CharityShop ක්ෂේත්‍ර ප්‍රවර්ධන නිළධාරියෙක් වෙන්න – පියවර 01

by | Jul 7, 2021 | ආදායම් උපයන ක්‍රම | 0 comments

CharityShop ක්ෂේත්‍ර ප්‍රවර්ධන නිළධාරියෙක් වෙන්න – පියවර 01

???? පිරිමි :

▪️ ඔබ පාරිභෝගිකයා මුණගැසීමට යන විට පිළිවෙලට ඇඳපැළඳගෙන යන්න මතක තබාගන්න. ගොඩක් කාලෙකින් එලියට ගියේ නැත්නම් අල්මාරිය ඇදලා හොඳ ඇඳුමක් හොයාගන්න.

▪️ලා වර්ණයක් තෝරාගන්න. ටයි එකක් ඕන නැහැ.

▪️ අත් දිග ෂර්ට් නැතිනම් කොට එකක් අඳින්න.

▪️ ඩෙනිම්, ටීෂර්ට් ඇඳගෙන ව්‍යාපාරික කටයුත්තකට යන එක හරි නැහැ. ආයතනික ටීෂර්ට් එකක්නම් කමක් නැහැ. ඉදිරියේදී අපි ටීෂර්ට් ලබාදෙන්නම්. එතකොට ඩෙනිම් අඳින්න පුළුවන්.

▪️ සපත්තු දාන්න. අදම පොළිෂ් කරලා තියාගන්න.

▪️ බයික් එකට තෙල් ගහගන්න.

▪️ ඔරලෝසුවක් තියේනම් බඳින්න.

▪️ ගෙදර හිටියේ පිස්සෙක් වගේනම් රැවුල, කොණ්ඩේ අදම කපාගන්න.

▪️ පිස්සෙක් වගේ කොන්ඩේ මැදින් බෙදන්නේ නැතිව දැක්කහම ප්‍රියමනාප විදිහට පීරන්න.

▪️ හොඳට දත් මදින්න. Tictac හරි මින්ට් එකක් හරි හපන්න පාරිභෝගිකයා ලඟට ගිහින් කතා කරන්න ආසන්න වන විට.

▪️ සන්ග්ලාස් දාගෙන පාරිභෝගිකයා එක්ක කතා කරන්න එපා.

▪️ සාක්කුවේ අත දාගෙන කතා කරන්න එපා.

▪️ මුලින්ම ඔබ මුණගැහෙන විට හඳුන්වලා දෙන්න ඔබේ නම කියලා. ඔන්ලයින් සේවා අලෙවි කටයුතු කරනවා කියලා කියන්න.

▪️ නොදන්න ඉංග්‍රීසි කියලා මිනිස්සු ඉස්සරහා ලැජ්ජාවට පත්වෙන්න එපා. මේක ලංකාව සිංහලෙන් කතා කරන්න.

▪️ ලේන්සුවක් ගන්න

▪️ මාස්ක් එක සහ සැනිටයිසර් බෝතලේ අමතක කරන්න එපා..

▪️ අතට අත දෙන්න යන්න එපා.

???? ගැහැණු :

▪️ පිළිවෙලට අඳින්න.

▪️ සාරි ඇන්දොත් ලස්සනයි. ඒත් කරදරයිනේ. ඔබ තීරණය කරන්න. චාම් සාරියක් තෝරන්න.

▪️ ගොඩක් ආභරණ දාන්න එපා. සිල්වර් ජුවලරි තියේනම් චාම් එකක් හෝ දෙකක් දාන්න.

▪️ ඔරලෝසුවක් බඳින්න උත්සාහ කරන්න

▪️ හිරට ඇඳුම් අඳින්න එපා. ඔන්ලයින් බිස්නස් එකක් කතා කරන්න යන්නේ. වෙනත් අනවශ්‍ය දේවල් අවශ්‍ය නැහැ.

▪️ අඟපසඟ පේන ඇඳුම් අඳින්න එපා.

▪️ ඩෙනිමක් අඳිනවානම් සුදු බ්ල්වුස් එකක් අඳින්න උත්සාහ කරන්න.

▪️ කොණ්ඩය උඩට කර හෝ සරළ ක්‍රමේකට බඳින්න.

▪️ පරිනත බවක් පෙන්වන්න උපැස් යුවලක් භාවිතා කරන්න.

▪️ දීප්තිමත් තොල් ආලේපන හෝ නිය ආලේප භාවිතා කරන්න එපා.

▪️ ටීෂර්ට් කොහෙත්ම අඳින්න එපා.

▪️ වචන හෝ අකුරු, යක්කු තියෙන ඇඳුම් අඳින්න එපා.

▪️ අත් තියෙන බ්ලව්ස් එකක් අඳින්න. උරහිස් පේන ඇඳුම් අඳින්න එපා.

▪️ බ්ලවුස් එකෙන් පිටටත පේන්න පියයුරු නෙරා එන්න අඳින්න එපා. සැමවිටම ඔබ යන්නේ ඔන්ලයින් ව්‍යාපාරයක් කතා කිරීමට යන්න මතකයේ තබාගන්න.

▪️ ඇස් යට අඳින්න එපා. කෘතිම ඇසිපිය භාවිතා කරන්න එපා. වෙඩින් එකක් නොවේ.

▪️ සරළ මේකප් එකක් පමණක් යොදන්න.

▪️ සැමවිටම මුහුණේ සිනහවක් රඳවා ගන්න.

▪️ ස්කූටියක් තියේනම් තෙල් ගහගන්න.

▪️ මැදිවියේ කෙනෙක්නම් සාරියක් අඳින්න.

▪️ ගොඩක් කොට ඇඳුම් අඳින්න එපා.

▪️ ප්ලෙයාඩ් සායවල් වෘත්තීය ගමන් වලටනම් සුදුසු වෙන්නේ නෑ.

▪️ ලේන්සුවක් ගන්න

▪️ මාස්ක් එක සහ සැනිටයිසර් බෝතලේ අමතක කරන්න එපා..

හෙටින් පසුව නිදහස් වේලාවට ක්ෂේත්‍රයේ යන්න ඔබත් සූදානම් නම් ඊලඟ පියවර පිළිබඳව දැනුවත් කරන්න, ඉහත සියල්ල අවබෝධයෙන් කියෙව්වානම් ඔබේ සාමාජික අංකය කමෙන්ට් කරන්න..

CharityShop ආයතනයේ නම රැකෙන පරිදි ප්‍රවර්ධන කටයුතු කරන්න.

දිනකට රු.5,000 වඩා උපයන්න…

අදින්න ඇඳුම් නැතිනම් පෞද්ගලිකව චැට් එකක් දාන්න… අළුත්ම ඒවා නැති වුනත් ගැහැණු, පිරිමි ඕන කෙනෙක්ට අවශ්‍ය ඇඳුමක් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලලා දෙන්නම්…

CharityShop Team

#2021ජූලි7

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments