මුදල් ඉපයීම සඳහා ක්‍රියාකාරකම 01 (නව ව්‍යාපාර / වෙළඳුන් සොයන්න)

by | Dec 24, 2020 | මුදල් ලැබෙන ක්‍රම | 0 comments

මුදල් ඉපයීම සඳහා ක්‍රියාකාරකම 01 (නව ව්‍යාපාර / වෙළඳුන් සොයන්න)
ඔබ නව ව්යාපාර සෙවිය යුත්තේ ඇයි?
අපගේ වෙබ් අඩවිය හරහා අප සිදු කරන්නේ විවිධ වූ ව්යාපාර/ස්වයංරැකියා සිදු කරන අයගේ භාණ්ඩ හා සේවා මිළදීගැනීම සඳහා “පොදු වට්ටම් වවුචරයක්” විකිණීමයි. එම වට්ටම් වවුචරයක් මිළදී ගන්නා අයට අපගේ වෙබ් අඩවියේ සඳහන් ඕනෑම ඩිස්කවුන්ට් එකක් ඕනෑම ආයතනයක්/වෙළෙන්දෙක් හරහා ලබාගත හැකිය. මේ වන විට ව්යාපාර 100ක් පමණ අප සමඟ එකතුව සිටිනවා. සතියක් ඇතුලත අප මෙය ව්යාපාර අවම 1,000ක් දක්වා වැඩි කරගත යුතුය.
වැඩි ව්යාපාර ප්රමාණයක් අපගේ වෙබ් අඩවියේ නැතිනම් අපගේ ඩිස්කවුන්ට් වවුචරය මිළදී ගන්නා අයට මිළදී ගැනීමට භාණ්ඩ වැඩි ප්රමාණයක් අප වෙබ් අඩවියේ නැති වෙනවා. එසේ වුවහොත් ඔබගේ මූලික ආදායම් මාර්ගය වන වට්ටම් වවුචර් විකිණිම සිදුකල නොහැකිය. එසේ වුවහොත් ඔබට වැඩි ආදායමක් නොලැබේ. එම නිසා ඔබ නව ව්යාපාර සෙවිය යුතුය. ඔබට නව ව්යාපාර සෙවීමට දක්ෂතාවයක් නොමැතිනම් ඔබට මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාමට අපහසුය.
????️ නව ව්යාපාර කොපමණක් සෙවිය යුතුද?
එක් සාමාජිකයෙක් අවම ව්යපාර 25ක් සෙවිය යුතුය.
???? ව්යාපාර වලට ගෙවීම කරන්නේ කොහොමද?
ඔබ සාමාන්ය සාමාජිකයෙක්නම් රු.25ක්ද, ඔබ අපගේ ක්රියාකාරකම් එකින් එක සම්පූර්ණ කර ඔබගේ Level එක වැඩි කරගත් පසු එක් ව්යාපාරයක් වෙනුවෙන් රු.40ක්ද ගෙවනු ලැබේ.
ව්යාපාර 250ක් සම්බන්ධ කලහොත් රු.12,500ක මුදලක් හිමිවේ. උපරිම දින 14කින් ඔබට ව්යාපාර 250ක් සෙවිය හැක.
???? නව ව්යාපාර සෙවීමට මා අකමැතිය. මෙය සිදු නොකර සිටිය හැකිද?
අපගේ ව්යාපාර ජාලය දියුණුවන විට පමණයි ඔබට මුදල් ගෙවීමට හැකියාව ලැබෙන්නේ. මව් ආයතනය දියුණුවට දායක නොවී ඔබට තනිව දියුණුවීමට හැකියාව නැත. ඔබගේ කාලය මේ වෙනුවෙන් නාස්ති නොකර මාසෙන් කෝටිපතියෙක් වෙන වෙනත් වැඩසටහනක් ඔබට තෝරාගත හැක.
???? ව්යාපාරයක් මේ වෙනුවෙන් හඳුන්වා දුන්නහොත් ඒ හරහා වෙළෙන්ඳාට හානියක් වේද?
නැහැ. අපි අපගේ වෙබ් අඩවියේ ඔවුන්ගේ වෙළඳ දැන්වීමක් පළකරන්නේ නොමිළයේ. ඉතිං ඔවුන් සම්බන්ධ වූවා කියා ඔවුන්ට කිසිදු පාඩුවක් සිදු නොවේ. අප ඔවුන්ගේ වෙළඳ දැන්වීම් මුදල් ගෙවා ප්රචාරය කරනවා. ඔවුන්ගෙන් කිසිදු අය කිරීමක් නැහැ. අප කෙලින්ම ප්රචාරය කරන්නේ ඔවුන්ගේ ෆේස්බුක් පේජ් එක හරහා භාණ්ඩ මිළදීගන්නා ලෙසයි. මෙයට යමෙක් අකමැත්ත ප්රකාශ කලහොත් එය ඔවුන්ගේ අවාසනාවයි. අපගේ බලාපොරොත්තු දින 30ක පමණ පසු ඔවුන්ගේ ව්යාපාර වෙත ඉතා විශාල පාරිභෝගිකයන් පිරිසක් යැවීමයි.
????‍????ඔබ කලයුත්තේ කුමක්ද?
අපගේ වෙබ් අඩවිය හරහා වට්ටම් සහිත වෙළඳ දැන්වීමක් නොමිළයේ පළකිරීමට වෙළඳුන් සහ වෙළඳ ආයතන සෙවීමයි.
මේ සඳහා අප ඔවුන්ගෙන් කිසිදු අය කිරිමක් කරන්නේ නැහැ. ඔවුන්ට එයින් විශාල ප්රතිලාභයක් ලැබෙනවා.
???? මොන වගේ ව්යාපාරද සෙවිය යුත්තේ?
සත්ව නිෂ්පාදන, රත්රන් භාණ්ඩ, මැණික්, පෞරාණික වටිනාකමක් සහිත භාණ්ඩ, කාසි ආදිය, ඖෂධ වර්ග සහ කෙටි කාලින ශරිරවර්ධන, රුව වඩවන නිෂ්පාදන, සත්ව ඝාතනයට අදාළ භාණ්ඩ; මදුරුවන්, කැරපොත්තන්, මියන් වැනි) ආදිය අප හරහා අලෙවි කල නොහැක. එවැනි භාණ්ඩ අලෙවි කරුවන් සම්බන්ධ කරගැනීමෙන් වළකින්න.
අත්කම් නිර්මාණ වැනි ඔවුන්ම කරන නිර්මාණ නම් ගොඩක් වටිනවා. හැම තැනම ගන්න තියෙන බඩු, චීනෙන් ගෙන්වන බඩු ආදියට වැඩි අවධානයක් දෙන්න එපා. Product එකේ ඡායාරූපය පිළිවෙලට, ලස්සනට දාල තියෙන අයට මූලිකත්වය දෙන්න. Made in Sri Lanka බඩු වලට ලොකු තැනක් දෙන්න. “සත්තයි ගහේ ඉදුණු ගල් සියඹලා” කීවට විශ්වාස නොකර හොඳට එයාලගේ Product එකට බඩු ගත්ත අය දාපු කමෙන්ට් මොනවද බලන්න. වංචා කරන අයද දන්නෙත් නැහැනේ. අනික් ප්රධාන දේ තමයි ලංකාව පුරා Deliver කරන අයව තෝරගන්න බලන්න. නැත්නම් වෙබ් අඩවියක පළ කිරීමෙන් ප්රයෝජනයක් නොවේවි.
පහත ආකාරයට ඔවුන්ට කරුණු විස්තර කර ඔවුන්ව මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න. අවශ්යයි නම් ඔබේම Style එකකින් තොරතුරු කියන්න. අපේ ආයතනයේ ගෞරවය රකින්න. අකමැතිනම් වදයක් වෙන්න එපා. මැසේජ් එක බලලා නිකන් හිටියොත් එක පාරක් පමණක් මැසේජ් එකක් දාලා බලන්න.
