“අභී අයියා ලංකාව ඇවිත්”
නාද දුන් දුරකථනය කනේ හොවා ගත් මට එය ඇසුනේ සිහිනෙන් දැයා නිනව් නැත.ඇසි පිය වේගයෙන් සැලුවෙමි..අත කොනිත්තා ගෙන බැලුවෙමි.නැත මෙය සිහිනයක් නොව…
“නිම් මොකද බන් සද්ද නැත්තේ”
එහා ඉම වූ මන්දිගේ හඬින් මා පියවි සිහිය ලදිමි..
“මන්දි උඹ විහිලුකරනවා නෙමෙයිනේ”
බිත්තියේ එල්ලා තිබූ කැලැණ්ඩරය වෙත දෑස යැවුවෙි අද අප්‍රේල් පලවෙනි දා දැයි බැලීමටය..නැත මාගේ ප්‍රාණසම මිතුරිය මාගේ ජීවිතය සමඟ විහිලු කරන්නේ නැත..
“අහස් අයියට හම්බෙලා පාටි එකකදි දැන් ඇවිත් සති දෙකක් වගේ ලු. දැනගත්ත ගමන් මම උඹට ගත්තේ..අවුල් යන්න එපා බන් තියන්නම් බායි”
මන්දි දුරකථනය තැබුවද මට නිනව් නැත.හදවත දවාගෙන මතුවුනේ මාගේ ප්‍රථම ප්‍රේමයේ වෙිදනාවයි..කොතරම් අමතක කරන්නට උත්සාහ කලද ගතවුනු වසර පහටම ඒ ආදරය අමතක කිරීමට මා සමත් නොවුනි..
ආකර්ශා නිම්නාදි ලෙව්කේ බණ්ඩාර වන මා හට ඇත්දල පැහැති සමක් හිමි නොවුවද දුටුවන් මන්මත් කරවන තලෙළු සමට ඝණ දිගු කොණ්ඩයද දිගැති දෑසද අවිහිංසක හිනාවද උරුම වූයේ අම්මාගෙනි.
“උඹ හිනාවෙද්දි හරි ලස්සනයි බන්”
“උඹගෙ ඇස් පොට්ටද මන්දි”
“ආහ් මගේ නම් පොට්ටයි කියමුකෝ එතකොට අර එකොලහ වසරෙ අභී අයියගේ ඇස් උඹ පස්සේ වැටෙන්නේ ඇයි දන්නේ නෑ”
සිහින් ආම්බරයක් සිත වෙලා ගත්තද මුහුණෙන් එය නොපෙන්නා මා මන්දිගේ අත කොනිති ගැසුවෙමි…
“උැයි රිදෙනවා යෝදියේ “
“රිදෙන්න තමයි කෙනිච්චුවේ”
අභිලාශ් මනුදය දිසානායක අප පාසලේ දඟකාරම සිසුවා ඔහුය..ඒ දඟකාර කම මෙන්ම පාසලේ දක්ශතම සිසුවා වූයේද ඔහු ය. හීනි දිග ඇස් බොකුටු කොණ්ඩය ඔහුගේ දගකාර කමට කලාවක් එක් කලේය.
“මොකද යකෝ මේ මනෝ ගහලා”
මේ කරදරකාර යාලුවගෙන් ඒ ගැන සිතීමටවත් ඉඩක් නැත.
“නෑ බන් ලබන සතියේ ටර්ම් ටෙස්ට් පටන් ගන්නවනේ මම එ් ගැන කල්පනා කලේ..”
ඉතින් හිතට ආවක් කී වෙමි. නවය පන්තියේ සිටි අප තවමත් සෙල්ලක්කාරව ගත කලෙමු.අභිලාශ් තරම් දක්ෂ නොවුනාට මා පන්තියේ පස්වැනි තැනින් පහලට වැටුනේ නැත. මන්දි දඟකාර වුවද හිත හොඳ මිතුරියකි.
අපගේ මිත්‍රත්වය කාටත් ප්‍රශ්නයක් වූයේ අප දෙදෙනගේ ගතිගුන අහසට පොලව සේ නොපෑහෙන බැවිනි. මා ඉතා අහිංසක පොලවට නොදැනෙන සේ ඇවිදින හිමින් කතාකරන නිවුනු චරිතයකි..
“මේ දඟමල්ලත් එක්ක ඉඳලා නිම්නාදි ත් නරක් වෙයි.මම දැකපු අහිංසකම කෙල්ල ඔයා”
මන්දි විවේක කාලයේදි ජලකරාමය අසලින් අත සෝදා අතේ අැති වතුර ටික මගේ මූනට ඉසිද්දී එය ඉසුනු අභිලාශ් දිනක් පැවසීය.ඒ ඔහු මා සමඟ කතා කල පළමු දිනයි.කකුල් වෙවුලා අැවිදගැනීමට පවා නොහැකිව මන්දිගේ අතේ එල්ලුනි.
“නරක් වෙන්න අපි එළවළු පළතුරු නෙමෙයි “කියා පැවසූ මන්දි මාවත් ඇදගෙන පන්තියට දිව ආවේ ඔහුට ගස්සාගෙනය.
“මොකද බන් මේ බය වෙලා”
තාමත් අදහා ගත නොහැකිව බලා සිටිනා මා දෙස බලමින් මන්දි විමසීය.
“අභී අයිය මොනව හිතුවද මන්දා මේකිගේ නපුරු කම”
“ඇයි අවුල්ද සිහින කුමාරයා අහක බලයි කියලා.”
ඉතින් මා එයටද ලජ්ජාවෙන් ඇකිලුනි.
“මම උඹට විහිලු කලාට සීරයස් ගන්න එපා නිම්.අභී අයියා ෆේමස් කැරැක්ටර් එකක්. එයාගේ පස්සේ එන කෙල්ලෝ උඹත් දන්නවනේ බන්”
මේ තාක් කල් දුටු දඟකාර මන්දි ගෙන් මා දුටුවේ පැසුනු යුවතියකි. ඇය කියනවා නිවැරදිය.සිහින දැක්කේ මා තනිවමය.මා නෙත් නිතරම ඔහු පසුපස වැටී ඇති නිසා ඔහු ද මා දිහා බලනවා ඇත.අප පාසලේ විවාද කණ්ඩායමේ නායකයා ද ඔහු බැවින් බාලිකා පාසල් වල යුවතියන් ගේ ද සිහින කුමරා අභිලාශ් බව සියල්ලෝම දන්නා රහසකි.ඉතින් එ් යුවතියන්ගේ ලස්සනත් සමඟ මට සම විය නොහැක..සිතට පිළිවදන් දී හිත හදාගැනීමට උත්සාහ කළෙමි..
“චූටි දුව මොකද තාම නිදිද මේ බලන්න කවුද ඇවිත් තියෙන්නේ කියලා.’
අම්මගේ හඬත් සමඟ මා අතීතයේ මතක වලින් මිදුනි..දෑසින් නිදහසේ ගලාගිය කඳුළු පිසදාගෙන නානකාමරයට වැදුනේ මවගෙන් දෑස් වසන් කිරීමටය..කාමරයේ දොර ඇරෙනවා ඇසුනි.මා කරාමය ඇර ඇස් සෝදා ගතිමි.අම්මා මා බලා යන්නට ඇත..
“නිම් එළියට වරෙන් උඹ උදෙන්ම නානවා වෙන්න බෑ”
මම නැවත කාමරයට ආවේ ඇස් හොඳින් සෝදා ගෙනය.
“නිම් උඹ අඬලා මටත් පිස්සු ආරංචි වුන ගමන් උඹට කීවනේ පස්සේ මටත් අවුල් ඒකයි මම දුවගෙන ආවේ”
ඉතින් මා කුමක් කියන්නද ඔහේ බලා සිටියෙමි.
“චූටි දුව යාලුවත් එක්ක පහලට එන්න තේ බොන්න”
අමමාගේ කටහඬ නැවත ඇසුනි..
“දැන් මනස්ගාත අමතක කරලා පහලට යමු ආන්ටි මොනව හිතයිද මන්දා”
ඉතින් මාතින් ඇදගෙන මන්දි දිව්වාය..මාගේ සොයුරාද කෑම මේසයේ සිටිනු දුටු මන්දි මාව කොනිති ගසා මනමාල දෑස් නැටවීය..මාගේ එකම සොයුරු වර්ෂ නිම්නාද මා මෙන්ම අහිංසක ගතිගුණ වලට උරුමකම් කීවේය..දනිමි මන්දි ඔහුට මුළු හදින්ම පෙම් කරනා බව නමුත් මාගේ අයියා එය දන්නවාද නොදන්නවා මෙන් සිටිනවා දැයි නොදනිමි..අයියා ලබන යුවතිය ඉතා වාසනාවන්තය.මන්දි ද දඟකාර වූවාට අපේ අයියාට හොඳින් ගැලපේ යැයි සිතේ..
“නංගා මොකද අද සයිලන්ට්”
මා කොන්ඩය විසුරුවමින් අයියා ඇසුවේය..
“මල වදේ අයියා නිදහසේ නිදාගන්නත් නෑනේ මේ වදකාරයෝ ගෙදරට එනවනේ”
වෙනසක් නොපෙන්වා මා සියල්ල මන් දි ගේ කරමතින් හැරියාය..
“ආහ් අපි ගියා එහෙනමි ආන්ටි මම යනවා.”
පුටුවෙන් නැගිට්ටද ඇය අද නම් දුම්මල ගසාවත් යැවිය නොහැක.මා දුකින් ඉද්දී ඇය යන්නේ නැත..එ්ත් ඒ කියු වදනට අයියාගේ ඇස් ගැස්සෙනවා දුටිමි.
“අනේ නංගා අපේ චූටි ට පිස්සුනෙ ඔයා ගනන් ගන්න එපා”
එවදන් වලට හිත රිදුණි ඇඟිල්ලෙන් ඇන්නත් ඇඬෙන තරමට සිටි මා අයියාගේ වදන් හමුවේ ඉකි ගසා හැඬුවෙමි..
“නිම් ඇවි බන් මේ”
“ඔව් මට පිස්සු මන්දි අයිය කිවු වගේ මට පිස්සු ඇයි මේ පිස්සි නිසා ඔයාලා කරදර වෙන්නේ”
“චූටි මැණික ඇයි පැටියෝ මම විහිලුවක් නේ කලේ මේ අයියා කවදාවත් ඔයාගේ හිත රිද්දලා තියෙනවද නෑනේ අනෙ මේ ඇස්වල කඳුළු පිහිගන්න”
ඉතින් මා අයියාගේ පපුවට තුරුළුව සිත් සේ ඇඬුවෙමි.
“ආන්ටි එනවා දැනි නතර කරපන් හුරතලේ”
“මොකද මේ අයියලා නංගිලා.”
“නංගාට කම්මැලි ලු ගෙදර ඉඳලා අම්ම.අපි අද ප්ලවර් ගාඩ්න් ගිහින් ලන්ච් අරන් අම්මිටත් අරන් එන්නම් අද මගේ නිවාඩු දවසනේ”
ඉතින් තනිවී අතීත මතක තුල සිරවෙන්නට තිබූ කාලය අයියා එලෙස නැති කලේය..
අපි යන අතරතුර මා දුක් වන්නට හේතුව මන්දි අයියාට කිව්වේ මගේ ආදරය ඔහුටද රහසක් නොවුන බැවිනි..
“චූටි නංගා නොලැබෙන දෙයක් නිසා දුක් වෙන්න එපා මැණික තාත්ති කවදාවත් කැමති වෙන්නේ නෑ නේ..”
“ඔව් නිම් උඹ දුක් වින්ද ඇති..මම නම් හිතන්නේ විදත් අයිය තමයි උඹට මැච් වෙන එකම කෙනා”
ඒ මාගේ පියා මට ගෙනා මංගල යෝජනාවය..මා ඔහුගෙන් අභී සෙව් නිසා අප්පච්චිට තවමත් වචනයක් නොදීමි.නැත්නම් ඔහු ගැන කියන්නට වරදක් නොමැත.සුරා සුදුවෙන් තොර ඔහු ඉතාමත් ආදරණීය කෙනෙක් බව මා සිත පළිගත්තත් ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි වූ මා විදත් අයියා ගැන ආදර හිතට වැට බැන්දෙමි.
එදා දවස අයියා සහ මන්දි සමඟ ගෙවුනු නිසා අභී ගැන නැවත මතකයන් ආවේ රාත්‍රී නින්දට ඇඳට ගිය පසුය..
#######################
අපේ ආදරයට මුල් ගල තැබුනේ අහම්බෙනි.එදා කථින පින්කම වෙනුවෙන් පන්සලේ තිබූ බෝධි පූජාවට මන්දි සහ මම පමණක් ගියේ අම්මාට නද හිසරදයක් සෑදී තිබූ බැවිනි..මා විසින් දල්වන ලද පහන් සිල සුළඟ සමඟ පොරබදද්දී එය නිවෙන්නට නොදී දල්වන්නට මා අසීරු උත්සාහයක යෙදුනි.ඒ රෝස පැහැ දිගු ඇඟිලි වලින් පහන ආවරණය වූයේත් සුපුරුදු සුවඳ ඇදී ආවෙත් එක් වරය.නැත මුහුණ බලා හඳුනා ගැනීමට අවැසි නැත.මෙි අභි ගේ සුවඳයි…
“ඔයා දල්වන පහන නිවෙන්න දෙන්නෑ වගේම ඔය හිතේ තියෙන ආදරෙත් මැරනේන දෙන්නෑ අකී”
මා ගැස්සී බැලුවෙමි අකී..ආකර්ෂා යන මාගේ නමේ අනෙක් කොටස ඔහු කෙටිකර කියු ලස්සන..ගිනිකූර අවසන්වී අත පිච්චී පියවි සිහිය ලබනතුරු ඒ ඇස් අස්සේ ආදරය වින්දෙමි..
ඉතින් එදා එලෙස ඇරඹ් අපේ ආදරය මෙි නුවර අහස යට අවුරුදු දෙකක් කාටත් රහසේ ලියලා වැඩිනි..ඔහුගේ ආදරය අහස තරම්..නැත ඔහුගේ ආදරයට සමාන කල හැකි කිසිවක් මේ මිහිපිට නැත..ඒ ආදරය මා රිසි සේ වින්දෙමි.ව්‍යාපාරික ලෝකයෙ කාර්ය බහඅල අප්පච්චීටත් නිවසේ දිවි ගෙවන අම්මාගේ කන නොවැකුනත් ආදරයට අවුරුදු හතරක් පිරෙන තැන.ගේට්ටු පළු දෙක දෙබෑ කරමින් නිවසට පැමිනියේ අන් කවරකුත් නොව දිසානායක වලවිවේ ලොකු හාමු වන අභී ගේ පියාගේ රථයයි..
“චුටි මෙහෙ වරෙන් “
හැමදාම මගේ මැණික යැයි ඇමතූ අප්පච්චි එසේ කතාකරන විට මා ගියා නොව කකුල් ඇද්දී ඒ වෙත ඇදුනාය..
“මේ මිනිහා මේ කියන්නේ ඇත්තද”
“ඔව් අප්පච්චි “
“ඒක මේ දැන්ම හිතින් අමතක කරපන් කෑලි කපලා ගඟේ මුදේ දැම්මත් දිසානායක වලව්වට මෙහෙන් හිර දෙන්නේ නෑ”
පියාගෙන් ලද ඒ කම්මුල පහරට විසි වී ගිය මා නතර වූයෙ අම්මාගෙ තුරුලේය.
කාලයක් තිස්සේ පැවති දිසානායක සහ බණිඩාර වලව් දෙකේ වෛරය හේතු කරගෙන අපේ ආදරය මළගම් ගියේ එළෙසිනි..
‘අපිත් මේ වලව්වෙන් හිර ගෙනියන්න ආවේ නෑ දොනි ඇන්දට හිත හදාගන්න කියන්න..අපේ පුතා මගේ නංගිගෙ දූ බැදලා ලබන මාසෙ රට යනවා..”
එසේ පවසා අභී ගෙ අප්පච්චි පිටවී ගිය පසු මා වැළහින්නක ලෙස ඇඬුවෙමි..නැත මාගේ අභී එයට අකමැති වී මා රැගෙන යනතුරු දෙවියන් යැද්දෙමි..නිරිහාරව දවස් ගතකලෙමි..නැත අම්මා අයියා මන්දි හැරුනු කොට මාගේ පියාවත් මා ගැන සොයා බැලුවේ…
දිනක් මන්දි ආවේ හතරට නවපු කොලයයක් රැගෙනය
අකී මම යනව මැණික බය වෙන්න එපා ඔයාගෙ අභී ඔයාගෙ විතරමයි කවදාවත් වෙනස් වෙන්නේ නෑ..මම එනකල් පරිස්සමින් ඉන්න මැණික
ඉතින් සිත හදාගතිමි ඔහු එනතුරු ඇඟිලි ගනිමින් සිටියෙමි..
දිනක් අප්පච්චි මා සොයා ආවේ අයියා නිවසේ නැති විටකය.
“සුදු මැණික “
අප්පච්චි මා තුරුල් කරගත්තේය.ඉතින් මා අඬාගෙන ඒ විසල් පපුවේ රැකවරණය සෙව්වෙමි..
“මගෙ පුතා මේක අහලා දුක් වෙන්න එපා..ඔයාට අභී ගැලපෙන්නේ නෑ මැණික ඔයා දුප්පත් කොල්ලෙක් එක්ක යාලුවුනත් මම අකමැති වෙන්නේ නෑ..ඔය දිසානායක වලව්වේ අය අාදරේ අදුරන අය නෙමෙයි..අභිගේ බාප්පය පණ වගේ ආදරේ කරපු නිසයි මගේ එකම නංගි මට නැති වුනේ..”
අප්පච්චි මේ කියන්නේ මොනවාද. නැත මා කිසි දිනෙක අප්පච්චි ගෙ සොයුරියක ගැන අසා නැත.
“එදා ආපු දිසානායක ගේ මල්ලි මගේ එකම නංගිට ආදරෙ කලා..ගෙවල් දෙකම කැමති වෙලා මංගල්ලෙත් තින්දු වෙලා තියෙද්දි මගෙ නංගිගෙ බඩට ළමයෙකුත් දීලා එයා පැනලා ගියා..බඩට මිස දහයක් යනකල්ම ආවෙ නෑ.අරංචි වුනේ සුද්දියෙක් බැඳලා ඉන්නවා කියලා.දරුව මගෙ අතට දීලා මගේ එකම නංගි වස බීලා මැරුණා..එදා ඉඳන් තමයි මේ වලව් දෙකේ වෛරෙ ඇති වුනේ.අපිට දරුවො හිටියෙ නෑ එතකොට..ඒ දරුව තමයි ඔයාගෙ අයිය මැණික.මගෙ දෝනි හිත හදාගන්න..මම ඔයාට ගොඩක් ආදරේ හොඳ කෙනෙක් හොයල දෙන්නම්”අප්පච්චි ඔළුව අත ගා ගියේ මා හිත මත තවත් බරක් අතැරය..අයියා මේ තාක් කලක් මෙය දන්නේ නැත.ඉදිරියටත් එය රහසක් ලෙස රැකිය යුතුය.ඉතින් දිසානායක පවුල ගැන මුලින්ම හිතට අපැහැදීමක් ඇතිවිය..කාලය ඔහේ ගතවුනි.මා උසස් පෙල ද සාමන්‍ය ලෙස සමත් විය.පියා ඒ අතරතුර මට මංගල යෝජනාවක් ගෙන ආවේය..නමින් විදත් සමරදිවාකර වූ ඔහු අප පාසලේම සිසුවෙකි..ඔහු බොහෝ කලක සිට මට පෙම් කර ඇත..
“නංගා මට සමාවෙන්න.මම අංකල්ට ඔයා ගැන කිව්වට..ඔයා මට අකමැති නම් කමක් නෑ.මම ඔයාට ආදරේ කලේ ඔයා අටේ පන්තියේ ඉන්න කාලේ..ඒත් ඔයාගෙන්ඇහුවෙ නැත්තේ ඔයා පොඩි නිසා ඒත් මම පරක්කු වැඩියි අභී මට ඉස්සර වුනා.මම ඈතින් ඉඳන් ඔයා දිහා බලන් හිටියා..ඒත් අභීගෙයි ඔයාගෙයි සම්බන්ධෙ නතර වුනා..”
“නෑ අයියා ඒක බලෙන් නතර කෙරෙව්වා.” සිත කෑ ගසා කීවද වදන් කිරීමට ශක්තියක් නැත.
“මම ඒත් කාලයක් බලන් හිටියා අපේ ගෙදරින් බල කරනවා දැන් කසාද බඳින්න කියලා ඒකයි මම ගෙදරට ඔයා ගැන කීවේ මම වැරදි නෑ නේද නංගා”
ඉතින් මා මොනවා කියන්න ද කවුරුත් වැරදි නැත.ඔහුට පෙම් කල සිත නැවත පිලිසකර කරගැනීමට නොහැක මම ද වැරදි
“තාම ඔය හිත හැදිලා නැත්නම් තව කාලයක් ගන්න කමක් නෑ.ඔයා වෙනුවෙන් මට ඕනි තරම් කාලයක් බලන් ඉන්න පුළුවන් “
කතා කලේ ඔහු පමණය ඉතින් මා වෙන දෙයක් බලා සිටියෙමි. හිත තාමත් පතන්නේ අභීය…
“නිම් තාම නිදිද බන්”
උදයේම මන්දිගේ පැමිනීම මගේ සිතට ගෙන ආවේ අනියත බියකි.
“ඇයි බන් උදෙන්ම “
“මම දෙයක් කියන්න උඹ අවුල් යන්නේ නෑ කියපන්”
“රිදෙන්න හිතක් නෑ මන්දි “
ඇය මා අත තැබුවේ වෙඩින් ඉන්විටේෂන් පතකි..දෑස් අදහන්නේ කෙලෙසද ටානියා ඉරුගල් බණ්ඩාර සහ අභිලාශ් මනුදය දිසානායක නම් දෙක කියෙව්වා පමනි ඉන් එහා කියවීමට සිතක් නැත.අමාරුවෙන් දිනය බැලුවෙමි එසේනම් මීට මාස තුනකට කලින් අභිලාශ් විවාහ වි ඇත.ඔහුගේ පියා කී පරිදි නැනිදා ගේ දියනිය ඔහුගෙ පතිනිය වී ඇත.මග බැලූ මා තනිකඩය.
“මන්දි මේ ඇත්තද?”
“ඔව් නිම් මේ තැන්කියු කාර්ඩ් එක දැන්වත් අමතක කරපන් අභී ටානියාගෙ..මැරි කරලා එයාලා රට ගිහින්.”
දවසින් දවස ගෙවුනි.ටානියා ද අහිංසක කෙනෙකි.අභි සතුටින් නම් මට ඒ ඇතිය..සිත හදාගැනීමට අසීරු උත්සාහයක යෙදුනි.
“අප්පච්චි මම විදත් අයියට කැමතියි.”
දිනක් මා පියාට පැවසීය.එදා පටන් සතියකට වතාවක් හෝ විදත් මා බැලීමට ආවේය.ගිලන් වූ සිත සුවපත් නොවූවද මා විදත් ට ආදරය කිරීමට උත්සාහ කලෙමි..ඔහු මට කොතරම් ආදරය කලද මා ඒ ඇස් තුල සෙව්වේද අභීය..නැත ඒ හීන් දැස් අග දුටු ආදරය විදත් ගේ නෙත් තුල මා දුටුවේ..ඒත් ඊටත් වඩා ආදරයක් ඒ හිත තුල විය.මට උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් කලබල වන තරමටම ඒ් හිත සංවේදි විය..යන්තම් හිත හදාගත්තා පමණි..ආයෙත් හිත කඩාවැටුනේ අභී ගේ පැමිනීමත් සමඟය..
“විදත් අයියා”
හැඬවුනු දුරකථනය කනේ හොවා ගත්තෙමි..
“මැණික අද ටිකක් රෑ වුනා මම හිතුව නිදි ඇති කියලා.ඒත් කටහඬ අහන්නැතුව නිදාගන්න බෑ වගේ ඒකයි ගත්තේ..”
ඔහුගේ ආදරය එහෙමය.සිත හීල්ලිනි..
“නංගා ඇයි දුකින් “
පොඩි වෙනසත් දැනේ ඔහුට ඉතින් මා සියල්ල පැවසුවෙමි..
“මගෙන් මොකද වෙන්න ඕනි නංගා ඔයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්නම් “
“අයියා මට එකම එක පාරක් අභීව හමුවෙන්න ඕනි.”
“හ්ම් මම එක්කන් යන්නම් මට ටික දවසක් දෙන්න නංගා.දැන් කල්පනා නොකර නිදියන්න.බුදුසරණයි මැණික”
මා වැරදි වන්නට ඇත.ඒ හිත රිදෙන්නට ඇත.ඉතින් මා කුමක් කරන්නද හදවතට ඉඩ දී මා වන්නක් බලා සිටියෙමි…
දින දින ගෙවුනි අභී ලංකාවට ආව ද ඔවුන් කොළඹ පදිංචි වී සිටි නිසා මා නොදුටුවෙමි. විදත් අයියා ව්‍යාපාරික ලෝකයේ සහ අප වෙනුවෙන් තැනෙන නව නිවසේ කටයුතු නිසා කාර්යබහුල වූ බැවින් අභී මුනගැසීම දින දින පරක්කු විය.
“ප්ලීස් මන්දි මට අභි ගේ නම්බර් එකක් හොයල දීපන්”
“මට බෑ පව් පුරවගන්න අභී ටානියාගේ උඹ විදත් ගේ ඒක අමතක කරන්න එපා.”
“උඹ බය වෙන්න එපා ප්‍රොමිස් වෙන්නම් මට ඕනේ ඇයි මාව අමතක කලේ කියලා අහන්න විතරමයි..”
ඉතින් මාගේ පෙරැත්තයේ ප්‍රතිඵලයක් විදියට දිනක් අභී ගේ දුරකථනය අංකය මා සතු විය..
හැඬවෙන දුරකථනය මෙන්ම මාගේ හදවතේ ස්පන්දනයද වේගවත් විය…
“හෙලෝ”
නැත වෙනස් වී නැත දුරකථනය දිගේ ආ ඒ ආත්මීය හඬ මගේ අභීගේය..නැත දැන් ඔහු ටානියාගේ අභී බව හිතට මතක් කලෙමි..
“අභී අයියා අඳුරන්න පුළුවන් ද”
“කාගෙද මේ ස්වීට් වොයිස් එක “
නැත.ඉතින් ඔහු මා හඳුනාගෙන මම දුරකථනය විසන්ධි කලෙමි..නැවත මා දුරකථනය නද දුන්නේ අභී ගේ ඇමතුමනි.ඉතින් සිතුවෙමි මා කෝප ගන්වන්නට එසේ කියන්නට ඇතැයි සිතා..
“නංගා ඇත්තටම ඔයා කවුද? තරහ ගන්න එපා වොයිස් එක හුරු වුනාට කවුද කියලා වෙන් කරලා අඳුනගන්න බෑ.”
ඉතින් කතාකර පලක් නැත.මා සිතුවේ මට මෙන් ඔහුටද මගේ සුසුමේ ශබ්දය පවා හුරු ඇතැයි සිතාය.සැමදා වගේම මා පරාදය.ඒත් සිතට ඉඩදී සිටියෙමි
“අකී මතකද”
ඒ නිහඬව ගෙවුනු තත්පර ගණන කල්පයක් සේය.පලක් නැත දුඑකථනය විසන්ධි කලෙමි..
‘”mata samawenan aki mata taniyage wenna una.”
ඉතින් ඔහුගේ මැසේජයේ එාලස සටහන් විය..
“Kamak ne sathutin inna.”
මම එයට පිළිතුරු යැවුවෙමි..
ඉතින් ඉන්පසු එළඹුනු හැම දිනකම මැසේජ් වලින් සහ දුරකථනය ඇමතුම් වලින් අපි සම්බන්ධ විය.දිවුරා කියමි.ඒ චුප ආදරයක් නොවුනි තිබුනේ කතාකරන්නට ආසාවක් පමණි.
“නිම්නාදි”
දිනක් නාදුනන දුරකථනයකින් ඇමතුවේ ටානියාය.ඉතින් මා සවන් දුන්නා පමණි
“මම හිතනවා ඔයාට මාව ඇහෙනවා කියලා ඔයා තාම අභීට ආදරේ කරනවද?”
“නෑ ටානියා “
“ඒක හොඳයි දැන් ඉන්නේ ඉස්සර ඉඳපු අභී නෙමෙයි අභීට ගෑණු සෙල්ලම් බඩු ගානයි.මට ජීවිතේ වැරදුනා.ඔයත් එ් තැනට වැටෙන්න එපා නිම්නාදි..අම්මි හාට් පේෂන්ට් කෙනෙක් නිසා මම අභී එක්ක ඉන්නවා.මගේ ජීවිතේ අපායක් නිම්නාදි”
ඉතින් හිතට තවත් ගින්දරක් දී දුරකථනය විසන්ධි විය..
“චූටි දුව හෙට අයියට මනමාලියක් බලන්න යනවා විදත් පුතාටත් කියන්න..දිනක් මන්දි සහ මම මිදුලේ කතා කරමින් සිටි තැනට විත් පියා පැවසුවේය..ඉතින් මන්දිගේ මුව තුල රැඳි සිනාව සැනෙකින් අතුරුදන් විය.
“මන්දි මම දන්නවා උඹ අයියට ආදරෙයි කියලා මට හිතෙනවා අයියත් එහෙමයි කියලා ඒත් දෙන්නගෙන් කවුරුත් ඉස්සර වෙන්නේ නෑ නේ..”
“වර්ෂ අයිය මගෙන් අහයි කියලා මම බලන් හිටියා එ්ත් අනෙ මන්දා කමක් නෑ බන් මටත් කවුරු
හරි බඹා කොටල ඇතිනේ..ෂිට් මටත් එන්න තිබුනා හෙට එ්ත් අපේ රිලේෂන්ස්ලා වගයක් එනවා කීවනේ”
ඇයට නම් එක් වරම සන්සුන් විය හැකිය.ඒත් මට…
උදෑසනම පිබිදුනු අප අම්මා පිලියෙල කල කිරිබත් කා පිටත් වුනෙමු..
“වර්ෂත් එහෙනම් මනමාලයෙක් වෙනවා නේ. නංගා”
“ඇයි ඉතින් උඹ මගේ නංග අරන් ගියාම මාත් ගෙදර පාලුවට කවුරු හරි ගේන්න එපැයි…”
ඉතින් විහිළු තහළු මැද අපි ගමන් කලෙමු..
“මම හිතන් ඉන්නේ දෝනිගෙයි පුතාගෙයි දෙන්නගෙම වෙඩින් එක එකම දවසේ ගන්න..මොකද කියන්නේ විදත් පුතා එහෙම හොඳයිනේ.”
“කොහොමත් අන්කල් අපේ වෙඩන් එකට දින තියෙන්නේ ලබන අවුරුද්දෙනේ.දැන් ගේ වැඩත් ඉවරයි හෙට මම ෆරනිචර් ටිකයි.තව අවෂ්‍ය දේවල් ටිකයි ගන්න නංගා එක්ක යන්නම් “
ඉතින් විදත් අපේ අනාගතය වෙනුවෙන් හීන ඇහිදියි.ඔහු පවුය.මා කරන්නේ වරදකි.සියල්ල ඔහුට පවසා සිම්පත මාරු කල යුතුය..
ටික් ටික් හඬින් මගේ දුරකථනයට ආ මැසේජය විවෘත කලේ විදත් ය..
“aki mata oya dakinna asay..pls ekama eka parak mawa balanna enna..”
ඒ ඇස් පුංචි කර මා දෙස බැලුවේ දුකකින්ද තරහකින් දැයි වෙන් කර හඳුනාගත නොහැක..මගේ ඇතුල් හද සීතල කරන්නට ඒ සුසුම බලවත් විය..මා සන්සඅන් කිරීමට මෙන් ඔහු මා අත තද කර අල්ලා ගත්තේය..දෑසට කඳුළු ආවේ නිරායාසයෙනි..
“mama oyawa meet wenna ennam mata tika dawasak denna”
ඉතින් ඒ මැසේජයට පිළිතුරු යැවුවේ විදත් අයියාය..
මම දෑස් පියා ගත්තේ වරදකාරී හැඟුමිනි.අනේ මාතින් වුනේ සුළු පටු වරදක් නොවේ..
වාහනය නැවතූ බැවින් දෙනෙත් ඇරියෙමි..
“අප්පච්චි ඇයි මන්දිලගේ ගෙදර ආවේ..”
“හැමතැනම එක්කන් යන කෙල්ලනේ මෙි ගමන විතරක් දාල යන්න පුළවන්ද..”
එලෙස පවසා අපි සියල්ලද කැටුව අප්පච්චි මන්දිලගේ නිවසට ගියේය.
“ආහ් අයියලනේ දෝනි මෙන්න කවුද ආවේ බලන්න”
දුවගෙන ආ මන්දි අප දැක ඉද්ද ගැසුවාකි මෙන් නැවතුනි..
“දුව ලෑස්ති වෙන්න.ගමනක් යන්න.”
“අනේ මට බෑ අන්කල්”
“එතකොට හැම නිතරම අපේ ගෙදරට දුවන් එන කෙල්ලට මගේ ලේලි වෙලා මගේ ගෙදරට එන්න බෑ..”
මන්දිගේ දෑස මෙන්ම මගේ දෑසද පුදුමයෙන් විසල් වෙද්දී අනෙක් අය හිනා වුනේ අප දෙදෙනා විහිලුවකට ගෙන මෙන්ය..
“හරි නරකයි ඔයාවත් මට කීවේ නෑ” මම විදත්ට අමනාපය පෙන්වුවෙමි..
“එතකොට මෙ දෙන්නා හැමදේම අපට කියලා වෙන්නැති කරන්නේ නේද වර්ෂ”
සිතා මතා ඒ පහර ගැසුවේ මටය..
“ඇයි මැණික අභී මැසේජ් කරන බව මට නොකීවේ”
විදත් අයියා ඇසුවේ මා තනිවුන මොහොතක් බලාය.
“මට කියන්න බය හිතුනා.”
“මම සමාව දෙන්නම් නංගා..මම බිසී වුන නිසා පොරොන්දුව ඉටු කරන්න බැරි වුනා..මම අභීව මුණගස්සන්නම්..හැබැයි මේ කලා වගේ අභීව තනියම මීට් වෙන්න බෑ මම දුරින් ඉඳනි හරි බලන් ඉන්නම්”
ඉතින් අභී හමුවීමට හීන දැක්කෙමි.ඒ අතර අප වෙනුවෙන් තැනු නව නිවසද අප එකතුවී සැරසුවෙමු සියළුම ගෘහ භාන්ඩද තිර රෙදිද එල්ලා අවසාන කලවිට නිවස තුළින් ආවේ ඉතා චාම් ලස්සනකි..
“තව මාස හයකින් මැණික මගේ ලඟ “
නව නිවසේ අපේ කාමරයේ ඇඳ මත දී මාව තුරුල් කරගෙන විදත් අයියා පැවසුවේ අඬවන් වූ දෙනෙතිනි..
“මගේ රෝස මල පොතේ අස්සන් කරනකල්ම මලක් වගේ ම ඉන්න..”
මාගේ නළලත සිප ගෙන ඔහු ඉවත්විය..
“මැණික හෙට සැලොන් එකට යන්නත් තියෙනවනේ ම් ම් අපි සැලොන් ගිහින් ඇවිත් අභීව මීට් වෙමු..හෙට එන්න කියන්න..මෙහෙට”
“ඕන නෑ විදත් අයියා අභී ගැන හිතේ තියෙන්නේ හිස් හැඟීමක් විතරයි..”
“නෑ මැණික හිතේ කහටක් තියාගෙන අපි එකතු වෙලා වැඩක් නෑ.ඔයාගෙ සතුට තමයි මගේ සතුට”
එදා ගෙදර ආ පසු මා අභීට මැසේජ් කර කීවෙ එකට පමණ එන ලෙසයි.අප නව නිවසට එන ආකාරයද මා පවසා නින්දට ගියේ දවසම මහන්සි වූ නිසාය..
උදයේ ආහාරය ගෙන නිවසින් පිටවූ අපි සියළු වැඩ නිමා කරගෙන දවල් දොළහ පමණ වනවිට නව නිවසට පැමිනියේ අභී බළාපොරොත්තුවෙනි..
අභීගේ වාහනය නිවසට එනවිට හදවත අසීමාන්තිකව ගැසුනි.ඉඳුරා පැවසිය හැක මේ හිතේ අල්ප මාත්‍ර වූ ප්‍රේමයක් ඔහු නමින් නැත.
මා දැන් පෙම් කරන්නේ විදත් ටය අභී අතරමං කර ගිය හිත හැදුවේ ඔහුය..
“ආහ් අභී එන්න”
විදත්ගේ පිලිගැනීමට අභී ගේ මුහුණ වෙනස් විය.ඉතින් ඔහු මා තනිව හමුවීමට බලාපොරොත්තු වන්නට ඇත.
ඉතින් ඔහු ඇවිත් ඉඳ ගත්තේය..දෙනන්ට තනියම කතා කරන්න දෙයක් තියේ නම් කතාකරගන්න මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් ආගිය තොරතුරු කතාකර විශ්වාසයක් ඇති වූ තැන විදත් අපි තනිකර ගියේය.මා ගැහෙන හදින් මෝටර් රථය තෙක් විදත් පසුපස ගියෙමි..
“මගෙ මැණික මට විශ්වාසයි”
මා අත තදින් අල්වා නළලත සිප ඔහු යන්නට ගියේ එසේ පවසාය.
“අකී”
ගැඹුරු හඬින් පවසා මා වතේ සුසුම් ස්පර්ශ වන තරමටම ලංව අභී පැවසීය..
මා දුරස් වන්නට හැදුවෙමි..ඒ ඇස් බැල්මට මා බිය වුනි.නැත මේ ඇස් තුල එ් ආදරය නැත..රාගයෙන් රත් වූ දෙනෙතද සිගරට් වලට කලු වූ තොල්ද ගෙන ආවේ ඒ මඅහුනට සල්ලාල පෙනුමකි.
“ප්ලීස් මාව අතාරින්න.”
අමාරුවෙන් මා වෙනත් පුටුවක වාඩි වුනි..
“අභී මට ඕන වුනේ ඇයි ඔයා මගෙන් ඈත් වුනේ කියලා දැනගන්න එත් දැන් ඒක දැනගෙන වැඩක් නෑ.ඔයා යන්න අභී..ඔවා ඉස්සර ඉඳපු කෙනා නෙමෙයි”
“ඔව් මම ඒ කෙනා නෙමෙයි..ඔයාගෙන් ඈත් වුන මම ඩ්‍රින්ක්ස් ගත්තා කරන්න ඕනේ හැමදේම කලා.ගෑණු තියන් හිටියා..ඉතින ඒ දේවල් වලින් ඈත් කරන්න අම්මලා ටානියාව කසාද බැන්දුවා..ඒත් ඔයාව අමතක කරන්න අප්පච්චිලගෙන් පලිගන්න මම ජීවිතේට ලංකර ගත්ත දේවල් වලින් මට ඈත් වෙන්න බැරි වුනා..ඔයා දන්න ටානියා අහිංසකයි ඒත් මලේ පැවැත්මත් එක්ක එයා යක්ෂණියක් වගේ රණ්ඩු කලා අම්මලා මාව හොද මගට ගන්න ඊළඟට දීපු උපදෙස තමයි ඉක්මනට බබෙක් හදන්න කියලු එක.ඔව් ටානියා ප්‍රෙග්නන්ට් වුනා.එහෙමයි කියලා මම වෙනස් වුනේ නෑ..අන්තිමේදි මගේ අතින් වැදුනු පාරකට අපේ දරුව නැති වුනෙ ටානියට කවදාවත් අම්ම කෙනෙක් වෙන්න තිබුන අවස්ථාවත් නැති කරලා”
“ඔයා මහ ජරා මිනිහෙක්”
“ඔව් මම ජරා මිනිහෙක් මම ජරා මිනිහෙක් කලේ තමුසෙගෙ ආදරේ “.
යක්ෂාවේසයෙන් මා අසලට පැන්න අභීගෙන් ගැලවීමට මා අප නිදන කාමරයට පැන දොරවසාගන්නට උත්සාහ කලේය.ඒත් ඔහු කාමරයට ඇතුල් වී මා ඇඳේ පෙරලා ගත්තේ අසුරු සැනිනි .පොර බැදුවද පලක් නොවුනි.ඉතින් මාගේ ඇඳුම් කීතු කීතු වලට ඉරී ගොස් මා ගැහැණියක වූයේ.පෙරදා මලක් මෙන් විදත් මාව සිපගත් අපේ යුගල් ඇඳ මතදීය..
“මට සමාවෙන්න අකී”
‘පලයන් අවලම් බල්ලා ගේ දැහට නොපෙනී.”
අහිංසක නිම්නාදි යක්ෂනියක් වී හමාරය අතට අහු වූ දෙයින් දමා ගසා අභී එලවා ගත් මා ඉරී ගිය ඇඳුම් ඇඟ ලා ගත්තාය..
අභී ගේ වාහනය ගේට්ටුවෙන් පිට වනවාත් සමඟම විදත් ගේ වාහනය ඇතුල් වුනි.කාමරයෙ දොර වැසූ මම බිම වැටී බිඳී තිබුනු වීදුරු කැබැල්ලකින් නහරයක් කපා ගන්නට හැදුවේ ජීවත් වී පලක් නැති නිසාය..
“මැණික ඇයි මේ”
අමතර යතුරෙන් දොර ඇර කාමරයට ආ විදත්ගේ ඇස් නතරවුනේ ඇඳ රෙද්ද මත වූ ලේ බින්දුව මතය..ඉතින් ඒ ඇස් ගැස්සුනි හිස කෙස් ඇඳ ගත් ඔහු ඇඳ මත කඩා වැටුනි..ඇසුනේ මගේ ඉකි හඬත් ඔහුගේ සුසුම් හඬත් පමණි..
“මැණික”
ඔහු ඒ විසල් පපුවට මා තුරුළු කරගෙන හැඬුවේය.
“මට සමාවෙන්න මං ..මං හිතුවේ නෑ උෑ මේ තරම් බල්ලෙක් කියලා.නැත්නම් කවදාවත් මම යන්නෑ මැණික”
නැත ඔහු වැරදි නැත වැරදි මාය ඔහු සියල්ල කලේ මගේ සතුට වෙනුවෙනි..
“මට මැරෙන්න දෙන්න විදත් අයියා”
“නෑ මන් වෙනුවෙන් ජීවත් වෙන්න මැණික දැන් වොෂ් එකක් දාලා මේක ඇදගන්න”
ඉතින් කසාද බැඳ ඇවිත් අඳින්නට ඔහු එකතු කල ඇඳුම් වලින් එකක් ගෙන මා අතින් තබා ඔහු පැවසීය..
මා සිත් සේ නා ගතිමි.අප්පච්චි කිව්වා හරිය දිසානායක වලව්වේ අය ආදරය අඳුරන්නේ නැත.
“මැණික”
නානකාමරයේ දොරට ගහනා ශබ්දයෙන් මම පියවි සිහිය ලදිමි.
“මට පොරොන්දු වෙන්න ජීවිතේට කරදරයක් කරගන්නෑ කියලා.”
ඉතින් දෙතුන් වරක් ඔහු මගෙන් පොරොන්දු ගත්තේය.
නිවසට ආවද දින ගෙවූයේ හෝන්දු මාන්දු ගතියෙනි.මන්දිටද කිසිවක් නොකීවේ එය අප දෙදෙනා පමණක් දැනගත යුතු බව විදත් පැවසූ නිසාය.
කෑමටද කිසිඳු පිරියක් නොවූ තැන ඇග වැහැරී ගියේ බලා ඉද්දීය.කලන්ත ගතිය සහ වමනය නිසා දිනක් බෙහෙත් ගැනීමට ගියේ විදත්ගේ බලකිරීමටය..
එයින් දැනගත්තේ මා මවක් වීමට සූදානම් බවය..විදත් පියා නොවුනද ඉතා සතුටු වුනේ රජකම ලැබුනාක් මෙනි..
“අන්කල් මට හදිසියේ රට යන්න වෙලා බිස්නස් වැඩකට මම හිතුවේ මැරි කරලා නංගවත් එක්කන් යන්න.”
ඉතින් සියල්ල සිදු කලේ මා ගැබැනියක් බව අප දෙදෙනා පමණක් දැනුවත්වය.
රට යනවා යැයි කීවාට අපි කුරුණෑගල විදත් අයියාගේ නිවසක සිටියෙමු.කුසට මාස 5ක් පිරෙද්දී අපි නැවත නිවසට ආවෙමු..
අභී නිවසේ දුරකතනයට කතා කරමින් දරුවාගේ අයිතිය ඉල්ලා කරදර කලේ ඔවුනට දරුවන් නොමැති බැවිනි..විදත් අයියා පැවසුවේ දරුවා ඔහුගේ බවය.ඉතින් පුංචි කිරිකැටි බිළිඳියක අපේ ලෝකයට ආවේ සැම සංකාවන් නැතිකරය.ඉතින් වාසානව උදා වූවා යැයි සිතමී..මා නෑණන්ඩිය වූ මන්දි සහ විදත් අයියා ඉතින් මා දිවියට සවියක් විය.සොබාදහමට අවනත නොවී ජීවත් වූ අභී ඇක්සිඩන්ට් එකකින් මියගොස් තිබුනේ මා දියණිය මෙලොව එළය දුටු දිනදීමය..ඉතින් සැබෑ ප්‍රේමය හැඳින්නෙමි මා විදත් අයියාගෙන්…