පැය 24කට කලින් අපි පුංචි ඉල්ලීමක් කලා හැමෝගෙන්ම. මාස 4ක් අපි ඔබ වෙනුවෙන් වෙන් කල කාලය වෙනුවෙන් ඒ කියන්නේ
1️⃣ පැය 2,880
2️⃣ විනාඩි 172,800
අපි ඔබ වෙනුවෙන් වෙන්කල කාලය අගයන්න විනාඩි 3ක් වෙන් කරලා අපි ගැන පුංචි අදහසක් Trustpilot වෙබ් අඩවියේ පළකරන්න කියලා.
ප්‍රතිඵල මෙසේය :
සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව : 12,050+
ලියාපදිංචි සංඛ්‍යාව : 200+
විනාඩි 3ක් අපි වෙනුවෙන් වෙන් කල සාමාජිකයින් සංඛ්‍යාව : 14
Gayathri Kalpani Nawarathna
මහේෂිකා මදූ
Priyangani Pushpa
Pubudu Sanjeewa
Shalika Hansani
Chathurika
Krishantha Pushpakumara
Lahiru Mendis
Sanduni Rashmika
Chathush Jayasanka
Dilrukshan Peiris
Krishna
Eranga Uduwara Arachchi
Prasanna Rupasinghe
Rathna Upumalee Ekanayake
Review දැමූ ඔබ සියලුම දෙනාගේ අගය කිරීම තවත් අගයන්න අපි ඔබට CDC 1000 (වර්තමාන වටිනාකම රු.4,000) බැගින් ලබාදෙනවා.
දැන් අපි බලමු අපි ඉන්නේ කොතනද කියලා…
ඔබ තවදුරටත් සිතනවාද මෙවැනි ආත්මාර්ථකාමී කණ්ඩායමක් වෙනුවෙන් අපි දිනකට පැය 18 බැගින් වෙන් කරලා ඔබේ විනය, දැනුම, මනුස්සකම හදලා සමාජයට යහපත්, වැඩදායී පුද්ගලයෙක් නිර්මාණය කරන්න අපි මහන්සි වෙන්න ඕන කියලා….???
ඔබෙන ලැබෙන රු.1,000ක් වෙනුවෙන් අපි අපගේ වටිනා කාලය නාස්ති කරගන්න එක වටිනවා කියලා ඔබ සිතනවාද?
නිකමට හරි අපි මේ වැඩසටහන නැවැත්වුවහොත් මාගල් විතර කමෙන්ට් දාලා අපිට හොඳ කීව මිනිස්සු, අපි පන්සල්, බෝපැල වගේ කීව මිනිස්සු ඔක්කොම රට පුරා අපිට මඩ ගහයි අපේ රු.1000ක් අරන් පැන්නා සල්ලි හොයලා දෙනවා කීවා හොයලා දුන්නෙ නෑ කියලා.
මට ඔබට සල්ලි හොයලා දෙන්න බෑ. මට පුළුවන් මග පෙන්වන්න විතරයි. සල්ලි හොයන්න ලෝකේ තියන හැම eMoney වැඩසටහනකම ක්‍රම මේ ආයතනයෙන් දීලා තියේ.
LKBux, Pointzoone, VSLLike, Bannercuts, Success Lanka, WinWin, F3C, QNet, Best Life, Lions Share, සිදාදිය, Freelancer.com, Picowoker, Microwokers, Fiverr, eBay, Etsy ඇතුළු තව ආයතන 100 ගණනක අදහස් මේ ආයතනයේ ක්‍රියාත්මක වෙනවා….
හැබැයි, අපි ඒ ආයතන වල යම් වංචනික ක්‍රමයක් තිබේනම් ඒවා ඉවත් කරලා, Level අයින් කරලා, පිරමීඩ ක්‍රමයට ගෙවීම අයින් කරලා, වගකීම් රහිත රෙෆරල් ලින්ක් ශෙයාර් කිරීමට පිරමීඩ ලෙස ගෙවන ක්‍රමය අයින් කරලා, මහ බැංකුව නිර්දේශිත ක්‍රම පමණක් භාවිතා කරලා, ආයෝජන අයින් කරලා තමයි සියලුම ක්‍රම වේද අපි නිර්මාණය කරලා තියෙන්නේ….
නමුත් ඔබ ඒවා භාවිතා කරන්නේ නෑ…
ඒ කියන්නේ ඔබට ඕන පිරමීඩ ක්‍රම.
රටට පේන්න පිරමීඩ වංචා වලට කෑගැහුවට ඔබත් හොයන්නේ පිරමීඩ ක්‍රම.
ඔබට ඕන ඔබ මහන්සි වෙලා සල්ලි හොයන්න නෙමේ, වෙන මිනිස්සු මහන්සි වෙලා හොයන සල්ලි නිකන් ඉඳලා ඔබට ලැබෙනකම්…
ඔබට ඕන තව කෙනෙක්ට වංචා කරලා, ගින්දරක් දීලා සල්ලි හොයන්න…
ඔබට ඕන රජයෙන් තහනම් කල නීතීවිරෝධී දේවල් කරලා හරි කමක් නෑ මුදල් සොයන්න…
එහෙම නේද?
නිකං බොරුවට මේ ගෲප් එකට ඇවිත් සිංහලෙන් පෝස්ට් 1,300+ ක් දාලා තියෙද්දිත් කියනවා, මේක කරන්න තේරෙන්නේ නෑ කියලා…
තේරෙන්නේ නෑ නෙමෙයි, වුවමනාව නැහැ…
මෙහෙම කලොත් කොහොමද ?
අර සමහර ආයතන පොත් දෙන්නේ මිනිස්සු රවට්ටන විදිහ ලියලා. අපිත් ඔබට සදාචාරය උගන්වන්නේ නැතුව වංචා කරලා, හොර වැඩ කරලා සල්ලි හොයන්න ඉගැන්නුවොත් ඔබත් එකතු වෙනවද අපිත් එක්ක…
කැමතිද එහෙනම් හොරෙක්, වංචාකාරයෙක් වෙන්න?
කැමතිනම් කමෙන්ට් කරන්න… ඊයේත් නිකං ඉඳලා සල්ලි හොයන සෙට් එකකුත් අපිට එකතු වුනානේ. තව හොරුයි, වංචාකාරයොයි විතරයි අපිට අඩු… ඒකත් ආවහම හොඳ වැඩක් කරන්න පුළුවන්. මොකද හොඳ දේවල් වලට නැති එකමුතුකම, මිනිස්සු ගාව වැරදි දේවල් වලට තියේනේ…
එකතුවෙමු අපි රට විනාශ කරන්න…
CharityShop Team