ඒ වගේ හොයන්න පුලුවන් ආයතන ගොඩක් ලංකාවේ තියෙනවා. ෆේස්බුක් බලපුවහම අපට පේනවා සතියට ලක්ශ 2-3, මාසෙන් ලක්ශ 15 හොයන්න පුලුවන් කියලා ඇඩ් දාලා තියෙනවා…
ඉතිං ඔබටත් Charityshop හරහා ඒ වගේ මුදලක් හොයන්න ක්රමයක් නිර්මාණය කරලා දෙන්න හිතුවා…
ඔබටත් ගෙදර ඉඳලා මිලියනයක් හොයන්න ඕනනම් මුලින්ම මිලියනයක ණයක් අරගෙන කාගෙන් හරි ඒක ගේ ඇතුලේ කොහෙ හරි හංගන්න. අන්න ඊට පස්සේ ඒක හොයන්න…
මෝඩ වෙන්න එපා. ඔච්චර සල්ලි හොයන්න පුලුවන් නම් මිනිස්සු හැමදේම දාලා ඔන්ලයින් වැඩ කරනවනේ… ලංකාව අද සිංගප්පූරුව වගේ වෙන්න ඕන එහෙමනම්….
කාගේ හරි ජීවිතයක් විනාශ කරලා, වංචාවක් කරලා ඇරෙන්න ඔබට බෑ ඔය වගේ මුදලක් ලේසියෙන් හොයන්න.
එහෙම හොයන්න ඕනනම් තමන්ගේ මහන්සියෙන්, කැපවීමෙන් කරන දෙයක් හරහා තමයි… Drop Shipping වගේ දේවල් හරියට කරලා මුදල් හොයන්න පුලුවන්. ඒත් ගොඩක් මහන්සි වෙන්න ඕන…
බුද්ධියෙන් කල්පනා කරලා වැඩ කරන්න..
වංචාකාරී වැඩ වලට අසුවෙන්න එපා…
Charityshop Team