හඳුන්වාදෙන Charityshop e-Book Store (ෆෝන් එකෙන්/ලැප් එකෙන් පොතක් ලියන්න – අපට එවන්න – මුදල් සොයන්න)
තමන් දක්ෂ මොන විෂයටද, ඒ පිළිබඳව අවම A4 10ක පොතක් ලියන්න. මයික්‍රෝසොෆ්ට් වර්ඩ් භාවිතා කල හැකිනම් වඩා අගනේය. ෆෝන් එකෙන් වුවද වර්ඩ්, ගූගල් ඩොක් භාවිතා කල ලිවිය හැක.
ඔබේ දැනුමට අප මුදල් ගෙවන්න සූදානම්…
ඔබ යම් විෂයකට දක්ශයිනම් ඔබට පුලුවන් අපට ඒ විෂයට අදාලව e-Book එකක් සිංහල මාධ්‍යයෙන් නිර්මාණය කරදෙන්න. අප සූදානම් ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න…
උදා:

රහස් පරීක්ෂක කෙටි කතා
ප්‍රේම වෘත්තාන්ත – කෙටි කතා
හෝ ඕනැම කතාවක්…

ඇන්තූරියම් වගාව
බිම්මල් වගාව
ඉටිපන්දම් ව්‍යාපාරය
Youtube Channel එකක් නිර්මාණය කරන ආකාරය
EBay Selling
Paypal එකක් නිවැරැදිව සාදා ගන්න ආකාරය
ජිවිතය ජයගන්න උපදෙස්
Dropshipping
ගෙවතු වගාව
ආදී ඕනෑම විෂයක් මේ සඳහා වලංගු වේ.
අද කාලයට ගැලපෙන, වඩා අවශ්‍යතාවය ඇති මාතෘකාවක් තෝරාගැනීමෙන් ඔබට වඩා වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට ඔබගේ e-Book එක ලබාදිය හැක. අවශ්‍යයි නම් නිසදැස් ආදියද ලිවිය හැක. එය විකිණේද යන්න පිළිබඳව අපට අදහසක් නොමැත.

ඔබගේ නිර්මාණයේ අඩුපාඩු සකස් කර එය අපගේ වෙබ් අඩවියට ඇතුලත් කරනවා. එය යමෙක් අප වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කරගන්නවානම් එම එක ඩවුන්ලෝඩ් එකකට රු.25-100 අතර මුදලක් ලබාදේ. තවම මිළගණන් තීරණය කර නැත.
ඩවුන්ලෝඩ් 20 සම්පූර්ණ වුවහොත් රු.1,000ක (One time Payment) ගෙවීමක් කරනු ලැබේ.

වෙනත් අයෙකුගේ නිර්මාණයක් කොපි කිරීම සපුරා තහනම්. ඔබ විසින්ම අදාල අන්තර්ගතය නිර්මාණය කල යුතුය. අනවසරයෙන් වෙනත් භාෂා වලින් ඇති ලිපි, පොත්පත්, සඟරා ආදීය පරිවර්තනය සපුරා තහනම්. අන්තර්ගතයකට යම් නීතිමය ප්‍රශ්නයක් ඇතිවුවහොත් එය රචකයා වන ඔබ විසින් දැරිය යුතුය. එම නිසා ඔබ දන්නා, ඔබට අත්දැකීම් ඇති දේ මත පමණක් නිර්මාණය කල හැක.
වාක්‍ය මැද ස්ටිකර්ස්, අනවශ්‍ය හිස්තැන්, ……. අනවශ්‍ය ලෙස නැවතීමේ තිත තැබීම් වලින් වලකින්න.
පැහැදිලිව ඡේද වෙන්කර පොත ලියන්න.

මුලින් ඔබට හැකියාව ඇත්තේ කුමන විෂය ක්ෂේත්රය පිළිබඳවද යන්න සහ ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් ඔබේ දුරකථන අංකය සමඟ කමෙන්ට් කරන්න. සරළව ඔබ ලියන්න කැමති මොනවා ගැනද කියලා කමෙන්ට් කරන්න.

ලියාපදිංචි අංකයක් ඇති ලියාපදිංචි ගාස්තුව ගෙවූ අයට සම්බන්ධ විය හැක. ලියාපදිංචි ගාස්තුව ගෙවලා නැත්නම් ඉක්මනටම ගෙවලා සම්බන්ධ වෙන්න.
අපගේ ඉල්ලිම මත ඔබගේ හැඳුනුම්පතෙහි කොපියක් ඉදිරිපත් කල යුතුය.
ප්‍රොෆයිල් පික්චර් කිහිපයක් ඇති සත්‍ය ප්‍රොෆයිල් එකක් විය යුතුය
මං තාම චූටියි, අම්ම දෙන දෙයක් කාලා ඉන්නවා, ගමේ ඉස්කෝලෙට ගියේ වගේ මන්දමානසික චරිත වලට මෙයට සම්බන්ධ විය නොහැක
ඔබ රැකියාව කරන ස්ථානය හෝ වෙනත් වෘත්තීයමය, අධ්‍යාපන සුදුසුකම් ඇතුලත් ප්‍රොෆයිල් එකක් විය යුතුය. ඉහත ආකාරයේ ප්‍රොෆයිල් එකක්නම් ඔබට දැනට ඇත්තේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකක් හදාගෙන අයදුම් කරන්න.
ආරම්භයක් ලෙස දින 7ක් ඇතුලත ඔබගේ e-Book එක ලබාදීමේ හැකියාව තිබිය යුතුය.
වයස් පරතරයක් නෑ. ඕනෑම කෙනෙක්ට අවසර දෙනවා. පෙබරවාරි 28 වන විට අපට පොත් 100ක් අවශ්‍යයි.
danesh@techlabs.lk ලිපිනයට පෙබරවාරි 28ට පෙර පොත එවා 0701456789 අංකයට කෝල් එකක් දෙන්න.
Charityshop Team