අතීතයේ බරණැස් නුවර බඹදත් නම් රජකෙනෙක් විසී ය. එකල බමුණු කුලයක උපන් බෝසතාණන් වහන්සේට දූවරු තිදෙනෙක් වූ හ. ඔවුන් කුඩා කල්හිම බෝසතාණෝ මිය ගොස් ස්වර්ණහංසයෙක් ව උපන්හ. දිනක් ස්වර්ණහංස තෙමේ ජාතිස්මරණ ඥානයෙන් තමන් ඉහත ජාතියෙහි බමුණු ව උපන් බවත්, අඹු දරුවන් අනුන්ට බැලමෙහෙ කරමින් ජීවත් වන බවත් දුටුවේ ය.
ඔවුන් දිළිඳු කමින් මුදවනු පිණිස වරින් වර ඔවුන්ගේ ගෙට ගොස් එක එක රන් පිහාටුව දමා ගෙයි වහලය මත සිටියහ.
“ඔබ කවුරුදැ”යි දූවරු ඇසූහ.
”ඔබගේ පියාණෝ ය. පිහිටට පැමිණියෙමි’යි ස්වර්ණ හංසයා කීවේ ය.
මෙසේ කීප දිනක් ම සිදුවිය. දිනක් බැමිණිය සිය දූවරු අමතා පියාණන් අල්ලා ගෙන පිහාටු සියල්ල උදුරා ගන්නැ’යි කීවා ය. දූවරු ඊට අකැමැති වූ හ. බැමිණි ය දිනක් ස්වර්ණ හංසයා අල්ලාගෙන පියාපත් සියල්ල උදුරා ගත්තා ය. එහෙත් ඒ සියලු පිහාටු සාමාන්‍ය පිහාටු විය. නැවත කිසි දිනෙක බෝසත්හු නොපැමිණියහ.
CharityShop Team