ඔබ මා විශ්වාස කරන දිනක මා ඔබව විශ්වාස කරන්නම්

by | Mar 16, 2021 | උපදෙස් | 0 comments

ඔබ මා විශ්වාස කරන දිනක මා ඔබව විශ්වාස කරන්නම්
එක්තරා ගම්මානයක වැසියන් දැඩි නියගයකින් පීඩා විදි අතර පසුදින වර්ෂාව ලබාගැනීම සදහා යාතිකාවක් පැවැත්වීමට ඔවුන් කතිකා කර ගත්තා. පසුදින උදෑසනම සියලුම ගම්වැසියන් එක් රැස් වූ අතර එක් කුඩා පිරිමි ළමයෙකු පමනක් කුඩයක් රැගෙන විත් තිබුනා,
☘️ ඒ ශ්රද්ධාවයි/විශ්වාසයයි.
???? ඔබ ඒ පිරිමි දරුවා මෙන් වෙනවා දැකීම මාගේ බලාපොරොත්තුවයි. Charityshop අනෙක් සැමදේම පරදා සාර්ථක වන බව විශ්වාස කරගෙන ඔබ රැඳී සිටීම මාගේ බලාපොරොත්තු වේ.
විශ්වාසය, වයස වසරක් වන බිළිදෙකුගේ සිතේ ඇති වන හැගීමකට සමාන කල හැකියි. තම පියා බිළිදාව ඉහලට විසි කල විට බියෙන් තැති ගෙන හඩා වැටෙනවා වෙනුවට බිළිදා ප්රීතිමත්ව හිනැහෙන්නේ පියා ඔහුව බිම වැටෙන්නට නොදී අල්ලා ගන්නා බව දන්නා නිසයි,
☘️ ඒ විශ්වාසයයි.
???? ඔබට කවදාවත් වැටෙන්නට නොදී හැකි තරම් ඉහළට යාමට අතදෙන බව විශ්වාස කර Charityshop සමඟ රැඳී සිටීම මාගේ බලාපොරොත්තු වෙව්.
අපි දිනපතාම රාත්රියේ නින්දට යනවා,පසුදින උදෑසන අපිට යලිත් නැගිටින්න හැකි වේ දැයි කිසිම සහතිකයක් නෑ. නමුත් අපේ සිතේ පසුදින ගෙවන හැටි ගැන සැලසුම් ගොඩක් තියෙනවා,
☘️ ඒ බලාපොරොත්තුවයි.
???? අපි යම් දිනෙක දිනන බව බලාපොරොත්තුවෙන් Charityshop සමඟ ඔබ රැඳී සිටිම මා හට වැදගත් වේ.
විශ්වසය හා බලාපොරොත්තුව ඔබව ජිවත් කරවයි, යමෙකු තුල විශ්වාසයත් බලාපොරොත්තුවත් ඇති කල පසු නොහැක්කක් නොමැත.
2020 දෙසැම්බර් මාසයේදි Charityshop ආරම්භ කලේ Multivendor Platform (eCommerce වෙබ් අඩවියක්) ලෙසයි. එය රුපියල් මිලියන 2ක ආයෝජනයෙන් කල යුතු ව්යාපෘතියකි.
එහි ඔබගේ ප්රධාන ආදායම් මාර්ගය ලෙස නිර්මාණය කලේ Charityshop Discount Voucher අලෙවියයි. නමුත් ඔබට රු.250ක් ගෙවන සාමාජිකයෙක් සොයාගැනීටම අපහසුනම් රු.1,000ක Virtual Voucher එකක් විකිණීම සිහිනයකි. අන්න ඒ නිසයි Charityshop වැඩසටහන Freelancer Platform එකක් ලෙස වැඩිදියුණු කලේ.
අපගේ වැඩසටහන හරහා සේවාවන් තෙවන පාර්ශවීය ආයතන වෙත ලබාදීමටනම් අපගේ සාමාජික ප්රමාණය සහ අපගේ හැකියාවන් ඔවුන්ට පෙන්විය යුතුය.
බොහොමයක් ආයතන ව්යාජ සාමාජික පිරිස් පෙන්වා ඔබව රවටයි, ව්යජ මුදල් ගෙවීම් ප්රමාණයන් පෙන්වා ඔබව රවටයි. ඔබ කොයිතරම් බුද්ධිමත් වුනත් ඒවාට රැවටෙයි. කොයිතරම් පිරමීඩ ක්රම වලට බැන්නත් මුදල් ලැබෙනකම් ඔබට එවැනි ක්රම සහ ආයතන හොඳයැයි සිතෙයි.
ඔබ පිරමීඩ වංචා වෙනුවෙන් නැගී සිටීමට ගෲප් හදාගෙන කතා කරයි. නමුත් ඒ ඔබට වංචාව කල ආයතන වෙනුවෙන් පමණි. ඔබ දැන් ඔබට මුදල් ලැබෙන පිරමීඩ ආයතනය ගැන පමණක් කතා නොකරයි. මන්ද ඔබ එයින් වාසි / ආදායම් ලැබෙන නිසාය. එසේනම් ඔබ කතා කරන්නේ සමස්ථ පිරමීඩ වංචාවාට හසුවුවන් වෙනුවෙන් නොවේ. ඔබගේ නොහැකියාව වෙනුවෙන් පමණි.
කෙසේ වුවත් Charityshop සාමාජික පිරිස අවම 1,000 වන තෙක් Referral ක්රමය සහ තවත් ක්රම 2-3ක් හැරෙන්නට අනෙකුත් ආදායම් මාර්ග සක්රීය නොකිරීමට තීරණය කලා. මන්ද පේජ් එකකට ලයික් 1,000ක් ලබාගැනීමට තරම්වත් කැපවෙන සාමාජික පිරිසක් නොමැතිව අපට වෙනත් ආයතන වලින් ව්යාපාරික අවස්ථා ඉල්ලිමට හැකියාවක් නැහැ.
ඔබට මහ දෙයක් කිරීමට නැහැ. තනි තනියෙන් බැලුවොත් සාමාජිකයින් 1,000 ලොකු දෙයක්. නමුත් කණ්ඩායමක් ලෙස එකට වැඩ කරනවානම් එක් අයෙක් තවත් සාමාජිකයින් 5 දෙනෙක් අවම හඳුන්වාදුන්නේ නම් ඔබට 5$ක ආදායමක් ලැබෙන අතර නිකන්ම සාමාජික සංඛ්යාව 1,000 ඉක්මවනවා….
දැනට මා මේ ගෲප් එක වෙනුවෙන් දිනකට පැය 18ක් වෙන් කරනවා. නමුත් ඔබගෙන් ආයතනයට ලැබෙන ලාභය/ආදයම 0යි. එය සැමදා එසේ කල නොහැක. එය දිගටම එසේ සිදුවේනම් ඒ වෙනුවෙන් තීරණයක් ගත යුතුය.
හොඳම දේ රටටම සෙතක් වන මේ වේදිකාව ගොඩනගන්න ඔබ සැම එකමුතු වීමයි…
බුද්ධියෙන් විමසා බලන්න…
ඔබගේ යුතුකම ඉටු කරන්න…
එකමුතුව ජය ගමු !
ඔබ මා විශ්වාස කරන දිනක මා ඔබව විශ්වාස කරන්නම් !
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments