ඔබගේ පෝස්ට් වලට පරිබාහිර පුද්ගලයින් අනවශ්‍ය කමෙන්ට් දමනවාද?

by | Jan 25, 2021 | උපදෙස් | 0 comments

ඔබගේ පෝස්ට් වලට පරිබාහිර පුද්ගලයින් අනවශ්‍ය කමෙන්ට් දමනවාද?
ආයතනයක ගෞරවය රකින්නේ නැතුව ව්යාපාර ආචාරධර්ම වලට පටහැනිව යම් අයෙක් ක්රියා කරනවාද?
එසේනම් මෙසේ කරන්න…
1️⃣ ඔහුගෙන්/ඇයගෙන් කාරුණික ඉල්ලා සිටින්න මෙය මගේ පෞද්ගලික පෝස්ට් එකක්. මෙහි කමෙන්ට් කරන්න එපා. ඔබට අවශ්යයිනම් වෙනම පෝස්ට් එකක් දමන්න…
2️⃣ දෙවරක්/තෙවරක් උත්සාහ කරන්න.
කමෙන්ට් ඉවත් කරගන්නේ නැත්නම් පහත ක්රමය අනුගමනය කරන්න.
1️⃣ කමෙන්ට් එක උඩ Touch කර එන මෙනුවෙන් Report to group admins දෙන්න. එහි උපදෙස් පිළිපදින්න.
2️⃣ නැවත වරක් Touch කරන්න.
3️⃣ Find Support or report comment තෝරන්න
4️⃣ ලැයිස්තුවෙන් Spam තෝරා Next දෙන්න.
ස්ක්රීන්ශොට් සහිතව බලන්න : https://m.facebook.com/groups/charityshopteam/permalink/236557727980011/
???????????? මීට අමතරව ඔවුන්ට ඔවුන් කරන වැරැද්ද දැනෙන්න ඔවුන් දාන දාන පෝස්ට් එකට ඔබ කමෙන්ට් කරන්න. ඔබේ ව්යාපාරය ප්රවර්ධනය කරන්න. ඔබ අනික් අයගේ ප්රශ්න වලට පිළිතුරු සපයන්න. එවිට ඔවුන්ට තේරේවි ඔවුන් කරන වැරැද්ද….
සැ.යු : මෙය කිසිම ආයතනික නාමයකට හානිකිරීමට පළකරන ලද්දක් නොවේ.
ආයතනයකින් යම් ප්රවර්ධනය කටයුත්තක් සිදු කරනවානම් ප්රථමයෙන් ඔබේ සාමාජිකයින්ට සදාචාරය, හික්මීම උගන්වන්න.
සමහර ආයතන වල ඉහළ නිළධාරීන්ට මම පෞද්ගලික කතා කරලා උපදෙස් දුන්නා මේ පිළිබඳව.
ෆේස්බුක් භාවිතා කරන ආකාරය උගන්වන්න. Motivational Program වලට වඩා එය වැදගත්. ජීවිතය ජයගන්න මහ ලොකු දේවල් උගන්වන්න කලින් පුංචි දේවල් කියලා දෙන්න. ලොකු ව්යවසායකයෙක් කරන්න කලින් යහපත් මනුස්සයෙක් කරන්න උත්සාහ කරන්න. මුදලට, Signup, Referral ප්රමාණයට මිනිසුන්ට සාපයක් නොවෙන්න. හිරිහැරයක් නොකරන්න.
මම ප්රෙග්නන්ට් කියා පෝස්ට් එකක් දැම්මත්, මට බඩේ අමාරුවක් කියා පෝස්ට් එකක් දැම්මත්, අපිට තවම බබාලා නැහැ, මොකද කරන්න ඕන කියලා පෝස්ට් එකක් දැම්මත් ඔය හැමදේකටම උත්තරේ දඹුල්ලේ මුදළාලි නෙවෙයි, ව්යවසායකයෙක් වුනත් ඔය ප්රශ්නේ විසඳෙන්නේ නැහැ. මොන Smart Contract එක sign කලත් ඕවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. දාන ගාන ඩබල් වුනත්, මොන Spin Wheel එකකින්වත්, Coin එකකින්වත්, අලි තියා කොටි එක්ස්ප්රස් කූපන් එකකින්වත් ප්රශ්නේ විසඳෙන්නේ නැහැ. කොයි හොටෙල් පැකේජ් එක ගත්තත්, මොන බඩුව අරන් 20-30ගුණයක් වැඩියෙන් වික්කත්, අක්කර ගණන් ඉඩම් අරන් අරවා මේවා වගා කලත් මිනිස්සුන්ගේ ප්රශ්න විසඳෙන්නේ නැහැ.
ලංකාවේ ඕන තරම් ගෲප් තියෙනවා. තමන්ගේම පෝස්ට් එකක් දාලා දියුණු වෙන්න බලන්න. තවත් කෙනෙක්ගේ දියුණුවට බාධාවක් වෙන්න එපා…
අනුන්ට වදයක් වෙන අංගවිකල ජීවිතයක් නොවන්න…
ප.ලි : මාස කිහිපයක් ඉවසිමෙන් කල්පනා කර බලා මෙම පෝස්ට් එක පළකරන ලදි. සාමාජිකයින් දිනපතා 100 ගණනක් පැමිණිළි කරනවා ඔවුන්ට පෝස්ට් පළකරන්න බැහැ කමෙන්ට් දාන්නේ, රිප්ලයි දාන්නේ වෙනත් ආයතන වලින් කියලා.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments