ඉස්කෝලේ ඇරුනට පස්සේ තාත්තා එනවා මාව ගන්න බයිසිකලේ…
එතකොට අපිට ගොඩක් සල්ලි නැහැ…
ගොඩක් අමාරුවෙන් තමයි තාත්තා අපිව බලාගත්තේ…
එයා රස්සාව විදිහට කලේ බිම්මල් හදන එක… මේක හදිසියේ මතක් වුනේ අද අපි බිම්මල් පාඨමාලවක් ආරම්භ කල නිසා. අද අපි මේ තත්වේ ඉන්නේ තාත්තා බිම්මල් හදලා දුක් මහන්සි වෙලා සල්ලි හොයලා අපිට උගන්වපු නිසා.
ඉස්කෝලේ ඇරිලා ගෙදරට ටික දුරක් යන්න තිබ්බා…
මං ගියේ තුල්හිරිය කණිෂ්ඨ විද්‍යාලයට…
අපි ටික දුරක් යන කොට තාත්තා කඩයක් ලග බයිසිකලය නැවැත්තුවා…
මාව බිමට බස්සවලා මගේ ඔලුව එහෙම පීරගෙන මාව අතින් අල්ලගෙන කඩේට එක්ක ගියා…
තාත්තා මාව වාඩිකරවල ඇතුළට ගිහින් බීම බෝතල් දෙකක් ගෙනාවා…
“මගේ පුතා බොන්න පැණී බීම”
මං පැණි බීම වලට ගොඩක් ආසයි කියලා තාත්තා දන්න නිසා එයා පැණි බීම අරන්…
මං එක හුස්මට බීගෙන බීගෙන ගිහින් බෝතලේමය ඉවර කලා..
“රසයි තාත්තේ”
“එහෙනම් පුතා මේකත් බොන්න” තාත්තා කිව්වා…
“එතකොට තාත්තට” කියන ගමන් මං ඒ බෝතලෙත් එක හුස්මට බීලා දැම්මා…
මා දෙස ආදරෙන් බලා සිනාසුන තාත්තා මගේ ඔලූව අතගා “අපි එහෙනම් යමු පුතේ” කීවා…
මං බයිසිකලේට නගින්න යනකොට තාත්තා එතන තිබ්බ ටැප් එකකින් වතුර වීදුරු 2,3ක් බොනවා මං දැක්කා…
“දෙයියනේ, තාත්තත් ගොඩක් තිබහෙන් නේද ඉඳලා තියෙන්නේ…”
මං වෙනුවෙන් හැම දුකක්ම විඳ දරාගත්ත තාත්තේ…
මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි….
ඔයා අද මං ලඟ හිටියනම්….
සත්‍ය සිදුවීමකි.