කරුණාකර පෝස්ට් වල කමෙන්ට් දැමීමෙන් වළකින්න. මැසේජ් එකක් හරහා ඔවුන් හා සම්බන්ධ වෙන්න.
අපි සිල්ලර බඩු කඩයක් හෝ පරණ බඩු කඩයක් නොවේ. සුවිශේෂී වූ හා භාණ්ඩ හා සේවා වට්ටම් සහිතව විකුණන ඔන්ලයින් ශොප් එකක්. ව්යාපාර වලට උදාහරණ ස්ක්රීන්ශොට් 100 වඩා ගෘප් එකේ පළකර තිබෙනවා.
පහත ==== මැදි කර ඇති කොටස තමයි ඔබ වෙළඳුන්ට කියන්න ඕන. මැසෙන්ජර් හරහා යවන්න. [ඔබේ නම] [ඔබේ දුරකථන අංකය] සහ [ඔබේ කේතය] යන්න ට ඔබේ තොරතුරු ඇතුලත් කරන්න. මෙය සාමාජික අංකය ලබාගත් අයට පමණයි සිදුකල හැක්කේ. කරුණාකර මෙය වෙනත් ගෲප් වල අනුන්ගේ පෝස්ට් වල කමෙන්ට් කිරීමෙන් වළකින්න.
මැසේජ් හරහා පමණක් යවන්න.
====================================
හෙලෝ, මං දැක්කා ඔයා ෆේස්බුක් එකේ නිෂ්පාදනය වගයක් අලෙවි කරනවා. ඔයාට ව්යාපාරය ප්රවර්ධනය කරගන්න පුංචි අවස්ථාවක් ලබාදෙන්න කතා කලේ….
අපේ අලුතෙන් පටන් ගත්ත ව්යාපාරයක් තියේ CharityShop කියලා. අපි ඒ හරහා කරන්නේ සුළු පරිමාණ ව්යාපාර, ස්වයංරැකියා සඳහා උදව් වෙන එක. ඔයාගේ ව්යාපාරයේ දැන්වීමක් අපේ වෙබ් අඩවියේ සහ පේජ් වල දාන්න පුලුවන්. නොමිළයේ…
අපි ඉන්පසුව ඒ දැන්වීම මුදල් ගෙවලා ප්රචාරය කරනවා. ඔයාට කිසි වියදමක් නැහැ. ඔයා අපිට කිසි ගෙවීමක් කරන්න ඕනත් නැහැ.
එකම එක දෙයයි ඔයා කරන්න ඕන…
ඔයා සාමාන්ය ෆේස්බුක් එකේ හෝ ශොප් එකේ ඔබේ භාණ්ඩය, සේවාව විකුණන මුදලට වඩා අඩුවෙන් වට්ටමක් සහිතව අපේ වෙබ් අඩවිය හරහා භාණ්ඩය විකුණන්න ඕන. භාණ්ඩය තිබෙන්නේ ඔබ ලඟ, මුදල් ලැබෙන්නේ ඔයාට, භාණ්ඩය කුරියර් කරනවානම් එය කරන්නෙත් ඔබ. අප කරන්නේ ඔයාගේ භාණ්ඩයේ ඡායාරූපයක් අපගේ වෙබ් අඩවියේ පළකරලා ඔබේ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක දාන එක. කැමති කෙනෙක් ඔබට කතා කරලා භාණ්ඩය මිළදී ගනීවී. ඔබගේ පේජ් එක නිකන්ම ප්රසිද්ධ වේවි.
අපි කරන්නේ මුදලක් ගෙවලා අප ප්රචාරය කරනවා “XXX ෂොප් එකෙන් YYY භාණ්ඩය මිළදීගැනීමේදී අපගේ CharityShop Discount Voucher එකක් හරහා මිළදීගන්නේ නම් රු.1,500ක් වන භාණ්ඩය රු.1,200ට හෝ අපගේ ඕනෑම භාණ්ඩයකට 10%ක වට්ටමක් ලබාගන්න” යනුවෙන් එම භාණ්ඩය ප්රවර්ධන කරන එක.
එවිට අපේ වෙබ් අඩවියෙන් Discount Voucher එකක් මිළදී ගන්න අය ඔබේ ව්යාපාරයෙන් යම්කිසි භාණ්ඩයක් මිළදීගන්නා විට අපගේ එම e Voucher එක ඔබට පෙන්වුවහොත් ඔබ අප සාකච්ඡා කරගත් (ගිවිසුමකට එළඹුණු) වට්ටමට එම පාරිභෝගිකයාට භාණ්ඩ ලබාදිය යුතුය. එපමණයි ! අපගේ ඩිස්කවුන්ට් වවුචර් එක මොනවගේද කියලා ඡායාරූපයක් ඉදිරියේදී එවන්නම්.
ඔබට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඔබගේ භාණ්ඩ, සේවා සහ ෆේස්බුක් පේජ් එක මේ හරහා ප්රොමෝට් වෙනවා. ඉදිරියේදි අපි ඔබගේ සියලුම භාණ්ඩ ඔබගේම ඔන්ලයින් ෂොප් එකක විකුණගන්න අවස්ථාව සලසලා දෙනවා….
ඒත් එක්කම අපේ ව්යාපාර ජාලයේ අනික් ඕනෑම ව්යාපාරයක් හරහා භාණ්ඩ මිළදී ගැනීමට ඔබට නොමිළයේ වට්ටම් වවුචරයක් ලැබෙනවා.
කැමතිනම් විනාඩියක් වෙන් කරලා පහත ෆෝම් එක පුරවලා දෙන්න. ඉක්මන් කරන්න. පළමු ව්යාපාර 100 පමණයි අපි නොමිළයේ ඇඩ් එකක් දාලා දෙන්නේ.
ඉහත ෆෝම් එක පුරවන්න. අපේ තාක්ෂණික අංශයේ කෙනෙක් ඔබට කතා කරාවි..
ෆෝම් එකේ මුලින්ම තියෙනවා මෙය හඳුන්වාදුන් මිතුරාගේ නම හෝ හඳුනාගැනීමේ කේතය කුමක්ද කියලා. ඒ සඳහා මගේ නම [ඔබේ නම] නැතිනම් [ඔබේ කේතය] යොදන්න.
උපදෙස් ඕනනම් කතාකරන්න [ඔබේ දුරකථන අංකය]
ස්තුතියි !
=====================================
පළමු කමෙන්ට් එකේ ඉහත කොටස විතරක් තියේ. ඒක කොපි කරගෙන ඔබේ තොරතුරු යොදලා මැසේජ් හරහා වෙළඳුන්ට යවන්න.
ඉහත ආකාරයට ඔබට එම පණිවිඩයම හෝ එය ඔබට අවශ්ය ආකාරයට වෙනස් කර යැවිය හැක. හැකි තරම් ව්යාපාර ප්රමාණයක් සොයන්න. අවම ව්යාපාර ප්රමාණය 25යි. ඔබේම ව්යාපාර වුවද මෙයට ඇතුලත් කල හැකිය. ඉහත පෝස්ට් එක ඒ අය වෙනුවෙන් ඔබට වුනත් පුරවන්න පුලුවන්. හැබැයි විනාඩි 2ක් තමන්ගේ ව්යාපාරය වෙනුවෙන් වෙන් කරන්න අකමැති අයෙක් එක්ක වැඩ කරන එක අපටත් අපහසු වේවි.
එසේනම් දැන්ම ආරම්භ කරන්න. අද දිනයේ හැකි තරමක් ව්යාපාර සොයන්න.
මෙම පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවා පළමු ක්රියාකාරකම කරන්න. උපදෙස් ඕනනම් කමෙන්ට් කරන්න. නැතිනම් ඔබේ Team Leaderගෙන් අහන්න.
CharityShop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments