සුළඟ වගේ නුඹ | EB0007

by | Feb 22, 2021 | eBook Hub, ආදර කතා | 0 comments

සුළඟ වගේ නුඹ | EB0007

විදුලි පංකාව දැමු ඔහු මා අසළට පැමිණියේ සිනා මුසු මුහුණිනි.

ඔයාට මහන්සිද?

ඔහු අසන්නෙ යම් දුරස්ථ බවක් හඟවමිනි

” නැ” මම කෙටියෙන් කීවෙමි.

” අද එයි කියලා මං හිතුවෙම නැ”

“එහෙනං මංආපහු යන්නද”

ඕනැවට එපාවට මම ඇසීමි. …මදක් නිහඬව සිටි ඔහු,

“ඇයි ඔයා මාව වැරදියටම හිතන්නේ?”

යැයි මගෙන් ඇසීය. ඒ සමගම මා වෙත මදක් සමීප වූ ඔහු, මගේ අතකින් අල්ලා ගත්තේය.

” අනේ අත ගන්න අහකට”

කී මම ඔහුගෙන් ඉවතට යාමට උත්සහ කළෙමි. එක්වරම මා තමන් වෙතට ඇදගත්  ඔහු,

“මොකෝ ගණන්, ඔයා මගෙනේ…”

කියමින් මා තදින් වැළඳ ගත්තේය. කිමට ගිය දෙය අමතකවූවාක් මෙන් මම ඒ උණුහුමට යටත් වී සිටියෙමි. කරන්නේ නොමනාකමකි. වරදකි. එය සිදු වුයේ කාගේ වරදින්දැයි මම නොදනිමි. මේ  උත්තම පුරුෂයා මගේ නොවන්නා සේම මම ද ඔහුට අයිති නොවෙමි…මේ එවන් කතාවක පද පෙළයි….

” රන් කෙන්දෙන් බැඳ, අතැඟිලි එක් කළ, ආදරයයි…

පෙම් රැහැනින් බැඳ, සිතුම් වසඟ කළ ආදරයයි..”

සුහස් මා හට හමු වූයේ මැහුම් පන්ති යන විටය. ඒ වන විට මා විවාහ වී වසර දෙකකි. වසර අටක ප්‍රේම සබඳතාවකින් පසුව වුවද අපගේ විවාහය පෙනෙන තරම් සුන්දරනොවීය. අප දෙදෙනා ප්‍රේම කළාට වඩා කළේ ගැටළුවලට විසඳුම් සෙවීමය..

“මොනවද සඳු කල්පනා කරන්නේ…?”

“මට තවත් මේ දේවල් ඉවසන්න බෑ සුහස්..”

“ඇයි දැන් මොකද වුණේ?”

“තිමිර මං පතන විදියෙ නෙවෙයි තමා, ඒත් ඔයාගෙ ජීවිතේ නාස්ති කරන්න මට බෑ සුහස්…”

“සඳූ මේ බලන්න…මං ඔයාට ආදරෙයි..ඒක විහිලුවක්වත්, සෙල්ලමක්වත් නෙවෙයි..ඔයා කොයි තත්ත්වෙ හිටියත් මං මැරෙනතුරු ඔයාට විතරයි මං ආදරේ..ආයෙ ඒ ගැන කතා එපා..”

“සුහස්, මට තිමිරගෙන් වෙන් වෙන්න බෑ..කවදා හරි මං එයාගෙ දරුවෙක් දරන්න ඕනෙ..මං හොඳ අම්මෙක් වෙන්න ඕනෙ..ඔයත් අලුතින් ජීවිතයක් පටන් අරං හොඳින් ඉන්න..මං ආසයි ඔයා සතුටින් ඉන්නවා දකින්න..”

“සඳූ….මේ අහන්න, මං කවදාවත් මැරි කරන්නෙ නෑ..”

*************************

“සඳුනි, මට අද රෑ කෑම තියන්නෙපා  ඕකේ ”

“ඇයි ඒ?”

“වැඩක් තියෙනවා ඔෆිස් එකේ..”

“මං යනවා”

කියු ඔහු පිටත්ව ගියේය. මොහොතකින් අතීතයට සිත දිව ගියේය..

“ඒ සඳු..අන්න උඹේ ගජමෑන් එනවා..”

“කවුද බන් ඒ..??

“අර සුන්දර, අහිංසක, දරදඬු, නිර්මල, තිමිර පටලය බන්”

“මොනාද හෂී කියන්නේ…පව් බන්…”

“මේ..කෙල්ලේ ඇත්ත කියපන්…උඔ ඌට ලව් නේ…??ආහ්..ආහ්….??”

“එහෙමමත් නෑ බන්..එයා හරි ඩීසන්ට්. මා එක්ක හිනාවෙනවා. අනේ මංදා බන්..”

“හරි හරි උඹ ලව් තමා….”

“මං දන්නෙ නෑ බන්…අපි යමු ක්ලාස් එකට…”

නොසිතුව ඉමක මා තනිකළේ හෂී ද? නැත්නම් තිමිරද, නැත්නම් සියල්ල විඳගෙන බලාපොරොත්තු තබා ගත් මම ම ද???

සමහර දේවල් අපට ලැබෙන්නේ පරක්කු වෙලා කියලා සුදු අම්මා නිතරම කිව්වා..ඒත් මං හිතුවෙ මට හැමදේම වෙලාවට ලැබුණා කියලා..හරියට තිමිරව බැන්ද දවසෙ වගේ…තිමිර ගැන විවේචනයකට වඩා, මට මං ගැන විවේචනයක් ඇති වෙනවා..

“සදු, මොනාද කල්පනා කරන්නේ..

මුකුත් නෑ සුහස්…

ඔයාට මාව වදයක් ද?

නෑ සුහස් ඔයා මැරි කරන්නේ නෑ කීවම මට ඒක දරාගන්න බෑ. මං නේද මේ හැම දේටම වැරදිකාරි? ඇයි සුහස් මට මෙහෙම වුණේ?

මේ අහන්න සඳූ, ඔයා වැරදි නැහැ. මමයි වැරදි. මමයි අහිංසක ඔයාට කරදරයක් වුනේ. මං ඔයාට ආදරෙයි රත්තරං. මට මෙහෙම ඉන්න දෙන්න. ප්ලීස් සඳූ. ඔයා තමයි මං මේ ජීවිතේ පතපු කෙනා. දැන් මට ඔයාව අමතක කරන්න කියන්නෙපා. මට මැරිලා ෂ්ෂ්..

මොනාද මේ කියන්නේ…

එපා සුහස් මෙහෙම කතා කරන්න. ඔයාගෙ හිතේ හැඟීම් ඇති වෙන්න වැඩ කරපු මං නේද වැරදි. මං බැඳලා ඉන්න කෙනෙක් කියලා මං කීවා ඔයාට. ඇයි තවත් මට ආදරේ? ඔයා පතන මුකුත් මගෙන් ලැබෙන්නෙ නැනේ. කවදාවත් මට ඔයාගෙ වෙන්න බැහැනේ දෙවියනේ. මං ආදරෙයි ඔයාට. ඒත්,

හ්ම් හ්ම්. ඇති නේද සුදු මැනිකේ. වෙන මුකුත් එපා. ටිකක් මං ළඟට වෙලා ආදරෙන් ඉන්න. මාව දාලා යන්න හිතන්නවත් එපා. හ්ම්ම්ම්. ඒත් ඔයාට යන්න ඕනෙ වුණොත් දවසක, මාව කරදරයක් වුණොත් මට කියන්න සුදු මැනිකේ. මං එදාට යන්නම යන්නම්. ඔයාට දුක් නොදී…”

අප දෙදෙනා අතර මද නිහැඬියාවක් ඇති විය…

කිසි දිනෙක මා වෙත වැරදි බැල්මක් වත් නොහෙළූ මේ උත්තම පුරුෂයා වෙත ඇදි නොයන්නේ නම් මගේ සිත, අසනීපයක් නිසාම විය යුතු යැයි සිතමි. පළමුවරට හ්මිම්ම්…. මම ඒ ළයට තුරුළු වුණෙමි. ඒ හද ගැස්ම වෙසෙසින් විඳ ගතිමි. ඒ නිර්මල පිරිමි හුස්මට සම වැදුනෙමි. මොහොතකට මට සියල්ල අමතක විය. එහෙත් තවමත් මා වැළඳ නොගත් ඔහු නිශ්චලව සිටී.

“අද මාව එපා වෙලාද ඔයාට…

අනේ සුදු මැනික. ඔයා මං ගැන දන්නවා. මට ලෝබයි ඔයාට අහිතක් කරන්න. මං තාම පුදුමෙන් සඳු. මං ඔයාව තුරුළු කර ගන්නද ආ?

හ්ම්…”

ඉතිං ගෙවී ගියේ කල්පයකැයි සිතමි. ඔහුගේ ලවන් කෙටි, උණුසුම්, ආදර හාදුවකින් මා නළලත සරසන විට, ඒ උණුසුමෙන් මිදෙන්නට මම ලෝබ වීමි. ඒ ආදරයද, අනුරාගයද එක් වූ ලාමක පෙම්වතුන් යුවළකගේ දිනයක අවසානය විය. ජීවිතේ අති දුෂ්කරම මොහොතක් ආවාම, මොන තීරණේ ගන්නද කියලා නොදැන අපි අතරමං වෙනවා නේද? හිතින් හිතන දාහක් දේවල්, හැඟීම් විදියට පිටකරන්න ඒ වෙලාවට අපි කොච්චර උත්සහ කරනවද?

තිමිර, ඔයා මට හමුවුණු දවසෙ මං ඔයාව දැක්කෙ මටම මවපු කෙනා විදිහට. දෙවියන් ඉදිරියෙ පොරොන්දු වුණා ඔයාට ආදරේ කරන්න. විශ්වාසෙන් ඉන්න. හැමදාටම.

” එක්ස්කියුස්මී මිස්ටර්, ඔයාගෙ නම තිමිර ද?”

හෂී මේ යන්නේ මාව චාටර් කරන්න…හපෝ…යි..

“ඔව්, ඇයි මට සර් කියන්නෙ? මාත් ඔයාලගෙම පන්තියෙනේ”

මේ මේ මේකයි තිමිර. ඔයා ජෝක්ස් දන්නවද? මං කිවෙ මේ විහිළු වගේ ඒවා?

ඒ කිව්වේ?

හහ් ඒ කිව්වේ ඉංග්‍රිස් හෝඩියේ ෆස්ට් අකුරනේ”

හෂීගේ කතාවට සිනහ ආවත් මම එය වෑයමින් වලකා ගතිමි.

“මූ ඉගෙන ගත්තට ගොන් ගහක් සඳුවෝ”

ඒ අතර මගෙ කනට ළං වී ඇය එසේද පවසයි..

” ඇයි යාළුවා මොකද කියන්නේ?

යාළුව ද?  එයා කියනවා මේ එයා ඔයාට කැමතී ලු.

හෂී..!!! මොනාද කියවන්නේ?

මං ඇත්තනෙ කිව්වේ.”

මුහුණේ මස් පිඩු නලියාගෙන විත් රත්පැහැ වන සෙයක් මට දැනිනි. මා හෂි ගේ කෑ ගැසිම නැසුනු කන්ව පාරට දිව ගියෙමි. නොසිතු ක්ෂණයෙන් බස් රථයක් වමැසට දිස් විය. සුළඟක් විසින් දැඩිව බමන්නාක් බඳුව දඬු අඩුවක් සේ යමෙකු මාගේ අත අල්ලා ඇදනොගන්නට. සඳු අද කොහෙදැයි නොදනිමි.

“පිස්සු කෙල්ල. මෙහෙමත් පාර පනිනවද?”

තවත් මොහොතක් ගෙවුණු පසු මා පියවි සිහිය ලැබුවාක් මෙන් වටපිට බැලීමි. මේ දකින්නේ සිහිනයක්ද? තිමිර. ඔහු මා වත්තම් කොට ගෙන සිටියි. හෂි කටත් ඇරගෙන බලා සිටින්නේ  කාටුන් එකක් වගේ යැයි මට සිතිනි. මා එක් වරම අහකට වූයෙමි. ඔහු හෂීට යන බව පවසා, මා දෙස ද බලා නික්ම ගියේය.

කාලය ගෙවිනි. අප දෙදෙනා පාසල් කාලය නිමා කර සරසවියට පිවිසියෙමු. එසේ වුවත් ඔහු පුරුද්දක් වශයෙන් මා හමුවීමට එන්නට පටන් ගත්තේ ඒ සිදුවීම සිදු වු දා සිටමය. වෙනත් කිව යුතු විශේෂ යමක් නැතිව වුවත් අපි හමුවුයෙමු. ඔහු මටවත් මා ඔහුටවත් ප්‍රේමයක් ගැන නොකීවෙමු.

වසර 4 කට පසු….

“සඳුනි, අද හවස මං ඔයාලගෙ ගෙදර එන්නද?

ඒ ඇයි තිමිර?

එන්නද කියන්නකෝ.

එන්න. ඒත් අම්මලා.

හරි, ප්‍රශ්නයක් නැ. මං උත්තර දෙන්නම්.

එවෙලෙට ඔයාටත් උත්තරයක් දෙන්න තියෙනවා හොදද.

හ්ම්. බලමුකො.

එදා ඔහු පැමිණියේ තනිව නොවේ. ඔහුගේ දෙමව්පියන් ද සමගය.

ඉඳින් සිතේ විශේෂ යමක් නොවුව ද මගේ දෙමාපියන්ගේද කැමැත්ත මත අපි විවාහ වූයෙමු.  ඇරඹුණේ වසන්තය යැයි සිතුවද එය ගිම්හානයක් වු බව කවුරුන් දනියි ද?

දුරකථනය නාද වෙයි.

“හෙලෝ සඳු.

ඔව්. කව්ද මේ?

ආ තමුසෙද එතකොට අර මිනිහගෙ කරේ එල්ලිලා ඉන්න එකී??

ආහ්? මේ මිස්, ඔයා කව්ද කියනවද කරුණාකරලා..

කරුණාකරන්ඩ?? ඉන්නවා මං එන්නම් කරුණා කරන්න.”

යම් හුරු පුරුදු බවක් දැනුණ ද මම මේ මොහොතේ බිය වී සිටියෙමි. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරි එළියටත් බයයිලුනේ. වැරදිකාර මානසිකත්වයක වුන් මට දැනුනේ පොලොව ගිලාබසින සෙයකි.

“මොකෝ මැඩම්, කටඋත්තර නැතුව ගියා නේ?? එනවා, ඇවිත්මේ දොර අරිනවා මං තමුසෙට කරුණා කරන්නං…”

එක්වරම දොරට මහ හයියෙන් තඩිබාන හඬ ඇසිනි. බියෙන් හා ලැජ්ජාවෙන් තැති ගත් මම හුන් තැනම වාඩි වූයෙමි. මේ කවුරු වෙන්න පුලුවන්ද? සුහස්ගෙ අක්කාවත්ද? වටේ මිනිස්සුන්ටත් ඇහෙයි මේ තඩිබාන තරමට. දොර ඇරපු ගමන් මට ගහයි ද?හ්ම් වෙන දෙයක් වුණාවේ. මට හැඬුම් එයි. දොර ඇරලා ඇතුළට එන්න කියනවා. වැඳලා හරි සන්සුන් කරගන්න බලනවා. අනේ දෙවියනේ මට උදව් වෙන්න.

මම සිහිනයෙන් මෙන් දොර ළඟට ගියෙමි. ඒ වන වට තඩිබෑම නතර වී තිබුණත් මම සිත දැඩි කරගෙන දොර හැරියෙමි. පුදුමයකි. එහි කිසිවෙක් නැත. මම හොඳින් බැලීමි. එහෙත් කිසිවෙක් නැත. තවත් ටිකක් ඉදිරියට ගොස් මම පාර දෙපසද බැලිමි. එහිද බලු බල්ලෙක්වත් නැත. ව්‍යාකූල වූ සිතින් මම නැවත නිවසට ආවෙමි. මහත් සුසුමක් පිට කළ මා හට සිතේ දැඩි පීඩාවක් හා බියක් ඇති විය. ඉදිරි දොර වසා දැමු මම මුළුතැන් ගෙට ගොස් වතුර බීගෙන බීගෙන ගියෙමි. දෙනෙතින් කඳුළක් වැටෙන්නට විය. මේ නන්නාඳුනන තර්ජනකාරිය ගැන සිතමින් සිටි මම මුළුතැන්ගෙයි දොරද වසා දමා සාලයට පැමිණියෙමි. මේසය මත වු මාගේ ජංගම දුරකථනය නාද විය. ඒ සුහස් විය යුතුය. ඔහු හැම දිනකම පුරුද්දක් ලෙස මේ වේලාවට මා අමතයි.

එක් වරම රෙද්දක් මාගේ හිස මත වැටිනි. මට දෙලොව පොල් පෙනුනාක් වැනිය. හොරෙක් ද මිනීමරුවෙක්ද  සියල්ල ක්ෂණයෙන් සිතා මම මරහඬ දෙමින් ඇදගෙන වැටුණෙමි. එයින් එලියට විත් බැලු මට තරහවද සිනහව ද එකට මුසු හැඟීමක් දැනුනත් එහි වුන් පුද්ගලයාගේ අතේ වු දෙය ද ඒ දෙනෙත්වල සටහන්ව තිබු ප්‍රශ්නාර්ථය ද දැක අධික ලජ්ජාවක් සහ තැතිගැන්මක් ඇති විය.

“සඳු, කවුද සුහස් කියන්නේ??”

ඉතිං මේ සියල්ල කර ඇත්තේ මගේ අතිජාත මිතුරිය හෂි ය. ඇගේ අතේ තිබෙන්නේ මගේ ජංගම දුරකථනයයි. ඇය එයට උත්තර දී ඇත. දැන් කුමක් කරන්නද? වසර 2 කට පසු ඇය ලංකාවට පැමිණ ඇත. එහෙත් ආ මොහොතේම මෙබඳු පුවතක් ඇයට කෙසේ කියම්ද?

“හෂී මං  සේරම පැහැදිලි කරන්නම් කෙල්ලේ. ටිකක් ඉඳගන්න.”

එහෙත් ඇගේ මුහුණේ ස්වරූපය දුටු විට කුමක්, කෙසේ, කෙහෙන් අරඹන්නදැයි මට සිතාගත නොහැකි විය.

“මං මහන්න ආසයි. ඔයා දන්නවනෙ හෂි. මං ගෙදරට වෙලා තිමිර එනකල් ඔහේ තනියම. සමහරදාට එයා එද්දි රෑ 12 ත් පහු වෙලා. පිටින් කාලා එන වෙලාවල් වැඩියි. මං තනියම කාලා ඔහේ ඉඳන් ඉද්දි නොදැනිම නින්ද යනවා. මං හිතුවෙ නෑ මගෙ ජීවිතේ මෙහෙම වෙයි කියලා.

ඒත් තිමිර උඹට ආදරෙයි නේද බං…?

ඔව්, ඒත් ඒ ආදරේ මට තවමත් දැනෙන්නෙ නැ හෂි. ඒ දවස්වලත් මං හිතින් විඳෙව්වා. අම්මලා හිතන් ඉන්නෙ මං හරි සතුටෙන් කියලා. කොහොමද මං එයාලට දුකක් දෙන්නේ?

ඒත් සඳු, මොකක්ද මේ පිරිමි කෙනාගෙ කතාව??

හ්ම්. මං කියන්නම් හෂි. දවසක් මං උදේ ඇහැරුණාමවත් තිමිර ඇවිත් හිටියෙ නැ. එදා මං පන්තියට ගියේ පුදුම දුකෙන්. පන්තිය ඉවරවෙලා බස් එකට ඇවිත් වාඩි වුණා. ඒත් තිමිරගෙන් කෝල් එකක්වත් නෑ. මට ඇඬුණා. මං ඔළුව තියාගෙන ඇඬුවා. මට දැනුනා කවුරුහරි ළඟින් වාඩි වුණා කියලා. මං ලේන්සුව හෙව්වා. එක බිමට වැටිලා. ඒක අහුලලා දුන්නෙ සුහස්. මං ස්තුති කළේවත් නැ. ඔළුව නවාගෙනම ලේන්සුව ඉල්ල ගත්තා. තවත් ටිකකින් එයා මට කතා කරල ඇහුවා මේසන් පාර කොහෙද කියලා. මට හිනා යන්න ආවා.

මේසන් ද ලීසන්ස් ද කියලා මං ඇහුවා. ඇයි අඬන්නෙ කියලා එයා මගෙන් ඇහුවා. මං කතා කරනවා තියා මූණවත් බැලුවෙ නෑ හෂි. ඒත් මහා පුදුම විදියට එයාගෙ හුරු පුරුදු බවක් දැණුනා. මං මගුල් මුද්ද පේන්නම ඉස්සරහ බාර් එක අල්ලගත්තා. ඒ පාර අහනවා, අඬන්නෙ  බබාට අසනීපද කියලා. ඒත් මං කතා කළේ නැ. මං බහින්න ළං වෙලා තමා මුණ බැළුවෙ. නින්ද ගිහිං. ඒත් මං නැගිටිද්දි ඉක්මනට ඇහැරිලා ඉඩ දුන්නා. මං කාලා හිටියෙත් නෑ. රෑටත් කෑවෙ නෑ. එකපාර කලන්තයක් ආවා. මෙන්න මේ මනුස්සයා මං ගාව මට සිහිය එද්දි. මං ඇස් අරිද්දි එයා ඩොක්ට එක්ක කතාව. ඩොක්ට කිව්වා කෑම නෑ. ඒකයි දුර්වල, හොඳින් බලාගන්න කියලා. එයා නිකන් මගෙ මහත්තයා වගේ සේරටම හා කිව්වා. පස්සෙ මාව ගෙදරටත් ගෙනත් දාලා වචනයක්වත් නොකියා යන්න ගියා. මාත් කතා කළේ නැ. පස්සෙ මටම දුක හිතුණා, මෙච්චර උදව් කළ කෙනාට ස්තූතියි කිව්වෙ නැති එකට.

ආයෙ දවසක් හෝල්ට් එකේ දි මං එයාව දැක්කා. පාරෙන් එහා පැත්තේ. මං පනින්න යද්දි එයා අතින් ඉන්න කිව්වා. එයා මං ළඟට ඇවිත් ඇහවෙ දැන් කොහොමද කියලා. මං කිව්වා හොදයි. උදව් කළාට ස්තුතියි කියලා. එයා කිව්වා එයා සුහස්, එදා තමා කොළඹට ආවෙ කියලා. මාස දෙකක් විතර අපි හමුවුණා බස් එකේ. අපි කතා කළා. අඳුන ගත්තා. ඔයත් නැති කාලෙ එයා මට යාළුවෙක් වුණා.

පස්සෙ උඹලා බැන්දා?

නැ බං. මං එයාට කිව්වා මගේ තත්ත්වෙ. දවසක් එයා මට කිව්වා, මාව දැකපු දවසෙ ඉඳන් ආදරේ කළා කියලා. මං කිව්වා මං මැරීඩ්. සොරි කියලා. මං හිතුවෙ එයා විහිළු කරනවා කියලා. මාත් හිතින් එයාට ආදරේ කළා. ඒ ගතිගුණ, ඉවසිම, සවන් දීම, ආරක්ෂාව, ආදරේ, තේරුම් ගැනීම..ගෑනියෙකුට වෙන මොනවද ඕනෙ?

හ්ම්. ඉතිං උඹ ගොං දෙන වගේ ඌ එක්ක රූම් ගියා???

හෂි උඹට මාව එහෙමද පේන්නේ??

එහෙනම් මොකද මු මෙච්චර ලව්??

උඹව බ්ලැක්මේල් වෙයි ළඟදිම. ඕකා කුඩ්ඩෙක් හරි, ගැනු පෙරේතයෙක් හරි වෙන්ඩ ඇති ෂුවර්.

හෂි!!! මට එයාව විශ්වාසයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. තාමත් එයා මට එදා වගේම ආදරෙයි.

ආහ් යාළුවට කේලම් කියනවා වගේ?

ති..ති.මි..ර..

“මොකද, යාළුවා කේලම් කියනව ද???

නෑ මේ ඔයාගෙ ආදරේ ගැනම තමා කතාව.

ඒකනේ, අපි මහන්සි වෙන්නේ  ඔයාලා නිසා තමා.

කවුද සුහස් කියලා නමක් කියනවා ඇහුණේ?

ආහ්, ඒ මේ මට ෆ්ලයි කරද්දි හම්බුණ පයිලට් කෙනෙක් අනේ.

ආදරයක් ගැන කිවේ? දෙන්නා සෙට් වුනාද?

මේ, න්නැ..මං කැමති වුණේ නැ.

හෂි එක සීරුවට බොරු කියයි. ඇය අසුවෙතැයි මට සිතිනි. හෂි පවු.

මං ඔයාට තේ එකක් අරන් එන්නම් තිමිර.

ආහ්, ඒකෙන් මේකෙන් ආපු වැඩෙත් අමතක වුනා. මට තේ එපා. දෙන්නා බොන්න. මං ඔෆිස් පාර්ටි එකකට යනවා. ෂැනොන් එකේ තියෙන්නේ.

ඉතිං සඳුවත් එක්ක යන්න තිමිර..

ඔයා ඉන්න නිසා එයත් ඉඳිවි. අනික ෂැනෝන් එන්නේ බිස්නස්මන්ලානෙ හෂිනි.

මා කෙදිනකවත් ඔහු හා සාදයකට ගොස් නැත. තිමිරගේ කාර්‍යාලයේ මිස්ට කිත්සිරි, යන යන තැන ඔහුගේ බිරිඳ වන කුමාරිව කැටුුව යන බව මට කිවේ ඇයමය. ඇය ගම්බද තරුණියකි. එහෙත් ඔහු හැමටම ඇය හඳුන්වා දෙන බව කියන්නේ මහත් ආසාවෙනි. තිමිර වොෂ් එකක් ගෙන ජැන්ඩියට ඇඳගෙන පිටත් විය. තේ බි නිමා වු අපි කතාවට වැටී සිට්න විට හෂි ඇවිඳින්න යමුයි කිවෙන් අපි ෂැනොන් හෝටලයේ පහළ මාලයේ වු ඩෙසට් ෆෑන් නම් කොටසට ගියෙමු.

මට වොෂ් රූම් යන්ඩ ඕනා බං.

අපෝ බං ආවා විතරයි. මට නම් බැ.

ආහ්, උඹට චු බර වෙන්නෙ නෑ වගේනේ කතාව. මං ගිහිං එනකල් උඹ ගිහිං හොද වටලප්පන් දෙකක් ගෙනෙන්.

එසේ කියු හෂි දුවපු දිවිල්ලට මට හිනාය. මමද කවුන්ටරය වෙත ගියෙමි. ඒ අතර හෂි කඩාගෙන දුවගෙන අවේ යකෙක් දුටු පරිදිය.

මොකෝ බං??

ති.මි..ර..

ඉතිං, මෙහෙට තමා ආවෙ. ඇයි? උඹට හම්බුණාද?

අතන ගැනියෙක් එක්ක..

හෂි අත දිගුකල දෙසට මා ගියා නොව යැවිනි. ගැහැනියක සිය සැමියා දැකිමට අකමැති යම් සේද…එලෙස මම තිමිර දුටිමි. දණෙන් උඩට වු තද රතු පැහැ ගවුමක් ඇද සිටි නවීන පන්නේ කෙල්ලක සමග ඔහු අනග රැගුමේය. ළයෙන් බාගයක් පෙනෙන සේ කැපු හැට්ට කරින් අත දාගෙන ඉන්නා ජුගුප්සාජනක හැසිරීම බිරිඳ වු මට ගෙන ආවේ පිලිකුලකි. කියා ගත නොහැකි තැන් තැන් පිරිමදිමින් ලජ්ජාසහගතව හැසිරෙන මේ දෙදෙනා දෙස අනෙකෙකු හැරීවත් නොබලයි. වේදනාව පිරි දැසින් මම ඒ සුඛෝපබෝගි අවන්හලේ මාගේ ආත්මය දමා ආ සෙයකි. පාර දිගේ කෙසේ,කොපමණ දුර ආවාද නොදනිමි. රැයද දවාලද නොදනිමි. කුමක් කියන්නද මටවත් නොහැගේ.

සඳු.. ඔහොම ඉදපන් බං.

තවත් දුරක් ගිය පසු මට හෂිගේ හඬ ඇසිනි.

මා ගලක් මෙන් වි යැයි සිතමි.

උඹ හොදින් නේද?

මම කිසිත් නොකීවෙමි.

හෂි මා කැටුව නිවසට ආවාය.

මේ වතුර එක බිපං ආ.

මම එය අතට ගතිමි..

උඹ ඒ වගේ දෙයක් දැනන් හිටියෙ නැද්ද සදු??

මම මහ හයියෙන් ඉකි ගසා හැඬුවෙමි.

මම සුහස්ටවත් මාව අල්ලන්නවත් දුන්නෙ නෑ හෂි. කොච්චර ආදරේ කලත් එයත් කවදාවත් මට ළං වුණේ නැ මගෙන් කැමැත්ත නැති නිසා. මං තිමිර වෙනුවෙන් රැකගත්තු පිරිසිදුකම එයා නැති කරගෙන හෂි. මේ අවුරුදු තුනටම එයා මගෙ ළඟටවත් ආවෙ නැ. රෑට රෑ වෙලා අැවිත් ඇදේ අනිත් පැත්තෙන් නිදාගන්නවා. මං වඳයි කියලා එයාගෙ අම්මා නෑනාත් එක්ක කියනවත් මට ඇහිලා තියෙනවා. ඉහි…ඉහි.. ඒත් මං ඉවසුවා. මට අඩු ආදරේ විතරයි කීවට තිමිර මට ජීවිතේ දුන්නෙත් නැ හෂි…ඉහි…ඉහි…

දැං උඹ මොකද කරන්න හිතන් ඉන්නේ. මං වගේ නම් නඩු දානවා වන්දි ඉල්ලලා. මං කියන්නෙ උඹ සුහස්ව බැඳපන් මුගෙන් ඩිවෝස් වෙලා බං. තවත් විඳවන්න එපා බං.

මට බැ බං. මම සුහස් ගෙන් අයින් වෙනවා.

එදින මා හමුවන ලෙස මම සුහස් ගෙන් ඉල්ලීමි. ඔහු කෙදිනකවත් මා අත්නොහරින බව මට විශ්වාසය. එහෙත් මෙහි නිමාවක් විය යුතුය. සිතේ අමුතු බියක් ඇති වන්නේ ඇයි ද කියා නොදනිමි. මං මැරුණොත් මිස ඔයාව අතාරින්නෙ සෑ සඳු. ඔහු කී සැටි මට සිහිවේ. වෙලාවටත් පෙර ඔහු එතැනට ආවේය. මේ අප පළමුව හමුවූ බස් නැවතුමයි.

සුහස්.

කියන්න සුදු බබෝ.

අදින් පස්සෙ අපි මුණගැහෙන්නේ නැ.

ස..ඳු…

ඔහු වේදනාව පිරි දැසින් බලා හිදී….

මං ආදරෙයි මැරෙන තුරාවට. ඔයා හොඳින් ඉන්න රත්තරං…

මම නැමී ඒ උත්තම පුරුෂයාගේ දෙපා වැන්ඳෙමි. ඇසිල්ලකින් බස් නැවතුමෙන් මම පිටත් වීමි. අඩි දෙක තුනක් යාමට නොහැකි වුණි.

සු..හ…ස්…

මා දුටුවේ පසුපසින් පැමිණි බස් රථය මා දෙස බලා සිටි ඔහුගේ වදිනවා පමණි. මට සිහිය එන විට මා මා සිටියේ ගෙදර සාලයේය. හෂි කඳුළු පිරි දැසින් බලා සිටියි. අප දෙදෙනාම සුහස් හමුවීමට ගියත් ඇය මග නැවති සිටියේ අපට බාධාවක් නොවිමට ය.

හෂි කෝ සුහස්. කියන්න දෙයියනේ!

සඳු, සුහස් ආයෙ නොඑන්නම ගියා. යන්නම ගියා.

අනේ රත්තරං…..

අසනි වරුසාවක් මෙන් කඳුලු කඩා වැටෙද්දි මගෙන් වු පාප කර්මය සිහි කරත්ම ඒ අහංසක සුදු මුහුණ මා තනිකර ගොස් තිබුණි. සුහස් නැතිව මම මාස තුනක් ගත කළේ කෙසේ දැයි නොදනිමි. ඔහු නික්ම ගිය දා පටන් මම බොහො සේ වේදනා වින්දෙමි. එහෙත් කිසිවෙකු නොදන්නා රහසක් විය. මම කණ්ණාඩිය ඉදිරියට යන හැම විටම සුහස් මා හා කතා කරන්නට පැමිණෙන බව දැන සිටියේ මා පමණි. දිනක් මා සුහස් හා කතා කරමින් සිටින විට තිමිර පැමිනියේය.

“සඳුනි මොකද? උණ විකරෙන්ද? කා එක්කද කතා කරන්නේ?

කියමින් තිමිර කන්නාඩිය වෙත අවේය.

මම කිසිත් නොකියා සිටියෙමි. කාමරය දෙස හොදින් බැලු ඔහු ජනේලය අසලට ගොස් පිටතටද නෙත් යොමා බැලුවේය. ඉන් පසු මවෙත පැමිනි ඔහු මා දෙස හෙලුවෙ මා දවා හලු කරනා තරම් බැල්මකි. ආපසු යන්නට හැරුණු තිමිර දෙස බලා මම,

“ඔයාට හොර අඹුවො හිටියට මට එහෙම අය නෑ යි කිවෙමි”

එයින් කුපිත වු තිමිර මා වෙත හැරුනේ,

මොකද්ද උඹ කිවේ කියමින් සුරත ඔසවාගෙනය. එක් වරම ජනේලය ඇරී තද සුළඟක් හමා විත් කණ්ණාඩිය උඩ වූ මල් බඳුන තිමිර ඉදිරියෙ බිඳි ගියෙන් ඔහු පසුපසට පැන්නේ ඉන් බේරීමටය. ඔහු සේම මමද ඉන් ගැස්සි ගියෙමි. ජනෙලය වැසුවේ තිමිරමය. එය ඇරුනෙ කෙසේදැයි අප දෙදෙනම සිතු බව නම් නිසැකය. වේගයෙන් දොර දෙසට ගිය ඔහු මහ හඬක් නන්වාගෙන දොර වසා දමා පිටව ගියේය. නැවතත් සුහස් කන්නඩිය ඉදිරියට ආවේය.

ඇයි ඔයා මාව දාලා ගියේ සුහස්?

මන් ඔයා එක්ක ඉන්නවා සඳු. ඔයා තිමිරට ලන් වෙන්න ඔනා. සතුටින් ඉන්න ඔනා. මන් ඒක දකින්න ඕන සඳූ. මට සැනසෙන්න ඕනා. නැතුව මට මෙහෙන් යන්න බැහැ. මට පොරොන්දු වෙන්න ඔයා මගේ කැමැත්ත ඉෂ්ට කරලා මාව නිදහස් කරනවා කියලා සඳූ.

මං පොරොන්දු වෙන්නම්. ඔයාව නිදහස් කරන්න. ඈත් වෙන්න නෙවේ සුහස්. අදත් ඔයා මං එක්ක ඉන්නව පොරොන්දු උනු විදියටම. එත් මම?

සඳූ..

ඒ හශී ය. සුහස් නොපෙනී ගියේය. මම හැරී බැලීමි.

සඳූ කා එක්කද කතා කලේ?

සුහස් එක්ක හශී.

ආහ්..හ්..??? උඹට විකාරද සඳූ?? අද සුහස්ගෙ තුන් මාසෙ දානේ…

මම සිනාසීමි.

එයින් හශී බියපත් වූ බව දුටු මම දානයට යාමට පිටත් වුනෙමි. පන්සලට දානය ගෙන ගිය අපි දාන කටයුතු නිම කලෙමු. සුහස් නමින් පින් අනුමෝදන් කල මා ඔහුගෙ පැතුම ඉටු කිරිමට අදිටන් කලෙමි. ඒ උත්තම පුරුෂයා වෙනුවෙන් දිවි පුද කිරිමට වුවත් මම දැන් නොපැකිලෙමි. ගෙදර පැමිනි මම හෂීට කිවෙ මට සැලෝන් යාමට අවැසි බවයි.

මට ඇත්ත කියනකල් මම උඹට උදවු කරන්නෙ නැ සඳූ..

ඉතින්.. ඇත්තම කීමට මම සූදනම් වීමි. සුහස්. තවමත් මා සමග බව ඇයට කිමට මම තීරණය කලෙමි. මගෙ ඉදිරි අරමුණද ඇයට කිමට මම තිරණයක් ගතිමි. තිමිරගේ වෙනසක් දකින්නට මම බොහෝ සේ වෙහෙසුනෙමි. එහෙත් ඔහු මා හට සමීප වනවා තියා තවත් මගෙන් ඈත් විය. මට සුහස්ට වූ පොරොන්දුව ඉටු කිරීමට නොහැකිවෙතැයි මම සිතුවෙමි. අවසන තිමිරගේම මග යාමට මම තීරණය කළෙමි. මම තිමිරට ආදරය කරන්නට පටන් ගතිමි. සුහස් මගෙන් බලාපොරොත්තු වූයේද එය බව මම දනිමි.

හෙලෝ මිස්ටර් තිමිර..හව් ආ යු??

ෆයින් මිස්ටර් කැලුම්.. කාලෙකින් නේ??කවද්ද ලංකාවට අවේ??

දැන් සති තුනක් විතර. බිස්නස්වලට ආවේ. මෙ පාර ඒෂියා බෙස්ට් බිස්නස් මන් අවෝඩ් එක ඔයාගේ උනා නේද??

අවොඩ්ස් නම් ඕන තරම්. හිතට සෙට් වෙන කෙල්ලෙක් තමා තාම නැත්තේ..

වට්? තාම අන් මැරීඩ් ද??

හ්ම්…

(සතියකට පසු…)

තිමිර අර බලපන්කෝ අර ග(ර්)ල්  ..වාව්..කව්ද ඒ??

මාත් දන්නේ නෑ බන්..

මට ආසයි එයාව දැන ගන්න…

මේ තිමිරට නම් ඕවා සිම්පල් මස්සිනා. සතියක් දියන් කෙල්ලව ලඟට ගෙන්නලා පෙන්නන්නම්…

ආහ් උඹ එච්චර දක්ශද?? උඹට සඳූගෙන් කන්න වෙයි බලන් මචෝ..

ඒවා හඳේ තමා..එයාට කව්ද බය..

උරහිස දක්වා කෙටි වරල වර් ණ  ගන්වා ඇත. ඇහි බැම මනාව සකසා පැහැගැන්වු කල මුහුන පියකරුය. ඇඟටම හිරවු ගවුම සිරුරේ හැඩය මනාව උලුප්පා පෙන්වයි. නවීන පන්නයේ ජන්ගම දුරකතනය විලසිතාවකි. ලා රෝස පැහැ ගැන්වු දෙතොල් සැසලෙන්නේ බියටද ලජ්ජාවටදැයි නොදනිමි. කැඩපතින් පෙනෙන කෙනා හඳුනා ගැනීමට මටද අපහසු විය. තිමිරගේ ප්‍රතිචාරය කුමක් වේදැයි මා බලා සිටිමි…

“ස්.ස්..මේ..”

මම මුකුත් නොදන්නා පරිද්දෙන් වටපිට බැලීමි. මට කතා කරන්නේ තිමිරය. මම නෑසුනු කන්ව රිසෙප්ෂන් එක වෙත ගියෙමි.

“මිස් මොනාද මගෙන් කෙරෙන් ඕනේ?

මට රූම් එකක් බුක් කරන්න ඕනෙ ..ෆෝ අ මන්ත් ඕකේ??

ඕකේ මෑම්..මිස්ගෙ නමින්ද..?

යා..මයි නේම් ඊස් ෂැනෝන් ක්‍රිෂ්..⁣..

ඕකේ මිස්, වෙනත් යමක් ඕනද මිස්??

ම්ම්..මට බීච් සයිඩ් එකේ රූම් එකක් තිබුණොත් නම් හොඳයි..

ඕකේ මිස්..වී විල් ප්‍රොවයිඩ් යු අ බෙස්ට් සර් විස්  ..එන්ජෝයි යුවර් වැකේෂන්..

තැන්ක් යු..”

තිමිර මගේ තොරතුරු සියල්ල අසා ගත් බව මම දැන සිටියෙමි..

මට අවශ්‍ය වුයේද එයයි…

මා ඉහළ මාලයට ගියේ සේවකයෙකුද සමග වුවත් මා බොහෝ සේ වෙව්ලන්නට විය..

මේ කරන්නේ මෝඩකමකැයි මට සිතිනි…

එහෙත් දැන් ආපසු හැරිය නොහැක..

අරමුණට යා යුතුමය…

සේවකයා මා කාමරය වෙත හැරළු පසු ඔහුට ස්තූති කළ මම ඔහු පිටත් කළෙමි..

තිමිර මා පසුපසින් පැමිණ ඇති බව මම දුටිමි ..

මම දුරකථන ඇමතුමක් ගෙන ඔහු නුදුටු පරිදි කාමරයට ඇතුළු වී දොර වසා දැමුවෙමි..

දැන් මේකයි වෙන්න ඕන.. මම අනිත් පසින් වූ පුද්ගලයාට කීවෙමි…

ඔහු එය අනුමත කළෙන් මම කාමරෙන් බැහැර ආවේ එක්වරමය…..

තිමිර තවමත් මාගේ කාමරය ඇති කොරිඩෝවට වී සිටියි…

මම දොර වසා දමා හැරෙන විටම බිම ඇද වැටුණෙමි..

“ආව්..ෂිට්..වට් අ පේන්…ප්ලිස් හෙල්ප් මී සම්වන්…”

මම කෑ ගැසීමි…

ලද අවස්ථාව පැහැර නොහරිමින් තිමිර මා වෙත ආවේ මගේ සැලැස්ම සාර්ථක කරමිනි…

“මිස් වට් හැපන්??”

ඔහු ආචාරශීලී විය. එකල මා දුටු සොඳුරු තරුණයා ඒ තුළ විය.

“ප්ලිස් හෙල්ප් මි මිස්ටර්”

ඔහු මා වෙත නැඹුරු විය. කෙදිනකවත් නොලද ඔහුගේ පහස දැන් දැන් මා සතුවන බව දනිමි. ඔහු දොර හැර මගේ දෑතින් අල්ලා ගත්තේ මා නැගිටුවන්නටය. එහෙත් මම නැගිටින්නට නොහැකි බවක් දක්වමින් ඇද වැටුනෙමි. ඔහු එක්වරම මා ඔසවා ගති. මම ද ඔහුව මෘදු ලෙස ස්පර්ෂ කළෙමි. ඔහු මා දෙස බැලුවේ මනමාල බැල්මකිනි. ඇඳ මත මා හිඳවූ ඔහු නැමී මගේ පා වහන් මුදාලූවේය.

“කොහෙද රිදෙන්නේ??”

කිසිදාක මගේ වේදනාවක් නොදුටු ඔහු අද නන්නාඳුනන ගැහැනියක ලඟ වැටි සිටි. එහෙත් දැන් ඒ සියල්ල අමතක කොට මගේ අයිතියද ඔහුද ලබා ගත යුතුය.

“මං හිතන්නේ අැන්කල් එක. පෙරළුනු නිසා මොකක්හරි වෙලා.”

මම දෙතොල් අැද කරමින් කිවෙමි.

මං ටිකක් බලන්නද? ඔහු ඇසීය.

මම හිස වැනුවෙමි. ඔහුගේ ඇඟිලි රටාවකට මගේ පා මත දුවයි. බිම වාඩි වු ඔහු මගේ පාද ඔහු උකුලට ගෙන පිරිමදි. දුකක් නොදැනුනාම නොවේ. මම එක් වරම ආහ් කියමින් ඔහුගේ උරහිස මිරිකා ගතිමි.

සොරි බබා. කි ඔහු දැන් කොහොමදැයි ඇසීය.

“තැන්ක්යු…මිස්ටර්…

මම තිමිර. ඇන්ඩ් යු මිසිස්??

නෝ අයැම් මිස් ෂැනොන් ක්‍රිෂ්.

ඕකේ සි යු සූන්”

කී ඔහු පිටත්ව ගියේ නැවත හමුවෙමු කියාය. ඔහු ගිය විගස මම ඇඳුම් මාරු කොට ගෙන මා ලද දුරකථන අැමතුමෙන් පසු කඩිනමින් පෙරේරා වීදියට ලගා වුනෙමි.

තිමිරයා උඹ හෙන පොරක් නෙ බන්. කොහොමද බන් ඔච්චර හරියක් කළේ??

මං කිව්වනේ මස්සිනා කෙල්ලෝ නම් මට නතින් කියලා. ඔන්න බලපං මං මාසයක් ඇතුලෙ ඒකිව දාගන්න හැටි.

බර අත්තක් වගේ නේ බං..

මට නැති මනි ද මල්ලි? මට ඕනේ මේ ගේම් එකේ ෆන් එක විතරයි.

වේගයෙන් ඇවිදීම නිසා හද ගැස්ම වැඩි වී ඇත. කණ්ණාඩිය ඉදිරියට ගිය මම මා දෙසම බලා සිටියෙමි. දැන් කුමක් වුවද ආපසු නොහැරී ගමන් කිරිමට තීරණය කළෙමි. නාන කාමරයට වැදුනු මම ඇති පදම් නා ගතිමි. වෙලාව යනවා දැනුනෙවත් නෑ. මා තුවාය හැඳගෙන කාමරයට එන විට තිමිර එහි විය.

හොඳයි වැඩ කරන පිළිවෙළ. දොරත් හායි ගාලා ඇරලා. මෙයා කිමිදෙනවා. එකෙක් ගෙට පැනපුදාට හරි. එක අතකට ගෙදර දෙයක් අතගාගෙන ගියොත් මිස මෙයාගෙ මොනා බලන්නද?

මට හීල්ලිනි. මේ කතා කරන්නේ මගේ නීත්‍යානුකූල සැමියාය. ගරහන්නේ, අවමන් කරන්නේ ඔහුගේම බිරිඳටය. මීට සුළු මොහොතකට පෙර සිදු වු දේවල් මා මනසේ ඇඳී මැකී ගියේය.

මට රෑට ඔෆිස් එකේ වැඩක් තියෙනවා. කාලා බීලා, දොරවල් වහලා නිදා ගන්න. මං එහෙන්ම කනවා.

මම දවස් දෙකකට හෂීලාගේ දිහා ගිහින් එන්නද?

ඇයි දෙකක්?? සතියක්ම ඉඳලා එන්න. මටත් වැඩ ගොඩයි ඔෆිස් එකේ. ගෙදර එවෙන්නෙත් නැනේ. ඒක නෙවේ දවල් කොහෙවත් ගියාද?? හොටෙල් ෂැනෝන් පැත්තේ??

න්..නැ..නෑ…ඇයි?

එක අතකට ඒ වගේ වුණාට ඒ ලුක් එක පැත්කතින්වත් යන්න මෙයාට බැහැනෙ කියා තමාට ඇසෙන පරිදි කිවත් ඔහු කිදේ මට ඇසිණි. මට ඒවා කොහොමත් පුරුදුය. හෂි ගේ නිවසට යාමට ලැබීම මගේ පළමු පියවර සාර්ථක වීමකි. තවත් මොහොතකින් ඔහු පිටව ගියේය.

හෂි මං හවස එනවා. මං කියපු දේ පටන් ගත්තා. ඇවිත් ඉතුරුවා කියන්නම්. යාළුවට කතා කරලා ස්තුති කරන්න. හොඳද. දුරකථනය විසන්ධි කළ මම කැඩපත ඉදිරියට ගියෙමි. කවුළුවෙන් හමා ආ සුළඟින් සුහස්ගේ ආගමනය මම හඳුනා ගතිමි.

සඳු, ඔයා හොඳින් නේද?

හ්ම්..

ඔයා තිමිරගෙන් පලිගන්නවා නෙවේ නේද?

