නිකන් ඉඳලා සල්ලි හොයන්න බලාපොරොත්තු වුන කෙනෙක්ද?

by | Apr 21, 2021 | උපදෙස් | 0 comments

නිකන් ඉඳලා සල්ලි හොයන්න බලාපොරොත්තු වුන කෙනෙක්ද?

සෑම තත්පර 315360000 වරක් ඔබේ ගිණුමට ඩොලර් 10 බැගින් ලැබෙනකම් බලාගෙන ඉන්න කෙනෙක්ද?

ඇත්තටම ලැජ්ජ වෙන්න ඔබ ගැන. මාස 4ක් තිස්සේ මේ ගෲප් එකේ මුදල් සොයන ක්‍රම 150 වඩා පළකර තිබෙනවා. එයින් 4ක් ඇරෙන්න ඉතිරි සියල්ල අප ආයතනයේ ක්‍රම. අමතර ක්‍රම 4න් එකකින් දිනකට රු.500 බැගින් හොයන්න පුළුවන්. අඩු ගානේ ඔබ ඒකවත් උත්සාහ කලාද? ලැජ්ජ වෙන්න. ලණුවක් දුන්නේ එල්ලෙන්න.

“දියමන්ති පතලක ඉඳගෙන බලාගෙන ඉන්නවා ඔක්කොම පහල වෙයි කියලා.”

ඔබ වැනි අය නිසා තමයි පිරමීඩාකාර වංචාකාර ආයතන හැදෙන්නේ. මොකද ඔබව රවට්ටන්න පුළුවන්. නිකන් $10 දෙනවා කීවා විතරයි ජීවිතේට ලයික්, කමෙන්ට් නොදාන අය කමෙන්ට් කලා. නිකමට හරි කියෙව්වද කවද්ද සල්ලි ලැබෙන්නේ කියලා… තත්පර 315360000කින්, ඒ කියන්නේ අවුරුදු 10කින් තමයි ඔබට මුදල් ලැබෙන්නේ.

මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට අමාරුවක් නැහැ ඔබට නිකන් සල්ලි දෙන්න. සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන. එහෙම නිකන් ලැබෙනවනම් මේ ලෝකේ මිනිස්සු හැමෝටම පුළුවන් නේ ගෙවල් වලට වෙලා ඉන්න. ඊලඟ එක ඇඩ් ක්ලික් කරලා කෝටි ගණන් හොයන්න පුළුවන් නම් ඇයි රජයෙන් හැම ගෙදරටම ඇඩ් ක්ලික් පැකේජ් එකක් දෙන්නේ නැත්තේ. බඩු මල්ලක් දෙනවට වඩා ඒකක් දුන්නනම් හැම මාසෙම ලක්ෂ ගාණක් හොයාගනී.

ඔබ වැනි අය තමයි පිරමීඩාකාර වංචාකාර ආයතන වලට අහුවෙලා ඊට පස්සේ සල්ලි හොයන්න බැරි වුණහම ඒ ආයතන වලට බනින්නේ. අඩුගානේ සාමාන්‍ය දැමීමවත් පාවිච්චි කලාද ඔබ? සල්ලි නිකන් දෙනවා කීවා විතරයි පිස්සු බල්ලෝ වගේ කමෙන්ට්, මැසේජ්, කෝල් දාන්න පටන් ගත්තා. ඊයේ දවසට ඒ පෝස්ට් එක නිසා කෝල් 112ක්, මැසේජ් 72, කමෙන්ට් 52ක් ආවා.

කවුරුත් හෙව්වද සල්ලි හම්බවෙන්නේ කවද්ද කියලා. බැලුව එකම දේ නිකං ඉඳලා සල්ලි ලැබෙන එක.

ඔව් එහෙම ක්‍රම තියේ, මම ඊයේ දවසේ සිතුවිල්ලෙත් ඒකම ලීවා, ඒක කියවලත් නැතුවද කොහෙද සමහර සාමාජිකයින් පවා සම්බන්ධ වෙන්න ඇහුවා.

නිකං ඉඳලා සල්ලි හොයන්න ලේසිම ක්‍රමය තමයි ලෝකේ පැරණිම රස්සාව, යමෙක් සමඟ යහන් ගත වෙලා හොයන්න පුළුවන්. හැබැයි නිකන් ඉඳලා ගාණ දෙයිද දන්නේ නෑ. නැත්නම් හිඟා කන්න පුළුවන්. ඒකටත් මහන්සිවෙන්න වෙනවා ටිකක්…

අද ඉඳන්වත් මොළේ කල්පනා කරලා වැඩ කරන්න, හැදෙන්න…

1️⃣ Anura Bandara Waidyanayake

2️⃣ Wimu Dewage

ඔබ දෙපළ පමණක් තේරුම් අරන් තිබෙනවා අවුරුදු 10කින් තමයි මේ මුදල ලැබෙන්නේ කියලා. එසේ අවධානය යොමු කිරීම නිසා ඔබට අප සමඟ සම්බන්ධ වීමට 50% වට්ටමක් හිමිවෙනවා. ඒ කියන්නේ සාමාජික ගාස්තුව රු.2,500 වෙනුවට රු.1,250ක් ගෙවා Life Time සාමාජිකත්වය ගන්න පුළුවන්…

අනික් අයට කියන්න තියෙන්නේ එක්කෝ අද ඉඳන් හැදෙන්න. අඩුගානේ මේ ගෲප් එකේ පෝස්ට් බලලා අධ්‍යාපනය ලබන්න. ඒක කරන්නත් කම්මැලියි නම් ගෲප් එකෙන් අයින් වෙලා ගියත් කමක් නෑ…

දෙයක් දැම්මහම ටිකක් මොළේ කල්පනා කරලා කියවන්න…

CharityShop Team

#2021April21

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments