හැමෝටම මතක ඇති අපි අප්‍රේල් 3 උදේ ක්‍රියාකාරකමක් දුන්නා. සරල දෙයක් නොමිළයේ සම්බන්ධ වෙන 500ක පිරිසක් මේ ගෲප් එකට සම්බන්ධ කරන්න කියලා. ලියාපදිංචි වූ 200ක් ගෲප් එකේ හිටියත් අපි 50ක් සක්‍රීයව මේ සඳහා දායකවෙයි කියලා බලාපොරොත්තු වුනේ.
ඒ කියන්නේ එක් අයෙක් 10 බැගින් 50 දෙනා 500ක් සම්බන්ධ කරාවි කියලා.
නමුත් රාත්‍රී 12 වන විට ගෲප් එකේ 10,700ක් ඉඳලත් බැරිවුනා 500 දෙනෙක් සම්බන්ධ කරවන්න. සල්ලි ගෙවන්න නෙමේ, නොමිළයේ සම්බන්ධ කරවන්න.
සම්බන්ධ වෙලා හිටියේ 100 අඩු පිරිසක්.
ඊයේ ඔබ කල අතපසුවීම ගැන අපි ඔබට කියා දුන්නා. ඒ තමයි ඔයාලා ගාව තියෙන ලොකුම අවිය, ඒ කියන්නේ එකමුතුකම පාවිච්චි කරලා Post Share Team එක හරහා එක් අයෙක් පෝස්ට් එකක් දාලා. 50 දෙනා එකතුවෙලා ගෲප් 10කට ශෙයාර් කලානම් ශෙයාර් 500ක් නිකන්ම එනවා. එහෙම වුණානම් ගොඩක් අය සම්බන්ධ වෙනවා.
ඒ පෝස්ට් එකට හැමෝම කමෙන්ට් කලා. තමන්ට වැරදුනු තැන ගැන A4 Sheet එකක් විතර කමෙන්ට් කලා. ඒක වෙනුවෙන් කරන්න ඕන දේ තමයි තනි පෝස්ට් එකක් හදලා හැමෝම එකතුවෙලා ශෙයාර් කරන එක කියලා හැමෝම පිළිගත්තා….
ඔයාලා ඊයේ එහෙම ශෙයාර් කලාද????
එක්කෙනෙක් පෝස්ට් එකක් දාලා හැමෝම එකතුවෙලා ගෲප් වලට පෝස්ට් එක 500 වාරයක් ශෙයාර් කලාද?
නෑ නේද?
ඒ මොකද දන්නවාද???
ඊයේ CDC එකෙහි අගය රු.4ක් වුණා. සල්ලිත් එක්ක, සතුටත් එක්ක හැමෝම තමන්ගේ වගකීම් අමතක කලා.
???? CDC අගය කොපමණ වැඩිවුණත් ඔබගේ වගකීම් අමතක නොකරන්න
උඩ වාක්‍ය ඔබේ ඇසට හුරු නැතිද?
ඊයේ CDC අගය වැඩි වුණ පෝස්ට් එකේ ස්ථාන 4ක එය සඳහන් කලා. එසේ කලේ ඔබට ඔබගේ වගකීම මතක් කරන්න. නමුත් කිසි කෙනෙක්ට වගකීම මතක් වුනේ නැහැ.
Senior Manager, Manager, Advisor ඒ අයටවත් මතක් වුණාද? නෑ නේද? හැමෝම තම තමන්ගේ වැඩ තනියම කලා.
ඒ විතරක් නොවෙයි වට පිටාවේ සිදුවෙන අනික් දේවල් එක්ක ඔයාලගේ අවධානය බිඳුනා.
මං මගේ ඡායාරූපයක් දැම්මා. එතන ඔබේ හිත වෙනතක යවන්න මම එක එක දේවල් ලිව්වා. “ඔබට බලා සැනසෙන්න මේ ෆොටෝ එක දැම්මේ” කියලා. ගොඩක් අය ඒ ෆොටෝ එකට ඇවිත් ඕප දූප කතා කරන්න කාලය වෙන් කලා. ඉහළ තනතුරු දරන අයත් ඒ අතර හිටියා.
ගෲප් එකට අදාල නොවන, පරණ මා විසින් කල සමාජසත්කාර වැඩසටහන් ගැන දැම්මා. ඔබ ඒවාට අවධානය යොමු කලා…
නමුත් කිසි කෙනෙක් මුලික අරමුණ ගැන හිතුවේ නෑ. පුරුදු විදිහටම හැමෝම තනි තනියෙන් පෝස්ට් ශෙයාර් කලා. Post Share Team එක ඇතුලේ මැසේජ් එකක්වත් නෑ. හැමෝම තනියෙන් වැඩ.
හැබැයි මම දාපු පබ්ලික් පෝස්ට් එකේ හැමෝම එකමුතු කමේ අගය, වැරදි වටහාගැනීම සහ ඒ වැරැද්ද ආයේ නොවෙන්න කල යුතු දේ පිළිබඳව කමෙන්ට් කලා පමණයි. ලොකු දාර්ශනික කමෙන්ට් කලා.
කිසි කෙනෙක් ක්‍රියාවෙන්නම් ඒ දේ කලේ නැහැ.
හැමෝම හිතුවා “දැන් මහන්සි වෙන්නේ මොකටද, රෑ 12ට කලින් 500ක් ආවේ නැත්නම් CDC අගය රු.2 සිට රු.0.10 දක්වා අඩුවෙනවා කීවා. දැන් CDC එක රු.4 වෙලා. අපි දැන් මොකටද 500ක ඉලක්කයකට යන්න මහන්සි වෙන්නේ. හැමදේම නිකන් ලැබුණනේ. තරඟයත් ඉවරයි. දැන් ඉතිං මහන්සි වුනාට CDC ලැබෙන එකකුත් නෑ කියලා”
ඔබට යම් ලාභයක් CharityShop හරහා ලබන්න නම් මුලින්ම ආයතනය දියුණු කරන්න උත්සාහ කරන්න.
වෙන ආයතන වැරදි ක්‍රම භාවිතා කරලා, විනය කඩ කරලා, සදාචාරය අමතක කරලා අවුරුද්දක් විතර යනකම් කලේ රෙෆරල් එකතු කරලා ටීම් හදාගන්න එක විතරයි. ලක්ෂ ගාණක ටීම් හැදුනට පස්සේ තමයි ඒ අය මුදල් සොයන ක්‍රම එළිදක්වන්නේ.
නමුත් අපි උත්සාහ කරන්නේ හැමදෙයක්ම හරි විදිහට කරන්න. ලක්ෂ ගාණක් ටීම් හැදුව ආයතන දැන් කවුරුත් ගණන් ගන්නවද? නෑනේ. හැම ගෲප් එකක්ම ඔවුන්ව සලකන්නේ සාපයක් විදිහට.
අනිත් එක ඇයි ඔබ පීඩනයක් යටතේ වැඩකරන්නේ? ඇයි නිදහස් වෙලාවෙදි අපේ මූලික අරමුණ ගැන සිතන්නේ නැත්තේ? ආයතනය දියුණු කරන්න උත්සාහ කරන්නේ තරඟයකදී සහ ඉලක්කයක් දුන්න වෙලාවකදී විතරද? සාමාන්‍ය අවස්ථාවන් වලදී ඔබට ආයතනය වෙනුවෙන් කැපවෙන්න බැරිද?
ආයතනයෙන් නොමිළයේ මොනවා හරි දෙනවානම් පමණද ඔබ දාර්ශනිකයෙක් වෙලා කටයුතු කරන්නේ?
කමෙන්ට් එකකින් බෑ ආයතනය දියුණු කරන්න. ඒකට එකා මෙන් හැමෝම එකතු වෙන්න.
කිසිම දෙයකින් ඔබේ අවධානය බිඳගන්න එපා. මූලික අරමුණ අමතක කරන්න එපා. අපි එක්ව ජයගන්න ඕන…
ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න…
ඔබ ඇත්තටම දිනුම්ද?
තුන් වෙනි දවසත් ගෙවිලා. තාම ගෲප් එකට 150ක්වත් එකතුවෙලා නැහැ.
ඉතිං CDC අගය රු.4 සිට රු.0.10 දක්වා අඩුවිය යුතුයි නේද?
ඒ කියන්නේ ඊයේ රු.8,000ක වත්කමක් තිබුණු ඔබට අද තියෙන්නේ රු.200යි.
හේතුව???
CharityShop Team