නැ සුහස්. මං ඔයාගෙ කැමැත්ත ඒ විදියටම ඉටු කරන්නම්.

විදුලි සීනුව නාද විය. මම ඇඳුමක් දමාගෙන පහළට ගියෙමි. ඉදිරිපස දොර වෙත ගිය මම කවුළුවෙන් බැළුවෙමි. පැමිණ සිටින්නේ හෂීගේ යාළුවා විය යුතුය. මා වෙනුවෙන් හෂී කරන්නේ ද මහත් කැපවීමකි.

“ආහ්, එන්න මිස්ටර්..

මං කැළුම් සඳුනි, හෂී කිව්වෙ මං ගැන තමා.

ආහ් ඔව් මං හැඩරුව්න් ඇඳිනගත්තා.

දැන් මොකද කරන්න හිතන් ඉන්නේ?? තිමිරට නම් මේක ෆන් එකක් විතරයි. ඒත් හෂී කිව්ව දේවල් එක්ක ඔයාට නම් මේක ජීවිතේ ගැන ප්‍රශ්නයක්.

හ්ම් මොනා වුණත් මං උදව් කරන්නම්.

මං දන්නවා මිස්ටර් කැළුම් ඔයා හොද යාළුවෙක්. මට ඕනෙ මගෙ මහත්තයගෙ ආදරේ. එයත් එක්ක ජීවත් වෙන්න. සුහස් ගැන හෂී කියන්න ඇති කියලා මං හිතනවා.

සඳුනි මට අයියා කියන්න. අපි සහෝදරයො වගේ දැන්. මං පුදුම වුණා සුහස් ගැන කතාව අහලා. ඇත්තටම ඔයාට කණ්ණාඩිය බලපුවාම එයාව පේනවද?? මේක කවදාවත් අදහන්න බෑ මට, හෂී කියපු නිසා විශ්වාස කලා මිසක්. මටත් බැරිද එයාව දකින්න??

අයියෙ මං කියන්නේ ඇත්ත, එයා එනවා. ඒත් හෂී ටවත් එයාව පේන්නේ නෑ..මං කතා කරද්දි එයත් අහන් ඉඳලා නම් තියෙනවා. අනේ මට තේරෙන්නේ නෑ අයියේ.

ඒකට කමක් නෑ නංගී, අපි ඔයාගේ අරමුණට යමු. දැන් අපි හෂී ගේ දිහා යමු. එයා බලන් ඇති, මටත් තිම්ර හම්බෙන්න ඕනෙ.

ඔව්, අපි එනවා කියලා මං හෂීට කිව්වා.

අයියා යමු, මං බෑග් එක අරන් එන්නම්.

කාලය වේගයෙන් ගමන් කරන්නාක් මෙන් මට හැඟේ. මම තිමිරට ළඟා විමට කුමක් හෝ කරන්නට සිතා ගත්තෙමි. බෑගය ගෙන කැඩපත දෙස බැලූ මට සුහස් දිස්විය.

සුබ ගමන් සඳූ…

ගිහිං එන්නම් සුහස්..

හෝටලය පසු කර යන විට තිමිරගේ කාරය එහි මම දුටිමි. මදක් සැඟවී  ගත් මම ඊළඟ පියවර ගැන සිතුවෙමි. කැළුම් මා හෂී ගේ නිවසට හැරලා තේ එකක් ද බී ඉක්මනින් පිටත් විය. ඉන් පසු අප දෙදෙනා කළ යුතු දේ ගැන කතා කර ගතිමු. මම තිමිරට කෙටි පණිවිඩයක් යැව්වේ හෂී ගේ නිවසට ආ බව කියමිනි. එයට ද කිසි ප්‍රතිචාරයක් නොවීය. කෙසේ වුවත් කම් නැතැයි සිතා ගත් මම හෝටලයට යාමට සූදානම් වූයෙමි. හෂී මා පෙර දින මෙන් වෙනස් කළ පසු ඇගේ නිවසේ තිබූ කුලියට ගත් රථයෙන් මම පිටත්ව ගියෙමි. මා හෝටලය අසලට ගොස් කැළුම් අයියාට ඇමතුමක් ගතිමි. ඔහු කීවේ තිමිර ආහාර ගන්නා කොටසේ සිටින බවත් දොර දෙස බලමින් හිඳිනා බවත්ය. කැළුම් අයියා ගේ දැනුම් දීමෙන් මම ඉදිපස දොර වෙත පැමිණියේ කාරය පාක් කිරීමට සේවකයෙකුට පැවරීමෙන් පසුය. මා ඇතුළුවත්ම තිමිර කාර්යබහුල පරිද්දෙන් ලැප්ටොප් එක දෙසට දෑස් විහිදන්නට විය. ඔහුගේ අරමුණ දන්නා මම ඔහු නොදුටු පරිද්දෙන් රිසෙප්ෂන් එක වෙත ගොස් සේවිකාව හමුවීමි.

ගුඩ් මෝනින් මැඩම්

ගුඩ් මෝනින් මෝනා.

හව් ඊස් ටුඩේ,

ෆයින් මෑම්.

කවුරුත් ආවද මාව මීට් වෙන්න??

නැ මැඩම්, ඒ සර් කෙනෙක් ඇවිත් මිස් රූම් එකේද කියලා නම් ඇහුවා.

හ්ම්. ඔකේ, මං බලන්නම්. මගෙ රූම් එකේ කීස් දෙන්න මෝනා..

ආ මැඩම්. හෑව් අ ගුඩ් ඩේ!

කාමරයට පැමිණි මට දුරකථන ඇමතුමක් ගත් කැළුම් අයියා කීවේ, තිමිරද මෙහි කාමරයක් ගෙන ඇති බවයි. දැන් මා වඩාත් පරීක්ෂාකාරී විය යුතු බව මට හැඟිණි. මා සරල ඇඳුමකින් සැරසී කෝපි කෝප්පයක් ගෙන්වාගෙන පිටත බරාදයට වී එය තොල ගාමින් සිටියෙමි. තිමිර මා සිටි තැනට කාමර 4ක් දුරින් දුරකථන ඇමතුමක සිටියේ මා නොදුටු පරිදිය, එක්වරම මට ඇමතුමක් ආ අතර, යමෙකු මා අතින් දුරකතනය උදුරන්නට තැනූ අතර මම ද කෑ ගැසීමි.

හෙල්ප්! තිමිර ඒ සැනින් දුව ආ අතර ඒ කොල්ලා පසුපස දුවන්නට විය. මමද පසුපසින් ගියෙමි. එක් වරම යමෙකු මා තදින් අල්ලා පසෙකට ඇද්දේය.

ආහ්. කැළුම් අයියා, කොල්ලෙක් මගෙ ෆෝන් එක අරන් දිව්වා.

නංගි නවතින්න, කලබල වෙන්නෙපා. ඕක තිමිරගෙ ප්ලෑනක්. ඔයා දැන් මං කියන විදියට කරන්න..

හරි අයියේ, මං එහෙම කරන්නම්…

ඉදිරි සැලැස්ම කතාකරගෙන අපි දෙන්නා දෙපැත්තට ගියා. මට මේ සිදුවීම් දකිද්දී ෂර්ලොක් හෝම්ස්වත් මතක් වුණා. අයියා කියපු විදියට මං පඩිපෙල මුල ඉඳන් ඔළුව අල්ලන් කලබලෙන් එහෙ මෙහෙ යන ගමන් එලිය බල බල හිටියා. වටේම අය මේ සිද්ධිය බලන් තමා හිටියේ. රිසෙප්ෂන් එකේ හිටිය මෝනා පවා හිටියෙ කලබලෙන්. තව ටික වෙලාවකට පස්සෙ තිමිර අර කොල්ලවත් ඇදගෙන ඇතුලට ආවෙ වීරයෙක් වගේ. කට්ටියම වට වෙලා බලන් ඉද්දි තිමිර අර කොල්ලව මං ළඟට තල්ලු කලා. කලින් පාඩම් කරපු කතාවක් වගේ ඒත් දුක් බරව ඒ කොල්ලා කියනවා…

අනේ මිස් මට සමාවෙන්න. මං දුප්පත්කමටයි මෙක කලේ. මාව පොලිසියට අල්ලලා දෙන්න එපා. මගෙ අසරණ අම්මව බලා ගන්නෙත් මමයි. ඉහි..ඉහි..

මං ඒ කොල්ලට මුකුත්කිවේ නැ, මං දිහාට දික් කරන් හිටපු ෆෝන් එක අරන් මාත් එක්ක එන්න කිව්වා. එකපාරම තිමිර මා ලගට ඇවිත්,

අ යු ක්‍රේසි ක්‍රිෂ්? ඇයි මේ හොරාව එක්ක යන්නෙ කියලා ඇහුවා..

නෝ මිස්ට තිමිර, බට් අයි හෑව් අ හාර්ට් විත් ෆීලින්ග්ස්. අයි ජස්ට් වෝන්ට් ටු හෙල්ප් හිම්…

එකවරම ඔහු දෙසට රුපියල් 5000 ක නෝට්ටුවක් දිගු කල ඔහු මා යමක් කියන්නටත් පෙර ඒ කොල්ලාව පිටත් කලා. සැලැස්ම අනුව දැන් ඔහු මා හා සංවාදයට එනු ඇත.

ඉතිං ක්‍රිෂ්, අපිට නැද්ද ස්තුතියක්වත් උදව් කලාට?

ඕහ් වයි නොට් මිස්ටර් තිමිර. තැන්ක්ස් අ ලොට්. ඔයා ගොඩක් හොඳ මනුස්සයෙක්.

හ්ම් ඒක නම් මදි, හවසට කොෆි එකක් බොන්න එනව නම් ස්තුතිය පිලිගන්නවා.

හොඳයි, මං එන්නම්කො එහෙනම්..

මං කොහොමද ඔයා එන වෙලාව දැන ගන්නේ??

අයි විල් කෝල් යු..

හ්ම්..ඒත් මගෙ නම්බර් එක ඔයා ළඟ නැහැනේ..

දැන් දෙන්න පුළුවන්නේ..

දුරකථන අංකය ලබා ගත් ඔහු මහත් සතුටින් නික්ම ගියා. මට සිහි වුණේ දවසක් වෙච්චි සිද්ධියක්. ගෙදරට ආපු හිඟන මනුස්සයෙකුට සල්ලි දෙන්න යද්දි, තිමිර මගෙ අතේ තිබුණු රු.100 අරන් රු.20 ක් දිපු හැටි, මට දැණුනු හැඟීම විස්තර කරන්නවත් මට තේරෙන්නෙ නැ. ඒ මනුස්සයම ද මේ කියලා මට හිතුනා. හවස මට කෝල් කරපු තිමිර 6 වෙද්දි කොෆි ෂොප් එක ලඟට එන්න කිව්වා. මමත් ගියා. ඉතාම කඩවසම් ලෙස සුදානම් වෙලා හිටපු තිමිර දැක්කාම මට පුදුමෙකුත් හිතුනා..මේ වගේ කවදාවත් මට සංග්‍රහ නොකරපු මනුස්සයා නන්නාඳුනන කෙල්ලෙක්ට තියෙන සැලකිල්ල දකිද්දි දුකත් හිතුනා.

යු අා ලුකින් සෝ බියුටිෆුල් ක්‍රිෂ්.

තැන්ක් යු මිස්ටර් තිමිර.

මිස්ටර් නැතුව තිමිර කිව්ව නම් අපි යාලුවො කියලා මට හිතන්න තිබුණා…

කෝපි ඇනවුම් කරපු තිමිර ටිකක් වෙලා නිහඬව හිටියා. ඒ අතර මම මගේ අංකයෙන් එයාට කෝල් කලා. මේසය උඩ තිබුණු දුරකථනය දෙස බලා නොබලා මෙන් ඔහු එය විසන්ධි කරලා දැම්මා.

තවත් මොහොතකට පසු..

තිමිර මා දෙස බලා උන් විදිටය මට එතරම් ප්‍රසන්න නෙනවිනි. මන්ද ඔහු මා හට යමක් කියන්නට සුදානම් බවත්, ඒ ක්‍රිෂ් ට මිස මා හට නොවන බවත් අවබෝධ වු නිසාය.

ක්‍රිෂ් ..

හ්ම්??

අැයි කතා නැත්තේ??

එහෙම නැ තිමිර ..මං දෙයක් අහන්නද??

ඔහුට පෙර මා ඉක්මන් විය යුතු බව සිතු මම ඇසීමි..

අහන්න ළමයො..මොකද්ද..

ඔයාගෙ ෆැමිලි එකේ කවුද ඉන්නේ?

ම්..මායි මමි,ඩැඩියි..

අනේ දෙයියනේ, එතකොට මං ඔයාගෙ නෙවෙයිද තිමිර? මම සිතින් අැසිම්..

මං ඇහුවෙ ඔයා..මැරීඩ්ද කියලා..

ඔහ් වට් අ ෆනි, ඔයාට එහෙම හිතෙනවද මාව දැක්කම..?? නැ කෙල්ලේ, මං තාම හොඳ කෙනෙක් හොයනවා…

ඉතිං සිත ඇවිලි ගියා කිවොත් නිවැරදිය.

ඔයා මැරීඩ්ද ක්‍රිෂ් ..මං නම් හිතන්නෙ ඔයත් මං වගේ..

හ්ම්.. ඔව්..සේම්..

අපි ඩිනර් අරන්ම යමුද…

හ්ම්..හොඳයි..

අද මං ගානේ..

අනේ මහන්සිවෙන්න එපා තිමිර. මගේ බිල් එක මං පේ කරන්නම්..

අපෝ ක්‍රිෂ් …කමෝන්, වි ආ ගුඩ් ෆ්‍රෙන්ඩ්ස් නව්…

මම මදක් සිනාසි කැමැත්තක් යැයි කිවෙමි..

හෙට මොනාද ප්ලැන්ස්..

මුකුත් නැ..ඇවිදින්න යන්න ඉන්නේ..

වට්, තනියම??

යා..වයි??

නැහ්,මේ වගේ ලසසසන කෙල්ලෙක් තනියම ඇවිදින්න පුලුවන් කාලයක්ද මේ…

ඉෆ් යු ඩෝන්ට් මයින් මං එන එක කරදරයිද?

මට අවැසි ලෙස සියල්ල සිදු වේ..

ම්හු..නැහ් තිමිර. බට් ඔයාගේ බිස්නස් වැඩ පාඩු වෙනවානේ…

එක දවසකට මොව පාඩුවක්ද ක්‍රිෂ්. අනික හොඳම යාළුවා වෙනුවෙන් ..

රාත්‍රි ආහාරය ගෙන කාමරවලට පිවිසුනු අපි නිදන්නට විමු..මා කල්පනා කලේ හෙට දවස ලස්සන කර ගන්නා සැටිය. මා තිමිරව වෙනස් කිරිමට අධිෂ්ඨාන කලෙමි. පසු දිනට අලුත් ආලෝකයක් උදා වුයේ මාගේ සිතුවිලි සඵල කරන්නට මෙනි. සුදානම් වි තිමිර එක තුරු කාමරයට වි සිටි මා හට දොරට තට්ටු කරන හඬ අඅසුනෙන් මම ගොස් දොර ඇරියෙමි. එක්වරම දොර විවර කළ මා තල්ලු කරගෙන මෙන් ඇතුළට පැමිණි හෂී මා යමක් කියන්නට පෙර දොර වසා දැමුවාය.

මොකද බන් වෙලා තියෙන්නේ??

මට නෙවේ උඹට මොකද වෙලා තියෙන්නේ කියපන්. ඇයි ගොන් හරකියේ උඹ තිමිර එක්ක එළියට යන්න එන්නම් කිව්වේ?? උඹ දන්නවද ඌ කැළුම්ට මොනාද කියලා තියෙන්නේ කියලා??

නෑ.. ඇයි මොනාද? ඌ කිව්වලු උඹ වලේ වැටුණා, අද ඇවිදින්න ගියාම ඔට්ටුව ඌ දිනනවා කියලා..

ආහ්??

ඇහ් නෙවේ උහ්.. මී දෙන..

හෂී තොරතෝංචියක් නැතිව බැනගෙන බැනගෙන යන විට මම ඇයටත් නොකියා කාමරයෙන් පිටත් වී පහත මහළට පැමිණියෙමි.. ඈතින් තිමිර එනු දුටු මම කඳුලු පිසගෙන අත වැණුවෙමි. මා අසලටම පැමිණ කාරය නතර කළ ඔහු කාරයෙන් බැස විත් මා හට ඉඳගන්නට දොර හැරලීය. ඔහුගේ සිතේ කුමක් ඇතිදැයි නිශ්චය කිරීමට මෙන් මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි.

අපි කොහෙද යන්නේ?

යමු ලස්සන තැනකට

මං දන්න තැනක්ද?

කියන්නත් බෑ..

තිමිර ඔයා හරි හොඳ යාළුවෙක්..

ඔයා වගේ කෙනෙක් බඳින කෙනා ගොඩක් ලකී..

මද නිහැඬියාවක් විය. මා කොතරම් වේලාවක් කල්පනා කලාදැයි මම නොදනිමි. තිමිර මගේ අතින් අල්ලන විට මම ගැස්සී හැරී බැළුවෙමි.

මොකද ළමයො ගැස්සුණේ..

මේ කොහෙද?

ලස්සන තැනක්..

කොයි හරියෙද?

එන්නකො යන්න..

අපි කාරයෙන් බැස ඇවිද ගියෙමු. කුඩා කඳු ගැටයකට වන්නට තැනූ පුංචි අවන්හලක් එහි විය. එක්තරා කාලයක තිමිර සමඟ මෙසේ පැමිණ ජීවිතේ ලස්සනම දිනයන් ගෙවා දමන්නට මා සිහින මැවූ සැටි සිහි විය. එක්වරම මගේ දුරකථනය නාද වන්නට විය. ඒ හෂී ය. ඇය කලබල වී මා සොයනා බව මම දනිමි. එදා කාලේ  පටන් මට සිටි හොඳම මිතුරියද සොයුරිය ද ඇයයි. ඇය බිය වන්නේ තිමිරගෙන් මට අවැඩක් වේ යැයි කියාය. නමුත් මගේ නීත්‍යානුකූල සැමියා සමඟ මෙවන් තැනක කුමක් සිදු වුවත් එය බිරිඳක වශයෙන් මා ලබන දෙයක් මිස ඔහුට ද්වේශ කරන්නට සිදුවන දෙයක් ලෙස නොදකිමි. මගේ ද වැරදි ඇත. ගතින් ළං නොවුණත්, ඔහුගෙන් නොලද සෙනෙහස මම සුහස්ගෙන් නොලැබුවෙම් ද? කිසි දිනෙක ඒ උතුම් මිනිසා මා කෙලෙසන්නටවත් නොසිතූ අතර ඒ ප්‍රේමයම දැන් මාගේ සැබෑ ජීවිතය තුළ මා ගෙන නොයන්නේද?

තිමිර මට කෙසේ සැලකුවත් එය ඉවසා දරා ගන්නට මම තීරණය කළෙමි. හෂී කී පරිදි ඔහුගේ සැලසුමක දඩයම වී ඇත්තේ ඔහුම හඳුනා නොගත් ඔහුගේ නීත්‍යානුකූල භර්යාව වන මම නොවේද? නමුත් මෙතරම් දුරක් පැමිණෙන තුරුවත් තිමිර මා හා වදනක්වත් කතා නොකලේය. ඒ පිළිබඳව මසිතේ ඇත්තේ කුහුලකි. පිළීගැනීමේ කවුළුව වෙත ගිය ඔහු දින 5 ක් සඳහා කාමරයක් වෙන් කරවා ගත්තේය. එය මට ඇසුණත් මම එය නෑසුණු කන්ව සිටියෙමි. බොහෝ වේලාවකට පසු තිමිර මා සිටි තැනට අවුත් කෝපි එකක් බොන්නට කැමතිදැයි ඇසුවේය. මම ද හිස වනා ඔහු පස්සේ ගියේ සීතල කෙදිනකවත් දරා නොගත් මගේ සිරුර අපහසුවෙන් පාලනය කර ගිනමිනි. මන්ද මා පිටරක සිටි කෙනෙකු නම් එය එසේ විය නොහැකි බව තිමිර සිතනු ඇතැයි සිතීය. එහෙත් එක්වරම තිමිර පැමිණ ඔහු හැඳ සිටි කබාය ගලවා මට හැඳවීය. මම ද පුදුමයෙන් බලා සිටි නමුත් ඉක්මනින් සිහි එලවාගෙන

මට සීතල නෑ තිමිර යැයි කීවෙමි.

ඒත් මට දාඩියයි ක්‍රිෂ්..

අපි කෝපි පානය කිරීමෙන් අනතුරුව කාමරය වෙත ගිය අතර තිමිර ගමන නවතා එක්වරම නැවත හැරී මා වෙත පැමිණියේය. හදිසියේම එක්වරම හැරී මා වෙත පැමිණි තිමිර මගේ අතකින් අල්ලා ගත්තෙන් මම මදක් තිගැස්සි ගියෙමි. ඒ ස්පර්ශයේ වෙනදා නුහුරු මෘදු බවක් හා ලෙංගතු කමක් විණැයි මට සිතෙන්නට විය. කිසිත් නොකියූ මම ඔහු දෙස විසල් කර ගත් දෑසින් බලා සිටියෙමි..

ක්‍රිෂ්, මට ඔයාට ලොකු කතාවක් කියන්න තියෙනවා. මං දන්නවා ඒක අහපු ගමන් ඔයා මගෙන් ඈත් වෙනවා. ඒත් මට පොරොන්දු වෙන්න මං කියන කතාව ඇහුවට පස්සෙම ඔයා තීරණයක් ගන්නවා කියලා, ඒ වගේම අතරමැද්දෙන් නැගිටලා යන්නේ නෑ කියලා. මට වගේම ඔයාටත් කතාවක් තියෙනවා කියලා මං දන්නවා. ඔහු කී දෙයින් මම මදක් ගැස්සී ගියද ඒ බව නොපෙන්වා ඉන්නට මම උත්සහ කළෙමි.

තව දෙයක්, මං බුක් කළේ එක කාමරයයි. ඒ ගැන නොකිව්වට සමාවෙන්න.

ඇයි වෙන කාමරයක් නැද්ද අපිට ගන්න..?

ම්..නැත්තෙමත් නෑ.. තියෙනවා.. හ්ම්.. ඔයා කැමති නම් මං එකක් බුක් කරලා දෙන්නම්. ඒත් ඔයාට මාව විශ්වාසයි නම් අද මාත් එක්ක මගෙ රූම් එකේ ඉන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.

මගේ සැමියා සමඟ එක කාමරයක ඉන්නට මා අකමැති විය යුත්තේ මන්ද? මදක් කල්පනා කළ මම කියන්නට සුදුස්සක් සෙව්වේ මා කරන්නේද රඟපෑමක් වූ බැවිණි.

හ්ම්..ඕකේ..ඔයා මගෙ හොඳ යාළුවෙක්නේ. අනික මං ඉන්ග්ලන්ඩ් ඉද්දි එහෙ හිටියෙ ඕනතරම් බෝයිස්ලා එක්ක. මං දන්නවා මගෙ ලිමිට් එක. තිමිරට ප්‍රශ්නයක් නැත්නම් මටත් කමක් නෑ.

මදහසක් නැගූ ඔහු ස්තූති කොට මගේන් ඉවතට ගියේ කාමරයේ දොර හැරීමටයි. කාමරයට ගිය පසු සුවපහසු යහනේ පසෙක වූ සෝපාව මත වැටුණු මම මදක් වෙලා කල්පනා කළෙමි. සිදුවන්නට යන් කිසිවක් ගැන අවබෝධයක් නුවූයෙන් මම කාමරය සිසාරා හොඳින් බැලුවෙමි. පුදුමයකි. සඳැල්ලට යන්නට තිබූ දොරටුවට දමා තිබූ දුහුල් තිර රෙද්ද යමක පැටලී තිබෙයි. එහි පාද කොටස දැක්මෙන් මම විස්මිත වූයෙමි. හිත ගැස්සුණා කීවොත් මම නිවැරදිය. මා දකින්නේ සිහිනයක්ද? සිතන්නට වේලාවක් තබා මේ මා දකින දේ තිමිර දැකීමට පෙර සත්‍ය වශයෙන්ම එයම දැයි සනාථ කර ගැනිමට මම ඉක්මන් කළෙමි. මාගේ කාමරයේ තිබූ කැඩපත. එය කළුවර ලීයෙන් සෑදු කැටයම් දමන පද පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අයුරින් නැනූ ඕවලාකාර කැඩපතකි. එහි විශේෂත්වය නම් මා සුහස් හා කතා කරන්නේ මේ කැඩපත තිබෙන විටදී පමණක් වීමයි. තිමිර පැමිණෙන්නට පෙර එය බැලිය යුතු යැයි සිතූ මම ඉක්මණින් ගොස් එය අතගා බැලීමි. මේ මාගේ කැඩපතමය. ඇසිල්ලෙන් මඳ සුළඟක් හැමූයෙන් ඒ සුහස්ගේ ආගමනය බව මම වටහා ගතිමි.

සඳූ..

සුහස්.. මේ මොකද වෙන්නේ?

ඔයා පුදුම වෙනවා නේද?

ඔව් සුහස් මේ කණ්නාඩිය මෙතනට ආවෙ කොහොමද?

සුහස් නිහඬය..

ඔයාට මට වඩා හොඳට මේ හැමදේම පැහැදිලි කරන්න කෙනෙක් ඉන්නවා සඳූ..

ඒ ඒ කවුද සුහස්..

කාමරයේ දොර හැරුණෙන් නොසිතූ ලෙස ඇතුළට පැමිණියේ තිමිරය. මා කෙතරම් තිගැස්සුණාද කිවහොත් ඉක්මණින් කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත් මම එය මුවා කිරීමට උත්සහ කළෙමි. මද වේලාවක් මා දෙස හිස් බැල්මෙන් බලා සිටි තිමිර දොර වසා අගුළු දමා මා වෙත පැමිණියේය. කුමකින් කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකි වූ මම හුන් තැනම ගල් ගැසී සිටියෙමි.

සඳූ..

මම හැරී කැඩපත දෙසත් නැවත හැරී තිමිර දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ මට කතා කළේ සුහස් ද තිමිර ද යන්න නිශ්චය කර ගැනීමටයි. එසේම ඒ සුහස් නම් එය තිමිරට ඇසුණ හොත් කුමක් සිදුවේදැයි සිතා ගන්නටත් නොහැකි බැවිනි. මගේ කලබලකාරී ස්වරූපය දුටු තිමිර මා ළඟට පැමිණියේ ඉතාම සෙමිනි.

සඳූ..මමයි ඔයාට කතා කළේ..

සුහස් නෙවේ..

තිමිර කී සැණින් මම හිස බදාගෙන බිම ඉන්ද වුණේ නොදැණීමය. මේ සිදු වන්නේ කුමක්ද? මම ක්‍රිෂ් නොවේ යැයි තිමිර දැන ගත්තේ කෙසේද? ඊටත් වඩා මට ඔහුගේ දයාබර ආමන්ත්‍රණය කෙසේවත් ඉවසිය නොහැකි විය. ඔහුගේ ප්‍රේමය දිනා ගැනීමට අවැසි වූවත් මගේ ගැහැණු සිත තුළ සිතුවිලි රැසක් ඇඳී යන්නට වූයෙන් ඔහු මට කළ ද්‍රෝහිකම්..මා දුටු ඔහුගේ අශෝභන හැසිරීම්. ඔහුගේ මේ නව පෙරළිය, මා කළ රඟපෑම්, මේ සියලු සිතුවිලි එකට මුසු වීමෙන් මා තුළ වූයේ මහත් පිඩනයකි. බිම හිඳගත් මා වෙත පැමිණි තිමිර මගේ අතකින් අල්ලා මා නැගිටුවාලූ අතර මා වත්තම් කරගෙන ගොස් සෝපාවේ හිඳ ගැනීමට සැලැස්වීය. මේසය මත වූ ජෝගුවෙන් වතුර වීදුරුවක් ගෙනා ඔහු එය මගේ අතේ තබා එය බොන්නට යැයි දෙනෙතින් කීවේය. මේ සියල්ල සිතා ගත නොහැකි වූ මම කතරක සිටි අයෙකු මෙන් වතුර වීදුරුව එ්‍ක හුස්මට පානය කර හැරී බැලුවේ කැඩපත දෙසය.

ඔයා සංසුන් වෙන්න සඳූ. මං දන්නවා ඔයා හිතන දේවල්. ඔයා ඉන්නේ පුදුමෙන්, පීඩනයෙන්, සමහරවිට තරහකින් වෙන්නත් පුළුවන්.

මම දෑස් විසල් කර තිමිර දෙස බැලීමි…

තවත් ඔයාව පීඩාවට පත් කරන්න මට ඕන නෑ සඳූ. මං අද ඔයාට මේ හැමදේම කියනවා. පොරොන්දු වුණූ විදියට ඔයා මට ඇහුම්කන් දීලා තීරණයක් ගනියි කියලා මම විශ්වාස කරනවා.

මම කිසිත් නොකියා ඔහුගේ දෑස් දෙසම බලා සිටියෙමි. සිතෙහි ඇතිවූ වේදනාව කෙතරම් වීද කියතොත් මටත් නොදැනීම මම මා අසල හිඳගෙන සිටි තිමිරගේ ගෙළ වැළඳගෙන මහත් හඬින් හැඬුවෙමි. කෙතරම් වෙලාවක් මා හැඬුවාද මම නොදනිමි. එහෙත් ඒ මුළු කාලය තුළ තිමිර මගේ හිස අතගාමින් මා තුරුළු කරගෙන සිටි බව මට සිහි විය.

සඳූ.. දැන් ඇති මැණික.. ඔයාගෙ හිත සංසුන් වෙනකල් අඬන්න දීලා මම බලන් හිටියෙ.. දැන් ඇති. යන්න ගිහින් වොෂ් එකක්දාගෙන එන්න.. අද අපි කතා කරමු. තව කෙනෙක් එනවා අපිව හම්බෙන්න..

ඔහුගේ තුරුළෙන් මිදුණු මම ඔහුගේ දෑස් දෙස බැලුවෙමි..

ඔහොම බලන්නෙපා ළමයො. කෝ යන්න.. මටත් මහන්සියි.. මටත් ඇඟ හෝදගන්න ඕනේ.

කී ඔහු මගේ කම්මුලක් සෙමින් පිරිමැද්දේය. මද වේලාවක් කැඩපත දෙස බලා සිටි මම නැගිට ගොස් ඇති පදම් නා ගතිමි. තිමිර නාන කාමරයේ දොරට ගසන තුරුම මට එහි සිටි කාලය අමතක විය. ඇඳුමක් මාරු කර ගත් මම තිමිරට නා ගැනීම සඳහා අවස්ථාව ලබා දී කාමරයට පැමිණියෙමි. කැඩපත අසලට ගියද වෙනදා මෙන් මා තනිවම සිටියා වුවද සුහස් පැමිණියේ නැත. තිමිර නෑමෙන් පසු හිස පිස දමමින් කාමරයට පැමිණියේය. මා දෙස බලමින් හිස පිස දැමූ ඔහු,

අනේ සඳූ.. මගෙ ඔළුව ටිකක් පිහදාන්නකො. දුර ඩ්‍රයිව් කරපු හින්දද මන්දා අත රිදෙනවා..

කීවෙන් මම කිසිත් නොසිතා ගොස් තිමිරගේ හිස පිසදමන්නට වීමි. ඇඳෙහි වාඩි වි සිටි ඔහු මා හිස පිසදමන විට මගේ ඉණ වටා දෑත යවා මා ළඟට ගත්තේය. එයින් මද සැනසීමක් ලද මම ඔහුගේ හිස අල්ලාගෙනම ඔහේ බලා සිටියෙම්. ටික වේලාවකින් කෝපි එකක් ගෙන්වා ගත් ඔහු එය පානය කරන අතරතුර..

දැන් ඔයාට කොහොමද? මගේ කතාව අහන්න ලෑස්තිද?

දිගු හුස්මක් හෙළු මම ඔව් කීමට මෙන් හිස වැනුවෙමි. එවිටම කවුළුවෙන් ආ මද සුළඟත් සමග. හමා ආ මද සුළඟින් සුහස්ගේ ආගමනය මම හඳුනා ගතිමි. මගේ හදවත සැලෙන්නට වූයේ තිමිර මෙහි හිඳීම හේතුවෙනි. මගේ සුරතින් අල්ලා ගත් තිමිර මා ඔහු ළඟට කැඳවා ගත්තේය. මම ද තුෂ්නිම්භූතව බලා සිටියෙමි..

සඳූ..

මම තිමිරගේ මුහුණ බැලීමි..

කතා කරන්න සඳූ..ඒ සුහස් නේද?

සු..සු.හ්හ.ස්. ඔයා සුහස්ව දන්නවද තිමිර??

ඒක මම පස්සේ කියන්නම්. අපි හම්බෙන්න ආව අමුත්තට මෙහෙම සලකන එක හොඳ නෑ නේද?

ඔයාටත් සුහස්ව ඇහෙනවද තිමිර?

ඔව්..ඇහෙනවා විතරක් නෙවේ පේනවා සඳූ. බය වෙන්න එපා. මං ඔයාව වරදවා හිත්නේ නෑ. අපි සුහස්ව නිදහස් කරලා අපේ කතාව පටන් ගනිමු. සුහස්.. කතාකරන්න..

අපි දෙන්නටම ඔයාව හොඳට ඇහෙනවා, පේනවා..

සඳූ, තිමිර.. මම අද ඉන්නේ ගොඩාක් සතුටින්. තිමිර මම මිට කළින් ඔයාට හැමදේම කිව්වා. සඳූ මම එදා මල් වාස් එක බිඳපු දවස මතක ද ඔයාට. එදා මං තිමිරට පේන්න ආවා. එයා කණ්ණාඩියෙන් මාව දැක්කා. එයා ඔයාව හෂීලගේ දිහා ඇරියට පස්සේ ගෙදර ආවා. තනියම. ඇවිත් කණ්නාඩිය ළඟ ඉඳගෙන කතා කළා. මං දන්නවා තිමිර මාව දන්නේ නෑ. ඒත් ඔයා තවත් දුක් විඳිනවා මට බලන්න බැරි නිසා මම තිමිරට හැමදේම කිව්වා. දැන් තියෙන්නේ ඔය දෙන්නගෙ වාරේ. මමත් මේ ලෝකෙන් යන්න ඕනේ. තිමිර, මචං මං දන්නවා මම සඳූට ආදරේ කළ එක වැරදියි. ඒත් ඒ කෙල්ල අසරණ වෙලා හිටියෙ. මගේ ආදරේ ඇත්තක්. කවදාවත් අපි අතර වැරදි දෙයක් වුණේ නෑ. අතින් අල්ලලා හැර වෙන කිසිම වරදක් කළේ නෑ..

සුහස් මචං ඕවා කියන්න එපා. මට මගේ වැරැද්ද හදා ගන්න උදව් වුණේ උඔනේ. මමයි මෙතන වැරදි. කොහොම ස්තූති කරන්නද?

සඳූ..

හ්ම්..

මා එක්ක තරහද..

න් නෑ සුහස්..

ඔයාට ගොඩක් පිං. මාව නිදහස් කරනවද දැන්? අඬන්න එපා ළමයො. ඔය දෙන්න ගොඩක් හොඳින් සතුටින් ඉන්න. ආදරෙන් ඉන්න. මට ඒ ඇති. මට අවස්ථාවක් ලැබුණොත් ආයෙම මං ඔයාලා ළඟට එනවා. මං යනවා..

ටික වේලාවකින් මද සුළඟ දැඩි මාරුතයක ස්වරූපයක් ගත් අතර සෙමින් සෙමින් එය නිමා වෙත්ම කැඩපත දෙදරා පුපුරා යන්නට විය. අපි දෙදෙනා ඒ දෙස බලා සිටින විට තිමිර මගේ දෑතින් අල්ලා ගත්තේ දිගු කතාවකට මුල පුරන්නට මෙනි.

හ්ම්. ඔයාගෙ කතාව මං දන්වනේ. මගෙ කතාව කියන්නද මං?

මොකටද ඒ පරණ දේවල් තිමිර?

නෑ..මට හිත නිදහස් කර ගන්න ඕනෙ සඳූ. මම ඔයාව මැරි කරපු දා ඉඳන් කවදාවත් ගෙදර හිටියෙ නෑ. බිස්නස් මත්තෙම නැහුණා මිසක්. ඒක මගෙ වරද. පාර්ටිවලට ගියාම එක එක කෙල්ලො මට ළං වුණා. මං දැක්කෙ උන්ගෙ ලස්සන විතරයි. මට තේරුම් ගන්න බැරි වුණා උන් එන්නෙ මගෙ සල්ලි පස්සෙ කියලා. මමත් ඔයාගෙ ආදරෙන් ඈත් වෙලා උන් පස්සේ ගියා. මං සමාවට සුදුසු නෑ සඳූ.

මගේ දෑත් අත්හැර තිමිර කවුළුව අසලට ගොස් හඬන්නට විය. ඔහු හඬනවා මා කවදාවත් දැක නැත. එය මගේ සිතට පීඩාවක් වූයෙන් මම ඔහු ළඟට ගොස් ඔහු සැනසීමි.

මට ඔයා සමාව දෙනවද සඳූ??

ඔව් තිමිර..

කවදාවත් මගෙන් ඇතට යන්න එපා. මං තනි වෙනවානේ. මාත් සුහස්ට ආදරේ කළා. මට ඒකට සමා වෙන්න..

නෑ කෙල්ලේ. ඒක වැරදි නෑ. මමයි ඔයාව ඒ තත්ත්වෙට පත් කළේ. මොනා වුනත් සුහස් මට වඩා ඔයාට ආදරේ කරලා තියෙනවා සඳූ. ඒ ආත්මෙ පවා ඔයාගෙ සැනසීම දැකලා මිසක් ගියෙ නෑ. අපි සුහස් වෙනුවෙන් පිංකමක් කරමු. එයාගෙ ගෙදර අයටත් උදව් කරමු.

අනේ ඔයාට පිං තිමිර..

පිං.. ම්ම්ම් මට පිං විතරද? මගේ ලස්සන නෝනා මට වෙන මුකුත් දෙන්නෙ නැද්ද?

මම ලැජ්ජාවෙන් ඉවත බලා ගතිමි. මගේ මුහුණ දෝතින්ම ගත් තිමිර,

ඔයා අකමැති නම් මම බල කරන්නේ නෑ සඳූ. මං ඔයාට ආදරෙයි. ගොඩක්..ආයෙ කවදාවත් මේ ඇස්වලට කඳුළු දෙන්නේ නෑ.

මම එක්වරම ඔහු වැළඳ ගතිමි..

තිමිර සෙමින් සෙමින් මගේ කෙහෙරැලි අතරින් දෑත යවමින් හිස අත ගාන්නට විය. මට දැණුනේ සැනසීමකි. මම දෑස් වසාගෙන ඔහුට තුරුළු වී සිටියෙමි.

ස..ඳු..

ම්..

මට ආදරෙයිද?

හ්ම්..

බස්සියෙක් ද?

නෑ..

කියන්නකෝ..

මොනාද..

ආදරෙයිද මට..

ආදරෙයි මං මහත්තයෝ..

මගේ වෙනවද..

හ්ම්..

හැමදාටම..

හ්ම්..හැමදාටම..

ඔහුගේ පුළුල් උරතලයේ රැඳී සිටි මගේ බාහු යුවළින් අල්ලා මා ඔහුගේ මුහුණ කෙළින් තැබූ තිමිර බොහෝ වේලාවක් මා දෙස බලා සිටියේය. සියුම් ලජ්ජාවකින් සිත පිරී යද්දී ඔහු සෙමින් මගේ කොපුල් පිරිමදින්නට විය..

මම ඉවත බලාගෙන සිටියෙම්..

අපි ගමනක් යමුද?

කොහෙද..

වැඩිය දුර නෑ..

හ්ම්.. යමු. හැබැයි මෙහෙම නෙවේ..

කෝ ඉඳගන්න. ඔහු ලේන්සුවක් ගෙන මගේ දෑස් වසාලූවේය..

ඇයි අනේ මේ..

ෂ්..ෂ්..මාව විශ්වාසයිනේ..

ඔව් තිමිර..

මගේ අතින් අල්ල ගන්න..

කාමරයෙන් පිටතට පැමිණෙන බව මට වැටහුණි. තව තැනක නැවතී දොරක් හරින හඬ ඇසුණෙන් මම,

තිමිර..

මං ඔයා ළඟමයි..

දොරක් වැසුණි. මගේ දෑසේ වූ පටිය මුදන ලද බැවින් මම දෙනෙත් හැරියේමි. මනාව සරසන ලද කාමරයක මැද වූ මංගල යහන දැකීමෙන් මම මදක් ලජ්ජාවට පත්වූයෙමි. ඒ කාමරය පුරා දැල් වුණු සුදු පැහැති ආලෝකයන් සිතට ගෙනාවේ සැනසිමකි. විදුලි බුබුළු නිවා දැමු ඔහු තැනින් තැන තිබු ඉටිපන්දම් දල්වන්නට වුයේ නිහඬවමය. ඉටි පහන් දල්වා අවසන ඔහු එක් ඉටිපන්දමක් ගෙන මා වෙත පැමිණියේය. ඒ පහන් දැල්ලේ ආලෝකයෙන් මගේ මුහුණ දෙස බලා හිඳින්නට විය.

ලස්සනයි…

මොනවද..

ඔයා සඳු..

අද ද දැක්කේ..

හ්ම්…

මට මේ ලස්සන දකින්න කල් ගියා සඳු..තරහද මා එක්ක..??

නැ..

ඇයි කතා නැත්තේ..

මුකුත් නැ මහත්තයෝ..

ඔයා සතුටින්ද..

හ්ම්..ලස්සනයි කාමරේ…

මගෙන් වුනු අඩුපාඩු ගැන ලැජ්ජයි මට..

මම ඔහුගේ දෑතින් අල්ලාගෙන පහන් දැල්ලට පිඹ නිවා දැම්මෙන් ඔහු මා අල්ලා ගන්නට උත්සහ කලේය. මමත් තිමිරගෙන් මිදි සඳළුතලයට දිවගියෙමි. තිමිරත් මගේ පස්සෙන්ම ආවා. මාව අල්ලනවත් එක්කම තිමිරව ලිස්සුවා. අපි දෙන්නම අැදගෙන වැටුනා. මං තිමිරගෙ පපුව උඩ.

අම්මෝ බර..

මම බරද..

තරහයි මං..

මගෙ මැට්ටි..

මෙහෙට එනවා..

නැගිටින්න ගිය මම ආයෙත් එයාගෙ පපුවටම වැටුණා..

අනේ..අතාරින්නකෝ..

අද අල්ලගත්තේ අතාරින්න නෙවෙයි මැට්ටියො..

මම ලජ්ජාවෙන් ඉවත බලාගත්තා..

ඔයා කැමති නැද්ද..

මොනාටද…

මං ඔයාව අල්ලනවට…

මම දැස් ලොකු කරගෙන බලා හිටියෙ ඒ ඇස්වල තිබුනු හැගිම් දිහා..

එහෙම නැ..

මට ලැජ්ජයි…

මමනෙ ඔයාගෙ මහත්තයා..

මේ බලන්නකො..මං දිහා..

මම අහක බලන් ඉද්දි තිමිර ඇස් වහගෙන. මට දුක හිතුනා. තිමිරගෙ හදවත ගැහෙන හඬ මට ඇහුණා. තිමිර ඇස් වහන් ඉද්දි මම හෙමිහිට කමිසයෙ බොත්තම් දෙකක් ලිහිල් කරලා ඒ පිරිමි පපුවට තොල් තිබ්බා. ජීවිතේ පළමු වතාවට පිරිමියෙකුගෙ සුවඳ මං වින්දා. තිමිරගෙ ඇඟිලි තුඩු මගේ පිට දිගේ දඟ කරද්දි මං ඒ පපුවට තවත් තුරුළු වුනා. හෙමිහිට මගේ කෙහෙරැලි අතර දුවන තිමිරගෙ ඇඟිලි හිතට ගෙනාවෙ පුදුම හැඟිම් තොගයක්. මං තදින් එයාට තුරුළු වුනා. එකපාරම තිමිර මාව බිමින් තියලා මගේ සිරුරට සමාන්තරව මට ඉහලින් හිටියා. තිමිරගෙ බාහුවකට මගේ හිස තියලා පැත්තට හැරිලා මං දිහා බලං හිටියා. ඇඟිලි තුඩුවලින් මගෙ මුහුන පිරිමදිද්දි ඒ ඇස්වල කඳුලක් දිලිසුනා. කම්මුලකට වැටුනු කඳුලක් මද අදුරෙ දිලිසුනා. මම මදක් ඉස්සිලා කම්මුලේ තිබුනු ඒ කඳුල තොල්වලින් උරා ගත්තා. එකපාරම තිමිර මගෙ මුළු මුහුනම සිප ගත්තේ පුදුම සංයමයකින්..මට දැනුනු සැනසිම වචනෙන් කියන්න බැ..

මගේ මුහුන දිහා බලන් ඉඳපු තිමිර ඉල්ලන්නෙ මොනාද කියලා තේරුම් ගන්න මට වැඩි වෙලා ගියෙ නැ. තිමිර මගෙ මුහුනට පාත වෙද්ද් මම දැස ප්යා ගත්තේ ඒ හැඟීම විඳ ගන්න. තිමිරගෙ තොල්වලින් උණුසුම් වුන මගේ දෙතොල් කුළුඳුලේ ඉඳුල් වෙද්දි කඳුළු ආවෙ සතුටට. එකවරම තිමිර මගෙන් ඇත් වෙද්දි ආයෙම මං ඔහුව මං ලඟට ඇදලා ගත්තා. පෙරටත් වඩා තදින් එකට යා වුනු තොල් වගේම තිමිර මාවත් තදින් වැළඳ ගත්දි අනුරාගයේ මොහොතක් උදාවෙන බව මට තේරුනා. මාව දැතට ඔසවාගෙන යහනට අරගෙන ගිය තිමිර මගේ පාද වල සිට මාව සිප ගන්න පටන් ගත්තා. ඒ දැනුනු කිතිය.. නුහුරු හැඟිම් විඳගන්න මට තිමිර මට ගොඩක් ඉඩ දුන්නා. හෙමින් මගේ මුහුන ගෙල උරහිස සිපගත් තිමිර ආයාචනාත්මක බැල්මෙන් මං දිහා බලද්දි මද අඳුරෙ ඒ ඇස්වල තිබුනු මත් බව මාව තවත් කිති ගැන්වුනා. දැස්වලින් කල කතාවක අග තිමිරගේ ඇඟිලි තුඩු මගේ රෑ ඇඳුමෙ පටි සෙමින් උරහිසින් ඉවත් කරද්දි මම දැස් අඩවන් කර ගත්තා.

මුළුමනින්ම මා සිපගත් තිමිර මගේ ළමැද සිපගත්දි මම දැන් තිමිරගෙ කියන හැගිම මට දුන්නෙ සතුටක්. සියුම් වේදනා..සරාගි සිපගැනිම් වැස්සක අවසන..මම සිතිනුත් ගතිනුත් තිමිරගේම වුනා.

 

***********සතියකට පසු*************

 

හෂි අපි දෙන්නව දැකලා හිනා වුනා. මට පුදුමත් හිතුනා. එයා සහ කැළුම් අයියා ආදරේ කරනවළු. අපි දෙන්න ගැන තිමිර හැමදේම එයාලට කියලා. අපි සුහස් වෙනුවෙන් දානයක් දිලා පිංකමක් කලා. සුහස්ගෙ අක්කට යෝජනාවක් බැලුවා. අපි එක්ක නවතින්න සුහස්ගෙ අම්මව කැමති කර ගත්තේ තිමිරමයි.

හ්ම්ම්. මම දැන් සම්පුර්ණ ගැහැනියක්…

මේ මගේ ප්‍රේමයේ කතාවේ අවසානයයි..

 

කතෘ : මල්කි ජයසිංහ
eBook by CharityShop Knowledge HUB

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments