“ගෙදර ඉඳල මාසෙකට ලක්ෂ හැටක්?”

by | Jun 5, 2021 | උපදෙස් | 0 comments

“ගෙදර ඉඳල මාසෙකට ලක්ෂ හැටක්?”

“නිකං ඉඳල සල්ලි හොයන්න පුළුවන් ද?”

මීට වසර කිහිපයකට කලින් කෙනෙක් මට කතා කළා. ඔහු මට යෝජනාවක් කළා. ඔහුගේ ව්‍යාපාරයට එකතු වෙන්න කියලා. ඔහු ඉතාම නිර්මාණශීලීයි. ඔහු යමක් හඳුන්වා දෙන විදිය, කරුණු ඉදිරිපත් කරන විදිය හිතේ දැවැන්ත සිහින මාලිගා ගොඩනඟන්න සමත්. කිසිඳු මහන්සියකින් තොරව මාසෙකට හැට ලක්ෂයක් හොයන විදිය ඔහු මා ඉදිරියේ මවා පෑවා. නමුත් මම ඔහුගෙන් ගැලවී ගියා. මොකද ඊට කලකට පෙර සිටම මම පිරමීඩ් ව්‍යාපාර ගැන අසා තිබුණු නිසා.

මට ඕන උනේ වංචා නැති විනිවිද භාවයක් සමග  Facebook නිකන් කාලය ගතකරන අහිංසක මිනිස්සුන්ට සදාචාරාත්මකව Facebook භාවිතා කරලා තමන්ගේ හැකියාවෙන් අමතර ආදායමක් හොයන්න ක්‍රමවේදයක් ගොඩනගන්න..

බොහෝ දෙනා සල්ලි හොයන්න කැමතියි. නමුත් කැපකිරීම් කරන්න අකැමැතියි. නිකන් ගෙදර ඉද්දි සල්ලි ලැබෙන ක්‍රම ගැන තමයි ඇතැම් අය ගොඩක් උනන්දු.

නිකන් ඉඳිමින් සල්ලි හොයන්න ඔබට අවශ්‍ය නම් ඔබ ඒ සඳහා කාලයක් තිස්සේ ගොඩනැගූ යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. එය නීත්‍යානුකූල ක්‍රමයක් විය යුතුයි.මුලින්ම ටිකක් කැපවීම , ඉවසීම , ඇතුව අපි ක්‍රමවේද ගොඩනගා ගන්න ඕන..එවිට අපිට පුළුවන් නිකන් ඉදන් උනත් සල්ලි හොයන්න…

යම් තරුණියක් සිටිනවා. ඇයගේ විවාහය ප්‍රමාදයි. ඇයට අවශ්‍යයි සහකරුවෙක් සොයාගන්න. ඇය මුදල් ඉතිරි කරන්න පටන් ගන්නවා. තමන්ගෙ ආභරණ ටික හදාගන්න පටන් ගන්නවා. තමන්ගෙ කායික හා මානසික නීරෝගීතාවය ගැන සිතනවා. ලස්සන ගැන උනන්දු වෙනවා. උයන්න පිහන්න ඉගෙනගන්න වෙනදාට වඩා උනන්දු වෙනවා. ඇය හරිම සක්‍රීයයි. විශ්වයට පවා දැනෙනවා ඇයට විවාහයක් අත්‍යවශ්‍යයි කියලා. ඉතින් ඉතාම කෙටි කාලයකදී ඇයට සුදුසු සහකරුවෙක් ලැබෙනවා. නමුත් බොහෝ තරුණ තරුණියන් සිතාගෙන ඉන්නවා නිදාගෙන ඉද්දි තමන්ගේ  සහකාරිය, සහකරුවා ගෙදරට ඒවි කියලා . එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක ඔබේ ජීවිතයේ හොඳම හරිය ගෙවී ගියාට පස්සෙ වෙන්න පුළුවන්.

ඔයාට සාර්ථක වෙන්න ඕන නම් අරමුණ උදෙසා කැපවෙන්න. ඒක ඔයාගෙ සිහින ගමනට ඉන්ධනයක්. නමුත් ඔයාට ඒ දේ අවශ්‍යමයි කියලා විශ්වයටම දැනෙන්න සක්‍රීය වෙන්න ඕන. නැතිනම් වෙන්නෙ facebook එකේ දකින “ඉක්මනින් පොහොසත්  වෙන්න” කියලා මවා පෙන්වන උගුල් වල ග්‍රහණයට හසු වේවි. අවසානයේදී ඔයා  “eMoney කියන්නේ බොරුවක් ” කියලා දොස් කියමින් සිටීවි. eMoney බොරු නැහැ. ඒවා කරන මිනිස්සුයි හොරු.

නිදාගෙන ඉදලා සතයක් වත් හොයන්න බෑ….

ඔයා කෑම පාර්සල් ටිකක් හදලා පාරේ තියාගෙන විකුණන්න. ඒකට ඔයාගේ හිතේ කිසිම ලැජ්ජාවක් නැහැ. මොකද ඔයාගේ සිහිනය අනාගතයේදී හොඳම ප්‍රමිතියේ හෝටලයක් පටන් ගන්න එක. ඉතින් ඔයා සක්‍රීයයි. ඒ සක්‍රීයතාවය විශ්වයටම දැනෙනවා. ඉතින් ඔයාට ඒ සිහිනය දිනන්න අවශ්‍ය හැම දේම ක්‍රමක්‍රමයෙන් ලඟා වෙනවා. ඔබ එසේ සාර්ථක වෙද්දී තවත් කෙනෙක් ඉක්මනින් පොහොසත් වෙන්න ගිහිල්ලා කපටි පුද්ගලයින්ගේ උගුල්වලට හසු වෙලා ජීවිත කාලයම විඳවනවා.

අනුන් ඔයාගේ හිතේ මවන දේ නොවෙයි ඔයා කැමති දේ ගැන ඔයාම සිහින මවන්න. ක්‍රියාත්මක වෙන්න. ඔයාගේ හැකියාවන් භාවිතා කරන්න. කරුණු සොයන්න.

ඔයාගේ දක්ශතාවය හදුන ගන්න…

ඔබේ ඕනම දක්ශතාවයකට Charityshop අපි අවස්ථාවක් දෙන්න සූදානම්….

ග්‍රැෆික් ඩිසයින්

ටයිප් සෙටින්

වයිට්බෝඩ් සජීවීකරණය

දත්ත ඇතුළත් කිරීම

කටහඩ මගින්

ත්‍රිමාණ සජීවීකරණය

පොත් ලියන්න

භාෂා පරිවර්තනය

වීඩියෝ එඩිට්

වෙබ් ඩිසයින්

අලෙවි කිරීමේ හැකියාව

මෙවැනි බොහෝ දේ සමග ඔබේ හැකියාවෙන් මුදල් උපයන්න…

ඉතින් ප්‍රමාද වෙන්න එපා දැන්ම ක්‍රියාත්මක වෙන්න…

නිකන් ඉඳලා මුදල් ඉපයීමට පහසු ක්‍රම :

???? ගැහැණු : ඡායාරූපයේ පෙනෙන ආකාරයට නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන්. ගෙදර මනුස්සයා එක්ක නෙමේ, පිට කෙනෙක් එක්ක.  එතනත් ඉතිං කරන්න දේවල් තියෙනවානේ. ලෝකයේ පැරණිම රස්සාවක් කියනවනේ. වෛශ්‍යා වෘත්තීය නැත්නම් හිඟා කන්න පුළුවන්.

???? පිරිමි : දැන් ඔබට පුළුවන් ඔබේ වෘෂණ කෝෂ විකුණා ආදායමක් ලබන්න. නැතිනම් හිඟා කන්න. පිරිමි කෙනෙක් මේ පෝස්ට් එක් බලනවනම් ඉතිරි ක්‍රම හිතින් මවාගන්න. මොකද ඒක පෝස්ට් එකක ලියන්න බැහැ.

???? දෙගොල්ලන්ටම පුළුවන් කාව හරි වංචාවෙන්  රවට්ටලා මුදල් උපයන්න.

ඕවා තමයි ඉතිං නිකන් ඉඳලා ලැබෙන ක්‍රම…

ඔය ෆේස්බුක් එකේ ලක්ෂ, කෝටි ගණන් හොයනවා කියන අය ඔය දේවල් කරලා තමයි සල්ලි හොයන්නේ. නැතිව ලේසියෙන් සල්ලි හම්බකරනවා කියලා එකක් තියේනම් ඇයි රජයට බැරි අපිට ඔය ක්‍රම හඳුන්වලා දෙන්න…

නුවණින් සිතා බලන්න…

කිසිම කෙනෙක් ඔබට කිසි දෙයක් නිකන් ලබාදෙන්නේ නැහැ. දියුණු වෙන්න උත්සාහ කරන්න. ඔබේ Skills Develop කරගන්න. ස්වයංරැකියා පාඨමාලාවක් හෝ වෙනත් වෘත්තීය සුදුසුකමක් ලබාගන්න. අපිත් එකින් එක ඔබට කියලා දෙනවා. නමුත් වසර ගණනාවක් යාවි. විශේෂම දේ වෙනත් වංචා වලට අහු නොවී ඉන්න ඉගෙන ගන්න.

CharityShop Team

#2021ජූනි5

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments