ඔබව යහපත්, රටට වැඩදායී, විනයානුකූල, ආදර්ශමත් පුද්ගලයෙක් කරන්නද…???
පිස්සු කතා කරන්න එපා, පෝස්ට් එකකින් ඔය දේවල් වෙනවනම් මේ ගෲප් එකේ මම දාපු පෝස්ට් වල හැටියට භාගෙට භාගයක් සෝවාන් වෙලා ඉන්න ඕන… ලෝකේ තියෙන Motivational Group ප්‍රමාණයේ හැටියටයි, තමන්ගේ වෝල් එකේ ශෙයාර් කරගෙන තියෙන පෝස්ට් වල විදිහටයි මිනිස්සු හැදුනනම් ලෝකේ හොඳම රට අපේ රට වෙන්න ඕන. මිනිස්සු පෝස්ට් වලට ලයික්, කමෙන්ට්, ශෙයාර් කරන්නේ තමන්ට ඒ වගේ වෙන්න ඕන නිසා නෙමෙයි, අනුන්ට තමන් මේ වගේ කියලා බොරුවට අඟවන්න ඕන නිසා.
වැඩිදෙයක් ඕන නෑ. ඊයේ දාපු දවසේ සිතුවිල්ලේ තියෙන්නේ නිකන් සල්ලි හොයන්න බෑ, මහන්සි වෙන්න කියලා. ඊට පැයකට පස්සේ නිකන් ඉඳලා සල්ලි හොයන්න පෝස්ට් එකක් දැම්මා විතරයි පිස්සු බල්ලෝ වගේ ඔක්කොම ඒකට රැවටුණා….
ඉතිං දවසේ සිතුවිල්ල දාන්නේ ඔයාලට හැදෙන්න නෙමේ. ඔයාලා හැදෙන්නේ නෑ. ලෝකෙටම බොරු කරන්නේ…
ඒ පෝස්ට් එක දාන එකම හේතුව කලින් දවසේ පෝස්ට් ඔක්කොම එක වර #දිනය ට අදාල # ටැග් එක ඔබලා බලන්න පුලුවන් නිසා. හැබැයි ඕක කී දෙනෙක් අවංකවම කරනවද කියලනම් මම දන්නෙ නෑ. සෑම “දවසේ සිතුවිල්ලකම” අවසානයට තියෙන # එක ඔබන්න. කලින් දවසේ අපි දාපු පෝස්ට් එක වර බලන්න පුළුවන්….
එහෙම නැතුව ඔබව රටට වැඩදායී පුද්ගලයෙක් කරන්න අපේ කාලය නාස්ති කරන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ…
CharityShop Team