ගෲප් එකට දවසට 500 වඩා අලුතෙන් කට්ටිය ඇඩ් වෙනවා. එයින් 100 වැඩිය දවසකට පෞද්ගලිකව මැසේජ් එවනවා ඇඩ් ක්ලික් සහ ආයෝජන පැකේජ් නැද්ද අහන්න.
ඇයි ඔයාලට මේකේ නිකන් දෙන ක්රම 160 හරහා මුදල් හොයන්න බැරි? ඇයි ඇඩ් ක්ලික් ඉල්ලන්නේ, ලේසි නිසාද?
ඇඩ් ක්ලික් වලින් සල්ලි හම්බවෙනවා කියලා එකක් මේ ලෝකේ නෑ දෙයියනේ. මෙච්චර ක්රම දෙන මට ඕක දෙන එක මහ කජ්ජක් නෙමේ. PTC Web Script එකක් දාලා ඇඩ් ක්ලික් සයිට් එකක් හදලා මටත් පැකේජ් විකුණන්න පුළුවන්. ඒත් මිනිස්සුන්ගෙන් ආයෝජන ගන්න ලංකාවේ කිසිම ආයතනයකට අවසර නෑ. එහෙම බැරි නිසයි ඇඩ් ක්ලික් පැකේජ් විකුණන්නේ. ඇඩ් වලින් සල්ලි ලැබෙනවනම් ඇයි ඒ ආයතන ඔයාලට නිකන් ඇඩ් ටික දීලා ඒවගෙන් එන ලාභෙන් සල්ලි දෙන්නේ නැත්තේ. මොකද ඇඩ් කියන්නේ මුලාවක්.
අනේ වඳින්නම් අපෙන් ඉල්ලන්න එපා ඕවා.
අපි දෙන්න පටන්ගත්ත පළමු විනාඩියෙම අපි 100%ක් අවංක වුනත් අනික් ඇඩ් ක්ලික් කම්පැනි ටික අපිට මඩ ගහනවා සහ මිනිස්සු හැමෝම අපිත් කලින් ඇඩ් ක්ලික් පැකේජ් දීලා බිලියන ගනන් සල්ලි අරන් පැන්න හොරු වගේම කියලා හංවඩු ගහනවා.
ඒක නිසා අපි ඇඩ් ක්ලික් දෙන්නේ නෑ.
ආයෝජන ගන්නෙත් නෑ.
මේකේ නිකං උගන්වන ක්රම 160න් සල්ලි හොයන්න බැරිනම් මේ ගෲප් එකෙන් එළියට බැහැලා යන්න.
CharityShop Team