ හෝ පැතුම්ගේ අභිප්‍රාය සාර්ථක විය .පැතුම් ව තම නිවසේ පිටුපසට ගෙන්නා ගන්නා තරමට ඇයගේ ආදරය බොලද විය.චේතනාට දැන් අවුරුදු 16ක් වූවා පමනි.පැතුම්ගේ පහත් ආශාවන් ඉටු කර ගැනීමටකෙලි ලොල් වයසේ පූදින මල් කැකුලක් ප්‍රයෝජනයට ගන්නා තරම් පැතුම් සල්ලාලයෙකු විය.ප්‍රථම ආදරය වූ පැතුම් චේතනාගේ දෙතොල් සිපගනිද්දී චේතනාගෙ දෑස් පියවුනේ ඉබේටමය.ඇයගේ ඉන වටා පැතුම්ගේ අත දිව යන විට ඇයගේ මුලු ඇගම පන නැතිවී ගියාක් මෙන් ඇයට දැනුනි.ඇය ඉන් මිදීමට තැත් කලද පැතුම් ඇයව තවත් තදින් තුරුලු කර ගත්තේ ඇයට ගැලවීමට නොහැකි වන පරිද්දෙනි.

මෙසේ පැය භාගයක් පමන ගත වන තුරු පැතුම්ගේ තුරුලේ දැවටෙමින් සිටි චේතනාට ඇසුනේ තම අක්කා රාත්‍රි වැඩ ඇරී නිවසට පැමිනෙන වාහන සද්දයයි.වහා ක්‍රියාත්මක වූ චේතනා ඉක්මනින් පැතුම් ව පිටත් කර හැර කාමරය තුලට ගියහ.නිර්මලාද ඇයගේ ලෙඩරෝග සදහා බෙහෙත් ගෙන නින්දට යන්නේය.ඇයට පසුදා උදෑසන වන තුරු ඇහැරෙන්නේ නැත.

ඒ නිසාම පියුමි රාත්‍රි වැඩ මුර දිනයන්හි නිවසේ යතුරක් රැගෙන යයි.නිවසට ඇතුලු වන පියුමි පලමුව එබිකම් කරන්නේ චේතනාගේ කාමරයටයි නිදා සිටින තම නැගෙනිය දෙස බලා ඇය සැනසුම් සුසුම් හෙලමින් නැන්දාගේ කාමරයටද එබිකම් කර ගොස් නින්දට යන්නේ පසු දින රැකියාවට යාමට අවශ්‍ය ඇදුම් පැලදුම් ද ලැහැස්ති කර තබාය .

ඇදට වැටෙන පියුමි සෑම දිනකම කල්පනා කරන්නේ තම  නැගෙනියගේ ජීවිතය පිලිබදව පමනි.කසාද බදින වයසේ පසුවන පියුමි තම නැගෙනිය වෙනුවෙන් ඒ සියල්ල කැප කරන්නට තීරනය කර හමාරය .නමුත් චේතනා දැන් සිටින්නේ රාගයෙන් මුසපත් වෙමිනි.ඇයට නිතරේම පැතුම් හා ආලෙන් වෙලුනු සැටි සිහි වන්නේය.

චේතනා පාසල් යන මඟ දිගට ඇයගේ පසු පසින් එන පැතුම් පාසල නිම වන විටත් රැදී සිටින්නේ තවත් චේතනාගෙන් පහස විද ගැනීමටය.නමුත් මෙම සෙල්ලම ටික දවසකින් නිම විය.හේතුව පියුමී ට තම නැගෙනිය ගේ මෙම ක්‍රියාව ආරංචි විය.නමුත් මෙය චේතනාගෙන් විමසුවහොත් ඇය සඟවන බව දන්නා නිසා පියුමි එයට කදිම උපායක් යෙදීය.වෙනදා මෙන්ම පියුමි රැකියාවට යාමට පිටත් වීය.රැකියාවට ගිය පියුමි නැවත ගෙදරට දුව විත් නිවසේ යතුරු කැරැල්ල අතට ගත්තේ චේතනාට පෙනෙන්නටමය.

“ඇයි අද රෑත් වැඩද මද්දු “යැයි ඇසූ නැන්දාට “ඔව් නැන්දෙ අදත් රෑ දහය වෙනකල් වැඩ”යැයි පැවසීය.එය චේතනාගේ ඉහේ මලක් පිපුනා මෙනි.සිනා මුසු මුහුනින් පාසලට පිටත් වූ චේතනා මගදී හමු උන පැතුම්ට මේ බව පැවසීය.

“එහෙනම් බබා අදත් මගේ තුරුලට එනවද  ඔයාව තුරුල් කරගෙන විතරක් මදි මගෙ රත්තරං මට අද නම් ඔයාගෙ රූම් එකට එන්න දෙන්න ඕන බෑ කියන්න එපා මැනික මං තරහ වෙනවා”යැයි පැතුම් චේතනාට පවසන විට චේතනාට ලෝභ සිතුනී.පාසලට ගිය චේතනා බලා සිටියේ කොයි මොහොතේ පාසල නිම වෙනවාද කියාය.පාසලේ සීනුව නාද වූ විගස චේතනා ඉක්මනින් හේට්ටුවෙන් එලියට ආවේය.

වෙනදා මෙන්ම එදිනද පැතුම් ගේට්ටුව අසල රැදී සිටියාය .නිවස පේන මානය තෙක් චේතනාගේ පසු පස ආ පැතුම් ” බබා මං අද ඉල්ලපු දේ දෙනවනෙ.බෑ කියන්න එපා මැනික මං වෙන් මුකුත් ඉල්ලන්නෙ නෑනෙ ඔයාගෙ කාමරේට ඇවිල්ලා ඔයා එක්ක තුරුල් වෙලා ඉන්න ඕන කියලනෙ කියන්නෙ මගෙ දෝනි”

චේතනා සිනාවක් පා නිවස දෙසට හැරුනි.

වෙනදා නිවසට ගිය ගමන් නාන්න යන චේතනා අද ගිය වෙලේ සිට තම කාමරය අස්පස් කර ලස්සන කරාය.සවස හයට පමන සියලුම වැඩ අවසන් කර නාන්න යන චේතනා පැයක් පමන නෑවේ කාලය ගත කිරීමටයි.එය දුටු නිර්මලා “මොකද චූටි මේ මහ රෑ වෙනකල් ඔය නාන තැන් වල කරන්නෙ ඉක්මනට ගොඩ වෙනවා”යැයි කෑගැසීය.

චේතනා හනිකට ගොඩ වී කාමරයට විත් උර පටි සහිත බ්ලව්සයක් සහ කොට සායක් ඇදගෙන රාත්‍රි ආහාර ගන්නට පැමිනියහ.”ඈ බං චූටි උබ ඔය ඇදුමට කැමති නෑ කිව්වෙ.උර පටි තියනවා කියලා අද මොකෝ ඕක ඇන්දෙ”නැන්දනිය ප්‍රශ්න කල විට ඇය “නිකං අනේ අදින්න හිතුනා ඉතින් අපරාදෙනෙ”කියා කෑම මේසයෙන් නැගිට විත් අත සෝදා ගත්තාය.

“හ්ම් හ්ම් අද අක්කා එනකොට රෑ වෙයි දොර හොදට වහල ජනෙලුත් ලොක් කරලා නිදා ගන්න”නිර්මලා පැවසීය .

“හා හා”   “මං නිදිපෙති බීලා නිදා ගන්න නිසා මට හොදට නින්ද යනවා කිසි සද්දයක් ඇහෙන්නෙ නෑ දන්නවනෙ”යැයි නිර්මලා පැවසූ විට චේතනා හිස වනා ගොස් දොර වසා ගත්තය.නිර්මලාද කෑම බීම ගෙන බෙහෙත් බී නින්දට ගියාය.රාත්‍රි 8ටා පමන චේතනාගේ කාමරයේ ජනලයට තට්ටු කරන හඬක් ඇසිනි.

චේතනාගේ හද ගැස්ම වැඩිවිය.ඒ පැතුම් බව දැන ගත් චේතනා ජනලය විවෘත කලාය.”චූටි දෝනි දොර අරින්නකො මැනික.මට සීතලයි ඉන්න බෑ තෙමීගෙන ආවෙ ඔයා නිසා.මගෙ වස්තුව බලන්න.කෝ ඉතින් එන්නකෝ ඇවිත් දොර අරින්නකෝ මැනිකේ.”

චේතනා මදක් කල්පනා කලාය.චේතනාගේ හිතේ දෙගිඩියාවක් තිබිනි.නමුත් පැතුම්ට ලං වීමටද ඇයට වුවමනාව තිබිනි.

“මොනවද මැනිකේ කල්පනා කරන්නෙ ඔයා.දොර අරින්න බැරිද.ඔයා කැමති නැත්නම් කියන්න මං යන්නම් .මං මේ තෙමීගෙන ආවෙ ඔයා බලන්න.ඔයා අකැමැති නම් මං යන්නම් මැනික”    පැතුම් පැවසීය.  එවිට චේතනාට තවත් පැතුම් ගැන දුක සිතිනි.

“අකැමති නෙමෙයි පැතුම් අයිය.මට බයයි.කවුරු හරි දැක්කොත් ඔයා මෙහෙට එනවා ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ.ඒකයි.”

“ඇයි මැනික බය වෙන්නෙ මං ඉන්නවනෙ ඔයාට බබා.ඇයි ඔහොම හිතන්නෙ.මොනවහරි උනොත් මං බලා ගන්නම්.දැන්වත් දොර අරින්නකො දෝනි.දුක නැද්ද ඔයාට ආ ආ ඔයාගෙ අයියා මෙහෙම  සීතලේ වෙව්ලන කොට”

අවසානයේදී පැතුම්ගේ අභිප්‍රාය සාර්ථක විය .චේතනා ගොස් පිටුපස දොර විවෘත කර පැතුම් ව කාමරය තුලට ගත්ට්ගේය.චේතනා විසින් අලංකාරව තබා ගන්නා කාමරය දුටු පැතුම්”හොර කෙල්ල මාව නිකං බොරුවට එලියෙ තිබ්බා.මං එන් නිසා නේද මෙහෙම් සැරසුවේ.”

චේතනා ලැජ්ජාවෙන් බිම බලා ගත්තේය.

ඒ අතරේ පියුමිට නොසිතූ ලෙස අකරතැබ්බයක් විය.ඇයට එදින ඇත්තටම රාත්‍රි වැඩ යෙදිනි.ඇයට බැහැ කියන්නට හැකියාවක් තිබුනේ නැත.තමා විසින් බොරුවට කල රඟපෑම නිසා දැන් චේතනා කුමක් කරනවාද යන දෙගිඩියාවෙන් ඇය වැඩ කලේ ඉක්මනින් ගෙදර යාමටයි.ඒ අතරේ චේතනා පැතුම් සම්ඟ ආදර නැවේ ගිලෙමින් සිටියහ.

වැස්සෙන් තෙමීගෙන ආ පැතුම් තම කබාය හා කමිසය ගලවා අසල පුටුවට දැමීය.”මට තුවායක් දෙන්නකො දෝනි”යැයි ආදරනීය ලෙස චේතනාට පැවසීය .චේතනා ද ඉක්මනින් ගොස් තුවායක් ගෙන පැතුම් දෙසට දිගු කලාය.

“ලගට එනවකො හලෝ”යැයි චේතනාගේ අතින් ඇද තමා දෙසට ලං කර ගත් පැතුම් චේතනාගේ බද වටේ අතක් යැවීය.චේතනා පැතුම් ගේ දෑස් දෙස බැලීය.

“ඇයි බයද .ම්ම්ම් මැනික කතා කරන්නකො.මේ අහන්නකෝ මං මෙහෙම කරා කියලා ඔයාව දාල යන්නෙ නෑ මගෙ වස්තුව .ඔයාට මං ආදරෙයි.තේරුනාද”

“හ්ම්ම්ම්”චේතනා පැවසුවේ එපමනි.

තවමත් වැඩ ඉවර කිරීමට මහන්සි වෙන පියුමි ගේ සිත තිබුනේ චේතනා ලඟයි.ඉක්මනින වැඩ ඉවර කල පියුමි නිවස බලා යාමට පිටත් වුවද අතරමග වාහන තද බදයට හසු විය.

මේ අතරේ පැතුම් හා චේතනා ආදරයෙන් වෙලෙමින් සිටියාය.කෙසේ හෝ නිවස අසලට පැමිනි පියුමි මගදී වාහනය නතර කර පයින් ගියේ චේතනා කුමක් කරන්නේද යන්න බැලීමටයි සෙමින් නිවසට ලං වූ පියුමි කාටවත් නොඇසෙන සේ දොර හැරියාය.වෙනදා මෙන්ම පියුමි මුලින්ම බැලුවෙ චේතනාගේ කාමරයයි.

නමුත් වෙනදාමෙන් නොව දොර අගුළු ලා තිබිනි.වෙනදා චේතනා කවදාවත් දොර අගුළු ලන්නෙ නැත.සැකය උත්සුක වූ පියුමි යතුරු කැරැල්ලේ චේතනාගේ කාමරයේ යතුර සෙවීය.චේතනාගේ කාමරය විවෘත කිරීමට පෙර යකඩ පොල්ලක් අතට ගත් පියුමි දොර විවෘත කරන විට දුටු දසුනින් පුදුම විය.

ඇයට දෙපා වාරු නැතිව ගියහ.නමුත් පියුමි ගෙදර ආ බව නොදත් චේතනා පැතුම්ගේ පහස උපරිමයෙන් වින්ඳේ ඇයගේ පතිවත ද පැතුම් ට පූජා කරමිනි.තමා මල්ක් සේ තබා ගත් නැගෙනියගේ ශරීරය මත තමන්ගේ පහත් ආශාවන් ඉටු කර ගැනීමට වෙර දරන පැතුම් දුටු පියුමි ට මහත් ආවේගයක් ආවේය

ඒ ආවේගයට පියුමි ගේ අත තිබූ යකඩ පොල්ලෙන් පැතුම් ට වැරෙන් පහරක් එල්ල කල පියුමි දුටු චේතනා කල්බල විය.

“අනේ අක්කෙ පැතුම් අයියට ගහන්න එපා.මමයි එයාට එන්න කිව්වෙ.”චේතනාගේ ශරීරය මතින් ඉවත් වූ පැතුම් හිස බදාගෙන බිම වාඩි වූයේ එම පහර ඉතාම දරුනු වූ නිසාවෙනි.

“හා හා ඇත්තද බැල්ලි තෝද මේ පාහරයව මෙහෙට ගෙන්නුවේ.තොට මං ඉගැන්නුවේ මේවද යකෝ.තෝ හින්දා මං මගේ ජීවිතේ ලස්සන තැන් ගොඩාක් නැති කර ගත්ටා .ලොක්කි වගේ මටත් තිබුනා තෝව දාලා ගිහින් කසාව බදින්න .ඒය්හ් මං එහෙම කලේ නෑ.”

චේතනාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කල පියුමි නිර්මලා ට කතා කලේ ය.කෑ ගසන් සද්දයට ඇහැරුන නිර්මලා දුවගෙන එන විට සියල්ල සිදුවී හමාරය.

“බලන්න නැන්දෙ මේකි කර ගත්තු දේ අපි මොනවද මේකිට අඩු කරේ.මහන්සි නොබලා රෑ දවල් මහන්සි උනේ මේවා දකින්නද මං”නැවතත් පැතුම් ට යකඩ පොල්ලෙන් පහර්ක් එල්ල කල පියුමි චේතනාට ද වැරෙන් පහරක් එල්ල කලහ.

“මුලු ගමම දන්නවා තෝ මූව රැට රෑට ගෙට වද්ද ගන්නවා කියලා .තෝ හින්දා ආයෙම අපිට පාරෙ බැහැල යන්න බැරි උනා.”පියුමි නැවත නැවත  පැතුම් ට පහර එල්ල කලේය.කාමරය පුරා පැතුම්ගේ ලේ විලකි.පියුමි ගේ අන්තිම පහරින් පැතුම් බිම ඇදගෙන වැටුනේය.

එය දුටු නිර්මලා දුව විත් පැතුම්ගේ පපුවට කන තියා බැලූහ .එවිට පැතුම් ජීවිතයෙන් සමුගෙන අවසන්‍ ය.

“මද්දු අරක මැරිලා මද්දු මොකක්ද උබ මේ කර ගත්තෙ.”

“මං හිරේ යන එක හොදයි නැන්දෙ මුන් නිසා මගේ ජීවිතේ ඉතුරු ටික මං හිර ගෙදර ලගීවි එච්චරයි මුං මට දක්වපු කෙලෙහිගුනේ.”

“උබ මගේ පැතුම් අයියව මැරුවා නේද මිනී මරු ගෑනි.මං මං මේ ඔක්කොම පොලිසියට කියනවා උබ හිරේ යන්නම ඕන.චේතනා වියරුවෙන් මෙන් කෑ ගැසීය.ඊට මත්තෙන් නිර්මලා ඇයට පහරක් ගැසුවේ පියුමි අතැතිව තිබූ පොල්ල උදුරාගෙන ය.ඒ පහරින් බිම වැටුනු චේතනා ද ජීවිතයෙන් සමුගත්තේ කෙලිලොල් වයසේදීමය.

“නංගි ,නංගි,නැන්දෙ මොකදන්මේ කලේ.”

” පියුමි මං කියන දේ අහපන් ,උබ උබේ ජීවිතේ ලස්සන දේවල් ගොඩාක් නැති කර ගත්තා .මට උබ ගැන දුකයි බංමං හදපු දරුවොතුන් දෙනාගෙන් උබ තමයි හරියට හැදුනෙ .මට උබ මේ සමාජෙ ඉහලින්ම දකින්න ඕන.”.

“මේකි මැරුවෙ මං ඒ වගේම මූවත් මැරුවෙ මං උබ කිසි දෙයක් දන්නෙ නැහැ තේරුනාද.මං වෙනුවෙන් උබ ඒ දේ කරේ නෑ කියලා පිලි ගනින් මයෙ දුවේ.අඩුම තරමෙ මං හදපු දෘවොන්ගෙන් උබවත් ලස්සනට දීගයක් කාපන් මයෙ දුවේමං දැන් නහින දෙහින කාලෙ මං වෙනුවෙන් ඒක කරපන් දුවේ” .

පියුමි නිරුත්තර විය.නිර්මලා විසින් සිදුවූ සියල්ල පොලිසියට පැවසුවේය .ඇය විසින් පැතුම් ව හා චේතනා ව මැරු බවත් එසේ වූයේ දෙදෙනා විසින් අනාචාරී ලෙස හැසිරුන නිසා බවත් පවසා වසර 15ක සිර දඬුවමක් ලැබීය.

පියුමි ගම හා නිවස ඇතැහැර වෙනත් ගම් පෙදෙසකට ගියාය.පියුමි විවාහ නොවූයේ සිදු වූ සියල්ල තමා අතින් සිදුවූ බව දැන දැනත් තම නැන්දා විසින් එය බාරගෙන සිර ගත වූ නිසාවෙනි .

නන්නාඳුනන ප්‍රේමයක අවසානය වසර ගනනක බැදීමක් අවසන් කරමින් ජීවිත සියල්ලක්ම අදුරු කරමින් කලු වලාවකින් වැසී ගියහ.නැවත කිසිදා හිරු නොපායන සිත් අහසේ තනි වූයේ පියුමි පමනි.

කතෘ : සඳුනි රශ්මිකා
eBook by CharityShop Knowledge HUB

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments