උද්‍යෝගය නොමැති, මහන්සි නොවන තැනක කිසිවක් හිමි කර ගත නොහැක

by | Mar 19, 2021 | උපදෙස් | 0 comments

උද්‍යෝගය නොමැති, මහන්සි නොවන තැනක කිසිවක් හිමි කර ගත නොහැක
Charityshop වල මොන තනතුරු තිබුනත් වැදගත් වෙන්නෙ තනතුරු දැරීම විතරක් නෙවෙයි. මහන්සි වෙලා වැඩ කරන එක. ඒ වගේම කරන්න ඕන මොකද්ද කියලා තේරුම් ගන්න, තව කෙනෙකුට කරන්න ඕන මොකද්ද කියලා වටහලා දෙන්න, තව කෙනෙක්ව හරි පාරෙ යවන්න, හරි වැරැද්ද තේරුම් ගන්න හොද අධ්යාපනයක් තියෙන්නත් ඕන.
මෙතන ඉන්නවා අපිත් එක්ක ඉන්න සජීවී උදාහරණ…. කැපවීමයි, දැණුමයි, අධ්යාපනයයි නිසා අද හොද තැන් වල ඉන්න අය ගැන…
1️⃣

මහේෂිකා මදූ
අහම්බෙන් ඇවිත් අපිත් එක්ක සම්බන්ධ වෙද්දි සාමාජික ගාස්තු ගෙවන්නවත් මුදල් තිබුනෙ නෑ.. ඒත් මෙතනට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුදුම උනන්දුවක් තිබුනේ. මහන්සියෙන් කැපවිමෙන් උනන්දුවෙන් වැඩ කරලා අනිත් හැමෝටමත් උදව් කරගෙන ආයතනයේ හැම දෙයක්ම හොයලා බලලා හැමෝටම උපදෙස් දීගෙන ඉන්න කෙනෙක්. බොහෝම කෙටි කාලයකදී අනිත් අය, ජ්යේෂ්ඨයන් අභිබවා අද ඇය ඉන්න තැනට ඇවිත් තියෙන්නෙ. ඒ ඇයගෙ මහන්සියේ කැපවීමෙ ප්රතිඵල. අද ඇය ඉහල තනතුරක් දැරුවත් ඇයගෙ එදා තිබුනු නිහතමානි කම, අවංක කම, කැපවීම ඒ විදිහටම තියෙනවා. ඇය අපේ ආයතනය ඇයගේ ජීවිතයම කරගෙන. ඇයගෙ කතාවෙ ආදර්ශයට ගත යුතු තැන් බොහෝමයි. අද ඇය තමයි ආයතනයේ සියලුම සාමාජිකයින්ගේ ප්රශ්න ගැන සොයා බලා කටයුතු කරන්නේ.
2️⃣

Pinipa Samarasekera
එකපාරටම අහසින් කඩාගෙන වැටුනා වගේ අපි ලගට ආවෙ… හරිම අහම්බයක් ඒක. කොච්චර ජ්යේෂ්ඨයෝ හිටියත් ඔවුන් පහු කරගෙන අද ඇය ඉන්න තැනට ආවෙ ඇයගෙ අධ්යාපන තත්වය, හැකියාවන් හා පළපුරුද්ද ප්රයෝජනයට අරන්. ඇයගෙ දැනුම අපේ ආයතනයට හරිම වැදගත්… ඒ නිසාම ඇය අද ඉහල තනතුරක් දරනවා. මීට කලින් හොද ලොකු ආයතන වල ඉහල තනතුරක් දැරුවත් ඇය අප සමග සම්බන්ධ වී ඇයගේ දැණුම හා පළපුරුද්ද අවශ්ය ආකාරයට ආයතනය සදහා යොදවනවා. ඒත් ඇය සාමාන්ය කෙනෙක් විදිහට නිහතමානීව, අවංකව ආයතනය ගැන හිතමින් කටයුතු කරනවා. අද ඇය තමයි ආයතනයේ HR අංශය භාරව ඉන්නේ.
3️⃣

Ruchira Anuradha
ඔහු සම්බන්ධ වූ දවසේ ඉදලම අනන්තවත් මගෙන් බැනුම් අහපු කෙනෙක්. ඒත් ඔහු අතෑරියෙ නෑ. කියන හැම දේකින්ම වැරදි හදාගෙන මහේෂිට වද දිදී ඉගෙන ගත්තා. හැම දේකටම උනන්දුව කැප කිරීම තිබුනා. තමන්ගෙ දැණුම, පළපුරුද්ද ප්රයෝජනයට අරන් උපදෙසුත් හැමෝගෙන්ම අරන් ඉදිරියට ඇවිත් ඉතාමත් කෙටි කාලෙකදි ඉහල තනතුරකට ඇවිත්. ඉතින් මේ ඔහුගෙ කැපවීමෙ මහන්සියෙ උනන්දුවෙ ප්රතිඵල. අද ඔහු තමයි ආයතනයේ සාමාජික පුහුණුවීම් සම්බන්ධව කටයුතු කරන්නේ.
4️⃣

Priyanka Sajeewani
අද ඇය අපට ඉන්න හොදම referral ගේන සාමාජිකාවක්. ඇය මුල ඉදන්ම ඇති තරම් බැනුම් අහපු කෙනෙක්. ඒත් සැලුන ද ??? නෑ…. ඇය හැම දේකින්ම ඉගෙන ගෙන තමන්ගෙ වැරදි හදාගත්තා. අඬ අඬා වැරැද්ද පිළිගත්තා
ඇයගෙ නිහතමානිකම තමයි ඕනෙම වෙලාවක වරද පිලිගෙන එම වරද ආයෙත් නොකර ඉන්න එක. කරන වෙලාවලුත් නැත්තෙම නෑ ඉතිං. මට පෞද්ගලිකවත් පුදුම වදයක් තිබුනෙ.. හැම වෙලේම මගෙන්ම ප්රශ්න අහන නිසා. ඒත් දැන් හැමදේම තේරුම් අරන් කැපවීමෙන්, උනන්දුවෙන්, උවමනාවෙන් වැඩ කරලා අද අපිට ඉන්න හොදම සාමාජිකාවක් වෙලා… ආයතනය එක්ක පුදුම බැදීමක්.. ඉතින් ඇයගෙ චරිතයෙන් ආදර්ශයට ගන්න තැන් බොහෝමයි….
5️⃣

Shanuka Tharusha
ඔහුව හදුන්වා දුන්නෙ team leader කෙනෙක්. ඒත් තමන්ගෙ නායකයා අභිබවා ඔහු වැඩ කලා. ඔහුගෙ කැපවීම කෙතරම් ද කියනවා නම් එක මාසයක වැඩිම ආදයමක් ලැබුවේ ඔහු. ඔහු තාමත් ලාබාල තරුණයෙක්. ඉහලට යන්න වයස බලපාන්නෙ නැති බවට ඔහු හොදම උදාහරනයක්. ඔහුගෙ කැපවීම අගය කල යුතුමයි…
ඉතින් මේ එම උනන්දුව, කැපවීම, දැණුම, අධ්යාපනය කියන සියලුම සාධක වලට උදාහරණ. තව තව උදාහරණ තිබුනත් මෙහි දැක්වූයේ කිහිපයක් පමණයි.
Eranga ,ShiranLahiru,Piyu ,Dhanu,Ran Sara මේ වගේ තවත් ගොඩක් අය ඉන්නවා..
මේ කවුරුත් ඉහල තනතුරු බලන් මෙතන වැඩ කරන්න ආපු අය නෙවෙයි. තමන්ගෙ උනන්දුව, කැපකිරීම, අධ්යාපන දැනුම, පළපුරුද්ද ප්රයෝජනයට අරන් මේ තැන් වල වැජඹෙන අය.
ඉතින් ඔබ සැවොම සිතට ගත යුතු කාරණයක් තමයි තමන්ට උනන්දු වෙන්න, වැඩ කරන්න තනතුරු අවශ්ය නැහැ. තනතුරු තියෙන්න ඕන ආයතනයක පැවැත්ම රදා පවතින්න, නිත්යානුකූලව ඉදිරියට ආයතනය ගෙන යන්න අවශ්ය වැඩපිලිවෙල සදහා. කැපවීමෙන් වැඩ කරන්න තනතුරු ලැබෙනකල් ඉන්න එපා. තනතුරු ලබාගන්න කැපවීමෙන් වැඩ කරන්න.
පයට පෑගෙන පස් ම තමයි දවසක ගඩොල් වෙලා රජ මන්දිර වල බිත්ති වෙන්නෙ.
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඔබ සුලගට ගහගෙන යන කඩදාසියක් වෙනවද ? නැතිනම් හුලග කපන් යන කඩදාසියක් වෙනවද?
තීරණය කරන්න ඕනෙ ඔබමයි!
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments